Monday, August 10, 2015

පොතකින් වට කිරි සිනහව

මීට අවුරුද්දකට පෙර පිට වූ මගේ පොත කියවා බලා හොඳ කිවූ අය මෙන්ම එය කසල ගොඩට දැමුවායැයි කී මිතුරෙක්ද  මට හමු විය. ඔහුට අනුව හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවලට වඩා වැදගත් කතා ඔහුගේ හා මිතුරන්ගේ තාත්තලා ගැන ලියන්නට තිබේ.
තව පුද්ගලයෙකුට පොතක් තෑගී කළවිට  ඔහු කලේ 'ආ පොතකුත් ලිව්වද  මේක අපේ පුතා සමහරවිට කියවාවි' කියා  නොසැලකිල්ලෙන් පසෙකින් තැබීමය.තව කිහිප දෙනෙක්ම පොත මිලදීගෙන හෝ තෑගී ලෙස ලබාගෙන තිබුනාට කියවන්නට අදහස් කර නැත.

පොතක් ගැන මුලින්ම නෙගටිව් අදහස් ටිකක් කිව්වේ මගේ පොත ගැන ලැබුණු අගය කිරීම් හා සතුටු දනවන ප්‍රතිචාර වගේම ඉහත කී ආකාරයේ සිද්දීන්ද මට ශක්තියක් වෙන බව කියන්නටය. ඒ සියලු දෙනාම මම කැමැත්තෙන් ඇසුරු කරමි. පොතක් ගැන විවිධ මත අද උදහස් තිබිය හැක . ඒ සියල්ල තුලින්  ලැබෙන්නේ හොඳ පන්නරයකි.

මා කිසිදාක දැක නැති සොඳුරු කවියෙකු වන , හැටේ වත්තේ මග්දලේනා  පොත ලියා ගිය අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනු සෞම්‍ය සඳරුවන් ලියනගේ මට මේ වගේ සුබ පැතුමක් ඒවා තිබිණි .

‘තිලක සිත‘ ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!

පොත දොරට වඩිනදා මා මුල්වරට හමු වූ සුවිශේෂ රසිකයෙකු මට මෙවැනි පණිවිඩයක් එවා තිබිණි . ( ඔහු සුවිශේෂ යැයි කිව්වේ පොත්පත් වලට බැඳුනු වෘත්තියක නියැලෙන ඔහුගේ විචිත්‍ර ජීවන අත්දැකීම්ද ඉදිරියේදී පොතක් ලෙස එළි දකින්නට නියමිත නිසාය.)

පුදුමයි,
සුන්දර සරල, කාව්‍යමය සිංහලෙන් හැම කතාවකම අවසන, හද ගැස්ම නැවතී, දෑස් පුපුරා කඳුළු උණන හැටි .
හරි පුදුමයි !
සියුම් මානුෂික සම්බන්ධතා, මිනිසා විසින් මිනිසුන් සඳහාම පනවා තිබෙන සියලු මායිම් බිඳ දමා එක විශ්වීය සිද්ධාන්තයක් සේ ඔබේ පෑන් තුඩින් බිහි වී ඇති හැටි.

දශක ගණනාවක් පුරාවට ආදරයෙන් එක්කාසු කර රාක්ක පුරවා ඇති මාගේ පොත් ගුලෙහි 'තිලක සිත' අග්‍රස්ථානයෙහි විරාජමානව වැඩ හිටී.

තිලකගේ නිර්ව්‍යාජ රචනා ශෛලය, අනාගතයේ බිහිවන තම මව්බසට පෙම් බැඳී තරුණ ලේඛක, ලේඛිකාවන් හට පුර්වාදර්ශයක්ම වේවා .

කෝසල තිලකරත්න 

මේ මට ඊ තැපෑලෙන් ලැබුණු තවත් ප්‍රතිචාරයක්

උක්කුන් අයියේ,

තිලකසිත බ්ලොගය  එහෙන් මෙහෙන් කියෙව්වත් අපේ මරණයගේ හොඳම පොත් ලිස්ට් එකට තිලකසිත පොතත් එකතු වෙලා තිබ්බා. කොළඹ ඉඳන් මැලේසියා යනකන් ප්ලේන් එකේ කියවන්න ලැප්ටොප් බෑග් එකට දාගත්තු එකම පොතත් ඒක. පැය 3 ½ ක් ගෙවුණු හැටි මතකත් නෑ. කොහොම හරි ප්ලේන් එක නවත්තනකොට මුළු පොතම කියවලා ඉවරයි, එක හුස්මට !!!

කතා 40 ගැනම මගේ හිතේ මැවුණු සිතුවිලි ප්‍රමාණේ අනන්තයි. මං තනියෙන් හිනාවෙනවයි, අඩනවයි දැකලා Flight attendants ලත් පොතට එබිකම් කරනවා මං ඇස් කොනකින් දැක්කා. නමුත් කථා 10-11ක් නම් හිත පසාරු කරගෙන ගියා...

