Monday, June 9, 2014

කහ පාට ආදරය 2- ඔරේන්ජ් බාර්ලි

කොහේදෝ දේශයකදී ලියවුණු, කියවුණු කතාවක් අපේ රටේ නම් ගම් යොදාගෙන කහ පාට ආදරය 1 කොටසින් ලියා මම බෙහෙවින් සතුටු වුනෙමි. කියවූ ඔබද ප්‍රමෝදයට පත් වන්නට ඇතැයි  සිතමි. දැන් අපේ  හිත් ආයෙත් පියවි ලෝකයට ගෙන එන්නට සිදුව තිබේ . මේ දෙවන කොටසට පාදක වුනේද  මීට අවුරුදු විසිපහකට පමණ පෙර ලෝකයේ කොහේදෝ  රටක සිදු වූ ඇත්ත කතාවකි. ඒත් හිරකරුවෙකුගේ කතාවකි.
**********

නගරයේ තැන තැන ආපන ශාලාවලින් පිටවන කුණු කානු අතරේ පියඹා පිළුණු මස් කැබලි හා බත් ඇට අහුළා ආයිමත් කොහොඹ අත්තේ  වසා හොටය උල් කර ගන්නා  කපුටන් හැරුණුවිට ජීවයක් ඇති කිසිවෙක් හාත්පස ඉන්නා බවක් නොපෙනුණේය. එහෙත් බොහෝ මිනිසසු  නගරයේ එහෙ මෙහෙ ගියහ. ඒ මුහුණුවල  ලේ මස්  තිබෙන පාටක්  නොපෙනුණු අතර ඔවුන්  ගහක් ගලක්  තියා කපුටෙක් කුරුල්ලෙක් ගැන වුවත්  කතා කළා නම් ඒ මහා පරිස්සමකිනි. සැකයකිනි.

පරසිඳු වියලි නගරයේ උසාවි ගොඩනැගිල්ලේ සිට ආපහු රිමාන්ඩ් සිර ගෙදර  වෙත ඇදෙන මිනිස් රූ පෙළකි. ඔවුන්ගේ දැත් සම්බන්ධ වී  තිබුනේ සීතල යකඩ දම්වැලකිනි. ඉදිරියෙන් හා පසු පසින් කාකි ඇඳුම් හැඳි නිලධරයන් දෙදෙනෙකි . තමන් අල්ලා ගත්තේ මොන එහෙකටදැයි කියා හෝ තමන්ට වෙන්න යන්නේ මොකක්දැයි කියා හරියටම දන්නේ  නැති සිරකරුවන් තිදෙනාද  තම තමන්ගේ ඉදිරි ජීවිතයක්  ගැන කිසිම බලාපොරොත්තුවක් තබා ගන්නේ නැතිව ඔහේ ගමන් කලෝය..

අවුරුදු විසි පහකට ඉස්සර කු... නම් නගරයේ ටියුෂන් පන්ති යාමට ආ.. නම් පළාතේ දුෂ්කර ගමක සිට පැමිණි අප කතා නායකයා වන රන්ජුලද මේ පිරිස අතරේ සිටියේය.
කු... නගරයේ ටියුෂන් පන්තියට යන්නට හා එහි ජීවත් වන්නට අවශ්‍ය ගාස්තු ඔහු විසින් සපයා ගත්තේ ටියුෂන් ගුරාගේ පොස්ටර් අලවීමෙනි. පෝස්ටර් ඇළවීම  යනු ගෝනි බිල්ලන්ගේ අවධානය පහසුවෙන්ම දිනා ගත හැකි ක්‍රියාවක් බව ඔහු සිතුවේ නැත .

ඒ භීෂණ සමයයි .
 තරුණ ලේ කකියමින් තිබු කාලයයි. මොකුත් විචාරන්නේ නැතිව විප්ලවය ගැන හිත ගිය කාලයයි. මේ ටියුෂන් පන්ති යන දවස්වල ආදරය වගේ දෙයක්ද රන්ජුලගේ හිතට දැනී තිබුනේය. ඒත් යන්තමින් දේශපාලන නැඹුරුවක් තිබු අවංක රන්ජුලට ආලය යනු  හිතට රිංගවගන්න නුසුදුසු දෙයක් යැයි හැඟුනේය.

එහෙත් ඇය වරින් වර ඔහු දෙස බලා සිටියාය . ඒ හැටි ලස්සනක් නොතිබුණු, හේන් කුඹුරු අතරේ දුහුවිල්ලට හා ඉර කෝඩයට අවපැහැ ගැහුණු  මුහුණක් තිබුණු ඇය හිනාවෙනකොට  කාන්තිමක්  බැල්මක් හෙලන්නට පමණක් සමත් වුවාය.ෆ්ලෝරයිඩ් ලයින් එකක් වැටී තිබුණු දත් දෙපෙළ ඇයට ඒ හැටි අවලස්සනක් ගෙනාවේ නැත . කාන්දමක් සේ තම හිත අල්ලා ගන්නට හදන මේ මුහුණ අමාරුවෙන් මග හරින්නට වෙහෙසුණු ඔහුට ඇය කරදර කරන්නට නොආවාය. ඇයත් කුලෑටිය. ඔහුත් කුලැටිය . දෙන්නට දෙන්නා වචනයක් කතා කරලා නැත .මීට අවුරුද් විසි පහකට පෙරත් එහෙමය. අදටත් එහෙමය. හෙටටත් එසේම වනු ඇත .

