Wednesday, May 4, 2016

මන්ජිකාගේ ඇමතුම

ජංගම දුරකතන හොයා ගත්තට පස්සේ පෙම්වතුන්ට මල් මල් කාලයක් උදා උනා.  ඒත් ඒ උපකරණෙ නිසා වඩ වඩාත් අසරණ උනේ කසාද බැඳපු පිරිමි. ඔවුන්ට බොහෝ විට ප්‍රියම්බිකාවගෙන් කෝල් එන්නේ වැඩ ඇරලා ගෙදර එන ගමන් . තමන්ගේම බයිසිකලෙන් හරි වාහනෙන් හරි එනවනම් අනුමානයක් නෑ මෙන්න මේ වගේ  සුන්දර වැකි තමයි විඩෙන් විඩේ ඇහෙන්නේ .

'දැන් කොහෙද ඉන්නේ ? තව කොච්චර වෙලා යයිද  එන්න ? ඇයි දෙයියනේ ඔච්චර පරක්කු?'.
'අර මාකොළ මාළු කඩේ හොඳ සාලයෝ තිබ්බොත් පන්සීයක් ගේන්ටකෝ'
'ආ දොලසත පොත් කඩේ පහු උනාද ?අනේ පොඩ්ඩි ඉල්ලනවා බ්‍රිස්ටල් බෝඩ් දෙකකුයි නිල් පාට සව් කරදාසියකුයි'.
'දිස්පැන්සරියෙන් නොම්මරයක් අරන් එන්න .ලොකූට සනීප නෑ'

මේ විදිහට වාහනේ එලවාගෙන මහා  පාරේ යන ගමනුත් අසරණ සුවාමි පුරුෂයන්ට දිගින්  දිගට ස්ට්‍රෙස් සහගත දුරකථන ඇමතුම්  ලැබෙන එක ජාත්‍යන්තර තලයේත් නොවිසඳුණු ගැටළුවක් .

කාලයක් ප්‍රංශ ජාතික එමිල් අපිත් එක්ක ලංකාවේ ව්‍යාපෘතියක වැඩ කළා . කන්තෝරුව කොළඹ . වැඩබිම් තිබ්බේ  මුත්තුර්වල

එමිලුයි මමයි සතියකට දෙකකට සැරයක් කොලඹ  ඉඳන් මුත්තුර් යනවා.

ඔන්න පිටත් වෙච්ච වෙලේ ඉඳන් පැය බාගෙන් බාගෙට මිනිහට ප්‍රංශයේ  ඉන්න බිරින්දෑගෙන්  කෝල් එනවා. ඇයත් කීප සැරයක් ලංකාවට ඇවිල්ල තියෙන නිසා ඔය කොළඹ  මුත්තුර් පාරේ ගම්  නියම්ගම්  සෑහෙන ප්‍රමාණයක් දන්නවා.

එමිල් නෝනගෙන්  එන අමතුම් වලට පිළිතුරු ලෙස වරින්වර  මග සටහන් කියනවා. 'දැන් කැළණි පාලම පහු වුනා. මේ නිට්ටඹුව. දැන් අපි වරකාපොල , ඔන්න ඉස්සරහ හම්බ වෙන්නේ කුරුණෑගල ' .

මැල්සිරිපුර හරියේ එක්තරා ලොතරැයි කුඩුවක් ලඟින් යනකොට එමිල් ගෙදරට අනිවාර්යයෙන් කෝල් එකක් ගන්නවා. ඊට පස්සෙ හයියෙන් හිනා වෙනවා මුණ රතු වෙනතුරු.

එමිල් සහ බිරිඳ  දවසක් හවස මුත්තුර් වල ඉඳන් කොලඹ  එනකොට මැල්සිරිපුර  කිට්ටුවදී පිටුපස්සෙන් සයිරන් පිඹගෙන ඇම්බියුලන්ස් එකක් ඇවිත් . එමිල් රියදුරාට සැර දාලා .

'අයින් කරන්න අයින් කරන්න. ඔය ලෙඩෙක් ගෙනියන වහනයක් '

ඔන්න ඊට පස්සේ එමිල්ලා ටික  දුරක් එනකොට ඒ ඇම්බියුලන්ස් එක මේ  ලොතරැයි කුඩුව ලඟ නවත්තලා තිබිලා . ඩ්‍රයිවර් බැහැලා ස්වීප් ටිකට් තෝරනවාලු.

එදා ඉඳන් තමයි ඒ ලොතරැයි කූඩුව ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත් වුනේ.

