අපේ ගේ වටේ තිබු සරුසාර බෝංචි පාත්ති, පැපොල් ගස්, කොළ ගෝවා, රිකිලි ගෝවා , අමු මිරිස් හා රටබටු ගස් ටිකට අපේ අම්මා ඉඳුල් වතුර කොරහ හැලුවේ මහත් ආදරයෙනි. ඉඳුල් වතුර කොරහේ තිබුණු රසභාව විඳ රතුපාට ටීක් බෝල ගෙඩි මෙන් ඉදී දිලිසෙන කුඩා රටබටු තක්කාලි ගෙඩි කිරි හොද්දේ හෝ කොල්ලු හැලියේ සැර දැනී පුපුරා උඩ පනින හැටි අපි කුස්සියේ ලිප ලඟට වී මහත් සොම්නසින් බලා සිටියෙමු.
අම්මාගේ ගෙවත්තේ ප්‍රමෝදය අම්මාගේ මුහුණේ හැමදාම තිබුණි. ඇය කොයි තරම් උද්යෝගයකින් කොයිතරම් ආශාවකින් මේ පොඩි වගාවට සාත්තු සප්පායම් කළාද ? මොනතරම් සැනසිල්ලේ ඒවා උයා පිහා තාත්තාටත් අපටත් කන්නට දී සතුටු වුනාද ?. උදේ ඉස්කෝලේ ගොස් හවස ආපසු ගෙවත්තේ වැඩත් , ඇතැම්විට කුඹුරේ වැඩත් , ගෙදර උයන පිහින සියල්ලත් උතුරා යන සන්තෝෂයෙන් ඈ ඉටු කළාය . අලුත් බෝංචි පැලවල මතුවී එන දළු රිකිලි සේ ඇය හැමවිටම ප්‍රීතිමත්ව සිටියාය. නිරතුරු ඇගේ වූවන ගැවසීගත් සිරියාවන්ත සිනාවේ රහස මේ පැලවලින් නැගෙන දළු මල් හා ගෙඩිවල සජීවී ප්‍රභෝදය වෙන්නට ඇතැයි මට සිතේ.
අපේ වත්තේ තැනින් තැන ගස්තක්කාලි නම් වර්ගයක්ද තිබුණි. ගස්තක්කලි යනු පේර ගස් මෙන් උසට වැඩෙන, පුවක් ගෙඩි මෙන් පල බරව රත් පැහැයෙන් ඉදී එන තක්කාලි වර්ගයකි. . ඉදුණු ගස්තක්කාලි ගෙඩි උණු අළු ගොඩේ දමා පුළුස්සා ඉන්පසු ළුණු , උම්බලකඩ සමග ගලේ අඹරා හදා ගන්නා ලුණු ම්රිස කෑ අයෙක් සිටීනම් ඊට වඩා රස ලුණු මිරිසක් ලොවෙත් නැති බව කියනු ඇති.
අපේ ගේ වටේ තිබූ අම්මාගේ එළවලු පාත්ති ටිකට වතුර දමන්නට බොහෝ විට ගෙට පහල ලිඳෙන් වතුර අදින්නට සිදු වේ. අපේ ලිඳ බරපතල පල්ලමක් සීරුවට බැසගෙන යාර තුන්සීයක් විතර දුර ගිය පසු හමු වෙයි. මේ දවස තිස්සේ වතුර පිරී ඉතිරී යන ලිඳකි. ඒ උතුරා යන වතුරෙන් අපි ලිඳට පහලින් සෙල්ලම් කුඹුරක් හදා තිබුනා මතකය. සපු ගස් දෙකක් හා ටූණා ගස් මන්ඩියක් වටකරගෙන තිබු ලිඳ නිස්කාන්සුවේ දිය නෑමට අපූරු තැනක් වුනේය. ( ලිඳ ඉහින්නට ආ අපේ පන්තියේ යාලුවෙකුගේ කතාව මම පස්සේ ලියන්නම්)
මේ ලිඳෙන් භාජන කීපයකට වතුර පුරවාගෙන ගහක් නගින්නාක් මෙන් කන්ද නගිද්දී අපේ ගෙදර හමු වෙයි. මේ භාජන අතර කලගෙඩි දෙකක් හා ලොකු පනිට්ටුවක්ද තිබුනේය. මේවායින් ගෙනෙන වතුර මල් බාල්දියකට දමන අම්මා ඉන්පසු එළවලු පාත්ති වලට පරිස්සමට ඉසින්න්නීය .
