අම්මේ මෙහෙනම් මට ඉන්ඩ බෑ තාත්තගේ ගෙට්ටුගෙදර යමු.. කියමින් බෙරිහන් දෙන අපේ හිතවත් පවුලක දියණියක් එසේ අඬන්නේ මන්දැයි වරක් මම විපරම් කළෙමි .
එවිට දැන ගන්නට ලැබුනේ මගේ මිතුරාගේ ඩිප්ලොමා පන්තියේ උන් විසින් ලොකු හෝටලයක සාර සොබාවට වාර්ෂික මිතුරු හමුව පවත්වා ඇති බවය . නැටුම් ගැයුම් වැයුම් හා රසමසවුළු පිරි රාත්‍රිය දරුවන්ටද අසිරිමත් එකක් වූ සෙයකි. ගෙදර ආ වෙලාවේ ඉඳන් පොඩි එකා කෑ මොර දෙන්නේ ආපහු සාදය තිබුණු හෝටලයට එක්කාගෙන යන ලෙසයි.
මේ get-together සාද හෙවත් ගෙට්ටු අපේ මිතුරන් අතරේ හරි ජනප්‍රිය වදනකි. බලාපොරෝත්තු දනවන්නකි . මගේ සමහර වැඩිහිටි මිතුරන් අවුරුද්ද ජීවත් කරවන බලාපොරොත්තුව ඊළඟ ගෙට්ටුවට යෑමය. ලැබෙන ඇරයුම් සියල්ල පිළිගන්නවානම් සතිපතා මොකක් හෝ ගෙට්ටුවක් තිබේ. පන්තියේ උන් සෙට් එක. ඉස්කෝලේ උන්ගේන් ගෙවල් ගාව ඉන්න සෙට් එක . ඉස්කෝලේ කොළඹ ඉන්න සෙට් එක . අහවල් රටේ වැඩ කරලා ඇවිත් ඉන්න සෙට් එක. මරණාධාර සමිතියේ සෙට් එක හා අර කොම්පැනියේ වැඩ කරපු උන් කට්ටිය වාගේ විවිධ හමුවීම් අතරින් මම වඩාත් කැමති මිතුරු හමු එකක් දෙකක් තිබේ . මම කැමති විවිධත්වයෙන් යුක්ත වූ මිනිසුන් හමුවන තැන්වලටය. අපේ අල්ලපු ගෙදර අන්කල් ගේ වැඩිහිටි මිතුරු පාටියේ ගෙට්ටුව එහෙම එකකි. නගරාසන්න මුල් ගම් වැසියන්, ඉඩම් හිමියන්, විශ්‍රාමිකයන් මෙන්ම සාමන්‍ය ගම්වාසීන්ද එකතුවන මේ පාටියට මම සහභාගී වුනේ අමුත්තෙකු ලෙසයි. එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන විසිතුරු මිනිස් එකතුවකි. .
දෙවැන්න අපි 1986 නත්තල් දවසේ පටන් ගත් දහයේ පන්තියේ සිටි උන්ගේ ගෙට්ටුවයි. සහුර්දයන්ගේ රාත්‍රිය නමින් කරගෙන ගිය මේ පාටි දැමිල්ල . පොඩි ට්‍රිප් එකකින් , කඳු නැගීමක් හෝ වෙනත් ආකාරයේ දෙකින් අමුතු මිහිරක් දෙමින් කෙරගෙන ගිය එකකි . දහයේ පන්තියේ සිටි උන් විවිධ විෂය ක්ෂේත්‍ර වලට බෙදී ගියෝය. කමුදා පොලිස් නිලධාරියෝ , ගුරුවරු ,ඉන්ජිනේරුවෝ , දොස්තරලා, ලොයර්ලා මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා, කඩ මුදලාලිලා , ගොවි මහත්තුරු මේ හැමෝම එතැන සිටින නිසා එම හමුව පණ ගැහෙන විචිත්‍ර එකකි. මේ පන්ති ගෙට්ටුවේ ජීවය වී ඇත්තේ එක් දිරිමත් මිතුරෙක්ගේ හයියයි. අවුරුදු තිස් දෙකක් තිස්සේ වැඩිම බරක් අදින්නේ ඔහුය .
