කහ පාට දොඩම් යුෂ වීදුරුවක් හෝ වෙනත් සිසිල් බීමක් දුටු සැනින් බර කල්පනාවකට වැටෙන මගේ මිත්‍රයෙක් සිටියි. එහි රහසනම් ඔහුගේ හදවතේ කෙළවරක දශක ගණනක් තිස්සේ පිපී දිදුලන පුංචි කහ පාට මලකි . මට හැර තාම කාටවත් කියා නැති ඒ කතාව දෙවැනියට ලියන්නට ඉඩ තබා මේ ලියන්නට යන්නේ වෙනත් ලෝක ප්‍රසිද්ද කතාවක මට මතක සාරාංශයයි. සමර්සෙට් මෝම් හෝ ඔස්කා වයිල්ඩ් වර්ගයේ කවුරුන් හෝ ලිව්වා කියා මට හිතෙන මේ කතාවේ හැබෑ රචකයා සේම හරි කතාව මොකක්දැයි හොයා ගන්නට කවුරුන් හෝ උදව් කරනවා නම් මම හද පත්ලෙන් ස්තුති වෙන්නෙමි.
නම් ගම් හා කතා පසුබිම ලංකාවේ හැටියට වෙනස් කළ මගේ වර්ෂන් එක මෙහෙම යි .
බැච් ට්‍රිප් එකේ පළමු දවස අනුරාධපුර ගත කළ කොල්ලන් කෙල්ලන් රැගත් බසය දෙවැනි දවසේ දවල් එකොළහ පමණ වෙනකොට අනුරාධපුරයෙන් පිටත්වුනේ දවල් කෑම කලාවැව ඉවුරේදී කන්නට හිතාගෙනය.
අනුරාධපුර ජයන්ති මාවත පැත්තෙන් මල්වතු ඔය පාලම පේන තෙක් මානයට ආවා පමණි. තනි කෙලින් පාරේ මීටර පන්සීයක් විතර ඈතින් පරණ පන්නයේ බැග් කබලක් අතින් ගත් සුදු සරමක් හා කමිසයකින් සැරසුණු මනුස්සයෙක්, වෙනත් ග්‍රහ ලෝකෙක ඉඳන් මේ දැන් ප්‍රාදීර්භුත වූ අයෙක් මෙන් පාරට අත දික් කරගෙන සිටියේය.
'බයිට් එකක් බයිට් එකක් ; කොල්ලෝ කීප දෙනෙක් කෑ ගැසුවෝය. අර මෑන් හිතල තියෙන්නේ මේක ලංගම බස් එකක් කියල . මල්ලි අපි වාහනේ නවත්තලා මිනිහා දාගෙන යමු , ටිකක් දුර ගෙනිහින් බස්සමු. හොඳ බයිට් එක'.
සිසු නඩය සමග ගානට සෙට් වෙලා හිටි ඩ්‍රයිවර කොලුවාද අන්ද මන්ද මගියා අසල බස් රිය නතර කළේය. ඔහු බසයට ගොඩ වෙද්දීම එකෙක්. 'රයිට් පස්සට යන්න පස්සට යන්න . ඔය දැන් නැග්ග එක්කෙනා ටිකට් ගන්න . කොහාටද යන්නේ ?
ඔහු කමිස සාක්කුවට අත දමා නෝට්ටු කීපයක් ඇද්දේය .
'කොහාටද යන්නේ'. කොන්දොස්තර ඇසුවේය.
මගියාට දිව පැටලුනේය. ඔහුද ඒ ප්‍රශ්නයම ඇසුවේය . කොහාටද යන්නේ ?
මේ හලෝ ඔහේ බෝඩ් එක බලන් නැතිවද නැග්ගේ ? යන දිහා දන් නැතිව නගිනවා මෙතන ' . කට්ටියට බයිට් එක සෙට් වෙලාය. කෙල්ලෝ මැසිවිලි නගති. ඒයි පව් පව් අහිංසක මනුස්සයෙක් රස්තියාදු නොකර බස්සලා යමු අනේ .
