මහපොළ ගැන කතා කරන්නට මට බොහො දේවල් තිබේ. ඇසුවේ දශකයේ මුල අවුරුද්දක මහපොළ සංවත්සරය අපේ ඉස්කෝල තියන්නට සුදානමක් තිබුනේය. මිහිදුම් මිටියාවතක පුංචි දුම්රියපළක් අසබඩ අතු පතර විහිදුවාගත් දේවදාර ගස් පේලියක් දෙපැත්තේ අපේ පාසල තිබුනේය. රෑට බලුප් එල්ලා සරසවන්නටත් තොරණ බන්දින්නටත් ඉඩ දී සැණකෙළි සිරිය විඳින්නට කැමතිදැයි ඇසු විට දේවදාර ගස් පේළිය හා කියමින් අතු වැනුවේය. පිනි බින්දු තැවරුණු හීන් ලා කොළ පාට අතු ඉති සලමින් උදැසන ඉර එලිය හා හිනැහෙමින් හා කිව්වේය.
ඉස්කෝලෙට හම්බ වෙන්න යන අලුත් ගොඩනැගිලි තාර දැමු පාර ගැන කතා බහ වෙද්දී මම මහපොළ ගැන තිබෙන ලිපි ලේඛන හොයා හොයා කියෙව්වෙමි . හැමදාම පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ සිට තර්ක විතර්ක ඉදිරිපත් කැරෙන අපේ ගෙදරදීත් මහපොළ සංකල්පය ගැන නම් තිබ්බේ ප්‍රසාදය මුසු වූ අද උදහස්ය. ඒ වැඩිපුරම සරසවි සිසුන්ට දෙන්නට යන මහපොළ ශිෂ්‍යත්වය හා බැඳුනු මනාපයකි.
මේ ආදී අවබෝදයකින් සිටියදී අපේ පන්තියට අලුත් සිංහල ගුරුවරයෙක් ආවේය. ඔහු හා හා පුරා කියා දුන් පැවරුම මහපොළ ගැන රචනාවක් ලියා ගෙන එන්නටය. පහුවදා හැමෝගෙම රචනා පොත් එකතු කර ගෙන එකින් එක කියවන අලුත් සිංහල සර් මගේ පොත අතට අරගෙන කියවද්දී මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් මා බලාපොරොත්තු වුණු අගය කිරීමේ ලකුණු ඔහුගේ මුහුණේ නොවීය. මම වයසට ගැලපෙන් නැති තරම් මේ වැඩේට මහන්සි වූ බවත් ගුණාගුණ විචාරමින් පෙලින් පෙළ පරිස්සමට ලියු බවත් මට සහතිකය.
ඔහු ඊළඟට පන්තියටම ඇහෙන්නට මෙසේ කිව්වේය. 'සමහර ළමයි ලස්සනට ලියල තියෙනවා සමහරු පත්තරවල තියෙන ඒවා එහෙම පිටින්ම මේකේ ලියාගෙන ඇවිල්ලා තියෙනවා '.
ආපසු නම් කතා කරමින් පොත් ටික බෙදා දෙද්දී අලුත් සිංහල සර් මා දෙස දෙවරක් බැලුවේය. ඔහු ලකුණු නොදී පොත ලඟ තබාගෙන මා ලඟට කැඳවා විස්තර ඇසුවේය. මහපොළ ගැන අපේ ගම් මණ්ඩිය හා ගෙදර ගැන තොරතුරු ඇසු ඔහු අපේ තාත්තාගේ රස්සාව මොකක්දැයි ඇසුවේය 'ඉස්කෝලේ උගන්වනවා' මම කිව්වෙමි. තාත්තගේ නම මොකක්ද? මම තාත්තාගේ නම කිව්වෙමි.
එක්වරම මුවට මදහසක් නනවාගත් ඔහු
' ආ එයාගේ පුතානම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනිනේ'
.මගේ පොත ආපසු අරගෙන රචනාවට ලකුණු දහයෙන් දහයක් දුන්නේය
'මම ඔයාගේ තාත්තා දන්නවා. හිතවත් කම හින්දා ලකුණු දුන්නා නොවෙයි. මම මෙච්චර වෙලා හිතාගෙන හිටියේ මේ මොකක් හරි පත්තරේකින් ගත්ත එකක් ඔය ළමයා ලියල තියෙන්නේ කියල. දැන්නම් එහෙම සැකයක් නෑ. .
