අපේ ආච්චිලා වත්තේ තිබු කොස් ගස් රාශිය අතරින් එක්තරා සුවිශේෂ ගසක් තිබිණි. ආතර් වී දියෙස් කොස් මාමා පානදුරේ සිට තැපෑලෙන් රටපුරා බෙදු ඇටවලින් බිහි වූ පැණි වරකා ගස මේ සුවිශේෂ ගසයි.මේ ගහේ කොස් හා වරකාවල රස ගැනත් කොස් මාමා ගැනත් අම්මා වරින් වර පුරාජේරු කිව්වා මට මතකය.
තව අපේ ඉස්කොලේට ගාල්ල පැත්තෙන් පැමිණි කෝදාගොඩ නම් ඉස්කෝලේ හාමිනේ කෙනෙක් අම්මාට ගෙනත් දුන් කොස් ඇට කිහිපයක් නිසා මරු පැණි වරකා ගස් දෙකක්ද අපේ වත්තේ හැදුණි .
මේ ගසේ පළගන්නා කොස් ගෙඩි ඉදීගෙන එද්දී පැත්ත පලාතම සුවඳ හමයි. හැන්දෑවට රෑකුමරිය මල් සුවඳ හා මුසු වූ පැණි වරකා සුවඳ සුර විමනක සුවයක් ළමා අපට ගෙනත් දුන්නේය. කෝදාගොඩ හාමිනේ ගෙනත් දුන් ගස්වල ඉදුණු ගෙඩියේ මදුලු රෝස පැහැතිය. රස ඉතා ඉහළය.
අපි ගඟේ නාන්නට ගොස් ආපසු එද්දී ගොඩක් වෙලාවට ආච්චී කොස් පළුවක් ගෙදර ගෙන එන්නට දෙයි. ආච්චිගේ කුස්සියේ හැලියේ ඉතිරි වී තිබු කොස් වෑන්ජනයෙන් කොටසක් හීල් බත් සමග ගිලින්නට ඉඩ ලැබෙන්නේද ඒ වගේ වෙලාවටය.
ඒ කාලේ ගමේ ගෙවල් අතර නිරන්තරයෙන් හුවමාරු වූ තෑගී භාණ්ඩයක් වුනේ බෙලෙක් පිගානකට බෙදා කෙහෙල් කොළෙන් වැසූ කොස් වැන්ජනයකි. නැත්නම් කොස් පලුවක් හෝ වරකා බෑයකි.
1970 දශකයේ මැද රටේ පැතිරුණු සාගත කාලයේ අපේ ගම්මුන්ගේ ජීවිත ගැට ගසා ගැනීමට සහය වූ මහා පුණ්‍යවන්ත ගසකි කොස් ගස.
කොස් ගෙඩියටද ජීවන චක්‍රයක් තිබේ .පනා ගැට ,ගැට පොලොස්, පොලොස්, ලියන් පොලොස්, දඬු කොස්. කොස් , මදක් ඉදුණු දුඹුල් කොස් තමයි ඊළඟට වල හෝ වරකා වෙන්නේ.
අපේ ගමේ ගෙදර කොස් කපද්දී අම්මාට රිලවුන්ගෙන් කරදර පැමිණේ. වතාවක් අම්මා සීරුවෙන් කැපූ ද කොස් මදුළු වට්ටියක්ම රිලවුන්ගේ හොරා කෑමට ලක් විය. උන්ට හොඳ පාඩමක් උගන්නන්නම් කියා අම්මා ඊළඟ දවසේ කලේ කොස් මදුලු ටිකකට මිරිස් කුඩු පුරවා ඒ වට්ටියටම දමා තැබීමය.
මට්ටු වුනේ අම්මාමය. රිලවුන් කොස් වට්ටිය එදත් හොරකම් කරගෙන ගොස් පෙරළු සපු කොටය උඩ වාඩි වී මිරිස් කුඩු කොටයේ උලා අම්මාට නියවමින් කොස් මදුලු ටික කාගෙන කාගෙන ගියෝය. අම්මාද උන් සමග හිනා වෙවී සිට අපට කතාන්දරය කිව්වාය.
අපේ ගමේ ගෙදර හැර දමා එක එකා පවුලෙන් ඈතට ගියා වුනාටඅම්මා හෝ තාත්තා ගමේ මහ ගෙදරින් හොල්ලන්නට බැරි වුනේය. හවසට කඩපොළේ ඇවිද කොස් පොලොස් සමග බත් කටක් කාලා ඉන්ට තියෙන කැමැත්ත නිසාම කොහේ ගියත් දවස් කීපයකින් ආපහු ගමේ ගෙදරටම ඇවිත් සැනසුම් සුසුම් හෙළන්නට ඔවුන් කැමතිය .
