Friday, October 31, 2014

හිතවත් මහැදුරුතුමා වෙත




මේ මා දැනට ඉන්නා හෝ හිටපු සරසවි මහාචාර්යවරයකුට ලියන පළමු ලියුමයි  


මහාචාර්ය විතානගේ මැති තුමා
හිටපු භූ විද්‍යා මහාචාර්ය /හිටපු මණ්ඩපාධිපති
පේරාදෙණිය සරසවිය


හිතවත් මහැදුරුතුමා වෙත


ඔබතුමාට මේ ලිපිය ලියන්නේ සතියක් ඇතුළත ඔබව තුන් වතාවක් මට මතක් වූනු නිසයි. පහුගිය සතියේ කඳුකරයේ  ඉන්නා මගේ සොයුරියකට කතා කරද්දී ඇය  කිව්වේ  සති ගානක් තිස්සේ වහින අනෝරා වැස්ස නිසා ඇය බියෙන් තැතිගෙන සිටින බව. ඇය වැඩිපුරම බය වී සිටින්නේ කොයි වෙලේ පස් කණ්ඩියක් ඉහට උඩින් කඩා පාත් වේවිද කියල.


එතකොට තමයි  මෑත කාලයේ මුල්වරට මට ඔබතුමා මතක් වුනේ. 1990 අවුරුද්දේ දවසක පළමු වසරේ සරසවි සිසුවෙක් වෙච්ච මම විද්‍යා පත්තරේකට නාය යෑම් ගැන ලිපියක් ලියන්නට ඔබතුමා  මුණ ගැසෙන්න ආවා මතකද?. නාය යාමේ අවදානම ගැනත් පදිංචියට සුදුසු නුසුදුසු තැන් ගැන ජාතික ප්‍රත්පිපත්තියක් තියෙන්නට වුවමනා බවත් එදා කීවත් ඔබ වැඩිපුරම කතා කලේ මහා මහවැලි ජලාශ නිසා ඇති වනන්නට ඉඩ තිබෙන අවධානම් ගැනයි. කඳුකරයේ ගැඹුරු ජලාශ නිසා සුළු භූ චලන පවා ඇති වෙන්නට පුළුවන් වග ඔබ එදා කිව්වා .නිරන්තරයෙන්  ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ  වග ඔබ කීවා.


ඔබ එදා කී දේවල් අපේ පත්තරේ මුල පිටුවෙන් විතරක්  නෙවෙයි කතුවැකියෙන්ද , උලුප්පා පෙන්නුවේ ඒ නිසයි. දැන් ඒ ගැන මොනවා වෙනවාද කියා දන්නේ නෑ.


රක්ෂිත වන්නාන්තරවලට අමතරව කඳුකරේ විශේෂයෙන් තියෙන්නට ඕනෑ රිසර්වේෂන් ඉඩම් ගැන ඔබ එදා කියද්දී මට මතක් වුනා ඉස්සර අපේ ගමේ තිබ්බ රිසවේෂන් ඉඩම් ගැන. දිය උල්පත් , කඳුරු වගේම වගුරුබිම්  අහලකවත් ගෙයක් දොරක් ගොවිතැනක් කරන්න තියා ගහක්වත් කපන්න කවුරුවත් ලැස්ති වුන් නෑ . නා ඉරි කියලා තැන් තිබ්බා. කවුරුත් ඒ ඉඩම්වලට අත තිබ්බේ නෑ.


