පොඩි මාමාගේ පස් අවුරුද්දේ දානයට ලක ලැහැසිති වී සුද්ද බුද්ද වූ මිදුල පුරා විසිරී තිබු කිරිවණා ගල් පතුරු චිරි චිරි හඬින් දෙපැත්තට කරමින් ආ බයිසිකලය කරගස් කොටයට හේත්තු කළ පියුම් බණ්ඩා මාමා කොට කාකි කලිසම ටිකක් හරි ගස්සා ගස්සා ආච්චී ලඟට ආවේය. අතේ උණ්ඩි කරගෙන හිටි කරදහි ගොන්න අස්සෙන් එකක් පෙන්වා මෙසේ කිව්වේය.
'ආ ලොකු අම්මා මේක කාට හරි කියල අත්සන් කොරල ගන්න. ටැලිගිරම් එකක්!'.
ආච්චී වෙවුලන කටහඬින් 'ඇයි මයේ අප්පා කාට හරි කරදරයක් ' වෙලාද කියා ඇසුවාය .
තේ පඳුරු හා මල් පඳුරු උඩට රෙදි වේලෙන්නට දමමින් සිටි පුංචි අම්මා දිග ගවුමේ තෙත අත්දෙක පිස දමමින් එතැනට දිව ආවාය. අත්සම ගසා ටෙලිගිරම් කොලය දිග හැර කියෙව්වාය.
'හේමා කෝච්චියෙන් ගෙදර එනවා ඉස්ටේෂමට එන්න'
ටැලිගිරම් එක එවල තිබේ කොළඹ මාමාය. 'අයියා ගිය සතියේ ලියමනක් එවලා තිබ්බනේ හෙට සෙනසුරාදා කෝච්චියෙන් එනවා කියලා දානෙට වුවමනා අඩුම කුඩුමත් අරගෙන . එතකොට කවුද මේ හේමා කියන්නේ.? 'පුංචි අම්මාගේ මුවින් එලියට දැමු ප්‍රශ්නයම ආච්චිගේ මුනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිවම ලියවිලා තිබුණි.
කවුද මේ හේමා ? කවුද මේ හේමා ? එදා දවස පුරා ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් හිත් හාර හාරා ඇවිස්සු ප්‍රශ්ණයයි.
පහුවදා ටව්මට ගොස් උඩහ කඩේ කාර් එක කතා කරගත් ආච්චී මාවත් දමාගෙන සෙනසුරාදා හවස උඩරට මැණිකේ කෝච්චිය එන වෙලාවට ස්ටේෂමට ගියාය .සද්දෙට හුව දාගෙන ගස්සා ගස්සා පද්ද පද්දා ආ මැණිකේ කන් හිරි වට්ටන කීෂ් හඬක් සමග ඇදීවිත් යකඩ පීලි මත නතර වෙන්නටත් ඉස්සර අපේ ඇස් කොච්චි පෙට්ටි සේරෝම පුරා දුවන්නට පටන් ගත්තේය.
බහින හැම පිරිමියාම හදිස්සියට අපිට පෙනුනේ මාමා වගේය , බහින හැම ගැහැනියම අපට සිතුනේ පෙර නුදුටු 'හේමා' වෙන්නැති කියලාය.
අන්තිමේ මාමා ළඟටම එනකන් අපි දැක්කේ නැත. අතින් කටින් බෑග් මලු උස්සාගෙන හිනා වෙවී ආ මාමා ඇහුවේ ' ඇයි අම්මා ආවේ පොඩි එකෙක් එව්වානම් හරිනේ කියලාය.
ඒ ප්‍රශ්නයට පිළිවදන් නුදුන් ආච්චිගේ මුහුණ නොඉවසිලිමත්ය. තාමත් වටපිට බලයි.
කාවද අම්මා හොයන්නේ ? මාමා ආච්චිගෙන් අසයි.
ආච්චි හීං සැකමුසු හඬකින් මෙසේ කීවාය.
මම එන්න නොවෙයි හිටියේ. ඒත් මේ දන්නේ නැති බවලතෙකුත් එනවා කියලා තිබ්බ නිසයි ආවේ.
