සුගතේ බාස් කොළඹින් දුර බැහැර පිහිටි අපේ පුංචි වැඩබිමේ හිටි උප කොන්ත්‍රාත් කාරයෙකි. හොඳ මේසන් බාස් කෙනෙකි. මිනිස්සු විසිපහක් තිහක් තබාගෙන වැඩබිම කෙළවරේ වාඩි ගසාගෙන සිටි ඔහු ඉදිවෙමින් තිබුණු ගොඩනැගිල්ලේ කම්බි බැන්දේය. කොන්ක්‍රීට් දැම්මේය.ෂටරින් ගැසුවේය. යුහුසුළු කුහුඹු ගුලක්වන් සුගතේ බාස් ගේ ගෝල පිරිස මා ඒ වැඩබිමට යනවිට උද්යෝගයෙන්ම සිටි කණ්ඩායමයි.
ඔහු උදේම සයිට් ඔෆිස් එකට ඇවිත් ගෝලයින්ගේ වියදම් සල්ලි ඉල්ලාගෙන යයි. එකාට සීය ගණනේ බෙදා දෙන විට පෝලිමේ එන ගෝලයෝ එය ලබා ගනිති. මේ රුපියල් සීයෙන් බුලත්විට, ප්ලේන්ටිය, බීඩි , සිගරැට්, දවල් කෑම මෙන්ම හවසට මල්පැන් වඩියකටද පිරිමසා ගන්නට පුළුවනි. උදේ හා රෑ කෑම වාඩියේම ඉදෙයි.
මාසේ අන්තිමට මිනුම් ගෙන ගණන් හදා බිල පියවූ පසු සුගතේ පඩි නඩි බේරා ගෝලයින් ගම්බිම්වලට පිටත් කර හරියි. ඉන්පසු ගමේ යාමට කෝච්චියට නගියි. ඔහුගේ ගම්පාලාත හරිහමන් විදිහට කවුරුවත් දැන හිටියේ නැත.
ඔහු කිසි දිනක වැඩ බිම අවටින් ගෝලයන් හොයා ගත්තේ නැත. සිටියෝ මහියංගනය, අම්පාර වවුනියාව වැනි කොළඹට දුර බැහැර පලාත්වලිනි. මේ නිසාම කුඹුරු වැඩ කාලයට සුගතේ බාස්ට ගෝලබාලයන් හොයා ගැනීමට දහදුක් විඳින්නට සිදු වෙයි.
මේ කියන්නට යන කාලයේ සුගතේ බාස් සිටියේ සැහෙන හිත අමාරුවකිනි. ඒ වැඩබිමේ ගෝලයන්ට දිනපතා වියදම්සල්ලි ගෙවන්නට සල්ලි පිළිවෙලකට නොලැබුණු හින්දය.
වැඩබිම් මුලිකයා කිව්වේ කොළඹ ඉඳන් වැඩබිමට සල්ලි ලැබුනේ නැති බවයි.
ඒ හන්දා වියදම් සල්ලි බෙදු ඉස්ටෝරුවේ අමරේට සිද්ද වුනේ ඉතිරි වී තිබු මුදල් පිරිමසාගෙන රුපියල් සීය වෙනුවට පනහ බැගින් වියදම්සල්ලි ගෙවන්නටය. ගෝලයෝ මුලින් මුලින් මේ ගැන කන්කෙඳිරි ගෑවෝය.
දවසක් දෙකක් යද්දී ඒ කෙඳිරි ගෑම මහා ගාලගෝට්ටියක් බවට පත්වෙමින් තිබුණි.
'මහත්තුරුන්ට කියන්න කොළඹ ගිහිල්ල හරි සල්ලි අරන් එන්න කියලා.මෙහෙම පුලුවන්ද කන්න බොන්න බුලත්විට නෑ . හවසට ඇඟේ අමාරුවට පොඩ්ඩක් සප්පායම් වෙන්න නෑ'.
නහයෙන් අඬ අඬා සුගතේ බාස් කිව්වේ 'පොඩ්ඩක් ඉවසපල්ලා කොල්ලනේ. ඔෆිස් එකට සල්ලි ඇවිත් නැතිව ඇති. සල්ලි තියෙනවනම් ඒ මහත්තයා නොදී ඉන්නවායැ ?