ඔහොම ගමට වෙලා සීතලේ තනියම ඉන්න පුලුවන්ද කියා කිහිපවරක් පෙරැත්ත කළායින් පසු අයියලා ගෙදරට හෝ අපේ ගෙදරට ඇවිත් සතියක් හමාරක් යන්නටත් කලින් මොකක් හෝ වැඩ රාජකාරියක් හේතුවක් ලෙස පෙන්නා ආපසු ගමට ගොස් සිටීම ඒ දෙන්නාගේ සිරිතයි.
ගිය සතියේ අපේ අම්මා සෑහෙන දවසක් ඉන්නාවාමය කියා අපේ ගෙදර ආවාය. පළමු දවසේම වත්තේ ඔබ මොබ ඇවිද ගොස් බොහොම සන්තෝෂ වුනේ අපට තිබු එකම ගසේ පැසී දිලෙමින් තිබුණු කොස් ගෙඩි කීපය දැකීමෙනි.
පහුවදා කවුරුත් ගෙදරින් පිටත් වූ පසු කාටදෝ කියා පැසුණු කොස් ගෙඩියක් කඩවාගෙන සීරුවට මදුළු ගලවා ඉන් කොටසක් ලොකු මුට්ටියකට දමා තැම්බුවාය. ඉතිරිය ගමේ හදනවා සේ තුනපහෙන් ඒදා උයා තෙම්පරාදු කළාය.
හවස දරු මුණුපුරන් එනතෙක් ඈ මග බල බලා සිටියේ කොස් හට්ටි දෙක දැක ඔවුන් පිනා යන හැටි බලන්නටය.
ඒත් නිවාසාන්තර තරග නිසා හොඳටම රෑ බෝවී පැමිණි දරුවන් මගදී ෂෝට් ඊට්ස් කා බඩ පුරවාගෙන සිටි නිසා ආ හැටියේම පුටු උඩම වැටී නින්දට වැදුනෝය.
විස්සෝපයට පත් අම්මා කොස් හැලියෙන් පංගුවක් භාජනයකට දමා පත්තර කරදාසියකින් වසා ගෙන මද කළුවරේම අපේ අල්ලපු ගෙදරට ගියාය , 'අනේ නැන්දේ අපි එනකොට ප්‍රයිඩ් රයිස් අරන් ඇවිල්ලා මේ කාලා ඉවර වුනා විතරයි' කියා ඔවුන් කියනවා අසා අම්මා කම්පා වුවාය.
පහුවදා අම්මාට කතා කරනවිට ඇය බොහෝ දුක්මුසු ස්වරයෙන් කොස් හැලි දෙකක් විසි කරන්නට වූ කතාව කීවාය.
ආපසු ගමට යෑම සඳහා මොකක් හෝ නිදහසට කාරණාවක් අම්මා සොයා ගන්නවා ඇත. ඇයට මෙන් නිදහසට කරුණක් හොයාගන්නට බැරි වීමේ දුක සඟවා ගනිමින්ම මම ඊළඟ මීටිමට යෑමට පුටුවෙන් නැගී සිටියෙමි .

අනේ මන්දා... අපේ අම්මටත් දුවනගිරි රෝගය! ඉන්ට බෑනේ සතියක් පාඩුවේ. ඔය කොස් කතා නම් එමටයි. අම්මේ.. අර කියපු මදුළු රෝසපාට වරකා නම් මම ගෙඩියක්ම තනියෙන් කෑවා. ඊටපස්සේ මක් උනාද කියල අහන්ට එපා.... අපි කියයි!
ReplyDelete'වැල කෑ පබිලා' කියල කවි පන්තියක් තියෙනවා කියවලා තියෙනවද . ඩී. බී. ජයතිලක උන්නැහැද කොහෙද ලිව්වේ.
Deleteයාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. වෙලාවට ඒ පබිලා වෙච්චි!! මේක නම් සහසක්... අම්මෝ කිසි කෙනෙක් දන්නේ නෑ හි.. හි..
Deleteකියෝලා නැහැ අනේ. හොයාගෙන කියවන්න වටිනවා වගේ!