ගිය සතියෙම දෙවන වර මට ඔබතුමා  මතක් වුනේ ඉස්සර සමනලවැව ව්‍යාපාරයේ කන්තෝරු කාමර තිබ්බ තැන දැන් හදා තිබෙන තක්ෂලාවේ කොල්ලන්ට කෙල්ලන්ට පොලුවලින් තලන හැටි දැක්කම. ඔබතුමාත් 1976 අවුරුද්දේ පේරාදෙණිය සරසවියේ පාලකයාව ඉන්දැද්දී  ඇති වෙච්ච  සිසු අරගලයක් අතිශය දරුණු ලෙස මර්ධනය කරන්න ගියාලු නේද? අහිංසක වීරසුරිය පොලිස් වෙඩි පාරින් මැරුම් කාල තියෙන්නේ එතකොට කියලයි මම අහලා තියෙන්නේ . මොනා උනත් ඒ වැඩෙන් පස්සේ  ඔබේ පට්ටමත් නැති වුනා තිබ්බ ආණ්ඩුවත් පෙරලුනා . ඔබට ඒ කාලේ තිබ්බ දේශපාලන හිතවත්කම නිසා හරියට උඩඟු වෙලා  හිටිය කියලයි අපේ වැඩිහිටියෝනම් කිව්වේ.


අදත් එදා වගේම ගොඩක් උගත්තු බලයක් හම්බුනාම පහේ පන්තියෙනුත් පහළට වැටෙනවා. ඔබතුමානම් පස්සේ වැරදි හදාගෙන ආපහු  රටට වැඩදායක පර්යේෂණවල යෙදුනා. එඩිතර ප්‍රකාශ කරා. මිනිසුන්ගේ හිතේ ඔබ ගැන රිසවේෂන් එකක් තිබ්බ නිසා ඔබට ආයෙම නිසි පිළිගැනීම ලැබූනා .


මතකද සමනල වැව හදන්ට කලින්ම ඔබතුමා  කිව්වා ඔය තෝරාගෙන තියෙන තැන වැරදිය. ජලාශේ හැදුවොත් ලීක් වෙනවා කියලා.පොළොවේ ඇතුලේ තියෙන මාබල් තට්ටු වගේම විශාල පැලුම්  ගැන සඳහන් කරමින්. ඉතිං තාමත් ඒක ලීක්.

91 අවුරුද්දේද කොහෙද  අපේ බැචෙක් එක්ක (දැන් මිනිහ රටේම නමගිය බලශක්ති ලොක්කෙක්) තැපැල් නයින්ටියක  නැගලා  බලන්ගොඩ, කපුගල,  රජවක, දෙහිවින්න පැත්තේ ගම්මාන නමයක ඇවිද්දා. හැම ගමකම ලිං හිඳිලා ඒ වෙනුවට අලුතින් කපාපු  සමනලවැව උමගෙන් එලියට වතුර ගඟක් වගේ ගලනවා. ජලාශේ හදලත් නෑ . පස්සේ අධි පීඩන යන්ත්‍රවලින් කොන්ක්‍රීට්  ඉන්ජෙක්ට් කරලා තමයි ඒ උමගේ කාන්දුව වැහුවේ. එහෙම කරනකොට වටේ පිටේ ගම්වල ලිං  වලිනුයි තැනින් තැන කුඹුරු ලියදිවලිනුයි කොන්ක්‍රීට්  මතු වුනා. මේ මහපොළොවේ හැමතැනම ලොකු කුඩා පැළුම් රාශියක් තියෙන බව මට හොඳටම පැහැදිලි වුනේ එතකොටයි.


ඉතින් ඔය වගේ දෙපාරක්ම ඔබතුමා මතක් වුනු නිසා  මම  යාලුවන්ට පොරොන්දු වුනා ලබන මාසේ ඔබතුමා ගැන ලිපියක් ලියනවා කියල.

ලිපිය දාලා දවස් දෙකක් යන්න වුනේ නෑ මීරියගොල්ලේ අමීරි කතාව හද කම්පා කරද්දී මට ඔබ තුමාව ආයෙමත් පාරක් මතක් වුනා .


අනූ අටේ අවුරුද්දේ  දළදා මාලිගාවට බෝම්බ ගහපු ආරංචිය කණට වැටුණු වෙලාවේම ඔබතුමා පපුව අල්ලාගෙන ඇස් දෙක පියා ගත්තේ නැත්නම් මීරියගොල්ලෝ කතාව අහපු දවසේ අනිවාර්යයෙන්ම ඔබතුමාගේ හදවත දෙදරන්න ඉඩ තිබුනා කියල මට හිතුනා .


මිනිස්සුන්ට පදිංචි වෙන්න හොඳ තැන් නුසුදුසු තැන් ජාතික ප්‍රතිපත්තියකින් තීරණය වෙන්න ඕනි කියලා ඔබ තුමා කිව්වා අපි එක්ක. ඉතින් ඒ ජාතික ප්‍රතිපත්ති පැත්තෙන් අපි අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ කියලයි සමහරු කියන්නේ. අපිත් ඒ කාලේ විද්‍යාවට, තාක්ෂණයට, පරිසරයට, අධ්‍යාපනයට ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්ට ඕනිය ඒක හදන්නේ කොහොමද කියල සෑහෙන්න කතා කළා .


මට හිතෙන්නේ   මේ දේවල නෙවෙයි රටේ නීතිය, ආරක්ෂාව, ආර්ථිකය වගේ  හැම තැනකම ඔය ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ අහේනියෙන් දුක් විඳිනවා . ඒවාත් රටේ රිසවේෂන් ඉඩම් කියලයි මට හිතෙන්නේ . ඒවායේ  හිතු හිතු හැටියේ වැටවල් ගහලා පදිංචි වෙන්න පටන් ගත්තොත්, කානු කපලා අර්තාපල් හදන්න පටන් ගත්තොත්, රා තැබෑරුම් දාන්න පටන් ගත්තොත් මීරියගොල්ලේදී  වුනා වගේම අසරණ අහිංසක පොඩි මිනිස්සු ටික යට කරගෙන මුළු රටේම තැන තැන නාය යන්න පුළුවන් නේද කියලා මට හිතුනා.


ඔබ තුමන්ලා මොන වැරැද්ද්ද කරත් මිනිස්සුන්ගේ හිත්වල පොඩි රිසවේෂන් එකක් තියෙනවා, කොයි වෙලාවේ හරි ඇවිත් රටේ රිසවේෂන් ටික පරිස්සම් කරලා දෙයි කියලා. ඒ ගැන අපි තාම බලාපොරොත්තුවෙන්  ඉන්නවා.


මේ 29 වැනිදා තැලී පොඩි වෙච්ච මගේ හිත මම කරදාසියකට මිරිකුවා.මේ තියෙන්නේ ඒක .

සෙල්ලිගේ කරාබුව 
හපුතලේ උකස් කඩයට
බාර දීලා යන්නට 
ආ නිසා මහා පාන්දර 
පණ බේරුනා කිව්වා 
පියාපත් තෙමී වැහැරුණු 
ලැයිමේ උන් සමනලෙක්

කෝවිලේ වහල ගැලවී
මල්පාත්තිත් එක්කම
දියළුම එක්ක ගියවග
කියා ආපිට ඉගිලුනා
ඔලුව ගහගන්න කියලා
හපුතලේ කන්ද මත්තෙම

වෙහෙරගල පාර අයිනේ
දුර ඈත සුව දසුන
පොටෝ අල්ලන මහතුනි
නොබලනු මැනවි දෙස
මල්වැරූ පහල බෑවුම


මේ ගැන ඔබතුමාගේ අදහස ලියලා එව්වොත් බොහොම පින්. ඒ ලියවිල්ල පත්තරේ ගියාම, අලුත්ම පත්තරේකුත්  අරන් අක්බාර් පාලමින් ගොඩවෙලා ඔබතුමා බලල යන්න එන්නම්.

එතෙක් ඔබට සුව නින්දක් 

මම 

තිලක සිත  


43 comments:

  1. ළමයෝ
    මෙහෙම හරි මාව මතක් කලාට ස්තුතියි. මම දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ නිසා අපේ දේව මන්ඩලයේ ලොක්කා වන නාථ බොස්ගෙන් අවසර නැතුව ප්‍රකාශයක් කරන්න බෑ.අපි වෙනුවෙන් ඒ වගෙ දේවල් ඔයලෝක කරන්නෙ අපේ ඒජන්ට් වන නලීන් සිල්වා සහ එයාගෙ ජාලයො ටික.එයා ඔය ගැන දේශීය චින්තනයෙන් අදහස් කියාවි අපි වෙනුවෙන්,

    පස්සෙ කාලෙක මෙහෙදි මුනගැහෙමු.

    ආචාර්ය විතානගේ

    ReplyDelete
    Replies
    1. මෙහි ලියා ඇති ආචාර්ය විතානගේ යනු මා කියන මහචාර්ය විතානගේ නොවන නිසා මේ කොමෙන්ටුව පිලි ගත නොහැක.
      CC : නාථ දෙයියෝ

      Delete
    2. දැන් වැඩිය ඉන්නෙ නාථාචාර්යල

      Delete
  2. මේ ඊසාන දිග මෝසම් වැස්ස අත්දැකල තියෙන ඔබේ ඔය තිලක සිත මේ සිදුවීමෙන් තැලුනෙ පොඩි උනේ නැත්නම් පුදුමයි.. කිසිම දේකට ජාතික තියා මොනයම්ම හෝ ප්‍රතිපත්තියක් නැති මේ රටේ අපි නිකම්ම නිකං අවජාතකයෝ වෙලා.. ආපිට ඉගිලිලා ගිහින් හපුතලේ ගල පල්ලෙම ඔලුව ගහ ගන්නව ඇරෙන්න කරන්න ඕනි මොකක්ද කියල මටත් හිතා ගන්න බෑ.. මගේ කතාවත් මං මේ විදියට ලියුව.. හැකිවිට ගොඩ වෙලා බලන්න.. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ විදිහට ගියොත් අපිටත් හපුතලේ කන්දේ ඔලුව ගහ ගන්න තමයි වෙන්නේ .කලා හිත ඔබේ පොස්ටුව මුණට ගහලා වගේ ලියලා මේ කතාවේ අමු ඇත්ත. මිනිස්සු වෙන තැන්වලට ගියේ නැත්තේ ඇයි කියල අහන අයට හොඳ උත්තරේ

      Delete
  3. Puthe, Meke Pethi Thunak Thiyenawa, Ekak Umba Hithana Petta, Anika Mama Hithan Petta,.... Anika Hari Petta....

    ReplyDelete
  4. මීරියගොල්ලේ මිනිසුන අළුත්ම අළුත් නිවාස හදලා දෙනවා කියන්නේ. ගෙවල් ටිකයි නේ හදන්න ඕන දැන්. අනිත් වතුත් නාය ගියයින් පස්සෙම ගෙවල් හැදුවාම ඇති. මොකෝ හදන්න ඕන නිවාස ප්‍රමාණය අඩු වෙනවනේ.

    තාම ශෝක දිනයක් ප්‍රකාශ කරන්න බැරි රජයක්. මේ මිනිස්සු නෙමෙයි.. අදත් ඔවුන් වහල්ලු..

    ReplyDelete
    Replies
    1. පුංචි ලයිම් කාමරවල හිටි මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කොහෙන්ද ශෝක දින . අඩු තරමේ එයාලා එයාර් ප්ලේන් එකක ඉද්දි හරි කොළඹ බිල්ඩිමක ඉද්දි හරි මලානම් ලංකාවේ විතරක් නෙවෙයි අල්ලපු රටෙත් ශෝක දිනයක් දායි

      Delete
    2. ලයිම් කාමර වලටත් වඩා මේ මිනිස්සු ගැන සංවේදී නොවෙන්නේ මේ අසරණයෝ සිංහල නොවී වෙනත් ජාතියක වීම නිසා වෙන්නත් ඇති.මේ ව්‍යසනය සිංහල ජනතාව බහුලව ඉන්න පැත්තක සිදු වුනා තත්වය මෙයට හත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා.

      Delete
  5. ඔයා ලියන දේවල් පත්තරේකට කෙලින්ම දැම්මොත් මොකද අයියේ? වෙනම කොලමක් හැටියට සතිපතා පත්තරේකට. මිනිස්සුන්ට අලුතින් යමක් හිතන්න ඒක උදව් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි . ඇත්තට ඒ වගේ දෙයක් කරනවානම් මීට වඩා විවේකයක් තියෙන්න ඕනි . පොතපත කියවන්න වෙනවා, නොකඩවා ලියන්න වෙනවා. මට එහෙම කාලයක් ගැන ආයේ හිතා ගන්නවත් බෑ.

      Delete
  6. තිලකේ මගේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ නෑ. වෙන බ්ලොග් එකකින් දැකලා ආවේ.
    //නොබලනු මැනවි දෙස
    මල්වැරූ පහල බෑවුම//
    නාය යාම ගැන කියන්න තියෙන ලස්සනම වචන ටික. මේ ව්‍යසනේ අස්සේ මම දැක්කා සාහිත්‍යය ඒ. මේ ලිපියේ වැදගත්කම කියලා වැඩක් නෑ. ඇත්තටම මේක පත්තරයක වැටෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක . මම මේකෙන් බෙදා ගන්න හදන පණිවිඩය ඔබට දැනුනු එක සතුටුයි

      Delete
  7. මචං තිලකේ. උඹේ ප්‍රධාන තේමාවෙන් පිට ගිහින් මට දැනගන්න ඕනෙ අර කොන්ක්‍රීට් ඉන්ජෙක්ට් කරපු එක ගැන උඹට මතක තියෙන සියළුම විස්තර.
    ඉතින් මචං ඒකෙන් ඊට පස්සෙ උල්පත් පවා බ්ලොක් වෙන්න ඇතිනේද? ලිං වලින් කොන්ක්‍රීට් මතුවුනා කිව්වාම මාර ප්‍රෙෂර් එකක් තියෙන්න ඇතිනේ. මට ඔය කතාව කවුරුත් කියලා නෑ මීට කලින්.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මෙහෙමයි මචන් උමග විදින්නේ කළු ගලේ උනත් තැනින් තැන තියෙන පැළුම් cracks තුලින් භූගත ජලය උමගට කාන්දු වෙන්න පුළුවන් වගේම ඒ cracks වලින් අධි පීඩනයක් යටතේ බදාම inject කරාම පොළොවේ දුර්වල තැන්වලින් ඒවා මතු වෙන්න පුළුවන් . මම හිතන් නෑ ඒක ගොඩක් දුරකට පැතිරුනා කියල . සමනලවැව ජාල කාන්දුව ගැන තවදුරටත් කියවන්න ඕනිනම්
      මේකෙන් කියවන්න

      Delete
  8. අනේ මන්දා අයියේ ඖෂධ වලටවත් ජාතික ප්‍රතිපත්තියක් නැති රටක්නේ මේක!

    ReplyDelete
    Replies
    1. වැඩේ තියන්නේ දැන් ඒ ගැන කතා කරන එකත් නවත්තලා . එක නැගලා යන් නැති සබ්ජෙක්ට් එකක්

      Delete
    2. දේශපාලනයට එන වුන්ට හොරා කන්න නම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා.පක්‍ෂ,විපක්‍ෂ භේදයක් නැතුව එක නම් යස අගේට ප්‍රතිපත්ති ගරුකව කරනවා.

      Delete
  9. විතානගේ කියූ ආකාරයට රට පුරාම fault lines ය. ඔහු ගේ කතා තරමක් ඩූම්ස්ඩේ තියරි ලෙසයි මට නම් හිතුනේ.

    ReplyDelete
    Replies
    1. පොළොව අභ්‍යන්තරයේ ඇති පැළුම් හා අදාළ අවදානම් ගැන ඔහුගේ අදහස් එතරම් තැකීමක් නොකෙරුනා වුනත් ඔහු කී දෙයට වෙනස් විදහට සාර්ථක අදහසක් කාගෙන්වත් මතුවුනෙත් නෑ

      Delete
  10. //එතෙක් ඔබට සුව නින්දක් //

    මේ මියගිය මහඇදුරු කෙනෙක්ද?

