මේ චිත්‍රය අපේ ලොකුදෝනිට අඳින්න හිතුනේ එයැයිගේ තාත්තා මුලින්ම නැන්දා මාමා දකින්නට ගිය දවසේ කතන්දරේ අහපුවාම . කෙල්ලගේ වචනවලින්ම මෙතැන ඉඳන් කතාව කියන්නම්.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අම්මාගේ මව්පියන් බැහැදකින්නට තාත්තා මුලින්ම ආ දවසේ අපේ ආච්චී කැමතිම දෙයක් අරන් එන්න ඕනි නිසා තමයි රෝස පැළයක් ගෙනල්ල තියෙන්නේ . බණ්ඩාරවෙල ඉඳන් ගෙනාපු එකක් .
එදා තාත්තා ඇඳගෙන ඇවිල්ල තියෙන්නෙත් අම්මා අරන් දුන්න කමිසයක්. කොච්චර කලබලකාරයෙක්ද කියනවානම් ෂර්ට් කොලර් එකේ යටින් තියෙන කර්ඩ්බෝඩ් තීරුව අයින් කරලා තියෙන්නේ ආච්චිලා ගෙදරදී. එකත් අම්ම පෙන්නපුවාම. මේක කිය කියා අපේ ආච්චියි අම්මයි පස්සේ කාලෙකත් කොච්චරනම් හිනා උනාද ?
අම්මා තමයි ආච්චී මල් පැළවලට ගොඩක් කැමතියි කියලා තියෙන්නේ. අපේ ආච්චී ( අම්මාගේ අම්මා ) තාත්තාට ගොඩක් ආදරය කළා. ඇය අසනීපෙන් සිටි දවස්වල තාත්තා ගැන නිතරම කියෙව්වා. කවද්ද තාත්තා එන්නේ කියා කියා අපිටත් වඩා ඇහැව්වා.
'අනේ ඒ ළමයට අලුත් ඇඳුම් ටිකක් අරන් තියන්න මේ පාර ආවම . මේ දවස්වල කෑම බීම කොහොමද දන්නෙත් නෑ . කෙට්ටු වෙලා ඇති.'
ඒ දවස්වලත් තාත්තා ලංකාවේ හිටියේ නෑ .
ආච්චී අපිව දාලා දිවියලෝකේ ගියාට පස්සේ අපේ මුළු ගෙදරම වසාගත්ත පාලු කාංසාව ලේසියෙන් මකා ගන්න බැරි උනා . තාත්තා රට රස්සාවත් දමලා ගහල අපිත් එක්ක නතරවුණේ ඒ හින්දයි.
ආච්චී ගැන කියන්න කතන්දර ගොඩක් තියෙනවා.
ඒත් මට මේක ලියන්න හිතුනේ අපේ තාත්තා අද දවසෙත් ගෙදර නැති එක ගැන හිතේ තියෙන අමාරුව පිට කර ගන්න බැරිව. ගිය අවුරුද්දේ නම් තාත්තා නොකියාම රට ඉඳන් ඇවිත් අපිව සර්ප්‍රය්ස් කරා.
අපි බලාගෙන ඉන්නේ තාත්තා රෝස මලකුත් අරගෙන හොරෙන් හොරෙන් ඇවිල්ල අපේ ගෙදර දොරට තට්ටු කරයි කියලා. ඒ වැලන්ටයින් දවස හින්දා නෙවෙයි. මීට අවුරුදු ගණනාවකට කලින් පෙබරවාරි මාසේ මැද හරියේ දවසක සිද්ද වෙච්ච විශේෂ දෙයක් හින්දා.
අපේ තාත්තා කොළඹ තියෙන මහා රූස්ස තට්ටු ගොඩනැගිලි අලුත්වැඩියා කරන කොම්පැනියක වැඩ කළාලු. ඒ ගොඩනැගිල්ලට අතුරු අන්තරා වෙලා තියෙන්නේ මහා බැංකු බෝම්බෙනුයි ඊට පස්සේ ගලදාරි හෝටලේ ළඟ පුපුරපු බෝම්බෙනුයි. මුලින්ම පුපුරපු මහා බැංකු බෝම්බෙන් පස්සේ අර ලංකාවේ උසම නිවුන් පිට්ටු බම්බු ගොඩනැගිලි දෙකටත් සෑහෙන හානි උනා.