හැමෝම ආයෙමත් කොක්සන් හඬ නඟති.
බස් එක කෙලින් පාර දිගේ හැල්මේ ඉදිරියටම ඇදේ . ඒ ගමන කොන්දොස්තරලා රොත්තකි.
'ඔහේ කොහේ ඉඳන්ද එන්නේ ?.
'හිර ගෙදර ඉඳං . අද උදේ තමයි නිදහස් උනේ අවුරුදු දහයකින්'
.
එතෙක් උසුළු විසුළු හඬින් පිරී ඉතිරී තිබු බස් රිය බය බිරාන්ත නිහඬතාවයක ගිලුනේය. ඒ වෙලාවේ රජ කළ භීතිය ගුවන් යානයක් කොල්ලකරුවෙකු විසින් අල්ලාගත් විටෙක මෙන් විය.
හීන් හඬින් සරසවි කොල්ලෙක් මෙසේ ඇසුවේය . මොනා වෙලාද හිරේ යන්න උනේ ?
'මගේ අතින් මිනිහෙක් මැරුණා. ගැටවර කාලේ අපෙත් අණක් ගුණක් නෑනෙ' .
මේ මිනිහා බස්සලා යමු නේදැයි අසන්නාක් මෙන් පිටුපස බැලූ ඩ්‍රයිවර් මල්ලී බස් රිය ස්ලෝ කළේය.
මේ අතරේ එකෙක් කිව්වේ නෑ අපි දිගටම යමු කියලාය ඒ කියන ගමන් ඉස්සරහම පේලියේ අසුනක මගියාට වාඩි වෙන්නට සැලැස්සුවේය.
දැන් මේ මගියාගේ කතාව බස් එකේ පේලියෙන් පේලියට පිටිපස්සට යනකන් පැතිර ගිහිල්ලය.
හිර කාරයෙක්ලු! . මිනී මරුවෙක්ලු ! .
දැන් මගියා බයිට් කරන්නට බලා සිටි කොල්ලන් බයිට් වී තිබේ. මගියා යන්නේ කොහාටද දැන ගන්නට වුවමනාව තිබේ. හෙමින් හෙමින් කිට්ටු වෙන 'කොන්දොස්තර' වෙත මගියා පුංචි නෝට්ටු කොළ ටික දික් කරමින් නුවරට එකක් දෙන්නයි කියයි.
'නෑ සල්ලි එපා කමක් නෑ , දැන් නුවර ගිහින් කොහාටද යන්නේ? .
'සමහර වෙලාවට මම නුවරටම යන්නේ නෑ මහත්තයෝ , සමහරවෙලාවට මම නුවරට ගිහින් එතනින් කඩුගන්නාවේ මම දන්නා පන්සලක් තියෙනවා එහෙට යනවා'.
'මොකක්ද ඒ සමහර වෙලාවට නුවරට යන්නේ නෑ කියන එකේ තේරුම මොකක්ද? මගියා නිහඬය.
ඔහේගේ ගම කොහෙද ? ඔහේ කසාද බැඳලද ?
මගියා නිහඬය .
එක්වරම ඔහු හඬ අවදි කළේය.
'මම බැඳලා තමයි හිටියේ මහත්තයෝ . කුසුමා හරි ලස්සන කෙල්ල' .
ආයෙත් නිහඬ බව
'මේ සිදිදිය වෙනකොට අපි බැඳලා මාස කීපයක් විතරයි වුනේ'.
දොඩමලු මගියා කියන වචන පිටිපස්සේ සීට්වලට ඇහෙන්නට පටන්ගෙන ඇත. හැමෝම පුළුවන් තරම් නිස්සබ්දතාවය රකිමින් මගියාගේ මුවින් ගිලිහෙන වචන අහුලා ගන්නට වෙහෙසෙති. හරියට ඇහුනේ නැති උන් අනිත් අයගෙන් අසා දැන ගනීති.
'මේ කාලකන්නි මිනීමැරුම වෙලා මම අවුරුදු විස්සකට හිරේ ගියාම ගෑනි අඬ අඬා හැම සතියෙම මාව බලන්න ආවා මහත්තයෝ.