“ඔයා ආවම ඇති, දෙවන උපත, තුන්වන දේශකයා, ගුරු තරුව, පහුවෙලා හමු වූ තාත්තා, අම්මා අම්මා, හෝඩියේ පන්තියේ ටීචර්, කහපාට ආදරය 1“, ඒ ගොඩට අයත්. කැස්පියන් හඳේ අයිසුලු ගේ දූ පොඩ්ඩ කොහොමද?

ලියන්නට බොහෝ දේ ඇතත්, තවත් පොතකට ධෛර්ය එකතු කරන ගමන්, මේ ඉලෙක්ට්‍රොනික ලියවිල්ලත් මෙතනින් නවතමි. අයියාගේ කතාන්දර නීරස නොවෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති (නවත්තන්න ඕනි තැනින් නවත්තලා තියෙන එක)

ජය.

ප.ලි.
කතන්දර 40ටම චිත්‍ර ඇඳපු දෝණියැන්දලා දෙන්නවත් මතක් නොකරම බෑ. පොතේ පිටකවරේ පිංතූරේ වෙනුවට, චිත්‍රයක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ කියවගෙන යද්දි.

අංජන ජයවීර 

මේ ගිය අවුරුද්දේ අගෝස්තු අටවැනිදා සිට  අද දක්වා ලැබුණු සිය ගණනක් වූ විවිධ ප්‍රතිචාර අතරෙන් කිහිපයකි . මම මේක පළ කරන්නද කියා මේ හිතවතුන්ගෙන් අවසරද ඉල්ලා ගත්තෙමි.

පොත එලි දක්වන උත්සවේ ප්‍රධාන දෙසුම් දෙක කලේ මගේ සුමිතුරු මාධ්‍යකරුවන් වන අසෝක ඩයස් හා දර්ශන කරුණාතිලකයි. වැඩ සටහන මෙහෙය වූ  රුවන් ගමගේ වැඩේ ලස්සනටම කළේය .

දර්ශන , රුවන් , හා අසෝකට  අමතරව වත්මන් විදුසර කර්තෘ කුලේද, එවකට දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ වෙලා හිටි අපේ නලින්ද , සිළුමිණ කර්තෘ සුන්දර අයියාද මේ පොතට මාධ්‍ය ප්‍රචාර ලබා දුන්නා මදිවාට බොහෝ දැනමුතුකම් දී උදව් උපකාර කළහ .

මේ පොතට වැඩිම පැසසුම් හා  ප්‍රචාරයන් ලබා දුන්නේ මගේ වත්පොත්  හා බ්ලොග් මිතුරු මිතුරියන්ය.
පොත පළ වන්නටත්  පෙර  රංගී,මාතලන්, ඉවාන් හා වසීලිස්සා ඒ ගැන ලිව්වෝය,
පොත පළ  වුනාට පසු තරුරසී, චන්දන, බෝධිනී  හා නලින් ඒ ගැන ලිව්වෝය. මේ අතරේ මට අමතක වූ නම් එහෙම ඇත්නම් සමා වෙන්ට ඕනය. ගිය අවුරුද්දේ සිටියාට වඩා මම බෙහෙවින් වයසට ගිහින් ඇති නිසා මතකය දුර්වල වී ඇත.
මෙතැනින් නොනැවතී පොත අලෙවිකර ගැනීමට පවා මට උදව් වූ බ්ලොග් සුමිතුරන් රෑනකි . ඉවාන් , රන්දිකා, බෝධිනී හා තරුරසී මේ අතරින් සුවිශ්ෂයි.

මුහුණු පොතේද , බ්ලොග් ලෝකයේද සුහද ප්‍රචාර කප්පරක් ලැබූ මේ පොත පළමු වටයේ කඩවලට දැමු සියල්ල විකිණී අවසන් වූ බව සතුටින් ලියා තබමි. නුගේගොඩ සරසවියට ගීය මාසයේදීද පොත් ටිකක් දුන් නිසා පිටපත් කීපයක් ඉතිරි වී තිබෙන්නට පුළුවන .

පාසැල්වලට හා මිතුරන්ට බෙදන්නට වෙන් කරගෙන සිටි පොත් ස්වල්පයක් හා මෙවර ප්‍රදර්ශනයට දමන්ට සිතා සිටින පොත් ටිකක් මා ළඟ ඉතිරිව තිබේ.

පොත දොරට වැඩීම ගැන හා ඉන් පසු මගේ සිතුවිලි අරබයා මොනවා හෝ ලියන්නයි මගේ හිතවතුන්  කීප දෙනෙක්ම ඉල්ලා තිබුනත් බොහෝ දෙනෙකුට මේ ගැනම  කියවා එපා වී තිබුන බව දනිමි.

ඒත් ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා ගැන කතා නොකර ඉන්නට බැරිය .

එදා අපේ බ්ලොග් හා වත්පොත් මිතුරන් වන නලින් ,තිසරණ,  ඉවාන්, තරුරසී, කල්පනා, ප්‍රා ජේ, කුරුළු, අමිල, කලාහිත හා සුදීක  වගේ තව බොහෝ දෙනෙක් මට මුලින්ම හමු වූ දවසය.