අපි උදේ තේ බොන්න නවත්තන්නේ දඹුල්ලේ තිබ්බ ප්‍රසිද්ද රෙස්ටෝරන්ට් එකක.   ඒ කිට්ටුවට යනකොට එමිල්ට ගෙදරින් කෝල් එකක් එනවා .කන්න ඕනි මොනවද කියල උපදෙස් දෙනවලු . ගෙදරින් මොනා කිව්වත්  මගෙත් එක්ක ගිය හැම වතාවකම උදේ කෑමට එමිල් ඉල්ලා ගත්තේ  කිරිබත් කෑලි දෙකක් . මාළු හොදි පොඩිත්තක්  තවරාගෙන අතින්ම කිරිබත් කන ගමන් එමිල් කියන සුපුරුදු විහිළුවක් තියෙනවා.

'මේ කිරිබටී.  මම මේගොල්ලන්ගේ රටට ගිහින් තියෙනවා'.
ඒ  කියන්නේ පැසිපික් සාගරේ තියෙන කිරිබටි දුපත් රාජ්‍යය ගැන. 1979(ස්තුතියි රවී)වෙනකන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ ඒ රටේ එමිල් කාලයක්  වැඩ කරලා තියනව.
******
ඔන්න මම දවසක් මේ දේශේ ඈත සයිට් එකකට යන්න ඕනි වෙලා ටැක්සියක් ගන්න හිතුවා.
ගෙයින් එලියට බහිනකොටම දන්නා කෙනෙක් වගේ ඇවිත් පොඩි කාරයක් නැවැත්තුවා .
' මම සදාම්. මහත්තයා හයර්  එකක් යන්නද?' රියදුරා ඇහුවේ හින්දියෙන්.
'මට  අහවල් දිහාට යන්න ඕනි මෙතන ඉඳන් ගොඩක් දුරයි. යන්න පුලුවන්ද? ගාන කීයද  ? '
මම ඇහුවා
'වෙන ටැක්සිවලට දෙන ගාන දෙන්න කමක් නෑ'  ඔහු කිව්වා

යන්න පිටත් වුන වෙලේ ඉඳන් සදාම්ටත්  විනාඩි පහෙන් පහට කෝල් එනවා . කන්කරච්චලේ බෑ  .මිනිහ හින්දියෙන් උත්තර දෙනවා .බොහොම සන්සුන්ව.

ඒක්  කස්ටමර් මන්ජිකා , බොහොත් දුර්  සයිට් මන්ජිකා  . අබී ආජායේ . ටී කේ. ටී කේ මන්ජිකා

මම කුකුසෙන් වගේ බලනකොට සදාම් මෙහෙම  කියනවා.

‘අපේ නෝනා තමයි මන්ජිකා. එයා අදත් කලින් ඇහැරිලා’

'දැන් හත හමාරයි. මොන කලින්ද ?  මම තනියම හිතුවත් වැඩි විස්තර අහන්න ගියේ  නෑ . ඒත් සදාම්ම කතාව පටන් ගත්තා.

'අපේ නෝනා නිදා ගන්නේ පාන්දර දෙකට'

එච්චර වෙලා  මක් කරනවද ?
මගේ කටෙන් ප්‍රශ්නේ මටත් නොදැනීම එලියට පැන්නා.

සැරෙන් සැරේ එන කෝල්වලට උත්තර දෙන අතරේ තමයි සදාම් මහා දිග හෑල්ලක් කියන්න තියා ගත්තේ.

'නෝනයි මමයි  වැඩ කරන්නේ එකම තැන .ශිෆ්ට් දෙකක.  මම හවස පහ පාන්දර පහ. නෝනා හවස තුන  පාන්දර එක' .

'මම හැමදාම වැඩ ඇරිලා එනකොට නෝනා නිදි. මම ඇවිත් මුණ කට හොද ගන්නවා. ඉන්න බෑ පාලුයි .නෝනා ඇහැරෙනකන්  මම වාහනේ අරගෙන යනවා පොඩි හයර්  ටිකක් .අමතර ආදායමක් හොයන්න . නෝනා අට හමාරට නැගිටලා උදේට උයනවා. මම හයර්  ඉවර කරලා කඩෙන් මදි පාඩු ටිකකුත් අරන් ගෙදර යනවා. ඊට පස්සේ තමයි දවසේ එකම පැය අපි දෙන්නට  කාලා බීලා සතුටින් ඉන්න ලැබෙන'.
ඔහු කිව්වේ මනමාල හිනාවක් මුණේ තවරගෙන. ඔහු ආයේ කියවනවා.

