මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා. මේ කඳු හෙල් බෑවුම් එපාවෙනකම් පිරිච්ච ගමේ දිගට දිගේ උසට උසේ කඳු නගින, බහින ගල් පඩිපේලි හා සිමෙන්ති කොන්ක්‍රීට් පඩිපේලි තිබුනා.සමහර ඒවා සිරීපාදේ නගිද්දී හමුවෙන මහගිරිදඹේ තියෙන එව්වා වගේ . දිගම එක තිබුනේ ගමේ කඩ මණ්ඩියේ ඉඳන් ගම පාවුලෙන් ගලාගෙන යන උමා ඔය නානතොට හා ඒදණ්ඩ ගාවට .
කඩ මන්ඩියේ ඉඳන් ඉහළට ආයෙත් බෑවුම ඇති තාර පාර. අපේ ආච්චිලා ගෙදර ලඟින් පටන් ගන්න තාර පාරේ ටිකක් මුදුනට නගිද්දී යවුල ගහ හම්බ වෙනවා. අද්දා අද්දා කන්ද නැග්ගාම දියතලාව සානුව හම්බවෙනවා. කොටින්ම අපේ ගම තියෙන්නේ ගැඹුරු වළක් පතුලේ. කඳු මුදුනේ පිහිටි තැනිතලා සානුවේ සිට පාර දිගේත් බැහැගෙන බැහැගෙන ඇවිල්ලා ගල්පඩිපෙළ දිගේත් බැහැලා ඉවර වුනාම හම්බ වෙන ඔයපාර අඩි දාස් ගාණක් පාතින් තියෙන එකක් කියලයි හිතෙන්නේ. අපේ ගෙදර ආපු සමහර පාසැල් මිත්‍රයෝ සරසවි මිත්‍රයෝ කියන්නේ අපේ ගම තියෙන්නේ මුහුදු මට්ටමෙනුත් පහළ කියල. අපේ ඔය ඉවුරෙන් සිප්පි කටු හම්බ වෙනවා, ලිඳේ හාල්මැස්සෝ ඉන්නවා කියල කාඩ් හිට ගහලා තිබ්බා.
පන්සල තිබ්බේ ඔයට යන ගල්පඩි පාර අතරමැද. ටී හන්දියකින් තවත් පඩිපෙළක් විහිදුනා පන්සල දිහාවට, එතැනින් හැරිලා පන්සල පැත්තට යනකොට නුදුරේම තියෙන සිමෙන්ති බැම්මෙන් වටකරපු පංසලේ ලිඳ හම්බ වෙනවා. අඩි පහළොවක් විතර ගැඹුරෙන් පිරිමි කෙනෙක්ගේ තන මට්ටමට එනකන් විතර නිල් කැටේට පිරිලා තිබ්බ ඒ ළිඳේ වතුර මිහිරි රහයි. (මේ ලිඳේ වතුර මට්ටම මෙහෙමයි කියල දැන ගත්ත දවස ගැන තමයි අද ලියන්න යන්නේ ) පඩිපෙළ නැගලා මහන්සිය නිවාගෙන මේ ලිඳෙන් වතුර ටිකක් බීලා යන ඇත්තොත් හිටියා .
පඩිපෙළ බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා ඒදණ්ඩෙන් එහා පැත්තට ගියාම හම්බ වෙන්නේ ගොවිතැන් බතින්, පැණි හකුරෙන් සරුසාර ගමක් . ඒ සුන්දර එහා ගම ලෝකයේම ප්‍රසිද්දයි කිතුල් රා හා කිතුල් හකුරු වලට. හකුරුනම් එහා ගමෙන් අපේ ගමට ගෙනත් විකුණන ඈයෝ හිටියා. රානම් කලගෙඩි අරන් ගිහිල්ලා පුරවාගෙන එන්න ඕනි . කලගෙඩි වෙනුවට බඩගෙඩි උස්සගෙන බොහෝ දුර පාර ගෙවාගෙන මේ ගම්සබා පඩිපෙළ දිගේ බැහැලා හොඳ පෙණ උතුරන කිතුල් රා බඩෙන් එකක් පුරවාගෙන ඒවා ඇඟ පුරා ලේ නහරවලත් දුවද්දී හති හල හලා ඒ වුනත් තනියම හිනා වෙවී ඔය කන්ද ආපිට නගන වැඩිහිටි ඇත්තෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.
