මීට වසර කීපයකට පෙර බ්ලොග් ලියන්න පටන් ගත්තායින් පසු මා මෑතකදී ගත කළේ දීර්ඝතම බ්ලොග් නොලියා සිටීමේ කාලයයි. ඒ ගිය අවුරුද්දේ නොවැම්බර් 24 වැනිදා සිට අද එනම් පෙබරවරී 18 දක්වා මාස තුනකට ආසන්න කාලයයි.
මේ තෙමසක කාලයේ මගේ දින චරියාවේ සිදු වූ වෙනස්කම්, හඳුනාගත් අලුත් අලුත් පුද්ගලයන් හා මුහුණ දුන් වීචිත්‍ර සිදුවීම් මීට පෙර අවුරුදු තුනක් ඇතුලත මා ලැබූ එවැනි අත්දැකීම් සියල්ලට ප්‍රමාණාත්මකව සමාන බවක් මට දැනේ .
සිදුවූ එක් වෙනසක්නම් මා දවසකට තිස් හතලිස් වතාවක් ‘රහිමී රහිමී’ කියා අමතන ඇමතුම ‘හිල්මී හිල්මී’ කියා වෙනස් කරන්නට සිදු වීමය .
රහිමී කියන්නේ මැලේසියානු ජාතික තරුණ සැලසුම් ඉංජිනේරුවෙකි. ලංකාවේ මුදලින් රුපියල් බිලියන තුන්සීයක් වැයකොට ඉදිකරන අධිවේගී මාර්ගයක මගේ සහයක ඉංජිනේරුවකු වශයෙන් ඔහු පත් වුනේ 2013 අවුරුද්දේය. එතැන් පටන් රස්සාව නිසා මගේ ඔලුව අවුල් වී හෝ ගිනිගෙන තිබිය යුතු අවස්ථාවල මම කුල් පිට ඊළඟ සැලසුම් ගැන හිතුවේ රහිමිගේ පිහිට නිසාය . ඔහු මට ඕනෑම වාර්තාවක් හෝ වගුවක් සුළු උපදෙස් කීපයකින් පසු මා බලාපොරෝත්තු වූවාටත් වඩා හොඳින් පිළියෙළ කර දුන්නේය. එවැනි දෙයක් යලි වුවමනා වන්නේ කවදාදැයි ඉවෙන් මෙන් අනුමාන කළ රහිමී මා කියන්නත් කලින් ඒවා ලක ලැස්ති කළේය.
හවස් වී මා නවාතැනට පැමිණි පසු පොත් කියවන්නත් බ්ලොග් ලියන්නත් පරිසරය සැකසු සුවිශේෂ මිතුරෙක් සිටියේය. ඔහු මෙන්ඩිස්ය. වරලත් සිවිල් ඉංජිනේරුවෙක් වූ මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කටාර් ශාකාවේ සබාපතිවරයාද විය. 2014 අවුරුද්දේ අග සිට එකම චමරියේ මා සමග උයාගෙන කන්නට පටන්ගත් මෙන්ඩිස් මා උයන ඒවායේ මෙලෝ රහක් නැති බව වටහාගෙන මා නැගිටින්නට කලින් උදේ පාන්දර තුනට හොර රහසේ අවදි වී තුන්වේලටම ඇති වන්න බත් මාළු පිනි උයා තබා ඇවිදින්නට ගියේය . මා නැගිට ඔහු පිසූ පාතරාසය වළඳා දවල් බත් එකත් බැඳගෙන වැඩට ගියෙමි . ජීවිතේ නිස්කලංකව ගෙවුණි.
ඉතින් එවැනි කාලයක බ්ලොග් කියවන්නත් බ්ලොග් ලියන්නත් නිදහස ලැබීම අහන්නත් දෙයක්ද?. ජීවිතේට බ්ලොග් හො පොත් කියවන්නේ නැති මේ දෙදෙනා ගැන පොත් දෙකක්ම වුනත් ලියන්නට කරුණු මා ගාව එක්කාසු වී තිබේ .
