Saturday, September 3, 2016

බොම්බායි බෝඩිම 2- විසි වසක් සුරැකි මුතුහර

පළමු කොටස මෙතැනින්  
කිෂෝර් දෙස මද වෙලාවක්  බලාසිටි මම ආපසු හැරුනේ ඔහුගේ බිරිඳ  දිව ගොස් කිෂෝර්ව  කුද්දන්නට උත්සහ කරද්දීය

'පොඩ්ඩක් ඉන්න මෙයා දැන් නැගිටියි'
ඇය ඔහු ලඟට ගොස් උරහිසින් සොලවා අර 'ස්ටුල්' සිද්දියෙන් පසුව හිටියාක් මෙන් ආදරෙන් කිෂෝර්ට  කතා කළාය  .

'නෑ මම එයාර්පෝර්ට් යන ගමන් .මම පසේ වෙලාවක එන්නම් . කිෂෝර්ට කියන්න මම ඇවිත් ගියා කියල' .

මා එසේ කියද්දී  ඇතුල් කාමරයක සිටි කිෂෝර්ගේ පුතණුවන්ද එලියට ආවේය. මා මෙහි බෝඩිම්කරුවකුව සිටි කාලයේ මා සමග ඉතා හිතවත්ව සිටි  ඔහුටත් ,මම ආචාර කොට  පස්සේ එන්නම් කියා ආවාටත්  වඩා වැඩි වේගයෙන්ම පඩිපෙළ බැස වාහානයට ගොඩ උනෙමි .

මගේ මුණේ වූ කනස්සලු ස්වාබාවයෙන්ම සිදු වූ දේ තේරුම් ගත්  සගයන් ගමනේ විස්තර හාරා  අවුස්සන්නට  නොආවෝය .
වහානය ගුටන්තොටුපල දෙසට ඇදෙමින් තිබියදී මට දුරකතන ඇමතුමකි.

'හොඳටම නෝක්කාඩු ස්වරයකින් කිෂෝර් මා අමතයි.

' ඇයි  එක විනාඩියක්  මම නැගිටිනකම්  හිටියේ නැත්තේ? අපේ  පුතත් පුදුම වෙලා වචනයක් කතා කරන්න තිබ්බනම් හරිනේ. මොකද ඔය හැටි හදිස්සිය  ?'

'නෑ කිෂෝර් මම  මේ  අපේ නෝනයි ළමයි දෙන්නයි ගන්න එයාර්පෝර්ට් යන ගමන් ආවේ . පොඩි වැඩකටත් එක්ක'

'එහෙනම් ආපහු එනගමන් එන්න මෙහෙන් කට්ටියටම කෑම හදලා තියන්නම් '

කිෂෝර් වෙරිමතින් උනත් තරමක පියවි සිහියෙන්  සිටින බව තේරුම් ගත් මම ඔහුට මගේ අලකලංචිය කෙටියෙන් පැහැදිලි කලෙමි . සියල්ල තේරුම් ගත්තේ නැති උනත් ඔහුට යම් කොටසක් වැටහුණු බව තේරුම් ගතිමි .

'මට විනාඩි පහක් දෙන්න '

ඔහුගේ දුරකථනය විසන්ධි විය

මම ඉන්පසු කීප වරක් ඔහුට කතා කරන්නට උත්සහ ගත්තද පලක් වුයේ නැත .

බ්‍රහස්පතින්දා හවස නගරය අවුල් ජාලාවක් කරන ට්‍රැෆික් ගංවතුර මැද්දෙන් එහෙන් මෙහෙන් පීනා අපි ගුවන් තොටුපලට   ලඟා වීමු.

දැන්නම් මගේ ජීවිතයෙන් පංගුවක් රැගත් ගුවන් යානය ළඟාවීමට වෙලාව හරියාගෙන එයි . එය යන්තම් විනාඩි දහයක්  ප්‍රමාද වී පැමිණෙන බව ඉලෙක්ට්‍රොනික තිරයේ  දැක්විණි.