අපේ ගමටත් ඉහළින් තිබ්බ ගමකට ඈත පලාතකින් ආපු කොට මහත ලියන මහත්තයා මේ කිතුල් රා ගැන ආරංචි වෙලා තාරපාර දිගේත් පඩිපෙළ දිගේත් සන්තෝසෙන් රෝල් වෙමින් ඇවිත් අපේ අල්ලපු ගමට ඇදිලා ගිහින් තියෙන්නේ කාන්දමකට ඇදෙනව වගේ.
මේ අවාසනාවන්ත දවසේ ලියන මහත්තයා ජෙමිස්ගේ ගෙදරින් පෙණ උතුරද්දීම කිතුල් රා බෝතල් දෙක තුනක් බීලා ඒදණ්ඩෙන් ගඟේ මෙහා පැත්තටත් ආවා . කොච්චරවාත් කකුලේ එල්ලෙන කුඩෑල්ලන් ගලවමින් උන්ට බැන වදිමින් ගල් පඩි පෙළ දිගේ මැද හරියක් එනකොට වටින් ගොඩින් කළුවර වෙලා .
අනේ මනුස්සයට පාර වැරදුනා පන්සල ලඟදි. මහා පාර පැත්තට එනවා වෙනුවට පන්සල පැත්තට හැරුණා . වෙරි මරගාතේ ඒ පඩිපෙළ දිගේ විසිවී විසිවී යනකොට අයෙත් හන්දියක් .පාරවල් දෙකක්. ලිඳට හැරෙන සිමෙන්ති පඩි දෙකතුන හා පන්සලට දිවෙන පඩිපෙළ.
අහෝ! අපේ කතානායකයා එතැනින් හැරුනෙත් වැරදි පැත්තට. අඩි දෙක තුනක් තිබ්බම ටිකක් උස සිමෙන්ති පඩියකුත් හම්බුනා. එතනින් එහාට මොකුත් පේන් නෑ .ඊළඟට ලියන මහත්තයා අඩිය තිබ්බේ කොහාටද දන්නවාද ?
ජබ්බොග් ! පන්සලේ ලිඳ ඇතුලට.
'සුරා සොඩෙක් ගිරි කුළකින් පාවී මහා පොළවට පාවී එද්දී... ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කිව්වාලු' .
පිංවතුනි අපේ ලියන මහත්තයා සින්දු කිව්වේ නෑ . අඩිය වැරදිලා තමන් අගාධයකට වැටෙන්න යනවා කියලා තේරුම් ගත්තු ගමන් 'බුදු අම්මෝ මාව බේරා ගනියෝ' කියල මරහඬ තලාගෙනම ලිඳ ඇතුලේ පත බෑවුනා . ඒ මර ළතෝනිය සද්දෙන් මතුවෙලා ලිඳ ඇතුලේ ගිලෙද්දී මහා බියකරු දෝංකාරයක් නංවමින් හරියට රයිෆල් උණ්ඩයක් වගේ ලිඳ වටේ කැරකි කැරකී ඇවිත් උඩට මතු වුනා.
පන්සල්වත්තේ කෙළවරක කයිවාරු ගසමින් සිටි කොලු නඩේ අතරින් එකෙක් තමයි විමලේ . මිනිහට ඇහුනෙම තමන්ගේ ආතාගේ කට හඬ. මල් පුජා කරන්න කලින් වට්ටියට පැන් ඉහින්න ලිඳ පැත්තට යන ආතා ලිඳට වැටෙන්න ඇති කියල හිතන් ගම දෙවනත් වෙන්න කෑ ගැහුවා
'අනේ මගේ රත්තරං ආතේ උඹට මොකද උනේ . ඇයි ලිඳ ලඟට ගියේ මේ කළුවරේඒ ඒ ඒ ඒ '
කියා කෑ ගසමින් පොළොවේ පස් කන්නට වුනා.
