පේරාදෙණි සරසවියේ අවුරුදු පතා මගුල් ගෙදරක් පැවැත්වේ . මේ වෙන මගුලක් නොව සරසවියම මගුල් සිරියෙන් ඇලළෙන මහා කළා උළෙලකි. වල සතියට පමණක් දෙවැනි වන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 'මාගේ දේශය අවදි කරනු මැන' ඒ මංගල්‍යයයි.
ඒත් මේ අවුරුද්දේ මාගේ දේශය අවධි කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලබා නොදීමෙන් එහි වැඩ කටයුතු කඩා කප්පල් වී ඇති බව දැන ගන්නට තිබේ . මේ ගැන හරිම තොරතුරක් දන්නේ නැත
ඒත් සැබෑවක්නම් එය හරිම සෝචනීය කතාන්දරයකි. 1988-90 භීෂණ කාලයෙන් පසු වල් බිහි වී දිය සෙවෙල පිරී තිබු සරසවි ලතා මණ්ඩප පමණක් නොව එහි වැසියන්ගේ සිත්සතන්ද යලි පුබුදුවාලන්නට ශිෂ්‍ය සාහිත්‍ය උළෙළද යම් තරමකින් හෝ උදව් වූ බව නිසැකය . අනු එකේ අවුරුද්දේ මෙය ඇරඹුණු බව මගේ මතකය කියයි. මේ සාහිත්‍ය උළෙල ගැන අවුරුදු තුනක මතකයක් මට තිබේ . පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ පද්‍ය නිර්මාණ, කෙටිකතා හා රචනා සඳහා සම්මාන පිරිනැමූ උළෙලේදී රටේම පිලිගත් කලා කරුවෙකුටද සුවිශේසී සම්මානයක්ද පිරිනැමින. මට මතක විදිහට මුල් අවුරුද්දේ සුගතපාලද සිල්වාත්, දෙවනුව ගුණදාස කපුගේත්, ඊළඟට ගාමිණි හත්තොට්ටුවෙගමත් මේ සම්මානය හිමි කර ගත්තෝය.
ජවිපෙට බර වූ මහා ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළා වුනාට සාහිත්‍ය උළෙලේ තිබ්බේ සාහිත්‍යයමය ප්‍රබෝදයක්මය. මුළු සරසවියෙම ගස් පුරා අලුතින් කහපාට, මදටිය පාට හා රතු පාට මල් පිපී තිබුනේ උළෙලට සුබ පතන්නටය.
එදා පුදුමාකාර උද්යෝගයක් හැම කොල්ලෙක්ගේම කෙල්ලෙක්ගේම මුහුණුවල දකින්නට තිබුණි. යලිත් වරක් සරච්චන්ද්‍රලා, මනෝරත්නලා හා දිද්දෙනියලා පරපුරක් බිහිවනු ඇති බවට ඉඟි බිඟි මතු වෙමින් තිබිණි.
අනුව දශකයේ මුල් අවුරුද්දක තිබුණු සාහිත්‍ය උළෙලේ අපුරු වැඩ සටහනක් තිබුනේය. උළෙල පටන් ගන්නට පෙර භූගෝල විද්‍යා පීඨයේ සිට අල්විස් පොන්ඩ් එක දෙසට ඇදෙන මාවතේ තැනින් තැන තුරු වදුලු යට පොඩි පොඩි සාහිත්‍ය මුළු සංවිධානය කර තිබිණි. වෙන වෙනම ලේඛකයෝ තැන තැන කතා බස්වලට ගොනු කර තිබුණි. සුගතපාලද සිලවා. දයාසේන ගුණසිංහයන්. පියසේන කහඳගමගේ වැනි ලේඛකයන් කවියන් කිහිප පෙළක්ම ආරාධනා ලැබ සිටියහ. දයාසේන ගුණසිංහගේ 'දොර මඩලාව ' එතැන මැවුනේ සුගතපාලද සිල්වාගේ 'ඇට මැස්සා' හිස වටා පියා සල්ද්දීය.
එදා හවස සාහිත්‍ය උත්සවය පටන් ගන්නට කලින් සුන්දර කලාබර හැන්දෑවක් ලැස්ති කර තිබුණු හැටි ඒ විදිහය. එදා මටද පොඩී කඩේ යෑමක් පැවරී තිබිණි. ඒ කතා බහ අවසන කලාශිල්පීන් දෙපළක් වුස් කැන්ටිමට කැඳවා ගෙන ගොස් එතන ලැස්ති කර තිබු වඩේ, පැටිස් හා කෙසෙල්ගෙඩි සමග කැම්පස් ප්ලේන්ටි සංග්‍රහයෙන් ඔවුන්ව සන්තර්පන කරවීමය.
මම හෙමින් හෙමින් මට භාර දී තිබු කළා කරුවන් දෙපළ අසලට ගොස් දැන් තේ බොන්න යමු නේදැයි ඇසුවෙමි.. සුගතපාලද සිල්වා ඉතා අහිංසක ලෙස කිව්වේ 'ඔව් මට ප්ලේන්ටියක් බීලා බුලත් විටක් කන්න වුවමනා වෙලා තිබ්බේ' කියලාය. වුස් කැන්ටිමේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ලැස්ති කර තිබු තේ මේසයක් වෙත සුගතපාලද සිල්වාත් දයාසේන ගුණසිංහත් ඇරලවා මම වෙනත් තැනකට යන්නට හදන විට දයාසේන ගුණසිංහයන් මගේ අතින් ඇද මෙසේ කිව්වේය.
'දැන් ඔය ළමයත් අව්වේ ඉඳලනෙ ආවේ මෙන්න මෙහෙන් වාඩි වෙලා අපිත් එක්කම තේ බොමු'.
එක් පසෙකින් සුගතපාලද සිල්වාත් අනෙක්පසින් දයාසේන ගුණසින්හත් ඉන්නා තැනක වුස් කැන්ටිමෙන් මම වඩේ කා ප්ලේන්ටි බිව්වෙමි.
මා එදා විඳි අහිංසක සතුටේ වටිනාකම රාජ රාජ මහා මැතිඳුනට කඩේ යාමෙන් ලබන්නට පුළුවන් සතුට මෙන් සිය දහස් ගුණයක් වටිනා බව මම මැරෙනතුරු විශ්වාස කරමි.
දහසක් මල් පිපෙන්නට ඕනිය. මොන පක්ෂයකින් , මොන සංවිධානයකින් ලෑස්ති කළා වුනත් සාහිත්‍ය උළෙලකින් ඇගයෙන්නේ නිර්මාණ කරුවන්ය. දිරි ගැන්වෙන්නේ තව තවත් ලියන්නට හා ගයන්නටය.
ලියන්නට හා ගයන්නට නොදී මල් පොහොට්ටු අතින් තද කරගෙන සිටියොත් පොඩි වූ මල්වලින් හමන්නට ඉඩ ඇත්තේ මල් සුවඳ නොව අර අමිහිරි වෙඩි බෙහෙත් ගඳමය.

Photo; dailynews.lk