මම කලින් පෝස්ට් එකක කිව්වනේ අපි කසකස්තානේ ඉද්දි ව මාර පරිප්පුවක් කාලා පරිප්පු හොයාගත්තේ කියල. පරිප්පු හොයා ගත්තට මොකද මෙතන ඉන්න කිසිම කෙනෙක් පරිප්පු උයන්න දැනන් හිටියේ නෑ . ඉතින් අපි මොකද කලේ ? පරිප්පු උයන විදිහ කරලා පෙන්වන්නම් කියල අපි කුස්සිය පැත්තට යන්න ආවා.
හෝව් හෝව් හෝව් !
පළමු කොරිඩෝවෙන් එහාට එක අඩියක් තියන්න අපට ලැබුනේ නෑ . කුස්සියට කිසිම පිටස්තරයෙකුට එන්න අවසර නෑ. ඒ සඳහා දොස්තර නෝනාගෙන් විශේෂ බලපත්‍රයක් ගන්න ඕනි . කුස්සියට අඳින විශේෂ කබා හා හිස් වැසුම් පළඳින්න ඕනි .
මේ කෑම්ප් සයිට් එකේ හිටිය දොස්තරලා දෙන්නෙක්. එක්කෙනෙක් නෙවාසිකයන්ගෙ නිතිපතා කෙරෙන ප්‍රතිකාර, ප්‍රථමාධාර හා මාසික රෝග පරීක්ෂණ සඳහා කැපවුණා . අනිත් දොස්තර නෝනාගේ රාජකාරිය උනේ කුස්සියේ හා නේවාසිකාගාරවල සනීපාරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, රියදුරන්ගේ බීමත්කම වගේ දේවල් ගැන හොයන්න . මේ දෙවන දොස්තර නෝනා දවසකට වතාවක් සැම නෙවාසිකගාරයකටම ගොඩ වැදුනා. නිලධාරී නේවාසිකාගාර , කාන්තා නේවාසිකාගාර හා සේවක නේවාසිකාගාර වෙන වෙනම තිබ්බා . නේවාසිකයන් සඳහා උයන සෑම කෑම වේලක්ම දොස්තර නෝනාගේ පරීක්ෂාවට ලක් වුනා . ඒ විතරක්ද සතියේ වැඩ දිනවල උදේ හත වෙද්දී සැම රියදුරෙක්ම, යන්ත්‍රෝපකරණ ක්රියාකරුවෙක්ම මෙතුමියගේ කාර්යාලයට ගිහිල්ල බීමත්කම හොයන පරීක්ෂාවකට ලක් වෙන්න ඕනි . ඒ සහතිකේ නැත්නම් ගේට්ටුවේ ඉන්න මරුමුස් සේකුරිටි නිලධාරීන් ගෙන් කිසිම කෙනෙක්ට එලියට යන්න අවසර ලැබුනේ නෑ .
ඔන්න ඔයාකාරයෙන් කාර්ය බහුල දොස්තර නෝනා හමු වෙලා තමයි පරිප්පු උයන්න කුස්සියට යෑමේ අවසර ගන්න සිද්ද වුනේ . එයා මේක විහිලුවකට ගන්න උනත් තිබ්බා . කුස්සියේ පාලිකාව වුනු අයිනගුල් අපිත් එක්ක දොස්තර නෝනා මුණ ගැසෙන්න ආව. දොස්තර නෝනට අපේ පරිප්පු අමාරුව තේරුම් කරන්න ගොඩක්ම අමාරු වුනා. අවසානේ අපේ කන්කරචලෙන් බේරෙන බැරි තැන අවසරේ දුන්නේ කොන්දේසි දෙකක් පිට.
- කුස්සියේ සේවකයන් පාවිච්චි කරන හිස් වැසුම් හා කබා පළඳින්න ඕනේ
- පරිප්පු උයන වැඩේට පමණක් උපදෙස් දී විනාඩි විස්සක් ඇතුලත කුස්සියෙන් පිට වෙන්න ඕනි.