ඔහොම තියෙද්දී එක දවසක් වියදම් සල්ලි සතයක්වත් ගෙවන්නට තිබ්බේ නැත. උදේ ඉඳන් ඔරොප්පු වී සිටි ගෝල පිරිස වැඩ වර්ජනය කර, තැන තැන වාඩිලාගෙන සිය අවනඩුව එකිනෙකාට කියා ගනිමින් සිටියෝය. වෙනදා සුගතේ බාස්ට කීකරු ගෝලයෝ අද ඔහුව ශත පහකට කෙයාර් නොකරති.
ඒ අස්සේ දෙතුන් දෙනෙක් සුගතේ බාස් වටකරගෙන පරුෂ වචනයෙන් වැඩබිම් මුලිකයාට දොස් කියති. ඔහුට පහර දෙන්නට යන්නට සැරසෙති.
අලුතින් වැඩබිමට පත්වී ආ අපට ඔවුන් වචනයකින්වත් අරියාදු නොකරා වුවද දැන් දැන් වෙන්නට යන විජ්ජුම්බරය ගැන බියක්ද බඩගින්නේ වේලෙන කම්කරුවන් පිරිස ගැන අනුකම්පාවක්ද මගේ හිතේ ලියලයි.
සුගතේ බාස්ගේ කටහඬ පුදුමාකාර ලෙස සැර වැඩිවී ඇත. ඔහුගේ අනුකම්පා හිත ගල් වී දැන් මහත්තුරුන් සමග කේන්තිය ඇවිස්සී ඇති සෙයකි.
"මම ඔය මිනිහ ගාව අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.ඒ ඇඳුනුම් කමටයි ආවේ . උඹලා හිටපල්ලා මම හොඳින් හරි නරකින් හරි මේ මිනිහගෙන් සල්ලි අරන් එන්නම්කෝ'
සරම මදක් කෙළවරින් උස්සා ගත් සුගතේ බාස් හැල්මේ වැඩබිම් කන්තෝරුව දෙසට යන්නට සැරසෙයි. ඔහු වළක්වා තවත් ගොලොයෝ මොකක්දෝ වාදයෙකි.
මේ කලබගෑනිය මුසු පමාව අස්සේ මම වැඩබිම් කන්තෝරුවට වේගයෙන් ගියේ වෙන්නට යන විනම්බෑසිය කල්තියා වැඩබිම් මුලික සෝමදාසට කියන්නටය. මොනා උනත් ඔහු අපේ ලොක්කාය.
අනිත් අතට සුගතේ බාස් පැමිණ දෙකක් කතා කර වියදම් සල්ලි කොහොමින් හෝ ලබා ගන්නවාට කැමැත්තක්ද මගේ හිතේ තිබිණි.
මම කන්තෝරුවට යනවිට සෝමදාස කාන්තා පත්තරයක් බලමින් නිවී සැනහිල්ලේ තනියම හිනාවෙමින් සිටියේය.
'සොමදාස මහත්තයා අන්න මිනිස්සු හොඳටම ඇවිස්සිලා . ඉක්මනට සුගතේ බාස්ගේ ගෝලයින්ට වියදම් සල්ලි හොයලා දෙන්න වෙයි. උන්ට කන්න බොන්න නෑ කියලා අන්න වැඩ නවත්තලා'
සෝමරත්න පත්තරේ පිටුවක් පෙරලුවේය. මා කියන දේ මායිම් නොකළ ඔහු ' ඔව් ඉතින් පහුගිය ටිකේම මහන්සි වුණ එකේ උන් ඔය පොඩ්ඩක් නිවාඩුවේ හිටපුවාවේ'.
මුළු සයිට් එකේම වැඩ නවත්වෙලා මිනිස්සු ඇවිස්සිලා ඉද්දිත් සෙල්ලක්කාර නොසැලකිලිමත් හැසිරීමක් ඇති නල්ලමලේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මට ලැබී ඇත.
' ඒ විතරක් නෙමෙයි අන්න උන් සෝමදාස මහත්තයාට ගහන්න එන්නත් ලැහැස්ති වෙනවා ' මම එසේ කියද්දී මගේ හිතේ තියෙන වුවමනාවද එයමදැයි මට සිතුනි.
