Friday, April 29, 2016

හාවාට මොකද උනේ ?

බ්ලොග් ලියන සහෝදරය, සහෝදරිය, අම්මේ, තාත්තේ , දුවේ, පුතේ. මීට සති කීපයකට පෙර මා විසින් ලියන ලද 'හාවාගේ කතාව' වාරණයකට ලක් වූ බව ඉතා වගකීමෙන් දැනුම් දෙමි . නිදහස උපරිමයකින් තියෙනවා යැයි කියන බ්ලොග් අවකාශයේ මා ලියු සටහනක් ඉවත් කර ගන්නට සිදු වුයේ පළමු වතාවටයි.  මේ තත්ත්වය පිලිබඳ  බ්ලොග් ලියන අප සියලු දෙනා අවදියෙන් සිටිය යුතුය . ලබ්බට තියාපු  අත පුහුලටද  තබන්නටද ඉඩ තිබෙන්නාක් මෙන්ම අද මට වූ දේ හෙට ඔබටද සිදු විය හැක.

මේ සියලු බලවේග පරදවා හාවාගේ කතාවේදී පොරොන්දු වූ පරිදී ' ගුණතිලකගේ මගවරුණ '( මේ නම යෝජනා කලේ නිර්මාණී තමයි ) කතා මාලාව සකස් කරගෙන යමි.

කෙසේ වුවද  මැරුණු හාවා කැබ් එකේ  දමාගෙන යද්දී කැබ්රිය පැන පැන ගිය කතාව බොහෝ දෙනෙක් විශ්වාස කළේ  නැත . ඒත් ඉයන් විසින් ලෝකයේ නොයෙක් රටවල මෙවැනි සිද්දි බර ගානක් සිදු වූ බවට සාක්කි ඉදිරිපත් කරාට පසුව  මගේ ප්‍රකාශය බොරුවක් බව මුලින්ම කියූ දේශකයාටද කට උත්තර නැති විය.
ඒත් දැන් හාවාත් නැත ඌ ගැන ලියූ පෝස්ට් හා කොමෙන්ටුත් නැත .

ඒ කතාවේ එන විදිහට වහනයට වැදුණු හාවාගේ මස් කෑම වැරැද්දක් බවත් මිනිස්සු වුවමනාවෙන්ම වාහනවලට සතුන් යට කර මස් කන්නට ඉඩ තිබෙන බවත් මා සමග තර්ක කරමින් ඒ කතාව මකා දමන්නැයි  මට කිව්වේ මගේ බ්ලොග් අඩවියේ චිත්‍ර ශිල්පිනිය වන ඔවිනීය. ඇය ඒ කතාව ඉවත් කරන තුරු දිගටම සටන් කළාය . පෝස්ටුව බ්ලොගයෙන් මකා දැම්මාට පසු ඇය බෙහෙවින් සතුටට පත් වී මට මෙසේ කිව්වේ පත්තරකාරියකගේ වෙස් ගනිමිනි.

'ඔයා ඔය බ්ලොග් ලිව්වට , පොත ලිව්වට කිසිම පත්තරේක ඉන්ටවිව් එකක් ගියේ නෑනේ. මම ඔයාව ඉන්ටවිව් කරන්නද' ?

මම එක පයින් එකඟ වීමි.

මෙන්න ඒ කතාබහ.

ඔවී - තාත්තා ජීවිතේ ගැන තෘප්තිමත්ද?

මම- ( හත්තිලව්වේ මෙච්චර බරපතල එව්වා අහයි කියල කව්ද හිතුවේ ) බොරු කියන්නේ මොකටද තව සටන් ටිකක් තියෙනවා කරන්න.

ඔවී- ඒ කියන්නේ තාත්තා තාමත් ජීවිතේ ගැන තෘප්තිමත් නෑ . ඒත් ඔයාට කිසි ප්‍රශ්නෙකුත් නෑ ?

මම: හරි හරි ඊළඟ පප්‍රස්නේ අහන්න

ඔවී : තාත්තා බ්ලොග් එකක් ලියන්නේ ඇයි ? 

