මීට දශක දෙකකට ඉතර ඉස්සර අපි ඉන්දියානු චිත්‍රපට උළෙලක් බැලුවා. ඒකෙ පෙන්නාපු චිත්‍රපට අතරින් මගේ හිතට අල්ලාපු හොඳම එක තමයි පිරවී. ඒක මලයාලම් චිත්‍රපටියක්.
සරසවි සිසුවෙක් වෙච්ච තමන්ගේ පුතා එයිද බලන්න හැමදාම ගමේ අන්තිම බස් එක එනකන් බලා හිටි තාත්තා කෙනෙක් ගැන හිත උණු වෙලා යන ෆිල්ම් එකක්. කතාවේ හැටියට ඒ පුතත් අතුරුදන් වෙලා.
ඇල්දෙනි, කඳු, කෙත්යායවල් පහු කරගෙන ආපු පුංච් බස් එකේ එක ගමනාන්තයක් තිබුනේ ගමේ පුංචි කඩ කෑල්ලක් ළඟ. අන්තිම බස් එක එනකොට හතර අතින් කළුවර වැටිලා. කඩවල ලාම්පු එලියෙනුයි වාහනේ ලාම්පු එලියෙනුයි තමයි එලිය උනේ.
අපේ ගමේ බස් එක ඊටත් පුංචිද මන්දා. බස් එක ඇවිත් රැට නතර කරන්නේ අපේ ආච්චිලා මිදුල අද්දර. එතනත් පුචිම පුංචි තේ කඩයක් තිබ්බා. තාමත් තියෙනවද කොහෙද. මේ බස් එකේ හැඩය හරියට පාන් බාගයක් වගේ. කවුරුත් කිව්වේ පාන් බාගේ බස් එක කියලා.
1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර තියෙන පාන් බාගේ බස් දෙකක්‌ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.
එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා . එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ගියේ කකුල් දෙකට දිග මේස් දෙකක් දාලා සපත්තු නෙවෙයි සෙරෙප්පු දෙකක් දාලා. වෙනද වගේ නිකම්ම රබර් සෙරෙප්පු දෙක දාගෙන යන එක හරි මදි වගේ හිතුනා.
පළවෙනි දවසෙම හැන්දෑවේ එක බස් එකක් ලොරියක හැප්පිලා පැත්තක් කුඩුපට්ටම් උනා. ඊට පස්සේ දිගටම ආවේ තනි බස් එකක්. රියදුරු දාවිත් මාමා , කොන්දොස්තර හුදුමාමා. අපේ ගමේ ඉඳන් දෙපැත්තේ ගම් දෙකේ හිටියේ.
කොළඹ නගරේ වාහනයක් පදවන එක කොයි තරම් මානසික පීඩනයක් දෙන දෙයක්ද. බස් එකකනම් කවුරුත් බහිනකන් පරක්කු උනොත් බස් පලුවන්ට වගේම අනිත් කට්ටියටත් නහුතෙට තද වෙනවා.
ඒ කාලේ හොඳයි දැන් නරකයි කියන්ට යනවා නෙවෙයි හැමදාම. ඒත් ඔය කියන තදියමක්නම් අපේ ගමේ පාන් බාගේ බස් එකට තිබ්බෙම නෑ.
උදේ පාන්දර ට්‍රිප් එක වෙලාව වරද්දන්නෙ නැතිව හරියට ගියේ ඉස්කෝලේ ළමයිනුයි රස්සාවලට යන කිහිප දෙනෙකුයි පරක්කු කරන්න හොඳ නැති හින්දා.
අනිත් ඒවා බොහොම නිවී සැනසිල්ලේ හෙමින් සැරේ ගිය ගමන්. ගමේ දානේ ගෙදරක් හරි උත්සවයක් හරි තිබ්බොත් එතැනට දාවිත් මාමයි හුදු මාමයි එක්කරගෙන ගිහිල්ල කෑම වේලක් දෙනවා. එතකන් බස් එක නතර කරගෙන හිටියට කවුරුත් දොස් කියන්න ආවේ නෑ. පෙළක් වෙලාවට බස් එකේ කට්ටියටම රස කැවිලි පාර්සලයක් හම්බ වෙනවා.