දැන් ආච්චිගේ මුනේ තිබු ප්‍රශ්නාර්ථ ලකුණ මාමාගේ මුණට මාරු වෙලාය. ඇස් පුංචි කරගෙන උන්තැනම ඉද්දගැහුවා සේ කෙලින් හිටගත් මාමා ඒ කතාව මොකක්දැයි විමසන්නට විය. ආයේ කවුරුවත් ආවේ නැනේ , යන්කො එහෙනං ගෙදර.
කතාවක් බහක් නැතිව තුන් දෙනා ගෙදර ගොස් බහිද්දී කවුරුත් බලා සිටියේ මාමා බහින තුරු නොව හේමා බහින තුරුය.
කවුරුත් බලාපොරොත්තු සිඳගෙන සිටිද්දී ' මේ මොන විකාරයක්දයි අසන්නාක් මෙන් මල පැන්න මුහුණින් අතට අහුවෙන බෑග් ටික දරාගත් මාමා කා සමගවත් වචනයක් නොදොඩා ගෙට රිංගා ගත්තේය.
නුරුස්නා මුහුණින් තේ කෝප්පය බී සන්සුන් වූ මාමාගේ අතට නොබෝ වෙලාවකින් ඔහුම එවූ ටැලිගිරම් එක පත්වුණි.
ටික වෙලාවක් ඒ දෙස බල සිටි මාමා හතර අතින් රජයමින් තිබු කුහුල මුසු මුස්පේන්තු අඳුර දෙබෑ කරමින් කොක් හඬලන්නට විය.
අනේ අම්මේ මුන්ට පිස්සු. මේ කිරි හට්ටි ටිකයි පළතුරු ටිකයි උස්සගෙන තනියම එන්න බැරි හින්දයි මම ඉස්ටේෂමට කවුරු හරි ගෙන්නා ගන්නා ටැලී ගිරම් එකක් ගැහුවේ. මදැයි .
ඔහු ආයෙමත් සිනහසේද්දී ඔහු ලඟට කිට්ටුවන්නට පසුබාමින් මදක් ඈතට වී සිටි කීප දෙනා ඔහු වටකොටගෙන ඇවිත් හිට ගත්හ.
'ඒත් ඔවුන්ගේ මුණුවල තිබු ප්‍රශ්නාර්ථ ලකුණ පුංචි වෙලා තිබුනා මිස අතුරුදන්ව නොතිබිණි.
ඉතින් මම එව්වේ' හෙට මා කෝච්චියෙන් ගෙදර එනවා කියලා ' මුන් හෙට මා කියන එක හේමා කියල කෙටි කරගෙන .
එවර හිනාවට මාමාත් සමග ආච්චීත් අනිත් සියල්ලෝම එක්කාසු වුනෝය.
හාහ් හාහ් හා හෙහ් හෙහ් හේ හොලො හොලො හොලො
මේ කතාව සිද්ද වී අවිරුදු දහයකට විතර පසු අපේ යාලුවෙකුගේ ගෙදර තවත් මේ හා සමාන දෙයක් සිද්ද වෙමින් තිබුණි. නිවාඩු මාසයේ ලෝකාන්තය බලන්නට පන්තියේ උන් ප්ලැන ගසා කතා කරගත් මාසයේ තුන්වන සෙනසුරාදාට දවසක් තිබියදී මගේ මිත්‍රයාගේ ගෙදරට ටැලිගිරම් එකක් ලැබුනේය. මේ වනවිට මිතුරාගේ අයියා ලෝකාන්තයේ යන බෑග් , උෂ්ණ ඇඳුම් , මප්‍රල්, කැප් තොප්පි, මගට කන ජාති ලැස්ති කරමින් සිටියේය.
ටැලිගිරම් එක කඩුවේ අම්මාය.
අම්මාගේ මුහුණ අබ නොවෙයි කුරහන් අහුරක් දැම්මත් පුපුරන මට්ටමට රත්වී තිබිණි. විටෙක එය රතු පාට වී ඊළඟට කළු පාට වී කේන්තිය වචනවලට දොරේ ගැලුවේය.
'ලොකුපුතා මන් හිතුවේ නෑ උඹල මේ විදිහේ නැහැදිච්ච කොල්ලෝ ටිකක් කියලා. මම උඹට ට්‍රිප් නෙවෙයි මේ ගෙදරින් අඩියක් එලියට තියන්න දෙන් නෑ!