මේ අකරතැබ්බය නොවිණිනම්  තව පැයක් හමාරක් යනකොට ඔවුන් මා තුරුලේය.

ඒ අතරේ  මගේ  ප්‍රශ්නය ආරංචි වූ අනෙක් මිතුරන්ගෙන්ද දිගින් දිගට ඇමතුම් ලැබුනේය.  ඉන් එක්  අයෙක්  උපදෙස් දුන්නේ වැඩේ අයහපත් වී  පවුලේ උදවිය ගුවන්තොටුපලේ රඳවා ගතහොත්  ඊළඟට කරන්නට ඕනෑ දේවල් පිලිබඳවය.

'මම දැනටම තීරණය  කරලා තියෙන්නේ එහෙම උනොත් මමත්  හෙටම ටිකට් එකක් අරන් ලංකාවට යනවා .
එයාර්පෝර්ට් එකේදී මේ ගොල්ලන්ව හම්බ වෙනවා. අපි එකට ආපහු යනවා. ආයේ මේ රටේ පස් පාගන්නේවත් නෑ .

මගේ තවත් මිතුරකු  විසින්  ගුවන් සමාගමේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන අපේ  පවුලේ උදවිය හමු වී  පණිවිඩයක් දෙන්නට පුළුවන් මගක් සෙව්වේය.

' ඒ ගොල්ලෝ ගාව IDD ෆෝන් එකක් තියෙනවද?
'නෑනේ;

මම සැනෙකින් ලංකාවේ  සිටින මගේ අතිජාත මිතුරෙක් ඇමතීමි.

මම ඔහුට කෙටියෙන් විස්තරය කියා දී දැන් මගේ බිරිඳගේ ජංගම දුරකථනයට IDD පහසුව  ඔනෑ වී තිබෙන බව කීවෙමි.
පෝරම් පුරවා තැන්පත් මුදලක් තබා කර ගත යුතු වූ සේවාව ඔහු පැය බාගයක් ඇතුලත කර දුන්නේය.

කිෂෝර්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ මේ අතරය . ඔහු කතා කලේ හති අරිමිනි

' මේ දැන් මම අපේ ලොකු මහත්තයෙක් ගාවට ඇවිත් ඉන්නේ . ඉන්න මම එයාට දෙන්නම්'

ඊළඟට එහා කෙලවරින් ඉතා මෘදු පැසුණු හඬක් ඇති මිනිසෙක් සරල ඉංග්‍රීසියෙන් කතා කළේය '

'මට කිෂෝර කිව්වා ඔයාට කරදරයක් කියල '

'ඔව්'
 මම ඔහුට පුලුවාන් තරම් කෙටියෙන් පැහැදිලිව මගේ අවුලේ සුල මුල කීවෙමි . ඊළඟට  වීසා අංකය දෙන්නදැයි ඇසීමි.

'නෑ මට ඒ තරම් දුරට මැදිහත් වෙන්න බෑ නමුත් මට පුළුවන් මේ වගේ සිද්දියක් වුනොත් කරන්න පුළුවන් මොකක්ද කියල හොඳින් විස්තර ඇතිව අහගන්න. ඉන්න මං  අපහු ගන්නම්'

අතිශයින් නොසන්සුන්ව ගෙවුණු විනාඩි කිහිපයකට පසු  ඔහු නැවත මා ඇමතීය .

' මේකයි මහත්තයා ඔයාට බය වෙන්න දෙයක් නෑ . මට කරන්න පුළුවන් පැහැදිලි කර ගැනීම කරගත්තා. ඒගොල්ලෝ එන්නේ ඔයාගේ අනුග්‍රාහකත්වයෙන්. ඔයා ඉන්නේ මේ රටේ . ළමයි දෙන්නෙකුත් එක්ක පවුලේ අය ආපසු යවන්න තරම් ලොකු වැරද්දක් වෙලා නෑ . පුංචි අඩුපාඩුවක්නේ . බය වෙන්න එපා. ඒ ගොල්ලෝ එයි.'

