අද මගේ යහළු යෙහෙලියන් මහා ගොඩක් උසස් පෙළ ලියන්නට සුදානම් වෙන බව ආරංචිය . මේ වෙන කවුරුවත් නොව මීට අවුරුදු තිහකට විතර ඉස්සර මගෙත් එක්ක උසස් පෙළ ලියු අපේ යාලු මිත්‍රයන්ගේ දුවා දරුවන්ය. ඉන් කිහිප දෙනෙක් සමගම කතා කරන්නට මට පුළුවන් උනත් තව බොහෝ දෙනෙකුට සුබ පතන්නට ඉඩක් ලැබුනේ නැත.
මගේ අවවාදයනම් ඉහළම ප්‍රතිඵල ගන්න ට්‍රයි කරන්න.ඒත් වැඩකටම නැති ප්‍රතිඵලයක් ආවත් ඊටත් සුදානම් වන්න කියලාය. සුද්දගේ භාෂාවෙන් කියන්නේ Try For the Best. But be Ready for the Worst කියලාය.
මම එහෙම කියන්නේ සාධාරණ හේතු ගොඩක් තියෙන නිසාය. ඒ ලෙවල් එක වර ඉහළින් ගොඩ ගියොත් හොඳටම හොඳය. ඒත් ගොඩ නොගියත් තව ඕනෑ තරම් කරන්ට දේවල් තියෙනවය. මේකෙන්ම ජීවිත ඉරණම විසඳ ගන්නේ නැතිව ඉහළ ඉලක්කයකට යන්න පුළුවන. ඊට ජීවමාන සාක්කි සපයන කීප දෙනෙක්ම මම දනිමි.
මම හොඳින්ම දන්නේ ඉංජිනේරුවන් වෙන්නට ගොස් උසස් පෙලින් මග හැරී ආයෙමත් ලොකු ඉංජිනේරුවන් වූ කීප දෙනෙක්ගේ කතාය. එත් අනෙකුත් අංශවලත් ඒ ආකාරයෙන් විවිධ උත්සාහයෙන් ඉහළට ගිය මිනිසුන් අනන්තවත් සිටිති.
මගේ ගමන් සගයා වූ ප්‍රවීණ වරලත් ඉංජිනේරුවා උසස් පෙලින් කැම්පස් යන්නට ලකුණු මදි වී සර්වේ හෙල්පර් කෙනෙක් හෙවත් මිනින්දෝරු මහත්තුරුන්ට අත් උදව් දෙන්නෙක් ලෙස රස්සාව පටන් ගත් අයෙකි. ඒ රස්සාව කරද්දීම ආයෙත් විභාගය කර, තාක්ෂණ ඩිප්ලෝමාවට තේරී , ඉන්පසු උසස් විභාග පාස් වී වරලත් ඉංජිනේරුවෙක් වුනේය. අර ඔහු අත් උදව්කරුවෙක් ලෙස මුලින්ම සේවය කළ සමාගෙමේම ප්‍රධානියෙකු සේ සේවය කරද්දී මට ඔහුව හඳුනා ගන්නට ලැබිණි.
මා දන්නා අයියා කෙනෙක් උසස් පෙළ කරද්දී පළවෙනි පාර ඇණගෙන ඉගෙනීම අතහැර දැම්මේය. දැන් එයාගේ ඊළඟ බලාපොරොත්තුව මැණික් ගරන්නට ගොස් හොඳ සල්ලි කාරයෙක් වෙන්නටය. අයියාගේ ගමේ යාළුවන් හය හත් දෙනෙක්ද සමග මොණරාගල ඔක්කම්පිටියේ මැණික් ගරන්නට යාමට සියල්ල ලක ලෑස්ති කරගෙන ගෙදර ඇවිත් අම්මාට බොරු කන්දරාවක් කියා අවසර ගත්තේය. තාත්තා එන්නට කලින් බණ්ඩාරවෙලට ගොස් යාළුවන් සමග මොණරාගල යෑමට වාඩි ඇඳුම්, වියළි කෑම බීම සියල්ල පොහොර බෑග්වලට දමාගෙන සිටිනවා කියා ආරංචි වී තාත්තා හැල්මේ වහනයක් කතා කරගෙන බණ්ඩාරවෙල ගොස් ඔහු සිටින තැන ටක්කෙටම හොයාගෙන ඒ අයියාගේ කණින් අල්ලාගෙන ආපහු ගෙදර කැන්දාගෙන ආවේලු.
ඒ ගමන පාඩම්කර පේරාදෙනි යාමට සමත් වූ මේ කියන අයියා ඉන් පසු සත්ගුණවත් උසස් ඉංජිනේරුවෙක් වුනේය.
තවත් මා දන්නා තරුණයෙක් අපේ අක්කාගේ පුතා වගේම තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියාගෙන උසස්පෙළ ගණිත අංශයෙන් විභාගයට ලිව්වේය. පළවෙනි පාර විබාගය අප්සැට් ගිය තැන ගමේ ත්‍රී වීල් යාළුවන් කිහිප දෙනෙක් සමග සෙට් වී හවසට රංචු ගැසීමටත් රා බොන කොල්ලන් ආස්සරය කරන්නත් පටන් ගත්තේලු.
ඉතින් හැමදාම ගෙදර ඇවිත් බිම පෙරළෙමින් මටත් තී වීල් එකක් අරන් දියන්යැයි කියමින් අම්මා සමග රණ්ඩු කරමින් සිට තාත්තාගේ ගෝරනාඩුවෙන් පසු බාගෙට කෑම කා නිදා ගත්තේය. ඔහුට සිහිනය තිබ්බෙම තුන්රෝද රියක් හෝ මොනයම්ම හෝ කුලී රියක් එළවන රියදුරෙක් වෙන්නටය.
මේ අව් අස්සේ කොලුවාගේ අම්මා කොළඹ සිටි සිය සහෝදරයාට කතාකොට අනේ මල්ලියේ අපේ කොල්ලාව මොකක් හරි කෝස් එකකට දමා ගොඩ දාලා දීපන් කියා කී විට මලයා අක්කාගේ කොලුවා කොළඹ ගෙන්නාගෙන කාර්මික පාඨමාලාවක් තෝරා දී පුංචි ඉදිකිරීම් සයිට් එකක රස්සාවක් හොයා දුන්නේය.
ඉන්පසු තනියම උසස් විභාග කර උපාධියක්ද අරගත් මේ ළමයාද දැන් විදෙස් රටකට වී හොඳ ඉංජිනේරුවෙක් වශයෙන් යහපත් ජීවිතයත් ගෙවයි.
ඒ නිසා දරුවාගේ උසස් පෙළ ප්‍රතිඵල පිටවූ පසු ඒ දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට හෝ දරුවාගේ කණින් ඇදගෙන ගොස් හරි පාරේ තබන්නට මගේ හිතවත් දෙමවුපියන්ට තව දුරටත් ඉඩ ප්‍රස්තාව තිබේ .
මේ කණින් ඇදීම ඉවසා වදාරන දරුවන් උසස් පෙළ ප්‍රතිඵල මොනවා උනත් ජීවිතය ගොඩ දා ගන්නා බව මගේ අත් දැකීම්වලින්ම කියන්නට පුළුවන .