ඒ අතරේ අපේ බැච් එකේ ගේට්ටුවත් නරකම නැත. බොහෝ දෙනෙක් සමරන්නේ තමන්ගේ පන්තියේ මිතුරු සාදය හෝ සරසවි බැච් ගේට්ටුව යන දෙක හෝ ඉන්යි එකකි . ඉස්සර අපි කැම්පස් ඉන්නා කාලේ පවා ගේට්ටු තිබුනේය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආපු මුළු සරසවියෙම විවිධ පීඨ වල ඉගෙන ගන්නා කොල්ලෝ කෙල්ලෝ අවුරුද්දකට සැරයක් පළාත් ගෙට්ටුවක් දැම්මෝය. ඒ අනුව බදුලු බණ්ඩාරවෙල උන්, කුරුනෑගල උන් ආදී වශයෙන් වෙන වෙනම සෙට් වුනෝය.
ඉස්කෝල ගෙට්ටුද කැම්පස් එකේ තිබුන අතර ඒවා සමහර විට කාන්තා හා පිරිමි ඉස්කෝල දෙකක් හවුලේ තිබිණි. ඒවා හරි ආඩම්බරෙන් හා අවශේෂ උන්ගේ ඉරිසියාව දනවන සිරියෙන් පැවැත්විණි . අනුරාධපුර ගෙට්ටුව සංවිධානය කළ අපේ STB අත අවුරුද්ද පුරා පයිල් කවර දෙකක් තිබුනේය. ඉන් එකක සියලු අධ්‍යයන විෂයන්ට අදාළ සටහන්, කෝස්වර්ක් ආදිය සම්බන්ද ඒවාය. අනිත් පයිල් එකේ තිබ්බේ ගෙට්ටුව් සම්බන්ධ ලිය කියවිලිය.
අපේ බැච් එකේ දෙසිය පණහක් විතර හිටියාට මුල් කාලයේ ගෙට්ටුවට එකතු උනේ යන්තම් විසිපහක් විතරය. . ඒ කාලයේ අපට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ජයසේකකර මහත්තයාගේ බැච් ගෙට්ටුවට හත්තෑවක් විතර හිටියේ මුළු ගණන එකසිය පනහකිනි .ඔහු අපේ වැඩබිමේ උපදේශක සමාගමේ නේවාසික ඉංජිනේරුවා වූ අතර මම හිටියේ කොන්ත්‍රාත් සමාගමේ සැලසුම් ඉංජිනේරුවා හැටියටයි . ජයසේකර මහතා නිල රාජකාරිමය හෝ ඇකඩමික් විදිහට ඇර උනන්දුවක් දැක්වූ වෙනත් කිසිම අංශයක් ගැන මා හැර වෙන කවුරුත් දැනගෙන හිටියේ නැත . එහෙත් එවැන්නක්ම ම දැන සිටියෙමි . ඒ ඔහුගේ වාර්ෂික බැච් ගේට්ටුවයි . ඒ නිලය අල්ලා ගත්තාට පසු මම සමහර වැඩ කර ගත්තේ ඔහුට ලබා දුන් මානසික අල්ලස්වලිනි .
ඔහු මොන තරම් රුලට වැඩ කලාද යත් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනත් වාර්තාවක් සැලැස්මක් අනුමත කලේ නැත . වතාවක් වගා ඇලක් සඳහා පාරේ බෝක්කුවක් දමන කටයුත්තකදී ඔහු අපේ උන්ට දස වද දුන්නේය.
" අපි වැඩ කරන්නේ ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක . ඒක නිසා මේ වැඩේ හරියටම කරන්න ඕනි" . මේ වැඩේ සැලැස්ම . වැඩ කරන පිළිවෙල, දළ සටහන් ආදී සියල්ල කීප වරක් සංශෝධනය කරා වුනත් අනුමත වූයේ නැත . වැඩේ එක තැන හිර වෙලාය. අපේ විදෙස් ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්ද ඔහු සොයා ගොස් පින්සෙන්ඩු උනත් ඔහුත් පරාදය.
ඔහු ආපසු පැමිණ මේසය උඩ හැම දේම දමා ගසා මේසේ කීවේය.