කාලයක් තිස්සෙම වතුර අදිද්දී හා පැලවලට වතුර දමද්දී මේ ලොකු පනිට්ටුවේ හා මල් බාල්දියේ අඩි තැනින් තැන හිල් වී තිබුනේය.
අපේ කුඩා බස් පාර අවුරුද්දකට දෙකකට වතාවක් අලුතින් වළවල් පුරවා තාර දමා උඩින් වැලි දමන දවස් අපේ සිත්වලට ආශ්වාදයක් ගෙනාවේය.
දවසක් අම්මා හා මම අපේ හෙවල් වලට ටිකක් ඈතින් තාර දමින් සිටි පිරිස වෙත ගොස් අපේ මල් බාල්දිය හා ලොකු පනිට්ටුව දුන්නේ තාර උණු කරන වෙලාවට මේ භාජන දෙකේ අඩියට තාර ටිකක් දමා දෙන ලෙස ඉල්ලමිනි. එවිට ඒවා වතුර බේරී නොයන සේ තවත් කාලයක් පාවිච්ච් කරන්නට පුළුවන.
පාරේ වැඩට වැඩිපුරම පැමිණ සිටියේ කාන්තාවන්ය. ඔවුහු බොහෝ කැමැත්තෙන් මල් බාල්දිය හා ලොකු පනිට්ටුව අම්මාගෙන් ඉල්ලා ගත්තෝය . තව 'ටිකක් හවස් වෙලා තමයි තාර උණු කරන්නේ එතකොට මේක කරලා දෙන්නම්'. ඔවුහු පාරේ තැන තැන ගල් අතුරමින්, ඒවා තලමින් සුළු සුළු අලුත්වැඩියාවන් තාමත් කරගෙන යති.
අම්මාත් මමත් ටික වෙලාවක් එතැන බලාගෙන සිට ගෙදර ආවෙමු. හැන්දෑවේ හයට පමණ ආයෙමත් වතාවක් එතැනට ගියත් අපට දැක ගන්නට ලැබුනේ තාර බොයිලේරුව උණු කරන්නට තවත් වෙලාවක් ගත වෙන බවයි.
අපි ගෙදර ඇවිත් ටික වේලාවකින්ම හතර වටින් කළුවර විය. දැන්නම් පාරේ තාර දමන්නට පටන්ගෙන ඇත.බලන්නත් ආසාය. ඒත් මට නිදිමතය.කම්මැලිය.
'පොඩි පුතා දැන් අපි පහළට ගිහින් බලලා එමුද අපේ මල් බාල්දිය අරන් එන පුලුවන්ද කියලා ?.
මම අම්ම්මාට අකීකරු වෙන්නට තීරණය කලෙමි.
'දැන් බෑ අම්මා'
අනේ අම්මා හොඳටම අසරණ වෙලාය. ඔය පන්නයේ අනුන්ගෙන් උදව් ගන්නා වැඩ වලට තාත්තා කැමැත්තක් දැකවුයේ නැත. එනසා ඈට තනියට යන්නට හිටියේ මා පමණය.
අම්මා පාර ලඟට යයි. නැවත ගෙට එයි. සුසුම් ලයි.
පහුවදා පාන්දර අම්මාත් මමත් පෙරදින මිනිසුන් තාර දැමූ තැනට ගියෙමු.
අනේ තාර දමා අවසන් කොට බෝයිලේරුවද, ගල්රෝලද, විල්බැරැක්ක සියල්ල පටවාගෙන කවුරුත් යන්නට ගිහිල්ලාය. කිසිවක් ඉතිරි කර නැත. අපේ මල් බාල්දියත් පනිට්ටුවත් ඒ ලොරියේම පටවාගෙන අරන් ගිය බවට තවත්නම් සැකක් නැත.
මගේ හිත බඩේ ගින්දරින් පිරී ගියේය. අම්මා හිස් බැල්මෙන් බලා සිටියාය.
මේ ළඟදී දවසක සුපිරි මාර්කට්ටුවකින් ගෙදරට අඩුම කුඩුම තෝරද්දී ප්ලාස්ටික් මල් බාල්දියක් තියෙනවා දැක මම එතැන නතර වුනෙමි. මේකෙන් එකක් ගමු කියා හිතුනත් මේ අතීත මතකයක් නිසාම මල්බාල්දියක් ගන්නට ආ සිතිවිල්ල කාටවත් නොකියා හිතේ සඟවා ගතිමි. ඇරත් හෝස් එකෙන් මල් පැලවලට වතුර දාන්නට පුළුවන්නේ .
