Monday, March 2, 2015

සෙනෙහෙබර කේන්දරය


හරියටම හේතුවක් කියන්නට බැරි වුනත් දැන් අපිට හරියට වැඩය . විවේක සුවයෙන් රසවත්ව ලියන්නට මට බැරිය. ඔවිනිටත් පන්තියේ වැඩ වැඩි නිසා චිත්‍ර අඳින්නේ හදිස්සියටය . දෙව්නිගේ කැමරාව අල්මාරියේ පුස් බැඳෙමින් තිබේ.

ඉස්සරනම්  මට  ළමයින්ට කතන්දර කියන්නට  පවා වෙලාව තිබිණි. මම ඒ කාලේ වැඩිම වාරයක් කියා දුන් ළමා කතාන්දරය යෝධයාගේ මල් උයන  විය හැක. මිතුරු මිතුරියන් අතරේ සිටිද්දී පවා කතන්දර කියන්නැයි ඒ කාලේ නම් ඉල්ලීම් ලැබිණි. මම කිහිප විටක් කියා ඇති කතාන්දරයකි කහපාට ආදරය ලෙස නැවත බ්ලොග් පොස්ට් ව්කක් වුයේ.

මේ කහපාට ආදරයේ කතාව ඇසු මගේ යෙහෙලියන් තිදෙනෙකුගේ ප්‍රතිචාර මට මතකය,  අවසානයේ  කහපාට රිබන් පටි මහා ගොඩක්  ඕක් ගසේ බැඳ තිබුනා කියා  කියන විටම එක් යෙහෙලියක් පපුව අල්ලාගෙන සැනසුම් සුසුම් හෙළුවාය. ඉන් පසු අසල සිටි තව කාගේදෝ ඇඟට වාරු වී දෑස   පියා ගත්තාය.

දෙවැන්නී කතාව ඉවර වෙන්නටත් කලින් මගේ අතින් අල්ලා ගත්තාය . ඇය සීතල අයිස්  කුට්ටියක් සේ ලිස්සා ගොස් මේස දාරයේ වාඩි  වුවාය.

තෙවැන්නිය සිරකරුවා හා කෝප ගත්තාය.'ඔච්චර බලන්න එද්දිත් ගණන් උස්සන මිනිහෙක් මත්තේ නැහෙන්න ඒ කෙල්ලට පිස්සුද? කියා ඇසුවාය . ඒත් කතාව අවසන අයගේ බොරු තරහ මුනේ හීනි ඇස්  අග කඳුළු බින්දුවක් තිබුනා මතකය .
පළමු හා දෙවැනි මිතුරියන් දෙදෙනා බොහෝ කාලෙකින් මට හමු වී නැත. එතකොට තුන්වන යෙහෙළිය?

අර ඉන්නේ අපේ ගෙදර!

ඇය ඒ හැටි   ලඳ බොළඳ  නොවී ජීවිතේට ප්‍රායෝගිකව මුහුණ දෙන්නට මට උදව් වෙන්නීය.

අපේ කසාදයට කලින් පොරොන්දම් බලමුද කියා අම්මා ඇසූ බව ඇය කිව්වාය.
අනේ මොන විකාරද මගේ කේන්දරෙත් නෑ . මම ඒක අම්මගේ ලාච්චුවෙන් අරං විසිකරලා දැම්ම පොඩි කාලෙම.

ඊට පස්සේ අම්මා ඉල්ලා තිබ්බේ අඩු ගානේ උපන් වෙලාව අහලා කියන්නට කියලාය. මම අපේ අම්මාගෙන් උපන් වෙලාව අහන්නට ගියේ නැත . මට හිතුණු  වෙලාවක් කිව්වෙමි. එය සැබෑ වේලාවෙන් පැය හය හමාරක් වෙනස් බව පසුව දන ගන්නට ලැබිණි.

මේ වැරදි වෙලාවට අලුත් කේන්දරයක් මා වෙනුවෙන් හදා තිබ්බේ අහිංසක නැන්දම්මා විසිනි. පොරොන්දම් බැලු දවසේ ඒ ගෙදර මගුල් සිරියක් ගත්තේය.