ඇයි ඇයි අම්මේ . ලොක්කා කලබල වෙලාය.
කාත් එක්කද උඹල හෙට ලෝකාන්තේ යන්න හිටියේ. කිව්වේ පන්තියේ පිරිමි ළමයි විතරයි යන්නේ කියලනේ. කව්ද එතකොට අමරා කියන්නේ?
ආයෙමත් ප්‍රශ්නයක්! කව්ද මේ අමරා? කව්ද මේ අමරා.?
අපේ යාළුවාගේ අයියාට ටැලිගිරම් එක ලැබී තිබුනේ ' සෙනසුරාදා උදේ අමරාවත් රැගෙන' ස්ටේෂමට එන්න කියලාය
මේ අවනඩුව නිසා බොහෝ හිත් වේදනා වින්දා මදිවාට ට්‍රිප් එක යන්නටද බැරි උණු අපේ මනුස්සය පසුව දැනගෙන තිබුනේ ඔහුට ටැලීගිරම් එක එවූ මිතුරා ලියා තුබුණේ කැමරාවත් රැගෙන ස්ටේෂමට එන ලෙසය.
හෙට මා හේමා වුනු සේම කැමරාව අමරාව වී ඇත. මේ කොයි හැටි උනත් ශතවර්ෂයක් පමණ අපේ ගම් දනවුවලට දුක සතුට දෙකම මුසු හදිස්සි පණිවිඩ ගෙන ආවේ ටැලිගිරම් සේවයයි.
අපේ ගම්වලට නම් වැඩිපුරම ලැබුනේ කාගේ හෝ මරණයක් පිලිබඳ පණිවිඩයකි. ඒත් මේ සංසාරේ අනියත බව කියමින් පණිවිඩ පිට පණිවිඩ තැන තැනට බෙදා දුන් ටැලීගිරම් උන්නැහැද පසු ගියදා දෑස පියා ගත්තේය.
වෙනත් වචන වලින් කියනවානම් පහුගිය ඔක්තෝබර් පළමුවැනිදා පටන් ලංකාවේ ටැලිගිරම් සේවාව නතර කර දමුනේය.
අනිච්චාවත සංඛාරා !!

( සේයාරුව දෙව්නිගෙන් )
ශතවර්‍ෂාධික කාලයක් ආයු වැලඳූ විදුලි පණිවුඩ සේවාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වභාවික මරණයකට පත් වී තිබේ. වියපත් වී, ජවාධික තරුණ තරඟකරුවන් අතර අවංලගු කාසියක් වන තුරු, අප වැනි ගම් දනව් වාසීන් බොහෝමයකට විදුලි පණිවුඩ සේවාව මඟින් සැලසුණු සේවාව සුළුපටු නොවේ. ඒ අතරම, විදුලි පණිවුඩ සම්ප්‍රේෂණ යාන්ත්‍රණයේ වූ මෙවැනි අඩුපාඩුකම්ද අඩු නොවේ. 'අම්මාට කැලෑ උණ'යැයි දුෂ්කර පළාතක සේවය කළ ගුරුවරයෙකු වෙත යැවුණු විදුලි පණිවුඩය ඔහුට ලැබුණු ආකාරය මා රස කර කියවූවේ පන්තිස් වසරකටත් පෙරය. රට පුරා විසිරුණු ඥාති කැළකට උරුමකම් කියූ මට, කුඩා කොළු ගැටයෙකු ලෙස, පවුලේ පවුලේ දුක්මුසු අවස්ථා කිහිපයකදීම, විදුලි පණිවුඩ සේවාව මඟින් ඒ දුක්මුසු පුවත් අපේ දුරබැහැර ඥාතීන්ට දැනුම්දීම සඳහා වැඩිහිටියන්ට උපකාරී වීමේ අවස්ථාව හිමි විය. එහිදී මගෙන් සිදු වූ වැදගත් කාර්‍යයභාරය වූයේ අන්තර්ගතය සුරකිමින් පණිවුඩය කෙටි කිරීමයි. අඩු වන වචනයකට ඉතිරිය ශත පහකි. අවස්ථාව දුක්මුසු වුවද 'රාජකාරිය' විනෝදාත්මකය. ඊට අමතරව මා හිටිවනම වැදගත් පුද්ගලයෙකි. කෙසේ වුවද, පිරිවැය කළමණාකරණය උදෙසා 'මෙහි මාළු විකිණීමට තිබේ.' යන්න 'තිබේ' ලෙස කෙටි කළ කතාව ඒ වන විටද මා අසා තිබූ බැවින් එවැනි අත් වැරැද්දක් මගෙන් සිදු නොවීය. විදුලි පණිවුඩ සේවාව අපේ පරම්පරාව ජීවත් වන තුරු අපේ මතකයන්හි සජීවීව පවතිනු ඇත.