මගේ  සිහ ගත දෙකම ගිනියම් වී  තිබූ  මොහොතේ  ඔහුගේ වචන සිහිල් මද පවනක්ම විය .

'මේ කතා විශ්වාස කරන්න එපා' කී මගේ මිතුරා මා අසලින් නික්ම ගියේ අපේ සමාගමේ උදව්ව මට ලබා දෙන්නට උත්සහ කිරීම සඳහාය.

සුවිසල් බිත්ති ඔරලෝසුවත් , ඉලෙක්ට්‍රොනික  තොරතුරු තීරයත් හා ඈත දරුපවුල් සමග එන ගුවන් මගීන් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් මම නොඉවසිලිමත්ව  ඔබමොබ සක්මන් කළෙමි.

රියදුරු හිතවතාද මගේ වේදනාව දැනී මා මෙන්ම අසහනයට පත් වී  සිටියේය .

'මේ අතර මම බිරිඳගේ දුරකතනයට නොකඩවා ඇමතුම් දුනිමි. එම ජංගමය මේ රටෙත් වැඩ කරන බව ඇය දන්නේ නැත. එනිසා, සමහර විට  එය නිවා දමා හෑන්ඩ් බෑගයේ දමාගෙන ඇති.

මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට  විතර පසු මගේ නෙතු බොඳ කරමින් ඈත මගීන් අතරේ ඒ ආදරණීය රූ චායා තුන  මා වෙත ඇදෙනවා දුටිමි.

කට්ටිය එනවා කියාගෙන මා  අපේ රියදුරා වැළඳ ගතිමි. ඔහුගේ දෑස්වලද  සතුටු කඳුළු පිරෙනවා මම දුටුවෙමි.

වීදුරු  දොරෙන් මෙපිට සිටි මා වෙත දරුවන් දෙදෙනා දිව එද්දී  මගේ චින්ත සන්තානයේ විදුලි එලි සිය දහසක් දැල්වෙමින් චමත්කාරජනක ප්‍රමෝදයක් මැවිණි .

එදා රාත්‍රියේ අපි ආගිය තොරතුරු කතාකරමින් සිටිද්දී මම බිරිඳගෙන් ඇසුවේ වැරදිලාවත් පාස්පෝර්ට්  කවුන්ටරෙන් ඔයාට එන්න දුන්නේ නැත්නම් මොකද කරන්නේ කියලය  .

' එහෙම මොනා හරි උනොත්  පොඩි දෙන්නා තනියම හරි එවන්නයි මම හැදුවේ . මොකද ඔයා එළියේ කොච්චර ආසාවෙන්  බලාගෙන ඉන්නවාද කියල  මම දන්නවනේ . අඩු ගානේ දුලා  හරි දැක්කොත් ඔයාට සැනසීමක් තියෙයි කියල මම හිතුවා '

( අදින්  හරියටම අවුරුදු  විස්සකට පෙර සිදුවූ  එක්තරා මගුල් ගෙදරක් සමරනු වස් මම මේ පෝස්ටුව ලිව්වෙමි )
චිත්‍රය ඇන්දේ ඔවිනි 

65 comments:

  1. හැපි ඇනිවසරි තිලකේ...රියදුරාගෙ විතරක් නෙමේ ඇස්වල සතුටු කඳුළු පිරුනේ...