දුරමග ගෙවා පැමිණි මගේ පාසැල් මිතුරන්, සරසවි මිතුරන් හා නෑදෑ හිතවතුන් එදා මගේ  සිත සතුටින් පුරවාලූහ , තව තව ලියන්නට දිරියක් වූහ. එන්නට බැරි වුනද එක හිතින් සුබ පැතු බොහෝ දෙනෙක් සිටියහ. එන්නට පුළුවන් තරමේ දුරක සිටියානම් මා සොයා එන බව දන්නා තව බොහෝ දයාබරයන්ද  ඒ අතර විය.

පෙරාදෙණීයෙන් ආ  මිතුරෙකු මගෙන් ඇසුවේ මේ ගමන මට එන්න කියලා බල කලේ කව්ද කියල දන්නවද? කියාය. ' ඒ තමයි අර ඔයා වලේ ගහ ගැන ලියාපු කවිය. ඒ කවියට මම හරිම කැමතියි' .
මේ වගේ සහෘදයන් හමු වීම හා ඔවුන්ගේ ඇසුර නිසා එදා සිට අද දක්වාම මම බොහෝ සෙයින් උද්දාමයට පත් වී සිටින්නෙමි.

මිනිසෙකුට ජීවිතයේ සතුටුදායකම දවස් තිබෙන්නේ අතලොස්සකි. ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා මා ලැබූ ප්‍රමෝදය අවුරුද්දක් තිස්සේ අලුතින්  දළුලමින් වැඩෙමින් තිබෙන  බව කියන්නේ හිත උතුරා ගිය සන්තෝෂයෙනි.

මුළු ජීවිත කාලයම හම්බ කළ දේ හෝ ලැබූ තානාන්න්තර සියල්ලට වඩා මට ඒ සතුට වටනේය . ඒ සතුට ලැබුනේ ඔබ නිසාය . ස්තුතියි නොකියමි . ඔබට පුංචි තිළිණයක් දෙන්නට සුදානම් වෙමින් සිටින බව විතරක් කියා තබමි .
ඒ අටවිසි මහලයි. තාමත් කළල අවදියේ සිටින මගේ කුළුඳුල් නවකතාවයි .

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

71 comments:

  1. suba patum aiye, oyawa muna gasime balaporottuwak tiyenawa..... dawasak evi ekata... etakal me herdayangama liyawili walin obawa kiyawannam...sundara hetak....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රභාත් . ලියන දේ නිසා මට ඔබ වගේ සුමිතුරන් හමු වීම සතුටක්

      Delete
  2. තනි ඇහැට ඇඩෙනවා. හමුවෙමු ළඟදීම වසි අට වැනි මහලෙදි. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං හමුවෙමු ළඟදීම

      Delete
  3. අට විසි මහළ කල එළි බසිනතුරු දෑස් දල්වාගෙන බලා සිටිමි.
    පහුගිය සැප්තැම්බර් 10 දා මුණු පොතේ අහම්බෙකින් දුටු ඔබේ පොත ගැන සටහනකින් පසු " තිලක සිතට " ගොඩ වැදී ජීවිතයේ ගෙවන්නට යෙදුන් අදුරු දින දෙකක් ඔබේ බ්ලොගයේ පිහිටෙන් ගෙවා දැමූ මට ඔබ අතින් ලියවෙන නවකතාවක් කෙතරම් සුන්දර වෙනු ඇත්දැයි සිතුනේ " ඔයා බත් කෑවද" කියවූ පසුය.
    ඔක්තෝබර් 25 දාට යෙදෙන්නට නියමිත පැය 10 ක හුදෙකලා ගුවන් ගමනක් වෙනුවෙන් " අට විසිමහළ" අද උදෑසන සිට වෙන්කර ඇත.
    එය හෙට අනිද්දාකම කල එළි බස්සවන්නට ඔබට සියළු ශක්තිය ලැබේවා!.....ඔබේ ලේකන දිවියට ඉත සිතින් සුභාසිරි.!
    චූටි දෝණිගේ චිත්‍රය ඉතාම සිත්ගන්නා සුළුයි

    ReplyDelete
    Replies
    1. මේ තමයි මිතුරුකම . ඉතිං බෑ කියන්නේ කොහොමද ? ඔක්තෝබර් දහය වෙනකොට අත් පිටපත හරි දෙන්නම් . මම හිතා හිටියේ නොවැම්බර් හෝ දෙසැම්බර් දිහාට එළි දක්වන්න . වරක් ලියු ස්ක්‍රිප්ට් එක මම ආයෙමත් මුල හිට ලියන්න පටං ගත්තා . මටම සෑහීමකට පත්වෙන්න බැරිවුනා මුල් රචනයට. කොහොමත් මේ සහෝදර දිරිගැන්වීම් මැද වඩා හොඳ නිර්මාණයක් සඳහා උත්සහ ගනිමින් ඉන්නවා . ඊළඟ පොතේ කවරය ඔවිනිගෙන් තමයි