මම මේ දවස්වල ෆේස්බුක් හා බ්ලොග් කියවන්න හරි අකැමතියි හැමෝගේම නොස්ටැල්ජික් කතා අහලා අන්තිමට අවුරුදු එක හමාරකින් ගමේ ගෙදර, හෝ මගේම ගෙදර / නොවූ යාළුවන්ගේ ගෙවල් වලින් මට සාමාන්‍යයෙන් ලැබෙන කෑම ලිස්ට් එක ගැන මතක් වුනාම දරාගන්න අමාරුයි. ටිකක් කල්පනා කලාම මම ලංකාවට බැඳිලා තියෙන්නේ ඒවා එක්ක කියලා දැනෙනවා.
ReplyDeleteමම කොස් තම්බලා කෑමට වඩා කැමති කොස් කිරට උයලා තෙල් දාලා කන්න. ඒක දන්න අපේ යාළුවන්ගේ අම්මලා මගේ පොඩි අක්කා වගේම මට කොස් හදලා දෙනවා. ආයේ ලපටි කොස් (පොලොස් වලට වඩා පැහුණු) මැල්ලුම් කන්න. ඒකත් වේලිච්ච මිරිස් හෙම දාලා තෙලට දාලා කන්නේ. පොලොස් ගැන නම් මොන කතාද එක පාරක් පොලොස් කියලා හා පුරා කියලා යාළුවෙක්ගේ ගෙදර ගිහින් පොලොස් වෙනුවට මිරිසුත් කෑවා. කොස් තම්බලා කරවල හොදියි එක්කත් කන්න ආසයි.ඒත් ඊට පස්සේ බඩ ස්ට්‍රයික් කරනවා මම හිතන්නේ හැමෝටම ඒක ඔරොත්තු දෙන්නේ නෑ මම හිතන්නේ.
වරකා නම් ඉතින් කොයි තරම් බඩ රිදුනත් කන්න ආසයි. පොඩි කාලේ අපේ ආතාගේ ගෙදර යන්නෙම වරකා කන්න. එයා හිටපු ආරච්චි මහත්තයෙක්. අපි එන බව දන්න හින්දම වරකා පොතු ගලවල බෙලෙක් පිඟානකට දාලම තියෙනවා හවස් වෙද්දි අපි කොහොල්ලෑ ගාගනීවි කියලා. ඒ කාලේ අපි තරඟෙට කොස් ගස් හිටෙව්වා. ඉස්කෝලේ පාරවල් වල හෙම. මොනවා වුනාද නම් දන්නේ නෑ. අපේ වත්ත පුරාවටත් හිටෙව්වා. ඊට කලින් වත්ත පුරා තිබ්බ කොස් ගස් ඇඳන් අල්මාරි වෙලා එහෙමෙහෙ ගියා. තම මගේ දහ අට මාසේ පැණි වරකා ගහ නම් උසට උසේ බලන් ඉන්නවා දකිනවා ඉඳලා හිටලා ගෙදර ගියාම. ඒකත් හෙට අනිද්දට කාගේ හරි ගෙදරක් ඇඳක් අල්මාරියක් පුටු සෙට් එකක් වෙනවා කියලා මට නොකියා කියවෙනවා.....
ඔයාට පොලොස්, කොස් සහ වරකා කතා පොතක් ලියන්න තරම් තියෙනවා වගේ. ඒ තරම් සුන්දර මතකයක් ගෙනාපු වරකා ගහ අල්මාරියක් වෙන එකනම් හිතට දුක තමයි.
Deleteසමා වෙන්න ඕනේ බ්ලොග් එකක් වගේ කොමන්ට් එකක් ලිවුවට. ඉඳලා හිටලා ආවම තිලකේ අපේ අතීතකාමය අවුස්සලා අපිව වල්මත් කරාම අන්තිමට වෙන්නේ ඕක තමයි.
ReplyDeleteපෝස්ට් එකක් ලියන්නෙ නැති එකේ ඕකවත් ලියපු එක ලොකු දෙයක්
Deleteඒකනේ අපිට දැන් බ්ලොග් ලියන්න අර ස්ප්‍රිට් එකද මොකක්ද එක එන්නේ නෑ. මෙන්න මෙහෙම අනුන්ගේ බ්ලොග් කියෙව්වම එහෙම එකක් පොඩ්ඩක් ලාවට ඇවිත් සමහරවිට පෝස්ට් ලියවෙන්න පුළුවන්. ;)
Deleteපොස්ටුවෙන් හරි කොමෙන්ටුවෙන් හරි ලියනවානම් කොච්චර හොඳද. මේකේ ඉඩට සල්ලි යනවා කියලද . නැද්ද මන් අහන්නේ ?