පත්තරෙන් මුණ මෑත් නොකරම සෝමදාස මෙසේ කිව්වේය;
' මල්ලි මේවගේ සයිට්වලට උඹ තාම අලුත් වැඩියි. ඒකයි මේ බොරු කලබලේ., මම දැන් අවුරුදු තිහක් විතර මේවගේ කරවෙලා තියෙන්නේ. ඔය නැති තැන කොච්චර කැ ගැහුවත් එකෙක්වත් කෙලින් ඔළුව උස්සලා මට මොකුත් කියයිද බලපන්.
ඕනනම් සුගතේ කාරයා තවටිකකින් ඇවිල්ලා තෙපරබබා වටින් ගොඩින් සල්ලි ඉල්ලයි. නැති සල්ලි කොහෙන් දෙන්නද? මම ඌව නවාගන්න හැටි බලපන්කෝ.
ඔහු හයියෙන් හිනා උනේය.
ඊට සුළු වෙලාවකට පස්සේ කන්තෝරු දොරකඩ එලිපත්තේ උගුර පාදන හඬක් අසුනේය. ඊළඟට සුගතේ බාස්ගේ කටහඬ.
ඔහු බලෙන් වාගේ හඬේ කටෝර බවක් මවාගෙන .
'මහත්තයා මම ඇතුළට එනවා!' .
අපෙන් එකඟතාවයක් එන්නට පෙරම ඔහු කාමරයට ඇතුළුවී සෝමදාසගේ මේසය අබියස හිට ගත්තේය. නපුරු කරගන්නට තතනන බයාදු මුණකි ඔහුට තිබුනේ. ඕනිම බරපතල කතාවක් පටන් ගන්නට කලින් දහිරිය ගැනීමට සුගතේ බාස් කරන සුපුරුදු කාරිය ඇරඹුවේය.
බුලත් මුල ලිස්සේය. නාඹර බුලත් කොලයක් ගෙන හුණු තවරන්නට පටන් ගත්තේ කටේ දමාගත් පුවක් පළුව හපා පොඩි කරන ශබ්දය ඇසෙන අතරවාරයේය.
මේ අවසරයෙන් සෝමදාසගේ පළමු නැමිල්ලට සුගතේ අහු වුනේය.
මටත් දියන් බන් පුවක් කෑල්ලකුයි බුලත් කොලේකුයි. ඔය හැටි හුණු කන්ට හොඳ නෑ මනුස්සයෝ.
සුගතේගේ සැරවර තරමක් බාල වුනේය.
ඔහු සීරුවට බුලත්විට දිග හැර දෝතින්ම සෝමදාස වෙත පෑවේය.
සෝමදාස ඕනෑවටත් වඩා වෙලා අරගෙන බුලත්කොළය හතරට නමා පුවක් කෑල්ල එක්කම කටේ දමා හැපුවේය. කාර්යාල ජනේලය ලඟට ගොස් චිරිස් ගා ලා කොළ පාට බුලත් කෙල පාරක් විද්දේය.
මේ බුලත් සෙල්ලම ඉවරවෙනතුරු නොඉවසිල්ලෙ සිටි සුගතේ බාස් කලකිරුණු ස්වරයෙන් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.
'මහත්තයෝ මගේ ගාව විසිඅට දෙනෙක් වැඩට ඉන්නවා'
ඔව් මන් දන්නවා ඇයි මදි වගේද?
'නෑ මහත්තයෝ උන් සේරෝටෝම දවස් ගානකින් හරියට වියදම් සල්ලි දෙන්න බැරි වුනා. උන් මාව කන්නේ නැති එක විතරයි. දැන් කීයද වෙලාව. එකටත් කිට්ටුයි. අද විසිඅට දෙනාටම දවල් කන්ඩ දෙන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි' කියමන් කමිස සාක්කුවේ උණ්ඩි කරගෙන සිටි රුපියල් පනහේ නෝට්ටුවක් අතින් ලෙළ දෙව්වේය. ශෝකය හෝ කේන්තිය නිසා ඔහුගේ කටහඬ මෙන්ම අතැඟිලිද වෙවුලුවේය.
සෝමදාස නැගිට්ටේය. සෙමින් සුගතේ ලඟට ලංවී ඔහුගේ අතේ ලිහිල්ව රඳවාගෙන සිටි රුපියල් පනහ තමන්ගේ අතට ගත්තේය.
ඉන්පසු ඉස්ටෝරුව බලාගත් සමරේට කෑ ගසා කතා කළේය.
දැන්නම් හරියයි. සමරේට කියලා වියදම් සල්ලි දෙන්නයි යන්නේ. මට සිතුනි. සුගතේ බාස්ටත් එසේ සිතෙන බව ඔහුගේ මුහුණෙන් පෙනෙයි.