බස්එකේ පිටිපස්සේ වහලෙට නගින්න ඉණිමගක් තිබ්බා. වහලේ තිබ්බ යකඩ රාක්කෙට එළවලු ගෝනි පටවනකන්, බානකන් කවුරුත් ඉවසාගෙන හිටියා.
අපේ ගෙදරට නිතරම වගේ පත්තරයක් දෙකක් ගන්නවා. සඳුදාට මිහිර පත්තරේ, මාසෙකට දෙපාරක් ආපු ( 12 වැනිදායි 26 වනිදයිද කොහෙද) නවයුගය පත්තරෙයි ඉරිද සිළුමිණයි, රිවිරැසයි ලංකාදීපෙයි. ගොඩක් වෙලාවට පත්තර ගෙන්නගන්නේ දාවිත් මාමාට සල්ලි දීලා.ටව්මේ කඩෙන් අරන් අපේ ගෙදර ළඟදී හීන් හෝන් පාරක් ගහලා පත්තර ටික මිදුලට විසි කරලා යනවා.
උදේ පාන්දර නැගිටලා, හදිසියෙන් ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගම අපේ ගෙදර එකෙකුට හරි මොකක් හරි අමතක වෙලා . ගොඩක් වෙලාවකට බස් සීසන් එක. ඉතින් 'අනේ මාමේ පොඩ්ඩක් නතර කරන්න' කියන්නේ හෝල්ට් දෙකක් විතර ගියාම. ඊට පස්සේ ආපහු අරගෙන එනකන් බස් එක විනාඩි පහක් දහයක් නවත්තගෙන ඉන්දැද්දී කිසි කෙනෙක් මුණ රොස්පරොස් කර ගන්නවානම් මම දැකලා නෑ .
හවසට අපේ ආච්චිලා ගෙදර ඉස්සරහ රතු පස් ගොඩේ බස් එක නවත්තලා රෝද හතරට තඩි ගල් ගෙඩි හතරක් තියලා ඊට පස්සේ බස් එකේ ගියර් ලිවර් එක ගලෝල ආච්චිලා ගෙදරින් තියනවා . ඊළඟට හුදු මාමයි දාවිත් මාමයි බස් පාර දිගේ ආපහු කන්ද නැගගෙන යන ගමන් හම්බවෙන පළවෙනි අතුරු පාරෙන් හැරිලා සිරි මාමලා ගේ පිටිපස්සේ ඉඳන් කිතුල් රා වීදුරු දෙකක් බොනවා. රාජලා පෙට්ටි කඩෙන් රතුළුණු ගෙඩි දෙකයි උම්බලකඩ කෑලි දෙකයි අරගෙන හප හපා සිංදුවකුත් කියා කියා කුරුල්ලෝ දෙන්න වගේ ගෙවල්වලට යන්නේ ඊට පස්සේ.
ඔන්න ඕක දැකලා මටත් පුරුද්දක් තිබ්බ උම්බලකඩයි රතුලුනුයි එකට කන්න. රා වීදුරුවක් බොන්නනම් වාසනාව ලැබුනේ ඊටත් සැහෙන කාලෙකට පස්සෙයි.
දවසක් අපි ඒ හැටි කලබලයක් නැති සෙනසුරාදා දවසක බස් එකේ කොහේදෝ යනවා. අතරමගින් බස් එකට ගොඩ වෙච්ච මැණිකා ආච්චි බස් එක පිටත් වෙලා ටිකක් දුර යද්දී එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා.
'අනේ පුතේ ඩිංගකට නවත්තපල්ලා .මට රත්තිව දිගේලි කරලා එන්න බැරි උනා. දැන් ඔය කාගේ හරි කුඹුරකට පැනලා කෝටුපාර කයිද දන්නේ නෑ දෙයියනේ'
දාවිත් මාමා හිනාවෙවී බස් එක නතර කළා. ' ලොකු අම්මා එහෙනම් ගිහින් වැස්සිව ගැට ගහලා එන්න.