සටහන :
මේ කතාව මට ලියන්නට හිතුනේ අරලගන්විල ඉස්කෝලේ ගිය කවිඳුගේ බ්ලොග් සටහන් කියවද්දීය. කඳුකර ගොවි ගම්මානයක් පසුබිම් කරගෙන ලියවෙන ඔහුගේ කතා මගේ හිතට සමීපය .
සිය බාල පුතාත් සමග පැල් රකින්නට ගිය අම්මා එහි සිටී . හොඳින් ඉගෙන ගන්නා ලොකු පුතා සමන්ත පාන්දර තුනට ඇහැරවා පාඩම් කරවූ අම්මා ඇයයි . ඔහු නැගිටින්න කම්මැලි කරන විට පහළ කෙළවරේ තිබු ඇඳ පොල්ලක් ගළවා පහර දෙන්නට හදන්නේ ඇයයි. එසේ කොට දුෂ්කර ගොවි ගම්මානයකින් ආචාර්ය, මහාචාර්යවරු දෙන්නෙක් බිහිකරන්නේ ඒ අම්මාය.
කවිඳුගේ කතාව බ්ලොග් අඩවි කීපයක විසුරුවාගන්නේ නැතිව පිළිවෙලකට ලිව්වානම් එය අති සුන්දර වියුණුවක් වනු නොඅනුමානය.
photo: sportdonbassa.net

වෙනද වගේම රහයි. එච්චරයි ඕං. උඹට ජය!
ReplyDeleteබොහොම ස්තුතියි මචන්
Deleteපනිට්ටු ලිං ගැන මටත් කතා ටිකක් තියනව. බ්ලොග් එකේ දාන්න ඕන.
ReplyDeleteඔය තාර ගෑවම පනිට්ටුව ටිකක් බර වෙනව. පොඩි එවුන්ට නං වතුර අදින්න අමාරුයි. තිලකෙගෙ කතාව කියවද්දි මට මතක් උනේ මගේ ඉස්සර කාලෙ. අපිටත් ඒ කාලෙ වතුර අපහසුකම් තමයි තිබුනෙ. මීටර දෙසීයක් විතර පහල ලිඳ තිබුනෙ.
ඔයා මීටර් 200ක් කතාකරනවා. බොන වතුර ළිද හැතැක්ම 1 හමාරක් රට ඇතුලේ. එතකොට නාන්නනම් ළිදක් තිබ්බ කිලෝමීටරයක් ඇතුලේ. අපේ අම්මගේ කාලේ සම්පූර්නයේනම් වැය කලේ ඔය දෙකට. අපි පොඩි කමට පොඩි කරත්ත හදාගෙන ඒවා උද කෑන් තියාගෙන එනවා. ටිකක් ලොකුවෙද්දි 20 බැරල් 2ක් අත් දෙකට අරගෙන ඔය හැතැප්ම එකහමාර පිම්මේ එනවා. අනික්වුන්ට බයිසිකලයක් තිබ්බ මටයි මල්ලිටයි බයිසිකල් නෑ . එක නිසා තාම මට කාර් එලෙව්වට මෝටර් සයිකල් බැලන්ස් නෑ. යකෝ වතුර කතා කියල බොගක් දාන්න පුළුවන් සිං වලට
Deleteගෙදරත් ළිදක් තිබ්බ වලන් පිගන් හෝදන්න වාරකන් කාලෙට තනිකරම ලුණු වතුර
එහෙම විදපු දුකෙන් තමා අපි අද මාර පන්නරයක් ලබලා තියෙන්නේ.
ඒ වගේම තමා පොඩිකාලේ එච්චර හාඩ්නස් එක වැඩි වතුර බීපු අපි දැන් ආන්දන්කුලමෙන් සුපිරියට පෙරලා එන වතුර එක නොබී මිනරල් වෝට කඩෙන් අරන් බොනවා.
කාලය මැව් වෙනසක අරුමේ
රාජ්ගේ පනිට්ටු කතාවට උත්තේජනයක් ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි . දැන් ඉතින් ඒ ගැන කියවන්න බලා ඉමි
Deleteඩිලාන්ගේ කතාව ලංකාවේ එක් විෂම සම්පත් බෙදී යාමක් ගැන හොඳ උදාහරණයක්. ගංගා එකසිය ගානක් රට වටේටම තිබ්බත් බොන්න වතුර ටිකක් හොයන්න හැතැම්ම ගණන් ඇවිදින මිනිස්සු මේ රටේම ඉන්නවා කියල සමහරුන්ට හිතා ගන්නත් බැරිව ඇති
Deleteහම්මේ වතුරු ඇදිල්ල නේ
ReplyDeleteරිඹ යන වැඩක් මොනා කරන්නද බෑ කියන්නැයි..