    මේ කතාවෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩයි... මම හිතන්නේ ලොකුම වැරැද්ද වුනේ නමේ වෙනස කලින් නොදැක්ක එක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බීටලේ . මායි රවියි ළඟදීත් කතා වුනා බීට්ල්ගේ සුන්දර ලියවිලි ගැන . අනේ ඉඳ හිටලා හරි බ්ලොග් එක ලියන්න

      Delete
  2. හුරේ... කට්ටිය ආවා

    තිලකයියෙ නියම යාලුවො කියන්නෙ මේං මේ වෙලාවට බෙල්ල දෙන උං.. ඒ වෙලාවට දැනෙන හයිය වචන වලින් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ .මට තියෙන ලොකුම ලැබීමක් තමයි පණවගේ යාළුවො එකෙක් දෙන්නෙක් හරි ගිය තැනක සෙට් වෙන එක

      Delete
  3. ශුභ විවාහ සංවත්සරයක්! අදනම් භාෂාව වෙනදාටත් වැඩිය මටසිලිටියි.

    //ට්‍රැෆික් ගංවතුර මැද්දෙන් එහෙන් මෙහෙන් පීනා//
    //මගේ ජීවිතයෙන් පංගුවක් රැගත් ගුවන් යානය//
    //මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට විතර පසු//

    මේ වගේ මල් පූදින්න ඕනැ කරන පෝර තියෙන්නේ තිලකසිතේම තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකෝන් . හිතට ආඩම්බරයක් දැනුනා හොඳම ලියන මහත්තයෙක්ගෙන් මේ වගේ ඇගයීමක් ලැබුනම

      Delete
  4. එහෙනම් අර මනුස්සයා ඇත්තටම වැඩකාරයෙක්... කොහොම උනත් කට්ටියම හම්බුනානේ... ඒක හොඳයි.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිර්මානී මිනිස්සු බීලා කියවන දේවල් උනත් අහක දාන්න හොඳ නෑ

      Delete
  5. "ජීවිතයෙන් පංගුවක් - ආදරණීය රූ චායා තුන"
    මේ මොහොතවල් අපි ගතකරන්නෙ කොච්චර අමාරුවෙන්ද...?
    සමහරවෙලාවට කබොල්ලක් ඇතිවෙලා වැහිල තිබ්බත් ඒ තුවාල අයින් වෙන්නෙ නෑ ජීවිතෙන්...

    "ඔයා එළියේ කොච්චර ආසාවෙන් බලාගෙන ඉන්නවාද කියල මම දන්නවනේ.."
    මෙහෙම තේරෙන කෙනෙක් ඉන්න ඕන හැම පිරියෙක්ම ගාව..!

    සබඳ ඔබේ හද හැඳින්නෙමි...!
    ජය.

    ReplyDelete
    Replies
    1. ලස්සන ගීතක් ඇහුව වගේ තිස්සගේ කොමෙන්ටුව දැනුනේ. බොහොම ස්තුතියි සබඳ

      Delete
  6. සුබ පැතුම් තිලකේ අයියා.කිශෝර් ඒහෙනම් නෝනට බය වුනත් නියම මිනිහෙක්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මිනිහ නෝනට බය වෙන්නේ බිව්වට පස්සේ වරදක් කරා වගේ හැඟෙන නිසා වෙන්න ඇති . කලින් වතාවක් බීලා වෙච්ච ලොකු අලකලංචියක් නිසා වෙන්නත් පුළුවන්. නොබීපු වෙලාවට මිනිහ දක්ෂ උත්සහවන්ත ගෘහ මුලිකයෙක්

      Delete
    2. සුබ පැතුමට ස්තුතියි මනෝජ්

      Delete
  7. මාත් බලං හිටියා මොකක්ද මේ පාර වෙන්නේ කියලා. ජීවිතේ පංගුව කරදර මැද්දේ ළගට එනකොට.. මොකට කියනවද ඉතිරි ටික..

    අපෝ අර යන්තං වෙලාවට ගියපු මනමාලයගේ මගුල් ගේ ගැනද කිව්වේ.. හොදා හොදා. ඒ මහතුන්ටයි, මෙව්ව විඳදරාගන්නා මහතුනීටයි සුභ ඇනිවසරියක් වේවා.. විස්සක් කියන්නේ.. සෙල්ලංද?