විනාඩි හත අටකට පස්සේ මැණිකා ආච්චි ලහි ලහියේ ආපහු ආව හරක දිගේලි කරලා. එහෙන් මෙහෙන් හීනි මඩ පැල්ලම් දෙක තුනක් සාරියේ තැවරිලත් තිබ්බා.. ඒ එනකොට පාතින් තිබ්බ අත්තකින් කහ වෙච්ච හින්නාරන් ගෙඩි පොකුරක් කඩා ගෙන ඇවිත් දාවිත් මාමා අතේ තිබ්බා.
එදා ගමනාන්තයට යනකන් දාවිත් මාමාගෙයි බස් එකේ හිටි හැමෝගෙමයි මුණු පුරා හිනා පොකුරක් රැඳිලා තිබ්බා. හරියට අර ඉදිච්ච හින්නාරන් ගෙඩි පොකුර වගේ.
Image from : guidetobelize.info/

හීන් නාරං කියන්නේ ජමනාරං වලටද?
ReplyDeleteමේ වගේ කතා කියද්දි කෝටි ගණනක් කතා මතක් වෙනවා. මම හිතන්නේ මාත් අසූවේ විතර තමයි අපේ ගමට පලවෙනිම බස් එක යනවා දැක්කේ. පාන් භාගයකටත් වඩා පෙට්ටියක් වගේ බස් එකක්. අපේ ගමේ පැත්තෙ බස් යන හැම වෙලේම මට හිතෙන්නේ දැන් පෙරලෙයි කියලා ඇයි අප්පා කඳු ඉවරයක් තියෙනවැයැ. කාලෙකට කලින් ගමේ බස් එකේ යනකොට මට දැනුනේ ඒ ගමේ මිනිස්සු අස්සේ මම යෝධයෙක් වගේ. චූටි අත් පා තියෙන කෙසඟ අහිංසක මිනිස්සු. බුලත් විට කාලා කටවල් රතු කරගෙන. ඒ මොනවා වුනත් මම වගේ අලියෙකුට සීට් එක දෙන්න හැමෝම ත්‍යාගශීලි වුනා. ඒ ලැජ්ජාවට ආයේ නම් ගමේ පැත්තේ බස් එකේ ගියේ නෑ.
Deleteහින්නාරන් කියන්නේ ජමනාරන් වලට නෙවෙයි. හින්නාරන් ගෙඩිය වඩා පුංචියි. ටිකක් ඇඹුල වැඩියි. අපේ ගමේ හැම වත්තකම වගේ ගහක් දෙකක් තිබ්බා.
අනේ කන්ඩ බැ හදලා බොන්ඩ නං ඇහැකියි
Deleteපැඟිරි රස වැඩියි මචං බොන්නත් අමාරුයි.
Deleteහින්නාරං කන්න බෑ? මොන පිස්සුද? උඹලට හීන්නාරං හීන් දෙහි පැටලිලාද? රටින් ගේන තැඹිලි පාට නාරං ගෙඩි තරම්ම නැතත් මගේ නං ප්‍රියතම කෑමක්.
Deleteඅටං,
උඹේ කට කන්න එපැයි මේ කතා වලට.
මේ ඇඹුල හා පැඟිරි රහ හින්දා තමයි බස් එකම එදා හිනා උනේ. හින්නාරන් කියන්නේ පොඩි උන් කන පළතුරක් . තලත්තෑනි මනුස්සයෙකුට හින්නාරන් අහුරක් දුන්නේ මැණිකා ආච්චිගේ තිබ්බ අහිංසක කමට , තමන්ට කරන්ට පුළුවන් දේකින් ස්තුතියි කියපු හැටි තමයි ඒ .
Deleteඔවු රාජ්, ගමේදී හින්නාරන් පොඩි උන්ගේ කීවාට තාමත් මගේ ප්‍රියතම පළතුරක් . කොහේ හරි තියෙනවා දැක්කොත් ගන්නවා .
Deleteඅපේ පැත්තේ නම් හීන් නාරං කියන්නේ දෙහිවලටත් වඩා පොඩි ඒවාට. නාරං, ජමනාරන් දෙකටම වඩා පොඩියි. හැබයි කිව්වත් වගේ කටේ තියන්න බැරි තරම් ඇඹුල. ඒ උණාට ඒ සුවඳට කොච්චර ඇඹුල් උණත් නොකා ඉන්න බෑ
Deleteඅපේ පැත්තෙ කියන්නෙ නස් නාරං කියලා
Deleteඅපි කියන්නෙත් නස් නාරං කියලා
Delete"වරකපොල දී මතක් කරන්න" කතාව සිහිවිය.