Deleteමොන අපරාදයක්ද දෙවියනේ කොස් විසිකරා කියන්නේ :(
ReplyDeleteමට නම් ෆර්යිඩ් රයිස් ෂෝට් ඊට් හැමේකටම වඩා හොඳයි කැකුළු හාලේ බත් එක්ක පොල් සම්බලුයි කිරි කොසුයි.
මටත්
Deleteඅපේ ගෙදරත් ඉරිදා දවල්ට උයන තම්බන කොස්නම් කවදාවත් අහක යන් නෑ . එදා වෙලාව වැරදිච්ච එක තමයි උනේ
Deleteමං පොඩි කාලේ කැමතිම කොස් සහ පොල්, හැබැයි කොස් සහ කරවල හොදි ඊට හොඳයි.
ReplyDeleteකොස් සහ හරක් මස් දමා ගෝපනා නම් වෑංජනයක් හදනවා ලු ජේ.එච්. ජයවර්ධන ඒ කාලේ!
ගෝජනා සප්පායම රහට තියෙන්න ඇති කියලා හිතෙනවා .වට්ටෝරුව හොයා ගන්න විදිහක් නැද්ද දන් නෑ
Deleteගෝජනා නෙවෙයි තිලක්...ගෝපනා.ගෝ කියන්න ගව කියන එක. ගෝ දානය, පස්ගෝරස ඒ අරුතෙන් හැදිච්චි වචන..එතකොට කොස් වලට පනා කියලත් කියනව.අර සට්ටඹිය ජැක්සන්ට ප්‍රේමකීර්ති පනාපුත්‍ර කියල නමක් දැම්මෙ ඒකනෙ.
Deleteඅමුතු රෙසිපියක් මොකටදත? කොස් තම්බලා, එක්ට උයපු හරක් මස් කෑලි සහ යහමින් හොඳි දාලා නිකං අර චයිනීස් කඩේ "චොප්-සුයි" එකක් වගේ හදා ගන්න.
Deleteමෙහෙම කිව්වට මාත් කවදාක වත් හදලා තියා කාලාවත් නෑ!
අපේ ගෙදරත් ඉස්සර ඉරිදට කොස් වරදින්නේ නෑ .. අම්මයි ලොකු අම්මයි දෙන්න එකතු වෙලා කොස් ගෙඩිය කඩාගෙන උදේ වරුවම හොඳ කයියක් ගහගෙන කොස් කපල සතියටම කොස් කන්න දෙනවා . මම ඉතින් මගේ hi-tech ක්‍රම වලින් කොස් කඩන්න උදව් කරනවා . හෙහ් හෙහ් එක දවසක් හරියට කොස් ගෙඩිය දෙකට මැදින් කපල එන්න පිහිය දාල ඇද්ද .. හෙහ් හෙහ් එක පළුවක් ගහේ .. අනිත් පළුව බිම .. :D
ReplyDeleteඔය වගේ රසවත් සිද්දි ගොඩක් එක්ක තමයි අපිට මේ කෑමවල රහ හිතට වැදිලා තියෙන්නේ
Deleteලස්සන කතාව
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteහොඳ මිරිසට හදපු පොළොස් මාළුවක් තිබ්බොත් බත් හට්ටියක් වුණත් ඉවර කරතෑකි.
ReplyDeleteඅප්පේ අනිත් මිනිස්සු කන්නේ මොනවද එතකොට ?D
Deleteඅම්මට දුක හිතෙන්න ඇති කොස් හැලියට වෙච්ච දේ නිසා. ඇත්තටම අපේ අම්මලා තාත්තලා ගම දාලා එන්නේ නෑ කීයටවත්. ඒ ගෙදර , වත්තේ තියෙන සැප පහසුව මොන මන්දිරෙක්වත් නෑ කියලා පිටත් හිතෙන්නේ ඉඳලා හිටලා දවසක් දෙකක් නැවතිලා ඉන්න ගෙදර ගියාම
ReplyDeleteඔව් අප්පා මටත් පැන්ෂොන් ගත්තහම ගමට වෙලා ඉන්න හිතෙනවා
Deleteකොස් මතක ගොඩයි.. පුංචි කාලේ අපේ වත්තේ පවුලේ ඔක්කෝටම වෙං වෙච්චි කොස් ගස් තිබ්බා.. ලොකු අයියලාට පැණි වරක ගස්.. මට හම්බුනේ වැල ගහක්.. හැබැයි මාර සුවඳයි.. රහයි.. දවසක් පුංචිම කාලේ පහල අත්තක හැදිච්චි වැල ගෙඩියක් මටම කඩන්න ඕන උනා. කඹයක් එහෙම ගැට ගහල නටුව කැපුවට කඹේ ගහේ තියෙද්දි වැල ගෙඩිය බිම.. හැමෝම මට හිනා උනා කඹේට යටින් නටුව කපලයි කියල.. ඒත් මට හොඳටම ශුවර් මම නටුව කැපුවේ කඹේට උඩින් කියල. පුංචි මට ලොකු කඹේකින් හරියට ගැටේ දා ගන්න බැරි උන නිසා තමයි නටුව ලිස්සල ගියේ. අවුරුදු තිස් ගානකට පස්සේ අදටවත් කවුරුත් මගේ කතාව විශ්වාස කරන්නේ නෑ.. හ්ම්ම්..