    ReplyDelete
    Replies
    1. //ජීවිතේ පංගුව කරදර මැද්දේ ළගට එනකොට.. මොකට කියනවද ඉතිරි ටික.. //
      බොහොම ස්තුතියි දේශා

      Delete
  8. මම කිව්වේ එදාම වැඩේ වෙන්න ඇති කියලා.. සුබ පැතුම්...චිත්‍රය නම් හැමදාම වගේ හරි අගෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නය. ඔවිනිගේත් ස්තුතිය

      Delete
  9. ශ්‍රී සුබ පැතුම් අයියා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාඩි මලේ

      Delete
  10. සුබ සංවත්සරයක් ! ජයවේවා !

    ReplyDelete
  11. අවසානයේ බාධාවකින් තොරව බිරිඳ සහ දරු පැටව් දැක ගන්න ලැබුනානේ...

    සුබ පැතුම් ඔබේ විවාහ සංවත්සරයට...

    ReplyDelete
    Replies
    1. ඔව් පොකුරු වැහි . මගේ පශ්නය විසඳුනා වගේම මිනිස් සම්බන්ධතා ගැනත් සතුටු වෙන්න ලැබුනා මේ සිද්දියේදී .බොහොම ස්තුතියි

      Delete
  12. හ්ම්.... මේ දිනවල හොඳ හෝ නරක අවංක අදහස් ප්‍රකාෂ කිරීමෙන් වැලකී සිටිමි..

    කොහොම හරි තිලකසිත කියවන පිස්සෙක් කියන දේ පමණක් ලියා නවතින්නම්..

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් බව දනිමු . හැක්

      Delete
    2. කොහොමද බං මම කපල ගන්න හිටපු ටික උඹ ගත්තේ.. පරචිත්ත අවජාතක ඥානය තියේද බොට. හැක්..

      Delete
    3. ලියන දේ ගැන කියන හොඳ හෝ නරක දෙකම බාර ගන්නට මේ ලියන පිස්සාද කැමතිය

      Delete
  13. කිෂෝර් කාරය කණ පාත්වෙන්න ගහන බුවා උනත් වැඩ්ඩෙක් කියල කියල තියෙන්නෙ බොරුවට නෙමෙයි එහෙනං.
    අනික පිටරටකදි උනත් ළඟින්ම ඉන්න යාලුවො සෙට් එකක් ඉන්න එක සෑහෙන වටිනව ඔය වගේ වෙලාවකදි.

    සුබ සංවත්සරයක් වේවා ඔබ දෙපළට.

    ReplyDelete
    Replies
    1. කිෂෝර් කියන්නේ ඉස්පෙෂල් චරිතයක්.බොහොම තුති ප්‍රසා

      Delete
  14. "All's well that ends well"

    ඒ කියන්නෙ බං "කොච්චර ළිං තිබුනත් වෙලේ ළිඳ තමයි හොඳම "

    ටුවෙන්ටියත් සෙන්චරි නේද? සොරි ඇනිවසරි...මගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. රවිට මගේ ස්තුතිය!. උත්තර ලියන්න ප්‍රමාද උනේ පහුගිය ටිකේ තැන තැන උත්සව වලට යන්න වෙච්ච නිසා ටුවෙන්ටියත් සෙන්චරි සංවත්සරය වෙනුවෙන්

      Delete
  15. Happy Anniversary uncle....!!

    hammiyo.. yanthn athi karadarayak nathuwa nangila awa..!
    uncle..., kathawa kiyala tiyana widiha harim lassanai..! soft, lassana flow ekak..
    Thank you uncle..

    uncleta mathakada danna.., ada dawasa matat amthaka wenne na chuttakwat..
    (I found a new friend)

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ අවසානය බලන්න ආසාවෙන් එකතු උනාටත් සුබ පතුමටත් ස්තුතියි දුව . මම හිතන්නේ සැප්තැම්බරි 04 දුවට කැමති කතා පොතක් හම්බුනා කියල