    ඇත්තටම කවදාවත් මේ වගේ කෙනෙකුට ලියුමක් ලියලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි මේ මියගිය මහාචාර්යවරයෙක් ගැන සටහනක් පහුගිය කාලේ වෙච්ච සිද්දීන් ටිකකට ගලපන්න දරු උත්සහයක්. රාජකාරි ලියුම් ඇර වෙන ලියුම් මේ වගේ අයට ලියලා නෑ . මැරිච්ච කෙනෙකුටනම් මේ ලිව්වමයි.

      Delete
    2. ///////// මැරිච්ච කෙනෙකුටනම් මේ ලිව්වමයි.///////////////

      ඒක හොඳයි පණ පිටින් ඉන්න එකෙකුට ලියනවාට වැඩිය. මම ඊයේ පෙරේදා දැක්කා උඹලගේ ඔය යුනියෙම උප කුලපතිවරයා....අර සටන කියන දේශපාලන ගොන්පොර වැඩසටහනේ, එස්බීගේ හඟුරන්කෙත ගෝල බාලයෝ එක්ක එක ගොඩේ , අර මෝල් බෑන්ඩ් ගහන තැන, වාඩිවෙලා ඉන්නවා. ඒයා විතරක් නෙමේ තව උප කුලපතිවරයෙක් හිටියා ඒ මඩවලේම. මේ තනතුරත් හෑල්ලුකරා. හර්ෂ ද සිල්වායි, විජිත හේරතුයි කිව්ව කතා අහගෙන හිටියානම්, කොන්දක් තියෙන එවුන්නම් හෙට අස්වෙනවා. සාකච්ඡාවට ආවානම් කමක් නැහැ. අර පක්ෂ සපෝටර්ලාගේ ගොඩේ හිටියේ.

      Delete
  11. දවසක් දෙකක් යද්දී ටිකෙන් ටික අමතක වෙලා යාවි.
    මිනිසත් හදවත් කිහිපයක පමණක් කම්පනය ඉතිරිව තිබේවි.
    නෑසියන් නැති පාළුව මෙන්ම පාඩුවද ඔවුන්ටම දරා ගන්නට වේවි.

    ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගන්නේ කවදද?

    විකසිත සින්ඩිය

    ReplyDelete
    Replies
    1. //දවසක් දෙකක් යද්දී ටිකෙන් ටික අමතක වෙලා යාවි.// ඔව් මොකක් හරි උනාම සද්දෙට හායි හුයි ගාලා අනේ අපොයි කියල පරණ සුපුරුදු රැල්ලේම යනඑක තමයි ඉතින් වෙන්නේ

      Delete
  12. ඉතාම වටිනා අදහස් ටිකක්. මේ බ්ලෙග් සාමාන්‍ය ජනතාව බලනවනං කොයි තරං හොඳද? අඩුම ගානෙ දේසපාලකයොයි, නිළධාරීනුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිටර්. මේවා බලධාරීන් කියෙව්වට වැඩක් නෑ . මීට වඩා සාරගර්භ විදිහට කරුණු කාරනා ඇතිව ලියපුවා කොච්චර නොසලකා හැරිලා තියෙනවද ?

      Delete
  13. තිලකයියා ... ජාතික ප්‍රතිපත්ති කියන වචනේ එන්නේ ඔය පාලකයෝ විපක්ෂේ ඉන්නකොට , සමනල වැව ව්‍යාපෘතියේ විස්තර කියවනකොට හැමදාම හිතෙන්නේ ශක්‍යතා වාර්තා දේශපාලන න්‍යාය පත්‍ර වලට යට නොවුනානම් මෙලහකටත් ආශ්චර්යය ලඟා වෙලා කියලා තම

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔය කියන කතාව තවත් පැහැදිලි වෙනවා ඩුඩ්ගේ කොමෙන්ට් එකට පහලින් මම දීල තියෙන ලින්ක් එකට ගියොත්. මොන තරම් ඛේදජනකද ?