ReplyDeleteපනා මල් ඇරෙන්න අනෙක් හැම ප්‍රමාණයකදිම කොස් රස විඳල තිබ්බා.. අනේ අන්තිමට පනා මලුත් රස විඳින්න උනා.. සීනි අඩු කරගන්න.. බත් ගහට ජය වේවා!
හෙහ් හෙහ් ඔය වගේම වැඩක් මට වුනා මම වරක ගෙඩියක් ගහ උඩ ඉඳන් ලණුවෙන් බාන්න ගිහින්.
Deleteවරකා ගැන මරු කතාවක් මටත් ඇත. අපේ තාත්තා දේශපාලන මාරුවක් ලබා මැදමහනුවර පාසලකට ගියපසු ගෙදර ආවේ මසකට වතාවකි. ඒ අතරවාරයේ දවසක් අපට අලි පාර්සලයක් තැපෑලෙන් ලැබුණි.. පාර්සලයේ ඇති දේ ගැන තැපැල් කන්‍තෝරුවේ සිටි අයත් අතර මග අයත් දැනගත්තේ සුවඳිනි. අර රෝස පාට වරකා. මදුලක් අති විශාල නිසයි අර විදිහට එව්වේ. එහෙම නැත්නම් වත්ත වටේට තිබ්බ ගස්වල ගෙඩි වැඩි හරියක් කෑවේ වවුලෝ තමයි.(අපි හැරුනාම) අපේ තැපැල් සේවය ඒ කාලෙ කොච්චර හොඳද කිවුවොත් අපිට වරකා වලින් බාගයක් විතර කන්නට පුළුවන් විය. ඉතිරිය ඉදී වැඩි වූ අතර ඒ ඇටයක් පැලවීහැදුනු කොස්ගහෙ පලගත්තේ වරකා නොව වැලයි..
ReplyDeleteරෝස පාට වරකා?
Deleteරෝස වරකා වලට අපි වෙන නමකුත් කීවා වගේ මතකයි. මම පොඩි කාලේ අපේ සීයගේ වත්තේ රෝස වරකා ගහ අයිති කරගෙනත් හිටියා. පාට වගේ රස නම් තිබුනේ නෑ වෙන්න ඕනේ.
Deleteඇත්තටම මේක රෝස පාට නෙවෙයි. ලා තැඹිලි පාට වගේ . වරකා තැපෑලෙන් ගියා කියල අයි ඇහුවේ
Deleteවදුරු කතාව නං මරු බං.. තව ටියුන් වෙන්න ඕන...
ReplyDeleteසහතික ඇත්ත දේශෝ, ලියන එකේ ටියුන් බැහැල මේ දවස්වල . හදා ගන්ටෝනි . තැන්කිව්
Deleteමෙහෙ එවුන්ට තාම මට පුරුදු කරන්න බැරි උනේ ඔය කොස් තම්බලා කන එක විතරයි........... මුන් කන තරමක් කන්නේ වරකානේ
ReplyDeleteඑතකොට උඹ විතරද වැල කන්නේ :P
Deleteඅපේ NGO යාලුවෙක් ගිහිල්ලා අප්‍රිකාවේ ගමක මිනිස්සුන්ට කොස් තම්බලා කන්න පුරුදු කරලා. එතකන් මේක පළතුරක් විතරයි කියල හිතල තියෙන්නේ
Deleteඔන්න නිරෝයි , බුරූයි, තිලකෙයි කරපු අපරාධේක මහත. වේලාව හවස පහයි , මට කොසූයි කරවල හොදියි කන්න තදබල ආසාවක් ආවා.