( මදිපාඩුවට මේ තුන්වන දේශකයාගේ කතාවත් කියවන්න)
Picture: sd72.bc.ca
මගේ අවවාදයනම් ඉහළම ප්‍රතිඵල ගන්න ට්‍රයි කරන්න.ඒත් වැඩකටම නැති ප්‍රතිඵලයක් ආවත් ඊටත් සුදානම් වන්න කියලාය. සුද්දගේ භාෂාවෙන් කියන්නේ Try For the Best. But be Ready for the Worst කියලාය.
මම එහෙම කියන්නේ සාධාරණ හේතු ගොඩක් තියෙන නිසාය. ඒ ලෙවල් එක වර ඉහළින් ගොඩ ගියොත් හොඳටම හොඳය. ඒත් ගොඩ නොගියත් තව ඕනෑ තරම් කරන්ට දේවල් තියෙනවය. මේකෙන්ම ජීවිත ඉරණම විසඳ ගන්නේ නැතිව ඉහළ ඉලක්කයකට යන්න පුළුවන. ඊට ජීවමාන සාක්කි සපයන කීප දෙනෙක්ම මම දනිමි.
මම හොඳින්ම දන්නේ ඉංජිනේරුවන් වෙන්නට ගොස් උසස් පෙලින් මග හැරී ආයෙමත් ලොකු ඉංජිනේරුවන් වූ කීප දෙනෙක්ගේ කතාය. එත් අනෙකුත් අංශවලත් ඒ ආකාරයෙන් විවිධ උත්සාහයෙන් ඉහළට ගිය මිනිසුන් අනන්තවත් සිටිති.
මගේ ගමන් සගයා වූ ප්‍රවීණ වරලත් ඉංජිනේරුවා උසස් පෙලින් කැම්පස් යන්නට ලකුණු මදි වී සර්වේ හෙල්පර් කෙනෙක් හෙවත් මිනින්දෝරු මහත්තුරුන්ට අත් උදව් දෙන්නෙක් ලෙස රස්සාව පටන් ගත් අයෙකි. ඒ රස්සාව කරද්දීම ආයෙත් විභාගය කර, තාක්ෂණ ඩිප්ලෝමාවට තේරී , ඉන්පසු උසස් විභාග පාස් වී වරලත් ඉංජිනේරුවෙක් වුනේය. අර ඔහු අත් උදව්කරුවෙක් ලෙස මුලින්ම සේවය කළ සමාගෙමේම ප්‍රධානියෙකු සේ සේවය කරද්දී මට ඔහුව හඳුනා ගන්නට ලැබිණි.
මා දන්නා අයියා කෙනෙක් උසස් පෙළ කරද්දී පළවෙනි පාර ඇණගෙන ඉගෙනීම අතහැර දැම්මේය. දැන් එයාගේ ඊළඟ බලාපොරොත්තුව මැණික් ගරන්නට ගොස් හොඳ සල්ලි කාරයෙක් වෙන්නටය. අයියාගේ ගමේ යාළුවන් හය හත් දෙනෙක්ද සමග මොණරාගල ඔක්කම්පිටියේ මැණික් ගරන්නට යාමට සියල්ල ලක ලෑස්ති කරගෙන ගෙදර ඇවිත් අම්මාට බොරු කන්දරාවක් කියා අවසර ගත්තේය. තාත්තා එන්නට කලින් බණ්ඩාරවෙලට ගොස් යාළුවන් සමග මොණරාගල යෑමට වාඩි ඇඳුම්, වියළි කෑම බීම සියල්ල පොහොර බෑග්වලට දමාගෙන සිටිනවා කියා ආරංචි වී තාත්තා හැල්මේ වහනයක් කතා කරගෙන බණ්ඩාරවෙල ගොස් ඔහු සිටින තැන ටක්කෙටම හොයාගෙන ඒ අයියාගේ කණින් අල්ලාගෙන ආපහු ගෙදර කැන්දාගෙන ආවේලු.
ඒ ගමන පාඩම්කර පේරාදෙනි යාමට සමත් වූ මේ කියන අයියා ඉන් පසු සත්ගුණවත් උසස් ඉංජිනේරුවෙක් වුනේය.
තවත් මා දන්නා තරුණයෙක් අපේ අක්කාගේ පුතා වගේම තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියාගෙන උසස්පෙළ ගණිත අංශයෙන් විභාගයට ලිව්වේය. පළවෙනි පාර විබාගය අප්සැට් ගිය තැන ගමේ ත්‍රී වීල් යාළුවන් කිහිප දෙනෙක් සමග සෙට් වී හවසට රංචු ගැසීමටත් රා බොන කොල්ලන් ආස්සරය කරන්නත් පටන් ගත්තේලු.
ඉතින් හැමදාම ගෙදර ඇවිත් බිම පෙරළෙමින් මටත් තී වීල් එකක් අරන් දියන්යැයි කියමින් අම්මා සමග රණ්ඩු කරමින් සිට තාත්තාගේ ගෝරනාඩුවෙන් පසු බාගෙට කෑම කා නිදා ගත්තේය. ඔහුට සිහිනය තිබ්බෙම තුන්රෝද රියක් හෝ මොනයම්ම හෝ කුලී රියක් එළවන රියදුරෙක් වෙන්නටය.
මේ අව් අස්සේ කොලුවාගේ අම්මා කොළඹ සිටි සිය සහෝදරයාට කතාකොට අනේ මල්ලියේ අපේ කොල්ලාව මොකක් හරි කෝස් එකකට දමා ගොඩ දාලා දීපන් කියා කී විට මලයා අක්කාගේ කොලුවා කොළඹ ගෙන්නාගෙන කාර්මික පාඨමාලාවක් තෝරා දී පුංචි ඉදිකිරීම් සයිට් එකක රස්සාවක් හොයා දුන්නේය.
ඉන්පසු තනියම උසස් විභාග කර උපාධියක්ද අරගත් මේ ළමයාද දැන් විදෙස් රටකට වී හොඳ ඉංජිනේරුවෙක් වශයෙන් යහපත් ජීවිතයත් ගෙවයි.
ඒ නිසා දරුවාගේ උසස් පෙළ ප්‍රතිඵල පිටවූ පසු ඒ දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට හෝ දරුවාගේ කණින් ඇදගෙන ගොස් හරි පාරේ තබන්නට මගේ හිතවත් දෙමවුපියන්ට තව දුරටත් ඉඩ ප්‍රස්තාව තිබේ .
මේ කණින් ඇදීම ඉවසා වදාරන දරුවන් උසස් පෙළ ප්‍රතිඵල මොනවා උනත් ජීවිතය ගොඩ දා ගන්නා බව මගේ අත් දැකීම්වලින්ම කියන්නට පුළුවන .
( මදිපාඩුවට මේ තුන්වන දේශකයාගේ කතාවත් කියවන්න)
Picture: sd72.bc.ca
"මේ කණින් ඇදීම ඉවසා වදාරන දරුවන් උසස් පෙළ ප්‍රතිඵල මොනවා උනත් ජීවිතය ගොඩ දා ගන්නා බව මගේ අත් දැකීම්වලින්ම කියන්නට පුළුවන.."