      Delete
  4. අහන්නත් සතුටුයි. අටවිසි මහළට සුබපැතුම්! තිලකසිත කතා සියල්ලම කියවා ඇතැයි සිතන නමුත් පොතනම් දැකගැනීමට අවස්ථාවක් ලැබී නැහැ. මුලපිටුවටත් චිත්‍රයක් ආවානම් වඩා හොඳයි කියා මටත් හිතෙනවා. ඒ චිත්‍රත් පොතේ කතා වගේම සිත් ඇදගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. අනේ බොහොම ස්තුතියි මැට්ටෝ. ඔව් කවරය ගැන කතාවට එකඟයි. මම උඹේ හරබර බ්ලොග් සටහන් මමත් ආසාවෙන් කියවනවා ඒ ගැන මොකුත් ලිව්වේ නැති වුනාට .

      Delete
  5. සුභ පැතුම් තිලකෙට...

    හැත්ත ගනන්වලින් පස්සෙ ගෙදරට කරන්ට් ගත්තා කියන්නෙ හොඳ සල්ලි කාරයෙක් නෙ... අපේ ගෙදර අනූ හතර වෙනකල්ම කුප්පි ලාම්පු තමා... මම සිස්සත්තෙ උඩින්ම පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ගත්තාම තමා ගෙදරට කරන්ට් ගන්න වත්කමක් ආවෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ . මේකෙන් කියන්නේ හැත්තෑ ගණන් වල ලයිට් ගත්තා කියන එක නෙවෙයි . ඒ කාලේ සිද්ද්දියක් ගැන මම ලියපු සටහනක ලාම්පුවක කතාවක් තිබ්බා.ඒක පොතේ පස්වෙනියට තියෙන කතාව. එතෙන්ට එනකන් කියවලා පොත විසික් කරා කියලයි අර හාදයා කිව්වේ. අපේ ගෙදරට ලයිට් ගත්තෙත් අනුවෙන් පස්සේ

      Delete
  6. තිලක සිත මටත් තවම කියවන්ට බැරිවුනා පිලිවෙලකට...තිලක්, මට පොතක් ඕනෙ හොඳද?....:)

    අපි ලයිට් ගත්තෙ 1993 අවුරුද්දෙ. අප්පච්චි නැතිවෙලා මිනිය පැත්තක කනප්පුවක් උඩ තියල තිබ්බෙ පැස්ටෝල්මැච් එකක්..:(

    කලර් ටී.වී. එකක් ගත්තෙ ඊටත් පස්සෙ. 1994 අවුරුද්දෙ . වෙසක් එකට රූපවාහිනියෙන් සජීවීව ප්‍රචාරය කලා දඹදිව ඉඳල බුද්ධ පූර්ණිමා කියල වැඩ සටහනක්. අම්මට ඕක පාට පාටින් බලන්නම ඕමනාය කියපු හින්ද තකහනියක් ගිහිල්ල කලර් ටී.වී. එකක් ගෙනාව.

    ReplyDelete
    Replies
    1. පොතක් නෙවෙයි දෙක තුනක්ම දෙන්නම් රවී . හැබැයි එදා ඇම්බසියේදී හදිසියෙන් හම්බ වුනා වගේ නෙවෙයි සිකුරාදා දවසක් දාගමු පොත් ගැනයි විමලේගේ වාන් පතුල් ගැනයි රෑවෙනකන් කතා කරන්න

      Delete
  7. uncle... matanam hambauna lassanama potha 'thilaka sitha'.. e potha 1000 parak unat kiyawanna puluwan aye ayet.. danatath mata palu hithena hama welawema eya thama mage langa inne.. man puduma tharan adarei eyata...
    e hama kathawakma mge hadawathatama danenawa.. aththamaii..

    e potha eli dakwana dawase man danna.. 05.06.2015 thama mata eyawa hambone. eyawa athata gannakota mata danune loke tiyana watinama manikak atha udin thibba wage..

    'atawisi mahala'ta magen hadawathinma suba pathum uncle.. e potha enakan asawen angili ganina aya athare mat innawa! edatanam kohomahari enawa..
    (habai uncle next year augustnm epa.. mata examne..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව හැමදාම යමක් සටහන් කරනවාට. මගේ පොත විතරක් නෙවෙයි තව තවත් හොඳ පොත් කියවන්න. ඔබ හොඳ රසිකත්වයක් තියෙන දක්ෂ දරුවෙක්. සුබ පැතුම් !!

      Delete
  8. අර උඩින්ම කිව්ව ජාතියෙ "මිත්‍රයෝත්" උඹට ඉන්නවා එහෙනම්! ඌ සෑහෙන බීල ඉන්න ඇති ඒ වගේ කතාවක් කියන්න.

    මචං මම නම් උඹේ පොත් එකක්වත් කියවලා නෑ. නමුත් උඹේ හැම බ්ලොග් සටහනක්ම කියවලා තියෙනවා. ඒකෙන්ම යාක් කියවෙනවා නේද?

