පොඩි මාමාගේ පස් අවුරුද්දේ දානයට ලක ලැහැසිති වී සුද්ද බුද්ද වූ මිදුල පුරා විසිරී තිබු කිරිවණා ගල් පතුරු චිරි චිරි හඬින් දෙපැත්තට කරමින් ආ බයිසිකලය කරගස් කොටයට හේත්තු කළ පියුම් බණ්ඩා මාමා කොට කාකි කලිසම ටිකක් හරි ගස්සා ගස්සා ආච්චී ලඟට ආවේය. අතේ උණ්ඩි කරගෙන හිටි කරදහි ගොන්න අස්සෙන් එකක් පෙන්වා මෙසේ කිව්වේය.
'ආ ලොකු අම්මා මේක කාට හරි කියල අත්සන් කොරල ගන්න. ටැලිගිරම් එකක්!'.
ආච්චී වෙවුලන කටහඬින් 'ඇයි මයේ අප්පා කාට හරි කරදරයක් ' වෙලාද කියා ඇසුවාය .
තේ පඳුරු හා මල් පඳුරු උඩට රෙදි වේලෙන්නට දමමින් සිටි පුංචි අම්මා දිග ගවුමේ තෙත අත්දෙක පිස දමමින් එතැනට දිව ආවාය. අත්සම ගසා ටෙලිගිරම් කොලය දිග හැර කියෙව්වාය.
'හේමා කෝච්චියෙන් ගෙදර එනවා ඉස්ටේෂමට එන්න'
ටැලිගිරම් එක එවල තිබේ කොළඹ මාමාය. 'අයියා ගිය සතියේ ලියමනක් එවලා තිබ්බනේ හෙට සෙනසුරාදා කෝච්චියෙන් එනවා කියලා දානෙට වුවමනා අඩුම කුඩුමත් අරගෙන . එතකොට කවුද මේ හේමා කියන්නේ.? 'පුංචි අම්මාගේ මුවින් එලියට දැමු ප්‍රශ්නයම ආච්චිගේ මුනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිවම ලියවිලා තිබුණි.
කවුද මේ හේමා ? කවුද මේ හේමා ? එදා දවස පුරා ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් හිත් හාර හාරා ඇවිස්සු ප්‍රශ්ණයයි.
පහුවදා ටව්මට ගොස් උඩහ කඩේ කාර් එක කතා කරගත් ආච්චී මාවත් දමාගෙන සෙනසුරාදා හවස උඩරට මැණිකේ කෝච්චිය එන වෙලාවට ස්ටේෂමට ගියාය .සද්දෙට හුව දාගෙන ගස්සා ගස්සා පද්ද පද්දා ආ මැණිකේ කන් හිරි වට්ටන කීෂ් හඬක් සමග ඇදීවිත් යකඩ පීලි මත නතර වෙන්නටත් ඉස්සර අපේ ඇස් කොච්චි පෙට්ටි සේරෝම පුරා දුවන්නට පටන් ගත්තේය.
බහින හැම පිරිමියාම හදිස්සියට අපිට පෙනුනේ මාමා වගේය , බහින හැම ගැහැනියම අපට සිතුනේ පෙර නුදුටු 'හේමා' වෙන්නැති කියලාය.
අන්තිමේ මාමා ළඟටම එනකන් අපි දැක්කේ නැත. අතින් කටින් බෑග් මලු උස්සාගෙන හිනා වෙවී ආ මාමා ඇහුවේ ' ඇයි අම්මා ආවේ පොඩි එකෙක් එව්වානම් හරිනේ කියලාය.
ඒ ප්‍රශ්නයට පිළිවදන් නුදුන් ආච්චිගේ මුහුණ නොඉවසිලිමත්ය. තාමත් වටපිට බලයි.
කාවද අම්මා හොයන්නේ ? මාමා ආච්චිගෙන් අසයි.
ආච්චි හීං සැකමුසු හඬකින් මෙසේ කීවාය.
මම එන්න නොවෙයි හිටියේ. ඒත් මේ දන්නේ නැති බවලතෙකුත් එනවා කියලා තිබ්බ නිසයි ආවේ.
දැන් ආච්චිගේ මුනේ තිබු ප්‍රශ්නාර්ථ ලකුණ මාමාගේ මුණට මාරු වෙලාය. ඇස් පුංචි කරගෙන උන්තැනම ඉද්දගැහුවා සේ කෙලින් හිටගත් මාමා ඒ කතාව මොකක්දැයි විමසන්නට විය. ආයේ කවුරුවත් ආවේ නැනේ , යන්කො එහෙනං ගෙදර.
කතාවක් බහක් නැතිව තුන් දෙනා ගෙදර ගොස් බහිද්දී කවුරුත් බලා සිටියේ මාමා බහින තුරු නොව හේමා බහින තුරුය.
කවුරුත් බලාපොරොත්තු සිඳගෙන සිටිද්දී ' මේ මොන විකාරයක්දයි අසන්නාක් මෙන් මල පැන්න මුහුණින් අතට අහුවෙන බෑග් ටික දරාගත් මාමා කා සමගවත් වචනයක් නොදොඩා ගෙට රිංගා ගත්තේය.
නුරුස්නා මුහුණින් තේ කෝප්පය බී සන්සුන් වූ මාමාගේ අතට නොබෝ වෙලාවකින් ඔහුම එවූ ටැලිගිරම් එක පත්වුණි.