මා ඊළඟට ලියන පොතේ තමන් ගැනත් ලියන්නයි මට කී මිතුරු මිතුරියන් අතර මා කටාර් රටේ සේවය නිමවා ලංකාවට එන ආරංචියට සමුගැනීමේ සාද පැවැත්වූ රටවල් කීපයකම මිතුරු මිතුරියෝ වෙති. සිංහල කියවන්නට බැරි වුනත් ඔවුහූ වැඩි දෙනෙක් මා බ්ලොග් ලියන බවත් පොත් ලියන්නට සිතා සිටින බවත් දැනගෙන සිටියෝය. ඔවුන් අතර අපේ සමාගමේ කාර්යාල සහකාර ලෙස කලවංචිකුඩි සිට කටාර්ගි ගිය ජෙයකුමාර්ද සිටියේය. ඔහු මගෙන් දිනයක් වෙන් කරවාගෙන මට දිවා බෝජන සංග්‍රහයක් පිළියෙළ කළේය.
ජෙයකුමාර්ගේ හොඳම මිතුරා ඉංජිනේරු රහිමිය. ඔවුන් දෙදෙනා එකට කෑම ගත්තෝය. හොඳ වැටුපක් ලබන රහිමි ඇනවුම් කොට ගෙන්වා ගන්නා බත් පාර්සලය ජයකුමාර් සමග බෙදාගෙන කන හැටි මම බොහෝ වාරයක් දැක ඇත.
වසර පහකට ආසන්න මගේ කටාර් ජීවිතය රසවත් වුයේ එහිදී හමු වූ රහිමි, මෙන්ඩිස්, ජෙයකුමාර්, සුසන්ත, ෂෙරීන් , එෆි , ඩෙනිස්, වහීඩ් , ලොයිඩ් ,ඩෙනිස් හා මාක්ස් ඇතුළු මිතුරු මිතුරියන් නිසාත් මාසයකට වතාවක් මට ගෙදර ඇවිත් යන්නට නිවාඩුත් ගුවන් ටිකට් වියදමුත් සැපයු අපේ සමාගමත් නිසාය . බොරු පොරොන්දු නොවේ ඔවුන් ගැන වෙන වෙනම ලියන්නට මම අදිටන් කරගෙන සිටිමි .
ඉතින් දැන් මම ගෙදර ඉඳන් වැඩට යමි . ගෙදර ඇවිත් මාසයක් නිදහසේ ඉන්නට මට ඉඩක් ලැබුනේ නැත. තවත් අධිවේගී මාර්ගයක වැඩට යන්ට සිද්ද වෙලාය. මගේ කන්තෝරුවේ සේවයට පැමිණි පළමු සහයක නිලධාරියා හිල්මිය . මම ඔහුගෙන් මෙවැනි ඉලලීමක් කලෙමි.
මම ඔබට ටික කලක් යනතුරු හිල්මී නොකියා රහිමී කියා කතා කරන්නද ?
ඔහු ඊට එකඟ වුන නිසා මට ආයෙමත් බ්ලොග් ලියන්නට පුළුවන් කාලයක් උදා වෙමින් තිබේ .
වරලත් ඉංජිනේරුවෙක්ව තමන්ගේ කෝකියා හැටියට පාවිච්චි කර්පු කෙනෙක්ගේ බ්ලොග් එකක් කියවනවා කියන්නෙත් පට්ට ආඩම්බර හිතෙන් වැඩක්..
ReplyDeleteඔව් මමත් අවුරුදු දෙකක් පට්ට ආඩම්බර වෙලා හිටියේ
Deleteගොඩ කාලෙකින්... අපි ඒත් බැලුවා මොකද කාලෙකින් පෝස්ටුවක් නැත්තේ කියලා...
ReplyDeleteඒ මාස තුනේ අද්දැකීමුත් බෙදාගමු...
හොඳයි හොඳයි නිර්මාණි අපි ලියමු
DeleteThank u uncle.
ReplyDeleteAren't u going to write anything about Feb 15th..?
Anyway,thank u..
welcome duwa.