ReplyDeleteවජිර ලී බඩු සාප්පුව ලඟදි මතක් කරන්න කතාව දන්නවද?
Deleteවරකපොලදී මතක් කරන්න කියපු කතාව අහල තියෙනවා . වජිර ලී බඩු සාප්පුවේ කතාව අහලා නෑ . දෙකම එකක්ද?
Deleteවජිර ලී බඩු සාප්පුව කතාව තිබ්බේ කුමාර තිරිමාදුර ලියපු පොතක, ජයලත් මනෝරත්නට සිද්ධ වෙච්ච දෙයක් හැටියට. කොහේ හරි නාට්‍යයකට බස් එකේ යනකොට ජයලත් මනෝරත්න කොන්දොස්තරට කියලා, වජිර ලී බඩුසාප්පුව ලඟදි ඇහරවන්න කියලා. එතනින් බහින්න ඕනේ නිසයි එහෙම කියලා තියෙන්නේ... කොහොම හරි මනෝරත්නට නින්ද ගිහින්, කොන්දොස්තරටත් වැඩේ අමතක වෙලා, තැන පහුවෙලා. මනෝරත්න ඇහැරිලා ඇහුවලු, මල්ලී වජිර ලී බඩු සාප්පුව තව ඉස්සරහද කියලා... කොන්දොස්තර පොඩ්ඩක් ඇඹරිලා කිව්වලු... මහත්තයා ඔය වජිර එකේ ලී බඩු එච්චර හරි නෑ, තව ටිකක් ඉස්සරහා තියනවා නියම කොලිටි බඩු තියන ලී බඩු සාප්පුවක්. මම මහත්තයව එතනින් බස්සන්නම් කියලා...
DeleteOne of well disciplined driver I have ever seen in my life..
ReplyDeleteYes. And he had always a mild smile on his face
Deleteපිරවි one of my favourites. The only movie I watched where the main character never acts!
ReplyDeleteSisira Adikari
wanna watch it again..
Deleteමම දවසක් ගනේමුල්ලෙන් බස් එකකට නැග්ගා ගම්පහ යන්න. මම දන්නෙ නැතුව නැග්ගට ඒ බස් එක ගම්පහ යන්නෙ ප්‍රධාන පාරෙ නෙවෙයි. ප්‍රධාන පාරෙන් හැරිලා ගමක් හරහා ගිහින් තමයි ගම්පහට යන්නෙ. ඔහොම යද්දි එක තැනක පාර දෙපැත්තෙම වෙල්යාය තියෙන තැනක ඩ්‍රැයිවර් ලොක්කා බස් එක නැවැත්තුවා. ඔය මැණිකා ආච්චි වගේම ආච්චි කෙනෙක් බස් එකට ඉන්න කියලා සන් කරන ගමන් ඈත නියර දිගේ ඔරේ රන් එකක් දෙනවා. ඒක කොහෙත්ම ආච්චි රන් එකක් නෙවෙයි..නියම ප්‍රොෆෙශනල් රන් එකක්! ඩ්‍රැයිවර් ලොක්කත් කිසි හදිස්සියක් නැතුව නවත්තගෙන ඉන්න ගමන් අත දික්කරලා බස් එකේ අයට කිව්වා අන්න සුසන්තිකා එනවා, පොඩ්ඩක් ඉම්මු කියලා. ඒ සුසන්තිකා ඔලිම්පික් දිනපු කාලෙ. බස් එකේ ඉන්න මිනිස්සුන්ටත් හිනා!