එතකොට ඒකිට අවුරුදු විසිපහක් ඇති ,
'මම කිව්වා කුසුමෝ මන් බලන්න එන්න එපා. තව අවුරුදු විස්සක් කියන්නේ ඔහේගේ ජීවිතේ හොඳ කාලේ ඉවරයි. මාව අමතක කරලා වෙනින් අතක් බලා ගනින් කියල .
හුල්ල හුල්ලා අඬනවා විතරයි පස්සේ පස්සේ කුසුමා මාව බලන්න ආවම මම එයාව මග ඇරියා. මුණ ගැහෙන්න එන්නේ නැතිව හිටියා. ඒත් සතිපතා එයා ආවා. මම ගියේ නෑ . පස්සේ ලියුම් එව්වා. මම ලියුම්වලට උත්තර ලියනවා තියා ඒවා කියවලාවත් බැලුවේ නෑ .
පස්සේ පස්සේ මට වෙසක් කාඩ් එකක් විතරක් අවුරුද්දකට සැරයක් ආවා. දැන් අවුරුදු හතරක පහකට කලින් ඉඳන් ඒකත් නතර උනා .
මම හිතන්නේ දැන්නම් කුසුම ආයේ පෙළවහක ගිහින් දරුවෝ මල්ලෝ එක්ක සතුටින් ඇති'
මගියා ආයෙමත් නිහඬය .
ඔහු පමණක් නොව අනිත් සියල්ලෝත් නිහඬය.
නිහඬ බව බින්දේද මගියාමය
'අනේ මහත්තයෝ අවුරුදු විස්සකට අච්චු කෙරුවට මට දහයකින් නිදහස හම්බුනා . කල්කිරියාව හොඳ හිරකාරයෝ කීප දෙනෙක් ජනරජ දවසේ නිදහස් කරනවානේ. ගිය සතියේ තමයි මටත් කිව්වේ අද නිදහස් කරනවා කියලා.
ඉතින් නිකමටවත් ගෙදරට කියලා යැව්වේ නැද්ද? හැමෝම වෙනුවෙන් එකෙක් ඇසුවේය.
'මම ලියුම් කරදහියක් යැව්වා.අපේ ගෙවල් තිබ්බේ මාතලේට ටිකක් මෙහා . මහා පාරින් හැරිලා හැතැප්මක් විතරයි යන්ට තියෙන්නේ. මම කුසුමට ලිව්වේ මෙහෙමයි; මම විසි දෙවැනිදා නිදහස් වෙලා නුවර බස් එකේ යනවා. ඔහේ තාමත් තනිකඩව මා එනකම් බලා ඉන්නවානම් විතරක් අපේ ගෙවල් පැත්තට හැරෙන තැන මහා නුගේ අත්තක කහපාට කොඩියක් දම්මලා තියන්න කියලා ලිව්වා. එහෙම නැත්නම් එත් කමක් නෑ මම දිගටම ගිහින් ඈත පළාතකට වෙලා ඔහෙලාට කරදරයක් නැතිව ජීවත් වෙන්නම් කියලත් ලිව්වා.
මේ වනවිට බස් රථයේ කේන්ද්‍රය වී තිබුනේ මේ මගියා සිටි අසුනයි. ඔහු මේ දැන් කියන කතාවත් සමග එකතු වූ මගියාගේ වැදගත් හැසිරීම, සන්සුන් කතා විලාශය හා අහිංසක බැල්ම නිසා ඔහු තව දුරටත් හිරෙන් නිදහස් වූ මිනීමරුවෙක් ලෙස කාටවත් නොපෙනිණි.
අපි කළාවැව යන්න ඕනි නෑ කෙලින්ම නුවර යමු . එකෙකු කළ යෝජනාව ඒකමතිකව සම්මත විය. දවල් කෑමත් අමතක කර දැමු කොල්ලන් කෙල්ලන් පිරිස හා සුවිශේෂ මගියා රැගත් බස්රිය කැකිරාව හා දඹුල්ල පසුකර මාතලේ පෙදෙසට ලඟා වෙමින් තිබිණි.