මම: ඒ අනේ අක්කටයි ඔයාටයි කතන්දර කියල දෙන්න වෙලාවක් නැති උන හින්දනේ. අම්ම කෙනෙකුට කිරි එරෙනවා වගේ තාත්තා කෙනෙකුට කතන්දර උණනවා. ළමයින්ගෙන් ඈත්  වෙලා පිටරටක ඉන්න උනාම ඒ  කතන්දර ටික අපරාදේ. ඉතින් ලියල දැම්මම  ඉතිරි වෙනවා.

ඔවී: ඒත් අපි දෙන්න විතරක් නෙවෙයිනේ ඔයාගේ යාළුවො ගොඩ ඒ කතන්දර කියවනවානේ ?

මම: ඒ ගොල්ලෝ හැමෝම පොඩි ළමයි වෙලා ඉඳල තියෙනවනේ .අනික හැමෝම ළමයින්ට ආදරෙයිනෙ.  එකයි කතන්දර අහන්න කැමති

ඔවී: ඒ වුනාට ඔයා ලියන්නේ ළමා කතා නෙවෙයිනේ?

මම: ඒත් මම ලියනකොට අනිවාර්යයෙන්ම හිතනවා මේ කතාව කවුරුහරි ළමයෙක් කියවාවි කියල. එයාට සතුටක් දැනෙන්නත් එක්ක තමයි මම ලියන්නේ.

ඔවී: එතකොට ඔයාගේ  යාළුවොත් අපිත්  ඔයා ලියන කතන්දරවලට කැමති නැති උනොත් ඔයා දිගටම ලියනවද?

මම : එහෙම උනොත් ලියන්න හිතෙන එකක් නෑ

ඔවී : එතකොට අපි ඔක්කොම කැමතිනම් ඔයා කොච්චර කාලයක් බ්ලොග් එක ලියන්න බලාපොරොත්තු වෙනවද?

මම : ජීවත් වෙනකම් . සිහි කල්පනාව තියෙනකම්

ඔවී  : ඔයා කැමතිද ඔයාගේ ළමයි පිටරටක ඉගෙන ගන්නවානම්? 

මම : හ්ම්ම්ම් ඔව් හැබැයි ආපහු ලංකාවට එන්න ඕනි. ඔයා මොන රටේද ඉගෙන ගන්න කැමති?

ඔවී : ජපානේ . හැබැයි මම ලංකාවට ආපහු එයිද දන්නේ නෑ 

මම : ඔයා ලංකාවේ ඉන්න ආස නැත්තේ ඇයි?

ඔවී: මේ පරිසරේ  කවුරුවත් පිළිවෙලකට තියා ගන්නේ නෑ . 

මම : එතකොට ඔයා අපිව දාල දුර රටක පදිංචි වෙනවා ?

ඔවී: කවුද කිව්වේ ඔය දෙන්න දාල යනව අකියල. ඔය දෙන්නත් එක්ක  තමයි යන්නේ ?

මම : එතකොට අක්කා ?

ඔවී : එයා ලංකාවේ ඉන්න ආසනේ. අපි නිතර එමු එයා බලන්න 

මම: ඒත් කවදාහරි ඔයාගේ මහත්තයා අකමැති වුනොත් අපිත් ඒ ගෙදරම ඉන්නවට?

ඔවී : එහෙමනම් මම බඳින්  නෑ . 

මම: (සීරියස් පිට ) මේ ඔය විකාර ඔලුවේ තියාගන්න එපා. රට දාල යන ඒවයි බඳින් නැති ඒවයි.

ඔවිනි : ( කේන්තියෙන්,) අනේ ඔයත් නියම ටිපිකල් තාත්තා කෙනෙක් තමයි. 

ඔවිනි තරහ වෙලා ගිය නිසා මේ සාකච්චාව මදකට නතර වුනේය. මේ විවේක කාලයේදී මම කල්පනා කරේ ඇය  කියන ඒවා බර පතලේට ගන්න ඕනි නෑ  කියලාය. ටික  කලක් ගෙවල් පේන්ට් කරන්නියක් වෙන්නට කැමැත්තෙන් සිටි ඔවිනි ඉන් පසුව ගෙඹි විශාරදයෙක් හෙවත් frogologist කෙනෙක් වෙන්නට කැමැත්තෙන් සිටියාය . කාලයක් නමට ඉස්සරහින් Fm ඔවිනි කියා ලියා ඇය කිව්වේ  Fm යන්නේ අදහස Farmer යන්න කෙටි කර යෙදෙන වෘත්තීය නමක් බවයි. ඒ කාලයේ ඇය සිතාගෙන සිටියේ ගෙවිලියක් වෙන්නටය.