'උදේ දහයේ ඉඳන් හවස දෙක වෙනකන් විතරයි මම නිදා ගන්නේ. ඊට පස්සේ නෝනා වැඩට අරලවලා ආපහු ඇවිත් වාහන හයර් එකක් යනවා. පහට වැඩට යනවා'.

'නෝනා උදේ අට හමාරටනේ  නැගිටිනවා කිව්වේ . දැන් කොහොමද හත හමාරේ ඉඳන් කෝල් කරන්නේ?' මම ඇහුවා.

'මේ දවස්වල එයාට බබෙක් ලැබෙන්න ඉන්නවා. පලවෙනි බබා නිසා වෙන්නැති සමහර දවස්වලට නින්ද යන්නේ බොහොම චුට්ටයි. ඉතිං  ඇහැරිච්ච වෙලාවේ ඉඳන් මට බේරිල්ලක් නෑ ' . ඔහු ඒක කිව්වෙත් ආඩම්බරෙන්

'ඉතින් මේ කාලේ සදාම් උදේට කොහෙවත් නොයා හිටියම හරිනේ'.

'පිස්සුද මහත්තයෝ මේ හයර් යන එකේ ආදායමත්  ඕනිමයි.  අපි දෙන්නගේ පඩිවලින් විතරක් ජීවත් වෙන්න බෑනේ. අනික බබාටත් වියදම් හොයල තියන්න ඕනිනේ '.

'අපිට නිවාඩු යන්න ගියත් රටවල් දෙකකට යන්න වෙනවා. මම බංග්ලාදේශ්  . එයා ඉන්දියාවේ. අවුරුද්දට සැරයක්වත්  ඉන්දියාවටත් යන්න ඕනි අපේ රටට  යන්නත්  ඕනි. ඒ ගමන් දෙක ගියාම ඉතිරි කරපු සේරම ඉවරයි . ආයේ ඇවිත් මේ සටන දෙන්න ඕනි' .
'
'දැන් ඔය දෙන්න කවද හරි ළමයත් අරන් යන්නේ ඔය දෙකින් මොන රටටද ?

අපේ මිත්‍රයා මගේ ප්‍රශේනේ නිසා කලබල වෙලා වාහනේ වේගය සෑහෙන්න අඩු කළා.

බොහොම බරපතල විදිහට මගේ දිහා බැලුවා

' දන්නේ නෑ මහත්තයෝ  '

මට එක පාරටම මතක් වුනේ කාලෙකට ඉස්සර බලපු 'පාරදිගේ' ෆිල්ම් එකේ අන්තිම දෙබස  .

'චන්දරේ අපි කොහෙද යන්නේ?'

'දන්නේ නෑ'

(Image: iihs.org)

81 comments:

  1. වෙනදා වගේම හරිම සාර්ථකයි උඹේ ලියමන. හිතන්න යමක් ඉතිරි කරලා. අවසාන කරපු විඳිහට මම හරිම කැමතියි. උඹට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං . අපිට හම්බවෙන ගොඩක් මිනිස්සු ළඟ මේ වගේ ජීවිත කතන්දර ඇති

      Delete
  2. / ඒ  කියන්නේ පැසිපික් සාගරේ තියෙන කිරිබටි දුපත් රාජ්‍යය ගැන. 1997 වෙනකන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ ඒ රටේ එමිල් කාලයක්  වැඩ කරලා තියනව. /

    කිරිබටි නිදහස් රටක් වුන දවස්වල ඔය නම පත්තරවල එහෙම බොහොම ප්‍රසිද්ද වුනා. එතකොට මම ඉස්කෝලෙ යනව කියල මතකයි. ඒ හින්ද ආයම පොඩ්ඩක් හොයල බැලුව.

    තිලක්…. කිරිබටි නිදහස් වෙලා තියෙන්නෙ 1997 නෙවෙයි 1979 දි.

    ඔය වගේම තවත් ඔපරා ගායිකාවක් ඉන්නව නවසීලන්ත ජාතික. එහෙ මුල් පදිංචිකාර මඕරි සම්භවයක් සහිත ඇයගෙ නම "කිරි තේ කනවා"

    / මට එක පාරටම මතක් වුනේ කාලෙකට ඉස්සර බලපු 'පාරදිගේ' ෆිල්ම් එකේ අන්තිම දෙබස  . /

    / 'චන්දරේ අපි කොහෙද යන්නේ?' /

    / 'දන්නේ නෑ' /

    " අපි කොහෙටවත් නැති පරම්පරාවක්..අපිට මුල් නෑ..ඒත් දළු දානව…"

    එකත් පාරදිගේම තමයි.....:)

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Kiri_Te_Kanawa

      Delete
    2. රවී,
      අපිත් හරියට එඬරු දඬු වගේ කියල කතාවකුත් ඒ දෙබසේ තිබ්බ වගේ මතකයි.කොච්චර කාලයක්ද මදැයි මෙහෙමවත් මතක හිටියා.