ReplyDeleteදරුවන්ගේ දිරිය වැඩෙත්වා මේ සෞම්‍ය තිලකයේ ආශීර්වාදයෙන්...!!
දරුවන්ගේ දිරිය වැඩේවා ! දෙමාපියන්ගේ නුවණැස පෑදේවා ! ස්තුතියි තිස්ස
DeleteI passed 4 subjects with one credit .Could not enter Uni. Did Grad I.chem (Institute of Chemistry Ceylon). followed by MSc in pera. worked in Saudi. and Now in Australia.
ReplyDeleteYes your story is a real life examle on various options after AL. Thanks a lot
Deleteමේක ගුටිකන පෝස්ට් එකක් අද හම්බෙයි හොදට
ReplyDeleteමම හිතන්නේ නෑ මේක ගුටිකන පෝස්ට් එකක් කියල.
Deleteඉගෙන ගන්නවා කියන්නේ ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යන එකටම නෙවී.
දෑතේ ශක්තිය සවිමත් කිරීමත් තමන්ගේ සහජයෙන්ම ගෙනාපු හැකියාවන්ට පන්නරය ලබාගැනීමත් යහපත් මනුස්සයෙක් හැටියට සමාජ ගතවීමටත් අක්ත පත්‍ර තමයි ඕනෑම ඉගෙනීමක තියෙන්නේ...
වයසෙන් මුහුකුරා යෑමේදී ජීවිතයෙන් ලබන ඉගෙනීම කිසිම අධ්‍යාපන ආයතනයකින් ලබාගන්නත්, මොන උපාධි ලබාගත්තත් දෑතේ සවියෙන් කල හැක්කක් නොමැති නම් තමයි වරද...
තිලකේ කියනවා වගේ බෙල්ල කඩාගෙන පාඩම් කරලා විතරක්ම මදි...විභාගයක් ලියලා සමත් වෙන්නත් ස්කිල් එකක් තියෙන්න ඕනි. අපිට ඒ ලෙවල් පංතියෙදි අපේම පංතියේ හිටපු යාලුවෙක් කෙමිස්ට්‍රි ටියුශන් දුන්නා, අපි තුන් දෙනෙක් කැම්පස් ආවා (ඉන්ජෙකුයි, ආකියෙකුයි,ටෙක්ස්ටයිල් පොරකුයි හැටියට ) ඒත් ටියුශන් දුන්න යාලුවා හැලුනා මොකෝ ඌ දන්නේ නෑ විභාගයක් ජයගන්න..
දෑතේ ස්කිල් එකක් ඉගෙනගත්ත එකා ගොඩ..කවද හරි රස්සාවෙන් එලව්වත් තමන්ගේම කියලා කඩයක් දාගෙන දෙකයි පනහ හොයා ගත්තෑකි..ඒ අතින් ආකියො වාසනාවන්තයි, ගෙදර ඉඳන් තවත් ගෙයක් ඇඳලා හරි ගොඩ යතෑකි ඔෆිස් වලින් එලෙව්වාම (මට උනා වගේ..)
ඒ ලෙවල් ලියන දරුවන්ගෙයි, ඒ අයගේ දෙමව්පියන්ගෙයි ඇස් ඇරේවා තිලකෙගේ මේ පෝස්ට් එකෙන්....
//ඒ ලෙවල් ලියන දරුවන්ගෙයි, ඒ අයගේ දෙමව්පියන්ගෙයි ඇස් ඇරේවා තිලකෙගේ මේ පෝස්ට් එකෙන්....//
Delete+++++++++++++++++++++++
තාමනම් ගුටි කන්න වුනේ නෑ . හවස් වෙනකොට බලමු හෙහ් හේ . හැබැයි කීප දෙනෙක්ගෙන් දොස් ඇහුවා කම්මැලිකමට ලියපු පොස්ට් එකක් කියල .
Deleteචෙෆාකි කිව්වා වගේ පොතේ දැනුම කොහොම ගත්තත් දෑතේ ස්කිල් එකක් හා කොමන් සෙන්ස් එක තියේනම් මොනා කරත් හොඳින් ජීවත් වෙන්න පුළුවන් . ස්තුතියි අටම්, බස්සි , චෙෆ්
කොහොමත් කඩප්පුලි වැඩ කරල, උන්නු ගමන් ට්‍රැක් එකට වැටෙන අය දන්නෙම නැතිව විභාග කඩඉම් පැන ගන්නව. පොතේම ඇලී ගැලී උන්න එවුන් කප්පරකට ඇනගන්න වෙලාවලුත් තියෙනව. ජීවිතේ ඒකායන අරමුණ විය යුත්තේ ඉංජිනේරුවෙක්, දොස්තරයෙක් වෙන එක නොව ඉගෙනගන්න දේ හරියට කිරීමයි.
ReplyDelete" ජීවිතේ ඒකායන අරමුණ විය යුත්තේ ඉංජිනේරුවෙක්, දොස්තරයෙක් වෙන එක නොව ඉගෙනගන්න දේ හරියට කිරීමයි " ටක්කෙටම හරි, මට මතකයි අපේ ඉස්කෝලේ ෆිසික්ස් සර් ඉස්සර කියනවා " අයිසේ කරන මොකක හරි කමක් නෑ හරියට කරනවා , රස්තියාදු ගැහුවත් කමක් නෑ ඒක දිගටම හරියට කරනවා , තමුසෙලා ඒක කරන්නෙත් බාගෙට " කියලා
Delete//" ජීවිතේ ඒකායන අරමුණ විය යුත්තේ ඉංජිනේරුවෙක්, දොස්තරයෙක් වෙන එක නොව ඉගෙනගන්න දේ හරියට කිරීමයි "//උඩින්ම එකඟයි. මම මේ පෝස්ට් එක ලියද්දි ගත්තු උදාහරණ තුනේම ඉන්නේ ඉංජිනේරුවෝ හින්දා මට කියන්න ඕනි වෙච්ච පණිවිඩය හරියට කියවුන් නැද්ද කියා හිතෙනවා. කොහොම උනත් ඔබේ කොමෙන්ටුවෙන් ඌන පුරණයක් වෙනවා , ස්තුතියි . ඉවාන්ට හොඳ ගුරු උපදේශයක් ලැබිලා තියෙන්නේ
Deleteඅපූරු කතාව මචං!! ඔහොම කියනකොට මතක් වෙන්නේ campus ඉන්න කාලෙත් ඔහොම course එක දාල යන්න ගිය අය බොහොමයක් හිටිය මතක ඇති, ඒ අය පස්සේ කාලෙක ඉහලින්ම වැඩ කරගෙන අද හොඳ තනතුරු වල ඉහලින්ම වැජබෙනවා නේද? මගේ batch එකෙත් වෙන කිසි දෙයක් නැතුව පොතේම එල්ලිලා හිටපු අයට වඩා ඉගෙනගන්නේ නැතිව අනික් විකාර වැඩ ඔක්කම කර කර පිස්සු නටපු අය (මේ මං වගේ ;-) ) පස්සේ කාලෙක academically ඉහලටම ගිහිල්ල තියෙනවා!