ටික වෙලාවකට පසු ආයෙමත් ඔවිනිව ශේප් කර ගන්නට මට පුළුවන් වූ නිසා නැවත අපේ සාකච්චාව අරඹන්නට හැකි විය.
දැන් ප්‍රශ්න අහන්නේ මම.

මම : ඔයා මම ලියන ඒවාට කැමතිද?

ඔවී : මම අම්මගේ ලැප්ටොප් එකෙන් ඔයාගේ බ්ලොග් එක නිතරම බලනවා. පොතනම් හැමදාම අරන් චුට්ටක් කියවනවා. ඒක කියවපු වාර ගැන කියන්න බෑ .

මම : ඔයා  තිලකසිත  පොතේ දෙවන කොටස පළ කරනවාට කැමතිද?

ඔවී: අපෝ තව ගොඩක් කතා ලියන්න ඕනි. පළවෙනි පොත ලිව්වට පස්සේ ඔයා කතා බොහොම ටිකයි ලියල තියෙන්නේ . ඒක නිසා දැන්ම දෙවන කොටස ගහන්න එපා

මම : ඒ වුනාට අලුත්  කතා පණහකට වැඩිය තියෙනවනේ 

ඔවී:  ඒවයෙන් තෝරාගන්න කතා තියෙනවද? ඔයා ලස්සනට ලිව්වේ පළවෙනි අවුරුද්දෙනේ. ඒවායේ තෝරන්න දෙයක් නෑ . දයාබර මාරේ වගේ කතාවකට ගහන්න කතාවක් ඔයා මෑත කාලේ ලියලම නෑ .

මම : (තරමක් වික්ෂිප්තව) . ඔයා මම ගිය අවුරුදේ ලියපු සිල්වියාගේ තාත්තා ගැන මොකද කියන්නේ ?

ඔවී : අනේ ඒ කතාව මම කියවලා නෑ

මම : ඉතින් ඔයා හරියට කියවන්නේ නැතිවනේ  අලුත් කතා හොඳ නෑ කියන්නේ ?

ඔවී : ඒ කතාව ඇර අනික් කතා ඔක්කොම මම කියවලා තියෙනවා.

මම : එතකොට 'අටවිසි මහල' පොත ඉවරකරන්නත් එපා කියලද ඔයා කියන්නේ 

ඔවී : ඔව් දැන්ම එපා

මම . ඒ ඇයි ?

ඔවී : අනේ තාත්තේ මට ඒකට කවරයක් අඳින්න තේරෙන් නෑ . ඒ හින්ද පොත දැන්ම ලියන්න එපා

****
ඔන්න ඔහොමයි මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ' ඔයා බත් කෑවද ' කියා මගෙන් ඇසූ ඔවිනි දැන් හිතන විදිහ

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

66 comments:

  1. හැක්.. හැක්.. මාර බරපතල ප්‍රශ්න ටිකකටනෙ තිලකෙ මැදිවෙලා තියෙන්නෙ.
    මේ පරිසරේ කවුරුවත් පිළිවෙලට තියාගන්නෙ නෑ කියල ඔක්කොමල රට ගියොත් මොකද වෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. පිලිවෙලකට තියාගන්න පුලුවන් වෙනවා

      Delete
    2. හෙහ් අඩු ගානේ මේ රටයි පරිසරෙයි පිළිවෙලක් කර ගන්නකම් හරි කට්ටිය රටින් පිටමන් වෙලා ඉන්නවනම් හරි

      Delete
    3. පරිසරේ පිලිවෙලකට තියාගන්න පුලුවන් වෙන්නේ, ඉන්න මිනිස්සුන්ගේ ඔළු පිලිවෙලක් කරොත් තමයි.

      Delete
  2. මම වගේ සිල්වියාගේ තාත්තා කථාවත් ඔයා බත් කෑවද කථාවත් නොකියවපු අය ඉන්නවනම් ඒවා කියවන්න. බොහොම සංවේදී අනර්ඝ කථා දෙකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්. මම සාමාන්‍යයෙන් කතාවක් ලියන්න සෑහෙන වෙලා ගන්නවා . ඒත් ඔය කියන කතා දෙක බොහොම කෙටි වෙලාවකින් ලියවිච්ච ඒවා

      Delete
  3. මග වරුණ ලියවෙනවා කියුව එකට සතුටුයි තිලක සිත. සුභ පැතුම්...