කෙල්ලන් රොත්ත පිටින් ජනෙල් වලට ලං වී සිටියෝය. දැන් ලඟද දැන් ලඟද? මොන පිස්සුද තව කොච්චර දුරද?. බස් එකේ කසු කුසු කසු කුසු
මගියා විතරක් ඔහේ ඉදිරිය බලාගෙන උපේක්ෂාවෙන් සිටියේය.
ඒත් මාතලේ පැත්තට බසය ලං වත්ම ලං වත්ම ඔහුගේ මුහුණේ මාංශ පේශීන් නොසන්සුන්ව නැටුවේය. ඔහු දෑස පියා ගෙනම සිටියේය ඔහු කියූ මග සලකුණු අනුව රූස්ස නුග ගහට තව ඇත්තේ කිලෝමීටර දෙක තුනකි.
ජනෙල් කවුළු ළඟ පොර කන්නන් පිරිස වැඩි විය. ඔලු තිහ හතළිහක් තිබ්බේ බස් රියෙන් එලිය පැත්තට වෙන්නටය.
'අන්න අන්න අර නුග ගහ පේනවා'
ඈතින් කුඩාවට පෙනෙනා නුගය දුටු එකෙක් කෑ ගැසුවේය.
'ළඟ වගේ පෙනුනට හරි දුරයි ඒක'.
මගියා දැස් වරක් ඇරපියා ඉදිරිය බලා යලි වසා ගත්තේය. ඔහු ගැන හැමෝටම අමතකව ගොස් නුග ගස එල්ලේ ඇස් යොමු වී තිබිණි.
තත්පර කීපයකට නතර වී තිබු හදවත් සියල්ලේ ස්පන්දන වේගය දෙගුණ තෙගුණ කරමින් කෙල්ලක් මුර ගෑවාය .
'කහ පාට කොඩියක් තියෙනවා!'.
තවෙකෙක් එසැණින්ම කෑ ගැසුවේය
'තව කොඩියක් තියෙනවා'
නෑ නෑ කොඩි ගොඩක් !!
තව නොබෝ වෙලාවකින් කහපාට කොඩිවැල් ඇද සරසා තිබු අතුරු මාවත දිගේ ප්‍රේමවන්ත මගියා ජයග්‍රාහී ලෙස පියමනිමින් සිටියේය.
************
සටහන; විදෙස් මුලාශ්‍රයකින් පරිවර්තනය කරන ලද මේ කතාව බොහෝ කලකට පෙර මා කියවුයේ මනහර සඟරාවකින් කියා මතකය. මෙහි මුල් රචකයා හා කතාවේ අලගිය මුල ගිය තැන හොයන්නට මට සහාය වෙන මෙන් ඉල්ලමි. මේ කතාව මුලින් ලිව්වේ මා ඉදිරියේ දිග අරුණු සබෑ අත් දැකීමක් වන කහපාට ආදරය-2 කොටසට ප්‍රවේශයක් හැටියටය. ඒ කොටස හෙට අනිද්දාම ලියන්නෙමි.
Image; layoutparks.com
Maru kathawa ayya...
ReplyDeletethanks malli.
Deleteහරිම රසවත්!
Deleteහරිම ආශාවෙන් මං කියවුවේ. ඔබේ අනුවර්ථනය නියමයි. මෙහි මුල් කෘතිය ගැන නම් අවබෝදයක් නැහැ,ඒත් දන්න යාලුවන්ට ලින්ක් එක දීලා බලන්නම්, එයාල දන්නවා ඇති, ඒත් මං කියවුවේ හරියට බස් එකේ හිටපු කෙනෙක් වගේ ඔබ සාර්ථකයි .
ReplyDeleteබොහොම ස්තුතියි අපුර්වී මේ ඇගයුමට . ඇත්තෙන්ම මේ කතාව මුලින්ම කියවාපු දවසේ ඇති වෙච්ච ආශ්වාදය මට තාම දැනෙනවා
Deleteකියන්න වචන නැතිය.....කතාවයි ලියවිල්ලෙ රසයයි නිසා ඇස් දෙකත් ටිකක් බොද වුනා.....