ReplyDeleteඒ කතාවත් රහයි. ස්තුතියි බෙදා ගත්තට
Deleteමේක කියවන කොට මතක් උනේ අපේ මාමන්ඩි. පොරගේ කස්ටර්මලගේ වාහනයක් හම්බ උනේ නැත්නම් පොර ගමේ එන්නේ කොළඹ ඉඳලා ගමට එන බස් එකේලූ. උන්දැගේ ගෙවල් ගාව ඉඳලා ටවුන් එකට පොඩ්ඩ දුරයි. ඉතින් මගදි ගන්නවලු පොල් ගහ යට කොටියා ඉන්න බෝතල් හතරක් පහක්. ගෙවල් ගාව බස් එක නතර කරලා. අනික් ඒවුන්ට කියනවලු ඔය ටික පයින් යන්න කියලා. සමහර වෙලාවට බස් එක ආයෙත් ඉස්ටාට් කරලා තියෙන්නේ පාන්දරලු. මොකෑ... එක්කෝ අර පොල් ගහෙන් ගෙඩියක් ඔළුවට වැටිලා.. නැත්නම් පොල් ගහ යට හිටිය කොටියා කාලා..
ReplyDelete//එක්කෝ අර පොල් ගහෙන් ගෙඩියක් ඔළුවට වැටිලා.. නැත්නම් පොල් ගහ යට හිටිය කොටියා කාලා..//මරු මාමණ්ඩි
Deleteඅපි පාන් බාගෙ කිව්වෙ ඉස්සර තිබ්බ සුදු රතුයි වෑන් ජාතියට.... ඒ කාලෙත් මං හෙන උසයි.. ඒ බස් එකේ යනකොට ඔලුව වහලෙ ගෑවෙනව... ලොකු නැන්දලගේ පිළියන්දල ගෙදර යද්දි තමයි ඕවෑ යන්නෙ...
ReplyDeleteදැනටත් ඔහොම බස් තියෙනව.. අපේ මාමා කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ ගල්කුලම හරියෙ... ඒක එයාලගෙ ගම... ඒ පාරෙ බස් එකත් ඔහොම තමයි.. මාමලගේ ගෙවල් වලට ටිකක් එහයින් මෝලක් තියෙනව... ඔතන නවතත්ගෙන ඔක්කොම ගෝනි බාලා ඉවර වෙන්න විනාඩි 20ක් විතර යනව... ඒකට බස් එකේ ඉන්න පිරිමි කට්ටිය ඔක්කොම වගේ බැහැලා උදවු වෙනව... ගෙවල් වල සෙල්ලම් කර කර ඉන්න පොඩි උන් ටිකත් එතන්ට දුවනව... හි හි....
ධනංජනය අයියගෙ මළගෙදර දවසෙ බස් එක මළගෙදර එන අයගෙනුයි, ආපහු යන අයගෙනුයි, අහල පහල ගෙවල් වලට ගේන බඩු මුට්ටු වලිනුයි පිරිලා.. රෑ මළ ගෙදර ඉඳලා උදේ පාන්දර රස්සාවල් වලට යන අයව ගන්න බස් එක පාන්දර 5 වෙනකොට ගේ ගාව...
දැනටත් ඔහොම බස් තියෙනවා කියලා අහන්න ලැබිච්ච එක සතුටක්, මොකද ඒකෙ තේරුම තදියමේ මැරෙන්න හදන් නැති සමගියෙන්, ඉවසිල්ලෙන් වැඩ කරන මිනිස්සු තාමත් ඉන්නවා කියන එකනේ.
Deleteමේක කියවනකොට මට අද කාලේ බස් සේවයත් එක්ක සංසන්දනය වුනේ නිකම්මයි, වෙනස අහසට පොලොව වගේ.
ReplyDeleteඑදා බස් සේවෙයි අද බස් සේවෙයි වෙනස් වෙච්ච හැටි වගේම මිනිස්සුන්ගේ ජීවිතයේ සරල සැහැල්ලු බව නැති වෙච්ච හැටිත් පුදුමාකාරයි.
Deleteඇත්තමයි මචං උඹේ කථා හරිම රහයි! නිකං නෙමේ හැමදාම හිතන්න යමක් උඹ එකතු කරනවා. උඹගේ කථා එකතුව හොඳින්ම පාඨකයාගේ හදවතටම වදින බව මට හොඳටම විශ්වාසයි. උඹට ජයෙන් ජය!!!
ReplyDeleteස්තුතියි මචන් . මේ වගේ කතා රහට ලියන්න පුළුවන් වෙන්නේ උඹලා බලලා ගුණාගුණ කියන හින්දා තමයි. හොඳ වගේම අඩු පාඩු දැක්කත් කියපන්. ඒවා අහන්නත් මම ඉතා කැමතියි.