සමරේ ආවේය. ඔහු දෙසට රුපියල් පනහ දිගු කල සෝමදාස මෙසේ කිව්වේය.
' සමරේ මම තාම උදේට කාල නෑ . තරහ නැතිව මට මාළු පාන් එකකුයි ප්ලේන්ටියකුයි සිකරට් එකකුයි ගෙනෙන්'.
සමරේ නික්ම ගිය පසු ' සුගතේ බාස්‌ගේ ප්‍රතිචාරය පුදුමාකාර විය.
තමන්ගේ අතේ තිබු පිච්චියද උදුරා ගත් මේ මිනිසාගේ ඇඟට ගොඩ වෙනවා වෙනුවට ඔහු කිව්වේ;
'එහෙනම් මහත්තයා හෙඩ් ඔෆිස් එකට කාව හරි යවලා සල්ලි ටිකක් කොහොම හරි ගෙන්න ගන්න බලන්න නැත්නම් අපේ වැඩේ තමයි පරක්කු වෙන්නේ. මම කොල්ලෝ ටික අද දවසට ෂේප් කරගන්න බලන්නන්කෝ'.
මේ වෙන දේ හිතා ගන්නට බැරිව සිටි මම සුගතේ බාස් පසුපසින් ගියේ ඔහු සිය ගෝලයින්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නටය.
' පුතාලා මම හාඩ්වවෙයාර් එකේ මුදලාලිගෙන් කීයක් හරි වියදමට ඉල්ලාගෙන එන්නම් .
පව් බන් අපි දවල්ට කන්න නෑ කියලා සල්ලි ඉල්ලලා අරෝවට ගියාට අර සෝමදාස මහත්තයා තාම උදේට කාලත් නෑ .බලපල්ලා මේ හෙඩ් ඔෆිස් එකේ ඉන්න අනුකම්පාවක් නැති උන් සැපට එහෙ ඉන්නවා මෙහෙ අපිත් දුක් විඳිනවා . මහත්තුරුත් දුක් විඳිනවා.
සුගතේ බාස්ගේ ගෝල පිරිස බඩගින්න නිසා හෝ සෝමදාස මහත්තයා කෙරෙහි උපන්නා වූ අලුත් බඩේගින්දර නිසා හෝ කරබාගෙන තැන තැන ඇනබා ගත්තෝය.
මම ආපසු යනවිට සෝමදාස අර පත්තරයම බලමින් කකුල් දෙක මේසය උඩ තබාගෙන සිටියේය.
මගේ මේසය උඩ තෙල් තැවරුණු බ්‍රව්න් පේපර් කවරයක දමා තිබු මාළුපාන් බාගය මම අසල තිබු කුණු කුඩයට හඬ නැගෙන සේ විසි කර දැම්මෙමි.
මගේ නොමනාපය තේරුම් ගත්තාක් මෙන් ඔහු පත්තරය දෙකට නවා පැත්තකින් තබා පුටුවේ හරිබරි ගැසුනේය. වෙනදා නැති ස්වරයකින් හඬ අවදි කළේය.
'උඹ දන්නවද සුගතේගේ කොල්ලන්ට කලින් මමයි ස්ට්‍රයික් කලේ. මම ඔෆිස් එකට ඊයෙම කිව්වා සල්ලි එනකන් මම වැඩ නවත්වනවා . අදත් හම්බුන් නැත්නම් කොල්ලෝ ටිකත් එක්ක කොළඹ එනවා කියලා .
'උදේ මම ආයිමත් කොළඹට කතා කරා.සල්ලි අරගෙන එකෙක් එහෙන් පිටත් වෙලා.දෙක විතර වෙනකොට මෙහෙට එයි'.
සෝමදාසත් සමග උදේ බඩ පිරෙන්නට කෑ කිරිමාලු හා ඉඳිආප්ප සප්පායම හිතින් අමතක කර දමන්නට මම උත්සහ කළෙමි.
(photo; samsungvillage.com)
//සෝමදාසත් සමග උදේ බඩ පිරෙන්නට කෑ කිරිමාලු හා ඉඳිආප්ප සප්පායම හිතින් අමතක කර දමන්නට මම උත්සහ කළෙමි.// :D
ReplyDeleteඑලට ලියා තිබේ. දිගටම ලියන්න.