ඒ සිද්දියෙන් පසු මහපොළ වෙළඳ සැණකෙළිය අපේ ඉස්කෝලේ පැවැත්වෙන ලක ලැහැස්තිය එන්න එන්නම වේගවත් විය, තව නොබෝ දිනකින් මහා වෙළඳ සැණකෙළිය පැවැත්වෙන නිසා අලුතින් තාප්ප හදන්නටත් විදුලි කණු හිටුවන්නටත් බඩු බාහිරාදිය ගෙනත් දමලාය. දවසක් කොළඹ ඉඳලා පැමිණි මහත්තැන් කිහිප දෙනෙක් විදුහල්පතිවරයා සමග ඉස්කෝලේ මිදුලේ බර කතා බහක්ය. ඔවුන් දෙවාදාර ගස් වැටිය අසලට ගොස් ආයිමත් කතාව පටන් ගත්තෝය. විදුහල්පති තුමාගේ මුහුණ ලේ රත් පැහැ ගෙන තිබේ, එය හොඳ විදිහේ කතා බහක් නොවන බව බලා සිටි උන්ට පෙනේ.
පසුවදා ආරංචි වුයේ අපේ ඉස්කෝලේ මහපොළ නොපැවැත්වෙන බවත් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත්තු බවත්ය. මේ විනම්බෑසියට හේතු වුයේ සැණකෙළියට ඉඩකඩ සපුරා ගන්නට පාසල් මිදුලේ විරාජමානව සිටි දේවදාර ගස් පේලිය කපා දමන්නැයි කළ යෝජනාවට විදුහල්පතිතුමා තදින් විරුද්ද වූ නිසා මහපොළ සහ ඒ සමග ලැබෙන ප්‍රතිලාබ සියල්ල අපේ ඉස්කෝලෙට අහිමි වූ බවය.
මහපොළට වඩා දේවදාර සුවඳට අප හැමෝම ආදරය කල නිසා අපේ ප්‍රින්සිපල් ගත් තීරණයට කවුරුවත් ආයේ වචනයක් කියන්නට ආවේ නැත. දේවදාර අතු පෙරටද වඩා සිනා සෙමින් අපේ සුදු කමිස වලට පිනි කැට අත අරිමින් කෙළි කවට කම් කිරීම දිගටම කරගෙන ගියේය..
කාලයත් සමග මහපොළ බොහොමයක් සරසවි දරුවන්ට උදවු උපකාර කළා උනාට වෙලේ නියරේ ඉඳන් පොත් පාඩම් කළ අපේ ගෙදර තුන් දෙනෙක් එකම කාලයක සරසවියේ ඉගෙන ගත්තා උනත් එකෙකුටවත් මහපොළ හම්බුනේ නැත. රජයේ සේවකයින්ගේ ළමයින් වූ අප දිහා මහපොළ බැලුවේ ඒ විදිහටය.
ඒ කාලේ මහපොළ දීමනාව එක ළමයෙකුට මාසෙකට රුපියල් පන්සීයකි.. එය එකෙකුට මාසේ පිරිමසා ගන්නට සෑහුනේය .
මට මහපොළ නොලැබීම ගැන මටත් වඩා විස්සෝපෙන් සිටි මගේ මිත්‍රයෙක් සිටියේය. ඔහු මහපොළ මුදල් ලැබිච්ච හැටියේම මා සොයාගෙන එයි. ඉන්පසු වුස් කැන්ටිමට මාව ඇදගෙන ගොස් කිඹුලා බනිස් ,කෙසෙල් ගෙඩි සමග තේ පැන් සංග්‍රහයක් ලබා දෙන අතරේ හැම මාසෙම මේ වගේ දවසට අහන ප්‍රශ්නය අහයි.
'උඹට ලෝන් එකක් එහෙම ඕනිද?
ඒ අහනකොටත් ඔහුගේ අත සාක්කුවට ගිහිල්ලාය. සමහර විට කලින් මාසේ ඉල්ලා ගත්තු මුදල මම දීලා හමාර වී නැත. මට සල්ලි තිබ්බත් නැතත් අමුණුවාගෙන් රුපියල් පණනහක් සීයක් අරගෙන ගෙදරින් සල්ලි එවූ හැටියේ ගෙවා දැමීම මට පුරුද්දක් වුනේය.
මේ මා සරසවි ජීවිතය පුරාම නොකඩවා අත් විඳි සුන්දර සෙනෙහෙබර මාසික හමුවකි.