මේ කොන්දේසි දෙකටම යටත් වෙලා අපි කුස්සියට ගොඩ උනා . ඔය විදිහට සමන්ගේ උපදෙස් පිට එදා පරිප්පු වැන්ජනයක් පිළියෙළ කෙරුනා . වැඩේ ගොඩ. එදා සිට අපේ කෑම වේලේ අනිවාර්යයෙන්ම පරිප්පු හොද්දක් හරි තෙම්පරාදුවක් හරි තිබුබා, අපරාදේ කියන්න බෑ කුස්සි ටීම් එකත් දවසින් දවස අලංකාර එකතු කරමින් පරිප්පුවට සාධාරණය ඉටු කළා.
ඔය විදිහට සතුටින් ගෙවුණු කසකස්තාන් කෑම්ප් ජීවිතේ මට යලි මතක් වුනා මම ඊයේ පෙරේදා සමාගම් තුනක නිලධාරී හා සේවක නිවාස ඉදිවෙමින් යන අපුරුව දකිද්දී . මේ සම්බන්ධ වැඩ වගේකට මම කතා කළා චන්දරේට.
සමන් අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකක් පටන් ගද්දි ඒ එක්ක හිටි තරුණ ඉංජිනේරුවා චන්දරේ . එහෙත් වැඩබිම් කෑම්ප් එකක් තිබිලා තියෙනවා.
මේ කාලෙම අලුතින් වැඩට ආ ඉංජිනේරුවන් කිහිප දෙනෙකුටම නවතින්න කාමර වෙන්කරලා , ඇඳන් මේස දාලා හදල දීලා තියෙන්නේ ව්‍යාපෘතියේ කළමනාකරු වෙච්ච සමන්ගේ මැදිහත්වීමෙන් .
දවසක් සමන් සහ චන්දරේඅලුතින් හදන පාර බලන්න චාරිකාවක් යනකොට සමන් මෙහෙම කිව්වලු . ' මල්ලි උඹ ඔය සයිට් බාරව ඉන්න ඉංජිනේරුවන්ගේයි සුපර්වයිසර් ලගෙයි වැඩවල පිළිවෙල හා පිරිසිදුකම බලපන් ,හවසට අපි පොඩි වැඩක් කරන්න තියෙනවා'
ඒ කාලේ ෆෝන් කැමරා එහෙම නැති නිසා මේ විස්තර මතකයේ තමයි ඇඳගන්න වෙලා තියෙන්නේ . මෙහෙමයි උපුල් බලන පාලම ළඟ මිනිස්සු බුලත් කෙල ගහල ලී කෑලි විසුරුවලා , බත් ඔතපු කොළ, සිගරට් බීඩි කොට , නාස්ති කරපු සිමෙන්ති නිමක් නෑ . කමල්ගේ අතුරුපාර හදන සයිට් එකේ එක කුණු බින්දුවක් නෑ. පිරිසිදුයි පිළිවෙලයි. ඔය විදිහට එකිනෙකාගේ බාරයේ තියෙන උප වැඩබිම්වල වග විස්තර හිතේ තියාගෙන දෙන්නත්තෙක්ක ගිහිං තියෙන්නේ කෑම්ප් සයිට් එකට හෙවත් නිලධාරී නේවාසික කඳවුරට . ඒ වෙලේ කවුරුත්ගි ඉඳලා නෑ කෝකියා ඇරුනහම. බැලින්නම් අර සයිට් එකේ පිළිබිඹුවක් එතන තියෙනවලු.
උපුල්ගේ ඇඳේ රෙද්ද නමල නෑ . ඇඳේ පැත්තක පොත් , හෝදපු නැති ඇඳුම්. බිම සිගරට් කොට, කඩල ඇට. බීර මුඩි. බිම මාසෙකින් දෙකකින් අතුගාල නෑ .
කමල්ගේ ඇඳ ඇතිරිලි අලුතින් හෝදලා , නමල , පොත් පත්තර ලස්සනට අහුරලා පොඩි මේස කැල්ලක . කාමරේ එදා උදෙත් හොඳට අතුගාලා තියෙනවා. අනිත් ඇත්තන්ගේත් ඔහොමලු. සයිට් එක කොහොමද? කාමරේත් එහෙම්මලු.