ReplyDeleteමචං, මේ විදිහට ජීවිතේ වරක් අත ඇරලා ආයෙත් ගොඩ දා ගත්ත බොහෝ දෙනෙක් පිටිපස්සෙන් කවුරු හෝ හිටියා කියලයි මම හිතන්නේ. එහෙම නැත්නම් අඩු ගානේ කියවාපු පොතක් හරි මේ තල්ලුව දුන්නා වෙන්න පුළුවන්. උඹේ කොමෙන්ටුවක් දකින්න ලැබීම ලොකු සතුටක්.
Deleteමේකනේ වැඩේ තිලක අයියා. ඔයා ඔය කියන සත්‍යය තේරුම් යන්නේ ඔයාගෙ වයසට ආවාමයි. ඔය කියන දේ උසස් පෙළ ලියන වයසෙ කෙනෙකුට ටිකක් තේරුම් ගන්න අමාරුයි. පළමුවැනි පාර අසාර්ථක වුණාම වෙන විකල්පයකට (මැණික් ගැරීම වගේ) යොමු වෙන්නේ ඒ නිසයි. එතකොට තමයි අර කණෙන් ඇදලා හරි පාරෙ යවන දෙමවුපියෝ උවමනා වෙන්නේ. කොහොම වුණත් හැමදාම වගේ ඉතා හොඳ ලියමනක්. ජයවේවා.
ReplyDeleteඅන්න ඒකනෙ වැඩේ..... ඒ කාලෙදි ඉතිං මේවා තේරෙනවයැ.... විශේෂයෙන් කොල්ලන්ට.. කෙල්ලො නං කොහොමහරි දෙවනි පාර විභාගෙ කරගන්න හිත හදා ගන්නව කියමුකො... ඒත් කොල්ලො.....
Deleteඅනිත් එක මේ මං වගේ කොහොමත් කැම්පස් නොයන අධිෂ්ඨානයෙන් විභාගෙ කරන උන්.... හි හි....
//අනිත් එක මේ මං වගේ කොහොමත් කැම්පස් නොයන අධිෂ්ඨානයෙන් විභාගෙ කරන උන්..//
Deleteහැක්... ඔය ඉන්නෙ මගේ ජාතියෙ තව එක්කෙනෙක්.
//අනිත් එක මේ මං වගේ කොහොමත් කැම්පස් නොයන අධිෂ්ඨානයෙන් විභාගෙ කරන උන්..//
Deleteඔන්න දෙන්නයි දැං !!
කැම්පස් නොයන අධිෂ්ඨානයෙන් විභාගෙ කරපු මහා ගොඩක් යාළුවො ඉඳලනෙ බලාගෙන ගියාම.ඒකෙන් වරදක් වෙලා නැති බව මම දන්නවා
Deleteනිලුක කිව්වා වගේ අපේ ළමයින්ට තමන්ගේ මාර්ග තෝරා ගන්නට මීට වඩා සිත්ගන්නාසුළු මග පෙන්වීමක් ඕනි. විශේෂයෙන්ම උසස් පෙළින් පස්සේ
හොඳ ඉංජිනේරුවෝ බිහිවෙන්නේ කොහොමද කියලා දැනගත්තා...:P
ReplyDeleteහොඳ ඉංජිනේරුවෝ කියල හිතාගෙන ඉන්න ඉංජිනේරුවෝ හෙහ් හේ
Deleteඇත්තෙන්ම මේ කණින් ඇදීම ඉවසන්න පුළුවන් ය ගොඩක් අඩුයි දැන්, ළමයින්ට වගේම දෙමවුපියනත් ඉවසීම අඩුවෙලා, හැබැයි තුන්වන දේශකයාගේ කතාව තරම් මට මේක ලියා තියෙන රටාව එච්චරම නැගලා ගියේ නෑ. ටිකක් කලබලෙන් ලිව්වා ගතියක් තමා පෙනුනේ
ReplyDelete//ඇත්තෙන්ම මේ කණින් ඇදීම ඉවසන්න පුළුවන් ය ගොඩක් අඩුයි දැන් //
Deleteඒක ඉවසන්න පුලුවන් ගුටිකනව ඉවසන්නත් පුලුවන්.. මේ ගෙදරිං බණින එක නෙවැ උහුලන්න බැරි බං .. ඕ යේස් .
අනික එක දෙයක් එකපාරක් කීවම මදෑ..අපේ කං ඇහෙනව නෙවැ !!!! :D
කණෙන් ඇදීම දෙමව්පියන්ගෙන් ඉවර වෙන්නේ නෑනෙ ... විශේෂයෙන් හලාවත පැත්තෙ ෂොපින් යන්නෙත් එහෙමයිනෙ
Delete//දැන්, ළමයින්ට වගේම දෙමවුපියනත් ඉවසීම අඩුවෙලා//ඔව් ඉවාන් මේක ලියන්න හදිස්සියේ හිතුනෙත් තාත්තා කෙනෙක්ගේ දුක් ගැනවිල්ලක් අහපු නිසා . මම හිතුවේ ළමයට වඩා තාත්තාට ඉවසීම අඩුයි කියල. මේ පෝස්ට් එක එතරම් සාර්ථකව ලියවුන් නෑ කියා පිලිගන්නවා. අපේ දෝණි ඇහුවෙත් කම්මැලිකමට ලියපු එකක් නේද කියලා .
Deleteපත්තර මල්ලි, මේ එක තීරණාත්මක මොහොතකදී කණින් අදින එක වගේ නෙමෙයි තිස්සෙම චුරු චුරු ගාන එක . ඒකෙන් ළමයාටවත් දෙමව්පියන්ටවත් ප්‍රයෝජනයක් නෑ . ඉතින් ඕවා අපි හැමෝටම සමෝසමේ ලැබෙනවා මේ ලිව්වට
'අධ්‍යාපනය යනු රැකියාවක් හොයාගැනීමේ මාර්ගයකි' කියන සංකල්පය වෙනස් වෙනවානම් හොඳයි කියලා මට හිතෙන්නේ. අපි පොතේ දැනුම විතරයි නේද වර්ධනය කරන්න හදන්නේ. දුක්විඳින රස්සා වලට ගිහින්, පස්සේ දියුණුවන අය, අර ඉහල විභාග පාස් කරපු, පොතේ දැනුම තියන අයටත්, තමන් යටතේ රැකියා දෙනවා.
ReplyDeleteමේ දෙපැත්ත සමබර කිරෙමේ ක්‍රමයක් තමයි අවශ්‍ය. ඒ වගේමයි දෙමව්පියන්ගේ ආකල්ප. ඔක්කොටම ඕනේ ලොක්කන් බිහිකරන්න. වඩුවැඩ උපාධි, මේසන් වැඩ උපාධි, කියලා ආරම්භ කලත් ඒ පාඨමාලාවලට කවුරුවත් එන්නේ නැහැ.