ReplyDeleteසුපිරි ලියවිල්ල.....
බොහොම ස්තුතියි කෙන්ජි. ඔබේ සටහන ලියන්නට දිරියකි
Deleteහොඳට හරි බරි ගැහිලා , එක හුස්මට කියෙව්වා. මේ විදිහෙ කතාවක් නං මතක නෑ, ටිකක් හරි ලඟින් ය්න එකක් තියෙන්නෙ මේක:
ReplyDeleteAfter Twenty Years by O. Henry
බස්සා කියන කතාව නෙමෙයි...
Deleteමටත් මතකයි බං ඔය කතාව කියෙව්වා වගේ. ඒත් කරුමෙට මොකක්වත් මතක නැති වෙනවා නේ ඉක්මනට...
Deleteස්තුතියි බැස්සා හා දේශා .මට හිතෙන්නේ මචන්ලා පහලින් කඳු සහ බුරෙන්තිනෝ කියලා තියෙන මුලාශ්‍ර වඩා කිට්ටුයි කියලා
Deleteඒ මුල් කතාව නම් කියවල නෑ... ඒත් මේ කතාන හරිම අපූරුවට ලියල තියෙනව... දෙවෙනි කොටස බලා ගන්න ඉවසිල්ලක් නෑ මට...
ReplyDeleteතැන්කිව් කස්සප දෙවැනි කොටස ඉක්මනින් ලියනවා
Deleteකතාව නියමයි තිලක,
ReplyDeleteබස් එකේ අය වගේමයි අපිත් .... අවසානය මොකද වෙන්නේ කියලා උනන්දුවෙන් කියෙව්වා.... ස්තූතියි කතාවට.... කතාව කාගේ වුණත් කමක් නැත. කකා කිව්වා වගේ ඔබ දෙවැනි රචකයායි......
නමුත් ඔබ දිගින් දිගට ම පළමු රචකයාට ඉටු කළ සාධාරණය ගැන අපේ ස්තූතිය..... ලක්බිමට හෝ ස්ටැන්ලි ප්‍රනාන්දු නම් හොරාට මේ මනුෂ්‍ය ගතිය තිබුණේ නැත....
ස්තුතියි ගී පවුර . හැකියාවක් හා හැබෑ රස වින්දනයක් තියෙන කිසිවෙක් අනුන්ගේ ඒවා තමන්ගේ නමින් දාගන්නේ නෑ
Delete"....මගියා දැස් වරක් ඇරපියා ඉදිරිය බලා යලි වසා ගත්තේය...."
ReplyDeleteමෙතනදි මගේ පපුව හිරවෙනවා වගේ දැනුනා.....
නියමයි උඹ මට උදේ පාන්දර කරපු හරිය....!
නම්බුකාර නිර්මාන කියලා මම කියන්නේ මෙන්න මේවට.....
මුල් රචකයා පවා සතුටුවෙයි ඔබගේ රචනාව කියෙව්වොත්...
ඔව් මගෙත් හුස්ම හිරවුනා ඒ වෙලාවේ....
Deleteකලාතුරකින් අහන්න ලැබෙන කතාවක්!
මේ කමෙන්ට් කියවලා මගෙත් පපුව හිර වුනා සතුට වැඩිකමට . ගොඩක් ස්තුතියි
DeleteI know this story! "Tie a Yellow Ribbon"..
ReplyDeletehttp://amaleymunasinghe.blogspot.com/2012/08/blog-post_3133.html
මේ මම මේ ගැන ලිව්ව කවිය! එතැන තියන ඉංග්‍රීසි ගීතයට පාදක වෙලා තියෙන්නේ ඔය කතන්දරේ තමයි!!
ගැට ගසනු මැනවි
කහ පාට පුංචි රිබන් පටියක්
පැරණි ම ඕක් ගහ වටේ
තවමම ඔබ මට ආදරේ නම්
තවමම ඔබට මා අවැසි නම්...
