උන් තැනම ඇන තියාගෙන වට පිට අත ගාද්දී හමු වූ පුංචි ගල් කැටයක් අතින් ගත් පිටස්තරයා නැගී සිටියේය. ගල් කැටය ඈත දියඹට විසි කළේය.
සැන්දෑ කළුවර නිසා එය කොයි අත ගියාදැයි පෙනුනේ නැත. මුහුදේ ඝෝෂාව නිසා කැටය දිය තලය මත ගැටෙන හඬ ඇසුනේද නැත. එහෙත් ඇස්දෙක පියාගෙන වුව ගල් කැටයේ ගමන හා ඉරණම ගැන චිත්තරුප මවා ගන්නනට පුළුවන් විය.
පහුගිය අවුරුදු විසි දෙකක් තිස්සේ උඹ ගැනත් මම ඔහොමයි හිතුවේ. පිටස්තරයා කිව්වේ.
ඒ කිව්වේ ?
හම්බුන් නෑ දැක්කේ නෑ . ඒත් මෙහෙම තැන්වල ඇති මෙහෙම ඉන්නවා ඇති කියල දැනුණා
උඹට මතකද දවසක් සිගරට් තුනක් අතේ තියාගෙන අපි මේ වැල්ලේම එහෙ මෙහෙ ගියා ගින්දර ටිකක් හොයා ගන්න බැරිව. ටුටුත් අපිත් එක්ක හිටිය . පස්සේ මුරට හිටි පොලිස් කාරයෙක් අපිව චෙක් කරා.
පාරේ රස්තියාදු වෙන්න එපා කියල අපිට දෝස් මුරෙත් දැම්මා .
ඊට පස්සේ යන්නම් කියල අපි යන ගමන් නිකමට වගේ මිනිහගෙන් ඇහුව ගින්දර තියෙනවද කියල .
ඒ භීෂණ කාලේ ඉවර වෙලා අවුරුදු කීපයකට පස්සේ.. කොළඹ කොටි ගහන කාලේ . කොළඹත් කෝච්චි පාරේ තැන තැන මුර. අපි වැඩ කලේ මුහුද අයිනේ සයිට් එකක
මල්ලි මමත් මේ සිගරට් එකක් බොන්න විදිහක් නැතිව හිටියේ . සිගරට් තියෙනවා. ගිනිපෙට්ටියකුත් තියෙනවා . හැබැයි එකම එක ගිණි කුරයි තියෙන්නේ. ඒක ගහන්න බයයි මේ අලුගුත්තේරු මුහුදු හුලඟටයි පින්නටයි ඒක නිවිලා යාවි. එලි වෙනකන් හීතලේ ඉන්න වෙනවා එහෙම වුනොත්.
ටුටූ හිනාවෙලා ගිණිකුර ඉල්ලාගත්තා
මුහුදු හුළං අතින් මුවා කරගෙන ඒක නිවෙන්න කලින් සිගරට් හතරක් පත්තු කරා.
ඇයි අපි අර මුරපොලේ හේත්තුව දාගෙන ඊට පස්සේ පැය දෙකක් විතර කතා කරපු එව්වා.
ඌ හොඳ එකා බන්.
උඹේ බ්ලොග් එක මම බලනවා . මම තාමත් කැමති උඹේ පළවෙනි පොස්ට් එක යවුල ගහට. අදට හරියටම අවුරුදු දෙකකට කලින් ලියපු එක. .
ඊළඟට භීෂණයේ මල් පෝච්චි . ඒත් උහුලා ගන්න අමාරු ඒවා ලියනවට වඩා මං කැමතියි චුටි උක්කුන් අයියා, 23 ශ්‍රී පාන් භාගේ වගේ මුණු ජොලි මූඩ් කරවන එව්වා වැඩිපුර ලිව්වනම්.
