Source : telegraph.co.uk |
අද අපේ කණ්ඩායමේ හිටි ජපන් ජාතික උපදේශකවරයා කිහිපවිටක්ම 'ටුනලින්ජයි' කියන වචනය පාවිච්චි කළා . ටුනලින්ජයි මෙහෙම කිව්වා . ටුනලින්ජයි හදපු රිපෝර්ට් එක" වගේ ඒවා කියද්දී මම අපේ ඉංගිරිසි මිතුරාගෙන් ඒ කියන්නේ කුමක්දැයි ඇහුවා .
ඔය කියන්නේ ටනලින් ගයි කියන එක අපිත් එක්ක සිටි උමං ඉංජිනේරුවා හැඳින්වීමට එහෙම කියන බව මට වැටහුනා. බොහෝ ආසියාතුක උච්චරානවලදී ටනල් යන්න ටුනල් ලෙසත්, බල්ගේරියා යන්න බුල්ගේරියා ලෙසතු , ටර්කි යන්න තුර්කි ලෙසත් යොදනවා. අපිත් බොහෝවිට එහෙමයි. තුර්කි බසෙත් එහෙමයි . ටුනල් කියන්නේ උමගට. මේ වචන උඡ්ච්චාරන විදිහ නිසා ඉංග්‍රීසි බසෙන් කතාකරන කෙනෙක්ගේ වචනවලට වඩා ජපන් ජාතිකයන් සමග කරන කතා බහ තුර්කි ජාතිකයන්ට තෙර්නවා. ජපන් ඉංග්‍රීසි උච්චාරණය මට නොතේරුනාට තුර්කි ජාතිකයන්ට තේරෙනවා . මේ ප්‍රොජෙක්ට් එකේ කිලෝමීටර් බර ගානක් දුම්රිය උමං හදන්න තියෙන නිසා අපේ ටුනලින්ජයි වටිනා චරිතයක් . ලෝ පුරා උමං හැදීමේ තාක්ෂනය පුදුමාකාර විදිහට වැඩි දියුණුවෙලා තියෙනවා අද වෙනකොට.
2023 ඔක්තෝබර් 02
ලෝකේ ඕනිම වෙලාවක මිනිස්සු මිලියනයක් වගේ අහසේ ඉන්නවා කියල ගුවන් ගමන් ගැන උනන්දු මිනිස්සු කියනවා. අහසේ ඉන්න ගානට අඩු වුනත් තව ලක්ෂ ගානක් ඕනිම වෙලාවක පොළව අභ්‍යන්තරයේ ඉන්නවා. ඒ භූගත රේල්ලු , බස්, වෙනත් වාහන , පතල් ආදියේ විතරක් නෙවෙයි භූගත නිවාසවලත් මිනිස්සු ජිවත් වෙනවා . නැතිනම් ගමන් කරමින් හෝ තාවකාලික මෙහෙයුම්වල සිටිනවා . ඒත් අනාගතේ ඔය ප්‍රවනතාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ගමනාගමනය බොහෝ දුරට පොළව යටින් දිවෙන උමං මාර්ගවල වැඩිපුර සිද්ද වෙන්න ඉඩ තියෙනවා. ඇලන් ඔය කතා කිව්වේ අපි හදන අන්තර් මහද්වීපික දුම්රිය පාරේ යෝජිත උමං කොටසක් ගැන රැස්වීමකට ගිහින් එන ගමං .ඇමෙරිකාවත් යුරෝපයත් යා කරමින් මුහුදු යටින් ඉදි කරන්නට සංකල්පයක් වශයෙන් යෝජනා වී තිබෙන අන්තර් අත්ලන්තික උමග ගැනත් කතා වුනා. මේක ඩොලර් ට්‍රිලියනයකටත් වඩා වියදම් වෙයි කියල හිතන වරින් වර කතා වෙන මාතෘකාවක් . කිසිම රජයක් හෝ සංවිධානයක් නිල වශයෙන් එහෙම යෝජනා කළාදැයි දන ගන්නට නෑ . හැබැයි ඉතින් එහෙම දේවල් වෙන්න බැරි කමකුත් නෑ
2023 ඔක්තෝබර් 20
තුර්කිය හා ඉස්තාන්බුල් නගරය උමං මාර්ග ගැන ප්‍රසිද්දයි. ලෝකයේ දෙවැනි සබ්වේ එක හෙවත් භූගත දුම්රිය මාර්ගය හදල තියෙන්නේ තුර්කියේ .