      Delete
  16. සුබ විවාහ සංවත්සරයක් වේවා. ඔය ඉමිග්‍රේෂන් කෙරුවාව ගැන මට තියෙන්නෙත් විශාල අපහසුවක්. කොච්චර වීසා තිබ්බත්, හරියට නම තිබ්බත් ඉමිග්‍රේෂන් කවුන්ටරයක් ගාවට යනකොට හිතේ පොඩි ව්‍යාකූල බවක් ඇතිවෙනවා. ඔහොම වීසාවල වැරදි නිසා රටට ඇතුළු වෙන්න බැරුව ගුවන්තොටුපොළ ඇතුළෙ හිර වෙච්ච කිහිප දෙනෙකුටම මං උදව් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි නිලුක . මේ වගේ ප්‍රශ්න නිසා කරදර වෙච්ච අය තරාතිරම මොකක් උනත් අසරණ වෙලයි ඉන්නේ. ඉතින් උදව් කරන්න පුලුවන්නම් ඒක හරි වටිනා වැඩක්

      Delete
  17. හැපි ඇනිවසරියක් වේවා. පසුබිමෙන්

    සතුටු සිනා පා වාසනා...
    පිරුනු සමය අද ඇරඹුනා....
    එච්චරයි....

    ReplyDelete
    Replies
    1. සුබ පතුමටත් සින්දුවටත් දෙකටම ස්තුතියි ඉවාන්

      Delete
  18. කොටස් දෙකම අද කියවන්න වුනේ.
    සුබ පැතුම් අයියා සංවත්සරයට.

    ReplyDelete
  19. හරිම සන්තෝසයි... ඒ ඒ මනෙභවයන් වචන අස්සෙ කැටි කරන හැටි තමා ආසම වැඩේ.. ඔවිනි දුවගෙ චිත්‍රෙත් ලස්සනයි.. කරාටේ කිඩ් වගේ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් GL . ජය වේවා !!

      Delete
  20. ඔබේ විවාහ සංවත්සරයට සුබ පැතුම් !
    අපූරු ලිවීමේ ශෙෙලියටත් ඒ වගේම සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ස්තුතියි ප්‍රභාත් . ඔබෙන් ලැබෙන දිරිය හරි අගෙයි

      Delete
  21. අන්තිම හරිය කියෙව්වේ ඇහේ කඳුලු මැද්දෙන් බොඳවෙලා . .

    හැපි ඇනිවසරියක් වේවා ..

    කිශෝර්ට මේ සමඟ මල් මිටක් එවමි . .!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුකා . කිෂොර්ට මල් මිටක් දෙන්න වටිනවා

      Delete
  22. සංවත්සරයට සුබපැතුම් තිලකෙ! තිලකසිත බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ අවුරුදු තුනකට කලින් ඒ පෝස්ටුව කියවල වගේ මතක. කොහොම උනත් තිලකෙ වගකීම් විරහිතව වැඩකරන කෙනෙක් කියල මේ අවුරුදු තුනටම පෙනුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්. මට මතකයි අටම්ගේ පබ්ලිසිටියක් නිසා රාජ්ලා ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ ඒ පොස්ටුව දාපු දවසේ තමයි . වගකීම් නැතිව වැඩ කරනවා කියල විහිලුවට කිව්වට, පවුල හා සමාජය ගැන තියෙන වගකීම් අමතක කරන්න බෑනේ

      Delete
  23. ඇනිවසරියට හදවතින්ම සුබ පතනවා... අන්තිම පේලි ටික නම් බොඳවෙලා පෙනුනේ... හැමදේම හොඳ විදිහට විසදෙයි කියලා නම් මම විශ්වාස කලා..

    ඔවිනිගේ චිත්‍රෙත් ලස්සනයි කිව්වා කියන්න...