මගේ ලොකු දුව අපොස සාමාන්‍ය පෙළ බොහොම අමාරුවෙන් දෙවැනි වර සමත්වුනා. නමුත් මමත් බිරිඳත් ඇගේ ශක්‍යතාව කොපමණද කියා දන්නා නිසා, විද්‍යා අංශයෙන් නැතුව කලා අංශයෙන් උසස් පෙළට යොමු කළා. ඇය ඉතා පහසුවෙන් ඉදිරියට ගොස් උපාධියක් සග පශ්චාත් උපාධියක්, ඩිප්ලෝමාවක්, ලබාගත්තා. ඇත්තෙන්ම විද්‍යා අංශයට යොමුකලා නම්, ඇය යන්තම් සාමාන්‍ය සාමාර්ථ අරගෙන ගෙදර නවතින්න ඉඩ තිබුනා.
විචාරක, මේ විදිහට හොඳ අවබෝධයෙන් තීරණ ගන්න දෙමව්පියන් ලැබීම ඔබේ දුවගේ වාසනාවක්. ස්තුතියි ඔබේ අත්දැකීම බෙදා ගත්තට. විද්‍යාවම කරන එක, තෝරා ගත් රස්සා කීපයක් විතරක්ම හඹා යන එක නිසා කී දෙනෙකුට ජීවිතේ පසුතැවිලි වෙවී ඉන්න වෙනවද ?
Deleteමම උසස් පෙළ කරද්දීත් ඔය වගේම අනාත වෙලා හිටියේ. මට ආසාව තිබුනත් විභාගේ ගොඩ දාගන්න බැරි වුණා. දෙවෙනි පාර විභාගෙට කලින් ඔහොම නන්නත්තාර' වෙලා ඔහේ ටි.වී බල බල ඉන්න වෙලාවක ටි.වී එකේ ඔය විභාගේ දවස් වල තියෙන එක එක වැඩසටහනක මහත්මයෙක් කියපු කතාවක් මගේ ඔළුවට ගියා. ඒ තමයි උසස් පෙළින් පස්සේ කරන්න තව ඕනේ තරම් දේවල් තියෙනවා. මේ විභාගේ කියන්නේ හැමදේම නෙවෙයි කියන එක. ඊට පස්සේ මම හිතා ගත්තා මේක කෙල වුනොත් අර කියපු විකල්ප මාර්ගෙකින් ගොඩ යනවා කියල. අදටත් මම ඒ විකල්ප මාර්ගයේ කාටවත් වදයක් නැතිව ආතල් එකේ යනවා. අපේ ගෙදර අයත් කවදාවත් මට බලපෑම් නොකර මට ඕනේ දේ කරන්න ඉඩ දුන්නා.
ReplyDeleteඋසස් පෙළ පාස් වෙලා කැම්පස් ගිහින් මගේ යාලුවෝ රස්සාවල් කරන්න පටන් ගනිද්දී මම මගේ පළවෙනි කාර් එක ගන්න මට්ටමට ආවා. උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන එකෙන් ලැබෙන ජිවිතේ ආතල් එක සහ ඒ අත්දැකීම් ටික විතරක් මිස් වෙනවා. වෙන නම් පාඩුවක් නෑ.
පැතුම්ගේ කතාව බොහෝ දෙනෙක් අතර බෙදා ගත යුතු එකක්. ඇත්තටම මේ කතාබහට සරුසාර අත්දැකීම් ටිකක් එකතු කලාට බොහොම ස්තුතියි
Deleteපොතේම ඇලිල විභාගෙ ජීවිතේ කරගෙන ඉන්න උංට වඩා සැහැල්ලුවෙන් පිස්සු නටන උංට විභාගෙ ගොඩ දාගන්න වැඩි අවස්ථාවක් තියෙනව කියල මාත් දැකල තියෙනව. හැබැයි ඒකට දෙමාපියො වගේම හොඳ යාලුවො සෙට් එකකුත් ඉන්න ඕන.
ReplyDeleteවිභාගෙ නොකළත් තමංගෙම ව්‍යාපාරයක් කරල ඒක සාර්ථක කරගෙන කැම්පස් ගිය උංට වඩා ජීවිතය ජයගත්ත කට්ටියත් නැතුව නෙමෙයි.
//විභාගෙ නොකළත් තමංගෙම ව්‍යාපාරයක් කරල ඒක සාර්ථක කරගෙන කැම්පස් ගිය උංට වඩා ජීවිතය ජයගත්ත කට්ටියත් නැතුව නෙමෙයි.// මෙන්න මේක හොඳ කතාවක්. හැබැයි ලංකාවේ ව්‍යවසායකත්ව පුහුණුව කියල ගොඩක් තැන්වලින් කෙරෙන්නේ බොරුවක් . අනික තමයි ව්‍යාපාර කරන්න සහජයෙන් එන නැඹුරුවක් තියෙන්න ඕනි. එහෙම යට දෙමාපියන්ගෙන් හරි යාලුවන්ගෙන් හරි මග පෙන්වීමක් ලැබුණානම් බොහෝ විට සාර්ථක වෙනවා .
Deleteමටනම් හිතෙන්නෙ සේරටම කලින් දොස්තරෙක් - ඉංජිනේරුවෙක් හෝ ලෝයරෙක් කියකියා ඒ අරමුණුවලට විතරක්ම ලමයින්ව දක්කන මානසිකත්වයත් වෙනස් වෙන්න ඕනෙ. අපේ බයෝ ක්ලාස් එකේ ලමයි 35ක් හිටියා. දෙන්නයි ෆස්ට් ෂයි මෙඩිසින් සිලෙක්ට් උනේ. මම දෙවනි වතාවෙ එක්සෑම් කලේ නෑ, වැඩේ අනාගත්තුබව ඉවෙන් වගේ දැනුන නිසාම එක්සෑම් ඉවරවෙලා සිමා කරන්න පටන් ගත්ත. හැබැයි මෙඩිසින් සිලෙක්ට් වෙන්න බැරි උනාට රිසාල්ට්ස් අවුලක්ම තිබුනෙ නෑ.
ReplyDeleteහොඳම සෙල්ලම තිබුනෙ ඉස්කෝලෙට ආවම. සමහර ගුරුවරු සෙකන්ඩ් ෂයි නොකර සිමා කරනව කියපු මගෙ දිහා බැලුවෙ නිකම් රස්තියාදුකාර කාලකණ්නියෙක් දිහා බලනව වගේ.
හැබැයි පන්තියෙන් බාගෙකටත් වඩා පිටරටවල ගිහින් ඩොකාල වෙන්න ඉගෙනගන්නව. දෙවනි තුන්වෙනි වාර වලින් 5 දෙනෙක් සිලෙක්ට් උනා. ඒත් අපේ පන්තියේ ඩොකාල විස්සකට වඩා ඉන්නව දැන්. මම කියන්න කස්ටිය තවම ඉගෙන ගන්නව. තුන් දෙනෙක් සයිටම් එකේ, අනිත් අය ලෝකෙ වටේම.
