අපේ යාන්ත්‍රික ඉංජිනේරු සගයෙකු වූ උපාලි කලක් වැඩ කලේ විදුලි සෝපාන හා උත්තෝලක හෙවත් එලිවේටර් ගෙන්වන හා සවි කරන සමාගමකය.
ඔහුගේ සමාගම විසින් එක්තරා කර්මාන්තශාලාවක සවිකරන ලද එලිවේටරයක් බොහෝ දෝෂ සහිත නිසා සමාගමට දොස් අසන්නට සිදු වුනේය. කවුරුන් මොන විදිහට උත්සහ කලත් එහි කරදරකාරී ගැස්සීම හෝ හිටි හැට්යේ නතර වීම වලක්වා අවශ්‍ය කාරිය කර ගන්නට බැරිව හැමෝම නන්නතාරව සිටියෝය.
අලුතින් බැඳුණු යාන්ත්‍රික ඉංජිනේරු තැන වූ උපාලි මේ ප්‍රශ්නය ලිහන්නට උත්සහ කළේය. ඉන්පසු ගෙදර ගොස් මහැදුරු මහලිංගම් දෙවන වසර සඳහා ඉගැන්වූ සටහන් තොගයක් පිරික්සන්නට විය. උත්තෝලකවල කම්පන ඇති වීම ගැන ඔහු සටහන් දී තිබුණු බව දැක ගත්තේ එවිටය. විභාගයට පාඩම් කරාටත් වඩා සීරුවෙන් රෑ මුළුල්ලේ මේ සටහන් නැවත කියෙව්වේය. අවුරුදු දහයකට පස්සේ තරමක් ප්‍රායෝගික දැනුමක් එකතු වී තිබු නිසා අවශ්‍ය දේ පෙරා ගන්නට ඔහුට පුළුවන් විය.
පහුවදා අදාළ කර්මාන්ත ශාලාවට ගොස් ටික වෙලාවක් ඒ මේ අත කැරකෙමින් සිට උත්තෝලකය රෙපෙයාර් කර දැම්මේය. පුදුමයකි. වැලි කොට්ටයක හා එක අතිරේක දුන්නක පිහිටෙන් සමාගමටම අවනම්බුවක් වී තිබූ මහා එලිවේටර් ගැටලුව ලිහා දුන්නේය.
මීට වසර ගණනකට පෙර මේ කතාව ඇසු විට මම උපාලිගෙන් ඇසුවේ 'ප්‍රොෆ් මහලිංගම්ට ජෙට් එන්ජිමක් හම්බුනානේ ඔය වගේ ප්‍රශනයක් විසඳලා උඹටත් ගෙදරට හයි කරගන්න ලිෆ්ට් එකක්වත් ඉල්ලා ගන්න තිබ්බනේ කියලාය .
'මොනව කියනවද මචන්. ඒක දවසකින් දෙකකින් හැමෝටම අමතක වුනා . පස්සේ මට එහෙන් මෙහන් අඩු සැලකිලි, කැපිලි එන්න පටන් ගත්ත නිසා මම ඒ කොම්පැනියෙන් අස් වුනා' .
ඒත් තමන් කළ විප්ලවීය කාරිය ගැන ඉංග්‍රීසියෙන් නිබන්ධනයක් ලිවීමට උපාලිට වුවමනාවක් තිබ්බෙත් නැත . ඊට නැඹුරුවක් තිබුනේද නැත. එතෙන්දී ඔහුට තමන්ගේ ගුරුන්නාන්සේ හෙවත් මහැදුරු මහලිංගම් මග අරුනේය.
උපාලි ඊළඟට ගියේ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකටය
මේ කර්මාන්ත ශාලාවට ගොඩ වූ හැටියේ ඔහුගේ පරණ සරසවි මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඔහුට උපදෙස් ලැබුනේය.
මචන් මෙතන කිසි කෙනෙක් ඉංජිනේරුවෝ ගණන් ගන්නේ නෑ , වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ . ලොක්කොත් එහෙමයි . කෑම කාමරේ වුනත් අනිත් අයගෙන් වෙන් වෙලා වෙනම කන්නේ . මේක අපට හරි යන තැනක් නෙවෙයි, අනික අර ලයිබ්‍රරියේ යතුර ලාච්චුවේ දාගෙන ඉන්නවා ඇඩ්මින් මැනේජර් . ඉතින් අපි කොහොමද කැටලොග් එකක්වත් අරන් බලන්නේ ;
උපාලි එතැන රස්සාවට ආ පළමු දවසෙම හවස් වරුවේ ගියේ ඇඩ්මින් මැනේජර් මෙන්ඩිස් වෙතටයි.