දැන් ඔහු ලෝකයේ අනිත් අර්ධ ගෝලයේ ජීවත් වන බව මම දනිමි. ඇය ජීවත් වෙනවාද නැද්ද  කියාවත් දන්නා කෙනෙක් නැත. ඇගේ නමක් ගමක් ඉන්නා තැනක් නෑදෑයෙක්  යාලුවෙක් කිසිම කෙනෙක්  ඔහු  දන්නේ නැත. මීට අවුරුදු විසි පහකට පෙර එකම ටියුෂන් පන්තියේ වාඩි වී සිටිද්දීත් දැනගෙන හිටියේ නැත .
ගමේ හා නගරයේ ඔහුගේ සගයන් එකා දෙන්නා මිලිටරි  අත් අඩංගුවට පත් වන්නට විය . එකෙකුගේ සිරුර නගරාසන්නයේ ටයරයක දැවෙමින් තිබුනේය.

මේ කරදර මැද  රන්ජුල කො... නම් නගරයට පලා ගියේය .

පන්සලක නවාතැන් ගෙන රේස් බුකියක රස්සාවක් කරමින් පරිස්සමින් ජීවත් වුනේය. දැන් කරදර අවසාන වුවා නේදැයි කියා හිතිච්ච දවස්වල ගමෙන් ලියුමක් ලැබුනේය . වා.. නම් නගරයේ කච්චේරියේදී ඉන්ටවිව් එකක් . ඒ ගමට ආසන්න ප්‍රධාන නගරයකි.

'කාලෙකින් අම්මත් බලාගෙන ගමට ගිහින් ආවැකි'. හොඳින් හැඳ පැළඳගෙන කොළඹ සිට ගමට ඉන්ටවිව් එකකට යන රන්ජුල . හැම දේම වෙන්නේ තනිකර විරුද්ධ  පැත්තටය  හරිනම් ඉන්ටව්  එන්නේ ගමේ සිට කො.. නගරයටය.

ඔහුගේ ගමට කිට්ටුම  නගරයේ බස් නැවතුම්පලට රන්ජුල ගොඩ බැස්ස  හැටියේම ඔහුගේ දෑතට මාංචු වැටුනේය.එය සෙට් කරපු ගේමක්ය. ඉන්ටවිව් ලියුම  සෙට් කරපු උගුලක්ය . ඔය ඉන්නේ ත්‍රස්තවාදියා .ගමෙන් අතුරුදහන් වී සිට දැන් මාට්ටු  වී ඇත  . තම ප්‍රාණසම පුතනුවන් කොටු කරගෙන ඉන්නා  බව ආරංචි වූ  රන්ජුලගේ මව හඬා දොඩමින් කියන්ට පුළුවන් හැම ලොක්කා ළඟම  පින්සෙන්ඩු උනාය. ඒ නිසා ඔහු එකවර ටයර් සෑයකට යන ඉරණමින් ගැලවිණි.  කොහෙන්දෝ  ඔහුට නඩුවක් පටලැවිණි . රිමාන්ඩ් හිරගෙදර සිට  පට්ට අව්වේ උසාවියට වරින්වර රැගෙන යන්නට වන නඩුවකි එය .

එහෙම  යන අතර වාරයේ දන්නා කියන එකෙකු හිටියොත් හිනා වෙන්නේවත් නැත. ත්‍රස්තවාදියෙකු අඳුනනවා කියන්නේ තමනුත්  ත්‍රස්තවාදියෙක් වෙන වැඩක් බව සිහි බුද්දිය ඇත්තෝ දැන සිටියහ . පන්තියේ සගයන් ගමේ යාළුවන් ළඟම නෑදෑයන් මාංචු දාගෙන උසාවියට රැගෙන යන ඔහු  දුටුවහොත් අඳුනන වගක් නොපෙන්වා  අහක බලා ගනී.

මේ වෙන දේවල් මොන තරම් කර්කශ  මානසිකත්වයක් හදනවාද? නගරය වියලිය. වැහි පොදක් නැත. උදේ සිට  මේ දැන් වන තුරු වතුර පොදක් බොන්නට ලැබුනේ නැත. පරිසරයත් වියලියි. හිතත් වියලියි. තොල කටත් වියලියි.

දම්වලෙන් බැඳ පාර දිගේ දක්කාගෙන උසාවියේ සිට ආපසු යන රිමාන්ඩ් සිරකරුවන් අතරේ  රන්ජුල  හිස් බැල්මෙන් නගරයේ මිනිසුන් දෙස බල බලා ගමන් කළේය. දහසක් දෙනා  මැද තනියම සිටින පිටසක්වල ජීවියා ඔහුය .

ජීවිතය එපා වූ කාලකන්නි සිතිවිලි වලින් තෝන්තු වී සිටි රිමාන්ඩ් සිරකරුවාට නගරය මැදදී විදුලි සැරයක් වැදුනාක් මෙන් එක්වරම ඒ ඇස් දෙක හමු වුනි. අර ටියුෂන් පන්තියේ ගොළුම ගොළු හදවත හිමි කෙල්ල. දෑසේ විශ්මය ශෝකය හා කාන්තිය තවරාගෙන  බලා සිටියාය .

යදමින් බැඳ  ඇදගෙන යන ඔහුගේ දෑස ඇයට හමු විය. ඒ ඇස්  දෙක දිහා  බැලීම ඇයද අනතුරේ හෙළන්නක් බව ඔහු දැන සිටියේය. එහෙත් තම වියළි   ජීවිතය මත ඒ දෑසේ කාන්තියෙන් පතිතවන  සිසිලස අත හරින්නේ කෙලෙසද? .