බොස්පරස් සමුද්‍ර ඇළ මාර්ගය හරහා මුහුද ඇතුලෙන් යන උමං මාර්ග දෙකක් තියෙනවා. යුරේසියානු උමග හා මාර්මරේයි උමග තමයි ඒවා. ලක්නාවේ කොච්චිවල්ට නම්දානවා වගේ තුර්කියෙත් කෝච්චි පාරකට නමක් දල තියෙනවා. ඒ තමයි මාමරේයි . ඒ කියන්නේ මාමරේ මුහුද මැදින් යන කිරණය කියන එක .
කොහොම හරි අපටත් ඉදිරි අවුරුදුවල උමං හාරන්න තියෙනවා. කිලෝමීටර් පහක් විතර දිග දුම්රිය ලයින් දෙකක් යන්නට පුළුවන් මේ උමගක් හැදීමේ ක්‍රමවේදය හා ආරක්ෂක උපක්‍රම අවුරදු ගණක ඉඳන් සැලසුම් කරනවා. අර කිව්ව අන්තර මහද්වීපික උමං නෙවෙයි ගොඩ බිම ඉදිකරන කෙටි දුර උමං හැදීමේ ක්‍රම කීපයක් තියෙනවා. උපකරණ හා කුඩා පිපිරීම් යොදාගෙන කරන පරණ පන්නයේ උමන් හෑරීමේ ක්‍රමය දැන් පාවිච්චි වෙන්නේ නැති තරම්.
2023 නොවැම්බර්
ටනල් හාරන්න පාවිච්චි කරන TBM හෙවත් ටනල් බෝරින් මැෂින් ගැන කතා කරද්දී මට හොඳට හුරුපුරුදු ටනල් බෝරින් මැෂින් ගැන කිව්වා.
මම කටාර්වලදී කිලෝමීටර් නමයක් දිග මයික්‍රෝ උමගක් හදන කටයුත්තකට සම්බන්ධ වුනා. මේ කුඩා උමගේ විෂ්කම්භය මීටර් 2 .4 යි ඒක යන්නේ පොලොව මට්ටමේ ඉඳන් මීටර් තිහක් පහලින්. අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතරක් වහින කටාරයේ වැහි වතුර බැස යාමේ ස්වභාවික මාර්ග නෑ . මේ වැස්ස කියන්නේ සුළු ගංවතුර තත්වයක් . ඒ රටේ ගංගා නැති වුනත් ගංවතුර කියල තමයි කියන්න වෙන්නේ.
මේ වැහිවතුර එකතු කරන්න තමයි පොළව යටින් යන අර උමග හැදුවේ. වැහි වතුර සේරම මාර්ග කීපයකින් එකතු කරලා තරමක් පහළ මට්ටමක තිබ්බ ජලාශයක පුරවනවා. මේ පිරෙව්වට වතුර මුහුදට ගලාගෙන යන්නේ නෑ . වියලිච්ච ගංගා මාර්ග හෝ නිම්න නැති නිසා. ඉතින් සැලසුම වුනේ ගංවතුර ඒ ජලාශේ ඉඳන් මුහුදට පොම්ප කරන්න. මේ ක්‍රමය අදටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.