වුස් කැන්ටිමෙන් කෑ කිඹුලාට අමතරව සරසවි ගමන පටන් ගනිද්දීම හමු වූ තවත් කිඹුලෙක් මගේ මතකයට එන්නේය. ඒ මට හමු වූ පළමු පගා මරුවාය.
මම උසස්පෙළ ගොඩ යද්දී අපේ ගෙදර තව දෙන්නෙක් සරසවියේ සිටියෝය. එතකොට ගෙදර ආර්ථිකය හොඳටෝම වැටී තිබුණි.. මහපොළ හෝ වෙනත් කිසිම සහයක් නොලබා සරසවියේ සිටින දරුවන් දෙන්නෙකුට උගන්වමින් ගෙදරට විය හියදම් කරද්දී තිබෙන අමාරුව ඇත්තෙන්ම බරපතලය. ඒ මදිවාට තවත් එකෙක් එහෙ යන්නට ලැස්ති වී සිටියි.
ඒත් අපි මේ සටනටද හවුලේ මුහුණ දුන්නෙමු. අග හිඟ කම් මැද්දේ වුවද සතුටින් සටන් කළෙමු.
මට පේරාදෙනි යන්නට බැගයක් ඇඳුම් සුට් එකක් අලුත් කන්නාඩි කුට්ටමක් අරන් දෙන්නට අම්මා ළඟ විසඳුමක් තිබ්බේය. ඒ ඇයට ඉල්ලන්නට ඉතිරි වී තිබු එකම ණය මුදලය. කුළුඳුලේ පේරාදෙනි යන්නට දවස් තුනක් තියෙද්දී අම්මාත් සමග මම අදාළ කන්තෝරුවට ගියේ අම්මාගේ පඩියෙන් ටික ටික කපා ගන්නා පොරන්දුවට ලැබෙන මාස තුනක වැටුප් අත්තිකාරම රැගෙන එන්නටය. එය රුපියල් දෙදහස් ගණනකි.
උදේම චෙක් එක ලැබෙතැයි සිතුනද එය සැහෙන්න පරක්කු වෙන සෙයක් තිබුණි. අප මෙන්ම නොයෙකුත් රාජකාරි කර ගැනීමට ආ පිරිස දිග බංකුවල වාඩි වී කාසේ රෝගෙට බෙහෙත් ගන්නට දොස්තර මහත්තයා එනතුරු සිටින රෝගීන් මෙන් ඔහේ බලා සිටියෝය. මේ ඉන්දැද්දී එකා දෙන්නා තමන්ගේ කාරිය කරගෙන පිටව යනු දක්නට ලැබිණි.
මේ පිරිස අතරට වරින්වර පැමිණෙන ජැන්ඩියට හැඳගත් මැදි වියේ මහත්තයෙක් මොන මොනවා හෝ විස්තර අසාගෙන යයි. ඔහු පෙන්වන්නේ උනන්දුවෙන් වැඩේ කරන්නේ ඔහු බවය. කවුරුන් හෝ ණය මුදලක් ලබාගෙන එලියට යන්නේ නම් ඔහුත් ඔවුන් පස්සේ එලියට ගොස් ආපසු එයි. ඒ එද්දී හීනියට ස්පිරිතු සුවඳක්ද හමා එයි. ඔහු වරින් වර ඉන්ගිරිසියෙන්ද කතා කරයි. කවුදෝ කිව්වේ ඔහු අහවල් අංශයේ ලොක්කෙකු බවයි.
කන්තෝරුව වහන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දී අපටද චෙක් එක ලැබුනේය. අම්මා චෙක් කොලය කියවා බලා මා දෙස බැලුවේ සතුටු සිනාවක් නන්වාගෙනය.
ඉන්පසු අපි දෙන්නා අත් අල්ලාගෙන කන්තෝරුවෙන් එලියට ආවේ සොම්නස් මුනුණිනි . දැන් හෙට මේක මාරු කරලා ඕනි සේරම ජාති ටික ගනිමු. බෑග් එකක් සපත්තු දෙකක් . තව පුතාට යනකොට ගෙනියන්නත් කීයක් හරි ඕනිනේ.
එළියේ පොද වැස්සක් ඇද හැලෙමින් තිබුනේය. කන්තෝරු නිම වී ගෙදර යන එන්නන්ගෙන් හා වැහි හිරිකඩෙන් පාර කළබල වී තිබුනේය.