      Delete
    3. Helapa,

      එඬරු දඬු ගැන කියවෙන්නෙ අහස් ගව්වෙ කියලයි මට මතක මචං..:)

      Delete
    4. තැන්කිව් රවී . වරද නිවැරදි කළා . තැන්කිව් ප්‍රා.
      රවී හා හැලප දෙන්නාම මට මතක් වුනා 'පාර දිගේ' චිත්‍රපටිය ගැන ලියනකොට. ඒ ගැන මතක තියෙන දෙයක් ලියාවි කියල හිතුන

      Delete
    5. කිරිබටි දූපතෙන් බොක්සින් ක්‍රීඩිකාවක් ආවා 2014 කොමන්වෙල්ත් ගේම්ස් වලට මෙහේ. ඒක ඒ රටෙන් ආපු පලවෙනි අවස්තාව. ඒ ටිකේම ටීවී එකේ ප්‍රෝග්‍රෑම්ස් කිරිබටි ගැන. හරිම ආසයි බලන්න. ඒ කෙල්ල ගැනත් හරියට ඩොකියුමෙන්ට්‍රිස් ගියා. රසවත් කතා තිබුනා ඒවගේ.

      Delete
  3. ඔවිනි ට සතුටු හිතෙයි අද.

    ReplyDelete
    Replies
    1. ඔව්! . ඔවිනිට සෙනසුරාදා තමයි මේක කියවන්න ලැබෙන්නේ

      Delete
  4. ඔන්න මම එක.

    අර වගේ ප්‍රශ්ණයක් ස්‍ට්‍රෙස් එකේ ඉන්න මනුස්සයෙකුගෙන් අහන්න ඕනි ප්‍රශ්ණයක්ද අර ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. බලන්න මේ දෙතුන් දෙනෙක් පෝලිම කඩාගෙන පැනලානේ. නැත්නම් ඔයා එක .
      ඇත්තටම සදාම්ට ගෙදරින් කොච්චර කතා කරත් ස්ට්‍රෙස් එකක් තිබ්බේ නෑ . අන්තිමට මගේ ප්‍රශ්නෙන් තමයි මිනිහ ස්ට්‍රෙස් උනේ . හෙහ් හේ

      Delete
  5. ඔය රටේ සංක්‍රමණ ප්‍රතිපත්තිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පිට රැටියන් දිගකලක් මෙහෙ ඉන්නේ ජොබ් වීසා හා බිස්නස් වීසා වලින් විතරයි. රස්සාව නැති වුනොත් මෙහෙ ඉන්න බෑ

      Delete
  6. එක අතකින් රටවල් දෙකක දෙන්නෙක් කසාද බැන්ද කියලා වෙනසකුත් නෑ නේද ? ලෝකයේ කොහෙත් බිරින්දෑවරු එක විදිහයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සුරංග. අනික ලෝකේ මොන රටකට ගිහිල්ලාවත් මේ ප්‍රශ්නේ නැති කර ගන්න බෑනේ

      Delete
    2. //එක අතකින් රටවල් දෙකක දෙන්නෙක් කසාද බැන්ද කියලා වෙනසකුත් නෑ නේද ? ලෝකයේ කොහෙත් බිරින්දෑවරු එක විදිහයි.//

      එකම ප්‍රොෙසසර් එක, එකම OS එක, රැම් එකම මොඩල් එක, වයරිං ටිකත් එකමයි
      පොඩි හෝ වෙනසකට කියල තියෙන්නෙ හවුසිං එකේ ටයිප් එකයි කලර් එකයි විතරයි

      Delete
  7. වෙලාවකට ඔය ටෙලිපොන් එක පුදුම වදයක්... සයිලන්ට් කරලා පැත්තකට දාල ඉන්න එක පුරුද්දක් වෙලා.(නරකයි තමයි.) ඒ නිසාම සෑහෙන පිරිසක් අමනාපත් වෙලා තියෙනවා..මූලස්ථාන කෝල් නම් විනාඩි පහක් විතර බැණුම් ඇහුවම හරියනවනෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //වෙලාවකට ඔය ටෙලිපොන් එක පුදුම වදයක්... සයිලන්ට් කරලා පැත්තකට දාල ඉන්න එක පුරුද්දක් වෙලා// ඔය් කිව්වට මටනං කෝල් එකක් එනනැතිකොටත් මොකක්ද මොකක්ද වගේ හෙහ් . ජය වේවා !

      Delete
    2. හ්ම්ම් එහෙමත් එකක් තියෙනවා.කතා කරන්න තියෙන මාතෘකාවත් එක්කත් ලොකුවටම බද්ධවෙනව ඕක.

      Delete
  8. Hamadama wge lassanama lassanai...

    Thank u uncle..

    Khom unt uncle phone thibbe nattan mt winadykt wat me patte enna wena ekak na.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ දුව ෆෝන් එකේ හොඳ පැත්තකුත් තියෙනවා . ජය වේවා !

      Delete
  9. වෙනද වගේම හරිම අපූරුයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි . මේකත් මග වරුණ වර්ගයේ කතාවක් . 'පාර දිගේ නේ .

      Delete
  10. රියදුරා ගැන දුක හිතුණ. ජීවිත වල නොකියන කතා....

    ගිලන් රථනම් එහෙමම තමයි. ලෙඩා අරන් යනවට වඩා වේගෙයි, සයිරන් එකයි ලෙඩා දාල ආපහු යද්දි. හැක් හැක්.

    කිරිබටී ගැන දැනගත්තෙ එමිල්ගෙ පිහිටෙන් තමයි ඔන්න.

    ReplyDelete
    Replies
    1. කිරි බටී විතරක් නෙවෙයි කිරිටිමැටි කියල දුපතකුත් තියෙනවා. ඔය රවී ලියල තියෙන්නේ කිරි තේ කන්නා ගැන

      Delete
  11. තිලකේ අයියා දෝහා වල ඉඳන් ඇවිත් දියතලාවේ යද්දී කොහොමද? ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඒකත් ඔය සේතේම තමයි . ගොඩක් වෙලාවට කෝල් දෙන්නේ අම්මාගෙන්. කන්න කැමති ජාති අහල .

      Delete
  12. ඔය හේතුව උඩ තමයි මේ පෙම්වතුන් අතරේ උපත් පාලන පෙත්ත සියල්ලටම වඩා ජනප්‍රිය....

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයේ අතුරු පල

      Delete
  13. වඩාත් අසරණ උනේ කසාද බැඳපු පිරිමි. ඔවුන්ට බොහෝ විට ප්‍රියම්බිකාවගෙන් කෝල් එන්නේ වැඩ ඇරලා ගෙදර එන ගමන් . තමන්ගේම බයිසිකලෙන් හරි වාහනෙන් හරි එනවනම් අනුමානයක් නෑ මෙන්න මේ වගේ සුන්දර වැකි තමයි විඩෙන් විඩේ ඇහෙන්නේ//

    ඒකට අපට! වැඩට ගිහිල්ල ඇවිල්ල තේවතුර එකක් එහෙම බීල ටීවී එක ලඟ වාඩිවෙනකොටම කියනව,
    "මට කියන්න අමතකවුනානෙ...... පුතාට රූල් නැති පොත් දෙකක් ගේන්න කියල ටීච කිව්ව"

    ReplyDelete
    Replies
    1. මටත් ඔයිට හපන් දේවල් වෙලා තියෙනවා. සමහර දවස්වලට හිතෙනවා මගම ඉන්න එක හොඳයි කියල

      Delete
    2. රාජ්,
      කොහොමද ඕකම රෑට ඇදේදි මතක් කරද්දි ?

      Delete
  14. බැක් ඉන් ෆෙෘ්ම් තිලකේ..

    ReplyDelete
    Replies
    1. තැන්කියු දේශ් . ඉන්ස්පයරින් කොමෙන්ට්

      Delete
  15. මිනිස්සු බොහොමයක් ජීවිතයට මුහුණ දෙන්නේ එදිනෙදා පවතින තත්වයන් පදනම් කරගෙනයි. අද ලෝකය අපිවහදගස්වාන්නෙත් කෙටිකාලීන සැලසුම් වලටමද මන්දා.

    ඉන්දියානු පාකිස්ථානු ජීවිත අරගලය ගැන බලන්න මෙන්න මේ චිත්‍රපටිය අගෙයි.

    https://en.wikipedia.org/wiki/Refugee_(2000_film)

    ReplyDelete
    Replies
    1. මේකත් බලන්න ඕනි. ස්තුතියි විචාරක. අපේ හිතේ කොච්චර දිග කාලීන සැලසුම් තිබ්බත් සමහර කාලවලදී ඉස්සරහ නොහිතා කෙටි කාලීන ප්ලෑන් වලින් ජීවත් වෙන්න වෙනවා

      Delete
  16. ලෝකේ කොහෙත් ගෑණු එකයි. :) කතාව අවසන් වෙච්චි විදිය හරිම ප්‍රබලයි.. ජය!

