මට ඔයක් තිබුනා
ඉස්කෝලේ ඇරිලා
ආපු හැටියේම
බත් ටික එහෙ මෙහෙන් අතගා
රැලේ උන් එක්ක දුවගොස්
දියබුන් ගගහ පීනපු
රෙදි සෝදන ලියෝ
කිචි බිචිය අතරෙම
කාගේ දරුවත් එකයි
මෙහෙ වරෙන් කියලා
ඇඟ පුරා සබන් ගා
නාවලා පිහිදාපු
වේලෙන්න වෙලා නැති
කලිසම තෙතයි තාමත්
ඉලාස්ටික් පටිය ඇද
ඔලුවේ දමාගෙන
අඩක් හෙලිකොට්ටෙන්
හු තිය තියා නියර පිට
වැටි වැටී ගෙදර එනකොට
ආයෙමත් මඩකරි
හෝදලා ගෙට අරං
හීල්බත් කවලා
ලාම්පු පත්තු කෙරුවාම
වෑල්ව් රේඩියෝවෙන්
'ලන්දේසි දුපත'
අක්කාට තුරුළුවී
අසා ගත් කයි කතන්දර
හීනෙන් ආයිමත් ගඟබඩ
සිරීපාදේ යන
කහපාට සමනල්ලු
දේදුනු පියාපත්
සලන බත්කුරු පෙළ
හීන් බෝවිටියා ගහ
උඩ හිටපු කුරුල්ලා
පාන්දර හුළං එන්නට
ජනේලය ඇරියාම
අරපේන ඉදල්ගස්හින්න
හරි පුදුම ඉස්ටේෂම
වහලේ ඒ පැත්තේ වතුර
වලවේ ගඟට එක්වෙන
මේ පැත්තේ වතුර සේරම
එක්වේවි මගේ ගඟට
තිරිකුනාමලේ ගොස්
මුහුදු යන්නට හිතං
වයස විස්සක් වෙද්දී
මට ආයේ හම්බුනා
මගෙ ඔයම ගඟක්වී.
දැන් ලොකුයි හරි හැඩයි
දෑල උණපඳුරු ටික
නැමී නැමී හාදු දෙයි
හංගගෙන අපෙ රහස
අක්බාර් පාලමින් එගොඩට
පියමනින වෙලාවක
බැචෙක් ඇහුවා මගෙන්
මොනොවා තිබිලාද බොට
ඔය තරම් ආඩම්බර ?
ඇඳුම් පිළිවෙලක් නෑ
කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
පස්ට් ක්ලාස් මුකුත් නෑ
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති උඹ
ඇයි ඔය තරම් ගෙම්බර?
මම ඉතින් හිනැහුනා
බල බලා ගඟ දිහා
හවස ගැටඹේදී හමුවෙලා
ටිකක් වටපිට ඇවිදලා
කතා කර කර ඉමුද කියලා
ඇහුවා මගෙ ගඟ කොඳුරලා
(සටහන: මතක කතන්දරයක් ලියන්න ගත්තාම මට හිතුනා මේ විදිහට ලියන්න ඕනි කියලා. එත් මේක කිසම පිලිවෙළකට , විරිතකට ලියන්න මම දන්නේ නෑ. )
චිත්‍රය ඇන්දේ ඔවිනි
මටත් තාලයක් නම් හොයා ගන්න බැරිවුනා මචං ඒත් අමුතු ගතියක් නම් දැණුනා. කියන්ඩ ඕන පනිවුඩය නම් තේරැනා. මෙහෙම ලියන කලාවටත් නමක් ඇති. චිත්‍රයත් මරැ මචං! උඹට ජය!!!
ReplyDeleteබලමු මචන් අපි මොකක් හරි තාලයක් හොයා ගන්න ආයේ මේ වගේ ලියනකොට . ස්තුතියි උඹට .
Deleteමේ ලියලා තියෙන විදිය ලස්සණයි. කියන්ට ඕනි හැමදෙයක්ම කියවිලා තියෙනවා රූප රාමු මැවී යන විදියටම. :)
ReplyDeleteස්තුත්යි පොඩ්ඩි මේ පැත්තේ ආවාට රස විඳ අගය කෙරුවාට
Deleteඔහේගෙම නොවන ඔහේගෙම එකක් නේද?
ReplyDeleteකාලයක් මගේම කියලා හිතා හිටි මගේ නොවන දෙයක්
DeleteSuperb!
ReplyDeleteThanks a lot
Delete////රෙදි සෝදන ලියෝ
ReplyDeleteකිචි බිචිය අතරෙම
කාගේ දරුවත් එකයි
මෙහෙ වරෙන් කියලා
ඇඟ පුරා සබන් ගා
නාවලා පිහිදාපු//////
ඒවා මෙහෙම තමයි...තාමත් මතකයි....චිත්‍රය ඇන්දේ දුවෙක්ද? ලස්සනයි කිව්වා කියපන්.
චිත්‍රය ඇන්දේ අපේ පොඩි දෝණි . ස්තුතියි අරු
Deleteමෙන්න නියම කවිය ... මමත් කවි ලියන්නේ මේ විදියටමයි මොන යකෙක්ටවත් බෑ මෙකි තාලය හොයා ගන්න කොටින්ම මටත් බෑ ......
ReplyDeleteස්තුතියි. වෙලාවක එන්නම් ඔයාගේ කවි බලන්නත්
Deleteඅර ඉදල්ගස් හින්න ඉස්ටේසමේ කතාව මම හිතන්නේ තේරුණා.. ඒත් පොඩ්ඩක් පැහැදිලි කරනව නම් හොඳයි? ඒ කියන්නේ එතන පිහිටීම අනුව වහලේ දෙපැත්තට වැටෙන වතුර වලවේ ගඟටයි, මහවැලි ගඟටයි ද එකතු වෙන්නේ?