ReplyDeleteඅපිටත් ඔය වගේ ආසාවන් එනවා. ඒත් ඒක ලෙහෙසි පහසුවෙන් සන්සිඳවාගන්න බෑ. ඒක හින්දා ඉවසලා අවුරුද්දකින් හරි ගමේ යනකම් ඉන්න වෙනවා. එතකම් සීතලට ගුලිවෙලා රශ්නේ කෝපි බොමින් අතීතේ රස මතක් කර කර විඳෝනවා( ඒක විඳවීමට වඩා විඳීමක්)
Deleteඅප්පේ ඔක්කොම කොස්ටැල්ජික් කාරයොනේ
Deleteපොඩ්ඩිත් නම් කොස්වලට ආසයි. කොස් රහට කන්ට හම්බ වෙන්නේ ලංකාවට ගියාම තමයි. අත්තම්මා හදනවා කොස් 'හැඳි ගාලා' කියලා එකක්. මොනා දානවද දන්නේ නෑ. මාර රසයි. ඒක විතරක් කෑව හැකි. අර ෆ්‍රයිඩ් රයිස්, ෂෝර්ට් ඊට්ස් කන අය කොච්චර මෝඩද? :D
ReplyDeleteඅන්න ඔය හැඳි ගාලා උයන එක තමයි අපේ ගමේ විදිහ . ඊට පස්සේ තෙල් දානවා. වැඩේ තියෙන්නේ සමහරු ඕකට කැමති නෑ
Deleteකොස්,වරකා කන්න අපිත් ආසයි.එත් අපි ඉන්න පළාත් වල කොස් ගහක් ආසවට හොයා ගන්නට නැහැ.කඩෙන් ගෙනත් කන කොස් මිසක්.ඉස්සර අපේ ආච්චි කොස් ඇට වේලලා,බැඳලා පැණි දාලා රස ගුලියක් හදනවා අග්ගලා වගේ.ම්ම්ම් කියන කොටත් කටට කෙළ උනනවා.
ReplyDeleteදැන් පොලොස්,වරකා එහෙමනම් ටින් කරලා තියෙනවා. කළු පොල් මාළුවත් තියෙනවා. ඒ කාලේ කොස් ඇට ගිනි අන්ගුරුවල පුච්චලා කන්නත් කට්ටිය හිටියා
Deleteකොදගොඩ කියන්නෙ ගාල්ලෙ ඉමදුව කිට්ටුව ගමක්.කොස් නම් ඉතින් කියල වැඩක් නැ . මගෙ ඉස්කොලෙ යාලුවෙක් දවසක් අපෙ ගෙදර ඇවිත් වැල තියෙනව දැකල අහනව ඇයි වැල වෙනකන් තිබුනෙ වරක කාලෙම කන්න තිබුනනෑ කියල. මිනිහගෙ හිතෙ වරක තව ඉදුනමයි වැල වෙන්නෙ කියල.අපිට මැරෙන්න හිනා.
ReplyDeleteඅන්න හරි ඒ නෝනා කෝදාගොඩ ගමේම කෙනෙක් තමයි. දමිත් දන්නා පලාතෙනේ. අර රෝස පාට වරකා තාම තියෙනවද?
Deleteමං නම් කැමතිම කොස් එක්ක කරවල හොදි කන්න.. ඒවා ඉතින් දැන් වැඩිහරියක් අතීතයක්ම තමයි.. රට ආවට පස්සේ කොහෙන්ද ඉතින් ඔය කෑම..
ReplyDeleteවැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එකට හරියන කට්ටිය හොයාගන්න එපැයි .ඒක තමයි එන්න එන්න අමාරු වෙන්නේ
Deleteකාලෙකට කලින් මාත් කොස් වරැණාවක් ලිව්වා.. ඒත් ඒකෙ පෝස්ට් එකට වඩා රස කමෙන්ට් ටික... මෙන්න ලින්ක් එක....
ReplyDelete;; අපේ කොස් කෑම....
වැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එකට හරියන කට්ටිය හොයාගන්න එපැයි .ඒක තමයි එන්න එන්න අමාරු වෙන්නේ
Deleteඊයෙ උදේ පාන්දර මේ පෝස්ට් එකේ ලින්ක් එක දැක්ක ගමන් හිතුවා මේකනම් කීයටවත් කියවන්නෑ කියලා. ඒ තීරණේ දවසකට වඩා ඉන්න බැරි වෙච්ච හැටි. එක කොස් කතාවක් වෙනුවට විසිපහක් තිහක්ම බලන්න උනානෙ.