කේන්දරේ බලපු හාමුදුරුවෝ කිව්වා සීයට සීයක් ගැලපෙනවා කියල. මේ දෙන්නා ගිය ආත්මෙත් කසාද බැඳලා ඉන්නවා කියල.
මාර ගැලපීමක්ය.

වඩදිය බාදිය සම සිතින් උසුලාගෙන  අපේ ජීවිත යාත්‍රාව පැදගෙන යන්නට හැකි වී ඇත්තේ මේ බොරු කේන්දරයේ ගැලපුමෙන්  හා ඇගේ සෙනෙහෙබර කැපවීම නිසාය.

මොනතරම් වැඩ තිබ්බත් ඇය තවත් අවුරුද්දකින් තරුණ වෙන මේ දවසේ මොකුත් නොලියා ඉන්නට මට බැරිය.
 2013දී ලියූ මේ කතාවත් 2014දී ලීයූ මේ කතාවත් ඇයට මා දුන් උපන් දින තෑගිය

2015 මාර්තු 03
චිත්‍රය ඇන්දේ ඔවිනි 

66 comments:

  1. සුභ උපන්දිනයක් වේවා තෙවැනි දැරියට.. නොලියවෙන එක අපේ අවාසානාවක් බං.. මම ආයිත් තිලක සිත පොත කියෙව්වා පෙරහිදා..

    ReplyDelete
    Replies
    1. දේශක දැන් ලියනව ද ඈ

      Delete
    2. බොහොම ස්තුතියි දේශෝ . ඇත්ත නේන්නම් සහෝදර කිවා වගේ අපේ දේශකතුමා ලියන්නෙත් අවාරෙටනේ දැන්

      Delete
  2. ඔබේ ප්‍රියාවියට වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා!...

    ReplyDelete
    Replies
    1. ඇත්නම් උවන නිරතුරු තුටු සිනාපිරි
      හදහන කුමට යුගදිවි යට සෙනේපිරි
      සමරන උපන් දිනයට ඇගෙ සුබාසිරි
      පතනෙමි සතුට සැනසුම පිරි දිගාසිරි!!!

      Delete
    2. බොහොම ස්තුතියි සඳමාලි !!
      ලැබුණෙන් මෙහෙම සුමිතුරු යස සුබාසිරි
      සොම්නස ගලයි ඇගෙ ලවනත සිනාපිරී

      Delete
  3. සුභම සුභ උපන්දිනයක් වේවා ඇයට!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සියේ ! !

      Delete
  4. තිලකසිත නෝනාට ශුභ උපන්දිනයක් වේවා.....!
    ඔය හැම කේන්දරේම පැය හයක් හතක් එහා මෙහා කරලා හැදුවා නම් ඔක්කෝම සෙනෙහබර ජීවිත ගෙවාවි තිලකේ...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චීෆ් . ඔව් එදා හිට කේන්දර වගේ දේවල් විශ්වාස නොකිරීම හින්ද තමයි සෙනෙහෙන් ඉන්න පුළුවන් වුනේ

      Delete
  5. //"හරියටම හේතුවක් කියන්නට බැරි වුනත් දැන් අපිට හරියට වැඩය . විවේක සුවයෙන් රසවත්ව ලියන්නට මට බැරිය."// මටත් එහෙමමයි අප්පා , ව්වේක තිබුනත් ඉතිං මටනම් "රසවත්ව" ලියන්නට නම් කොහොමත් බැරිය .

    ඔය කහපාට ආදරය සහ පොකට ගහන්න බැරි ආදරය කියන කතා දෙක මගෙත් ප්‍රියතම කතා තිලක සිතේ .