උඹ ඉස්සර කලාකවයට අපි කවි ලියල දෙනකොට බනිනවා නේද ගණිකාවන්ගේ දුකයි, පාන් කෑල්ලක් නැති වුන් ගැනයි විතරක්ම ලියන්න එපා එම්පයර් ස්ටේට් බිල්ඩිම හදපුවා එහෙමත් ලියපන් කියල. ගේ ඉස්සරහ නිකන් වැවෙන ගස් ලබු ගහක් හදා ගන්න බැරි දුප්පතුන්ට උඹ බැන්නා .
උඹයි උඹ ලියන ඒවගේ ඉන්න එකයි දෙන්නෙක්.
ඔව් බන් . මම ගිය සතියේ ලෝකේ උසම බිල්ඩිම බලන්න ගියා . ඉතින් කාටවත් කියන්න එපා මට හිතුනා අපි කරලා තියෙන්නේ මොනාද කියල. සාහිත්‍යය ලෝකෙත් එහෙම්මම තමයි.
ෂ් ෂ් පිටස්තරයා මාව නැවැත්තුවා.
යකෝ උඹ දන් නෑ සංස්කෘතියක් බිහි වෙන්නේ කොහොමද කියල. ඒවා රටකින් රටකට වෙනස්. බොහොම සියුම් කලා නිර්මාණ ගැන ඔහොම රළු විදිහට කතා කරන්න එපා .
උඹ ඉසිස්සෙලම රස්සාවට ගිහිල්ලා අදට අවුරුදු විසි දෙකක් වෙනවා.
ඔව් මට මතකයි .
උඹට ඒක විතරක් මතකයි.
ඒත් උඹට මුල අමතකයි .
ඇයි උඹ එහෙම කිව්වේ? .
උඹට මතකද උඹ ඉස්සෙලාම රස්සාවට යන්න කලින් ප්‍රොසෙසින් ලැබ් එක ළඟ දැවටී දැවටී හිටි හැටි. අර ඉන්ස්ට්‍රක්ටර් වේකන්සිය උඹේ කියල හිතාගෙන. එතකොට අනුරාධපුරේ රස්සාවට යන්න ලැබිච්ච ලියුමත් උඹේ අතේ.
ඔව් බන් ඒ මම කැම්පස් එකේම රැඳිලා ඉන්න කැමැත්තෙන් හිටි නිසානේ.
අර ලයිබ්‍රරියේ තිබ්බ පොත් කන්දරාව. තව පොත් ලියන්න නාට්‍යය කරන්න උඹට තිබ්බ ආශාව. තව තව ඒවා.
ඒත් ශාන්තිනී නෝනා මොකද කිව්වේ. මේ පැත්ත පළාතේ එන්න එපා. එලියට ගිහිල්ලා ලෝකේ බලල වරෙන් . තව අවුරුදු පහලවක් විතර ගියාම උඹට ආයෙත් මෙහේ එන්න පුළුවන් . මේකේ ඇතුලේ හිටියොත් උඹ කොටු වෙනවා කිව්වා මතකද.
දැන් මොකද උඹට ඒ ගැන හිතෙන්නේ, එදා ගත්ත තීරණේ ගැන.
ඔව් බන් ඊට පස්සේ කොච්චරක් නම් දේ වුනාද? මොනා වුනත් ගත වෙච්ච කාලේ ගැන සතුටුයි.
මම ප්‍රොෆ් ශාන්තිනී ගැන කවදාවත් ලියල නෑ. ඒක කොච්චර් සුන්දර කාලයක්ද. ලේක්චර්ස් වැඩ ඉවර වෙලා අංශ ප්‍රධානියෙක් තමන්ගේ ගෝලයෙකුට තේ එකක් හදල දීල පැය ගණනක් නාට්‍ය ගැන, සංගීතය ගැන කතා කර කර හිටපු කාලයක්. මහා යන්ත්‍ර සුත්‍ර , බීකර බියුරෙට්ටු දෙපැත්තේ තියාගෙන. බිත්තියේ එල්ලාපු න්‍යෂ්ටික බලාගාරේක පින්තුර දිහා බලාගෙන .