මම කියන්නෙ, ඒ අයට වෙන ගොඩක් ටැලන්ට්ස් තිබුනා. අපේ රටට අවශ්‍ය දොස්තරලයි ඉංජිනේරුවොයි විතරක්ම නෙමෙයි. (කොහොම හරි අම්මලගෙ කටේ බලේට මටත් කැම්පස් යන්න උනා නෙව.) ඇයි දක්ෂ රෙදි වෙලෙන්දෙක් වෙන්න බැරි. ඇයි ජාත්‍යන්තර මට්ටමේ වාදන ශිල්පියෙක් විදියට තමන්ගේ දරුවව හඳුන්වල දෙන්න පුලුවන් තැනකට යවන්න දෙමව්පියො අකැමති? ගප්පියා වගේ හෝටලේක වලං හෝදන රටම දන්න යූ ටියුබ් ස්ටාර් කෙනෙක් උනොත් ඒක පරම්පරාවෙ දැලි ගෑමක් වෙනවද?
ඒ ලෙවල් කියන්නෙ ජීවිතෙන් බොහොම පොඩි කෑල්ලක්. හොඳින් විභාගෙට මුහුණ දෙන්න. ජීවිතේ දිනන්න කැම්පස් යන්නම ඕනෙ නෑ. ඔයාගෙ හීනෙ ඉංජිනේරුවෙක් වෙන එක උනත්, ගිටාර් වාදකයෙක් වෙන එක වුනත්, අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් උනත් කමක් නෑ. හිතන්නකො ඔයා ලෝකෙ හොඳම අයිස්ක්‍රීම් නිපදවන්නා වෙලා, ඔයාගෙ අයිස්ක්‍රීම් කන්නම ඇමරිකානුවො ලංකාවට එන දවසක කාටද ආඩම්බර?
බස්සි … සීයට සීයක් එකඟයි.අපිට කියන්න ඕනෙ ටික උඹ අපූරුවට කියලා !!
Deleteඅගෙයි.... බසී නගා... තිලක් අයියගේ ලිපියට එළියක්..
Deleteඅපේ කට්ටිය මූණට කියයි “ අනේ හරි ෂෝක් නෙ... හොඳට සල්ලි හම්බකරන්න පුළුවන් ව්‍යාපාරයක්නෙ පටං අරං තියෙන්නෙ‘ කියල... අනිත් පැත්ත හැරිල කියයි.. ‘ දැං ඔය කොච්චර සල්ලි හම්බකරං කාර් බාර් අරං හිටියට ඔය යකා ඒ ලෙවලුත් ෆේල් අනේ...‘ කියල....
Deleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..... ඇති වෙන්න අහල තියෙනව අපේ කට්ටිය ඔය වගේ කතා කියනව....
එහෙටත් නැති මෙහෙටත් නැති අපේ අධ්‍යාපන ක්‍රමය..
Deleteමේ මං කාලෙකට කලින් ලියපු එකක්.. මේ පෝස්ට් එක දකල මතක් උනේ...
තරූ කිව්වා වගේ බස්සිගේ කොමෙන්ට් එක නිසා මේ පෝස්ට් එකට ලොකු වටිනාකමක් ලැබුනා .
Deleteකෞෂිගේ කතාවත් ඇත්ත . එහෙම වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හින්දා. උපාධියක් ගත්තද නද්දා AL පාස්ද නැද්ද වගේ දේවල් අනුව මිනිස්සු මැනීම නොදියුණු ලක්ෂණයක් .මේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නත් හිතෙනවා.බොහොම ස්තුතියි
තුන්වන දේශකයාගේ කතාවත් කියව්වා... ජීවිතේ අපි මේ වෙනකන් කරපු කියපු දේවල් දිහා ආපහු බලනකොට සමහර වෙලාවට හරි පුදුමත් හිතෙනවා. සමහර පුද්ගලයෝ , සමහර තීරණ නිසා යන පාරවල් සම්පුර්ණයෙම වෙනස් වෙන්න පුළුවන්...
ReplyDeleteඒ තීරණේ ගන්න වෙලාවේ තියෙන ඉව හෙවත් අවබෝධය තමයි වටිනාම දේ නේද. සමහරවිට මේ වෙලාවට තමයි කාගේ හරි මග පෙන්වීම ඕනි
Deleteඋසස් පෙළ කරන දියණියක වෙනුවෙන් පොඩි යැදුමකට සහභාගි වුණා ගිය ඉරිදා සැඳෑවෙ.. බයෝ කරන ඒ දුවණියගෙ අපේක්ෂාව ආර්ට් තෙරපි වගේ පැත්තකින් ඉදිරියට යන්න. යැදුමකට වඩා එදා අපි කළේ ආච්චි, සීයා, අම්ම, තාත්තා ඉඳන් අපි හැමෝගෙම ජීවිත අත්දැකීම් බෙදා හදා ගත්ත එක...
ReplyDeleteඒ අත්දැකීම් බෙදා ගැනීමෙදි පැහැදිලිවම දැණුනා එක දොරටුවක් වැහුණට තව දොරටු සිය දහස් ගණනක් අපි ඉදිරියේ තියෙන බව....
උසස්පෙළ කියන්නෙ කඩඉමක් බව ඇත්ත. නමුත් ඒ අවසානය නෙවි.. අලුත් ගමනක ආරම්භය... මේ මොහොතෙ හරි මඟ පෙන්නන්න දැනුවත් වැඩිහිටියන් වටේ ඉන්න එක නම් හරි වටිනවා..
මේ කමෙන්ටුව මගේ සිත් ගන්නවා ගොඩක්...
Deleteතමන්ටම කියල ගෙයක්, දොරක්, වාහනයක් සාමාන්‍ය දේවල් වෙච්චි කාලෙක මෙහෙම හිතන එක අපූරුයි...
ජීවිතේ ඉස්සරහට සතුටු සිතින් යන්න මාර්ගයක් හදාගන්න එකනෙ ඉතින් කොහොම කලත් කල යුත්තේ..
අදටත් ප්‍රායෝගිකවම මෙහෙම පවුල් තියනව කියල ඇහුවාම ලොකු සතුටක් ඇතිවුණා...
මෙහෙම පවුල් වලින් සමාජයට එන දරුවන් අටලෝදහමට සාර්ථකව මූණ දෙයි නේද?
කාටවත් දෙස් දෙවොල් නොතියා, මුළු සමාජයටම වෛර නොකර...
ඔව් තිස්ස තරූගේ කොමෙන්ට් එක සුවිශේෂයි .මම අහපු වාසනාවන්ත කතාවක්. ඉවසීමෙන් කතාබහ කරලා දැනමුතුකම් දෙන්න පුළුවන් පිරිසක් ඉන්න පවුල් හරිම අඩුයි මේ වෙනකොට.