    ඔන්න එහෙනම් අපිත් උපන්දිනේට සුබ පැතුවා කියන්න . පාටිය ලංකාවට ආව වෙලාවක දෙන්න , අපි අනිවා එනවනේ :D

    ReplyDelete
    Replies
    1. //පොකට//

      ඉස්පිලි පාපිලි හෙම කෝම වෙනස් වෙන්න ඕනද පුතේ.. හැක්

      Delete
    2. හම්මප යකෝ ද්වේෂකයා ... හොයාගත්තු එක .. හැක් තමා

      Delete
    3. තැන්කිව් ඉවාන්. පාටිය ලන්කාවට ආ හැටියේම දාමු . දේශකගේ නම වෙනස් කිරීම නම් ද්වේශ සහගතයි

      Delete
  6. සුභ උපන්දිනයක් වේවා තිලකසිත අයිති කරගත්ත නෝනට.. 'හේතුවක් නැතුවම හරියට වැඩ..' මටත් ඒ වගේ මේ ටිකේ.. ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ.. ලියන්නැති එකනම් හරිම අපරාදයක්.. අර නොවැම්බර් මාසේ වගේ දෙන්න බැරිද කතා පහ හයක පොරොන්දුවක් මාර්තු වලටත්?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලණ මිතු. නොවැම්බර් මාසේ වගේ පොරොන්දු දෙන්න බයයි ඉන් පස්සේ මාස එක හමාරක් ඔලුව උස්සන්න බැරි වුනා . බලමු ඉස්සරහට එන්නේ වසන්ත කාලෙනේ .අපි කට්ටියම ආයේ ලියමු

      Delete
  7. තිලකාවියට උණුසුම් සුභ පැතුම්...

    බොරු කියන්න එපා තිලකේ... හොර කේන්දරේ හදන්න කීයක් වියදම් උනාද.. කාට කියලයි හදා ගත්තේ.. ස්සුමනයට කියලයි..?

    දැන් ඕවා කිව්වට අවුලක් වෙන එකක් නෑ...

    අප්ෂෙට් එකක් ආවෝත්, පොඩි ෂොට් එකක් දාලා...

    "තිලකාවී මගේ ප්‍රේම ළොවේ බැඳ ජය කේලී.." සින්දුව කිව්වාම හරි පොඩි ඩාන්ස් එකක් දාලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ. කොහෙද උඹල එක්ක බොරුවක්වත් කියන්න බෑ මාට්ටු වෙනවනේ. අර ඉවාන් කියපු පාටිය දාමුද අප්‍රේල් මාසේ?. එතකොට ඔය සින්දුවත් කියන්ට බැරියැ

      Delete
  8. ඇයට සුභම සුභ උපන්දිනයක් වේවා..!

    ReplyDelete
  9. කියන්න ආපු එක පොලිටික්ස් වගේ ,
    චෙෆ් ආකිටෙක්ට් අප්සෙට් නොකර ඉන්නම්. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. Sorry I forgot.
      A very happy b'day to Mrs. Ekanayake

      Delete
    2. Pra Jay මල්ලි අපිට කෝචොක් කරනවානේ....

      Delete
    3. ඕනම දේකට ශුභ නැකතක් තියෙන දිනයක් තමයි ජනවාරී 8

      Delete
    4. චෙපාකි අප්සට් යන් නෑ ප්‍රා ජේ ඔන්නොහෙ කියන්න .Thank you

      Delete
  10. සුබ උපන් දිනයක් වේවා!!!!!!!!
    විවෙකය වැඩි වුනාම මටත් ලියන්න හිතෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදර. ඔබ අවිවේකී වේවා !!

      Delete
  11. කහ පාට ආදරය ගැනත් , කලින් දීපු උපන්දින තෑගි ගැනත් අද තමයි කියවන්න අවස්ථාව ලැබුනේ. ඒ වගේ බිරිඳක් ලබන්න ඔබ හරිම වාසනාවන්තයි කියලයි මට හිතුනේ...