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙත් එකයි , බදුල්ලෙත් එකයි හෙහ් . තැන්කිව් කමී

      Delete
  17. හින්දි දන්නවා නං මැද පෙරදිග කිසි ප්‍රශ්නයක් නෑ.මට හින්දි බෑනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉද්දි හතර අතින් ඇහිලා මටනම් ටිකක් තේරෙනවා හැලපේ . ඒත් මේක තව භාෂාවක් ඉගෙන ගන්න අපට තියෙන හොඳ අවස්තාවක් කියල මම තේරුම් ගත්තේ පස්සේ

      Delete
  18. මන්ජිකා කියද්දි මතක් වුණේ.. මන්ජි ද මවුන්ටන් මෑන් හින්දි පිච්චර් එක.
    තමන්නෙ වයිෆ්ට බබා හම්බෙන්න යද්දි පාර අස්පට්හින්ද වයිෆ් මැරෙනව අතරමග. තමන්ට වුණ දේ වෙන අයට නොවේවා කියල මන්ජි අර ගල් කන්ද කඩනව. අවුරුද ගාණක් තනියෙන් ගල් කන්ද එක්ක ඔට්ටු වෙන ඔහු බොහොම අඩත්තේට්ටම් බාධා මැද පාර හදනව. තනියම.
    ඇත්ත කතාවක්...
    Family is everything ... right..???

    ReplyDelete
    Replies
    1. //Family is everything//මගේ බ්ලොගයේ තේමාව .
      අර චිත්‍රපටය ගැන තොරතුරටත් ස්තුතියි මහේෂ්

      Delete
  19. සදාම් විතරක් නෙමේ අපි ගොඩක් දෙනාත් යන්නේ කොහෙද නොදැන ගමන් කරන අයනේ තිලකේ අයියා.මිනිස්සුන්ගේ ජිවිත වල කොයි තරම් ඉලක්ක තියෙනවාද ?යන තැන නොදැන හිටියත් සදාම්ලාටත් ඒ වගේ ඉලක්ක ඇති ජිවිතේ.

    ReplyDelete
    Replies
    1. සදාම්ල දැන් හොඳින් ඉන්නේ මෙහෙ තරමක හොඳ ආදායමක් තියෙන නිසා. ඒත් ඔය රටවල් දෙකින් කොයිකට ගියත් අලුතින් ජීවිතේ පටන් ගන්න මේ දෙන්නටම අමාරුයි. යම්කිසි වියදම් රටාවකට ඒගොල්ලෝ හුරු වෙලා නිසා. මේ අපට වෙලා තියෙන්නෙත් ඒකයි

      Delete
  20. මාකොළින් පටන් අරන් පාරදිගේ ඇවිත් පාරදිගෙන්ම ඉවරකරා නේද? රසවත් සටහනක්. විජයගේ හොඳම රඟපෑම මටනම් පාරදිගෙ චිත්‍රපටියේ කියලා හිතෙනවා.

    තිලකේ අපි කොහෙද යන්නේ?????????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ

      //තිලකේ අපි කොහෙද යන්නේ?????????// 'දන්නේ නෑ අරූ'
      ( යන්නේ කොහෙද කියල හරියටම දන්නේ නැතිව යන එකෙත් පොඩි ගතියක් තියෙනවා )

      Delete
  21. වසන්තයේ මල් පිපෙනවා කදිමයි

    ReplyDelete
    Replies
    1. දහසක් මල් පිපේවා !
      ස්තුතියි

      Delete
  22. දෙවියනේ මේ හින්දා වෙන්න ඇති අපේ අම්මා කොයිතරම් ඇවටිලි කලත් තාත්තා ජංගමයක් ගත්තේ නැත්තෙ .

    ReplyDelete
    Replies
    1. මෙතුගෙ තාත්තා නුවණක්කාරයා එහෙනම්

      Delete
  23. තිලක මහත්තයා පොතකුත් මුද්‍රණය කරලා ඉවර උනාට මම තාම මේ බ්ලොග් එකේ කියවන දෙවෙනි ලිපියයි මේ. පලවෙනි එක හා අනතුර. අර කාර් එක පැන පැන ගියේ.