    ආ ඒකයි වාරණේ.. හරිම අපූරුයි මේ පොස්ටුව.. කාලේ වෙනස් වෙන ඉක්මන නේද???

    ReplyDelete
    Replies
    1. නිර්මානී කතා එකතුවේ නම යෝජනා කරාට පස්සේ ' මග වරුණ' ලියන උනන්දුව වැඩි උනා. තැන්කිව්

      Delete
    2. welcome..

      මං තිලකසිතත් ගත්තා.. ටිකක් කියෙව්වා.. ඔක්කොම නම් තාම ඉවර කලේ නෑ.. ඒ පොතත් අපූරුයි.. රසවත්..

      Delete
    3. පොත කියවලා ඉවරවෙලා දැනෙන අවංක අදහස් කියන්න නිර්මාණී

      Delete
  4. 'අටවිසි මහල' කවදද?

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ අපි ආයේ හමු වෙනවා ප්‍රා

      Delete
  5. එහෙනම් හාවට එකයි වුනේ.මම හිතුවා ගුණතිලක ඒ හවාවත් අරන් ගියා කියලා.
    නියම ඉන්ටවිව් එක තිලකේ අයියේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ. තැන්කිව් මල්ලි

      Delete
  6. ලියන්න ඕනෙ මොනවද කියල තේරුම් ගන්න අමාරුකමටද කොහෙද පෝස්ටුව උඩට යටට තුන් හතර පාරක් එහෙ මෙහෙ කරා.....ඇත්තටම අයියෙ හාවාට මොකද වුණේ

    ReplyDelete
    Replies
    1. හාවා කැබ් එකට හැප්පුනා. ඊට පස්සේ .. ( අප්පෝ ආයේ ඒ ගැන ලියන්නේ නෑ )

      Delete
  7. හරිම ආදරණීයයි.
    මේ ටික ඔවිනි දෝණිට..
    තාත්තගෙ පෝස්ට් මකනවාට වඩා දෝණිගෙ අදහසත් තව පෝස්ට් එකක් විදිහට (මේ වගේ) දැම්ම නම් තවත් වටිනවා.එතකොට දෙන්නගෙම අදහස් තියෙනවානෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් GL . ඇත්තටම අපට කරන්න තිබුනේ පෝස්ට් එක මකන්නේ නැතිව ඒකට පිළිතුරු පෝස්ට් එකක් ලියන එක

      Delete
  8. ඔන්න දවසකටවත් දුව ලා... නියමයි.. ඔවිනිට සුභ උපන්දිනයක් කිව්වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු

      Delete
  9. සුභ උපන්දිනයක් ඔවිනි (මම හිතන විදිහට නංගි)

    ReplyDelete
    Replies
    1. චුට්ටං බබා එමුකෝ බලන්ඩ වඩාගන්ඩ

      Delete
    2. ස්තුතියි රසික

      Delete
  10. මචං. මේ ප්‍රශ්ණෙට උත්තර දීපං. උඹේ බ්ලොග ගෙදර අය කියවන නිසා ලියන්න හිතලත් අදිමදි කරන නොලියා ඉන්න පෝස්ට් උඹට නැද්ද? මට නම් තියෙනවා.

    ඒක තමයි උඹේ බ්ලොගේ ක්වොලිටියේ රහස නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං මේ ලියන්නේ තෝරා බේරා ගත් දේවල්. ගෙදර අය කියවන නිසාම මම නොලියන කතා තියෙනවා තමයි . එහෙම නොවුනත් මමනම් පුද්ගලිකව කැමති ස්වයන් වාරණයක් එක්ක වගකීමකින් ලියන්න .

      Delete
    2. ගෙදෙරට එකයි පිටට එකයි කියලා දෙකක් ලිව්වා නම් හරි.

      Delete
  11. කාලෙකට පස්සෙ ආවෙ. සිල්වියාගෙ තාත්තට මං ගොඩක් කැමතියි. මං ඉස්සෙල්ලම බ්ලොග් පෝස්ට් එකක් කියලා කියෙව්වෙ ඔබතුමාගෙ " මල් බාල්දිය". ඔබතුමාගෙ පෝස්ටු තමයි මටත් අකුරු දෙක තුනක් අමුණන්න මඟපෙන්නුවෙ.