ඔහු හිත්පිත් නැති මැටි රුපයක් මෙන් ඒ දසුන හැරදමා  ඉදිරියට පිය මැන්නේය. පිය මනින්නට සිද්ද වුනේය. එසේ නොවුනානම් දම්වැලෙන් බැඳුණු අනිත් සිරකරුවන් අතරේ පය ඇදී පැකිලී වැටෙන්නට පවා ඉඩ තිබිණි. පසුපස හැරී බලන්නට ඔහුට වුවමනාය. ඒත් එය අනතුරුදායකය. කුරා කුහුඹුවකුටවත්  වරදක් නොකලා යැයි ඔහු සිතන ඒ කෙල්ල කරදයේ හෙළන්නේ කුමකටද?
.
ගරාවැටුණු සිතිවිලි මැදින් ඔහු තවත් මීටර් දෙසීයක් පමණ ඇවිදගෙන ගිය විට පාරේ ඉදිරියෙන් ආ වැඩිහිටියෙක් කාකි නිලධාරීන්ට ඔවුන් පසු කර ආ මාර්ගයේ යමක් පෙන්නුවේය.
රැකවළුන් දෙන්නා පමණක් නොව හිර කරුවන් තිදෙනාද ආපසු හැරී ඒ දෙස බැලුවෝය.

පුදුමයකි!. කහපාට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් අතින් ගත්  කෙල්ලක් ඔවුන් පසු පස හඹා එයි. තමන් පත්වන සැකමුසු අනතුරුදායක තත්ත්වය ගැන අවබෝදයක් නැතිවාක් මෙන් ඇය දිව එයි. පස් දෙනාම මදකට නතර වූ තැන ඇයද හති හල හලා නතර වුවාය.ඊළඟට මුරණ්ඩු ලෙස බීම බෝතලය ඔහු වෙත දිගු කළාය.

කහ පාට ඔරේන්ජ් බාර්ලි බෝතලය තමන් දෙසට දිගු කරගෙන සිටින අවිහිංසක තරුණිය  දෙස බලා සිටිද්දී ඔහුට තමන් සිටින්නේ කොහෙදැයි හිතා ගැනීමට නොහැකිව මදක් සිහි විකල් විය . ඊළඟට ඔහු තමා ඉදිරියෙන් සිටගෙන ඉන්නා  රැකවල් බටයා දෙස බැලුවේය. කලින් දවසක මාපට ඇඟිලි දෙකෙන් තමාව බාල්කයේ එල්ලා මුගුරු පහර එල්ල කලේ මොහු වැන්නෙකුම නොවේදැයි ඊළඟට සිතුවේය.
එහෙත් රැකවල් කරුවා ඔහුට බීම බෝතලය ගන්නැයි හිසින් සන් කළේය.

ඊළඟට රන්ජුල එකම දම්වලින් යාවී  සිටින තම සගයන් පිරිස දෙස බැලුවේය. ඔවුහු  එකවර හිස වනා ඇගේ කාරුණික පිරිනැමීම පිළිගන්නැයි අභිනයෙන් කිව්වෝය.

ඔහු මොහොතක් යව්වනිය දෙස බලා සිට සිය දෑත දිගු කළේය.

ඒ ඔහු මේ ලොව විඳි ම්හිරිම මිනිස් සම්බන්ධතාවයයි .

තම සිරකරුවා  බීම බොන තුරු  කාකි රැකවල්ලු  ඉවසා බලා සිටියෝය.

ඇගෙන් නම ගම වතගොත අසා ගන්නට නොහැකිය. එකම ටියුෂන් පන්තියේ සිටියාට ඇගේ හිතේ  මේ තරම් ලෙන්ගතු  කමක් තිබුණ  බව ඔහුට දැනුනේ නැත. ඇය නැවත කවමදාකවත් හමු නොවන බවද ඒ  අතරේම ඔහුට පසක් විය. ඉස්සරහ දවස් වල මොනවා වෙන්නට බැරිද .

වැඩි සෙනෙහෙ ඇගේ ජීවිතයටද අනතුරක් කරනු ඇත. අනික ඒ හිතට සමීප වීම දෙහිතටම  වේදනාවකි.
ඔහු දෑසින්ම පමණක් බොහොම ස්තුතියි කිව්වා මතකය. ඉන්පසු   ස්වකීය ආත්මයම  බැඳ දමා ඇති විලංගුවද දරාගෙන, පසුපස නොබලාම හිරගෙදරට ඇවිදගෙන ගියේය.

කලකට පසු නොහිතු ලෙස බේරා ගත් ජීවිතය රැගෙන  දුරු රටකට ගිය ඔහු  සියළු දේ අමතක කරන්නට උත්සහ කළේය . එහෙත් කහපාට දොඩම් යුෂ වීදුරුවක් හෝ සිසිල් බීමක් නෙත ගැටෙන සැම විට බර කල්පනාවකට වැටෙන පුරුද්ද අත හරින්නටනම්  බැරි විය. අවුරුදු විසිපහකට පස්සේද එහෙමය.

photo from:  huffingtonpost.ca

77 comments:

  1. අන්තිමට දැක්කේ.. ඒත් කියවන්න වෙලාවක් නෑ.. දැන් පාන්දර දෙකටත් ලගයි... මං ලංකාවේ නිසා.. හෙට ම ඇවිත් කමෙන්ටුව විස්තර ඇතිව දාන්නම්...

    ReplyDelete
    Replies
    1. අනේ මේ මහපාන්දර මෙහෙම හරි හිත හදන කතාවක් කියපු එක කොච්චර දෙයක්ද. ඉතිරි ටික කියවලම ලියන්නකෝ

      Delete
  2. This composition disturbed my hardened heart. Such is the power of Thilaka Sitha.

    ReplyDelete
    Replies
    1. A touching comment ! Thanks silibilis.

      Delete
  3. හ්ම්ම්...රසයි..... විතරක් කියල ගියොත් මදි වගේ,,,,,,,
    ඇත්තටම මේ ලියන ලියවිල්ල සුපිරිය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි. දිරිවඩන වචන!

      Delete
  4. ඇති යන්තම් ලියල :)

    හරිම දුක හිතෙන කතාවක්. මොකක් කියන්නද කියල හිතා ගන්න බෑ. අහිංසක ආදරයක්, කැප කිරීමක්, භීෂණ සමය මේ ඔක්කොම සැරින්සැරේ හිතේ ෆ්ලෑෂ් වෙනවා.

    ReplyDelete
    Replies
    1. භීෂණ සාමය බස්සාට මතකද? අනේ අප්පේ එහෙම කාලයක් . ආදර කතා කීයක් දියවෙන්න ඇත්ද ?

      Delete
  5. අර වගෙ හිත හයිය කෙල්ලක්... හොයාගෙන යන්න තිබුණා. ඒත් ජීවිතේ සිදුවීම් වෙන්නෙ මේ විදිහටයි..

    ReplyDelete
    Replies
    1. //ඒත් ජීවිතේ සිදුවීම් වෙන්නෙ මේ විදිහටයි.// අන්න හරි සරත් . දැන් ඉතින් මක්ක කරලවත් වෙනස් කරන්න බැරි දේ ආදරයෙන් ස්මරණය කරන එක විතරයි තියෙන්නේ

      Delete
  6. මම හිතුවේ දෙවෙනි කොටස කියනකොට කලින් පෝස්ට් එකේ ඉතුරු කොටසක් කියලයි. කහපාට ආදරේ නේද? ආදරේ තවත් පාටවල් තියෙනවා...ඒත් මේ කහපාට අහිංසක ආදරේ හිත් ගන්නවා.

    ගෑනු ලමයගේ ඇස්වල ලස්සණ මතු කරන්ට, මූන ගැන කියලා තිබ්බ හැටි අපූරුයි තිලක. මේ ඇත්ත කතාවක්ද කියලත් හිතෙනවා...කතා නායකයා දන්න කෙනෙක්ද කියලත් හිතෙනවා සමහර දේවල් හංගන්ට හදනකොට.:)

    ReplyDelete
    Replies
    1. මේ කහපාට ආදරේ හිමිකරුවා පොඩ්ඩි දැනගන්ට විදිහක් නෑ . ඔහුට තියෙන පළල් ජීවිත අත්දැකීම් සම්බාරය මට පුදුම හිතෙනවා . මම ඔහුව බ්ලොග් එකක් ලියන්න උනන්දු කරවමිනුයි ඉන්නේ. ඔහු ලියන්න කැමති උනොත් බ්ලොග්වලට කැමති අපි හැමෝගෙම වාසනාවක්. ස්තුතියි පොඩ්ඩි

      Delete
    2. ඒකනං වටින වැඩක් මහත්තයෝ

      Delete
    3. ඒක අපි කොහොම හරි කරමු අටං . ඒක නෙවෙයි කව්ද බං මෙතන ඉන්න මහත්තයා ?

      Delete
    4. වෙන කවුද ඉතිං අටමා මිසක්

      Delete
  7. ඇත්තම කියන්නෙ මං හොල්මං උණා...
    හරි වචනෙන් කියනව නං හිත නැවතුණා වගේ...
    ඇත්ත කතාවක් කියල හිතෙනව...
    ඒ වගේ කාලෙක අර වගේ දයක් කරන්න හිතේ හයියතිබ්බ නං ඒ කෙල්ලගෙ හිතේ තිබ්බ ආදරේ කොච්චරවෙන්න ඇද්ද... පිස්සු වගේ... ඇත්තටම

    ReplyDelete
    Replies
    1. ඔව් හිතේ හයිය තිබ්බ කෙල්ලක්. අරටුවක් තිබ්බ කෙල්ලක්

      Delete
  8. Replies
    1. හා හා අඬන්නේ නැතිව හොඳ ළමයා වගේ අර කැම්පස් කතාවේ ඉතිරි ටික ලියන්න

      Delete
  9. නගරවල නම් අකුරෙන් ලියලා කෙටි කරන්න එපා. අතපය දිග ඇරලා ලියහන්.
    තරහා නැතුව තව එකක් ලියපන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. මේ විදිහ ඒවා දිගටම ලිව්වොත් එපා වෙනවනේ. අර නම් ගම් මම ඕනි කමින් ඒ විදිහට ලිව්වේ 'මනුතාපය ' මතක් වෙලා . එකේ මංජුල වෙනුවට මේකේ රන්ජුල දා .. නම් නගරය වෙනුවට කු.. නම් නගරය

      Delete
  10. ආපහු මතක් වුනා කාලෙකට කලින් කියවපු " වානේ පන්නරය ලැබූ හැටි " කතාවේ " පාවෙල් කොර්චගින්" ගෙයි " තෝන්යා" ගෙයි ආදරය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තොන්යාගේ ආදරයත් ඒ කාලේ ආශ්වාදය කරපු කහපාට ආදරයක්

      Delete
    2. පාවෙල් කොර්චගින් = ඉවාන් පවුලූශා ...........නේද

      Delete
    3. ඔව් ..උඹට මේක මතක් වෙන්නම ඕනේ කියලා මං හිතුවා (Y)

      Delete
  11. මට මුලින්ම මතක් උනේ අර චොකලට් ඇඩ් එක.. ආදරයේ අළුත්ම පාට කියලා නිල්පාට ඇසුරුමකින් තිබුන චොකලට් එක...