ReplyDeleteකොස් කතානම් එමටයි. ඒ උනාට තමන්ට මාස දෙක තුනකට වතාවක් ගෙදර යන්න ලැබෙන මිනිස්සු කිසි හිතක් පපුවක් නැතුව මේ වගේ කෑම බීම ගැන මතකෙ අවුස්සන එක වැරදියි අප්පා...මොනවා කරන්නද තව අවුරුද්දක් හමාරක් යනකල් කොස් සමානයි රාබු කියලා හිතාගෙන තියෙන දෙයක් කාලා ඉන්නවා ඇරෙන්න.
තරහ අවසර. අපිටත් මාස දෙකකට සැරයක් ගෙදර ගියාට කොස් හදන්න වෙලාවක් හම්බවෙන්නේ නෑ . ටිකක් දිග නිවාඩුවකට ගියාම තමයි ඒකත්
Deleteඅල්ලපු ගෙදර මං හිටියා නම් අම්මට කොස් විසිකරන්න වෙන්නේ නෑ කියහං. මම කොස් ලෝලියෙක්. නිවාඩුවට එන්නම ඕනෙ තැනක් උඹලෑ ගෙදර.
ReplyDeleteනිවාඩුවට අනිවාර්යයෙන්ම වරෙන් . මේක ලියපු එකේ උපරිම සතුට තියෙන්නේ එතකොටයි
Deleteකොස් නම් මරු..ඒත් කොස් ඇට තම්බල පොලුත් එක්ක කොටාබාපුහම එනව අමුතුම අසනීපයක්.... අසනීපයක් කිව්වට ඕක ඇවිල්ල ඇත්තටම නං පොඩි අපහසුතාවයක්...ඒ අපහසුතාවය එන්නෙ කොස් ඇට කොටාබාපු එකාට/එකීට එහෙම නෙවෙයි අහල පහල ඉන්න එවුංට...හෙහ්,හෙහ්.....
ReplyDeleteඅර බටහිර රටවල ඔය අසනීපෙම එනවයි කියනව Baked Beans කෑහම....
අපි ඔය හා සම්බන්ද සිංදුවකුත් කියනවා ඒ කාලේ. දැන් මතක නෑ
Deleteකොස් ඇට පිටි පොඟ පොඟා,
DeleteXXXX ඇර ඇර ඩෙඟ ඩෙඟා,
ඒකද නැත්තං වෙන එකක්ද?
හරි හරි ඒක තමයි
Deleteඇටේට කොරාපු වැඩේ..
Deleteෂා, ඔය ලියල තියෙන්නෙ, නියම කොස් කතාවක් කාලෙකින්. අර කොටේ උල, උල කොස් කාපු රිලව් සැට් එක තමා නියම :)
ReplyDeleteකාලෙකට පස්සේ ලිව්වේ බස්සෝ. තැන්කිව්
Deleteකොස් කිව්වාම ගිය සුමානේ උන දෙයක් මතක් උනා...අපේ බ්ලොග් යාලුවෙක් ගිය සෙනසුරාදා මාව බලන්න එනවා කිව්වම මම දවාලට කාලා යන්නම එන්නයි කිව්වා...මොකෝ දොලදුක් කෑම වේලක් දෙන එක හරිම සොඳුරු දෙයක් නිසා...සිකුරාදා නහයටත් උඩින් මීටින් මේ අලුත් ආංඩුවක් නිසා...සෙනසුරාදා උදෙන්ම නැගිටලා කොස් ගෙඩියක් කඩන්න බලනකොට දෙය්යනේ පැහිච්චා නැහැ...කොස්වත්ත හංදියට දුවලා කොස් ආතාගෙන් කොස් කිලෝ එකකුත් අරන් ඇවිත් ඕන්න කිරි කොස් එකක් හැදුවා...
ReplyDeleteතිලකෙගේ අම්මා වගේ තුනපහ මිරිස් දාලා තෙම්පරාදුව නෙවෙයි මගේ රෙසිපිය. කොස් පොඩියට කපලා, කොස් ඇටත් යහමින් තලලා දාලා, තුනපහ මිරිස් අතගාලා වතුරෙන් ලිප තියනවා, ඇට තැම්බීගෙන වගේ එන කොට ඕන් දියකිරි ටික දානවා, ඊට ටිකකට පස්සේ, කිරි හිඳීගෙන එනකොට මිටිකිරි හොඳට දාලා, කබලක් ලිප තියලා (දැන් කොහෙද කබල්, සාස්පාන තමා) අබ ඇට යහමින් දාලා කරවේගන එනකොට පොල්කටු හැන්දකින් අබ ඇට ටික හොඳට ඇඹරෙන්න තද කරලා අනලා, කිරි ඉදෙන කොස් එකට උඩින් දාලා වහලා තියෙන්න අරිනවා කිරිකොස් ක්‍රීම් වගේ වෙනකන්.