    මරු ඉන්ටවිව් එක!

    අපි ටික ටික ලොකුවෙනකොට අම්මලා තාත්තලා ටික ටික වයසට යනවා.... ස්තූතියි ඔබතුමාට හැමදෙයක්ම වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මෙතු මම නිසා ලියන්න පොඩි හරි අනුබලයක් ලැබුනානම් . 'මල් බාල්දිය' මමත් කැමතිම පොස්ටුවක් . ජය !

      Delete
  12. අපේ තාත්තයි මායි වගෙ ඩබලක් නොවැ..

    මේ තාත්තගෙයි මගෙයි පිස්සු ක්‍රියා ගැන මං ලියූ සටහනක්..
    http://wehimandarama.blogspot.com/2016/04/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ . ඔය ඩබලගේ කතාවත් කියෙව්වා. හරිම ලෙන්ගතු බැඳීමක්

      Delete
  13. පවුලේ ය රස විඳින බ්ලොග් එකක් වීම බොහොම ලොකු වාසනාවක්. ඔවිනි කියන නමේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක . ඔවිනි කියන නමේ තේරුම ' උසස් රස වින්දනයක් ඇති තැනැත්තිය'

      Delete
  14. තිලකෙ අයියව ඔවිනි මුලින් ඉන්ටවිව් කරල. කතාවෙ මැදක් යනකොට තිලකෙ අයිය ඔවිනිව ඉන්ටවිව් කරනව. ආයෙ ඉන්ටවල් එකෙන් පස්සෙ තිලකෙ අයිය ඔවිනිව ඉන්ටවිව් කරනව. දැන් මේක දාන්න වෙන්නෙ සංස්කරනය කරලා එක්කො තිලකෙ අක්ක නැත්නම් ඔවිනිගෙ අක්කා ඉන්ටවිව් කරා කියල තමා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කසුන් . මේක සංස්කරණය නොකර පත්තරේකට එහෙම දැම්මනම් වස වැරැද්දයි වෙන්නේ

      Delete
  15. මචං තිලකේ ඔය ක්‍රමන්ත්‍රණ වලින් උඹගේ ලේඛණ දිවියට කණකොකා හඩන්න පුලුවන්.. හාවට තබපු අතට විරෝධය පළකරමු. හැක්..

    ඩුඩ් කිව්ව වගේ ස්වයං වාරණයක් නිතැතින්ම ඇති උනාම ඒකේ කොලිටියක් තියෙනවා. ඩුඩ් නොකියා කියන්නේ ඌටත් ඒ සෛතේමයි කියලයි. ඩුඩ්ගේ අධිරාජයවාදි බාසා බ්ලොග් එකේ මං දාපු කමෙන්ට් එකක් ඩුඩ් එක පාරක් මැකුවා.. හේතුව “අනේ බං සොරි මට ඒක මකන්න උනා. මොකද මගේ දරුවොත් මේක බලනවා“ කියලා.. හැක් හැක්.. මං දැම්මේ තනිකරම කුණුහරුපයක්.. දෛවඥයා බොරු කරහං. පොත් දෙක තුනක්ම ලියහං..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් . ඔයවගේ කුමන්ත්‍රණ හා බලවේගවලට මම යටත් වෙන් .. ( පස්සේ කතා කරමු කවුරුහරි මේ පැත්තට එනවා )
      //ඩුඩ් කිව්ව වගේ ස්වයං වාරණයක් නිතැතින්ම ඇති උනාම ඒකේ කොලිටියක් තියෙනවා.//එකඟයි

      Delete
  16. ලිපිය අයින් කිරීම නම් විහිළුවක්.
    මිනිසුන් ඇඳන් උඩ දී මැරෙනවා කියලා ඇඳන් අයින් කිරීම වගේ.

    ඇයට සුභ උපන් දිනයක් සහ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි රසික. GL යෝජනා කරා වගේ මට තිබ්බේ ඒ පෝස්ට් එක මකන්නේ නැතිව ඔවිනිගේ පිළිතුරු පෝසට් එක ලියන්නයි

      Delete
  17. හප්පේ සෑහෙන බරපතල ප්‍රශ්ණ ටිකක්නේ අහලා තියෙන්නේ...