මාත් පිඹල ගියා කිව්වට බලන්න. මොන, ඒක සිංදුවක් නෙව? ඔය නමින් කොරියන් සිත්තර පටියක් නං තියේ, ඒකවත්ද මන්දා?
Deleteමේකෙත් ඒ සාරය තියෙනවා. අර පහලින් තියෙන බුරෙන්තිනොගේ ලින්ක් එකේ බස් එකේ කතාවත් තියෙනවා. ස්තුතියි කඳු
Deletehttp://en.wikipedia.org/wiki/Yellow_ribbon
ReplyDelete"Tie a Yellow Ribbon Round the Ole Oak Tree"
The symbol became widely known in civilian life in the 1970s. It was the central theme of the popular song "Tie a Yellow Ribbon Round the Ole Oak Tree", Written by Irwin Levine and L. Russell Brown and recorded by Tony Orlando and Dawn (among many others), as the sign a released convict requested from his wife or lover to indicate that she would welcome him home. He would be able to see it from the bus driving by their house, and would stay on the bus in the absence of the ribbon. He turned out to be very welcome: there were a hundred yellow ribbons. ..
www.youtube.com/watch?v=7NCZ4l8FCFc
ReplyDeletehttp://ayo-bercerita.blogspot.com/2009/11/true-story-tie-yellow-ribbon-for-me-dec.html
based on true story
Thanks
Deleteසෑර් මේකද දන්නෙ නෑ.
ReplyDeleteඋත්තරේ ලඟින් ගියා . තෑන්ක්ස් ගුනේ
Deleteආයෙ මුල් කතාවක් මොකටද මේක ඇති
ReplyDeleteබොහොම ස්තුතියි ඇලපාත
Deleteලස්සනයි. බලාපොරොත්තුවෙන් සිටිමි ඊ ලග කතාව එනතුරු
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලි මේ දෙන තල්ලුවට ඊළඟ කතාව ඉක්මනින් දාන්නම් .
Deleteතිලක් මට කතාවෙ නම නම් මතක නෑ නමුත් මලයාලි චිත්‍රපටියකත් ඔය කතාව තිබ්බා. චරිතය රඟපෑවෙ මම්මුති..
ReplyDeleteචිත්‍රපටියක් ගැන අපේ හැලපෙත් කියලා තිබ්බා මචන් . නම හොයා ගන්න ඕනි
Deleteසක් අම්මප අන්තිමට කියලා තිබ්බේ නැත්තම් කොහෙත්ම හිතන්නේ නෑ අනුවර්තනයක් කියලා , මෑත කාලේ කියවපු සාර්ථකම අනුවර්තනය
ReplyDeleteඒ කියන්නේ මෑත කාලේ උඹ වෙන අනුවර්තන කියවලාම නෑ හෙහ් . බොහොම ස්තුතියි ඉවාන් මේ ඇගයීමට
Deleteමචං මේ ඇමරිකාවේ ලියවිලා ඉන්දීය චිත්‍රපටයකටත් පාදක වුනු කතාවක් මේ ලඟදි කාගේද බ්ලොග් එකකත් තිබුණා,නමුත් මට දැන් ඒක මතක නෑ.අර ඕ හෙන්රිගේ කතාව නම් නෙවෙයි.
ReplyDeleteමචං ඔය බ්ලොග් එකයි චිත්‍රපටියයි ගැන තව විස්තරයක් ලැබුනොත් ඒවාපන් . ස්තුතියි
DeleteGoing Home Written By Pete Hamill...
ReplyDeleteබොහොම ස්තුතියි බුරෙන්තිනෝ. ඔය හෝඩුවාව තමයි කිට්ටුවෙන්ම යන්නේ .
Deleteතිලකේ අනුවර්තනය අති සාර්ථකයි. අද හරි අමුතු දවසක් . උදේ ඉඳන් කියවන්න මොනවා හරි හෙව්වා. ඒත් කියවපු දේවල් වලින් ඒ වුවමනාව ඉටූ වුනේ නෑ.මේක කියවනකම්
ReplyDeleteකියවන්න යමක් මේකෙන් ලැබුනානම් මටත් සතුටුයි JP
Deleteමුල් වතාවට මේ කතාව කියෙව්වේ. අපුරුවට අනුවර්තනය කරලා තියෙනවා අපට ගැලපෙන විදිහට. දෙවන කොටස එනකල් බලන් ඉන්නවා.