ReplyDeleteඇත්ත තමයි විදුලි පණිවිඩ සේවාවෙන් තවත් පහසුකම් ගොඩක් හම්බුනා. අපිට මුල් කාලේ කැම්පස් එකට සල්ලි හදිස්සි උනාම ගෙන්න ගත්තේ ටෙලිග්‍රෑම් මනි ඔඩර් වලින්. කොහොම උනත් කාලෙකින් උඹේ සිංහල ලියවිල්ලක් කොමෙන්ට් එකක් හැටියට හරි දැක එක ගොඩක් සතුටුයි. දිගටම ලියන්න
Deleteවිදුලි පණිවුඩ සේවාව එතරම් සමීප අත්දැකීමක් නොවුනත් ඒහා බැඳුනු රසකතා ගොන්නට අලුතින් යමක් එකතු කිරීම වටිනා දෙයක්.
ReplyDeleteබොහොම ස්තුතියි .මේ වගේ කතා ගොඩක් අහල තියෙනවා ඒ කාලේ
Deleteඋඩරට මැණිකේ ගස්ස ගස්ස ආපු හැටිත් අර හඬක් නගලා නතර කල හැටිත්, ඇත්ත දැනගත්තාම කට්ටිය හිනාවෙන හැටිත් චිත්ත රාමු මැවෙන විදියට විස්තර කරලා. මේ වගේ පෝස්ට් බැලුවාම උදේම ලේ පිරිසිදු වෙලා දවසේ වැඩ ටික හරියට කරගන්ටත් පුලුවන් වෙනවා...:)
ReplyDeleteරසවත් මතකයන් ලියවිල්ලට අරන් තියෙන හැටි හරිම අපූරුයි.
ගොඩක් ස්තුතියි පොඩ්ඩි . මෙය කියවා ඔබ සතුටු වුනා කියල අහපු එක වගේම මේ සටහනත් මට දිරියක්
Deleteමරැ කථාව මචං! මේ වගේ
ReplyDeleteවැරදි පනිවුඩ කොචිචර යන්න ඇද්ද? ඇයි හත් දෙයියනේ තැනක ඉදං ටෙලිෆෝන් එකෙන් කියන දෙයක් ෆෝන් එකෙන් අහලා ලියන කොට මොන තරම් නම් වරදින්න පුළුවන්ද?
ඉස්සර අපිත් ටෙලිග්රෑම් එකක් එන කොට හරි බයයි. මට මතකයි මම
ටෙලිග්රෑම් ගොඩක්ම එකට දැක්කේ අපේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයා නැතිවුන වෙලාවේ තාත්තාගේ හිතවත්තු කණගාටුව ප්‍රකාශ කරලා එවපුවා. මට මතකයි නංගියි මායි ඒවා මිටියට බැඳලා පොතක් හැදුවා.
තව දෙයක් මට මතකයි ඒවා ලියලා තිබුනේ පැන්සලෙන්. තව කාලයකදී ලියුම් යැවීමත් අභාවයට යයි.
වෙනදා වගේම ලියවිල්ල රහයි මචෝ!!
ස්තුතුයි මචන් . ඉස්සර මතකද අලුතින් මුද්දර නිකුත් වෙනකොට මුල්දින කවර එකතු කරන්න තිබ්බ උනන්දුවා. කාලෙන් කාලෙට එක එක දේවල් ඇවිත් යනවා. එත් තැපෑලෙන් ආපු ලියුම්නම් අමතක වෙන එකක් නෑ අපේ පරම්පරාව ඉවර වෙනකම්
Deleteමේ විදියේ කතා නම් ඕන තරම්. පොඩි කාලේ මම ඉස්කෝලේ ඇරිලා යන්නේ ගමේ උප තැපල් කන්තෝරුවට. අම්මා තමයි උප තැපල් ස්ථානාධිපති. ඔය ටෙලි ග්රෑම් පණිවිඩයක් දෙනවා අහගෙන ඉන්න හරිම ආසයි. අර කෝඩ් එකට අනුවනේ කියන්නේ
ReplyDeleteඅපේ ගෙවල් ලඟත් තිබ්බා උප තැපැල් කන්තෝරුවක්. ඒකට නම් ඒ කාලේ ටෙලිෆෝන් තිබ්බේ නැති නිසා ටෙලිග්‍රෑම් සේවේ තිබ්බෙත් නෑ
Deleteමම ඉපදිලා නැතුව ඇති අපේ ගෙදරට ටෙලිග්‍රෑම් ආපු දවස්වල.... :)
ReplyDeleteමොනා උනත් ට්‍රිප් එක යන්න බැරි වුණ එක නම් අපරාදේ....
ලඟකදී නම් ටෙලිග්‍රෑම් වැඩියෙන් පාවිච්චි කලේ රජයේ සේවකයෝ හදිස්සියේ වැඩට එන් නෑ කියල නිවාඩු ඉල්ලන්න තමයි.
Deleteලියවිල්ල නම් superb ..."බහින හැම පිරිමියාම හදිස්සියට අපිට පෙනුනේ මාමා වගේය , බහින හැම ගැහැනියම අපට සිතුනේ පෙර නුදුටු 'හේමා' වෙන්නැති කියලාය." ඔය සන්තැසිය වෙනවා ඔයවගේ වෙලාවට . මටත් ඔයවගේ අවස්ථා ගානක් මතකයි.
ReplyDeleteඋඹත් කෝච්චියෙන් 'හේමා' බහිනකන් බලා හිටියා එහෙනම්. ස්තුතියි උඹට
Deleteඅපරාදෙ ටැලිග්‍රෑම් සේවෙ වැරැද්ද නිසා කොල්ලට ට්‍රිප් එක මිස් උනා.
ReplyDeleteතිලකෙට මතකද ''මේ බල්ල බන බදා දාතු නටවා රියපොලට එනවා ''කියන ටැලිග්‍රෑම් එක
මේබල්ගේ කතාවනම් කලින් අහලා තිබුනේ නෑ මචන්. ඒකත් මාරු.
Deleteතිලකෙගේ ලිවීම කොහොමත් රසවත් නිසා ඒ ගැන මුකුත් නොකියමි. මතකද ඉස්සර පෝස්ට් ඔෆිස්වල තිබුනා කාබන් පැන්සැල් කියලා ජාතියක්. නිකං ලිව්වට පේන්නේ නැහැ. කටේ කෙල ටිකක් ගාලා ලිව්වාම තමයි දම් පාටින් ලියවෙන්නේ.
ReplyDeleteදැන් ඔය ටෙලිමේල් එන්නේ සාමාන්‍ය තැපැල් එක්ක කියලා මම පත්තරේක දැක්කා.
ඇත්තටම බන් මොකටද ඒ කාබන් පන්සල් ගත්තේ , මට මතකයි කටේ කෙල ගාල ලිව්වම විතරක් ලියෙන පැන්සල් ජාතිය . ටෙලිග්‍රැම් නවත්තපු දවසෙම ඒ වෙනුවට පටන් ගත්ත ටෙලිමේල් සේවාව කොහොම කරගෙන යනවද කියලනම් ආරංචියක් නෑ මචන්
Deleteමටත් මතක නැහැ මොකක්ද කාබන් පැන්සලේ තිබුනු විශේෂත්වය කියලා.
