ලොකු දෝනීගේ උපන් දවසේ කතාන්දරය ඇයත් එක්කම එකතු වී මීට කලින් මගේ බ්ලොගයේ ලියා ඇත . ඒ මීට හරියටම අවුරුදු දෙකකට ඉස්සරවෙලා දවසකය
උපන් දවසේ ඒ වගේ වුනාට ඊට පස්සෙද ඇය ගැන කතන්දර එමට කියන්නට තිබේ .
සිය කුළුඳුල් දරුවා වෙනුවෙන් තරුණ මවුපියෝ ඕනෑවට වඩා කරදර වෙති. ඒ කාලේ අපි දෙන්නා ඔය ඔක්කොටම වඩා හපන්ය.
අපේ ලොකු දෝනී ඉතා කුඩා කාලයේදී දොස්තර කෙනෙක් ලඟට වඩාගෙන ගියේ හැම තිස්සෙම අඬනවා කියලාය . උපදේශක දොස්තරවරයා අපේ දෝනිව පරික්ෂා කොට බලා කිව්වේ කිසිම ලෙඩක් නැතිය කියලාය.
ඒත් ඩොක්ටර් පොඩි දේටත් අඬන එක?
ආ ඒක ගණන් ගන්න එපා. ලෙඩක් නැතිව අඬනවානම් අඬන්න දෙන්න. අඬලා වැඩි වෙලා ළමයෙකුට මොකුත් වෙලා තියෙනවද ?
තව දවසක් අපි බබා පෙන්නන්නට එකක්ගෙන ගියේ රාගම ලීසන් එකටය. බබා කිරි විතරක් බොන බවත් කිසිම කෑමක් කන්නේ නැති බවත් අපි දොස්තර නෝනාට පැමිණිලි කළෙමු .
'දැන් මොනවද බබාට දෙන්නේ'
'අපි නෙස්ටම් හදල දෙනවා අර රස්ක්ස් කිරිවල ඔබල දෙනවා'
'මේ පිස්සු වැඩ කරන්න එපා. ඕගොල්ලෝ ගෙදර කන එකෙන් ටිකක් බබාට කවන්න . ඔය පරිප්පු ටිකක් බත් ටිකක්'
අපේ හිතට වැඩේ ඇල්ලුවේ නැත.
අපි එන ගමන් බොහොම විස්සෝපෙන් කෑම කන්නේ නැති දරුවෙකුගේ අසරණ දෙමවුපියන් සේ කඩේකින් දවල්ට කෑවෙමු. බබා අම්මාගේ උකුලේ නිදිය. මේ අතරේ අප පුදුමයට පත් කරමින් අම්මාගේ උකුලෙන් එසවුණු සිඟිති අතක් මේසයේ වැටී තිබු බත් ඇට අහුලනවා දුටුවෙමු. හීන් සීරුවේ ඒවා මුවේ රුවා ගන්නා හැටිද දුටුවෙමු . එදා සිට අපේ බබා බත් කන ජීවියෙක් බවට පත් විය.
මේ සිද්දිය වෙනකොට ඇය හිටියේ තුනේ පංතියේය.දුගේ උදේ කෑම එක ඔතා ගන්නට බැරි වෙච්ච දවසක මම පේස්ට්‍රි ෂොප් එකෙන් දූගේ කෑම පෙට්ටියට දමන්නට කෙටි කෑම මොනා හරි අරන් දෙන්නයි කියා වහනයෙන් බැස ගියෙමි. ඇයද මා පසු පස ආවාය. මගේ සාක්කුව අදිද්දී ලේන්සුවට ඇමිණී තිබූ රුපියල් සීයේ කොලයක් බිම වැටෙනු මම නුදුටු මුත් දෝනී දුටුවාය. ඒත් ඇයට මොකුත් කර කියා අගන්නට ඉඩක් නොතබාම පෝලිමේ සිටි මරුමුස් පහේ මිනිහෙක් ඒ නෝට්ටුව සැනෙන් අහුලාගෙන සාක්කුවට දමාගෙන තිබිණි. මේ සිද්දිය ඇයව කොපමණ කම්පා කර තිබුණාද යත් වහනයටත් නැගී ටික දුරක් යනතුරු ඇයට කතා කරගන්නට බැරි විය .
ටික දුරක් ආපසු ඇය බියපත් හඬකින් මෙසේ ඇසුවාය .
'තාත්තේ ඔයාගේ සාක්කුවෙන් වැටුණු රුපියල් සීය අර ඔයාට පිටිපස්සෙන් හිටි නපුරු මනුස්සය අහුලා ගත්ත. ඇයි මිනිස්සු එහෙම කරන්නේ?'. .
'ඒ වෙලාවේ කිව්වනම් හරිනේ දුව. ඒත් කමක් නෑ දුප්පත් මිනිහෙක් වෙන්න ඇති'.
මම ඇගේ හිත හදන්නට උත්සහ කළෙමි .මම හිතුවේ වැඩේ ශේප් ඇති කියලාය . ඊට මාස හයකට විතර පස්සේ අර සිද්දිය මට මුළුමනින්ම අමතක වෙ තිබ්බ කලෙක අපේ දෝනිට ආච්චි ඒවා තිබු තෑගී අතර රුපියල් දෙසීයක්ද තිබිණි . ඇය පළමුවෙන්ම කලේ එතැනින් රුපියල් සීයක් අරගෙන අත් දෙකින්ම මට දෙන එකය.
'තාත්තේ මෙන්න ඔයාගේ අර පේස්ට්‍රි ෂොප් එකේදී නැති වෙච්ච රුපියල් සීය .
අපි ඇයට නැකතට බත් කවලා නැත . නැකතට අකුරු කියෙව්වේ නැත. කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත.
ඒත් මගේ දුව මනුස්ස ගුණ යහපත්කම් පවත්වාගෙන යන බවත් හොඳ ආත්ම විශ්වාසයකින් පසු වෙනවාද යන වගත් ගැන අපි පරීක්ෂාවෙන් සිටිමු . අනාගත අභියෝග මොනවා වුනත් ඒවාට මුහණ දිය හැකි පෞරුෂයක් ඇය විසින් හීන් සීරුවේ ගොඩ නගා ගනිමින් සිටිනු දැක දැක අපි බෙහෙවින් තුටු වෙමු .
දැන්නම් මගේ අතින් වැටුණු රුපියල් සීයක් වෙන කවුරුහරි අසාදාරන ලෙස ගන්නට ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.
(චිත්‍රය ඇන්දේ ඔවිනි )