ඉතින්
ඉතින් තමයි දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ?.
ලියනවා
අර කිව්ව නවකතාවද
ඔව්
හාහ් හාහ් හා . පිටස්තරයා මහා හයියෙන් හිනා වුනා .
ඇයි උඹ හිනා වෙන්නේ ?
ඒකට උත්තර දෙන්න පිටස්තරයා හිටියේ නැත . වෙරළත් නැත.. මුහුදු හුළඟත් නැත .
මේ මගේ 75 වැනි පොස්ටුවයි. පෝස්ට් කර නිදා ගන්නට ඕනෑය .
Phopto: absolutebility.com
අකුරු වෙන අතීතෙක රස
ReplyDeleteබොහොම ස්තුතියි කිචී
Deleteමේ පිටස්තරයා ඔබේම ‘ඕල්ටර් ඊගෝ‘ එක නොවේද ?
ReplyDeleteනිලුක, එහෙම තමයි නේද වෙලා තියෙන්නේ
Deleteපිටස්තරයා ?
ReplyDeleteපිටස්තරයා !
Deleteතිලක සිත ටත් පිටස්තර සිතක් මුණ ගැහුණා එහෙනම්...... මම බලාගෙන හිටියේ මේ හමුව ගැන ලියවෙනකම්. ඔය පිටස්තරයාට ආපු ප්‍රශ්නම .. මේ අපේ සිත්වලට නැගුන වාර කිහිපයක්ම තිබුනා සමහර පොස්ට් කියවද්දී.....
ReplyDeleteමේ අද ඊයේ මුණ ගැසිච්ච සිතක් නෙවෙයි කවිඳු. සෑහෙන කාලයක් තිස්සේ මා දෙසම පිටස්තරයෙකු ලෙස බලා චුරු චුරු ගාන හාදයෙක්
Delete'පිටස්තරයා' කියලා කෙනෙක් ඇත්තටම බ්ලොග් ලීවා නේද? මම හිතුවේ එයා කියලා. :D
ReplyDelete75ට සුබ පැතුම්!!!
පිටස්තරයා 2 කියා අයෙකුත් හිටියා. ඔහු තමන් ගේ සොහොයුරා ගේ මරණය ගැන් ලියූ ලිපිය ගැන මේ සතියේත් කවුදෝ සිහිකර තිබුණා.
Deleteමේ බ්ලොග් එක ලියන්න පටන් ගනිද්දී මම පිටස්තරයා කියන නම ගන්න බැලුවා . එහාකොට ඒ නමින් බ්ලොග් එකක් තියෙන බව දැන ගත්තා
Deleteබොහොම ස්තුතියි පොඩ්ඩි සුබ පැතුමට
Deleteෆැකල්ටියේ නොරැඳී ගිය එක හොඳයි.
ReplyDeleteමගේ බැචාලා, බැචීලා හයදෙනෙක් තාමත් එහේ ඉන්නවා. මං කියනේ උං තාම පාස් අවුට් වෙලා නෑ කියලයි...!
ඇත්තෙන්ම එදා මං පේරාදෙණිය අත ඇරලා අනුරාධපුරයට ගියේ පුදුම හිතේ අමාරුවකින්.
Deleteදෙකේ පන්තියෙන් තුනේ කැලෑසියට සමත් වීම ගැන මගේ සුබ පැතුම්.
ReplyDeleteපහේ ශිෂ්‍යත්වයට තව කල් තියෙනවා. ඔහොම යං.
බොහොම ස්තුතියි රසික . තුනේ පන්තියේදී වෙනස් ගියර් එකක යන්න ඕනි කියල හිතනවා. ඒකයි මේක ලිව්වෙත්
Deleteඅපි හැමෝගෙම ඇතුලාන්තෙ ඉන්නෙ පිටස්තරයා. වෙලාවකට අපි එයාට ඇහුම්කන් දෙනවා මදිද කියලා හිතෙනවා.