      Delete
  14. තිලකේ.......ජාතික ප්‍රතිපත්තියක් නැති තැන බිහිවෙන්නෙම දේශපාලන ව්‍යාපෘති.....අපේ රටට ලොකු විපර්යාසයක් වෙන්න ඕනමයි. මීට වඩා තව නැතිවෙන්න දෙයක් නැහැ. අධ්‍යාපනය ගැන හිතන්න. හැම තැනම පනුවෝ මතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. //මීට වඩා තව නැතිවෙන්න දෙයක් නැහැ//එකඟයි අරූ

      Delete
  15. රිසර්වේෂන් නඩත්තු කරල කොහෙද මේ රිසර්ව් එකෙන් යන කාලෙ. ඒ හින්ද පළමු තැන රජය රැක ගැනීමට දීල තමයි අනෙක්ව රකින්න වෙලා තීන්නෙ. අහෝ ඛේදයකි, ඉරකි තිකකි, මල් වැලකි!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ රිසර්ව් එකෙන් යද්දී වෙන වෙන දේවල් බලන්න බෑ තමයි. ඒත් මේ කැලෑ පාරේ ඉස්සරහ කොහෙවත් පෙට්රල් ෂෙඩ් එකක් නැති එකනේ අවුල.

      Delete
  16. හැමදාමත් අශ්වයා ගියාට පස්සෙනේ ඉස්තාලේ වැහුවේ. මේවා වෙන්න කලින් වලක්වා ගන්න තිබුණා. ඉස්සරහටවත් පරිසරය ගැන මීට වඩා වගකීමකින් බැළුවොත් හොඳයි. මිනිහා පරිසරය වෙනස් කරනවිට මෙවැනි විපත් වලක්වන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් අපේ කඳුකරේට දෙන්න පුළුවන් වධ වේදනා දීලා ඉවරයි දැනටම

      Delete
  17. මේවා කතා කරල විසදගන්න බැරි දේවල්...

    ReplyDelete
    Replies
    1. විසඳුම සරල නෑ . ඒත් අපිට වඩා සංකීර්ණ ප්‍රශ්න තියෙන ඉන්දියාව ජාතික ප්‍රතිපත්ති පැත්තෙන් දවසින් දවස ඉස්සරහට යනවා

      Delete
  18. //සෙල්ලිගේ කරාබුව
    හපුතලේ උකස් කඩයට
    බාර දීලා යන්නට
    ආ නිසා මහා පාන්දර
    පණ බේරුනා කිව්වා
    පියාපත් තෙමී වැහැරුණු
    ලැයිමේ උන් සමනලෙක්//

    මේ ව්‍යසනය ගැන ලියැවුන සංවේදීම සටහන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි. හපුතලේ නගරය ඉස්සර අපිත් නිතර යන එන තැනක් .උතුරු පැත්තේ බැවුමේ අපේ ගම පේනවා .දකුණු පැත්තට බෙරගල මීරියගොල්ල, වතුකරේ මිනිස්සුන්ගේ දුක්බර මුණු මම එහෙදි නිරන්තරයෙන් දැකලා තියවනවා.

      Delete
  19. අර අරූයියාත් උඩින් කියලා තියෙනවා වගේ මළ වුන්ට ලියන එක හොඳයි.ජිවත් වෙලා ඉන්න අයට ලියනවාට වැඩිය.විපතක් වුනායින් පස්සේ කොයි තරම් දේවල් සැලසුම් කරනවාද?එත් ඒවා සැලසුම් වලින් එහාට ගිහින් ක්‍රියාත්මක වෙන්නේ නැති එක නම් අපරාධයක්.මේක ස්භාවික ව්‍යසනයක් කියලා වග කිව යුත්තන්ට ඇඟ බේරා ගන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. හැම ස්වභාවික ව්‍යසනයක්ම වලක්වා ගන්න බෑ තමයි. ඒත් මිනිස්සුන්ගේ ඉරණම මේ තරම් දුක්ඛිත ලෙස තීරණය වෙන්නේ ස්වභාවික හේතු නිසාම නෙවෙයි .

      Delete
  20. හැබෑවටම රටට මිනිස්සුන්ට ආදරේ හෙට දවස අද දකින රජෙක් එනකල් හැමදාම ඔහොමවෙයි.. ඒක අපේ ජීවිතකාලෙදි වෙයිද ?

    ReplyDelete