' මේකේ තාක්ෂණ කරුණු ඔක්කොම හරි. කොන්ක්‍රීට්, කම්බි , බෝක්කු බට , දිග පළල හැම දේම පොතේ හැටියට . තවත් මොනවද ?
" මේ වෙලාවේ මම ලකණු දමා ගැනීමට සරසුනෙමි. "
දෙන්න ඕක මං දෙකක් කතා කරන්නම් . ජයසේකර උන්නැහැ අද මගෙන් පාඩමක් ඉගෙන ගනන්වා .
' මම මුළු කන්තෝරුවටම ඇහෙන්න හඬ නගා පැවසුවෙමි . ඉන්පසු අපෙ ලොක්කා දමා ගැසූ ලියකියවිලි ටිකත් උස්සාගෙන ජයසේකර මහත්තයාගේ කන්තෝරුව පැත්තට වේගයෙන් ඇවිද ගියෙමි .
මම ඇතුළු වත්ම . ඔහු මද සිනා පෑවේ ඔහෙත් ඕක ඉස්සාගෙන ආවාදැයි අසමිනි .
"නෑ නෑ . මම මේක මගදී අපේ ලොක්කගෙන් ඉල්ලා ගත්තේ. නිකම් බලන්න කියල . මේ එක නෙවෙයි මිස්ටර් ජයසේකර මේ සැරේ බැච් ගෙට්ටුව කවද්ද තියෙන්නේ ?"
කියා ඇසුවේ එය පසුගිය සතියේ ජයට පැවැත්වූ බව ඔහුම කී හැටි අමතක වුන විලාසයෙනි.
වහා හරිබරි ගසා වාඩි වූ ඔහු මුහුණ පුබුදු කර ගන්තේය .
' ඈ ඒක තිබ්බනේ ළමයෝ ගිය සුමානේ දඹුල්ලේදී . මේ සැරේ නියමයි. රට ඉන්න සෙට් එකත් ඇවිල්ලා හිටියා. : අපි සේරමල්ල සීගිරි ගියා 'අපි කතා උනේ ලබන පාර එක මේ දැම්ම ඉඳලා ඔර්ගනයිස් කරන්න පටන් ගන්න .
ඔහු හොඳටම අප් වෙලාය .
' ඉතින් ඉතින් ජයසේකර මහත්තයාගේ පරණ ගෑණු ළමය එහෙමත් එන්න ඇති නේද ? ;
ජයසේකර කොක් හඬලා සිනා සේද්දී මම හීන් සීරුවේ ෆයිල් මිටිය දිග ඇරියෙමි. මේ බලන්න අපේ උන්ට කිව්වට වැඩක් නෑ . අනේ මිස්ටර් ජයසේකර ලොකු අඩුපාඩුවක් නැති එකේ මෙන්න මේක ඇප්රූ කරලා දෙන්න .
' ඔහු සිනා සෙමින්ම මගේ ලියකියවිලි තොගය අතට ගත්තේය' ඉන්පසු ඇත්තටම ඉතිරිව තිබු පොඩි පොඩි ස්පෙලින්ග් මිස්ටේක් කීපය සකසා දී අනුමතයි කියා සටහනක් යෙදුවේය'
ඔහු දිගටම ගෙට්ටුව ගැන කියද්දී මම පස්සේ කතා කරන්නට එන්නම් කියා ඔහු අස්වස්සා ආපසු කන්තෝරුවට දිව ආවෙමි.
මම අපේ ලොක්කාටත් වඩා වේගෙන් කොළ කෑලි ගොඩ රවුම් මේසය උඩ අත හැරියෙමි .
' හෙට වැඩ පටන් ගන්න කියන්න කට්ටියට '
මගේ ප්‍රොමෝෂන් පිටුපස මේ වගේ කතාද තිබෙයි.
