Sunday, May 26, 2013

සොඳුරු සිතැත්තියගේ උපන් දිනය

      
ඩක් ලද විටෙක යාළුවන්ට  සුබ උපන් දිනයක් පැතීම මගේ පුරුද්දකි. එමෙන්ම මටද බොහෝ උපන් දින සුබ පැතුම් ලැබේ. ඒත් මීට දාහතර වසරකට පෙර අපේ ලොකු දුවගේ උප්පැන්න සහතිකය ගන්නට ගිය මට හරි අකරතැබ්බයක් සිදු විය. ඒ ළමයාගේ අම්මාගේ උපන් දිනය අමතක වීම නිසාය. එය මාර්තු  තුන දෝ නැත්නම් දහතුන දෝය් මට පැටලිණි.  උප්පැන්න රේජිස්ට්‍රර් වරයා ඉදිරියේ සවුත්තු වීමට මැලි වූ මම මාර්තු  දහතුන යැයි කිව්වෙමි. එත් මට වැරදුණු  බව තේරුනේ ගෙදර ආවාට පසුවය. එය මාර්තු  දහතුන නොව තුන්වැනිදාය .
මේ සිද්දිය නිසා මට දෝස්මුරයක් අසන්නට සිදු වෙතැය් සිතුවත් ඇයට නම් එය රස කර කර සිනා වීමට කාරණාවක් පමණක්ම විය.
පෙම්වතුන් සමයේ දිනක් ඇගේ උපන් දිනය මතක් වී මම පුංචි රෙදි කඩයකින් ඇයට ගවුමක් මිල දී ගෙන ගොස් දුන්නෙමි. එහෙත් එය ප්‍රමාණයෙන් සහ හැඩයෙන් ඇයට කොහෙත්ම ගැලපුනේ නැත. ඇය එයටද මුහුණ රතු වන තුරු සිනා සුනාය. ඉන් පසු මාවත් ඇදගෙන ඒ කඩයටම ගියේ ඇඳුම මාරු කර ගෙන එන්නටය. කඩය පීරා බැලුවද ගැලපෙන ගවුමක් හමු වුනේම නැත. ඒ නිසා අපිට ගන්නට වුයේ මගේ ප්‍රමාණයේ කමිසයකි. සය්වර් කඩයෙන් උපන්දින තොසේ කන ගමනුත් නැවත බස් එකට ඇරලන තුරුත් ඇයට ලැබුණු  තෑග්ග ආශාවෙන් තුරුළු කර ගෙන සිටියේ අවසානයේ මටම පිරිනමන බලපොරෝතුවෙනි. එදා සිට මාස කීපයක්ම ඇයට ලැබුණු උපන් දින තෑග්ග මා ඇඳ සිටිනු බල බලා  ඇය මහත් සතුටක් ලැබුවාය.
අදද අයගේ උපන් දිනය බව මට අමතක වුවද ඇය අමනාප නොවන බව මම දනිමි.
ඒ ඇය ඇත්තෙන්ම සොඳුරු සිතැත්තියක් නිසාය .
 2013 මාර්තු  03
චිත්‍රය ඇන්දේ  ඔවිනි 

3 comments:

  1. අපේ සොඳුරු සිතැත්තියට තෑගි ගන්න මම තාමත් දන්නේ නැත.. කීපවතාවක් අත්දැකීම් ලද පසු ඇය සමග යාමට සිදුවී ඇත !! ඉන් බිල වැඩිවේ !

    ReplyDelete
  2. අපූරුයි!
    මාත් ජුලි 15 දාට මෙහෙම කතා ලියනවා.

    ReplyDelete
  3. ඇයට සුබ උපන්දිනයක්.. පමා වුණාට කමක් නැහැ.. සුබ පතන්න...

    ReplyDelete