    කතාවනං බොහෝම අගෙයි.. කියවා අවසානයේ හිත බිමට පාත් වෙන අන්දමේ එකක්...

    කතාව පැත්තකින් තිබ්බම... මොන දේ උනත් හොයාගෙන යන්න වටින ආදරයක් ඒක... එ වගේ දෙයක් වෙනුවෙන් මිනිහෙක් තමන්නේ අනිත් දේවල් ටිකක් මග ඇර ගත්තට ප්‍රහ්නක් නැහැ.. කහ පාට බීම වීදුරු දිහා බල බල හූල්ලනවට වඩා... මං කියන්නේ නැහැ හොයාගෙන ගිහින් කසාද බැදපිය කියලා.. සමහර විට ඒ මනුස්සයා දැන් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති.. ඒත් එදා තමන් හිටිය අසරණ තත්වය යටතේත් එච්චර දෙයක් කල කෙනෙකුගේ ජීවිතය ගැන හොයා බලලා හොඳින් ඉන්නවනං අඩුම ගානේ ආයේ පාරක් ස්තූතියි කියලා එන්නවත්... අයහපත් තත්වක ඉන්නවනං හොයා බලා කටයුතු කිරීමක් වගේ දේවල් උනානං කහ පාට බැලිල්ලට වඩා හොඳයි... කියලා මං හිතනවා...

    ආණමඩුව/කුරුණෑගල/කොළඹ/වාරියපොල... නං තනි අකුරින් දාන්න උවමනාවක් නැති තරං...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මාරේ.
      මේ සිද්දියෙන් පස්සේ 'රන්ජුල' මුහුණ දුන්න සංකීර්ණ ජීවන පරිච්චේදය නොදැන උඹේ කොමෙන්ටුවේ දෙවැනි කොටස කියන එක අසාධාරණයි මචන් . ඒ කෙල්ල හොයා ගන්න උත්සහ නොකලා කියලා ඔතන කොහෙවත් ලියවිලා නෑනේ . බීම බෝතල් දහා බල බලා හුල්ල හුල්ල ඉන්න චරිතයක් විදිහට රන්ජුලව කියෙව්වානම් ලියපු මගේ වැරද්දක්.
      මගේ කතාවල නම්ගම් නම් ගොඩක් වෙලාවට පටලවලායි දාන්නේ. මේක පොඩ්ඩක් මනුතාපය ස්ටයිල් එක දාලා බලන්ට හිතිච්ච අහංසක අදහසක් විතරයි

      Delete
    2. මගේ කොමෙන්ටුව මෙතන දාන්න හිතුනේ කියවගෙන යද්දී මටත් නිකම්ම මනුතාපය මතක් උන නිසයි ...... මම ආසම පොතක් වගේම චිත්‍රපටියක් (ඉංග්‍රීසි පිචර් එක) මනුතාපය.... එත් ඒ පොත හා චිත්‍රපටිය බලලා අවසානයේදී එන අමුතු දුක හිතෙන හැඟීමම මේකතාව අවසානයේදීත් දැනුනා .......

      Delete
    3. ස්තුතියි රාලේ. ඔය පොතයි චිත්‍රපටියයි ආයෙමත් බලන්න ආසාවක් ඇති උනා

      Delete
  12. මම අඩුම වේගයකින් කියවන බ්ලොග් එක තමයි තිලක සිත, ලියවිල්ල මාරම රසයි තිලකෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල නම් රසවතා

      Delete
  13. තිලකෙ,හිත එකතැන නැවතුණා මචං.කෙල්ල ගැන පුදුම ගෞරවයක් ආදරයක් දැනෙන්න ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ මගේ යාලුවටත් මම කිවා 'ඒ කෙල්ලට මාත් ආදර්යි ' කියලා . මම මේ පොස්ට් එකට ටයිටල් එක දාන්න හිටියෙත් ඒක

      Delete
  14. ආදර නිල් දෑසේ ආදර නිල් දෑසේ
    මැණික් රුවක් ඇඳී තියේ
    ආදර නිල් දෑසේ

    ReplyDelete
    Replies
    1. ආදර මල පිපී වැනේ
      ඇගෙ පෙම් හද පොකුණේ

      Delete
  15. තනි අකුරෙන් දාල තියෙන ගම් නගර හතරෙම නම් කියවගෙන යද්දිම ඔලුවට ආව. ඒත් ඕව එළි කරාම කියවන අයගෙ කුතුහලය නැති වෙනවනෙ. ඇත්තටම තිලක අයියෙ මේක ඇත්තම ඇත්ත කතාවක්ද. ඒ වගේ කියලයි මට නම් හිතුණෙ. සුපිරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කස්සප . ඇත්තටම කිව්වොත් මේක ඇත්තම කතාවක් තමයි .තරමක් එහෙ මෙහෙ කරලා තියෙනවා. ඒ වුනාට ඒ උදාර චරිත වලට හානියක් කරලා නෑ

      Delete
  16. එක හුස්මට මුලු blog එකම කියවගෙන ගියා.ඔවිනිගේ චිත්‍ර හරි ලස්සනයි කිව්වා කියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිගටම එන්න. චිත්‍ර ගැන ඔවිනිටත් කිව්වා

      Delete
  17. තිලකේ මේ වගේ සිදුවීම් කාලයට සමීප වෙලා බලද්දි මටත් මතක් වෙන දේවල් තියෙනවා. ඒත් කවදාවත් හිතන්නවත් බැරි විදියට වචනවලට ගේන්න නම් පුළුවන්කම තිබුනේ තිලකෙට විතරමයි.