ReplyDeleteහැබැයි පිටස්තරයට ඕනිවට වඩා ඇහුංකන් දුන්නොත් ඒකත් කරදරයක් වෙනවා. මේ මට වගේ හෙහ් හෙහ්
Deleteඅවුරුදු දෙකට හා හැත්තෑ පහට සුභ පැතුම්.. පිටස්තරයාත් එක්ක කතා කරනකොට ලියනගේ අමරකීර්ති ගේ අටවක පුත්තු මතක් උනා..
ReplyDeleteබොහොම ස්තුතියි ක.මි. ලියනගේ අමරකීර්තිගේ බොහෝකෙටි කතාවලට මමත් කැමතියි. මේ පොස්ටුවේ ආරට මම තීරු ලිපියක් ලිව්වා අපේ කලා කවයට අවුරුදු 25කට කලින්
Delete"තිලක සිතට" පස්සේ නවකතාවකුත් එන හැඩයි.
ReplyDeleteසුබ පැතුම් තිලකේ අයියා.මට තිලක සිත මගහැරිලා තිබ්බේ.තිලකේ අයියාගේ පොත කියවද්දී තමයි එක ගොඩක් දැනුනේ.ඒ කතාවලට අදහසක් කියන්න බැරි කමට.
බොහොම ස්තුතොයි මනෝජ් . නව කතාවක් ලියන්න පටන් අරන් සෑහෙන දවස් .තාම මුල හරියේ ඉන්නේ. පිටස්තරයා හිනා වෙන්නේ මම ඒක ලියන වේගේ දැකලා
Delete75 ක්ම ගියා නේ පිටස්තරයාට එලියට එන්න.. මට මතක් උනා ගාල්ලේ ලයිට් හවුස් හෝටලේ වැරෙන්ඩා එකේ කථා කරමින් හිටිය පුටු දෙක...!
ReplyDeleteඔව් චෙෆාකි ඒ පුටු දෙකේ ෆොටෝ එකයි කවියයි මමත් ආසාවෙන් රස වින්දා
Deleteපෝස්ට් 74 කට පස්සෙ පිටස්තරයා කතා කළා මදැයි.එහෙනං මචං හැත්තෑපහට මගේ උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි මචං . මේක 75 වෙනියට ලියන්න කවදාවත් නොකළ විදිහට ගිය සතියට පෝස්ට් දෙකක්ම ලියන්න වුනා
Deleteපිටස්තරයා මීට වඩා ටිකක් දැඩිව ඉන්න ඕන..
ReplyDeleteඅපිත් ආශාවෙන් බලන් ඉන්නවනෙ නවකතාව එනකල්. මගේ හීනයක් තියෙනවා රැයක මුහුදු වෙරලකට වෙලා නිස්කලංකව ඉන්න. ගොඩාක් වෙලා.. තවමත් හැබෑ නොවුණු හීනයක්...
දැඩිව හිටියොත් මෘදුව ලියන්න බැරි වෙනවානේ තරූ . D . බොහොම ස්තුතියි මේ දෙන දිරියට
DeleteThis comment has been removed by the author.
Deleteහැත්තෑ පහට සහ විශ්ව විද්යාල ගේට්ටුවෙන් පිටවීමට හැකිවූවාට සුබ පැතුම්!...
ReplyDeleteපොත ලිවීම පරක්කු කරනවට මගේ බලවත් විරෝධය.... මම හිතුවෙ පහුගිය කාලෙ බ්ලොග් එක වේලෙන්න දාලා හිටිය මනුස්සයා සතියට දෙක තුන ලියනකොට පොත ලියලා ඉවර වෙලා කියලා.