    ඔවිනි බබෝ.... තාත්තගේ 'අටවිසි මහල' පොත ඉවර කරන්න ඉක්මනට චිත්‍රයක් ඇඳලා දෙන්නකෝ.. :)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් තුෂානි . මේ ප්‍රශ්න ඔක්කොම තියාගෙන කොහොම පොත ලියල ඉවර කරන්නද මන්ද

      Delete
  18. මම නම් ලිපිය ඉවත් කිරීමට එකඟ නෑ. තිලකෙ ලිව්වෙ ඇත්ත කතාවක්නේ. ඔවිනිට යතාර්තය අවබෝධ කර දෙන්න ට්ව දුරටත් සංවාදයේ යෙදිය යුතුයි කියන් එකයි මගේ නම් අදහස. මොකෝ තිලකෙ හාවා කාලා ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඇත්ත ලිව්වම කොහෙත් ප්‍රශ්න. ඉස්සරහට මේ වගේ දේවල් ඔවිනිට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි .

      Delete
  19. දරුවන්ට දෙමව්පියන්ව ප්‍රශ්න කිරීමේ පුරුද්ද අපි වගේ රටවල්වල හරිම අඩුයි. ඒක හරිම අපරාධයක්. තාම ලමයි පොඩි නිසා ලිපිය අහක ගියා. ඔවුන් තවත් වැඩිමල්ව සිටියා නම් ඔය ගැටලුව මතුවෙන්නේ නැහැනේ නේද?

    ReplyDelete
    Replies
    1. අරූ සෑහෙන කාලෙකින් මේ පැත්තේ . දකින්නත් සතුටුයි.
      අපේ ළමයින්ගේ වැඩිහිටියන්ව ප්‍රශ්ණ කරනගතිය අඩුයි තමයි. වයසින් වැඩෙද්දී මේ ගුණය තිබ්බත් නැති වෙලා යනවා. දිගට කතා කරන්න ඕනි ටොපික් එකක්

      Delete
  20. නියම ඉන්ටවිව් එක........ සුන්දර ජනමාධ්‍යෙව්දිනයකට තමා අහුවෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ. ඇත්ත කියනවනම් එයා පළවෙනි ප්‍රශ්නේ අහද්දී මට උත්තර නැති උනා . හේතුව ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරෝත්තු නොවුණු එක . ස්තුතියි කුරුටු

      Delete
  21. Wow.. hrim shoi interviws dekak uncle..
    Nangila kiyawana eka nwawattuwot uncle kta kyn ekat nawattuwot man wge pattaka indn ew kywl stutu wena anit duwala?

    Nangat subama suba upandinyak..


    A/l paper ekk wge.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. ඔවිනි ඔය විහිලුනේ කරන්නේ . ඔයාලා වෙනුවෙන් මම දිගටම ලියනවා. (AL තරම් ලේසි නෑ මේ ප්‍රශ්ණ D)

      Delete
  22. තව පොතක් ඒ කියන්නෙ මග එනවා..... තව ඉස්සරහට තිලකට සෑහෙන බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි වගේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ වගේ බරපතල ප්‍රශ්න මැදින් ජීවිතේ ගලාගෙන යනවා . මේ අවුරුද්ද අන්තිමට දකුණුකුරු දිවයින පැත්තේ එන්නයි සැළසුම, තිසරලා බලන්න . අලුත් පොතත් ඇන්න එන්නම් .

      Delete
  23. නියමයි, තාත්තා කෙනෙකුයි දුවෙකුයි මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක්, මටත් ලැබුණු හොදම ජිවිත පාඩම් ලැබුනේ මගේ තාත්තා එක්ක මේ වගේ එකට එකක් නොදෙවෙනි ප්‍රශ්නෝත්තර තරග වලින්,මෙ දේ ලංකාවේ නිතර දකින්න නොලැබෙන එක හරිම අපරාදයක්. ලමයිනට නොසගවා ප්‍රශ්න කරන්න, තේරෙන විදිහට වයසට අනුව යථාර්තය පහදලා දීම දෙවම්පියෝ අතින් කෙරෙනවා නම් බොහෝ දරුවන් දැනුමෙන් සන්නද්ධ කරන්න පුළුවන් කාටත් නොදෙවිනි වෙන්න.. ඔවිනිට තව අවු 2 කින් සැහෙන අවබෝධයක් ලැබෙන එක නම් සහතිකයි...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී. සුන්දර හීන දකින්නට විතරක් නෙවෙයි ඒවා හැබෑ කර ගන්නටත් ඔබට හැකි වේවා !