    ReplyDelete
    Replies
    1. රන්ගි ඒ කාලේ මතක කොච්චරනම් තියෙනවද ලියන්න. අපි ලියමු. හෙමිහිට ටික ටික

      Delete
  18. උඹ එක තැනක විතරක් අමතක වෙලා කොළඹ කියලා සම්පූර්ණයෙන් ලියලා තියෙනවා දැක්කා.

    තිලකේ මේ පෝස්ට් එක නම් නියමයි. ලියවිල්ලත් එයාකාරමයි.

    තව තියෙනවද මේ සීරීස් එකේ කහපාට කතා?

    ReplyDelete
    Replies
    1. උඹ කැමති පාට මොකද්ද,ඕනෑ පාටකින් කියපං,බඩු දෙන්නං.

      Delete
    2. තැන්කිව් මචං . හේ හංගන්න බැරිවුනා කොළඹ කියන එක. දැන් ඉතින් ඔහේ තියෙද්දෙන්. හැලපේ ඇහුවා වගේ මාත් අහන්නම් . ඊළඟට මොන පාටද ඕනි ?

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මම ඒත් බැළුවා කලින් එකට හරි අවසානයක් දීලා තිබුන එකේ ආයේ මේ මොකද්දෝ කියලා.. පොඩ්ඩක් විතර ඕනකමින්ම නම් ගම් එහෙම වෙන්ස් කරලා තියෙනවා වුනාට සත්‍ය කතාවක්ම නිසාද මන්දා හිතට දැනුනා.. ලියලා තියෙන විදිහත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ,මම මේ කතාව ලියන්න පටන් ගත්තට පස්සේ තමයි අර කහපාට කොඩි කතාව මතක් වෙලා මුලින් ඒක ලියන්න හිතුනේ

      Delete
  21. සතයය ජීවිතය , ගොතාපූ කතාවකට වඩා කෙතරම්
    අත්භුතජනක ද කියා සිතුනි.

    අනේ ඒ වගේ කාලකන්නි කාලයක්

    ReplyDelete
    Replies
    1. හැබෑ ජීවිතේ විශ්මිත බව ඉක්මවා යන්න ප්‍රභන්ධ වලට බෑ තමයි JP

      Delete
  22. අමුතු මිනිස්සු ටෙලි නාට්‍යයේ සමහර අවස්ථාවන් මතක්වුණා. කිසියම් නිර්මාණයක් හදවත තුළට කිඳා බහින්නේ, ඒ නිර්මාණය කරන්නාගේ දක්ෂතාවය මතයි. ස්තූතියි තිලකේ!!

    ReplyDelete
    Replies
    1. උඹටත් ස්තුතියි අරූ . .ලියන්න පටන් ගත්තට පස්සේ තමයි මිනිස්සු අතර හිටපු අපුරු මිනිස්සු හොයා ගන්නට පුළුවන් වුනේ

      Delete
  23. ඔය විදිහට අහුවෙලා ජීවිත කීයක් නම් නැති වුණාද ඒ කාලේ.... සමහර මිනිස්සු කිසිම දේශපාලනයක්වත් කල අය නෙමෙයි. අපේ පැත්තේ බෝක්කු උඩ ඉඳගෙන හිටියාය කියලා තරුණයන් අල්ලාගෙන ගිහින් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි තිසර අර ඇඹිලිපිටියේ අහිංසක කොලු පැටවූ ටික. ඒ වගේ තව කී දෙනෙක්ද ?

      Delete
  24. ඇයගෙන් ආදරයෙ ලබන්න වාසනාවන්ත වුනා වගෙම අහිමි වෙන්න තරම් අවසනාවන්තත් වෙලා.අනෙ එ කාන්තාවත් හොදින් ඇතිකියල හිතනව

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ හිත්වලින් හරි පොහොසත් නිසා කොහේ හිටියත් සල්ලි ඇතත් නැතත් සන්තෝෂෙන් ඇති

      Delete
  25. තිලකේ මගේ අදටත් හොඳම හිතවන්තෙයෙක් මාස හයක් ඔය හා කියන අත්දැකීමක් ලැබුවා 1989...ඌ උගතා නිසාත්, අහිංසකයා නිසාත් මරුවාගෙන් ගැල උනා හැබැයි මාස හයක් මහර ලගින්න උනා ඌට.
    කහ පාට බීම බෝතලේ කිව්වම මට මතක් උනේ මගේ හිතවතාගේ වයිෆ් ඌව උස්සපු ජීප් එක පස්සේ දුවපු හැටි....
    මම දන්න උප්පරවැට්ටි දාලා ඌව අපේ ඩුබායි බ්‍රාන්ච් එකට අඳුන්නලා දීලා ඊට පස්සේ ඕමාන් වලට ගෙන්න ගත්තා.. අද ලොකු වැදගත් මිනිහෙක් හැටියට තාමත් ඕමාන්වල ජීවත්වෙනවා...හැලපේ ඌව හොයාගනිවී කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒවගේ වෙලාවක බිරිඳකට , අම්මෙකුට දැනෙන දුක හිතාගන්න බෑ මචං . සමහර කතා තියෙනවා ලියාගන්න බැරි තරම් අනුවේදනීයයි.