හිහි දාගෙන ඇද්ද දැං නං ටැප් ලයින් දාල බ්ලා බ්ලා වෙලා ඒ හංද ඔහෙ ඉන්නව
සුන්දර සටහනක්
ජයවේවා
ජය වේවා මහේෂ් . අපේ ගම කෙලවරේ තිබ්බ ඔය නිසා නාන්න රෙදි හොදන්නනම් අවුලක් තිබ්බේ නෑ . ඒ දවස්වල පයින් දුරක් යනවා කියන්නේ කජ්ජක් නෙවෙයිනෙ. දැන්නම් ගෙදරට වතුර ලයින් තිබ්බත් අපි ගමේ ගියාම නාන්න යන්න කැමති ඔයටම තමයි
Deleteමේ කතාව දකිනකොටම මට හිතුනා "මා බාල කාලෙ" කියවද්දි මතක් වෙච්චි කතාවක් වෙන්නැති කියලා.
ReplyDeleteදුෂ්කර මාර්ගයක් හෙලි පෙහෙලි කරගනිමින් ඉගෙන ගත්තා උනත් තේරෙන කාලයේ සිට පාසැල් නේවාසිකාගාරයේ සිටි නිසා කවිඳුගේ කතා මට ඒ හැටි සමීප නැත. ඒත් මේ "මල් පාත්තිය" නම් මට අදටත් සමීපය. ගස් තක්කාලි ලුණු මිරිසේ රස, ඉඳුල් වතුර කොරහෙන් නැහැවෙන පුංචි එළවළු පාත්තිය අදටත් මගේ සැමියාගේ නිවසට ගියපසු බලාගන්නට පුළුවන.
දැන් කඳුකරේ කොයි තරම් නාගරීකරණය වෙලා තිබුනත් වැලිමඩ සිට මහා කන්දක් නැග උඩපුස්සැල්ලාවට ගොස් යලි පල්ලම් බසින විට හමුවන ඒ සුන්දර ගම්මානය අදත් එදා වගේමය. ගේ පහලින් ගලන දොළ පහර අසල ඇති කුඩා ළිදේ වතුර අමෘත්තයක් වැනිය. නළ ජලය නැත. විදුලි බලය තිබුනත් සතියකට දිනක් හෝ දෙකක් විදුලිය ඇණ හිටින අවස්ථාද බොහොමයකි.දුරකතනයට සිග්නල් තිබෙන්නෙ නිවසේ සමහර ස්ථාන වලට පමණි. ඒ නිසා අපි එහි ගිය පසු අපිට උවමනා විටක ඇමතුමක් දෙනවා හැර දුරකතන ඇමතුම් හෝ වෙනත් බාහිර සබදතා කිසිවක් නැත.
නිශ්චිත වෙලාවක් නැති රාජකාරියක් කරන අපිට ඒ නිසාම එය බොහෝ සුන්දර "නිවාඩු නිකේතනයකි".
ඉතා ඉක්මනින් "නිවාඩු නිකේතනයට" යාමට සැලසුම් කරමින් සිටින නිසා "කොල්ලු" හැලිය මතක් කිරීම ගැන වෙනදා වගේ දෝෂාරෝපණක් නෑ......ස්තූතියි සුන්දර අතීතයක මතක බෙදාගත්තට
ඒකනම් සුන්දර නිවාඩු නිකේතනයක් තමයි. මම හිතන්නේ ඔය කියන්නේ මස්පන්න පැත්තේ ගමක් වෙන්න ඕනි . අපෙත් නෑදෑකම් තියෙනවා . ළඟදීම කොල්ලු හැලියක්, ගස් තක්කාලි ලුණු මිරිසක් සමග රසබර දවස් ටිකක් ගෙවන්න ලැබේවා !
Deleteආදරවන්ත කතාවක්... අම්මාව ආදරෙන් මතක් කළා කියන්න අයියේ...
ReplyDeleteස්තුතියි නංගී. අම්මාට කියන්නම් . අම්මා මේ දවස්වල තරමක් අසනීපෙන් ඉන්නේ
Deleteමං නං ඔය වැඩවලදී තාත්තා ගේ පැත්තේ ය.
ReplyDeleteප/ලි
කවිදු ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් වුනොත් වැඩේ ලේසි වෙයි!
ඒත් තාත්තාගේ ඒ වගේ ගතිගුණ අම්මාගේ පැත්තෙන් බලද්දී අසාධාරණයි.