අපට කන්තෝරුවෙන් එලියට බැස අඩි දහයක් යන්නට හම්බුනේ නැත. අර කලින් කී ජැන්ඩි මහත්තයා අප පස්සේය. රැල් බුරුල් ඇර කතා කළ ඔහු මෙසේ කිව්වේය.
'ඉස්කෝලේ හාමිනේ මම ඔය ණය පාස් කරලා දෙන්න සෑහෙන්න මහන්සි උනා. මගේ ගෝලයිනුත් මහන්සි උනා. එහෙම නොවුනානම් මෙහෙ පෝලිමේ තියෙන වැඩ කන්දරාව හැටියට තව සුමාන දෙකක් වත් යනවා ඕක ගන්න .'
අම්මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළාය . 'අනේ පින් සිද්ද වෙනවා '.
ටීචර් එහෙම කියලා බෑ මම තව හතර දෙනෙකුට කීය කීය හරි දෙන්න පොරොන්දු වෙලා ඔය වැඩේ ඉක්මන් කලේ. කොටින්ම මට ඒ මිනිස්සුන්ට රෑට කෑම බීම ටීක අරන් දෙන්නත් රුපියල් දෙසීයක් විතර වියදම් කරන්න වෙනවා.
අපි දෙදෙනා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමු. මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම .
ඒ අතරේ ඔහු නොනවත්වා හෑල්ලක් කියවාගෙන ගියේය. මේ ඔහු ඉල්ලන්නේ රුපියල් දෙසීයක පගාවක් බව ඒ වන විට අපට වැටහී තිබුණි. ඒ කාලෙත් සියයට දහයක්
අම්මාගේ මුහුණ පුදුමයත් කේන්තියත් ශෝකයත් විසින් විපිළිසර වෙද්දී මම අම්මාගේ අතින් ඇදගෙන එතනින් යන්නට පිටත් වුනෙමි. පාර දෙගේ ගලා යන වැහි වතුර තීරු මග හරිමින් සෙනග බේරමින් අපි ඉදිරියට ඇදෙද්දී බේබදු මහත්තයාද අප පසු පස්සේමය.
අපෙන් ප්‍රතිචාරයක් නොලැබු තැන ඔහුගේ කන්දොස්කිරියාව තීව්ර වුනේය.
'මිනිස්සුන්ට උදවු කරනවට අපිට හොඳ පාඩම්. අඩු ගානේ රුපියල් සීයක්වත් තිබ්බනම් මගේ ගෝලයෝ දෙන්නට මොනා හරි කන්න බොන්න අරන් දෙන්න තිබ්බා' කියමින් ඔහු අප දෙදෙනා ඉස්සරහ ආයිමත් සිට ගත්තේය.
මගේ සිත කෝපයෙන් නලියයි. කවුරුන් හෝ අල්ලසක් ඉල්ලා සිටිනවා මා දුටු පළමු වතාවය.
අම්මාත් හොඳටෝම හිත කලබල වී නැවත බෑග් එකට අත දමා මොනවාදෝ සොයයි, ඇය ඔහු ඉල්ලන මුදල දෙන්නට යන්නේ නැති බව මට ස්ථිරය. අපි දෙන්නාම ළඟම ආපසු යන බස් ගාස්තුවට අමතරව රුපියල් විස්සකට වඩා නොතිබුණු බව අපි දෙන්නාම දැන සිටියෙමු.
අම්මා පෙරටත් වඩා කලබලයට පත් වෙලාය. හෑන්ඩ් බෑග් එක අවුස්සා අවුස්සා බලයි.
'ඇයි අම්මේ' මම ඇසුවෙමි. අම්මා බෑගය අදිද්දී බලාපොරොත්තු සහගතව ඒ දෙස බලා සිටි බේබදු නිලධාරියාද අම්මාගේ නොසන්සුන් මුහුණ දෙස බය බිරාන්තව බලා සිටියේය.
'අර චෙක් එක නැති වෙලානේ පුතේ '
ඇයගේ බිඳුණු හඬේ තිබු දෝමනස්ස බාවය නිසා පගා මහත්තයා පවා බෙහෙව්න් තැති ගත්තේය. මම ඔහු දෙස රවාගෙන බලා සිටියෙමි. මේ මිනිහාගේ මළ කරදරේ නිසා අමමාට චෙක් කොළය පරිස්සමට බෑගයට දා ගන්නට බැරි වෙන්නට ඇත.