******************
මේවා කොයි හැටි උනත් අද උදේ මම ගෙට්ටුවක් ගැන කල්පනා කරමින් හිටියේ මේ විදිහට ලියන්නට නෙවේය. හැමදාම හැම තිසේම දකින එකම ක්ෂේත්‍රයේ උන් හමුවීම එපා වී සිටි සමයක අපේ ඉස්කෝලේ ගෙට්ටුව මෙන්ම නැවුම් තාලේ කැම්පස් ගෙට්ටුවක් ගැන ලියන්නටය .විද්‍යා, කලා, ඉංජිනේරු, මෙඩිකල් , ඩේන්ටල්, ඇග්රි ඇතුළු ෆැකල්ටි සියල්ලේම එකතුවෙන් පටන් ගෙන මෝදු වෙන තවත් විසිතුරු ගෙට්ටුවක් ගැනය. වැඩේ හරියට කරන්න නම් මේ කියන ෆැකල්ටි සියල්ලේ සිටි හැමෝම දන්නා එකෙක් සිටිය යුතුය. ඔහු හෝ ඇය අවුරුදු විසි පහක් තිස්සේවත් හමු වූ සියලු දෙනා සමග අඛණ්ඩ ඇසුරක් පවත්වාගෙන යන හොඳම හොඳ පී ආර් එකක් තිබෙන එකෙක් විය යුතුය.
පුදුමය කියන්නේ එහෙම එකෙක් සිටියේය . මා දන්නා උන් අතරින් හොඳම මානව සම්බන්ධතා හැකියාවන් තුබුණේ ඔහුටය. ඔහු කරමින් සිටියේ ඔහුගේ හැකියාවට ගැලපෙනම රස්සාව වූ පේරාදෙනි සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරයි. ඒත් අවාසනාවක මහත අපට ඒ ගෙට්ටුව හෙවත් මිතුරු හමුව තියන්නට වන්නේ අපේ සමකාලීන සරසවි සගයෙකු වූ, මේ සුවිශේෂ මිතුරාගේ මළ ගෙදරදීය. අද උදේ කුමාර ගොඩමුන්නේ හර්දයාබධයකින් මිය ගියේය. ඒත් සමග ඉසියුම් තතකින් දශක දෙක හමාරක් තිස්සේ එක්කාසු කොට තිබූ බොහෝ මිනිස් බැඳීම් ජාලයක්ම දුර්මුඛ වී ගියේය.

Thilaka siri mahathage lipiya rasawathaya namuth awaasanaye athi wane dukaki
ReplyDeleteස්තුතියි. හමුවීම් ගැන කතා කලොත් වෙන් වීම් ගැනත් ලියන්නම වෙනවා .
Deleteදැන් කාලේ ගේට්ටුවක් නැති ජිවිතේ කියන්නේ ...පහු කාලේ මොකුත් නැතිව ඔහේ හිටපු හාල් කෑලි
ReplyDeleteගෙට්ටුවලට කන නොබොන උන්සෙට් වුනාම හරිම ඇනේ උන් ඇවිත් ඉන්නේ උන්ගේ ලපෙ අපු පෙන්නලා යන්න.
කෑවේ බීවේ නැතත් හමු වීම් වටිනවා.
Deletemacho we are having sc fac silver jubili getto on 22nd dec. we all miss godamunne. will try our best to have all faculty getto. good by gode.
ReplyDeleteHope your get-together will be a nice gathering machan.
DeleteWe all miss Gode.
මේ සටහන අහිමි වුනු අපූරු චරිතයක් ගැන වුවද ඔබේ කතා විෂය අපූරුය . එහි විවිධ පැතිකඩ ඔබ මැනැවින් දක්වා ඇති නිසා අපට හිතන්නට දේ රැසක් ඉතිරි කර තිබේ . මා පාසැල් කාලයේ පටන් කියැවූ පුවත්පත් දෙකක් තිබිණි . ඒ සමුදුර සහ විදුසරයි . ඔබ විදුසර ට ලියන කාලයේ පටන් ඔබේ ලිවීමේ රටාවට ඇළුම් කලෙමි . මගේ පෞද්ගලික අත්දැකීම අනුව මෙවන් සුහද හමු අරමුණ පසෙක තිබියදී යම් චරිත සහ කල්ලි ඉස්මතු කරවන ඒවායි . එහෙත් සමහර ඒවාට කණ්ඩායම් හැගීමෙන් සහ පැරණි හිතවතුන් හමුවීමේ අරමුණින් සහභාගී වන අවස්ථා තිබේ . ඔබේ ඊළග ලියැවිල්ල බ්ලොග් ගතවන තුරු බලා හිදිමි . ඔබේ දක්ෂතා දියණිය කෙරෙන් ද දකිමි . ඇයට සුබ පතන්නටත් මෙය අවස්ථාවක් කර ගනිමි.