Deleteපිස්සු හැදෙනව තිලකෙ,කොහොමද අප්ප මේතරම් සංවේදීව ලියන්නෙ,
ReplyDeleteඅවුරුද්ද මතක නෑ අසූ ගණන් වල මැද හරියේ වෙන්න ඇති මාත් දේශප්‍රියත් පිරවී බැලුවා,බලල හදා කම්පා කරගෙන එලියට බැස්ස,පිරවී චිත්‍රපටියෙ අතුරුදහන් වුනු තරුණයව එක තැනකවත් පෙන්නන්නෙ නෑ,තිලකෙ දන්නවද ඒ තරුණයාගේ වයසක තාත්තට රඟපෑවේ නළුවෙක් නෙවෙයිලු,නිකං ගැමියෙක් කියල ශාජි එන් කරුන් කියල තිබුණා,තිලකෙට මතකද මුළු චිත්‍රපටය පුරාවටම වැටුණු වැස්ස,ඒ අර අහිංසක තාත්තගෙ හිත හඬාවැටීම කියාපෑමක්.
තිලකෙගෙ බස් එක ගැන කියන්න ඇවිත් මම කියල තියෙන්නෙ පිරවී ගැන,කමක් නෑ නේද තිලකෙ.
පිරවී ලංකාවේ පෙන්නුවේ අසුනමයේ හරි අනුවේ හරි. ඒකේ කතා තේමාව ඒ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙකුට අදාළ කර ගන්න පුළුවන් වෙච්ච කාලයක්. පිරවී ෆිල්ම් එක පුරා ඇද හැලිච්ච වැහි පොද උඹ කිවා වගේ මතකයි.
Deleteඒත් වැස්සේ රටාවෙන් දුක හා සතුට උපරිමෙන් පෙන්නාපු කළු සුදු චිත්‍රපටියක් හැටියට මටනම් මතකේ තියෙන්නේ පාතර් පංචාලි.
තව එකක් , පිරවී ලංකාවේ හෝල් වල සාමාන්‍ය විදිහට පෙන්නුවේ නෑනේ. නුවරයි කොළඹයි තිබ්බ චිත්‍රපට උළෙල කීපයක විතරයි පෙන්නුවේ මයෙ හිතේ.
Deleteඅපේ ගම්වල තවමත් එහෙමයි. අම්මා බස් එකට එන්න පරක්කු නම් පොඩි එකා පාරට ඇවිත් කෑ ගහලා කියනවා මාමේ පොඩ්ඩක් ඉන්නෝ අම්මා එනකල් කියලා.
ReplyDeleteඒ ගැන අහන්නත් සන්තෝෂයි . තරගෙට වගේ පස්සෙන් තව බස් එකක් එන හින්දා තමයි නගරේදී වැඩියෙන්ම ඉවසිල්ලක් නැත්තේ
Deleteඉස්සරම මම කැන්ටර් වලත් සල්ලි දීලා ගිහින් තියනව දෙපැත්තේ දිග බැංකු දෙකේ තමා වැඩිවෙලා යන්න තිබුනේ
ReplyDeleteරස මතක. ස්තුතියි බෙදා ගත්තට
Deleteරසවත් මතකයන්! මගේ බස් පිළිබඳව මතකය නම් ඔය ආකාරම නොවුනත් ඔය පත්තර පිළිබඳ මතකය නම් එලෙසමයි. 12 සහ 26 වනදා ආපු නවයුගය මගෙත් ප්‍රියතම පත්තරයක්. බූ බබා තුල්සි එක්ක පඬිතුමා සහ යෝධයා ගෙදරට ආපු මිහිර පත්තරේ මටත් අමුත්තක් නොවෙයි.
ReplyDeleteමොනවා බං? බස් එකේ ගියර් පොල්ල ගලවං ගෙදර ගෙනියනවා කිව්වා? මට මතක් වෙන්නේ ස්ටියරිං වීල් එක ගලවාගෙන යන Crazy Boys ෆිල්ම් එක. ඒකත් අපි ඉස්කෝලෙ යන කාලේ බැලුවේ.