2023 නොවැම්බර් 25
මම කලින් වතාවකුත් මතක් කරපු ලෝකේ දිගම උමගක් තමයි ඉංග්‍රීසි ඕඩය හරහා යන චැනල් ටනල් එක. ඒක කිලෝමීටර් පනහක් දුරයි . ප්‍රංශය පැත්තෙන් එක කණ්ඩායමක් හා එංගලන්තය පැත්තෙන් තවත් පිරිසක් හැරගෙන ආපු උමග මහා මුහුදු පතුලටත් යට තැනකදී හම්බවෙච්ච දවසේ විස්තර දන්නා යාලුවෙක් මට ඉන්නවා. ඒ නිසා ඒ කතාව වෙනම සවිස්තරව ලියන්නම්. 2015 අවුරුදේ අපි ලන්ඩන් නුවර ඉඳන් ඔය ටනලය දිගේ පැරිසියට ආව. ඒ ගමන ගියේ අර කටාර්වල උමං හදන සමාගමේ මගෙත් එක්ක වැඩ කරපු මේදිස් එක්ක . අපි ලන්ඩන්වල සතියක් විතර සිරි නරඹලා ඔය ටනල් එක හරහා පැරිසියට එනගමනට සූදානම් වුනා . අපි ගත්ත සැර හා සැහැල්ලු බීම කොට කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා දැක්කේ ගමන පිටත් වෙන්න ලක ලැහැස්ති වෙන දවසේ උදේ .ඉතින් යාළුවගේ යෝජනාව උනේ උදේම මේවයින් සප්පායම් වෙලා යමු කියන එක . ගමන ගැන එක්සයිට් වෙලා හිටි මම කිව්වේ එහෙම කරන්න බෑ මේ උදේම. අනික මේ වැදගත් ගමනක් යන්න හදන්නේ චැනල් ටනල් එක දිගේ මුහුද යටින් යන්නේ. මේක කලාතුරකින් යන ගමනක්. අපේ ජීවිතේටම ආයේ යන්න ලැබෙයිද දන්නේ නෑ කියල . මොනව කිව්වත් මේදිස් ඇහුවේ නෑ. හොඳ අඩි දෙක තුනක් ළඟ නැමුවා උදෙන්ම. මම තරහෙන් පුපුරා පුපුරා මිනිහවත් ඇදගෙන සෙන්ට් පැන්ක්‍රස් දුම්රියපළට ටැක්සියෙන් ගිගින් පැරිස් යන කෝච්චියට නැග්ගා .
මේදිස් මුළු ගමනම නිදාගෙන ආවා . මානව සංහතියේ සුවිශේෂ නිර්මාණයක් වන චැනල් ටනල් එක හරහා කිලෝමීටර් පණහේ දුර බීමතින් බුදියාගෙන ආ ඔහුට මගේ නොරිස්සුම පෙන්වන්න මම ඔහු සමග වැඩි කතා බහක්ට ගියේ නෑ . පැරිස් ඉබිස් හෝටලේ ආලින්දයේ සිටියදී අසල පුටුවක හරි බරි ගැහිලා ඉඳ ගත්ත මේදිස් මෙහෙම ඇහුව .
'දැන් ඔහේ මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ අර කෝ ච්චි ගමනේදී බුදියගෙන හිටපු එකටද? ඔය ටනල් එක යටින් එනකොට මොනවද දැක්කේ ?
මොකුත් නෑ . ඒත් පොළව ඇතුලට බහිද්දී ආපහු මතු වෙද්දී දැනිච්ච හැඟීම වචනවලින් කියන්න බෑ '
මම එහෙම කිව්වේ මේදිස්ට ඉරිසියා හිතෙන්නත් එක්ක .
බක බක ගාලා හිනා වෙච්ච මේදිස් කිව්වා ' ඔහේ පොලව යතින් යන ෆීලින් එක ගනිද්දී මම අහසේ පාවී පාවී නිදාගෙන ආවා . ඔච්චරයි වෙනස '
එහෙම කියපු මේදිස් පැය භාගෙක විතර දේශනාවක් දුන්න චැනල් ටනල් එක ගැන ඒකෙ ඉතිහාසෙයි, තාක්ෂනෙයි, වියදමයි ,දේශපාලනෙයි ගැන .
මේ යකා මේවා කොහෙන් හොයා ගත්තද කියල මට හිතා ගන්න බැරි වුනා .