ඒකේ අලුත්වැඩියාවන් තමයි ඒ දවස්වල තාත්තලා පටන් අරන් තියෙනේ, එහෙම කරගෙන යනකොට තමයි ගලදාරි හෝටලේ ළඟ බොම්බේ පුපුරලා තියෙන්නේ. එදා නිවාඩු දවසක් වෙච්ච නිසා තමයි මේ කතාව මෙහෙම කියන්න පුළුවන් වුනේ. මොකද එදා තාත්තලා සයිට් ඔෆිස් එකටත් හානි වෙලා. තාත්තා සාමාන්‍යයෙන් වාඩිවෙන පුටුව තිබ්බලු අඩි විස්සක් විතර ඈතින් පෙරළිලා.
ඊටත් පස්සේ උදාවෙච්ච මේ කියන දවසේ තාත්තා වැඩට ගිහින් තියෙන්නේ වැඩ ටික කාට හරි පවරලා ඉක්මනින් ආපහු එනවා කියලා අම්මට පොරොන්දු වෙලා. අම්මා ලෙඩ ඇන්දේ ඉද්දි අම්මගේ ඔලුවත් අතගාලා.
ඒත් වැඩට යනකොට ලොකු රැස්වීමකට ලක ලැහැස්ති වෙනවාලු. පිටරට සමාගම් ගොඩක සුදු මහත්තුරු ලංකාවේ ඉංජිනේරුවරු මහා ගොඩක්. ඉතින් තාත්තට මේ රැස්වීමට ඉන්නම වෙලා. එයාගේ කොම්පැනියෙන් තව ඔස්ට්‍රලියන් ජාතිකයෙකුයි තාත්තයි දෙන්න විතරයි ඉඳල තියෙන්නේ.
තාත්තා සුදු යාළුවාට යන ගමන් කිව්වලු 'මම මේ රැස්වීමට ගියාට මම ඉන්නේ පුදුම චකිතයකින්. මට රැස්වීමේ වැඩවලට හරියට මුහුණ දෙන්න බැරි වෙයිද දන්නේ නෑ' කියලා.
එයා තාත්තගේ අත තදින් අල්ලාගෙන කිව්වලු:
'මට තේරෙනවා ඔයා ඉන්න තත්වේ ඒත් මේක රටවල් ගොඩක කට්ටිය එකතු වෙලා කරන වැදගත්ම සාකච්චාවක් . අපේ සමාගම නියෝජනය කරන්න ඔයා ඕනිම නිසා පොඩ්ඩක් හරි ඉඳලා යන්න . මට කරන ලොකු උදව්වක්. මමත් මෙහෙට අලුත් නිසා පසුගිය වැඩවල ප්‍රගතිය අලුත් සැලසුම් මොකුත්ම දන්නේ නෑ' කියල
කොහොම කොහොම හරි රැස්වීම පටන් ගත්තාම මුලින්ම මතුවෙලා ඇවිත් තියෙන්නේ වීදුරු හා දොර ජනෙල් පිළිසකර කරන හැටි ගැන. තාත්තාගෙන් මුලාසනේ හිටි යුදෙව් ජාතිකයා ඒ ගැන ඇහුවම තාත්තා බර කල්පනවකලු.
ඊට පස්සේ යුදෙව් ජාතිකයා ඇහුවලු 'ඔයාට අද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? වෙනදා ප්‍රගතිය ගැන සැලසුම් ගැන එපා වෙනකන් කතා කරන මනුස්සයා අද මනෝ ගහගෙන' කියලා. ඊට පස්සේ තාත්තගේ සුදු යාලුවා රික් මුලාසනේ ලඟට ගිහින් හෙමින් රහසක් කිව්වලු.
'ආ එහෙම එකක්නම්. අපි රැස්වීම කල් දාමු කිව්වා' . හැමෝම කිසිම අමනාපයක් නැතිව නැගිටලා තාත්තගේ අත මිරිකලා හෙට හම්බ වෙමු අපි කියල ගියාලු.
තාත්තා විදිලි වේගෙන් ඇවිල්ල තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකට. සීයාත් ආච්චීත් කනස්සලු මුනෙන් කොරිදොරේ ඉන්නවා. තාත්තා දැක්කම ඒ දෙන්නාම තාත්තගේ ඇඟේ එල්ලුනාලු.
'බලන්නකෝ දැන් කොච්චර වෙලාද . තාම තොරතුරක් නෑ' .