ReplyDeleteතැන්කිව් වීරේ . ඔය බැච් ට්‍රිප් ගිය එව්වාගේ එහෙම අපේ මතකත් ගාවලා තමයි මචං මේක ලිව්වේ.
DeleteLink එක FB එකේ Share කරල තිබ්බේ මගේ මරණය.ඉස්සෙල්ලස එයාට ස්තූති කරන්නෝනි මේ වගේ පෝස්ට් එහෙකට එන්න පාර කීවට.
ReplyDeleteසංවේදී කතාවක්. ටිකක් විතර මේ වර්ගයේ ෆිල්ම් එකක් බැලුවා ඊයේ.(ද ලන්ච් බොක්ස්)
කහපාට කතාවේ දෙවෙනි කොටස කියවන්න මඟ බලාන ඉන්නවා.
ඒ වගේම ඔරිජිනල් කතාව හොයල ලින්ක් කරපු නිසා ඒ අගේ ඇති කතාව ගැන දැන ගන්නත් ලැබුනා. ස්තූතියි.
සොඳුරුසිත ආදරෙන් පිලි ගන්නවා මේ පැත්තට. සතියකට දෙකකට පෙර මම ඔබේ ' ගමේ බස් එකේ කතාව' හා 'පත්තර' කතා කියෙව්වා ඒවාත් අපුරුයි.
Deleteමාත් ආවෙ මරණෙ ගෙ ලින්කුවෙන්.ඇත්තටම කතාව අනුවර්තනයක් කියල නොහිතෙන තරම්.මේ කතාව
ReplyDeleteහිතට පොඩි තට්ටුවක් දැම්ම බවත් කියන්න ඕනි.
මරණේ විසින් හොඳ රසිකයෝ ටිකක් මේ පැත්තට එවලා . ස්තුතියි ඔබටත් ඔහුටත්
Deleteරායිට් මනහර සගරාවෙන් තමයි.මමත් කියවල තිබුන.එකෙ තිබුනෙ මෙස් එකක් එල්ලල තියන්න කියලද කොහෙද.උබ එක ලස්සනට ආපහු ගොඩනගල.
ReplyDeleteතැන්කිව් මචන්. කොහොමත් මම දැනට අවුරුදු තිහකටත විතර ඉස්සර තමයි ඕක කියෙව්වේ
Deleteමම ඉංග්‍රිසි කතාවත් කියෙව්වා. මට නං තිලකෙගෙ කතාව තරම් රසවත් නෑ. සමහරවිට ඔරිජිනල් කතාවේ අපට දැණෙන ආගන්තුක බව නිසාද මන්දා?
ReplyDeleteකොහොමත් මම අනුවර්තන/ ඡායානුවාද ලෝලියෙක්. ඔය විශ්ව සාහිත්‍යයෙන් හොඳ කතාවක් අරගෙන, පදමට ලුණු - ඇඹුල් දාලා, අපේ පරිසරය, නම් ගම් එහෙම දාලා, මේ තිලකෙ කලා වගෙ හදල ගත්තාම, ආයෙ මොනවද ඉඳි ආප්පයි, බල මාලුයි පරාදයි. ආ, තව එකක්, හොඳට වනන්න ඕනෙ - නැට්ට නෙමෙයි, පරිසරය :)
ඉක්මණට අනිත් කතාව ලියමු නේද, තිලකෙ.
ඔව් බස්සෝ විදේශීය කෘති අපේ වටපිටාවට මුහු කරාම මුල් කෘතියට වඩා අපට දැනෙනවා. කේයස්ගේ 'සුදෝ සුදු' මෙච්චර ජනප්‍රිය වුනේ ඒක නිසානේ . කොහොමත් උඹ වගේ රසවතෙක් හමුවීම ගැන ඉතාමත් සතුටුයි.