    අපිත් සුබම සුබ උපන්දියකට සුබ පැතුවයි කියන්න. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂානි සුබ පැතුමට . පෝස්ට් කිහිහිපයක්ම කියවලා කොමෙන්ට් කළාටත් ස්තුතියි

      Delete
  12. සුභ උපන්දිනයක් තිලකාවිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිස්ටර් ඩුඩ් -
      මීට තිලකාවිය

      Delete
  13. දුවට කෙසේ වෙතත් තාත්තට වැඩ වැඩිවෙලා වගේ ,
    තිලකෙ අයියගෙ දයාබර බිරිදට සුබ උපන් දිනයක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල . වැඩ වැඩි කමට වඩා මගේ අකාර්යක්ෂම කම.

      Delete
  14. කහපාට ආදරේ ලස්සනයි,, ඔබේ බිරිඳට සුබම සුබ උපන් දිනයක්.. සතුට සමාදානය හැමදාම ඔයාලා ලග තියෙන්න කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. මට මතකයි 'කහපාට ආදරේ' පෝස්ට් කරලා විනාඩි ගණනකින් ඔමාගෙන් බරපතල ප්‍රසංශාවක් ලැබුණා . බොහොම ස්තුතියි

      Delete
  15. ඇත්ත වෙලාවට පොඩ්ඩක් මැච් කරල බැලුවේ නැද්ද , ඒකත් දැනගන තිබුනනං තවත් කතන්දරේ රසවත්

    ReplyDelete
    Replies
    1. මගුලටත් කලින් මේකේ ඇත්ත හැමෝම දැනගත්ත . අගුණයක් ගැන අහන්ට ලැබුනේ නෑ .

      Delete
  16. පොරොන්දම් ගැලපවිල්ල ගැන මගෙත් තියෙනව තිලක් ඔයිට බොහොම සමාන අත්දැකීමක්....කාලෙකට ඉස්සර මම ඒ ගැන ලිව්වත් එක්ක වියුණු සටහනක්..

    එහෙනම් සුබ උපන්දිනක් කියල මාත් කිව්වයි කියල කියන්න..හොඳද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී. රවිගේ පෝස්ට් එකත් හොයාගෙන කියවන්න ඕනි

      Delete
    2. හප්පේ ඒකත් කියෙව්වා. මරු ! සුළු සුළු නොගැලපීම් තිබ්බට හිත කියන්නේ ප්‍රභල ගැලපීමක් තමයි.

      Delete
  17. ඔබේ ජීවන සහකාරියට සුබම සුබ උපන් දිනයක් පැතු බව කියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ. ඔන්න මම කිව්වා

      Delete
  18. සුභ උපන්දිනයක් වේවා අපෙනුත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගී කුරුටු ගෑ හැමෝටම

      Delete
  19. Replies
    1. බොහොම ස්තුතියි. එසේම වේවා !!

      Delete
  20. මාර්තුවල ඉපදෙන අය කොහොමටත් සෙනෙහෙබරයි ලු. :P

    ඔබගේ ජීවිතයට (තිලකාවිය ) සුබ පැතුම්!!! :D

    ReplyDelete
    Replies
    1. මතකය හරි නම් මගේ හැලපයියා සහා පවුලේ අයත් මාර්තුවල වෙන්ට ඕනේ.

      Delete
    2. වෙන්ට බෑ . මම ඉපදුනේ මාර්තු නෙවෙයිනේ D . බොහොම ස්තුතියි පොඩ්ඩි

      Delete
  21. කේන්දර විශවාස නොකර ආදරය ගැන තියෙන විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.
    සුබ පැතුම් තිලකාවියට!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්, හිත ඇත්නම් මොන කෙන්දරද ? බොහොම ස්තුතියි

      Delete
  22. // එතකොට තුන්වන යෙහෙළිය? අර ඉන්නේ අපේ ගෙදර! //
    මෙක තමයි හොඳම කොටස :)

    එහෙනම් ඒ ගෙදර ඉන්න යෙහෙළියට සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සෝ