එතකොට ආපු නර්ස් කෙනෙක් ලඟට ගියපු තාත්තා එයත් එක්ක මහා කලබලෙන් මොනවද මුණු මුණු ගාල තියෙනවා. නර්ස් නෝනා 'ඉන්න මන් බලන්නම්'කියල ගියා ගියාමලු . තවත් පැයක් විතර යනකන් කිසිම ආරංචියක් නැතිව.
ඊළඟට අර නර්ස්ම කඩිමුඩියේ තාත්තා හොයාගෙන ඈවිත් මෙහෙම කිව්වලු.
'දුවෙක් ඉන්නවා , 'දෙන්නම සනීපෙන් ඉන්නවා' කන්ග්රැජුලේෂන්ස් !
සන්තෝසේ දරා ගන්න බැරි වෙච්ච පාර තාත්තා ඒ වෙලාවේ නර්ස් නෝනාව බදාගෙන ස්තුති කරන්න ගිය එක සීයයි ආච්චියි තමයි යන්තන් වළක්කගෙන තියෙන්නේ . ඒ වෙනුවට සීයයි ආච්චියි තාත්තයි තුන් දෙනා බදාගෙන සතුටු උනාලු.
තාත්තාට තාමත් මාව හීනෙන් පෙන්නේ එදා මාව ඉස්ඉස්සෙල්ල දැක්ක හැටියටළු. චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දාගෙන එනකොට තාත්තා හොස්පිටල් කොරිඩොර් එකේ උඩ පැනලා නැටුවේ නැති එක විතරයි කියලයි ආච්චි කිව්වේ.
අනේ ඉක්මනට ගෙදර එන්නකෝ තාත්තේ. රෝස පැලත් එපා , චෝකලටුත් එපා. කේකුත් එපා.
ඔයා ආවම ඇති.
උඹ මාව ඇඬෙව්වා! එච්චරයි මට කියන්න තියෙන්නේ තිලකයෝ.... ජය වේවා!!
ReplyDeleteමේ සංවේදී කම නිසයි අපි මේ තරම් කිට්ටු වෙලා තියෙන්නේ , ස්තුතියි මචන්
Delete//තාත්තාට තාමත් මාව හීනෙන් පෙන්නේ එදා මාව ඉස්ඉස්සෙල්ල දැක්ක හැටියටළු. //
ReplyDeleteඅපේ තාත්තත් තවම කියනවානේ නර්ස් කිහිල්ලේ ගහන් ආපු රෝස බබා කියලා...
හැම තාත්තම එහෙම ඇති...
උදේ පාන්දරම ඇඬුනා
ඔව් නීරෝ තාත්තලා කවුරුත් එහෙමයි. ඔබේ පවුලේ සැමට සුබ පතනවා
Deleteඅනේ පව්...මටත් ඇඬුනා....අද ගෙදර යන්ට රෝස් මල් දෙකක්ම අරගෙන. එකක් අම්මට. එකක් දුවට.
ReplyDeleteනෑ පොඩ්ඩි මට යන්න වෙන්නෑ ටික දවසක් යනකන් නිවාඩු ගන්න විදිහක් නෑ . ඒ නිසයි මේ කඳුළු කතාව ලියවුනේ
Deleteමිනිස්සුන්ව උදේ පාන්දරම මෙහෙම අඬවන එක හොඳ නෑ..මාත් ඉස්සර තාත්ත එනකන් බලන් ඉන්නවා.රෝස මල්වත්,චොකලට්වත් අරන් එනකන් නෙවේ.බොන්නේ ඇතිව,කුණුහරුප කියන්නේ නැතුව ගෙදර එනකන්.
ReplyDeleteහිත රිදෙව්වානම් සමාවෙන්න. ස්තුතියි ඇනෝ කොමෙන්ටුවට
DeleteNice touching story ayya..
ReplyDeleteThanks mallli
Deleteඅපේ කෙල්ල මුල් වරට දැක්කා මතක් උනා. ඔබ ආයෙත් එල්ලුවා ඊයම් බරුවක් හිතේ. ලියවිල්ල වෙනදා වගේම සුපිරි.