Deleteලියද්දී කවිඳු කලබල වැඩියි කියලයි මම කිවේ .ටික කලක් යනකොට හරි යාවි
ඒ කාලේ අපේ ගෙදරත් ලිදක් තිබුනා නෙව. තාමත් තියෙනවා තමා. ඕකට දාන බාල්දිය හිල් උනාම ඒකේ පතුලට දානවා සිමෙන්ති. හම්මොච්චියේ බර.. එකක් ඇදල ඇගට දාගෙන අනිත් එක අදින කොට දාඩිය දානවා.. අර බ්ලොග් එකත් කියවන්න ඕන. කියහං බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න කියලා
ReplyDeleteඔව් බන් පතුලට සිමෙන්ති දාපු බාල්දියක් අපේ ආච්චිලා ගෙදරත් තිබ්බ කාලයක් . අම්මෝද කියන්නේ
Deleteඅපිත් ඔය වගේ තාර දාල බාල්දි පාවිච්චි කරල තියෙනව.
ReplyDeleteරසවත් මතකයක්.
බලාගෙන ගියාම මේක පොදු අත්දීමක්. ස්තුතියි ප්‍රසන්න
Deleteඑළබටු, ගස් තක්කාලි සහ කොල්ලු - ගම වැලිමඩ ද !
ReplyDeleteවැලිමඩ පේන දුරින් තමයි . එළබටු නෙමේ රටබටු. ඒ කියන්නේ කැලේට වගේ හැදෙන හීනී, බෝල තක්කාලි ජාතියක්
Deleteළිං හා බාල්දි ගැන මතකය අලුත් කිරීම ගැන බොහොම ස්තූතියි මචං.මේ කතාවත් එක්ක බොහෝ අතීත මතකයන් නැවතත් අලුත් වුනා.ආයෙම කතාවක් ලියන්නද කියල සිතමින් ඉන්නවා.
ReplyDeleteඑහෙනම් අපේ රාජ්ගේ පනිට්ටු කතාවයි හැලපේගේ ලිං බාල්දි කතාවයි ඉදිරියේදී කියවන්න ලැබේවි. ලියමු ලියමු
Deleteමම මුලින්ම කතාව කියවද්දී හිතුනා අපේ වගේම කතාවක් ඒත් මට වඩා හොඳට උපමා උපමේය සහිතව ලියවෙලා තියෙනවා වෙනදා වගේ කියලා. ඔබේ කතාව කියද්දී තිබෙන මට සිලුටු බවත් එසේම තිබෙනවා ..
ReplyDeleteබ්ලොග් අවකාශයට අලුත් කෙනෙක් වූ මාහට ගුරු මුෂ්ටි රහිතව උපදෙස් දීම ගැන තිලක සිතට ස්තුතියි..
මගේ බ්ලොග් පොස්ට් පටලවා ගැනීමට හේතුවත් තිබෙනා නොඉවසිල්ලිමයි... මා බාල කාලේ ලියන අතරම මැක්සිම් ගෝර්කිගේ අම්මා පරිවර්තනයක් කරන්නත් උත්සාහ කළා එයින් සමහර බ්ලොග් රසිකයින් පොඩ්ඩක් පැටලුනු බව තේරුණා. ඉදිරියේදී එම වැරදි නිවැරදි කරන්න බලා පොරොත්තු වෙමි..
පහුගිය ටිකේ ලියපුවා කියවන්න බැරි වුනා . දිගටම ලියන්න . ස්තුතියි
Deleteබාල්දි බේසම් හිල් වහන්න කොහැල්ලැ උණුකරල දාල ඊට උඩින් රෙදි කෑල්ලක් දාල. එලෝලු පාත්ති කතුරු මුරුංග, කොහිල වගේ දේවල් අපේ අම්ම තාමත් හිටවල මුණුපුරු , මිනිපිරියන්ට කෑමට එවනව.
ReplyDeleteඅපේ එලවලු කොරටුවට හවසට වතුර දාන එක අයියගෙයි මගෙයි රාජකාරිය. හවසට සෙල්ලම් කරන්ඩ එන කොල්ලො සෙට් එකට කියනව " ඉක්මනට වතුර දැම්මොත් " කියන පරක්කුවට කට්ටියම පටස් ගාල වතුර දානව
කවිදුගෙ බ්ලොග් එක පැත්තට යන්න ඕනෙ .
ඔව් අපේ යාලුවොත් ඉස්සර අපේ ගෙදර ආවම වගාවල වැඩට මොකක් හරි උදාව්වක් වෙනවා . අපිටත් තිබ්බ ලොකුම රාජකාරිය තමයි පැලවලට වතුර දාන එක
Deleteඅපේ අම්මා මදි නොකියන්න බනින දවසක් තමයි මල් වලට වතුර දාන්න දුන්නහම උඩින් පල්ලෙන් වැඩේ ඉවර කරලා එන දවස! හොඳට ලුණු ඇඹුල් ඇතිව අහගන්න පුළුවන් ඒ දවසට!