ReplyDelete//මගේ පෞද්ගලික අත්දැකීම අනුව මෙවන් සුහද හමු අරමුණ පසෙක තිබියදී යම් චරිත සහ කල්ලි ඉස්මතු කරවන ඒවායි// . බොහොමයක් සුහද හමුවලට මම යන්නේ නැත්තෙත් ඒකයි. ඇත්තෙන්ම මේ සටහන බාගෙට ලියපු සටහන් අතරේ තිබුණු එකක්. ලිපිය අවසන් කරන්න හිටියේ මේ විදිහට නෙවෙයි. ඒත් අපේ මිතුරාගේ වියොවත් ඔහු හා සම්බන්ධ කතා බහත් නිසා අවසාන කොටස මෙහෙම ලියන්න සිදු වුනා . ඔබේ ඇගයීමට ස්තුතියි
Deleteඅපේ දිගුකාලීන මිතුරකු වූ ොඩමුන්න ගැන ලියූ ඔබට ස්තුතියි
ReplyDeleteගොඩමුන්නේ විශාල පරාසයක මිතුරන් පිරිසක් ඇසුරු කළා . ඔබේ සටහන ඊට නිදසුනක්
Deleteතිලකසිරි මහත්තය හීන් නූලෙන් වැඩේ කරගන්න දක්සය බලාගෙන යනකොට.
ReplyDeleteහෙහ් හෙහ් . මම ගැන ලියන ඒවා ටිකක් අතිශයෝක්තියෙන් තමයි ලියන්නේ . ප්‍රසා දන්නවානේ ඒක
Deleteපාසැල් වලට සම්බන්ධ ගෙට්ටු ගෙදර් වලින් නම්, දැන් කාලේ සැලකියයුතු වැඩ කොටසක් වන බව නම් පෙනෙනවා. කැම්පස් ඒවානම් වැඩිපුර 'බොන පාටි' නේද?
ReplyDeleteකැම්පස් ඒවාත් පරණ රටාවෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඉස්සර ඕවයේ සමහරු ආවා බීවා වැටුනා . දැන්නම් ඒක බොහෝ දෙනෙකුට ඇති වෙලා
Deleteස්තුතියි
ReplyDeleteමෙහෙත් තියෙනවා ගෙට්ටුගෙදරවල් මහා ගොඩක්… උදාහරණයක් විදියට ඉංජිනේරු එක ඇතුලෙ මෝරා, පේරා, මේ ඔක්කොම ඇතුලෙ ඉස්කෝලවල ඒවා, ඒවා ඇතුලෙ පොඩි පොඩි තරහා මරහාවල් තියෙන කල්ලි කරන, අරයා මෙහෙම එකක් කරන්න යනවා, ඊට කලින් අපි වගේ ඒවා…. සමහර ඒවා නම් යම්, යම් ආධාර එකතු කිරීම් කරලා ඉස්කෝලවලට, දුප්පත් පවුල්වල ළමයින්ට, ලෙඩ අයට දෙන්න ලංකාවට එවනවා.
ReplyDeleteයාළුකම් පවත්වාගෙන යාමෙන් එහා ගිය දේවලුත් ගෙට්ටුවල තියෙනවා මියුරු. දැන් දැන් ඔය කරන සෝෂල් වැඩ වගේ .
Deleteහොඳයි! රහයි!!
ReplyDeleteබොහොම ස්තුතියි නිමල්
Deleteඈ අයියේ හිටපු සහ ඉන්න බ්ලෝගාලගේ ගෙට්ටුගෙදර එකකට කාලය හරි නේද .... නරකද එහෙම එකක් සැට් උනානං
ReplyDeleteඅන්න අටම කරහන්කෝ
Deleteහොඳ අදහසක්. සිංහල අවුරුද්දට කලින් හමුවක් තියමු
Delete