ReplyDeleteස්තුතියි JP . මේ ලියවිල්ල මුලින් හිතට බරක් වගේ දැනුනාට පස්සේ හිතට සහනයක් වේවා කියලා පතනවා
Deleteතිබ්බ දුකට තවත් දුකක් එක්කහු වුණා... :-(
ReplyDeleteඉක්මනින් දුක් දුරු වේවා. තිස්ස මේ කාන්තාරේ ජීවත් වෙන අපේ කතා ගොඩක් දුරට සමානයි කියලා මන් දන්නවා
Deleteමචෝ මොනව කියන්නද කියලා හිතාගන්නවත් බෑ බං...... මටත් මතක් වෙන්නේ මගේ කෙල්ලෝ දෙන්නා උපන් දා දුටු අයුරුයි......
ReplyDeleteඋඹ මෙහෙම ගොඩවෙලා මුකුත් ලියලා යන එක මට ලොකු සතුටක් මචන්. දෝණියන් දෙන්නාට මගේ සුබ පැතුම් !!
Deleteකැම්පස් එකේදී "මඩ කවි" ලියලා, "card" ගහලා කොල්ලෝ, කෙල්ලෝ අඩවපු උබට සංවේදී කතා ලියලා මිනිසුන්ව මේ තරම් හඬවන්න පුලුවන්බව මම දැන්නං උනන්නේ නෑ, මචෝ .....
ReplyDeleteමේක දෝනිය ට පෙන්නපන් ...
"ඔයාගේ ආදරණීය අම්මාත්, තාත්තාත් අතර ඔයාගේ ලස්සන ළමා කාලය ගෙවලා, මේ සංකීර්ණ, විසම සමාජෙට මුහුණ දෙන්න පුළුවන් පන්නරය ලබන්න, පුතේ! ඔයාට සුභ උපන් දිනයකට ආසිරි, චන්දන මාමා ගෙන් ......."
අපේ දෝනි මේක බලනවා මචන්. ස්තුතියි සුබ පැතුමට
Deleteඅනේ බන් අර කැම්පස් කතාවේදී මඩකාඩ් නිර්මාණ මඩකවි වගේ එව්වාට මාව ගාව ගන්න එපා. ඒවා මට වඩා ලස්සනට ලියන උන් කොච්චර හිටියද ?
තාත්තාගෙම පළුව.. තාත්තාට වගේම දුවටත් ලියන්න පුළුවන් අපිට ඇඬෙන්න.. ඔන්න ඊට පස්සෙ කාලයක් එනවා අපි දුව එනකල් බලං ඉන්න ඒ කාලෙ තමයි මං ඉන්නෙ.
ReplyDeleteගොඩක් ස්තුතියි සරත්. ඔව් තව අවුරුදු කීපයකින් අපිටත් ගෙදරට වෙලා ළමයි එනකන් බලන් ඉන්න වෙනවා
Deleteවෙනද වගේ මොකුත් ලියාගන්න බෑ දුව අද ඔයා අපිව අඬවනව නේද.
ReplyDeleteමොකුත් නොලීවාට ඔබේ සංවේදී කම අපට තේරෙනවා මේ වචන දෙක තුනෙන් . ස්තුතියි
Deleteඅපේ තාත්තටත් මෙහෙම හිතුණා නම්...
ReplyDeleteඅපිට යම් යම් දේ ලැබෙනකොට සමහර දේ නොලැබෙනවා. සමහරවිට ඒ දේම වෙනත් විදිහකින් ලැබෙනවා ඇනෝ. ඔබට සතුට ලැබේවා !
Deleteඒ වගේ සුන්දර මොහොතවල් වල වෙච්ච දේවල් පින්තුර වගේ අමතක නොවෙන්න හිතේ සටහන් වෙනවා නේද?
ReplyDeleteආදරය කරන මිනිසුන්ගෙන් ඈතට වෙලා ඉන්න මගේ හිතේ දුකත් දෙගුණයක් උනා මේක කියෙවුවට පස්සේ.
ඔව් විකී ලියන්න පටන් ගත්තම තමයි හිතේ තියෙන පරණ මතක එක එක එලියට එන්නේ . තව එකක් මම මේ කතා බොහොමයක් කතන්දර හැටියට අපේ දුලා දෙන්නට කියලා දීලා තියෙනවා . ඒ තමයි මගේ පින්තුර save කර ගන්න ක්‍රමය .
Deleteඅදයි ආවේ දීගටම එනවෝ.....
ReplyDeleteහිතට දැනෙන විදියේ ලියවිල්ලක් ! ජය !