ලබන සතියේ : මිනිස්සු දහස් ගණනක් වසර දහස් ගණනක් තිස්සේ ජිවත් වූ තුර්කියේ පොළව යට නගර ගැන මේදිස්ගේ ක්‍රමයට විස්තරයක් බලාපොරෝත්තු වන්න
ReplyDeleteපොතක පතකවත් කලාතුරකින් කියවන්නට ලැබෙන 'tunneling' පිලිබඳ අගනා ලියවිල්ලක ආරම්භය . හරි අගෙයි. ඉතිරි කොටස්ද ආසාවෙන් කියවීමට බලා ඉන්නවා.
බොහොම ස්තුතියි . මට සෑහෙන අභියෝගයක් තියෙනවා මේවයේ තාක්ෂණ කරුණු සරල කරලා ලියන්නේ කොහොමද කියල. ටනලින් විෂයට සම්බන්ධ ගොඩක් වචන සිංහලෙන් නෑ
Deleteඔය ටර්කි කියන වචනය ටුර්කි කියන එක හරිම රසවත් තමා. තිලකසිරි මහත්මයට මතකද දන්නේ නෑ මධ්‍යම අධිවේගී මාර්ගයෙත් හිටියා බල්ගේරියන් ජාතිකයකයෙක්...ඔහු තමන්ගෙ රට අදුන්වලා දුන්නේ බුල්ගේරියා කියලා. ඔහු තමන්ගෙ රටේ නම කියා අදුනවන විට, ලංකාවේ අය ට එකපාරට ඒක බල්ගේරියාව කියලා මීටර් වෙන්නෙ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ ගැන දෙපාරක් විමසනවා.
ReplyDeleteලංකාවෙත් තවමත් ක්‍රියාත්මක වෙන මහාපරිමාන උමං ව්‍යාපෘතියක් තියෙනවා. ඒ මහවැලි ජල සුරැකුම් ආරක්ශණ වැඩඩටහන යටතේ ක්‍රියාත්මක වෙන උතුරු මැද පලාත් ඇල ව්‍යාපෘතිය යටතේ කි මී 28 ක උමං මාර්ගයක් ඉදිවෙනවා. උමං මාර්ගයේ විශ්කම්බය මිටර 7.2.
දැනටත් මෙහි වැඩකටයුතු සිදුවෙමින් යනවා. මුලදි එක ටීබීඑම් මෙශින් එකක් යොදා ගෙන එක අන්තයකිනුත් , අනිත් අන්තයෙන් ඩ්‍රිල් ඇන්ඩ් බ්ලාස්ටින් ක්‍රමයෙනුත් සැලසුම් කර තිබු මේ ව්‍යාපෘතිය, දැන් දෙපැත්තෙන්ම ටීබිඑම් යන්ත්‍ර 2 ක් යොදා ගෙන වැඩකටයුතු සිද්ධ වෙනවා.
https://www.youtube.com/watch?v=NLvEU5UT5r4
මෙහි දෙවැනි ටීබීඑම් යන්ත්‍රය වෙනුවෙන් යට කෙරුණු මුදල සහ එහි වේරියේශන් ඔඩ්ර් එක අතිවිශාල මුදලක් . ඒ වෙනුවෙන් ලැබෙන් ප්‍රතිලාභය ගැන ටෙක්නිකල් ඔඩිට් එකක් අවශ්‍යයයි කියලා මම අදහස් කරනවා. - Mayya -
මහවැලි ඇල මාර්ග උමග ගැන දැනගෙන හිටියා. වීඩියෝව බැලුවේ අයි. අවුරුදු එකොළහක් තිස්සේ හාරන උමාඔය උමගේ වැඩත් ඉවර වෙලා තියෙන්නේ නේද ?
Deleteබුල්ගේරියා කිව්ව හාදයා මතක නෑනේ. මුලින් හිටපු ටීම් ලීඩර්ද ? දෙවනියට ආව ටීම් ලීඩර් තායි වගේ මතකයි.