Deleteඔයාගේ බ්ලොග් එක වෙනස් . කතාව දිග අරින විදිහේ පැහැදිලි වෙනසක් තියනවා ,
ReplyDeleteතව ටික දවසකින් ගොඩ දෙනෙක් මෙතනට එයි , බලන්න සාමාන්‍යයෙන් හැම තුනම කමෙන්ට් නොකරන අයත් මෙතන කමෙන්ට් කරනවා ,
//සේයාරුව දෙව්නිගෙන්//
එයත් ඔයාගේ දුවක්ද
ස්තුතියි මචන් . මේ බ්ලොග් එකට සෑහෙන පබ්ලිසිටියක් උඹ සහ කතන්දර විසින් අරන් දුන්නා. ඒත් මේක එක මට්ටමක පවත්වාගෙන යන එක ලොකු චැලේන්ජ් එකක් වෙලා. අපි බලමු අපි බලමු . ,. ඔව් දෙව්නි මගේ ලොකු දෝනියි.
Deleteකො බොල මගෙ කොමෙන්ටුව.
ReplyDeleteලියවිල්ල මරු ඇ
ස්තුතියි උඹේ කොමෙන්ට් දෙකටම. කලින් එකට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා.
Deleteහි හි... මරු වැඩේ!
ReplyDeleteඒකනේ ....!
Deleteඔය ටෙලිග්‍රෑම් ලිවීමේදි වගේම කියවීමෙදිත් ඔය වගේ වැරදි වෙනවනේ.. අර ප්‍රසිද්ධ කතාවන් තියෙන්නේ "මේ බල්ල බන බදා දාතු නටවා රියපොළට එනවා" කියලා..
ReplyDeleteබලන් ගියාම එකත් ප්‍රසිද්ද කතාවක්. මම ලඟක් වෙනකන් අහල තිබ්බේ නෑ
Deleteමම මේ බ්ලොග් එක මුල ඉඳන්ම කියවලා ඉවරයි. ඔබ ලියන්නේ සන්යමයකින් , වෙලා අරන් , ඒත් අපේ කතා.
ReplyDeleteස්තුතියි. නැවත එන්න. පහුගිය ටිකේ රටතොට ඇවිද්ද නිසා මොකුත් ලියන්න බැරි උනා
Delete1. මට ආපු එක ටැලිගිරැං එකක මෙසේ සඳහන් විය.
ReplyDeleteකම් හෝම්
-වීමලා
හීන් දාඩිය නැතුව ගියේ ටිකක් වෙලා ගිය පසුයි.
http://kathandara.blogspot.com/2011/02/blog-post_07.html
!
අර 'අක්බාර් නෙල් ශාලාව කියන එක අක්බාර් තෙල් ශාලාව කියල වැරදියට කියවලා ' අක්බාර් ඔයිල් හෝල් ; කියල පරිවර්තනය කරගෙන ලියපු ලියුම මතකද
Delete2. පේරාදෙනියේ අක්බාර් ශාලාවට ආ ටැලිගිරැං එකක මෙසේ තිබුණි.
ReplyDelete"හිච්චි නංගී ලොකු උණා. ගෙදර එන්න එපා."
http://kathandara.blogspot.com.au/2011/02/blog-post_09.html
!!
D:
Deleteවැරදියට ලියවුනු ටැලිග‍්‍රෑම් එනවා වගේම හරියට ලියවෙලා ආපු ඒවත් කලබලේට වැරදියට කියවලා පෙරහැරවල් යන වෙලාවලුත් අහන්න - දකින්න ලැබිලා තියෙනවා.
ReplyDeleteඋබට මතකද මන්දා (තර්ඩ් ඉයර් එකේදිද කොහෙද) අපේ "දැල් කාරයා"ගේ අක්කා අන්තරා වුණා කියලා, උගේ "රූමා" - "ඔරු කාරයා" ටැලිග‍්‍රෑම් එක කියවලා තිබුණේ. පස්සේ "දැලා" අප්සෙට් යයි කියලා ඌට නොකියා, ෂේප් එකේ ඌවත් ඇදගෙන කට්ටියත් එක්ක "කොටියා කුබුරේ" උන්ගේ ගෙදර ගියේ. මරණයක සේයාවක් වත් නොතිබ්බ උන්ගේ ගෙදරටම ගිහින් දොරට තට්ටු කරන කොට මලා කියපු අක්කම ඇවිත් දොර ඇරියේ.