දුලාගේ අඩවිය ලියන දුලා
ස්තුතියි දුලා. මට මතක විදිහට ඔබ මීට කලින් ඇවිත් තියෙනවා
Deleteමං ඉතින් හැමදාම හවසට ගෙදර එන එකා , එහෙම උනත් අපේ කෙල්ලෝ දෙන්නා උඩ පනින පැනිල්ල , ලොක්කිනං මොනවද ගෙනාවේ කියලා අහනවා , පොඩ්ඩිටනං එව්වා ඕනත් නැ , උම්මා දෙන්න විතරයි ඕන , එහෙව් එකේ ඔයාගේ කෙල්ලට කොහොම දුකක් දැනෙනවා ඇද්ද.
ReplyDeleteඔවු මචන් මුළු ලෝකෙම ප්‍රශ්න අමතක වෙනවා ගෙදර ආ හැටියේ පොඩි උන් දෙන්නාගේ ලෙන්ගතුකම් නිසා. දුලා දෙන්නා ආදරෙන් මතක් කරා කියපන්
DeleteThis comment has been removed by the author.
Deleteඋඹෙ ලියමන දැකලා නෙතට කඳුළු ඉනුවා දුවේ
ReplyDeleteදුව වාගේ හිතනා අය බොහොම හිඟයි ලොවේ
ගති ගුණයම තාත්තා මෙනි මේ ලියුමෙන් මැවේ
හොඳින් දියුණු වෙලා ඔහුට දෙන්න පතන සුවේ
දුවට තුණුරැවන් සරණයි!!
දුවට අගනා ඔවදනක් ලැබුනා. කවියත් ලස්සනයි . උඹට අපේ පවුලේ හැමෝගෙම ස්තුතිය හිමිවෙනවා
Deleteඇත්තටම හිතුනා දැනුනා.. කියන්න වචන නෑ ඇත්තටම..
ReplyDeleteස්තුතියි දිනේෂ් සංවේදී හිතවත්කමට
Deleteබ්ලොග් කියවන්න තිබ්බ මුඩ් එක නැතුව ගියා ලොක්කෝ
ReplyDeleteරාලේ මම මෙහෙ ඉඳන් ගොඩක් වෙලාවට බ්ලොග් ලියන්නේ දුක පාළුව නැති කර ගන්න තමයි. උඹලාගේ දුක වැඩි කරන්නට නෙවෙයි දයාබරයන් කෙරෙහි වැඩිපුර ආදරයක් ඇති කරවන්නයි මම මහන්සි වෙන්නේ .
Deleteමිනිස්සුන්ගේ මනෝ භාවයන් සම්බන්ධතා හිතා ගන්න අමාරුයි නේද..? මටත් හිතෙනවා තාත්ත කෙනෙක් වෙලම බලන්න
ReplyDeleteඑහෙනම් ළඟදීම ඒ අත්දැකීමත් ලැබුනට පස්සේ කතා කරමු. ජය !
DeleteLike father, like daughter.
ReplyDeleteහරිම ලස්සන කතාවක් දුව.
Thank You machan. ඔන්න දැන් මට බ්ලොග් එක බාරදෙන්න කෙනෙක් ඉන්නවා
Deleteහරිම හැගීම්බර හිතට වදින කතාවක්..
ReplyDeleteබොහොම ස්තුතියි උමේෂ්
Delete‘‘ චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දාගෙන එනකොට “ දුක හිතෙනවා තිලක. ඒක ඇත්තටම සතුට දෝරෙගලා යන මොහොතක්.අසීමිතයි.කියා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා.ඒත් මට නම් ඒ සතුට විදගන්න බැරි වුණා.මගේ පුතයි දුවයි දෙන්නම හම්බ වෙලා ගෙදරට ගේනකම් මටඑන්න බැරිවුණා.
ReplyDeleteඔව් යාලු අපි ඔක්කොටොම මේ වගේ මොහොතවල් හරිම සංවේදියි තමයි. මගෙත් ගොඩක් යාලුවන්ට දුර බැහැර රස්සා කරද්දී මේ වෙලාවේ ළඟ ඉන්න බැරි උනා . ස්තුතියි ඔබේ අත් දැකීමත් බෙදා ගත්තාට
Deleteyou made me cry, coz i have little princes at home, she is not well, I cried too much for this.