      Delete
  24. සුන්දර ලියවිල්ලක්. තිලකට ඉන්නෙ හුරතල් දෝණියන්ද කෙනෙක්නෙ. අහල තියෙන ප්‍රශ්න වලින්නම් පේන්නෙ පණ්ඩිත ආතම්මෙක් වගේ. ඔවිනි නමේ තේරුමට හරියාවි දූ ඔයාගෙ රසවත් ලිපි දිගට කියවද්දි.
    ලින්කුවෙන් අමුණල තියෙන අනිත් ලිපි ටික කියවලම එන්නම්කො.

    ප.ලි.:
    අටං අයියෙ අපෙ රසිකයගෙ වයස හොයල කියන්ටකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලේ පාට හීන . අපි කැමති කෙසෙල් දළු පාට , ලා නිල් පාට හීන බලන්න . අනික්වාත් බලලම එන්නකෝ එහෙනම්. ජය !

      Delete
  25. මට මතක් වුනේ මමයි තාත්තයි අතරේ වෙච්ච පොඩි සිද්දියක්, මට අවුරුදු 17-18 කාලේදී මම නිරුවත් ගෑනු රුවක් තියෙන (ඒ කියන්නේ කිසිම දෙයක් නොපෙනෙන්න වකුටු වෙලා වගේ ඉන්න ගෑනු රුපයක් ඇන්දා, මම දැකපු චිත්‍රයක් බලාගෙන... ඕක මම බිත්තියේ ගහගෙන ඉන්නකොට තාත්තා ඇවිල්ල කිව්වා මට ඒක ගලවන්න කියල.. මම ඇහුවා ඇයි ඒ.. ඒක ලස්සනයි නේ කියල.. තාත්තා කිව්වා ඕක ගලවන්න කියල.. මට කේන්ති ගිහින් මම එක ගැලෙව්වා.. හැබැයි තද වෙච්ච පාර මම තාත්තගේ කබඩ් එකක ගහල තිබ්බ මොකක් හරි ඔය චාර්ට් එකකුත් ඉරල දැම්ම... ඒ සිද්දිය එතනින් ඉවර වුණා..


    දැන් අවුරුදු 3-4කට කලින් මට ඕක මතක් වුණා..මට පස්සේ හිතුනා මම ඉලංදාරියෙක් වෙලා කියන දේ පිළිගන්න තාත්තට ඒ දවස් වලත් බැරි වෙන්න ඇති කියල...ඕක මතක් වෙලා ඇස් වලට කඳුළු ආවා...

    තිලක් අයියා කරලා තියෙන්නේ එකේ අනිත් පැත්ත.. හෙහ් හෙහ් හරිම පුදුමයි... !

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙන් සෑහෙන දෙක කියවෙනවා මල්ලි. අපේ තාත්තලා කවදත් හිතන්නේ අපි අවුරුදු දහයට අඩු දරුවෝ කියල . මේක අපිටත් වෙනවා ඉස්සරහට

      Delete
  26. ovini ඔයාගේ මේ කතා හරිම හුරුබුහුටියි සුන්දරයි. දරුවන් වෙනුවෙන් මේ තරම් කැපවෙන ඔබටත් බොහෝ තුති අයියේ !

    ReplyDelete
    Replies
    1. නංගී මම මේ කරන්නේ ඔයාලා වගේ යහපත් සුන්දර යාලුවන් අතරට අපේ දරුවන් හඳුන්වලා දෙන එක. එතකොට ඒ ගොල්ලන්ගේ අනාගතේ සෑහෙන දුරකට සුරක්ෂිතයි කියල මට හිතෙනවා

      Delete
  27. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ඔවිනිට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැති තුමනි

      Delete
  28. මව්බිමේ ඉන්ටවීව් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ආ මේ වගේ වෙන කොහේ හරි ඉන්ටවිව් යනවද?. මම හිටියා ලොවෙත් නෑ කියල හෙහ්

      Delete
  29. ෂා නියම ඉන්ටවිව් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතියි ලලිත්

      Delete