    අපි තරමක ඉලන්දාරි කාලේ බ්ලොග් තිබුනේ නෑ. පත්තර විතරයි. ඒ කාලෙත් මම මේ වගේ ලිපි කියවන්න හරිම කැමතියි. ඒත් මෙහෙම ලිපි තියෙන්නේ කලාතුරකින්.

    දැන් කතාවට ආවොත් ඉස්සර මම හතරහාමාරට පහට කොල් එනවට කැමතිම නෑ. ඇයි අර ජාත්‍යන්තර ප්‍රස්නෙ නිසා. ඒ උනාට මගේ යාලුවෙක් ඉන්නවා. වැඩ අහවර වෙලා එයාම ගෙදර ට කතාකරලා ගේන්න ඕන එවා අහන.

    ඇම්බියුලන්ස් කතාවනම් ඊට වෙනස්. මගේ යාලුවෙක් කිව්වා මිනිහගෙ දුවට හොඳටම අමාරු වෙලා ඇම්බියුලන්ස් එකේ අනිත් රෝහලට ගෙනියද්දි රියදුරා මගින් නතර කරලා හොඳ කිරි හට්ටි තෝරනවලු. ආපහු එද්දි රෑ වුනොත් ගන්න විදිහක් නෑ කියලා. එකත් එකටම මිනිහටත් ඔය ජාත්‍යන්තර ඇමතුම ඇවිල්ලා ඇති.....!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බුද්දිගේ පෝස්ට් මම මූණුපොතෙන් කියවලා තියෙනවා. දැන් බ්ලොග් එකත් කියවන්න පටන් ගත්තා. අර ' ඇස්බැන්දුම' කතාව මරු .

      Delete
  24. බලාගෙන ගියාම හාමිනාල, මෝබයිල් ෆොන් කරදර ජාත්‍යන්තර ප්‍රශ්නයක් වගෙයි.
    සදාම්ට හම්බවෙන්න ඉන්න ළමය තීරණය කරයි යන්න ඕන රට.

    ReplyDelete
    Replies
    1. ඒ ළමයනම් මේ රටේම ඉන්න තමයි වැඩිපුර කැමති වෙන්නේ . ඒත් හැමදේම අවිනිශ්චිතයි

      Delete
    2. ගෑනියෙක් ගද්දි බන්ඩල් වෙලා බයි ඩිෆෝල්ට් ලැබෙන කරදර ටිකක් තියනව. හැන්දෑවට එන කෝල් ඔයිං එක ජාතියක් විතරයි

      Delete
    3. @ඕනෙ ඇයි හද්දෙයියනේ මේ වගේ බය හිතෙන කතා කියන්නෙ?

      Delete
    4. @ගස් ලබ්බ
      සමහර ස්භාවික විපත් තියනව බං කිසිම විදියකිං ගැලවීමක් නැති

      Delete
  25. කරදරයක් වෙන වෙලාවල් නැතුව නෙවෙයි ඒත් නිතර ඒ කතාබහ කරලා තොරතුරු හුවමාරු කරගන්න එක ශක්තිමත් බැඳීමකට බොහොම වටිනවා කියලයි මට නම් හිතෙන්නේ..

    පෝස්ට් එකම එක හුස්මෙට කියවගෙන ගියා...

    ReplyDelete
    Replies
    1. ඔව් තුෂානි . ගෙදරින් කෝල් නැත්නම් ගෙදරට සරින් සැරේ කෝල් කරන්නෙත් ඔය බැඳීම නිසා නෙන්නම්

      Delete
  26. යුනිවර්සල් වයිෆ් සින්ඩ්‍රෝම් තමා බලාගෙන ගිහාම

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ නම අගෙයි නාඩි

      Delete
  27. 'චන්දරේ අපි කොහෙද යන්නේ?'
    'දන්නේ නෑ..."
    "අපි හරියට විසිකරල දාපු එරඬු දඬු වගේ. දලු දානව. ඒත් මුල් නෑ."

    ReplyDelete
    Replies
    1. පොල් කිච්චා හා පොල් කිච්චී තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා. ලස්සන බ්ලොග් එකක් පටන් අරගෙන වග දැක්කා. සතුටුයි .
      මේ දෙබස් ටිකට අර එඬරු දඬු කතාවත් එකතු වුනාම ලොකු සමාජ කතන්දරයක් කියවෙනවා