    මෙච්චර වැඩ තියෙද්දිත් යම් බ්ලොග් ලිපියක් කියෙව්වාම ඒ බ්ලොග් එකට ගිහිල්ලා ඔක්කොම ලිපිකියවන එක හැමෝම හැමෝටම කරන දෙයක් නෙවෙයි. ඒකෙ රහස තියෙන්නේ අර බ්ලොග් ලිපියේ අන්තරගතය තුලයි.

    මම උඹේ ලිවිල්ල ගැන දරණ සැබෑ මතය මම උඹේ ලිපි යට කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකද මම ඒ හැටිම සමාජශීලී පුද්ගලයෙක් නෙවෙයි. ලඟින්ම ආශ්‍රය කරන්නේ තෝරාගත් කීප දෙනෙක් තමයි . ඒත් රැකියාව කරන තැන හා යාලුවන්ගේ ගෙවල්වලදී හමුවන අය සමග සරල මිතුරුකම් ඇති වෙනවා. මේ ඒ වගේ අය . ඔව් බීලා ඉන්න විට තමයි පොත අයින්ම කරලා දැම්ම කතාව කිව්වේ. නොබී හිටි විටකත් ඊට සමාන අදහසක් කිව්වා. කොහොමත් මේ සමාජේ ඉන්න මිනිස්සුනේ බන් .

      මගේ පෝස්ට් යටින් වැටෙන උඹේ හරවත් කමෙන්ට් ගැන මට තියෙන්නේ පුදුමාකාර ආදරයක්. ඒවා නික්ම්ම නිකම් ලිව්වාට නොලැබෙන බවත් මම දන්නවා .උඹ ඇතුළු මේ බ්ලොගය නොකඩවා බලන හිතවතුන් බලාපොරෝත්තු වෙන හොඳ මට්ටමකින් යමක් ලියන්න මම නිතරම උත්සහ කරනවා.

      Delete
  9. තිලක සිත මටත් තාම හොයාගන්නට බැරිවුණා.අද බොහෝදෙනෙක් පොත් අරගෙන යන්නෙ ගෙදර ප්‍රදර්ශණය කරන්නට මිසක කියවන්නට නොවෙයි.අලුත් පොතට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හැමදාම මගේ බ්ලොග් සටහන් කියවන, අගය කරන උඹට බොහොම ස්තුතියි මචං

      Delete
  10. අටවිසි මහලට කලින්ම සුබ පැතුම් , කාලය ගතවෙන ඉක්මන ... පොත දොරට වැඩලා අවුරුද්දක් වුනා කියන්නේ ,හරියට අද ඊයේ වගේ . පොත ගැන මුලිනම් කියපු දේවල් ටික දැනගත්ත එකත් හොඳයි, මොකද ගල් මල් දෙකම සම සිතින් විඳගන්න ඇති උපේක්ෂා සහගත බව ඉතාම වටිනවා මේ ගමන යද්දී ..
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ලෝකේ ඉන්න කළු සුදු හා අළු චරිත ඔක්කොම අපිට ඇසුරු කරන්න වෙනවා උපේක්ෂාවෙන් . නැත්නම් අපි ලියන දේවල් කෘතීම වෙනවා . බොහොම ස්තුතියි

      Delete
  11. අර පොතෙන් වැඩක් නැ කි කෙනාට හොම්බට අයින්ඩ හිතෙයි මට නං

    ReplyDelete
    Replies
    1. අපි පුරුතජ්ජනයෝ හැටියට එහෙම හිතෙනවා තමයි අටං . ඒත් මිනිස්සුන්ගේ රුචි අරුචි කම්අපි ඉවසන්න පුරුදු වෙන්නත් ඕනි

      Delete
  12. ‘‘තිලක සිත‘‘ සමගින්ම තිලක් අයියාගේ සිතත්, අක්කා, දූල දෙන්න ඇතුළු පවුලේම දයාබර හිත් ටිකත් අඳුන ගන්න ලැබිලා අවුරුද්දකුත් ගෙවිලා.. බ්ලොග් අවකාශයේ සොඳුරු හිතැත්තන් කිහිපදෙනෙක්ම මහපොළෙවේදී හඳුනා ගත් සුන්දර දවසක්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් වලින් හා කොමෙන්ට් වලින් විතරක් දැනන් හිටි අය මේ තරම් සොඳුරු මිතුරු මිතුරියන් කියලා හරියටම දැන ගත්තේ එදා . බොහොම ස්තුතියි නංගී

      Delete
  13. පොත් වගේම චිත්‍ර තෝරන්නෙත් ගොඩ දෙනෙක් තත්ත්වෙ පෙන්නන්න අද කාලෙ

    ReplyDelete
    Replies
    1. ඔය අතරේ සැබෑ රස විඳින්නන් පිරිසකුත් ඉන්නවා නේද කියල සතුටු වෙමු