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙත් ඔවිනිගේත් දෙන්නාගේම ස්තුතිය තුශානිට

      Delete
  24. සංවත්සරයට සුභ පැතුම්. ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද? ඔය බිරින්දෑ හෙම දන්නවා ඇතිනේ රුසියාවේ ඉමිග්රේෂන් පන්නන්න කරන වැඩ. එයානම් භය වෙන්න නැතුව ඇති.
    මට ඒත් හිතුනා කිෂෝර් වැඩේ හොයල දෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් . හෙහෙ හේ , රුසියානු භාෂාවෙන් ලියනකොට අපේ දිග නම්වල අකුරු වරදින්නේ නැද්ද කොහෙද ? මගේ නම Thilaka, Tilaka, Tilake කියල තුන් විදිහකට ලියනවා ඉංග්‍රීසියෙන්

      Delete
  25. සුබම සුබ ඇනවසරියක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම තුති කසුන් මිත්‍රයා

      Delete
  26. සුබ ඇනිවසරියක් වේවා අයියේ.. කොච්චර වුනත් ඔහොම කට්ටිය එනකොට අන්තිමට මුණ දකින කම් හිත නොසන්සුන් නේද..? දැන් නම් බැහැපු ගමන් කෝල් දෙන නිසා අවුලක් නෑ.. ඒත් අපේ අම්ම තනියම ෆෝන් එකක් වත් නැතිව එනකොට නම් පුදුම නොසන්සුන් කමක් තියෙන්නේ..

    විසා එකේ කිසි අවුලක් වෙලා නැද්ද? නැත්නම් යාලුවන්ගේ උදව් නිසා අවුලක් වෙලා නැද්ද..?

    ReplyDelete
    Replies
    1. බොහොම තුති පැතුම් . ඔව් ඔය කියන නොසන්සුන් වීම් මට ඕනිවට වැඩිය තියෙනවා . ප්‍රශ්නේ විසඳුනේ එකේ තිබ්බ වැරැද්ද ලොකුවට ගණන් නොගැනීම නිසා. කිෂොර් කරේ යාලුවෙක් ලව්වා මට ඒක එහෙම වෙයි කියල කලින්ම පැහැදලි කරලා දුන්න එක . මම හිතන්නේ අපිට වෙබ් එකෙන් පේන ස්ටේටස් එක නෙවෙයි ඇතුලේ අයට පෙන්නේ . වැඩිමනත් තොරතුරු ඇති. අර මම වැරැද්ද හදන්න දාපු ඉල්ලීම වගේ ඒවා

      Delete
  27. හම්මේ ඇති යන්තන්.. :)

    සුභ විවාහ සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. හම්මේද කියන්නේ එදා හිටියානම් තේරෙයි. ස්තුතියි කමී

      Delete
  28. සමාවෙයං පරක්කු වුනාට. සංවත්සරයට ප්‍රමාද වී හෝ සුභ පැතුම්.
    තවත් බොක්කෙන් ලියැවුනු සටහනක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං . උඹේ සුබ පැතුම් අනිවාර්යයෙන්ම මට ලැබෙන බව මම දන්නවා

      Delete
  29. "මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට විතර පසු මගේ නෙතු බොඳ කරමින් ඈත මගීන් අතරේ ඒ ආදරණීය රූ චායා තුන මා වෙත ඇදෙනවා දුටිමි.

    කට්ටිය එනවා කියාගෙන මා අපේ රියදුරා වැළඳ ගතිමි. "

    මේ ටික කියවද්දී මගේ ඇස් ද බොඳ වී තිබුණි.

    ReplyDelete
  30. Hello terrific blog! Does running a blog similar to
    this take a large amount of work? I've very little understanding of computer programming but I was
    hoping to start my own blog in the near future. Anyway, if you have any ideas or
    tips for new blog owners please share. I understand this is off subject but I simply
    wanted to ask. Appreciate it!

    ReplyDelete