බොහොම ස්තුතියි. දිගටම එන්න
Deleteමේ වගේ සංවේදි සේවාදායකයෝ දැන් නම් ඉන්නවද කියලා හිතන්න බෑ.
ReplyDeleteමේසන් බාස්ලා ගැන නැතත් බොහෝ මිනිසුන් ගැන මතක් වෙලා හදවත දියවෙනවා නම් දැනුනා මේක කියවලා.
මේ විදිහේ මිනිස්සු මටනම් තාම හම්බ වෙනවා සයිට් වලදී. ඒත් දැන් දැන් ඔවුන්ව ඉස්සර වගේ සමීපව නිරීක්ෂණය ලැබෙන් නෑ .
Deleteඑක එක ලෙවල් වල මැනෙජ්මන්ට්..
ReplyDeleteඔව්. හැබැයි මේවා ගැන case studies ලියවිලා නෑ
Deleteඔහොම සයිට් මැනේජර් කෙනෙක් මම ඇහුවමයි
ReplyDeleteඋඹලා ගොඩක් කතා අහලා නෑ ඒ කියන්නේ
Deleteඅටමෝ , ඉවාන් කිව්වා වගේ මේ විදිහේ චරිත අනන්තවත් හම්බවෙනවා සයිට්වලදී . රසවත් , දුක්බර ඒ වගේම පුදුම හිතෙන කතා තියෙනවා.
Deleteපුදුම මනුස්සයෙක්නේ. මාර කූල් පොරක් කියලත් හිතුණා...:D
ReplyDeleteඔවු පොඩ්ඩි පස්සේ පස්සේ මමත් උත්සහා කළා මේ විදිහේ කූල් මනේජර් කෙනෙක් වෙන්න
Deleteඔන්න දැම්මා කමෙන්ට් එකක්. කොහෙවත් යන්නේ නැතිවෙයි කියලා හිතනවා...:)
ReplyDeleteඒක අතීතයට නම් ගියා D :
Deleteපිස්සු හැදෙනවා අප්පා.. මට මතක් වෙන්නේ අපේ සරා ගොයියාව.. මාරම කතාව.. වටින්නේ සෑබෑ කතාවක් නිසයි. මං හිතන්නේ ඔය වගේ තමන්ගේ හිතත් එකක් සටන් කර කර මිනිස්සු සටන් කරන දිහා උපේක්ෂාවෙන් බලන්න ඉන්න එක හරිම අමරු වැඩක්.. නියමයි තිලකේ
ReplyDeleteවෙන්න තියෙන දේ හොඳටම දන්නා අත්දැකීම් තියෙන මිනිස්සු බොරුවට stress ගන්නේ නෑ . කරන්න පුළුවන් හොඳම දේ කරලා කූල් එකේ ඉන්නවා. ස්තුතියි මචන්
Delete//මේ රුපියල් සීයෙන් බුලත්විට ප්ලේන්ටිය බීඩි , සිගරැට්, දවල් කෑම මෙන්ම හවසට මල්පැන් වඩියකටද පිරිමසා ගන්නට පුළුවනි//
ReplyDelete:-o
අවුරුදු පහළොවකට උඩදිත් කෑම එකක් රුපියල් විස්සක් වගේ තමයි උනේ.( හැබැයි දැන්නම් ඊට අඩු ඇති පවුලකටම මාසෙකට යන්නේ 2500 නේ )
Deleteආයෙමත් අර 'අළු' පාට.......
ReplyDeleteඕනිම කළු හෝ සුදු චරිතයකට කිඳා බැහැලා බැලුවොත් පේන්නේ අළු පාට නේද JP ?
Deleteඅනේ අනේ JP නෙවෙයි තිසර . තිසර
Deleteඔන්න ඔයවගේ පොරවල් වලට පුලුවන් රටක් පාලනය කරන්න. මාර strategy එකක් මචං.
ReplyDeleteරට පාලනය කරනකොට අර සුගතේගේ රුපියල් පණහට වැඩේ දෙන තැනින් එහාට යන strategy එකක් නෑනේ මචන්
Deleteහෙන්රි , රට පාලනය වෙන්නෙත් මේ ක්රමයට නෙමෙයිද දැන්? ;)
Deleteමෙට මතක් උනේ සරත් අයියගෙ මිනිස්සු එක්ක කතා පෙල. තිලකෙ බැලුවද?
ReplyDeleteසරත්ගේ කතා ටිකක් කියවලා තියෙනවා රාජ්. ඉතිරි ටිකත් කියවන්න ඕනි.
Deleteසයිට් ජීවිතේ මහා පුදුමාකාරයි , ඔය වගේ කතා අනන්ත තියෙනවා. මේ ලියලා තියෙන රටාවෙන් මේ කතාවේ සංවේදී බව තවත් වැඩි වෙනවා. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන්නේ PMBOK එකේ තිඑයෙන ටික කියලා හිතන් ඉන්න එවුන්ට ප්‍රායෝගික මිනිස්සු එක්ක වැඩකරන්න ලැබුනම තේරෙනවා වෙනස.
ReplyDeleteතියරියයි ජීවිතෙයි කියන්නේ දෙකක්. ප්‍රයෝගික නොවන මිනිහා පරාදයි
ඔවු ඉවාන් PMBOK පොත තියෙන්නේ රස්සා ගන්න පාවිචිචි කරන්න විතරයි. ඒත් රස්සාව කරනකොට පාවිච්චි කරන්න තියෙන්නේ සෝමදාසලගේ තියරි තමයි. උඹ දන්නවනේ අපේ සයිට්වල දවසින් දවස හම්බවෙන එකකට එකක් සමාන නැති අටෝරාසියක් ප්‍රශ්ණ . ඕවට හරියන විසඳුම් මොන පොතකවත් නෑ
Deleteසයිට් දිවිය ගැන කදිම තොරතුරු ගොන්නක්..... ඒ ජීව්ත ගැන හොද පැතිකඩක් දැක්කා මේ සටහනෙන්.
ReplyDeleteබොහොම ස්තුතියි මචන් . වෙලා තියෙන හැටියට ලියන්නම් තව තියෙනවා සයිට් ජීවිතේ කතන්දරත්
Deleteමේ කතාවේ වීරයා සෝමදාස මහත්තයානේ. සුගතේ බාස් කියලා නම දැම්මේ ඇයි ? කොහොම වුණත් වෙනදා වගේම රසවත් සටහනක්.
ReplyDeleteමනේජ්මන්ට් පැත්තෙන් බැලුවාම සෝමදාස තමයි වීරයා. එත් බලන්න සුගතේ තමන්ගේ කලහකාරී ගෝල පිරිසගේ ප්‍රශ්නය තනිවම කරගහන්න තරම් දැඩි තී රනයක් ගන්නවා තමන්ට වඩා බඩගින්නේ ඉන්නවා කියලා හිතන සොමදාස ගැන අනුකම්පා හිතලා. කොහොම උනත් මේ වගේ අදහසක් මතු කරපු එකත් හොඳයි. බොහොම ස්තිතියි නිලුක
Deleteඇත්තටම තිලකෙ සෝමදාස නං සයිට් වලටම තෙම්පරාදු වෙච්ච මැනේජර් කෙනෙක් නේද,තිලකෙ කලබල වෙද්දි සන්සුන්ව හිටපු අපූරුව.
ReplyDeleteමිනිහා උදේට කාපු එක තිලකෙ කොතන කියයිද කියල මම බල බලා හිටියෙ නියම තැන.අදත් කතාව හරිම සංවේදීයි තිලකෙ.
ඔවු මචන් ඒ කෑල්ල නිසි තැනට දාන එක තමයි මේක ලියන්න පටන් ගද්දිම මගේ ඔලුවේ වැඩකරපු දේ. බොහොම ස්තුතියි .
Deleteඒක හරි මචං! නියම කලමනාකරනය හෝ දේශපාලනය එන්නේ සමාජය හෝ වැඩ පිළබඳව ඇති අත්දැකීමෙන්. අත්දැකීම් අඩු මිනිහගේ කැලඹිල්ලෙන්ම ඒක අනික් අයට පේනවා...
ReplyDeleteලියවිල්ල වෙනදා වගේම එළ මචෝ! උඹට ජය!!
බොහොම ස්තුතියි මචන් චන්දන. සමහරු ගාව තියෙන සහජ බුද්ධිය අත්දැකීම්වලට එක්කාසු වුනාම තමයි හොඳම කලමනාකාරයෝ බිහි වෙන්නේ නේද?