      Delete
  14. තිලක සිත මට තාම කියවන්න උනේ නෑ.. පුළුවන් ඉක්මනින් හොයාගන්න මහන්සි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනොත් ගන්න දිනේෂ් .නැතත් මේ බ්ලොග් එකේ ලියන ඒවා කියවනවානේ . බොහොම ස්තුතියි

      Delete
  15. මම නං පුතේ දොරට වැඩ්ඩට පස්සේ සතියක් ඇතුලත සරසවි ගිහිල්ල පොත අරගෙන කියෙව්වා.. තාමත් කියවනවා.. හිටී ගමන් මතක් වෙන කතා අරගෙන ආයිත් රස කර කර කියවනවා. මේ කාලය තුල වැඩිපුරම කියවපු පොත තිලක සිත කියල කියන්න බය වෙන්නේ මක්කටෙයි.. ඒ කතා වල රසය උපද්දවන හැටි හරිම පුදුමයි.. අයිසුලුගේ දුවගේ පින්තුරයක් වත් දාහං බලන්න. ඒකි වගේම දග මල්ලක්ද කියල බලාගන්න.. ජය වේවා.. එහෙනං පොත් දෙකක්ම ලියනවා. අර නක්සත්‍රයා කිව්ව කතාව බොරු වෙනවා. “පොතකුත් ලියාවි..“ හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ වගේ දක්ෂ බ්ලොග්කරුවෙක්ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබිච්ච එක මොන තරම් සතුටක්ද ? අනික මුල හිටලාම උඹ බොහොම කොන්ස්ට්‍රක්ටිව් අදහස් හා දිරිගැන්වීම් කොමෙන්ට් කරා. බොහොම ස්තුතියි දේශෝ .
      ආ අර සාස්තරකාරයා කිව්වේ පොතකුත් ලියයි කියල නෙවෙයි පොත් කාරයෙක් වෙයි කියල ඒ කියන්නේ මිනිස්සුන්ගේ කණෙන් රිංගන කපටියෙක් වෙයි කියල

      Delete
  16. තිලකට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි

      Delete
  17. කුළුඳුල් නවකතාවට සුබ පැතුම්.. ඊයෙ අමතක වුණානෙ ඒ ගැන ලියන්න...

    ReplyDelete
  18. "තිලක සිත" මම අරගත්තේ ගිය ගමන පොත් ප්‍රදර්ශණයේදී තරු අක්කා අරන් ඇවිත් තියෙද්දී.මාස දෙකකට විතර කලින් දෙහිවල සරසවියේදී එක "තිලක සිතක්" දැක්කා.

    බලන්නකෝ තිලකයියේ පොතේ අන්තිම කතා දෙක මට කියවන්න බැරි වුනා නේ.දැන් මාස කිහිපයක් තිස්සේ පොත මගේ යාළුවෙක් ගාව.දැන් යාළුවා කියවලා ඉවරයි.දැන් යාළුවාගේ බිරිඳ කියවන්නේ.මේ ලඟදි මම එහේ ගිය වෙලාවක කිව්වා මල්ලි තව පාරක් කියවලා පොත දෙන්නම් කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ දෙවැනි පාර කියෙව්වාම පොත ඉල්ලා ගන්න . බොහොම ස්තුතියි මල්ලි

      Delete
  19. මමත් මිල දී ගත්තට ඔබේ පොත කියවූයේ නැහැ. ඒ ඒ කතා සියල්ලම බ්ලොග් සටහන් ලෙස කියවා තිබෙන නිසා ( කොමෙන්ට් සමග කියවීම වඩා රසවත්) පොත මගේ ගෙදර අය ආසාවෙන් කියවූවා. අලුත්ම පොත එන තුරු නොඉවසිල්ලෙන්. "අටවිසි මහල" ට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපුල් , බ්ලොග් එකෙන් හෝ පොතින් කියවා මා ලියන දේ රසවිඳින ඔබ වැනි සහෘදයන් මගේ වත්කමක් සේ සිතමි

      Delete
  20. හරිම සුන්දරයි...... පොත වගේ ම මේ කතාත් හරි සුන්දරයි...... අපි මේ ලියැවිල්ලට අාස ඒ නිසයි..... ඒකත් මාර හැකියාවක් සහෝ

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුලේ හැමෝටම බොහොම ස්තුතියි මේ ඇගයීමට හා හැකි හැම විටම මෙහි ගොඩ වී අදහසක් ලියා යනවාට

      Delete
  21. තිලක අයියා,
    ඔයාගෙ පොතේ තියන හැම කතාවක්ම මම මේ බ්ලොග් එකේ කියෙව්වා වුනත් මම ඔයාගෙ පොත හොයාගෙනම ගිහින් ගත්තා.ඒ පොත් ආසාවෙන් කියවීමත් පොත් එකතුකිරීමත් විනෝදාංශය වුන මගේ පොත් එකතුවේ තිබිය යුතුම පොතක් සේ මම ඔබේ පොත අගය කල නිසාමයි.දිගටම මේ වගෙ ලියන්නට සුබ පැතුම් !
    -සමුදිකා-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමුදිකා . ඔබට ජය !