DeleteOf course I have to write a lot on Feb 15th. This is only an ice breaker post
සතුටුයි කාරනා කිහිපයක් ගැනම. 1. ගෙදර සිට වැඩට යන්න ලැබිම. 2. නැවත බ්ලොග් ලිවිම 3. අදීවේගේ වැඩට ඇයන්න ලැබිම.. අපි ලන්කවේ සිටි කාල්යේ මුන ගැහෙන්න තරම් වෙලාවක් නොලැබිම ගැන විතරයි කනගාටුව...ජය්වේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි හැබැයි තුන්වන කාරනාව ගැන මම ඒ හැටි සතුටු වුනේ නෑ මුලින්. මකොද මට ඕනි වුනේ මාස තුන හතරක් නිදහසේ ඉන්න. එදා එයාර්පෝට් යන ගමන් හරි මට කෝල් නොකරපු එක ගැනනම් මම අමනාපයි . තිස්සත් නොකියම ඇවිත් නොකියම ගිහින් . දෙන්නම අල්ල ගන්න මම ඔය පැත්තේ එනවා
Deleteමේ පැත්තේ එන බව අහන්න සතුටුයි. එයාපෝර්ට් එන ගමන තනිකරම ආතතියෙන් පිරුණා මේ පාර ( පැය පහකට කලින් එන්න කියලා එහෙම තිබුණ නිසා ) අපේ සුරංගටත් ලොකු උවමනාවක් තිබුණා මාත් එක්කම ඒ පැත්තේ එන්න.. ළමයි , දරුපවුල් සමග ලංකාවේ එනවා කියන්නේ හැමදාම මොකක් හරි අලුත් තැනක් බලන්න යන්න තියෙනවා ( විශේෂයෙන් අපේ පුතාට ) ඔය අස්සේ දෙසැරයක් කොළඹ එනවා කියන එක සැහෙන්න අමාරු වැඩක් උනා. මම කි.මි 3000 වාහනය ධාවනය කරලා තිබුණා ඔය හිටපු කාලෙට .. ඊළඟ පාර අනිවාර්යෙන් එනවා... ඊට කලින් මෙහෙ එන්නකෝ..
Deleteමේ සටහන නිසා මට සිද්ධි දෙකක් මතක් උනා .
ReplyDelete1) පැරණි කාර්යාලයක සිටි කාකාස , මා කෙතරම් ඇමතුවද කිසි ම ප්‍රතිචාරයක් නොදැක්වුවේය . මා සිතුවේ ඔහුගේ මහන්තත්තකම නිසා කියාය . නමුත් ඒ , මා මිතුරන් මාව බයිට් එකට ගන්නට විජේසිරි වූ ඔහුගේ නම සුමනසිරි ලෙස හඳුන්වා දීම නිසා යයි තේරුම් යාමට ටික කලක් යාමට
2) ඔහොම කාර්යාල වලදී නම් මාරු වුනු අයෙකුට ගෙදර දී , උප්පැන්නේ නමට දුරකථන ඇමතුමක් ආ විට ඒ ඔහුට යයි මදකට අමතක වුවා ලු
ඇත්තටම JP මටත් ඕකම උනා මම හිල්මිට රහිමි කියල දවසක් දෙකක් කතා කළා මිනිහා මගේ දිහා හැරිලාවත් නොබලපු නිසා තමයි මම අර ඉල්ලීම කරේ.
Deleteනිස්මී කියමින් සිටි කාලයක් තිබුණා ද?
ReplyDeleteනිස්මී කියන නම හැම පැත්තෙන්ම ඇසෙමින් තිබ්බ කාලෙක හිටියා
Deleteදැන් ලංකාවෙද....සද්ද නැතිව ඇවිත් වගේ...සාදරයෙන් පිළිගනිමි.
ReplyDeleteසද්ද කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ආ ගමන් වැඩට යන්න උනා .කොළඹ ඉඳන් පැය දෙකක් දුර. දවසක හමුවෙමු
Deleteලියන්න ලොකු අත්දැකීම් එකතුවක් ඇති නෙ...ලියන්න එහෙනම්
ReplyDeleteස්තුතියු . ටික ටික ලියන්නම්
Deleteලංකාවට ආවත් හරි තාවම දැක්කෙ නැහැනෙ...
ReplyDeleteඒකනේ. තරූලා ගමට පාරකුත් හදනවා අපි
Deleteඅඩේ ලංකාවට ආවද අයියා... දැන් ඊට වඩා රසවත් කාලයක් සහ කතන්දර ගොන්නක් ලියා ගත හැකි... දැන් උයන්න අක්කා ඉන්න නිසා.