හෙන්රිය අපිත් එක්ක අමනාපෙන්ද කොහෙද,කොහොමද නිවාඩුව උපරිමයෙන් විඳිනවද
Deleteහෙන්රියෝ හැලපේ කිව්වත් වගේ කාලෙකින් දැක්කේ නෑ . උඹ නිවාඩුවක්වත් ගිහින් හිටියද ? ඉස්සර නවයුගයේ තිබ්බ ඒවා මතකද ? පුංචි ලිඳේ වතුර රසයි., ලොව දිනා ජයගත් හපන්නු, නව මගක කතාවක් ...
Deleteහැලපේ. හිටපං මචං මේ කියවගෙන යනවා හැකි විදියට.
Deleteතිලකයා, මචං මම මේ නිවාඩුවට මව් රට බලා ඇවිත් ඉන්න නිසා වෙලාව හිඟයි.
Raa kiyaddi mata mathaka une ape gedara thibuna kithul gas deka thunak eka digatama mal peedena. Oya kithul mal kapanna ape game hitiya Mudiyanse kiyala kenek. Man ewa badu gannawa. dawasata gahakin rupiyal 25 withara ape gedarata denawa. Sathiyakata dawasak dekak hawasata ape appachchitath Raa jogguwak denawa. Eya eka tika tika rasa kara kara bonagaman chuttak ehe mehe wenakam indala mamath poddak sappayam wenawa.( 70 ganan wala agabagaye.) Oya mudiyanse kiyana kena Raa pahenna daanne ape gawal palleha agale wellawal haarala. Muttiya pahenna daala habarala kolayakin wahala thamai man yanne. Ithin oka gamey Raa horu balagena indala muttiyama ussana welawaluth thiyenawa.samahara welawata bagayak beela gihilla. Ithin Mudiyanseth muttiya ada thiyana thana newei heta thiyanne. Ape gedara mamath Aiyalath samahara welawata Mudiyanse muttiya koheda hanganne kiyala hangila bala indala gedarata horen poddaka sappayam wela, muttiye madi paaduwata wathura tikak ekathu karapuwa mathak wenawa. Samahara dawas walata thiyenne raa nevei, Thelijja. Edata tikak wadipura bonawa panirasa nisa.(Kabillewela, Bandarawela)
ReplyDeleteමේ අපුරු විස්තරේ බෙදා ගත්තට ස්තුතියි. ඔය සිංග්ලිෂ් ටයිප් කිරිල්ලම සිංහල අකුරුවලින් ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්
Deletehttp://www.google.com/intl/en/inputtools/cloud/try/
පට්ට කතාව.....
ReplyDeleteස්තුතියි ආයේ එන්න
Deleteමට නං බස් අරහං.. අපේ වාහනේ කෝච්චිය තමා
ReplyDeleteඅපිට නම් කෝච්චියේ යන්න ලැබුනේ දුර ගමන් විතරයි. උඩරට මැණිකෙට පට කුඩා දෙක දෙක .
Deleteදැන් දුවන රේස් එකෙ ඔහොම හෙමින් නැවතිල යන්න පුලුවන් මිනිස්සු නැ.උබටත් බැ මටත් බැ.
ReplyDeleteඅපෙ ගේවල් පාරේත් ඉස්සර දිවුවෙ එල් එච් 30,එල්ෆ් වැන්,කැන්ටර්
මේ ජීවන තරගේ හින්දා අපි හැමෝටම ඉවසිල්ලේ ගමන් යන්න බෑ තමයි මචන්. ඒත් හදිස්සියක් කලබලයක් නැති වෙලාවට වුනත් අපිට තව කෙනෙක් වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරි එකයි ප්‍රශ්නේ.
Deleteපිරවි කව්වහම මතක් උනේ අවුරැදු 10 ක් තිස්සේ හිතන් ඉන්නවා පිරවි බලන්න අනේ ඩවුන්ලොඩ් ලින්ක් එකක් තියෙනවනම් දාන්න පිං සිද්ද වෙයි....