      Delete
  22. තිලක සිත මෙදා පාර පොත් ප්‍රදර්ශනයෙදි ගන්න තීරණය කළා. ඉක්මනින් කියවන්න දොළදුකක් ඇතිවුණා.
    අටවිසි මහලටත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිතවතිය.

      Delete
  23. දෙවෙනි පොතට සුබ පැතුම්. තිලක සිත කියන්නේ නැවත නැවත කියවන්න හිතෙන අපුරු පොතක්. මම එහෙම කියවන පොත් කීපයක් තියෙනවා. ගොඩක් ම රුසියන් සුරංගනා කතා නැත්නම් විද්‍යා ප්‍රබන්ධ. තිලක සිත ඒ දෙකටම අයත් නැති වෙනස් විදියක අපුරු පොතක්

    පොත පුස්තකාල වලට දැම්මේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පැතුම්. ඔබ පොඩි නිවාඩුවකට ලංකාවට ආ වෙලාවේ පොත හොයා ගන්න සෑහෙන්න මහන්සි වුන බවත් මම දන්නවා. මේ පොත පුස්තකාලවලට දාන්න බැරි වුනා .

      Delete
  24. Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රා ජේ . එදායින් පස්සේ හමු වෙන්නත් බැරි වුනා නේද අපිට ?

      Delete
    2. ආයිත් එනකොට කියන්න.
      හැලපෙගෙ වගේ පාටි ඕනෙ නෑ.
      හමුවෙමු

      Delete
  25. පුංචි මාවත් මතක තිබ්බට තුති.. හැක හැක..

    කියනකොට මතක් උනේ.. ඒ කියන්නේ මාත් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් ඉවරයි.. එකේ ගෞරවය ඔබටත් 'බයිසන්' ටත් තමයි. තිලකසිත පොතත් සරත් පිරිස් ගේ කලාවැවේ සින්දුවත් කොහොම අමතක කරන්නද? මමනම් කොහොමත් පොත් කියවනවා.. ලේසියෙන් පොතක් කියවන්නේ නැති අපේ ගෙදර උන්දැත් ආසාවෙන් කියෙව්වා කියුවම තිලකසිත ගැන වෙන රෙකමන්ඩේෂන් ඕනෙත් නෑ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. එදා කාලෙකට පස්සේ හමුවුණාට අපිනම් එක පළාතේ මිනිස්සුනේ . කලාහිත වගේ සුන්දර බ්ලොග් අඩවියක් පටන් ගන්න මා නිසාත් පුංචි උත්තේජනයක් ලැබුනානම් ඒ ගැන ආඩම්බර වෙනවා

      Delete
  26. විසි අටවෙනි මහලට සුභපැතුම් තිලකෙ අයියේ..උඹ හම්බවෙලා කතාකරන්න ලැබුන එක ලොකු සතුටක්.ඒ වගේම මෙන්න මල්ලියෙ උඹට මගෙන් කියල දුන්න පොතටත් බොහෝම පින්.. එක හුස්මට කියෙව්වා..ආසම අර හොල්මන බලන්න ආපහුයවපු තාත්තගෙ කතාවට..

    අර මුලින්ම කියලා තියන ඔයාගෙ යාළු මිත්තරයො ගාන නං කියන්න තියෙන්නෙ මිනිහෙක්ගෙ මහන්සියට .. හැකියාවට වටිනාකමක්ෆ්හෙන්න දන්නෙ නැති මී හරක්..

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද මල්ලී දුරු කතර ගෙවාගෙන ඇවිල්ලා හරි උඹව දකින්න ලැබීම කොච්චර සතුටක්ද. ඇත්තෙන්ම ඒ ගමනේදී රන්ගීත් උඹත් අපිට දක්වපු මිතුරු සැලකිලි අමතක නොවේමය. බොහොම ස්තුතියි සුබ පැතුමට

      Delete
  27. මම තිලකසිත පොත ගත්තේ ගිය සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශණයෙන්. මේ අපේ බ්ලොග් යාලුවෙක්ගේ පොතක් කියලා බොහොම ආඩම්බරයෙන් තාත්තාට පොත පෙන්වමින්. එදා ගත්ත පොත් පනස් ගානෙන් තුන්වෙනියට කියවන්න ගත්තේ තිලකසිත. :)

    එක හුස්මට කියවාගෙන යන්න පුලුවන්, හැම පිටු දෙක තුනකට වරක්ම එන කතා අවසානයකදි හුස්ම හිරකරවන, මම කියැවූ හොඳම පොතක්, තිලකසිත.

    අලුත් පොතට හදවතින්ම සුභපතනව තිලක අයියේ!

    ReplyDelete
    Replies
    1. බස්සියේ ඔයා වැනි දස්සියක් මේ වගේ රෙකමන්ඩේෂන් එකක් දීම මට ඉහළම සතුටක් . බොහොම ස්තුතියි නංගී !