කමක් නෑ සැප්තැම්බර් වලට කලින් පබ්ලිස් කරොත් ඇති
බොහොහ්ම ස්තුතියි සඳ වියමන . පහුගිය මාසවල අඩුවෙන් බ්ලොග් ලිව්වේ පොතේ වැඩ හින්දා විතරක්ම නෙමෙයි. කලින් කලට රස්සාවේ විවේකය අඩු වැඩි වෙනවානේ. හොඳයි සැප්තම්බරයට කලින් පොත ඉවර කරනවා හැබැයි 2016
Deletenice story uncle!!!!!!!!
ReplyDeleteyour every single story made me more loving to read, uncle..........
Lunch atop a Skyscraper
ReplyDeleteලොක්කයියලෑ අහ බිල්ඩින් බොහොම තේජවන්ත වුනාට හදාපු අයගෙ ජීවිත නං එහෙම නෑ
ඒ ලින්ක් එකේ ෆොටෝ එක දැක්කම ඇඟ කිලිපොලා යනවා. බස්සාගේ කොමෙන්ටු නිසා පිට පිට දෙවන වරටත් අලුත් පෝස්ට් එකක් ලිවීමේ අමුද්‍රව්‍යය ලැබුනා. ස්තුතියි
Deleteammi, thaththi arenna thanikama, paluwa bedaganna kawruth nathi mata unclege katha kiyawana eka lokuu sathutak.....
ReplyDeletemata e sathuta denawata uncleta godaaak pin........
aththatama man puduma sathutak labanne mewa kiyawala. godak pin uncle.....
(mata enna bari una dawas 5ta kata 2kma dala..!)
- first commenter of the month (A/L student DBV) -
මේවා කියවා ඉහළින් අගය කරන ඔබටත් පින් දුවේ. ඔබ සංවේදී යහපත් දරුවෙක් බව පෙනෙනවා. ජය !
Deleteෆැකල්ටියේ නතර වෙලා පී එච් ඩී (PhD) වෙනකන් ගිය ඇත්තන්ව දැන් PHD (Permanent Head Damage).
ReplyDeleteනතර නොවී පිටට ගිය ඇත්තන්ටත් පී එච් ඩී PHD (Perennial Happy Days සහ Pizza Hut Dinners)
- පලී
එතකොට පලී ඔයාට තියෙන්නේ මේ මොන ආකාරයේ PHD එකක්ද ? D
DeletePermanent Head Damage එකක් නිසැකවම.
Delete- පලී
75 ට සුභ පැතුම් තිලක බොස් … ජය වේවා
ReplyDeleteබොහොම ස්තුතියි පත්තර මල්ලී . ජය වේවා !
Deleteඩයලොග් පටනොලැවෙන්න මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරමුද?
ReplyDeleteඉන්ඩෙන්ට් කිරිල්ලක් හරි පාට වෙනස් කිරීමක් හරි?
අදහසක් විතරයි
ශාන්තිනී මැඩම් හිටියේ රසායන ඉංජිනේරු අංශයේ නේද?
කීප වතාවක් මුණගැහිලා තියනවා ගහට ගහක් හම්බු වෙන අහදී
හොඳ මනුස්සයෙක් - දැන් ඈ කොහෙද?
බොහොම ස්තුතියි තිස්ස. ඔබේ අදහස ඉතා වටිනවා.ඒ පටලැවිල්ල මම හෙමින් හදන්නම්.
Deleteඅර මොරටුවේ සිට ආපු ශාන්තිනී නෝනා තමයි. බොහොම විවෘත සංවේදී ගුරුතුමියක්.
පිටස්තරයා කියලා කෙනෙක් හිටියට ඇතුලස්තරයා කියලා කෙනෙක් නෑ නේද?
ReplyDeleteහැත්තෑ පහට උණුසුම් සුබ පැතුම් මචෝ.