පහුවදා උදේ සියලුම ඉන්ජෙනේරුවන් හා සුපර්වයිසර්වරුන් රැස් කරපු සමන් හොඳ දේශනාවක් දුන්නලු . ඉංජිනේරුවෙක් වෙනකොට තමන්ගේ ඉන්න හිටින තැන තියා ගන්න කවුරුවත් කියලා දෙන්න ඕනි නෑ . ඒත් උඹල මට බාර දුන්න නිසා මගේ පිළිවෙලට ඉන්න වෙනවා . කැමතිනම් හිටපල්ලා නැත්නම්ව වෙන රස්සාවක් හොයාගෙන පලයල්ලා කියල .
මට ඕනි පිළිවෙලක් තියෙන මිනිස්සු ටිකක් හදන්න . ඒ නිසා අපි කාමරේ ඉඳන් කොලිටි කොන්ට්‍රෝල් පටන් ගමු කියලත් කිව්වලු.
ඔච්චර පිළිවෙල ගැන හිතන සමන් මෙච්චර අපිළිවෙල මයේත් එක්කත් එක ගෙදර බෙදාගෙන කාලයක් හිටියනේ කියල මතකවෙනකොට පුදුමත් හිතෙනවා. කාගේවත් පර්සනැලිටියට වැඩිය බාධා කරන්න සමන් ගීයේ නෑ . අනික හදන්න බැරි දේ බෑම කියල මිනිහා දැනගෙන හිටියා .
මේ කෑම්ප් කතා බහ අතර තුර චන්දරේ මතක් කරා එන විසි අට වැනිදාට සමන්ගේ අවුරුද්දේ දානේ තියෙනවනේ කියල . ඔවුනේ සමන් ගීහිල්ලා අවුරුද්දයිනේ . දානේ ගෙදර යන්න සෙට් වෙන්න එපැයි. බන්දු, උපාලි, ගැමුණු , සුදත් , මාහිටි අපි සේරම එකම වහනෙක යන්නේ . අඩේ සමනුත් හිටියනම් මේ ගමන නියම ජොලි ට්‍රිප් එකක් වෙන්න ඉඩ තිබ්බා ,
Photo :caravanistan.com
Photo :caravanistan.com
This comment has been removed by the author.
ReplyDeleteඑදා ප්‍රතිචාරය ම අදත්:
ReplyDeleteඅකල් මරණ අහන්න ලැබීම දුකක්. ඔබේ මිතුරාගේ අභාවය පිළිබඳව මගේ කණගාටුව පිළිගන්න.
හැබැයි මේ කරුණු දෙක කිව යුතුයි.
1. හොඳ අය ඉක්මනට මැරෙනවාය කියන කතාව පදනමක් නැති මෝඩ කතාවක්. හොඳ අයත් ඉක්මනට මැරෙනවා. නරක මිනිස්සුත් ඉක්මනට මැරෙනවා. නමුත් අපට මතක ඉන්නේ, හිතට දැනෙන්නේ හොඳ අය ගැන පමණයි. මෙහි විලෝමය ද එසේමයි.
2. "පළමුව මව්බිම - දෙවෙනුව උපාධිය" යනු විශ්ව විද්‍යාල සිසුන් විසින් ලියන ලද උපරිමයට ම අමන මරි මෝඩ සටන් පාඨයයි. හොඳ වෙලාවට මම ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ හිටියේ නැත.
. හොඳ අය ඉක්මනට මැරෙනවාය කියන කතාව පදනමක් නැති මෝඩ කතාවක්///// ekanam athha eth ikmanin samugat honda minissu gananavak mama dannavaa
Deleteපුදුමයි. මටත් අද උදේ සමන් අය්යා ගැන මතක් වුණා . මෙන්න බලනකොට තිලකේ අය්යා මේ පොස්ට් එක දාලා. ඒ කියන්නේ අපේ අපේ ආටි ගිහිල්ලා අවුරුද්ද වෙන්නත් ලඟයි. අපි ඒ දෙන්නාටම සුභ ගමන් කියමු !!!