Deleteමමත් එක් වරක් උසස්පෙළ කරලා ගෙදර නතර වෙලා ඉන්නකොට මගේ හොදම යාළුවාගෙ අම්මා අවවාද අනුසාසනා ගොන්නක් එක්ක පිටු තුනක දීර්ග ලියුමක් එවලා තිබුනා.ඇගේ දරුවන් තිදෙනෙක් ඒ වනවිට විශ්ව විද්‍යාලයට ගිහින්. ඈ ලිපිය අවසන් කරලා තිබුනෙ මෙහෙම
ReplyDelete"විභාගෙ ලියන වාර ගනන නෙවෙයි පුතේ වැදගත් වෙන්නෙ විභාගෙ සමත් වෙන එකයි".......ඇගේ ඒ ආදරණීය අවවාදයට දාහත් වසරක් ගෙවෙන මේ මොහොත වන විටත් මට ඉගෙනීම නතර කරන්නට නොසිතෙන්නෙ ඒ නිසයි.
ඔබේ වචනයටත් එක දරුවෙකුගෙ නෙවෙයි දරුවො සිය ගනනකගෙ ඉරණම වෙනස් කරවන්න හැකිවේවා!
ජීවිතේට ශක්තියත් දෙන අවවාදයක්. වැඩිපුර ඉගෙන ගත්තේ නැති වුනාට මේ නැන්දලා වගේ අයට තිබ්බ ,සමාජ අවබෝධය හා නායකත්වය නිසා නේද එහෙම තව කෙනෙකුට එළියක් වෙන්න පුළුවන් වුනේ. ඈ ගැනත් ඔබ ගැනත් සතුටුයි
Deleteනියමයි බං. ශිෂ්‍යත්වේ අම්මලගෙ විභාගෙ. සාපෙ අම්මට තාත්තට ඕනෙවට කරන විභාගෙ. උපෙ තමන්ටම ඕනෙවට කරන විභාගෙ කියලත් පිළිගැනීමක් තියෙනවා.
ReplyDeleteඋපෙ ගොඩක් වෙලාවට තමන්ට ඕනි විදිහට කරන විභාගයක් වෙන්නේ ඒ වෙනකොට බොහෝ දෙමව්පියන්ගේ ඇකඩමික් දැනුමට වඩා දරුවන් ඉස්සරහ ඉන්න නිසා. ඒත් දෙමව්පියන් වැඩියෙන්ම කලබල වෙන ස්ට්‍රෙස් ගන්න විබාගේත් ඒක නේද මචන්?
Deleteඉවාන්ට(ත් මටත්) ෆිසික්ස් උගන්නපු ජයසේකර සර් කියුවා වගේ මාත් කියන්නේ 'කරන දෙයක් හරියට කරපල්ලා.. ' ඕනෙම කඩඉමකට පස්සේ ජිවිතේ නවතිනවා නෙවෙයි අලුතින් පටන් ගන්නවා කියල හිතන්න. මෙතන අදහස් දක්වල තියෙන අයගේ අත්දැකීම් ටික විතරක් කියෙව්වත් ඇතිවෙයි ජීවිතේ තේරුම් ගන්න. ස්තුතියි ඔබට මේ විදියට කණෙන් ඇදලා පාර පෙන්නුවට.
ReplyDeleteඔව් අනෙක් අයගේ අදහස්වලට කමිගේ අදහසත් එකතු වුනාම වටිනා මග පෙන්වීමක් අදාළ හැමෝටම ලැබෙනවා. මේ ආදරණීය කණෙන් ඇදීමක් කියල අපේ යාළුවො තේරුම් ගත්තොත් ඒ ඇති
Deleteගොඩක් දෙමව්පියෝ හදන්නේ තමන්ගේ දරුවන්ව අනිවර්යෙන්ම ඉංජිනේරුවෙක්,දෙස්තර කෙනෙක් කරන්න.හැබැයි යහපත් ඊටත් වඩා වැදගත් වෙන යහපත් පුරවැසියෙක් සමාජයට දෙන එක ගැන ඒ දෙමව්පියෝ ලොකු අවධානයක් දෙන්නෙම නැති තරම්.ඉතින් එකෙන් සිද්ධ වෙන්නේ අර විදියට බිහිවෙන ලොකු ලොකු මහත්තුරු සල්ලි පස්සෙම හබා යන තත්වයක් ඇති වෙලා ලෝකේ සමාජ සම්බන්ධකම් දුරස් වෙන එකයි.
ReplyDeleteවිභාග සමත් කරන්න කලින් ළමයිගේ කණෙන් ඇදලා හරි පෙන්වන්න ඕනේ සමාජේ හොඳ පුරවැසියෙක් විදියට ජිවත් වෙන එකයි.
ඔව් මනෝජ් බිහිවෙන්න ඕනි සතුටින් ජීවත් වෙන කෙනෙක් . ඉහළ තරාතිරමක රස්සාවක්ම ඕනි නෑ එතකොට
Deleteදැන් මම ලියනවද කියල කල්පනා කලේ. ඊයෙත් මේක කියෝලා හැරිලා ගියා... හිතට මොකද්ද වගේ, ඒ නිසා ආයෙමත් ආව..
ReplyDeleteඔන්න ඔහේ ලියනවා
මම....
උසස් පෙළ කරන කාලේ වල්වැදිලා වගේ උන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ මම ටිකක් විතර පොත් ගුල්ලා. ගෙදරින් කිසිම දේකට පුෂ් කලේ නැහැ මට නම්. මගේ ස්ට්‍රීම් එක තොර ගත්තේ මම. ජීවිතේට පලවෙනි වතාවට ටියුෂන් පටන් ගත්තෙත් තනියෙන් හොයාගෙන. හැබැයි කවදාවත් කට් කරලා නැහැ ස්පෝර්ට්ස් නිසා ඇරෙන්න. උසස් පෙළ ලියන කාලේ මම නිදිමරාගෙන කලේ නවකතා ලියපු එක. හික්... හැබැයි අම්මි මට දොස් කියලා නැහැ.
ආපු රිසල්ට් එකට මට ගානක් තිබ්බෙත් නැහැ. කැම්පස් එක ඇතුලට ආවම තමයි තේරුනේ මම මැට්ටෙක් කියල. බුදු අම්මේ, ළමයි දුවන දිවිල්ල. ඩිග්රි අස්සේ සිමා කරනවා, තව ඩිග්රි කරනවා, සමහරුන්ට පාර්ට් ටයිම් පිස්සුව. අඩේ ... මම අමු මැට්ටා වගේ ඩිග්‍රිය විතරයි. හැබැයි මම ස්පෝර්ට්ස් කළා එතනත්.
උසස්පෙළ ගැන ලංකාවේ සමාජ ගතවෙලා තියෙන ආකල්පය නම් මම හිතන්නේ තව දශකයකට වත් මෙහා ලොකු වෙනසකට පත්වෙන එකක් නැහැ මේ විදියට ගියොත්. සමහර ඔය බුදු ටෝක්ස් දෙන මිනිස්සුත් තමුන්ගේ දරුවා ගැන ක්‍රියා කරනකොට ඒ බෝට්ටුවේම තමයි. ඊටත් අර කෞෂි කිව්වා වගේ දුටු තැන බැට දෙන්නේ 'ඒ ලෙවල් වත් නැති මෝඩයෙක්' කියල. දැනුම කියන්නේ වෙනත් දෙයක්, විභාගයකින් ගොඩ යනවා කියන්නේ තවත් ස්කිල් එකක්. පසුවට කරපු විභාග වලදී මට ඒක ප්‍රත්‍යක්ෂ උනා.