මේ හඬ ඇහිච්ච ගමන් ගමෙන් බාගයක් විතර පන්සලට දුවගෙන අවා, පන්සලේ ඝන්ටාරේ නොකඩවා වැදුනා. මේ අතරේ පන්දම් ඉනිමන් කඹ එහෙම ගත්ත තවත් පිරිසක් ලිඳ වටා රොක් වුණා
හතර පස් දෙනෙක් ඇවිත් ගණකම කඹයක් බොලොක්ක පොල්ලේ ගැට ගැහුවා , උස ඉනිමගක් හා දිග උණ ලීයක් ලිඳට දැම්මා . දෙතුන් දෙනෙක් ලිඳට බැස්සා. තන මට්ටමට වතුරේ ගිලිලා බය බිරාන්තව හිටි මහත දෙහෙත පුද්ගලයාගේ ඉණ වටේ කඹේ වෙළුනා . කවුද කින්ද මන්ද හොයන්නේ නැතුව වැර වීරියෙන් ඒ පතාක ශරීරය ලිඳෙන් ගොඩට ගත්තා.
විමලයා සැනසුම් සුසුම් හෙලුවේ සිය හීන්දෑරී ආතා වෙනුවට ලිඳෙන් ගොඩට ගත් මේ ජම්බෝල මුණයි කලගෙඩි බඩයි හිමි තැනැත්තා දුටුවාට පසුවයි. ප්‍රථමාධාර ක්‍රම මොකුත් නොදැන සිටි නිසා කවුරුවත් ලියන මහත්තයා බිම පෙරලගෙන බඩේ තිබ්බ රා කලගෙඩිය එලියට ගන්න මහන්සි වුන් නෑ . කොහොම වුනත් මිනිහා හොල්මන් වෙලා හිටියට හොඳ ශරීර සනීපයෙන් හිටියා . ටික වෙලාවක් බිම වාඩි වෙලා ඉඳලා ගමේ කීප දෙනෙක්ගේ වාරුවෙන් ගෙදර යන්න පිටත් වුනා.
රා බීමේ ආදීනව ඔන්න ඔහොමයි!
අර මහදැනමුත්තා කාගේදෝ ඇඹේනියක් දුන්න තෙලිජ්ජ ටිකක් බීලා රහ වැටුනයින් පස්සේ ඒ දිව්‍ය පානය හම්බුනේ කොතැනින්ද කියල ඇහුවම අනේ අර මායියා ඔලොක්කුවට කිවලු අපේ වත්තේ ලිඳෙන් කියල. එදා රෑ මහදැන මුත්තා ගෝලයෝ ටිකයි අලියෙකුයි අරං ආවලු ලිඳ උස්සාගෙන යන්න. ලියන මහත්තයා පන්සලේ ලිඳට එබුනෙත් කවුරු හෝ දුන් ඒ වගේ ලණුවක් නිසාද කියලා අපේ අම්මයි තාත්තයි කතා වුනා.
මේ අතීත සිද්දියේ සමහර කෑලි මට අමතක වෙලා තිබ්බේ. සිකුරාදා නිවාඩු දවසේ අපේ තාත්තට කතා කරලා විස්තර මතක් කර ගත්තා. අපි දෙන්නා සැහෙන වෙලාවක් හිනා වුනා පරණ සිද්දි මතක් කරලා . හැබැයි ඉතින් ඕනිවට වඩා අතිශයෝක්තිය දාලා ලියන්න එපා කියල තාත්තා කිව්වේ මගේ ජම්ම පුරුද්ද අත අරින්න බෑ කියල දැන දැනමයි.
(මහදැනමුත්තා ලිඳ උස්සාගෙන යන්න හදපු කතාවේ නූතන වර්ෂන් එක තියෙනවා ලබන සතියේ ලියන්නම්. මට හමු වූ අපුරු මැවිසුරන් ගැන ලියවෙන කතා පෙළට අයිති එකක් ඒක )
චිත්‍රය ඇන්දේ ඔවිනි