      Delete
  26. මේ දෙවෙනි කොටස බලන්න දින ගැන ගැන උන්නට පළ වෙලා තියෙන බව දැනුයි දැක්කෙ. හැමදා වගෙම ඉස්තරම්. කතන්දරේ ගැන කීප දෙනෙක් ලියල තිබුණු දේ දැකල මට මෙහෙම ලියන්න හිතුණ. 'හොයාගෙන යා යුතු ආදරයක්' ලෙස පෙනෙන්නෙ මේක කතාවක් කියල හිතුවම. ඇත්ත ජීවිතය ඊට වඩා වෙනස්. මට හිතෙන්නෙ වෙලා තියෙන්නෙ සිදු විය යුතු හොඳම ලෙස. හැබෑ ජීවිතය එහෙමයි. පොඩ්ඩක් එහෙ මෙහෙ හැරී බැලුවොත් අපේ ජීවිත වලත් මෙවැනි සිදුවීම් හොයා ගන්න බැරි නෑ. හැම දේකම අවසානයක්, සිද්ධ වෙන දේවල් වලට තේරුමක් උවමනා වෙන්නෙ කතන්දර වල. ජීවිතයට කොයින්ද අග මුල ගලපපු කතන්දරයක්? එහෙම නැත්නම් තේරුමක්? මම කිව්වෙ අඩුගානෙ සුන්දර ජීවිතයකට?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සත්‍යා. මේ කතාව ගැන ඔබ දරන අදහසට මම මුළුමනින්ම එකඟයි. අනික අතොරක් නැති හැල හැප්පීම් පිරුණු ජීවිතයක එක සමීප රුපයක් වීතරයි මේක. ඒ චරිතෙන් මේ කොටස විතරක් දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහු කල යුතුව තිබුණු එකම හා ප්‍රධානම වැඩේ ආදර මතකය හොයාගෙන යන එක කියලා

      Delete
    2. මේ සත්‍යාවත් උනන්දු කරවන්න කෝ බ්ලොගක් කරන්න.

      Delete
  27. කෑ ගහල ඇඬුව මං මේක කියවල.භීෂන කාලෙ අත්දැකීමක් නැති උනත් ආදරණීයයො තමන්ගෙන් වෙන වෙලා යන එකේ වේදනාව හොඳ හැටි දන්නව.
    ඇත්තටම මේක හොයාගෙන යන්න ඕනි ආදරයක් තමා.ඒත් අපේ ජීවිතවල එහෙම දේකට අවස්ථාව තියෙන්නෙ බොහොම අඩුවෙන් හුඟක්වෙලාවට.ඇත්තටම අපිට අත්‍යාවශ්‍යම දේවල් ලබාගන්න බැරි වුන අවස්තා මගෙ ජීවිතේ තියෙනව.ඔබෙත් ඇති.එහෙම බැරි වෙන්නෙ කාගෙවත් වරදකින් නෙවෙයි.ඒක තමා ජීවිතය ගලාගෙන යන විදිහ.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව කියවලා මගේ දෑසත් ආයෙමත් තෙත් වුනා.
      අපි හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් ඔයිට සමාන මතකයන් තියෙනවා . මේවා මේ විදිහට ලියවෙන්නෙත් , කියවද්දී ඔය වගේ දැනෙන්නෙත් ඒ හන්දා තමයි

      Delete
    2. හැර යා යුතුම හින්දා,වෙන කලහැකි කිසිවක් නැති තැන ආදරයක්,නැත්නම් ඒ වගේ බොහොම ලෙංගතු හැඟීමක් අතරමග අතෑරලා යන්න වෙන එකේ වේදනාව බොහොම දරුණු එකක්. මේක කියවලා මම ඒක ආයෙත් වින්ඳා.දෛවය කියන්නෙ ජීවිතයෙ මෙහෙම දේවල් සිද්ධ වෙන එකට වෙන්න ඇති.දෙන්නෙක් ආදරය කලත් ඔවුන්ට එක් වෙන්න අවස්ථාව නැති වෙන්න වෙන හේතුවක් හිතාගන්න අමාරුයි.ඒ දෛවය හිස නමා පිලිගන්නවා හැරෙන්න අපට වෙන කල හැකි කිසිවක් නැති බවයි මගෙ හැඟීම.හුඟ දෙනෙක් ලඟම මෙහෙම නොකියූ කතාවක් තියෙනව වෙන්න පුලුවන්.

      Delete
  28. mmhh monawa kiyannada kila hithaganna amarui. hithata loku wedanawak danenawa. amathaka karannanam ba me kathaawa.. loku paaluwak danenawa hithata... ee kohoma unath oyata suba pathanawa... thawa thawath liyanna idiriyatath....!!

    ReplyDelete
  29. කඳුළු.... හිතේ හිරවෙලා.. හරිම දුකක් දැනෙනවා...

    අහිංසක ආදරයක්... ඒ ආදරය ඇතුළෙ මනුස්සකම පිරිලා...