ReplyDeletehttp://www.youtube.com/watch?v=lMOJnZ9hiGg
Deleteහැත්‍තෑ අට - නමය කාලෙ තිබුන "වන්‍දනා බස්" මතකද? ජනෙල් දොරවල් ලීයෙන්. සීට් ඕනෙනං දහයක් විතර ඇති. දුඹුරු පාට ගාපු මේ බස් වල මූන නිකං මේ දැං වමනෙ දාපු ඩෝප් කාරයෙකුගේ වගේ! ටුවරිස්‍ට් බස් කියල ජාතියක් ඒ කාලෙ තිබුනෙ නෑ. මේ වන්‍දනා බස් උදේට හවසට හොරෙන් හොරෙන් සෙනග ඇද්‍දා. දුනු පනින ගානට හරහට කුදු ගහගෙන මේ වන්‍දනා බස් කෙඳිරි ගාගෙන නුවර කඳු අදින හැටි මට නම් තාමත් මතකයි.
ReplyDeleteමම දන්නා ඔය වගේ බස් කීපයක් තිබ්බා අපේ පැත්තේ ඒවගේ ඉස්සරහ බෝඩ් එකක් දාලම තිබ්බ පැත්තකින් නෙළුම් මලක් එහෙම ඇඳලා "විශේෂ චාරිකා" කියල .
Delete( මම ඊයක් එව්වා දුටුවාද?)
//ඔන්න ඕක දැකලා මටත් පුරුද්දක් තිබ්බ උම්බලකඩයි රතුලුනුයි එකට කන්න.//
ReplyDeleteතාත්තගෙන් මම පුරුදු උන කෑමක්.. හම්බෝ දැන් ඉතින් කන්නෙ එහෙමත් දාසක තමයි.. උම්බලකඩ පට්ට ගනංනේ .. මාර ආසයි ඒ උනාට :)
මටත් කාලෙකින් ඔය බයිට් එක රස විඳින්න බැරි උනා සමී . ළඟදී බලමු.
Deleteතිලකේ........මම ගොඩක් මලයාලම් ෆිල්ම්ස් බැලුවා ඒ කාලේ....පිරවි හදපු සාජි කරුන් ගේ ස්වාහම් ෆිල්ම් එකත් ටොප්. මම මමූටි, මොහන්ලාල් වගේ මලයාලම් නළුවන්ට හරිම කැමතියි. උඹේ කතාව බොහොම ලස්සනයි.
ReplyDeleteඒ දවස්වල ලංකාවේ වරින්වර හොඳ චිත්‍රපටි උත්සව තිබ්බා. ඒවා නිසා තමයි අපට ගොඩක් වෙලාවට මේවා බලන්න පුළුවන්. දැන් video එකක් බැලුවට අර කියන ගතිය එන් නෑ . ස්තුතියි මචන්.
Deleteඅයියා සමාවෙන්න බ්ලොග් එකට අදාල නැති දෙයක් අහන්නේ . පිරවි ගැන කිව්ව නිසයි මට මේක අහන්න හිතුනේ . තව මලයාලම් ෆිල්ම් එකක් තිබ්බ අනූ ගනන් වල ජාතික රූපවාහිනියේ පෙන්නුවා ඉන්ග්‍රිසි සබ් ටයිටල් එක්ක .ඉන්ග්‍රිසි නම වුනේ බෙඩ් ටයිම් ලලබයි .ආබාධිත තරුණියකගේ කතාවක් වගේ මතකයි . මේ ෆිල්ම් එක ගැන මතකයක් තියෙනවනම් මලයාලම් නම දානවද ? යූ ටියුබ් එකේ හෙව්වට සොයාගන්න බෑ ඉන්ග්‍රිසි නමින්
Deletekilukkam ද කියලා බලන්න.
Deleteමේ බ්ලොග් එකට මුලින්ම ගොඩ වුණේ දවස් තුනකට කලින්. ඒත් මේක කියවල කමෙන්ට් එකක් දාන්න ලැබුණේ දැන්. බොහොම රසවත් කතාවක්. ඔයාගේ ලිපි සියල්ල කියවන්න හිතුණා. බලමුකෝ ඉඩ ලැබුණොත්. ගම් වල දුවන බස් බොහොමයක මේ වගේ හිතවත් කම් ඇති වෙනවා. ඔෆිස් බස් වලත් එහෙමයි. මම දැන් යන්නේ ඒ වගේ එකක.
ReplyDeleteස්තුතියි සුදීක මේ පැත්තේ ආවාට .සාදරයෙන් පිලි ගන්නවා.
Delete