මොහොතකට පෙර අම්මාත් මාත් පිවිසුණු සොඳුරු සිහින ලෝකය කඩා වැටී ඇත.
'බලන්න බලන්න' පගා මහත්තයා කියයි, ඔහුගේ මුහුණ හුළං ගිය බැලුමක් සේ හැකිලී ගිහිල්ලාය.
'අපි යන් කන්තෝරුවට ගිහින් කියමු. මේ මහත්තයාගේ කරච්චලේ නිසා ඒක නැති උනා කියලා'.
මහත්තයා බැගෑපත් වෙයි. 'අනේ එහෙම කොම්ප්ලේන් කරන්න එපා මම ගත්තේ නෑ . හරි හරි මට සල්ලි එපා. අපි හොයමුකෝ චෙක් එක' .
අප දෙදෙනා ඔහු මග හැර කඩිනම් ගමනින් ආපසු කන්තෝරුව දෙසට ඇවිද ගෙන ගියේ පාරේ තෙතබරියන්ව ඇති කොළ බොල රොඩු බොඩු අතරේ පවා චෙක්පත වැටී තිබෙනවාදැයි විමසිල්ලෙන් බලමිනි. අප පසු පසින් ටික දුරක් ඇවිද ආ පගා මහත්තයා කන්තෝරුව ආසන්නයේදී ගලක් උඩ යමක් කළ බළලෙකු මෙන් තාප්පයකට මුවා වී අප දෙස බලා සිටිනු යන්තමින් මට පෙනිණි.
කන්තෝරුවේ අංශ ප්‍රදානියා සොයාගෙන හැල්මේ ඔහුගේ කාමරය සොයා අපි ඇදුනෙමු. ඔහු ලොකු පයිල් බැග් එකක්ද අතින් අරගෙන ඉස්සරහ දොරින් ගෙදර යන්නට එලියට අඩිය තිබ්බා හාම මම ඔහු ලඟට දුව ගොස් සිද්ද වූ හරිය මුල හිටන් කිව්වෙමි. අම්මාට ඕනෑ වුනේ චෙක් එක නැති වූ කතාව විතරක් කියන්නටය.
'බලන්න මේ කාලකන්නි හින්ද මේ කන්තෝරුවේ වැඩ කරන අනිත් මිනිස්සුන්ටත් එක්ක නව නින්දාව. මම මේකටනම් ඇක්ෂන් එකක් ගන්නවාමයි.
චෙක් එක ඔය කලබලේ හින්දා වැටෙන්න ඇති. ටීචර්රුයි පුතයි බය වෙන්න එපා. මම ඒක කැන්සල් කරන්නම් හෙට උදේම්. ඊට පස්සේ බැංකුවෙන් ලියුමක් ලැබුණහම අලුත් චෙක් එකක් ලියලා දෙන්නම්. දවස් හතරක් පහක් යාවි. අනේ කණගාටුයි වෙච්ච වැඩේට.
එදා ආපසු යද්දී මම ගමට යන බස් එකට ඉස්සෙලාම ගොඩ වී අම්මාටත් මටත් සීට් එකක් අල්ලා ගත්තෙමි. ඒ මට අන් කවරදාටත් වඩා අම්මාගේ ඇඟේ දැවටෙමින් ලඟින් වාඩි වී සිටින්නට ඕනෑ වූ නිසාවෙනි.
මා ලඟින් වාඩි වූ ඇය නොවක් වෙහෙස හා ශෝකය සඟවා මා දෙස බලා සිනා සෙන්නට උත්සහා කළාය.
එදා දවස ගැන කලකිරීමෙන්දෝ සැන්දෑ සුරියා රහංගල කන්දට මුවා වී හොරෙන්ම පල්ලම් බහිමින් සිටියේය. ඉන් බේරී ආ කිරණ කදම්බයකින් මම අම්මාගේ ඇහි පිල්ලම් යට දිදුලන පුංචි කඳුළු බින්දුව හොඳින්ම දුටුවෙමි.
වැඩුණු තටු විදහා ඉස් ඉස්සෙල්ලම මා ගෙදරින් එලියට පියමනිද්දී හමු වන ලෝකය හිතනා තරම් සුන්දර නොවන බවට ජීවිතාවබෝදය ලබමින් මා දෙවන වරට උපත ලැබුවේ ඒ කඳුළු බින්දුවෙනි.
Image;ivf.insight