ReplyDeleteඉතින් වගාවට ආදරේ කරන මිනිස්සු උඩින් පළලින් ඒවාට සලකනවට කැමති නෑ තමයි
Deleteපල්ල හිල්වෙච්චි ඇතිලි එහෙම තව කාලයක් පාවිච්චි කරන්ට අපෙ අත්තම්මා කලේ කොහොල්ලෑ තෝස්ලාම්පු දැල්ලෙන් රත්කරල එතෙන්ට වක් කරන එක. ඊට පස්සෙ ගණකම රෙදි කෑල්ලක් කොහොල්ලෑ නිවෙන්ට ඉස්සර එතෙන්ට අලවනව. එව්වයෙ ආයෙ හොදි මාලු උයන්ට බෑ. ඔය පරිප්පු මුංඇට, වේලිච්ච මිරිස් එහෙම දාල තියන්ට තමයි එව්වගෙ රෙපයාර් කරපු ඇතිලි ගත්තෙ.
ReplyDeleteThilak, as usual.... magnificent…:)
වට්ටි පෙට්ටි වල පැච් වහන්න කොහොල්ලෑ සහ ඊට උඩින් අතුරපු රෙදි කෑල්ලක් තමයි අපේ ආච්චිත් ගත්තේ .
Deleteතැන්කිව් රවී. ර
වී දයා රාජපක්ෂ ගැන ලියපු පොස්ට් එක මම FB එකෙත් බෙදා ගත්ත. ඒ ගැන මොකුත් ලියන්න නිවාඩුවක් තිබ්බේ නෑ පහුගිය ටිකේ
ඇයි හැමෝටම මේක " මගේ කතාව වගේ දැනෙන්නේ ".... ඉස්සර පොල් අතු වහලේ තිබුන අපේ පරණ ගෙදර මතක් වෙනවා. දැන් ගමේ ගෙවල් වලත් කලගෙඩි පොළවල් නැතුව ඇති....
ReplyDeleteවෙනද වගේම රහයි...
ඔබට ජය සතුට දහිරිය......!!!!e
බොහොම ස්තුතියි මිත්‍රයා මේ දෙන දහිරියට. ඇත්තෙන්ම අපි එකම කාලෙක එක වගේ ගොඩනැගිච්ච මිනිස්සු හින්දා වෙන්නැති මේ මතකයන් සමපාත වෙන්නේ
Deleteඅපූරුයි ලියමන. ඉතින් මල්බාල්දිය කවදාවත්ම ආපහු ලැබුණෙ නෑ ? මටත් මතකයි පී.ඩබ්ලියු.ඩී එකෙන් ඇවිත් ඔහොම තාර දානවා. නොස්ටැල්ජියාව ඇති කළාට ස්තූතියි.
ReplyDeleteස්තුතියි නිලූක . ඒ මල් බාල්දිය ආයේ හම්බුන් නෑ
Deleteජීවිතේ ආපස්සටම ගියා.. අද අහිමි එදා දුකක් යැයි හිතූ ඒ සුන්දර මතක ෆිල්ම් එකක වගේ හදවත පුරාම ගියා.. ඔබට ස්තුතියි ඒ මතකය ගෙනාවටම.
ReplyDeleteදිනිති, මටනම් ඒ කාලෙත් මේ වගේ අග හිඟ කම් දුකක් විදිහට දැනුන් නෑ . සරල අවශ්යතානේ අපි හැමෝටම තිබුනේ . හැම දේම තියෙන දැන් නේද අපි වැඩියෙන් දුක් විඳින්නේ
DeleteBrilliant Writing Thilak !!
ReplyDeleteThanks a lot for your lovely appreciation
Deleteමේක කියෙව්වහම මට මතක් වුනේ මල් පැල වලට වතුර දාන්න ඉස්සර අපේ ගෙදර තිබුනු පිත්තල කලයක්.. හිල් වෙලා තිබුනූ නිසා ඒ හිල වහලා ඒකෙන් වතුර දාන්න අරගෙන තිබුනා... සුන්දර සටහනක්...
ReplyDeleteබොහොම ස්තුතියි තුෂානි . ඔයාගේ අත් දැකීමත් ලියන්න
Deleteදැන් නම් තාර උණු කරලා දාන්නේ නැහැනේ පාරවල් වලට.කලකින් දැකලා නැහැ ඒ විදියට තාර උණු කරන දර්ශනයක්.