Deleteෂා අන්න මිනිහ.නියමෙට කරන්න ඔන දෙ තෙරෙනව.ඔයවගෙ මිනිස්සු ලග යුනිවසිටි දහයකට වඩ ඉගෙනගන්න දෙවල් තියෙනව.ඔයවගෙ පොරක් ලග්ෆ ඉන්න ලැබෙන එකත් වාසනාවක්.
ReplyDeleteමිනිහා කොහොම හරි වැඩේ ගොඩ දානවා මචන්. කොක්කෙන් හරි කෙක්කෙන් හරි. එක එක විදිහේ චරිත . මිනිහගේත් දුරුවලකම් තිබ්බා .
Deleteතෙම්පරාදු වෙච්ච පොරක්. ඔහොම කරන්න හොඳ ශක්තියක් තියෙන්න ඕන. මම ලංකාවේ ඉන්න කොට හෝමාගම හෝටලයක මැනේජර් වෙලා හිටියා. හෙඩ් ඔෆිස් එකෙන් දෙනවා දෙනවා කියපු දීමනාවක් දෙන්න අදිමදි කරනවා. මහ තැනට කිව්වා ....හෙට මම කට්ටියවම අරන් හෙඩ් ඔෆිස් එනවා කියලා. හෝටලය තුනේ ඉඳන් හය වෙනකම් සාමාන්‍යයෙන් වහනවා. හෝමගම හන්දියෙන් බස් එකක් කතාකර ගෙන කොට්ටාව හෙඩ් ඔෆිස් එකට ගියා සේවකයෝ තිස්ගානත් එක්කම. ලොක්කා සාකාච්ඡාවක් දුන්නා . දවස් දෙකකට පස්සේ අර අහිංසකයින්ගේ දීමනාව ලැබුනා. දවස් තුනකට පස්සේ මායි මගේ ඇසිස්ටන් මැනේජරුයි (රවී ඩයස් ) ඉල්ලා අස්වුනා. හැමෝම වගේ එදා ඇඬුවා. ලොක්කා කිවා යන්න එපාම කියලා. ඒත් අපි දෙන්නා ගියා. අතීත මතක.
ReplyDeleteමේ එක එක කතා ඇදෙනකොට පරණ මතක අවිස්සෙනවා බන්. මට මතක් වුනා දවසක් අපේ කොළඹ කොටුවේ සයිට් එකේ හිටපු සේරමත් එක්ක බම්බලපිටියේ හෙඩ් ඔෆිස් එකට ගිය කතාවක්. ඒ මේ වගේ තද අර්බුදයක් තිබ්බ වෙලාවක. පස්සේ ලියන්නම්.
Deleteඅන්න නියම මිනිස්සු.. මට හිතුනේ අන්න ඒ දේ..
ReplyDeleteඔව්. ඒ වුනත් මේ ලියලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිතේ එක පැත්තක් විතරයි
Deleteමහ පොළවේ වැඩ කිරිල්ල කියන්නේ අමුතුම කලාවක්... ඒක දන්නවනං මේ ලෝකේ කරන්න බැරි දේකුත් නැහැ...
ReplyDeleteඔව් මාරේ. මහපොළොවෙන් ලැබෙන පන්නරය තමයි ඒ .
DeleteTwo hours, read every post!!!
ReplyDeleteThank you for being with me for two hours
Deleteමටනම් සයිට් මැනේජර්ට වඩා පෙනුනේ සුගතේ බාස්ගෙ ගුනයයි. තමන්ට හොදටම දැනෙන බඩ ගින්නට වඩා, වෙන කෙනෙක් කට වචනෙන් කියන බඩගින්න ගැන හිතන මිනිස්සුයි වැදගත්. මට නම් ඔය වගේ මැනේජර් වගකීම් හරියන්නෙම නෑ. මම ඕනවට වඩා යටත් සේවකයන්ට හිතවත් වෙනවා, එතකොට වැඩේ කචල්.
ReplyDeleteහැමදාම වගේ විශිෂ්ට විදිහට ලියල තියෙනවා.
විකී මගෙත් හිත ගත චරිතය සුගතේ බාස් තමයි . ඒත් යම්කිසි දුෂ්කර රාජකාරියක් , වගකීමක් ඉටු කරද්දී සොමදාසලාගේ තියරිත් පාවිච්චි කරන්න වෙනවා. ඒත් මටනම් අද වෙනකම් අරවගේ බොරුවක් කියන්න බෑ . විශේෂයෙන්ම බඩගින්න වගේ ප්‍රශ්නෙකදී
Deleteමෙහෙම මිනිස්සුත් ඉන්න ඕනෙ.එතකොට තමයි මිනිස්සුන්ගේ තියෙන වෙනස පේන්නෙ...