      Delete
  23. දින වකවානු හරියටම මතක නැතත්, මේ 1995 විතර වෙන්න ඕනෑ. කතෘ තුමා ඇයත් එක්ක පේරාදෙණියට ඇවිත් උන්න. හීන්දෑරී, ප්‍රියමනාප ළමයෙක්. එදා බොහොම වැහිබර දවසක්. කෙල්ලට හොඳටම හෙම්බ ගහල (හෙම්බිරිස්සාව), ටික වෙන්න උණ, කතා කරගන්නත් බැහැ. එත් මලක් වගේ ඈ හිනා උනා. මේ හාත්පස අනධකාර ලෙඩ දුක් අස්සෙත් මෙච්චර ලස්සන නං, වැස්ස තුරල් වෙලා හෙම්බ බැහැල ගියාම කොච්චර ලස්සන ඇද්ද කියල මට හිතුන. එදා හවස මම තේ බොන්න ගෙදර ගිය වෙලාවේ අම්මට විස්තරේ කිව්වා. "එයා linguistics specialize කරලලු". "කොච්චර අපූරු ගලපීමක්ද? මට නම් හරිම සතුටුයි" අම්ම කිව්වා.

    ReplyDelete
    Replies
    1. මේ තරම් සියුම් දේවල් මතක තියෙන උඹත් එක්ක තව දවසක් දෙකක් නිදහසේ කතා කරන්න ලැබුනොත් කතා දුසිම් ගානකට අතීත විස්තර මතක් කර ගන්න පුළුවන් වෙයි. අනේ බන් තාමත් බැරි වුනා උඹලයි අම්මාට 'තිලකසිත 'පොතක් එවා ගන්න .මට පොරොන්දු වූ පරිදි උඹ ඉක්මනින් අර ග්‍රන්ථය ලියා ඉවර කරාවි යැයි හිතනවා

      Delete
  24. බ්ලොග් ලියන්නේ නැතුව කියවන කාලේ සිරිතක් විදිහට මම කමෙන්ට් කලේ නෑ.'ඇනෝ' විදිහට කමෙන්ට් කරන්න අකමැතිවීම,කම්මැලිකම,නොතේරුම්කම වගේ හේතු දාහක්.ඒත් ඒ කාලේ මම එකම එක කමෙන්ට් එකක් දැම්මා ඇනෝ කෙනෙක් විදිහට.ඒ "දයාබර මාරේ"කියන ඔබේ පෝස්ට් එකට.ඒ පෝස්ට් එක මට පොල්ලෙන් ගැහුවා වගේ එකක් වුනා.හේතුව පැහැදිලි නැතත් මම ගොඩක් සන්වේදිවුනා ඒ පෝස්ට් එකට.ඒ වගේම සන්වේදිවුන,ඔබේ බ්ලොගයේ මම කියවපු අනිත් පෝස්ට් එක තමා "කහපාට ආදරය".
    ඒ ප්‍රායෝගික මිතුරියට සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුර එදා ඔබ ඇනෝවෙක් විදිහට ලියා තිබ්බෙත් හරිම හර්දයාංගම කොමෙන්ටුවක්

      Delete
  25. පසුගිය දවස් වල බ්ලොග් කියවන්න බැරි වුනා. ඒක හින්දා ඔබේ පෝස්ට් එක මග හැරිලා.
    ඇයට සුභ පැතුව බව කියන්න. කවද හරි හම්බ වුන දවසක සුභ පැතුම් හැබවින් එක් කරන්නම්කෝ.. ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රන්ගි. ඔව් දවසක් ලැබේවි අපිට හමු වී සුබ පැතුම් බෙදා හදා ගන්න

      Delete
  26. පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ..... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්

      Delete
  27. එක හුස්මටම කියවමි ඔබෙ තිලක සිත
    හරි රසවත්ය කිසි අඩුපාඩුවක් නැත
    පතනෙම් සුබාසිරි ඔබ පෙම්බරිය වෙත
    තව ‍රස බෙදනු මැන සනසා රසික සිත

    ReplyDelete
    Replies
    1. ලොකු සතුටක්ය ඔබ මෙහි ආ කරුණ මිත
      කවියෙන් සුබාසිරි පැතුමෙන් පිරුණි සිත

      Delete