ReplyDeleteඉතින් එයින් පස්සේ ගස් වලට වතුර දාන්ට ගෙදර තිබ්බ කලගෙඩියක් හිල් කරලා ගන්ට එපැයි තිලකයියේ.
දැන් මේ ගල්තාර උණු කරලා පාරට දාන තාක්ෂණය භාවිතයෙන් අයින් වෙවී යනවා .
Deleteකලේ හිල් කරන එක පාඩුයි. මම හිතන්නේ අපි ආයේ මල් බාල්දියක් ගත්ත මාසයක් දෙකක් ගිහිල්ල
රහයි
ReplyDeleteසතුටුයි . ස්තුතියි
Deleteකතාව සුපර්.......
ReplyDeleteස්තුතියි කුරුටු ගී
Deleteඋඹ ගැන පහුගිය දවසක පත්තරේ පළවෙලා තියෙනවා ජාලෙන් දැකලා බොක්කෙන්ම සතුටුවුන මම අද මේ කතාව කියෙව්වාම කල්පනා කලේ උඹ ඒකට සාධාරණය ඉෂ්ඨ කරලා තියෙන අපූරුව ගැන. You are definitely in a different league than myself. Superb writing!
ReplyDeleteබොහොම ස්තුතියි මචං . කොහොමත් මම පෝස්ට් එකක් ලියද්දි නොවරදවාම උඹව මතක් වෙනවා. උඹේ ඇගයීම් නිසා සතුටු වෙන අතරේම මේ මට්ටමින් ටික ටික හරි ඉහළට එන්න උඹේ වචන ලොකු ශක්තියක්ද වෙනවා
Deletewenada wagema lassana kathawak uncle..
ReplyDeletehamadama wage me parath aye yanna hithenn na. test assema aweth ekamai..
lassana chithrayak wage uncle, liyala thiyana widiha.. hariiima lassanai..!
බොහොම ස්තුතියි දුව. පහුගිය ටිකේ ගමන් බිමන් නිසා මට ලියන්න විවේකයක් තිබ්බේ නෑ දැන් ආයෙමත් ලියන්න ඕනි . ජය !
DeleteThere's a hole in a bucket dear Thilake dear Thilake....another lovely memory
ReplyDeleteWith what shall I mend it Sili Biris, Sili Biris?
DeleteWith what shall I mend it Sili Biris, Sili Biris?
With What?
Thank you friends , Silibilis and Dude
Deleteමේ වගේ පුංචි මතකයන් අපේ හිත්වල කොච්චර නම් සැඟවිලා ඇත්ද? ඒවා මේ වගේ ලස්සනට මතු කර ගන්නයි ඕනේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3549
බොහොම ස්තුතියි අජිත්
Deleteහප්පා බොහොම පරක්කුවෙලානේ මේ සංවේදී පෝස්ටුව දුටුවේ....කියන්න දේවල් ගොඩයි, කිව්වොත් දිග වැඩිවෙනවා වගේම කනපිට හැරවෙනවා....
ReplyDeleteහෑ...... ATR ??
DeleteooooooPs
දිග වැඩි වෙලා කණපිට හැරුණත් කියන්නනේ තිබ්බේ නැද්ද ඉවාන්. ස්තුතියි
Deleteමේක කියවලා මට බඩගිනියි. මං යනවා කොටා බාන්න. කොච්චි දාලා තලා ගත්ත පොල් සම්බෝලයකුත් තියනවා :)
ReplyDeleteබස්සෝ කන්නේ කජු පුහුළන් නේද ? හා හා කාල එන්ඩකෝ
Deleteපුංචි සිද්ධියක් වුනත් සංවේදීව කියන්න තිලකසිත්ට තියෙන හැකියාව ගැන ඉරිසියා හිතෙන්නේ මේ වෙලාවට තමා
ReplyDeleteඅනේ මාව මුරුංග ඇත්තේ නොතියා අර පාලු වෙලා තියෙන බ්ලොගේ මොනා හරි ලියපන් මලේ. උඹට මට වඩා ලස්සනට කෙටි කතා ලියන්න පුළුවන් .බොහොම ස්තුතියි
Deleteතිලකසිත රචනා විලාසය හරිම අාකර්ශනීයයි.
ReplyDeletehttp://nokieekatha.blogspot.com/ මගින් තමයි පාර හොයා ගත්තෙ.