      Delete
  28. "අපි කොහෙද යන්නේ ?" කියන ප්‍රශ්නේ කාටත් පොදුයි වගේ අයියේ.... ඔය ඇම්බියුලන්ස් ගැන කියද්දී තව කතා කීපයක්ම මතක් වුනා. හැබැයි ඇත්තටම හදිසියක් නැතුව සයිරන් හඬවන්න තහනම්.... ඔහොම ඉස්සර කරගෙන ගිහින් බඩ ඉරිඟු කාපු ඇම්බියුලන්ස් ස්ටාෆ් එකක් ගැන ඒ දවස් වල ප්‍රසිද්ධ කතාවක් තිබුනා....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ පාරදිගේ චිත්‍රපටිය ඉවර කරලා තියෙන්නේ මේ ලෝකේ කාටත් ගැලපෙන ප්‍රශ්නෙකින් .
      ඇම්බියුලන්ස් එකක් යනකොට ඒක පස්සෙන් යන තවත් වාහන පෙරහැරක් හැදෙන එක මේ රටේදීත් මං දැකලා තියෙනවා .

      Delete
  29. ඔහොම තමයි නේද හැම තැනම... :)

    අර ළමයා ලොකු වුණාම එයාට කැමති රටකට යන්න කියමු..

    ReplyDelete
    Replies
    1. ඒ ළමයා ලොකු වුනාම එයා කැමති රටකට යන්න ලැබුනොත් ලොකු වාසනාවක් සිතූ . එයා ලොකු වෙනකන් අම්මටයි තාත්තටයි රස්සාව බේර ගන්න ලැබුනේ නැත්නම් තමයි අර්බුදේ පටන් ගන්නේ

      Delete
    2. ඉන්දියන්, බංගලි කසාදෙක දරුවන්ට යන්න ඉතුරුවෙන්නෙ හඳ විතරයි ගොඩක් වෙලාවට

      Delete
  30. මම නම් කොහේ ගියත් එන්න කලින් අහනවා එනකොට ගේන්න දේවල් තියෙනවා ද කියල මගදී එන කෝල් අඩුයි එතකොට.. පහු වෙද්දී කොහොම වෙයි ද දන්නේ නෑ දැනට එහෙමයි හෙහ් හෙහ්..

    අපි ඉතින් ඔහේ යනවා නේද..මරණය කරා..

    ReplyDelete
    Replies
    1. කලින් අහල ගමන පිටත් වුනත් වැඩක් නෑ නොවරදවාම මගදීත් මොනවා හරි මතක් වුනාම කෝල් එකක් දෙකක් හරි ලැබෙනවා හෙහ් හෙහ්

      Delete
  31. "අපි හරියට විසිකරල දාපු එරඬු දඬු වගේ. දලු දානව. ඒත් මුල් නෑ."
    ඒක තමයි ඇත්ත්. ඒත් හිතං ඉන්නෙ මුල් ඇදල,අල බැහැල කියලා.

    ReplyDelete
    Replies
    1. //ඒත් හිතං ඉන්නෙ මුල් ඇදල,අල බැහැල කියලා.//++++++

      Delete
  32. ඩ්‍රයිව් කරනකොට කෝල්ස් ගන්න එක නම් එච්චර බුද්ධිමත් වැඩක් නෙමෙයි නේද?

    අර රියදුරාගෙ කතාව අහලා ගොඩක් දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ රටේදී එහෙම අහු වුනොත් ලොකු දඩයක් කන්න වෙනවා. දැන් ගොඩක් දෙනෙක් කනේ ගැජට් එකක් ගහගෙන ඉන්නේ . මමනම් කියන්නේ මේ මොන ආකාරයේ කෝල් එකකින් වුනත් අවධානම බිඳෙනවා . අනතුරුදායකයි

      Delete
  33. කතාව කියෙවුව. දුකත් හිතුන බයත් හිතුණ. ලිවිමේ ක්‍රමය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති

      Delete
  34. අම්මෝ බං අර ටැක්සි කාරය ගත කරන ජීවිතේ ඇහුවම අපේ ජීවිතවල වරදක් නෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්බං . මිනිහගේ කතාව තරමක් විශේෂ එකක්

      Delete
  35. ඔය කොහෙද යන්නේ කියන එක රටවල් දෙකක දෙන්නෙක් බැන්දහම අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. මේ දවස් වල අපේ ගෙදර නිතර ඇහෙන ප්‍රශ්නයක් තමයි , ළමයි දෙන්න කුඩුවෙන් එලියට ගියහම අපි විශ්‍රම ගිහාම "කොහෙද යන්නේ " කියන එක. තිලකේ වදින්න ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. අජිත්ටනම් ඔය ප්‍රශ්නේ විසඳාගන්න එච්චර අපහසු නෑ. මොකද ඔය දෙකෙන් මොන රටට ගියත් සතුටින් ඉන්න පුළුවන්නේ. ස්තුතියි අජිත්

      Delete