ReplyDeleteඔවු විවිද විෂම චරිත දරාගෙනම තමයි සමාජය ඉස්සරහට යන්නේ
Deleteමට මේ දවස් වල කේස් ස්ටඩීස් වගයක් ලැබෙමින් පවතිනවා..
ReplyDeleteඅපි දඟලලා ලියන නිර්මාන වලට වඩා සැබෑ ජීවිතේ පතුල අත පත ගාන්න ලැබෙනවා. මේ කතාවත් මට නම් එයින් එකක් වගෙයි..
ඇත්ත වෙනි , මේක ස්ටඩි කරන්න හොඳ කේස් එකක් කියලා මට හිතෙනවා .
Deleteමට හිතෙන්නෙම සෝමදාස අන්තිමට කිව්වේ බොරුවක්. කොළඹින් එදා කොහොමත් සල්ලි එවන්න ඇති... ඔය තරම් හීන් නුලෙන් වැඩකරන කෙනෙක් තමන්ගේ ලොක්කො එක්ක ඔයතරම් සැරට හැප්පෙයිද?
ReplyDeleteඅර අහින්සක මිනිහගේ සල්ලි බොරුවට අරගත්ත එකට සර්ට තරහගියබව තේරිලා තිලකසිරි සර්ගේ හිත හදන්න තමයි ඒ බොරුව කිව්වේ කියලයි මට හිතෙන්නේ...
මන් හිතන්නේ එක්කො මට අළු පාට දකින්න අමාරුයි... අළුපාට දකින එකත් ලේසි නැහැ...
සුගතේ බාස් හරිම හිතහොඳ, සරල, අහිංසක මනුස්සයෙක්. කතාවේ සිද්දි වලින් මිනිස්සුන්ගේ ගතිගුණ සියුම්ව පෙන්වන හැටි හරිම ලස්සනයි. හැමදමවගේ හිතන්න ගොඩක් දේවල් ඉතුරුවෙන කතාවක්.
//සුගතේ බාස් හරිම හිතහොඳ, සරල, අහිංසක මනුස්සයෙක්.// සුගතේ බාස් ගැන තවත් විස්තර මම දන්නා නිසා තනුෂ්කාගේ මේ නිරීක්ෂණයට මමත් සියයට සීයක්ම එකඟයි . සොමදාසගේ කලින් දවස්වල හැසිරීමයි එදා දවසේ හැසිරීමයි අනුව මම විශ්වාස කළා එදා මිනිහා හෙඩ් ඔෆිස් එකත් එක්ක රණ්ඩු කරගෙන ස්ට්‍රයික් පිට හිටිය කියලා . කොහොම උනත් ඒක ඇත්තම නෙවෙන්නත් පුළුවන්.
Deleteඅනික, තනුෂ්කාගේ රසබර english articles ගොඩක් කියවලා තිබ්බට ඔයාට මෙච්චර ලස්සනට සිංහල ලියන්න පුළුවන් කියලා මම දැන ගත්තේ අදයි. ගොඩක් සතුටුයි, ගොඩක් ස්තුතියි .
මේ අපේ අර බන්ඩාර දෙයියො ගැනත් ලියන්න පරන ඒව මතක් වෙන්න You know Mr.K- - -
ReplyDeleteහෙහ් හේ ඒ කාලේ කොච්චර කතා තියෙනවද ලාල් කිව්වත් වගේ . අර මතකද ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක රණ්ඩු කරපු කාලේ. ලාල් දවසක් ගව්මක් ඇඳගෙන එන්නද ඇහුවේ. ඇයි තව මුතුර්වල කතා උප්පාරු , ගංගෙයි පාලම් .ලියමු ලියමු ටිකක් කල් අරන්
Deleteතිලකෙ ලියන විදිහ/රටාව නියමයි. මේව්ව ආදර්ශයක් ගතහැකි ප්‍රයෝගික ජීවිත අත්දැකීම්.
ReplyDeleteස්තූතියි, මේ සොඳුරු අත්දැකීම් අපත් එක්ක බෙදාගන්නවට
බොහොම ස්තුතියි බස්සෝ. තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා
Delete