ගොඩක් ස්තුතියි මචන් . ඇතුලස්තරයා නම් නෑ . පිටස්තරයා එක්ක යන වලි වලදී ෂේප් කරන පැලැස්තරයෙක්නම් ඉන්නවා ද
Deleteතවත් ඉදිරියට දිගු ගමනක් යන්නට සුබපැතුම්. නිතර කමෙන්ට් නොකලත් මා ඔබේ ලිපි කියවනවා.
ReplyDeleteමම වගේ වයසක මිනිස්සු ගැන අනුකම්පා කරලා පුලුවන්නම් අකුරු ටිකක් ලොකු කරන්න.
බොහොම ස්තුතියි විචාරක .ඔබ මෙහි ආ එකත් මගේ ලිපි කියවන වග දැනගැනීමත් ලොකු සතුටක්. ඔබේ යෝජනාව ඉතා අගේ කොට සලකනවා. ඊළඟ පෝස්ටුවේ ටික අකුරු ලොකු කරනවා. අපිත් දැන් ඉන්නේ ඔබේ වයසට වැඩි ඈතක නෙවෙයි.
Deleteපෝස්ටුවේ අකුරු ලොකු කරන එක වෙනකං, බ්‍රව්සරේ සූ(z)ම් සූ(z)ම් සූ(z)ම් එකෙන් අකුරු ලොකු කරගන්න පලුවං.
Deleteකණ්ණාඩි කුට්ටම ලඟපාත නැති වෙලාවට මම කරන්නෙ ඒකයි.
- පලී
සමහරු තමන් පිටස්තරයා කියලා කියා ගත්තට ඇත්තටම පිටස්තර ගතියක් නැහැ කරන වැඩ වල, අදහස් වල එහෙම. ඒවා අනිත් ඇතුලස්තරයෝ, පැලස්තරයෝ වගේ සාමන්‍යයි. ඔබත් නම පිටස්තරයා කරගෙන පැලස්තර වැඩ කරන කෙනෙක් කියලා හිතෙන්නේ නැත්ද?
ReplyDeleteපිටස්තරයා නමින් බ්ලොග් ලියූ එක්කෙනෙක් 'තිලක සිත' හොඳින්ම දන්නා කෙනෙක්..
ReplyDeletehttps://outsiderworld.wordpress.com
Deleteම්හ් මීටර් වුනේ නෑ කවුද කියලා . ස්තුතියි ඇනෝ
Deleteසුභ පැතුම්. මම ඔබට පණිවිඩයක් එව්වා යහළුවකු අතේ. අපි පොත් සඳහා වෙබ් අඩවියක් පටන් ගන්නවා. ඔබේ පොතත් කැමති නම් එවන්න.
ReplyDeletehttp://nelumyaya.com/?p=2954
බොහොම ස්තුතියි අජිත් . පොත් අඩවියට මගේ සුබ පැතුම්. මගේ පොතත් දෙන්නම්
Deleteතිලක සිත කියවපු පළවෙනි පාර. ඒකත් බොහෝම සිත් ගත්තා.....!
ReplyDelete75 ට උණුසුම් සුභ පැතුම්.
නැවත මග නොහැරෙන්න වග බලා ගන්නම් !
බොහොම ස්තුතියි දුමී. මා බලන්න ආ එක ලොකු සතුටක්. ආදරෙන් පිලි ගන්නවා
Deleteභාෂාව හසුරුවා තිබීම ඉතාම සිත් ගන්නා සුළුයි.....
ReplyDeleteඉඩ ලද විටෙක ගොඩ වෙන්න මං ලියන බ්ලොග් එකටත්....
Deleteසිත් රූ
http://rukshila-wettamuni.blogspot.com/
බොහොම ස්තුතියි රුක්ෂිලා . ඔබේ අපූරු බ්ලොග් අඩවියත් මා කියවන්න පටන් ගත්තා . ඉතා සතුටුයි!
Deleteබොහෝම ස්තූතියි...!
Deleteamuthu charithayak.
ReplyDelete