ReplyDeleteඔව් ලංකාවට අවම රසවත් වෙලාවල් වැඩිපුර හම්බ වෙන නිසා ලියන්න වෙලාව අඩු වෙනවා .
Deleteතිලකේ....මම මේ වගේ සටහන්වලට කියන්නේ "තව දුරටත් හිතේ තදකරගෙන ඉන්න බැරි සටහන් "කියලා. තිලකේ ඒ වගේ එව්වා ලියනවා. ඒ දේවල් ලියන්න ඕන නිසා ලියන ඒවා නොවේ කියලයි මට හිතෙන්නේ. ඒවා ලියවෙන ඒවා. ඒකයි මේවා රස.
ReplyDeleteස්තුතියි අරූ. ලියන්න දේවල් ගොඩක් එකතු වෙමින් යනවා . කොහොම හරි ලියල දැම්මම සැහැල්ලුවක් දැනෙනවා
Deleteනොලියා හිටපු කාලයේ ලිව්වා කාලෙට වඩා ලියන්න අත්දැකීම් තියෙනවා වගේ.අවුරුදු පහක්ම රටින් පිට හිටියත් හොඳට ඉන්න පුළුවන් පරිසරයක් තිබීම ලියන්න රුකුලක් වුනා වගේ දැන් තියෙන පරිසරයත් ලියන්න රුකුල් දේවි කියලා හිතනවා.
ReplyDeleteමනෝජ්, මේ වෙනසත් එක්ක මට ආයෙමත් ලියන්න හිතුනේ මාස තුනකට පස්සේ . කොහොමත් ලංකාවේ ඉද්දි ටිකක් විවේකය අඩුයි.
Deleteහිල්මි ට කියන්න 'හීල් මී' කියල.. එතකොට ලියන්න වෙලාව හදා ගන්න පුළුවන්:) නෙලුම්යායෙදී හමුවෙමු. ජය!
ReplyDeleteතමා හිල් වූයේ විවාහයට පෙර ද, පසු ද ? කියලා ඇහුවලු...
Deleteහෙහ් හෙහ් :D
හෙහ් හෙහ් . කුරුන්ද රස විඳිමින් ..
Deleteලියන්න කියවන්න වෙලාවක් නැති කම බ්ලොග් ගුල්ලෙක් නිකං හිරේ දැම්මා වගේ වැඩක් නේද!
ReplyDeleteහෙහ් හේ 'බ්ලොග් ගුල්ලා' - අලුත් වචනයක්.
Deleteඋතුරෙද දකුණෙද..දෙපැත්තෙම හයිවේ හැදෙන නිසා ඇහුවේ...! එහෙම නැත්තං රුවන්පුරේද....?
ReplyDeleteවෙල්කම් බෑක් බොස්...!
අපි හමු වෙමු බොස් . මම ඉන්නේ වයඹ
Deleteහා.. වයඹ අපේ ඒරියල් එක නෙව.. වෙල්කම් වෙල්කම් වේවා..!
Deleteසියල්ල සතුටින් විසඳිලා නිසා සතුටින් ලියන්න.... අපි සතුටින් බලාගෙන ඉන්නෙ.
ReplyDeleteජයවේවා..!!
ජයවේවා ජයවේවා !
Deleteමාත් බැලුවා මොකෝ කියල. බුකියේ පින්තූර වලින් හිතුවේ නිවාඩුවක ට ගිහින් කියල. ආශා ලංකාවේ හිටිය ගිය සුමානේ හමුවුණාද ?
ReplyDeleteනිවාඩු ගමන් බිමන් ටිකකුත් ගියා අජිත් . ඒත් වැඩිපුරම බිසී වුනේ ස්ථාන මාරුවත් එක්ක . ආශා අපේ ගෙදර ඇත්තන්ට මුණ ගැසුනා.
Deleteඇති යාන්තම්! ආයෙත් රසකතා ගොන්නක් අහන්නේ කවදාද කියලා බල බල හිටියේ..!
ReplyDeleteමම අදනේ දැක්කේ.. හරිම සන්තෝස හිතුනා!
Thank you uncle!!!😊😊😊
දුවටත් ස්තුතියි. ආයෙමත් වෙලාවක් ලැබුන හැටියේ ලියන්නම්
Delete