ReplyDeleteI'm sure , the power of your love and tears will heal your little princes soon.
Deleteළමයි ඇත්තටම ටොපි චොකලට් වලට වඩා ආදරේ තමයි බලාපොරොත්තු වෙන්නෙ.....වැඩ ඇරිල ගෙදර ආපු ගමන් ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නෙ...ටොපි චොකලට් දුන්නත් වඩා ගත්තෙ නැත්නම් මූණ ඇදකරගන්නවා....
ReplyDeleteඔවු තෑගී බෝග රස කැවිලි හැමදේටම වඩා ළමයි කැමති ආදරේට
Deleteහිතට දැනෙන්න ලියලා ..නියමයි
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදර
Deleteමේක හදිසියේ කියවලා යනන් සිද්ධ වුණා එවෙලාවෙ කොමෙන්ට් කරන්න ඉඩ නොලැබුණ නිසා. මගේ දරුවන්ගෙන් වෙන්වෙලා ඉන්න දුක නම් මම තාම විඳලා නෑ. නමුත් මගේ තාත්තා දුරබැහැරක හිටපු දුක මමත් විඳලා තියනවා. තාත්තා ගෙදර එන බව දන්වා එවූ සති අන්ත වල පාර බලාගෙන හිටපු හැටි මතක් වුණා.
ReplyDeleteඔබ ඒ අතින් වාසනාවන්තයි . මමත් මේ මාස දෙකකට වතාවක් ගෙදර යන රස්සාවක් හොයාගෙන තියෙන්නේ. අවුරුද්දකින් ඉවරකරන්න ආපු එක ටිකක් කල් ඇදුනා .
Deleteලියන්න මුකුත් එන්නෙ නැ මචන්.කදුලු එන්න වගෙ.එච්චරයි
ReplyDeleteලිව්වේ නැතිවාට කමක් නෑ . උඹ ආපු එක සතුටක්
Deleteතාත්තා, රත්තරන්. අනේ මම නිසා ඉවසන තරමක්.
ReplyDeleteසමාධිත් ඇවිත්. කොච්චර හොඳයිද . තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා.
Deleteuncle, this story even made me to cry. but still you can be very proud of your daughters since they are doing very well in life. I wish them all the very best for there future. hope to see you soon. take care
ReplyDeleteThank you so much duwe. I am really happy that my daughters got a friend like you. And you are also well talented. Wish you all the best duwe!!
Delete// i am really happy that my daughters got a friend like you //
Deletethanks a lot for the thoughtful words uncle... Actually they are not only friends for me, they are my very own sisters... they are like family :) see you soon. take care
heard that u came for few days uncle. sorry i couldnt even speak. By the way thanx alot for the chocolates and all. thank you uncle. take care
Deleteහප්පා කඳුලු පෙර පෙර කියෙව්වේ..ලඟදි මාතලන්ගේ බොගෙන් පාර හොයෙගෙන ආවෙ....ඔක්කොම පෝස්ට් කියවනවා ඉඩ තියෙන විදියට....
ReplyDeleteඅදයි මුලින්ම මේ පැත්තට අාවෙ.ඔක්කොම වගේ පෝස්ට් කියෙවුවා .... දිගටම කරන් යන්න සුබ පතනව...
ReplyDeleteතිලක. සිතට අහම්බෙකින් ගොඩ වෑදුනා
ReplyDeleteමගුල් ගෙදර විස්තරයට සිත බෑදුනා
දෙව්නි නුබෙ පලුවක්මයි මට සිතුනා
ඔවිනිගෙ කතාවට නෙත කදුලින් පිරෑනා
දරෑවන් සුන්දරය දගමුත් දයාබර
පියවරෑ සිටින්නේ ඉදහිට හෑගුම්බර
නුබවන් පියෙකු ලද දුවරෑ පින්කාර
පතනෙමි ජය සතුට පවුලට තිරසාර
Sorry for anonymous comment. I tried but couldn't post this with URL...
Deleteහැමෝම ඇඩුවා කියනකොට මටත් ඇඩුනා කියන එකේ විශේෂයක් නැති උනාට කියන්නම වෙනවා මාත් උදේම ඇඩුවා. නෑ ඇඩුනා.
ReplyDeleteපොත මිල දී ගන්න තැනක් කියන්න. පොඩි උන්ට කියවන්න අරන් දෙන්න ඕන පොතක්.
සුබ පතනවා..