ඊට පස්සේ කිරිකොස් එක අනාලා ලිපෙන් බාලා තියෙන්න අරිනවා උනුවෙන්ම කන්න ගන්න..
ඉතින් මේ ඔක්කොම කරලා මම බලන් ඉන්නවා මේ කුරුලු ජෝඩුව එනකන්, කෝ මුන් දෙන්නා 12ටත් නැහැ...කෝල් කරාම කියපි පාර වැරදුනාය, තව ටිකකින් එනවය, අර තට්ටු උඩ ඉන්න බ්ලොගාවත් බලලය එන්නේ කියලා.
හරි ආවයි කියමුකෝ....
ඌ හොඳ එකා, මම ආසාම දේවල් ගොඩාක් අරගෙන, ලස්සන නෝන පොඩිත්තත් එක්ක, තට්ටු 30ක් විතර උඩ ඉඳන් බ්ලොග් ලියන මගේ සහෘදයත් එක්ක කොහොම හරි ආවානේ..
ඉතින් ආගිය තොරතුරු කථා කරලා, පලතුරු මෙව්වා හෙම බීලා, බත් ඩිංග කන්න යන්තම් 2ක විතර වෙනකොට වාඩි උනා...
ඉතින් දැන් අපි ඔක්කොම බෙදාගෙන කනවා...කාලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මට දැනුනා මොනා හරි ලොකු අඩුවක් තියෙනවාය කියලා. මොකෝ එවෙලෙම ගලවපු මයියොක්කා තැම්බුමයි, ගහෙන් කඩලා ගත්ත කොච්චි සම්බෝලයි, ගෙවත්තේම වැවිච වස විස නැති මාලුමිරිස්ද අරවා මේවා ගොඩාක් නිසා නොදැනුනත්, අඩුවක්නම් මේ මගේ ඇතුලේ ඉන්න ගොන් ෂෙෆාට තෙරුනා..
හද්දෙයියනේ...මේකා එන්න පරක්කුවෙච්ච නිසා, කිරිකොස් එක නිවිලා තිබුනේ....මේසෙට කෑම අරිනකොට මම කිරිකොස් එක උනුහුම් කරන්න මයික්‍රොවේව් එකට දැම්මාට මේසෙට ගන්න අමතක වෙලා...
දොලදුකට කිරිකොස් කන්න දෙන්න ලෑස්තිකොලාට, කිරිකොස් එක මයික්‍රොවේව් එක ඇතුලේ....
බොහොම අමාරුවෙන් ආපහු මේ කෙලි පොඩිත්තට අර කිරිකොස් ටිකක් කැව්වා..හැබැයි මගේ බ්ලොග් යාලුමිත්‍රයානම් කෑවෙ පොල් සම්බලුයි, සුවඳැල් හාලේ බතුයි විතරමයි...
මේකෙ කමෙන්ට් දිග උනාට චාර්ජ් කරන්නේ නැහැ කියලා තිබුන නිසා මෙහෙම ලිව්වේ..නැත්නම් මේක පෝස්ට් එකකටත් දිග වැඩියි මයෙ හිතේ...
ආං ඒව හොඳ වැඩ .. නැද්ද මං අහන්නෙ ඈ :D
Deleteමේ ආව කපල් එකේ තරුණ මහතා පත්තර මල්ලිද කියලා සැකයි . කොහොම උනත් කිරිකොස් කාල යන්න වෙලාවක එන්නම්
Deleteමේ කතාව ඇහුවම අර අම්මා ගැන දුක හිතුනා හරියට. පෙ අම්ම දැන් ළමයින්ට මුණුපුරන්ට උයන එක අත ඇරල ඉන්නේ. ඉව්වොත් උයන්නේ මට විතරයි.
ReplyDeleteකිරි කොස් කන්න නම් මාත් කැමතියි. එත මේ ඉහල තිබෙන කොමෙන්ටුවේ රෙසිපිය ඇහුවමයි. මගේ බිරිඳත් තම්බපු කොස් කන්න හරි මනාපයි. එත් අපි යන හැම වෙලේම අවාරේ.
කිරිකොස් වලට වඩා මමනම් හැඳි ගාල තෙල් දාපු කොස් කන්න කමතියි. අම්මලා ආසාවෙන් උයන දේ කන්න අය අඩු වීමනම් දුකක් තමයි
Deletesajeewi liyawillak. mamath kos gaha gana pothak liyanawa.
ReplyDelete