      Delete
  28. බොරු කියන්න ඕනැයි මම ගාව තිලකෙ අය්යගෙ පොත නෑ කියවලත් නෑ ඒත් බොගේ සටහන් ඔක්කම කියෝල තියෙයි...
    පොත නැති වෙන්න හේතුව තමයි මෙහෙ කොහෙවත් ඒක ගන්න තැනත් නැති හන්ද
    කුරුණෑගල සරසවි එකට කීව ගෙනත් දෙන්නෙයි කියලඋං නමයි මගෙ නම්බරෙයි පොතේ නමයි ඔක්කම ලියාගෙන දැනට මාස ගාණක් හැබැයි තාම පොත නං නෑ
    අලුත් පොතට සුභ පැතුම් ජයවේවා

    ReplyDelete
    Replies
    1. පොත හොයා ගත්තේ නැතුවට කමක් නෑ මහේෂ් මගේ බ්ලොග් එක නොකඩවා කියවන නිසා . දිගටම මා එක්ක ආවාට හා මේ සුබ පැතුමට ගොඩක් ස්තුතියි

      Delete
  29. තිලක සිත ඉඩ ලැබෙන විදිහට බ්ලොග් එකෙන් කියවනවා. මෙදා පාර ලංකාවට ගියාම පොත ගන්න ඕනෙ.
    කුළුඳුල් නවකතාවට උණුසුම් සුබ පැතුම්....
    එහෙනං මගේ දඩ කඳවුර නව කතාවත් එක්ක අටවිසි මහලත් පොත් රාක්ක වල එක ළඟ තියෙයි නේද..........

    ReplyDelete
    Replies
    1. ඔබේ කියුබානු කෙටිකතා පරිවර්තනය හා යාළුවො තුන් දෙනෙක් එකතු වෙලා කළ කවි පොතක් ඔබේ අතින්ම මම අරං තියෙන බව සතුටින් සිහිපත් කරනවා. දඩ කඳවුර හා මගේ පොතක් එකම රාක්කයේ තබන්න ලැබුනොත් මට ලොකු ආඩම්බරයක්. බොහොම ස්තුතියි . ඔබේ අලුත් පොතටත් සුබ පැතුම් !

      Delete
  30. මටත් තාම පොත කියවන්න හම්බවුනේ නෑ. මේ සැරේ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ.

    කුළුඳුල් නවකතාවටත් හදවතින්ම සුබ පතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂානි . ජය !

      Delete
  31. නිකං ලැබුණොත් හිසරදය වුනත් ගන්න අය වගේම නිකං ලැබුණත් පොත් නොකියවන පිලිස්තීනුවෝත් ඉන්නවා.

    මාත් හිතවත් අයට තෑගි ලෙස පොත් දීලා තියෙනවා, දන්නවා ඒ සමහර තෑගි තේරුමක් නැති බව, නමුත් සමහර විට නොදී හොඳ නෑ වගේ හිතෙනවා නේද?

    ඊලඟ පාර ඒ මෝඩ වැඩේ කරන්න එපා!

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් කීප අවස්තාවකම පොත් නොකියවන අයටත් පොත් තෑගී කරන්න සිද්ද වුණා . ඒක අපරාදයක් තමයි

      Delete
  32. සුභපැතුම් අයියෙ.. මටත් පොතක් ඕන, කියවන්න. පොත්හල වල බලන්නම්. අලුත් වැඩේට උණුසුම් සුභපැතුම් පිළිගන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි . පොත් ප්‍රදර්ශනේ දවස්වල හමු වෙන්න බලමු

      Delete
  33. අහන්නත් සතුටුයි.. ඒත් මට තාම පොත දකින්න ලැබුණේ නෑ,, ලංකාවට ආවම ඊලග පාර ගන්නවා,, එහෙම නැත්තං යාලුවෙක්ගෙන් ඉල්ලගෙන හරි කියවන්න ඕනේ,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔමා . ලංකාවට ආවම හෙමින් සැරේ ගන්න

      Delete
  34. මම ඔබේ පොස්ට් කීපයක් කියෙව්වා. හරි ලස්සන නිසා පසුව ඉතිරි ටික කියවන්න බුක්මාක් කලා. පොත නම් කියෙව්වෙ නෑ. වචනවල තමා මැජික් එක තියෙන්නෙ.

    ReplyDelete
  35. මටම දරුවෙක් නැතත් දරුවන්ට ඇති මගේ ආදරේට සීමාවක් නැහැ, තිලක සිත පොතම රස වින්දා, ඒත් අන්තිම කතාව මගේ ඇහැට කඳුළක් ගෙනාව , ඒ පොඩි ඒකී මගෙ අක්කගෙ පොඩි එකීමයි ,, තිලක සිත 2 එනම ඉන්නවා ,අන්තර්ජාලෙ තියෙන ඒව කියෙව්වට හිත පිරෙන්නෙ නෑ , පොත් පිටුවක සුවඳ බල බල පිටු පෙරළ පෙරළ කියවනව වගේ . ඔබට බුදු සරණයි

    ReplyDelete