ටික වෙලාවක් ඒ දෙස බල සිටි මාමා හතර අතින් රජයමින් තිබු කුහුල මුසු මුස්පේන්තු අඳුර දෙබෑ කරමින් කොක් හඬලන්නට විය.
අනේ අම්මේ මුන්ට පිස්සු. මේ කිරි හට්ටි ටිකයි පළතුරු ටිකයි උස්සගෙන තනියම එන්න බැරි හින්දයි මම ඉස්ටේෂමට කවුරු හරි ගෙන්නා ගන්නා ටැලී ගිරම් එකක් ගැහුවේ. මදැයි .
ඔහු ආයෙමත් සිනහසේද්දී ඔහු ලඟට කිට්ටුවන්නට පසුබාමින් මදක් ඈතට වී සිටි කීප දෙනා ඔහු වටකොටගෙන ඇවිත් හිට ගත්හ.
'ඒත් ඔවුන්ගේ මුණුවල තිබු ප්‍රශ්නාර්ථ ලකුණ පුංචි වෙලා තිබුනා මිස අතුරුදන්ව නොතිබිණි.
ඉතින් මම එව්වේ' හෙට මා කෝච්චියෙන් ගෙදර එනවා කියලා ' මුන් හෙට මා කියන එක හේමා කියල කෙටි කරගෙන .
එවර හිනාවට මාමාත් සමග ආච්චීත් අනිත් සියල්ලෝම එක්කාසු වුනෝය.
හාහ් හාහ් හා හෙහ් හෙහ් හේ හොලො හොලො හොලො
මේ කතාව සිද්ද වී අවිරුදු දහයකට විතර පසු අපේ යාලුවෙකුගේ ගෙදර තවත් මේ හා සමාන දෙයක් සිද්ද වෙමින් තිබුණි. නිවාඩු මාසයේ ලෝකාන්තය බලන්නට පන්තියේ උන් ප්ලැන ගසා කතා කරගත් මාසයේ තුන්වන සෙනසුරාදාට දවසක් තිබියදී මගේ මිත්‍රයාගේ ගෙදරට ටැලිගිරම් එකක් ලැබුනේය. මේ වනවිට මිතුරාගේ අයියා ලෝකාන්තයේ යන බෑග් , උෂ්ණ ඇඳුම් , මප්‍රල්, කැප් තොප්පි, මගට කන ජාති ලැස්ති කරමින් සිටියේය.
ටැලිගිරම් එක කඩුවේ අම්මාය.
අම්මාගේ මුහුණ අබ නොවෙයි කුරහන් අහුරක් දැම්මත් පුපුරන මට්ටමට රත්වී තිබිණි. විටෙක එය රතු පාට වී ඊළඟට කළු පාට වී කේන්තිය වචනවලට දොරේ ගැලුවේය.
'ලොකුපුතා මන් හිතුවේ නෑ උඹල මේ විදිහේ නැහැදිච්ච කොල්ලෝ ටිකක් කියලා. මම උඹට ට්‍රිප් නෙවෙයි මේ ගෙදරින් අඩියක් එලියට තියන්න දෙන් නෑ!
ඇයි ඇයි අම්මේ . ලොක්කා කලබල වෙලාය.
කාත් එක්කද උඹල හෙට ලෝකාන්තේ යන්න හිටියේ. කිව්වේ පන්තියේ පිරිමි ළමයි විතරයි යන්නේ කියලනේ. කව්ද එතකොට අමරා කියන්නේ?
ආයෙමත් ප්‍රශ්නයක්! කව්ද මේ අමරා? කව්ද මේ අමරා.?
අපේ යාළුවාගේ අයියාට ටැලිගිරම් එක ලැබී තිබුනේ ' සෙනසුරාදා උදේ අමරාවත් රැගෙන' ස්ටේෂමට එන්න කියලාය
මේ අවනඩුව නිසා බොහෝ හිත් වේදනා වින්දා මදිවාට ට්‍රිප් එක යන්නටද බැරි උණු අපේ මනුස්සය පසුව දැනගෙන තිබුනේ ඔහුට ටැලීගිරම් එක එවූ මිතුරා ලියා තුබුණේ කැමරාවත් රැගෙන ස්ටේෂමට එන ලෙසය.
හෙට මා හේමා වුනු සේම කැමරාව අමරාව වී ඇත. මේ කොයි හැටි උනත් ශතවර්ෂයක් පමණ අපේ ගම් දනවුවලට දුක සතුට දෙකම මුසු හදිස්සි පණිවිඩ ගෙන ආවේ ටැලිගිරම් සේවයයි.
අපේ ගම්වලට නම් වැඩිපුරම ලැබුනේ කාගේ හෝ මරණයක් පිලිබඳ පණිවිඩයකි. ඒත් මේ සංසාරේ අනියත බව කියමින් පණිවිඩ පිට පණිවිඩ තැන තැනට බෙදා දුන් ටැලීගිරම් උන්නැහැද පසු ගියදා දෑස පියා ගත්තේය.
වෙනත් වචන වලින් කියනවානම් පහුගිය ඔක්තෝබර් පළමුවැනිදා පටන් ලංකාවේ ටැලිගිරම් සේවාව නතර කර දමුනේය.
අනිච්චාවත සංඛාරා !!

( සේයාරුව දෙව්නිගෙන් )