ReplyDeleteසමන් කලින් ගිහින් වගේ... කලින් ගියොත්, කලින් එන්න පුලුවන්...
ReplyDeleteThinking about Saman.
ReplyDeleteThere was a Daana at his home in Australia.
සමන් ගියා ....
ReplyDeleteඅපිත් යනවා දවසක
He has completed his job earlier. So, he left earlier. We are too late.
ReplyDeleteඔබේ මිතුරා ගේ වෙන්වීම ගැන බොහොම කනගාටුයි...
ReplyDeleteපරිප්පු උයන්ඩ දන්න කෙනාට කොහේ ගියත් වරදින්නේ නෑ තිලක.
ReplyDeleteදානෙට පරිප්පු තියෙයි නේ ද?
යාළුවාගේ නික්මීමි ගැන කණගාටුව.
ඔබේ මිතුරාගේ සමුගැනීම කණගාටුවට කරුණක්.
ReplyDeleteපරිප්පු කන්නත් මාර පරිප්පුවක්නෙ කාල තියෙන්නෙ.
හා හා... ඒකනම් ඇත්ත තමයි!
Deleteසමන් අංකල් වගේම යාලුවෙක් මටත් ඉන්නවා!
ReplyDeleteSaman uncle... may you attain nibbana!
Thankyou for the story Thilaka uncle!!!
තමන් ඉන්න තැන ලකේට තියා ගන්න බැරි උන් මටනං ඇලජික්!
ReplyDeleteකසකස්තානයේ වගේ මෙහෙ වැඩබිම් වලත් කෑම පිරිසිදුව ලැබෙනවාද ?
ReplyDeleteඅර දොස්තරව එක්කන් යන්න ඕනෙ චීන්නුන්ගෙ සයිට් ඔෆිස් එකකට.කාරලා කෙල ගහන්නෙත් ඉන්න තැනම බිත්තියට.. හම්මේ.... සනීපෙ.
ReplyDeleteලෙංගතු මතකයන් ඉතිරි කරන්න පුළුවන් ලෙංගතු මනුස්සයින්ටම පමණයි.
ජයවේවා..!!
ජීවිතය කියන්නේ මහා පුදුම ගබඩාවක් තිලකේ. නැති අයගේ අගය අපි නැතිවෙනකම්ම දැනෙයි.
ReplyDelete//ඉංජිනේරුවෙක් වෙනකොට තමන්ගේ ඉන්න හිටින තැන තියා ගන්න කවුරුවත් කියලා දෙන්න ඕනි නෑ . ඒත් උඹල මට බාර දුන්න නිසා මගේ පිළිවෙලට ඉන්න වෙනවා . කැමතිනම් හිටපල්ලා නැත්නම්ව වෙන රස්සාවක් හොයාගෙන පලයල්ලා// +++++++
ReplyDeleteමෙහෙම ප්‍රොජෙක්ට් මැනේජර් ලා වාසනාවන්!
ඔහුගේ අකාලයේ සමුගැනීම ගැන බලවත් ශෝකය! ඔහුට සුභ ගමන්!!!
ඔය නඩයේ සමන් ගැන මටත් දුක හිතුනා.ඔය විස්තරෙත් පරිප්පු ගැන කියලා තිබුනානේ. මම කලින් ලියපු blog එකක ලියපු පරිප්පු 'මස්' ගැන තිලක විමසුමක් කරලා තිබුනානේ. නරකද ඒ ගැන තව ටිකක් හොයලා බැලුවොත්?
ReplyDeleteසුබපැතුම්...!
ReplyDeleteසමහර දේවල් ගැන ඇති වෙන්නේ හරිම හිස් හැඟීමක්. දැනගෙන හිටි කෙනෙක්ගේ මරණයක් කියන්නෙත් ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් ගැන හිතට දැනෙන දෙය වචන විදිහට එළියට එන්නේ නැහැ. මේ සටහන පළ කළ වෙලාවෙම කියෙවුවත් කමෙන්ට් එකක් නොදැම්මේ ඒකයි.
ReplyDeleteඅදනම් ආවේ ඇගයීමට පාත්‍රවීම ගැන සුබ පතලා යන්නයි.