පස්සේ "ඔරුවා" ලග තිබූණ ටැලිග‍්‍රෑම් එක උදුරාගෙන කියවලා බැලුවම ඒකේ කිසිම වැරැද්දක් නැතිව අත්තා අන්තරා වුණා කියලා තිබුණේ. ඒකා කලබලේට අත්තා කියන එක අක්කා කියලා තමා කියවලා තියෙන්නේ.
එහෙනම් යමන් ඒ අත්තගේ මල ගෙදරවත් කියලා කියපුවාම "දැලා" කීවේ ආපෝ මචං දුර නෑකමකට අත්තා වන ඒ මලගෙදර තියෙන්නෙත් සෑහෙන්න දුර ඊටත් මට කෝස් වර්ක් එකක් සබ්මිට් කරන්ටත් තියෙනවා.... යමන්ලා ආපහු කැම්පස්ම කියලා. අකමැත්තෙන් මලගෙවල් මානසිකත්වයෙන් මිදිලා, ආපහු යන්න ඉන්නකොට පස්සේ ආපු බැචාලා සෙට් එකට කථාව කිව්වම, අවුලක් නෑ මචං දැන් අපි ආපු බස් එකේ ඇග්‍රො සෙට් එකක් ආවා උන්ගේ බැචෙක්ගේ තාත්තා නැති වෙලා කියලා. මෙහේ ඉදලා තව හැතැප්ම පහක් විතර එහාට වෙන්ටලූ ඒ මල ගෙදර තියෙන්නේ... කියලා.
ඒත් එක්කම, ඔය තියෙන්නේ ...ඔය තියෙන්නේ මලගෙවල්.... යමන් එහේ කියලා කට්ටියත් එක්කම පාර පැන්නේ අනෙක් පැත්තට යන ඊලඟ බස් එකකට ගොඩ වෙන්න...
මේ පොස්ට් එක ලියද්දි මට ඔය කතාවත් මතක් උනා මචන්. දිග වැඩි වෙන හින්ද ලිව්වේ නෑ . රසවත් විදිහට මතක් කලාට ස්තුතියි
Deleteඋබලට මතකද ඊට පස්සේ සිද්ද වුන දේ?
Deleteඔය කතාව නිසා අපි "ඔරුවා" ව pond කරන්න plan කලා. ඒ වෙලාවේ ස්වෙච්චවෙන් ඉදිරිපත් වුන "ඔරුවා", "මචන් කලබල වෙන්න එපා, මම ම pond කරගන්නම්" කියලා, අරුනාචලම් එකේ pond එකට බැහැල කරවටක් ගිලිලා හිටියා සැහෙන වෙලාවක්..... මූව pond කරලා අපි ගන්න හිතපු ආතල් ඔක්කොම කැලේ .......
උබල සියලුදෙනාට සුබ අලුත් අවුරුද්දකට සුභපැතුම්!
-චන්දන
මචංස්ලා....... උඹලා ජීවිතය රස විඳිනවා මිහිරි මතක සටහන් තුලින්. ඒක තමයි බං වෙන්න ඕන.
Deleteඔබටත් ඔබේ බ්ලොගයටත් සුබ නව වසරක් වේවා !!
ReplyDeleteඅදයි ගොඩ වුනේ එළ
ReplyDeleteඋඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.
ReplyDeleteඑළ කතාව මචං. අර කිව්වා වගේ උඹ මේ කතා ලියන ශෛලිය හරිම හදවතට සමීපයි.
කාලෙකින් නාවේ නිවාඩුවට ගමරට බලා ගිය නිසා සහ වෙනත් කරදර නිසා.
හැම එකාම වගේ ටෙලිග්‍රෑම් මොකක් හරි කතාවක් කියලා තියෙන හන්දා මෙතන නොකියවෙච්ච කතාවක් කියන්නම්.
ගඩොල් කපන තැනක වැඩ කරන පොරකගේ පතුල් පැලිලා ඌෂ්ණෙට. මේක හරිම වේදනාත්මක හන්දා පොර තීරණය කලාලු නිවාඩුවක් ගන්න. නමුත් උළු මෝලේ අයිතිකාරයා නීති කාරයා නිසා පොර ටෙලිග්‍රෑම් එකක් ගහලා මෙන්න මෙහෙම.
"කකුල් ගැසීම නිසා ගල් කැපීමට පැමිණිය නොහැක. නිවාඩු දෙන්න."