' මිස්ටර් මෙන්ඩිස් මට ලයිබ්‍රරියේ යතුර ගන්න පුලුවන්ද ?
මෙන්ඩිස් වහා නැගිට්ටේය .
ලාච්චුව අත ගා යතුර අතට ගත්තේය.
උපාලි සමගම ඇවිත් පුස්තකාලයේ දොර ඇර දුන්නේ මෙසේ කියමිනි ;
'අනේ මහත්තයෝ කොච්චර දෙයක්ද ඔය මහත්තුරු ඇවිත් මේවා පාවිච්චි කරන එක . මගෙන් මේ යතුර කවුරුවත් ඉලල්ල නෑ මාස ගානකින් . මම ඕක වහල තියන්නේ මේ ක්ලීනින් එකේ කට්ටිය ඇවිත් ඕක ඇතුලේ නිදා ගන්න නිසා. අනික ඔය වටිනා පොතක් එහෙ මෙහෙ වුනොත් මොන තරම් අපරාධයක්ද?'
සිය සගයින් විසින් එළඹ සිටි තමන්ට ඒත්තු ගන්න්වන්න්ට උත්සහ කළ පුර්ව නිගමනය මොන තරම් වැරදි දෙයක්දැයි උපාලි වටහා ගත්තේය .
මේ කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ අසමගිය හා හිතින් මවාගත් උස් පහත් භේදකම් ගැනත් උපාලි අලුතින් සිතන්නට පටන් ගතේය. කෑම පැයේදී සෙස්සන්ගෙන් ඈත්ව ගෙම්බර් එකේ තනිවම කෑම කමින් සිටි නිලධාරීන් ලඟ වාඩි වී කෑම කන්නට ඔහු උත්සහ කළේය. අනේ මේ කියූ 'ලොක්කා' මොන තරම් සාමාන්‍ය මිනිහෙක්දයි වචනයක් කතා කළ ඇසිල්ලේ පසක් විය. සතියක් යන්නට මත්තෙන් ස්ටාෆ් කැන්ටිම සිනා හඬින් උතුරන සමගි සම්පන්න තැනක් විය .
අපේ පුර්ව නිගමන නිසා අප අපටම කරගන්නා නොහොඳ බොහෝය . මේ වග කිව්වේ නොවැම්බර් හතරවැනිදා සමුගත් මහදුරු මහලිංගම් ගැන සටහනක් ලියන්නට පූර්විකාවක් වශයෙනි .
1992 අවුරුද්දේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වාර්ෂික ෆීඨ දිනය වෙනුවෙන් රඟ දක්වන ලද ගීත නාටකයේදී රඝුපති රාඝව රාජාරාම් යන ප්‍රකට භාරතීය බැති හීයේ තාලයට ගැයුණු කොටසකි මේ:
අධිපති යාන්ත්‍රික විද්‍යාවේ
සුපිරිම උගතෙකි ලංකාවේ
සේවා ඉසිඹුව ලද තොසිනේ
මහැදුරු මහලිංගම් සැරදේ
සරසවි ජීවිතයේ වසර හතක තුළ මුණ පෑ දුක්මුසු රසමුසු සිද්දි ගීතමය ජවනිකාවලින් ඉදිරිපත් කෙරුණු දිග නළුවක් වූ මෙහි මේ උපහාර ගීත කොටස තිබුනේ විනාඩියකටත් අඩුවෙනි . මා මුලින් කී උපාලිද මෙහි ප්‍රධාන නළුවෙක් වුනේය.
ඒත් නාට්‍යය ඉවර වී එලියට එනවිට අපට ප්‍රගතිශීලී මිතුරෙකුගෙන් දෝෂාරෝපනයක් අහන්නට සිදු විය .
'උඹල ස්ටාෆ් එකෙන් ලකුණු දාගන්න ප්‍රශස්ති ගී කිව්වා නේද?'
1991 අවුරුද්දේ විශ්‍රාම ගිය මහැදුරු සෙල්වදුරේ මහලිංගම් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සංකේතාත්මක සලකුණක් වුනේය. අනෙක් අතට ඔහු මුළු විශ්වයේම වඩාත් ම සනීපදායක නිවහන ලෙස සැලකුවේ පෙරාදෙණියයි.
ඔහු ගැන මගේ කියවීම මෙහි දෙවන කොටසින් ලියන්නට සුදානමින් සිටිමි
(ඉකොනොමැට්ටා විසින්ද මහැදුරු මහාලිංගම් ගැන අගනා බ්ලොග් සටහනක් ලියා ඇත - මෙතැනින් කියවන්න )
Photo: