නිතර ටී වී බලන, ෆේස් බුක් එකේ දවසින් වැඩි වෙලාවක් සරන මගේ මිත්‍රයෙකුට අකීකරු පුත්‍රයෙක් සිටියේය. පහළොස් හැවිරිදි මේ පුත්‍රයා නිතර දෙවේලේ අසන ප්‍රශ්නවලින් සමහරක් ගැන හා ඔහුගේ කල්ක්‍රියාව ගැන මගේ මිත්‍රයා කණස්සලු වෙන බව මම දනිමි. මේ අකීකරු පුත්‍රයා දිනපොතක් ලියන බවද මට දන ගන්නට ලැබිණි . ඔහුගේ ඩයරියේ මේ වගේ සටහන් තිබෙන්නට පුළුවන් බව මට සිතෙයි.
ජනවාරි 10
අප්පච්චිලා හැමෝම කතා කරන්නේ සින්දුවක් ගැන . මීට කලින් කවදාවත් අහල නැති සිංදුවකට කට්ටිය ඇවිස්සිලා . ඒත් ඒක කියන ඇක්සන්ට් එකවත් කලින් සින්දුව හොඳද අලුත් සින්දුව හොඳද කියන එකවත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ . ඒකෙ කියන 'පව් කාරයෝ' කව්ද කියන එක. උතුරෙදියි දකුනේදියි මිනිස්සු මරුණලු. ඒකට වග කියන්න ඕනි පව් කාරයෝලූ . අප්පච්චිගෙන් මේ ගැන ඇහුවම කෙලින් උත්තරයක් දුන්නේ නෑ ? ඒ පව්කාරයෝ දන් මැරිලද අප්පච්චී ?
අප්පච්චී කරබාගෙන ඉඳල මෙහෙම කිව්වා . 'ඔය ප්‍රශ්නෙට මැරිච්ච අයයි නැති අයයි සේරම බයයි . හැමෝම ටික ටික පව් කාරයෝ නිසා' .
අර ආන්ටි සින්දුව කියල 'තෙපි නෙවේද පව් කාරයෝ ' කියල ඇඟිල්ල දික්කරනකොටත් ගොඩක් දෙනෙක් මූණ හංගාගන්න බලනවා මම දැක්කා . අනික කවුරුත් ඔය සින්දුව එලියට ගන්නේ නැතිව සෑහෙන කාලයක් හංගලා තිබ්බෙත් ඔය ප්‍රශ්නෙට බය වෙලා හින්ද වෙන්න ඇති .
.
ජනවාරි 25
ඔන්න අද දෙවැනි සින්දුවක් ගැන බර කතාවක් . යුගයේ සින්දුව හම්බ වෙලාලු . අප්පච්චිලා බියර් බිබී ඒ ගැන කතාව . අලුත් පරපුරේ හඬය කියන්නේ .අප්පච්චිලා ආයේ ආයේ දදා අහනකොට මම පරණ සින්දුවයි අලුත් එකයි දෙකම ඇහුවා . අනේ මමවත් අපේ පන්තියේ එවුන්වත් ඔය සින්දුවටවත් පරණ සින්දුවටවත් වැඩිය ආස නෑ . අර හෝ ගාන පොකුණ බලන්න ගියාම දැක්ක සින්දුයි ඒ වගේ කතාවලටයි තමයි මම ආස . අනාගතේ අයිති අපිටයි කිව්වට අපේ කාලෙට අයිති වෙන්න ඕනි මොනවද කියල අපෙන් අහන් නැතිව අප්පච්චිලා තීරණය කරන්නේ ඇයි කියල මම අම්මගෙන් ඇහුව . අම්ම කිව්වේ ඒක එහෙම තමයිලු වෙන්න ඕනී කියල.
මේක මාර කතාවක්නේ!
ජනවාරි 27
මම අද අප්පච්චිගෙන් ඇහුව අර ආන්ටි වගේ කෙනෙක් තව අවුරුදු දහයකින් විතර අර 'සොයා දියාව් හේ' කියන සින්දුව කියයිද අප්පච්චී කියල . 'ආයේ කවදාවත් එහෙම වෙන් නෑ මයේ පුතේ. උතුරෙවත් දකුණේවත් කොල්ලො කේල්ලෝ මරන්න අපි ඉඩ දේන්නේ නෑ ' කියල අප්පච්චී කිව්වා .
ඒත් අප්පච්චී බැරි වෙලා හරි එහෙම උනොත් ඒ සින්දුවේ හැටියට පව්කාරයෝ වෙන්න ඕනි දැන් ඉන්න කවුරුහරි නේද කියල මං ඇහුවම අප්පච්චී තුෂ්නිම්භූත වෙලා මගේ දිහා බලාගෙන හිටියා . මං ආයේමත් ඇහුවා 'කවුද අප්පච්චී පව් කාරයෝ' ?
අප්පච්චී උත්තරයක් දෙන් නැති නිසා මම ඔහේ ටී වී නිව්ස් දිහා බලාගෙන හිටියා . ගොඩක් මිනිස්සු ඒකෙ පෙන්නුවා
'ඔය පෙන්නන්නේ ඒ පව්කාරයෝ තමයි' කියල අප්පච්චි බිම බලාගෙනම කාමරේට ගියා
Photo :