ඔබට බොහොම ස්තුතියි . නොකී කතා ලියන මගේ මිත්‍රයාටත් ස්තුතියි
Deleteඅපුගේ අක්කා දුර්ගා ගෙදර තියෙන තරම් කැඩිච්ච පිත්තල භාජන අලුත්වැඩියා කරන්න වෙළෙන්දෙක්ට දෙනවා. ඒ මනුස්සය ඒ ටික සේරම අරගෙන යන්න යනවා. පොත කියෝපු අයට මතක ඇති.
ReplyDeleteමේක කියෝලා පරණ මතක බාල්දි ගණන් මතු වෙන්න ගත්ත. ලියන්න ඕන කියල හිත ඇතුලේ රස්තියාදු වේවි ඉන්න පරණ සිතුවිලි කරදර කරන්න ගත්ත.
ස්තුතියි
අන්න හරි ඒ ලස්සන පරණ මතක බාල්දි ගණන් ලියන්න බින්දි . මතක අලුත් වුනා නම් සතුටුයි
Deleteහරිම ලස්සනයි තිලකසිරි මහත්මයා. තව තවත් මේ විදියටම ලියන්න.මාත් කියවන කණ්ඩායමට එකතු වුණා.
ReplyDeleteබොහොම ස්තුතියි මෙත්මා . තිලක සිතට ආදරෙන් පිලි ගන්නවා
Deleteඒකෙත් හැටි. තිලක කොහොමින් හරි මතකයක් අවුස්සනවා. මට මේ තාර බාල්දි නම් හොඳට හුරුයි. අපේ තාත්තා මහා මාර්ග දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ අපි පුංචියි. අපිත් යනව නිවාඩු දවස්වලට සයිට්වලට. ලොකු බූට්ස් දාගෙන තාර බාල්දි උස්සන් එහෙ මෙහෙ දුවන සේවක මහත්තුරු ඉඳ හිට ගල් රෝලට නැගල සෙල්ලම් කරාට මොකවත් කියන්නෙ නෑ.
ReplyDeleteඒ සම්බන්දෙ හින්දද කොහෙද බාල්දිවල අඩියට තාර දාන එක ඉතිං අපේ ගෙදරත් වුනා. (තාර දැම්මට පස්සෙ ඒව හරිම බරයි)
තිලක කිව්වත් වගේ දැන් ඉතිං හෝස් තියෙනවනෙ.
මල් බාල්දිය නැතුවට තව මතක සටහන් ඉතිිරි වෙලා ඇතිය හිතනවා.
මම හිතන්නේ අපි ඒ කාලේ දුටුව දේවල චමත්කාරය විඳින්ට ඇත්තේ එකම රටාවකට වෙන්න ඕනි . ඒකනේ හැම සටහනකින්ම මතක අලුත් වෙන්නේ . තව මේ වගේ කතා ඉතිරි වෙලා තියෙනවා. ලියන්නම්. බොහොම ස්තුතියි සටහනට
Deleteමෙදා පාර ලියවිල්ලේ
ReplyDelete"ඉදුණු ගස්තක්කාලි ගෙඩි උණු අළු ගොඩේ දමා පුළුස්සා ඉන්පසු ළුණු , උම්බලකඩ සමග ගලේ අඹරා හදා ගන්නා ලුණු ම්රිස කෑ අයෙක් සිටීනම් ඊට වඩා රස ලුණු මිරිසක් ලොවෙත් නැති බව කියනු ඇති"
කියවනකොට මට මතක් උනේ
"ඉස්සන් ඉහටි ගින්නෙන් පුළුස්සාගෙන ලුණු සහ ළුණු ලමග තලා දෙහි ඇඹුලෙන් පදම් කර හදා ගන්නා සම්බෝලයට එහා සම්බෝලයක් දිවිය ලෝකයෙන්වත් හොයා ගන්ට..."
බැරි බව ලියා තිබුණු "අපේ වෙද හාමුදුරුවෝ" පොතයි.
කියවන රසය දිවට දැනෙන මෙවැනි අව්‍යාජ ලියවිලි ඉතාමත් විරලයි.
ඉස්සර නිෂ්පාදන සංග්‍රාම කාලෙ ගෙවත්තෙයි, ඉස්කෝලෙයි එළවළු පාත්ති දාගෙන මල් බාල්දියෙන් වතුර දැම්ම මතක් වුණා. කිව්වත් වගේ දැන් වතුර දාන්නෙ හෝස් එකෙන් නොවැ.
ReplyDeleteමගේ බ්ලොග් එක ටිකක් විතර පිළිවෙලක් කරා ඔන්න... නම "සොඳුරු අතීතයෙන් බිඳක්.." බ්ලොග් ලිපිනය http://helmalu.blogspot.com.au
ReplyDeleteරසයි තිලක සිත රසයි
ReplyDelete