මහවැලි ඇල මාර්ග උමග ගැන දැනගෙන හිටියා. වීඩියෝව බැලුවේ අයි. අවුරුදු එකොළහක් තිස්සේ හාරන උමාඔය උමගේ වැඩත් ඉවර වෙලා තියෙන්නේ නේද ?
හරිම ආසාවෙන් කියෙව්වා. කලින් ප්‍රංශයේ ඉදන් එංගලන්තයට ගියේ පාරුවෙන් ආයෙමත් ගිහාම මේ උමග හරහා යන දුම්රිය පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැනත් ලියන්න. තුර්කි කතාත් ලියන්න.
ReplyDeleteමීළඟ උමං කතාව තුර්කි කතාවකට සම්බන්ධයි . මේ සතියේ කතාව තාම ලියල ඉවර කරන්න බැරි වුනා
Deleteතිලකේ මල්ලි බ්ලොග් ලිපියක් දමා ඇත
ReplyDeleteඋමංදාව කියලයි එහි කතා බත
කියවන්නට කිසිවක් එහි ඇතුලේ නැත
ලබන සතියේ තුර්කිය ගැන කතා ඇත
හෙහ් හේ ඇනෝ
Deleteහාරන විට හැම වැඩකිඩ දමනු ඇත
හෑරු උමග ඇතුලෙත් කිසි දෙයක් නැත
සර්ට ආයෙමත් ලියන්න නිදහසක් ලැබුනු එක ගැන ගොඩාක් සතුටුයි.... හරිම රසවත්.....
ReplyDeleteස්තුතියි නයනතාරා සර් කවුද කියලනම් දන්නේ නෑ
Delete+++++++++++👌🙏
ReplyDeleteබොහොම ස්තුතියි බස්සෝ +++
Deleteතුර්කියේ තියනවා නේද පොලොව යට තිබෙන Bath house?
ReplyDeleteඔව්නේ බාත්හවුස් කතාවකුත් ලියන්න තියෙනවා
DeleteGeoffrey Boycott - Rubbish = රුබිෂ් !
ReplyDeletehttps://academickids.com/encyclopedia/index.php/Yorkshire_accent
ඔව් ඇක්සන්ට් ගැන වෙනම කතා කරන්න දේවල් තියෙනවා
Deleteලියවී තිබෙන්නේ මේ තතු අඩුවෙන්ය
ReplyDeleteඑනිසා නවමු බවකුත් ගැබ්වී ඇතිය
පමණට වඩා 'නොවනා', මෙය කිව යුතුය
මට නං ඉස්තරං තිලකේ මේ ලිපිය
බිංගෙය උමග ලෝකයේ හැම තැනම ඇත
Deleteහාරපු විදිහේ විස්තර ලියවෙන්නේ නැත
හොයලා හාරලා පෙරලා යලි මතක පොත
ලියලා දැම්මේ නැත්නම් නොපිරේය හිත
මේ දවස් වල මෙල්බර්න් වල වෙස්ට් ගේට් ටනලින් පොර්ජෙක්ට් එක යනවා. මගේ යාළුවෙක් ඒකේ වැඩ. පොර හවසට ඇවිත් කියන එව්වා අහගෙන ඉඳලා දැන් මටත් උමං හාරන්න යන්න හිතිලා තියෙන්නේ
ReplyDeleteනාඩි මෙල්බර්න්ද මේ දවස්වල ඉන්නේ. ලබන අවුරුද්ද දිහාට ඔසී පැත්තේ ආවොත් බ්ලොග් හමුවක් දාන්න පුළුවන්
Deleteසිරා! ඒකනං මරු වැඩක්!
Deleteවිස්තරේ මරැ. දාපු හෙඩිමත් මරැ 😁
ReplyDeleteස්තුතියි නමි . මම හිතුවේ ටයිටලේට විරෝධයක් එයි කියල
Deleteකමෙන්ට් නොදැම්මට මා ඔබේ සටහන් ඉතාම ආසාවෙන් කියවනවා...
ReplyDeleteටනල් ගැන හොඳම ඉතාලියන් වරු ඊට පස්සේ ජර්මන් අය කියනව. කතාව ඇත්තද
ReplyDelete