මම නම් හිතන්නේ මොන අංශයෙන් හෝ උසස්පෙළ සමත් වෙන එක වටිනවා. මම දන්නා තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම සැරේ බයෝ වලින් උසස්පෙළ ලියල වැඩ හතරම අසමත්. ප්‍රතිපල ඇවිත් ඉතුරු උන කාලේදී කළා අංශයෙන් විභාගේ ආයෙත් කළා. තුන් දෙනාම පාස් උනා. එක්කෙනෙක් නම් දැන් ලෝයර් කෙනෙක්.
මගේ ඔ ලෙවල් සෙට් එකේ පස් දෙනෙක්. ඉන් එකෙක් සාමාන්‍යපෙළ අවසන් විභාගේදී පන්තියේ අන්තිමයා. සාමාන්‍යපෙළ යන්තම් ගොඩ. ඌ ආට්ස් කළා. ඔන්න දැන් ලෝයර් කෙනෙක්.
මගෙත් වෘතිය ජීවිතයේදී හමුවෙනවා මගේ ඉස්කෝලේ කාලේ යාළුවො. සමහර උන් හිතාගන්න බැහැ... එකෙක් සෙක්ෂන් එකේ පළවෙනියා, මෙන්න මු බැංකුවේ සාමාන්‍ය නිලධාරිනියක්. එකෙක් ඉංගිරිස් පීරියඩ් කට් කරන්න දෙය්යා, මෙන්න මු ඉංගිරිස් ටීචර් කෙනෙක්. එකෙක් අපිත් එක්ක එකට කෘෂිකර්මය මැඩම්ගේ ඇහැක් වගේ තිබ්බ කෙහෙල් කැන හොරෙන් කපල පංතියේ ඉදෝල කාපු එකා, මෙන්න මු දොස්තර කෙනෙක්. එකෙක් කනට ඇහෙන්න කතා කරන්නේ නැහැ, මෙන්න බොලේ මු අර යුද්ධ කාලේ හමුදාවේ ඉන්නවා !
අනේ කියල හිතෙනවා
මොන අංශෙන් හරි AL පාස් වෙන එකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා අද වෙනකොට. ඒත් තමන්ට කැමති හා පහසු අංශෙක ඉගෙන ගන්න ළමයින්ට නිදහසක් ලැබෙනවානම් තමයි හොඳ. උපෙක්ෂාගේ කොමෙන්ට් එක හරි වටිනවා මේ කතාබහ අර්ථවත් වෙන්න.බොහොම ස්තුතියි
Deleteමේකට එකක් දිගට ලියන්න එන්නම් ආයෙ.
ReplyDeleteඉංජිනේරුවෝ, දොස්තරවරු කරන්න ඕන කියන මානසිකත්වය නැතිඋන දවසට ඔය ප්‍රශ්නෙට උත්තරේ තියේවි තිලක අයියා.. ළමයෙකුගේ බුද්ධිය විභාග වලින් මනින්න බෑ. මාළුන්ට ගස් නගින තරඟයක් තිබ්බ වගේ සමහර ළමයින්ට ඒ ලෙවල් කියන්නෙ. අදාළ ට්‍රැක් එකට වැටුනොත් උපරිමය පෙන්නනවා . ඒ නිසා තමන් කැමති අංශයෙන් ඉදිරියට යන්න අවස්ථා, සහ පහසුකම් තියනවා නම් ඒ ලෙවල් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි. ඒත් දුප්පත් ළමයින්ට උඩට එන්න ඕක ලොකු කඩඉමක්. ඒ නිසයි කට්ටියම ඒ පස්සෙ පන්නන්නේ. හැබැයි ඕකෙන් වැටුන කියල එතනින් නැගිටින ළමයි ඕන තරම්. ඒ උනත් මේ ක්රමේදී බහුතරය එතැනින්ම ඩවුන්. ළමයින්ට කවදාවත් උගන්නන්න බෑ අම්මල තාත්තලට. පහසුකම් දෙන්න, මග පෙන්වන්න පුළුවන්. ඉගනගන්න එක ළමයාගේ වැඩක්..
DeleteAL වලින් ජීවිතේ පරාජය වෙන්න ඕනි නෑ කියන මතය තමයි මම හැම විටම දරන්නේ . අපි ඔක්කොම ඒ අදහසේ ඉන්න වග දැන ගැනීමට ලැබීම සතුටක් සජ්ජා . උසස් පෙළ පාස් වෙන දරුවන්ගේ අනාගතේ ගැන සතුටු වෙන ගමන්ම එය අසමත් වෙන අයගේ ජීවිතේට එළියක් දෙන්න අපිට වචනෙකින් හරි පුළුවන් නම් ලොකු දෙයක්
Deleteඔවු වැදගත්....ඒ ලෙවල් යනු සියල්ල නොවේ..ඔබේ අසමත් වීම ජය ග්‍රහනයට මාවතක් විවර වීමක් විය හැක
ReplyDelete//අසමත් වීම ජය ග්‍රහනයට මාවතක් විවර වීමක් විය හැක!// එය එසේමයි . ඒ වගේම පරාජය යනු ඉන්නා තැනිමුත් පහළට වැටීමට හේතුවක් නොවිය යුතුයි
Delete+++++++++++++++++++
ReplyDelete+++++ස්තුතියි
Deleteසහතිකෙන්ම එකඟයි තිලකසිත් . මම එකපාරයි A/L කලේ. ෆිසිකල් ආව කොළඹ කැම්පස් එකට. Physics කරන්න. මොරටුවේ NDT පාස් වෙලා ඒකත් ආව. එර්නස්ට් ආණ්ඩ යන්ග් එකේ ට්‍රේනි අකවුන්ටන්ට් ජෝබකුත් ලැබුන. ඒත් වට පිටවේ බලපෑම වුනේ "ඉංජිනේරුවෙක් වෙයන්" කියන එක. ඒත් A/L තව පාරක් කරන්න මහා කම්මැලි කමක් තිබුනේ. මමත් උපේක්ෂ වගේ පොත් කියවන්න ආසයි. පොතක් අතට ගත්තම කන්නෙත් නැහැ. තවමත් එහෙමයි. මොන හේතුවකටද මන්ද සෝවියට් රුසියාවට දාල ඒක ආව. කොහොම හරි දැන් ඉංජිනේරුවෙක්. ඒත් අර physics වලට ආසාව ගියෙමේ නැහැ. අන්තිමට අවුරදු දෙහෙකට කලින් queens mary එකට ඇප්ලයි කරලා astrophysics උපාධියක් ගත්ත. දොළ දුක පිරි මහා ගන්න. ඒ හේතුව නිසාම මගේ කෙල්ලෝ දෙන්නටම කියල තියෙන්නේ උඹල කැමති ඕන දෙයක් කර පල්ල කියල.
ReplyDelete3 wana deshakayage kathawath kiyewwa.
ReplyDeletelabana aurudde A/L wibage thiyagena mama mehe blog post bala bala innawa
heh heh...