ReplyDeleteඔවු තිසර ඉදල්ගස්සින්නේ ඉස්ටෙශමේ පිහිටීම අනුව ඒ කේ වහලට වැටෙන වතුර ගංගා දෙකකට යනවා. එකක්නම් මහවැලි ගඟ . අනික වලවේ ගඟ කියලයි අහලා තිබ්බේ . එත් මට සැකයි කිරිඳි ඔයද කියලා
Deleteතාලේ එපා.. තේරුම ඇති..
ReplyDeleteගොඩක් විශිෂ්ටයි. විශ්වාස කරනවද මගේ ඇස් දෙකේ මැවුනා ඉදිරියේ..
කඳුළු දිලිහෙනව මටම පෙනුනා..
නියමයි අනර්ඝයි .
ඇඳුම් පිළිවෙලක් නෑ
කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
පස්ට් ක්ලාස් මුකුත් නෑ
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති උඹ
ඇයි ඔය තරම් ගෙම්බර?
මම ඉතින් හිනැහුනා
බල බලා ගඟ දිහා
හවස ගැටඹේදී හමුවෙලා
ටිකක් වටපිට ඇවිදලා
කතා කර කර ඉමුද කියලා
ඇහුවා මගෙ ගඟ කොඳුරලා
ගොඩක්ම ස්තුතියි මේ අගය කිරිල්ලට. ඔබේ රස වින්දනය ගැන ඉතා සතුටුයි
Deleteකවුද අනේ සිත්තරේ ඇන්ද ඔවිනි
ReplyDeleteඔවිනි අපේ පොඩි දෝණි . මගේ රසිකාවියක්. ඒ වගේම කියවලා හැමදාම හොඳ විචාරයකුත් දෙනවා
Deleteලස්සනයි.
ReplyDelete"මම ඉතින් හිනැහුනා
බල බලා ගඟ දිහා
හවස ගැටඹේදී හමුවෙලා
ටිකක් වටපිට ඇවිදලා
කතා කර කර ඉමුද කියලා
ඇහුවා මගෙ ගඟ කොඳුරලා"
ස්තුතියි කඳු
Deleteඇත්තටම ගැටඹේ හරියේදී මහවැලි ගඟ වටයක් ඇවිදිනවා . ඒකයි මට 'ටිකක් වටපිට ඇවිදලා ' කියල ලියන්න හිතුනේ.
මට හිතුණේ ගඟ ඔබේ පෙම්වතිය කියලා :)
Deleteලස්සන සිතුවිල්ලක් තිලකේ,ඔහොම ලියාගන්න පුළුවන් එකත් හරි වටිනවා චිත්‍රය ලස්සනයි කිව්වා කියපං.
ReplyDeleteස්තුතියි මචන්. චිත්‍රය ගැන දුවට කිව්වා.
Deleteනියම ගැමි වදන් ටිකක් අෆ්ෆා..පට්ටයි
ReplyDeleteස්තුතියි අප්පා
Deleteඅම්මප සෑර්, මම හිතාන හිටියෙ මැත කරපු සෑර්ලට සාහිත්‍ය අරහං කියල නෙව.
ReplyDeleteමැතකාරයෝ ගාවත් එක එක විදිහේ සාහිත්‍යය තියෙනවා ගුනේ.
Deleteපට්ටයි ඈ, නිදහසේ එන සිතුවිලි නේ. ඉතිං වදින්නේ පපුවටමයි
ReplyDeleteබොහොම ස්තුතියි සොඳුරු යක්ෂයා D
Deleteවිරිත් නැති වුණාට සිතුවිල්ල අපූරු යි, සොඳුරු යි.
ReplyDeleteබොහොම ස්තුතියි දිලිනි. ඔබේ කවි මා කියවනවා
Deleteමටත් මගේ නොවන මගේම මෙහෙම ටිකකුත් තිබුනා. (ඔක්කෝම නෙමෙයි) හැබැයි මේ වගේ කවි තමා ගති. එක් එක කුල වලට නොබෙද ඉන්න පුළුවන්නිසා හොදයි.. නැද්ද මං අහන්නේ...
ReplyDeleteඋඹේ නොවන උඹේම මෙව්වා එකේ කතාවත් ලියපන් ළඟදීම. තාලයක් නැති එකත් තාලයක් උනා එහෙනම් . ස්තුතියි උඹට
Deleteමේ තිලකයියේ කෝ අපේ කොමෙන්ට්ස්,
ReplyDelete???ඔන්න ඔච්චරයි මලයො තිබ්බෙ
Deleteමෙම කවිය ඉතා උසස් නිර්මාණයකි.
ReplyDelete/වයස විස්සක් වෙද්දී -මට ආයේ හම්බුනා, මගෙ ඔයම ගඟක්වී- දැන් ලොකුයි හරි හැඩයි
ReplyDeleteදෑල උණපඳුරු ටික - නැමී නැමී හාදු දෙයි /
මෙම පැදියෙන් ඉතාමත් ගැඹුරු අදහසක් ගම්‍ය වන බව තේරුම් ගත හැකියි. ජීවිතයත් ඒ වගේමයි. එදා ඔයේ පැන නා යලිත් මඩ ගා ගන්නා කොලුවා වසර විස්සකට පසු අක්බාර් ශාලාව අබියස මහා ගංගාව අසල සිටින්නේ ජීවිතයේ සන්ධිස්ථානයකට පැමිණිලා.