    ලස්සනයි ලියල තියෙන විදියත්.... සංවේදීයි... භීෂණ සමය සම්බන්ධ මට තියෙන්නෙ වෙනස් අත්දැකීමක්.. මට අවුරුදු දහයක් ඇති ඒ කාලෙ... ඒ ගැන ලියපු සටහනකුත් තියෙනවා, පළ කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරුරසී .ඒ වගේම ඔබේ සටහන් කියවන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. භීෂණ සමයේ ඔය කියන අත්දැකීම් ටිකත් හෙමින් සැරේ ලියන්න

      Delete
  30. දැන් ඉතින් ඔයා මෙතැන ලිය ලිය ඉඳල හරියන් නෑනේ. එයාට කියන්න ඒ ගෑණු ළමයව හොයාගන්න කියල, සමහරවිට ඈ තනිකඩව ඇති! හොයලත් හොයාගන්න බැරිවුණානම්, නැවත නැවතත් උත්සාහ කරන්න, චිත්‍රයක් අඳින්න..
    එයාගෙ මූණ විදිහට චිත්‍රයක් අඳින්න..
    අන්තර්ජාලයෙන් හැමතැනම ඒකාබද්ධ වෙලා තියෙන කොට මට හිතෙනවා හැමෝගෙම උදව්වෙන් ඒක කරන්න පුළුවන් වෙයි කියල..

    ReplyDelete
    Replies
    1. අනේ කඳු ඔයාවත් මේක තේරුම් ගන්ටකෝ . මම මෙතනදී කරලා තියෙන්නේ ඇත්ත කතාවක සාරයක් අරගෙන නම්ගම වෙනස් කරලා කෙටිකතාවක් වගේ එකක් ප්‍රතිනිර්මාණය කරන එක. මගේ අරමුණ නිර්මාණයම තමයි. ඒ තුලින් මතුවන රස ,නීරස හෝ ආනන්දය ඔස්සේ අපි හිතන සීමා මායිම් ලොකු කරගන්න ඔනියි කියන බක පණ්ඩිත අරමුණත් තියෙනවා. ඒ හැර මේ කතාවේ අයිතිකාරයන්ගේ ජීවිතයට අත පොවන්න්නට මම කොහොමටත් කැමති නෑ .ඔවුන්ගේ ජීවිත අයිති ඔවුන්ටයි. (හැබැයි දැන් මේ කතාව අයිති අපටයි D)

      Delete
    2. ඔබ හරි. මට ඇත්තයි නිර්මාණයි ඉඳහිට පැටලෙනවා. ඒ විදිහ වඩාත් ලේසියි.

      Delete
  31. කතාව කියවද්දි දැනුන ඔරෙන්ජ් බාර්ලි රසය කතාව අවසන් වෙද්දි අමුතුම රසයක් බවට හැරුනා. ඔරෙන්ජ් බාර්ලි බොද්දි මටත්මේ කතාව අමතක වෙනේකක් නෑ....

    ReplyDelete
    Replies
    1. මේ ඔරේන්ජ් බාර්ලි රසැති කොමෙන්ටුවට ස්තුතියි සොසී

      Delete
  32. දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙමින් හෙමින් දියවෙලා ගිහින් වර්ණවත් උනා...

    ආදරේ කියන්නේ සනීපෙන් ඉන්නකොට බදාගන්න එකට වඩා කොරවෙලා ඉන්නකොට වඩාගෙන ඉන්න එක කියල තියරියෙන් කිව්වත්, මෙහෙම දකින්න ලැබෙන්නේ නැහැ. බොරු කියන්නේ මොකටද, මගේ හිත තැලුනා... ඔයා වැරදි නැහැ... විහින් කරගත්ත දෙයක්!

    ReplyDelete
    Replies
    1. //දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙමින් හෙමින් දියවෙලා ගිහින් වර්ණවත් උනා..// ලස්සන යෙදුමක් . ස්තුතියි උපේක්ෂා

      Delete
  33. කියවූ මුල් දවසේ වගේම අදත් උගුරේ ඉකියක් හිරකරන කතාවක්. මාරේ ද මල් පෝච්චි ද සිහිවුණා.

    ඉන්ටර්වීව් ලිපිය සහ අත්ඩංගුව ඇත්ත වුණා වුවද අතාත්විකයි වගේ. ලිපිය ආවේ ගෙදරටද? ගෙදරින්ද ලියුම කොළඹට එව්වේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා . මේ කතා පුවත කෙටි කරන්නට හා පෙළගැස්ම එහෙ මෙහෙ කරන්නට යාමෙන් මේ අතාත්වික ගතිය එන්නට ඇති .ඇත්තටම මේක ගෙදරට ලැබිලා ඉන් පස්සේ මොහු හිටි තැනට පත් කෙරුණු එකක්. අනික මේක සැලසුම් සහගත කොටු කර ගැනීමක්ද නැත්නම් ඔහු එනු දුටු කාගේ හරි ඔත්තුවක් නිසා සිදු වුවක්ද කියන්න බෑ.

      Delete
  34. කහ පාට ආදරේ රතු පාට නිල් පාට ආදරේට වැඩිය කොච්චර ලස්සනද... කතාව කියවපු අපිට මෙහෙම දැනෙනවනම් මුහුණ දුන් ඔවුන් දෙදෙනා කොහොම දරාගෙන ඉන්නවා ඇද්ද... ජිවිතයේ සොඳුරු බව වගේම කටුක බව ...

    ReplyDelete