Deleteඋඹේ මේ ලියවිල්ල කොච්චර ප්‍රභලද කියනවා නම්, මම එක් විටෙක ඒ සිරකරුවා බවටත් විටෙක බසයේ මගී සිසුවෙක් බවටත් පත්වුනා. හිතට තදින්ම වැදුනා.
ReplyDeleteඋඹේ හිතට මේක කියවලා වින්දනයක් ලැබුනානම් මට සතුටුයි. මොකද දවස් කීපයකට ලෙඩ ඇඳට වෙලා ඉන්න උඹට මට දෙන්න පුළුවන් තෑග්ග තමයි ඒ. ස්තුතියි මචන්
Deleteමේ වගේ කතා කීපයක්ම කියවලා තියෙනවා...ඒත් තිලක ලියලා තියෙන විදිය අපූරුයි...:)
ReplyDeleteඔව්, මේ වගේ කතා කීපයකම මුලාශ්‍ර අපේ යාළුවොත් දීලා තියෙනවා මේ කොමෙන්ට්වලින්. බොහොම ස්තුතියි පොඩ්ඩි
Deleteඋඹ වෙනදා වගේම රහට ලියලා මචං! කතාව උඹේ කරගෙන ලියපු ආකාරය අපූරැයි. එක හුස්මට අවසානය වෙනකන් කුතුහලයෙන් යුතුව කියෙව්වා. උඹට ජයම වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි මචං . මේ කතාව සුන්දර වෙලා තියෙන්නේ මුල් රචනයේ උසස් බව නිසා
DeleteMachan Thilake,
ReplyDeleteThanks for that beautiful rendition of the story. Found this article about Yellow Ribbons. This could have started as a folklore. Thanks for bringing this story home.
http://www.loc.gov/folklife/ribbons/ribbons.html
Thanks for bringing that story home.
Thanks a lot machan Lakmal, for appreciating this post and for the link . Yes, these stories with common core taste could have been originated from one or few folk tales
Deleteකියවලා තිබුනත් අලුත් වරෂන් එක පට්ටයි
ReplyDeleteදෙවනි කොටසත් ලියන්න
දෙවන කොටසත් ලිව්වට පස්සේ තමයි මේකට උත්තරයක් ලියන්න පුළුවන් උනේ. ස්තුතියි සංජීව
Deleteමට නම් ඔළුවටම වැදුණේ දවල් කෑමත් එපා කියලා, කළා වැවත් ඕනේ නෑ කියලා, මඟියා ය ඇරලන්න යන කොටසට... අම්මපා ඇඩුණා ඇඩ්‍රස් නැතිවෙන්න...
ReplyDeleteමේත අරගෙන කෙටි චිත්‍රපටයක් කළා නම් සුපිරි... ආයේ කියලා වැඩක් නෑ....
බොහොම ස්තුතියි අංජන . දෙවන කොටසත් මම ලිව්වා
Deleteමූණූපොත හරහා පාර අහගෙන ආවා.. ලස්සන කතාවක්...
ReplyDeleteආදරය වෙනුවෙන්... මනුස්සකම වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් අය අදටත් ඇති නේද? ටික දෙනෙක් හරි...
මේ බ්ලොග් එක කලින් නොකියවපු එක ගැන දුක හිතෙනවා. නියමෙට ලියල තියෙනවා... මේ කතාව කියෙව්වේ දෙවෙනි කොටස කියවල ඉවර වෙලා.. කතා දෙකම නියමයි..
ReplyDeleteමේකද කියල බලන්නhttp://www.zoom.lk/forums/archive/index.php/t-1689.html
ReplyDeleteමාත් බස් එකේද මන්දා . . .
ReplyDeletehttp://www.imdb.com/title/tt0954990/?ref_=nm_flmg_act_24
ReplyDeleteThere is an eglish movie with this theme. its "The yellow handkerchief "
kathwa kiyawaddi kandulu awa
ReplyDeletesanwedi kathawak
thawath me wage katha liyanna shakthiya labewa