අපේ ගේ වටේ තිබු සරුසාර බෝංචි පාත්ති, පැපොල් ගස්, කොළ ගෝවා, රිකිලි ගෝවා , අමු මිරිස් හා රටබටු ගස් ටිකට අපේ අම්මා ඉඳුල් වතුර කොරහ හැලුවේ මහත් ආදරයෙනි. ඉඳුල් වතුර කොරහේ තිබුණු රසභාව විඳ රතුපාට ටීක් බෝල ගෙඩි මෙන් ඉදී දිලිසෙන කුඩා රටබටු තක්කාලි ගෙඩි කිරි හොද්දේ හෝ කොල්ලු හැලියේ සැර දැනී පුපුරා උඩ පනින හැටි අපි කුස්සියේ ලිප ලඟට වී මහත් සොම්නසින් බලා සිටියෙමු.
අම්මාගේ ගෙවත්තේ ප්‍රමෝදය අම්මාගේ මුහුණේ හැමදාම තිබුණි. ඇය කොයි තරම් උද්යෝගයකින් කොයිතරම් ආශාවකින් මේ පොඩි වගාවට සාත්තු සප්පායම් කළාද ? මොනතරම් සැනසිල්ලේ ඒවා උයා පිහා තාත්තාටත් අපටත් කන්නට දී සතුටු වුනාද ?. උදේ ඉස්කෝලේ ගොස් හවස ආපසු ගෙවත්තේ වැඩත් , ඇතැම්විට කුඹුරේ වැඩත් , ගෙදර උයන පිහින සියල්ලත් උතුරා යන සන්තෝෂයෙන් ඈ ඉටු කළාය . අලුත් බෝංචි පැලවල මතුවී එන දළු රිකිලි සේ ඇය හැමවිටම ප්‍රීතිමත්ව සිටියාය. නිරතුරු ඇගේ වූවන ගැවසීගත් සිරියාවන්ත සිනාවේ රහස මේ පැලවලින් නැගෙන දළු මල් හා ගෙඩිවල සජීවී ප්‍රභෝදය වෙන්නට ඇතැයි මට සිතේ.
අපේ වත්තේ තැනින් තැන ගස්තක්කාලි නම් වර්ගයක්ද තිබුණි. ගස්තක්කලි යනු පේර ගස් මෙන් උසට වැඩෙන, පුවක් ගෙඩි මෙන් පල බරව රත් පැහැයෙන් ඉදී එන තක්කාලි වර්ගයකි. . ඉදුණු ගස්තක්කාලි ගෙඩි උණු අළු ගොඩේ දමා පුළුස්සා ඉන්පසු ළුණු , උම්බලකඩ සමග ගලේ අඹරා හදා ගන්නා ලුණු ම්රිස කෑ අයෙක් සිටීනම් ඊට වඩා රස ලුණු මිරිසක් ලොවෙත් නැති බව කියනු ඇති.
අපේ ගේ වටේ තිබූ අම්මාගේ එළවලු පාත්ති ටිකට වතුර දමන්නට බොහෝ විට ගෙට පහල ලිඳෙන් වතුර අදින්නට සිදු වේ. අපේ ලිඳ බරපතල පල්ලමක් සීරුවට බැසගෙන යාර තුන්සීයක් විතර දුර ගිය පසු හමු වෙයි. මේ දවස තිස්සේ වතුර පිරී ඉතිරී යන ලිඳකි. ඒ උතුරා යන වතුරෙන් අපි ලිඳට පහලින් සෙල්ලම් කුඹුරක් හදා තිබුනා මතකය. සපු ගස් දෙකක් හා ටූණා ගස් මන්ඩියක් වටකරගෙන තිබු ලිඳ නිස්කාන්සුවේ දිය නෑමට අපූරු තැනක් වුනේය. ( ලිඳ ඉහින්නට ආ අපේ පන්තියේ යාලුවෙකුගේ කතාව මම පස්සේ ලියන්නම්)
මේ ලිඳෙන් භාජන කීපයකට වතුර පුරවාගෙන ගහක් නගින්නාක් මෙන් කන්ද නගිද්දී අපේ ගෙදර හමු වෙයි. මේ භාජන අතර කලගෙඩි දෙකක් හා ලොකු පනිට්ටුවක්ද තිබුනේය. මේවායින් ගෙනෙන වතුර මල් බාල්දියකට දමන අම්මා ඉන්පසු එළවලු පාත්ති වලට පරිස්සමට ඉසින්න්නීය .
කාලයක් තිස්සෙම වතුර අදිද්දී හා පැලවලට වතුර දමද්දී මේ ලොකු පනිට්ටුවේ හා මල් බාල්දියේ අඩි තැනින් තැන හිල් වී තිබුනේය.
අපේ කුඩා බස් පාර අවුරුද්දකට දෙකකට වතාවක් අලුතින් වළවල් පුරවා තාර දමා උඩින් වැලි දමන දවස් අපේ සිත්වලට ආශ්වාදයක් ගෙනාවේය.
දවසක් අම්මා හා මම අපේ හෙවල් වලට ටිකක් ඈතින් තාර දමින් සිටි පිරිස වෙත ගොස් අපේ මල් බාල්දිය හා ලොකු පනිට්ටුව දුන්නේ තාර උණු කරන වෙලාවට මේ භාජන දෙකේ අඩියට තාර ටිකක් දමා දෙන ලෙස ඉල්ලමිනි. එවිට ඒවා වතුර බේරී නොයන සේ තවත් කාලයක් පාවිච්ච් කරන්නට පුළුවන.
පාරේ වැඩට වැඩිපුරම පැමිණ සිටියේ කාන්තාවන්ය. ඔවුහු බොහෝ කැමැත්තෙන් මල් බාල්දිය හා ලොකු පනිට්ටුව අම්මාගෙන් ඉල්ලා ගත්තෝය . තව 'ටිකක් හවස් වෙලා තමයි තාර උණු කරන්නේ එතකොට මේක කරලා දෙන්නම්'. ඔවුහු පාරේ තැන තැන ගල් අතුරමින්, ඒවා තලමින් සුළු සුළු අලුත්වැඩියාවන් තාමත් කරගෙන යති.
අම්මාත් මමත් ටික වෙලාවක් එතැන බලාගෙන සිට ගෙදර ආවෙමු. හැන්දෑවේ හයට පමණ ආයෙමත් වතාවක් එතැනට ගියත් අපට දැක ගන්නට ලැබුනේ තාර බොයිලේරුව උණු කරන්නට තවත් වෙලාවක් ගත වෙන බවයි.
අපි ගෙදර ඇවිත් ටික වේලාවකින්ම හතර වටින් කළුවර විය. දැන්නම් පාරේ තාර දමන්නට පටන්ගෙන ඇත.බලන්නත් ආසාය. ඒත් මට නිදිමතය.කම්මැලිය.
'පොඩි පුතා දැන් අපි පහළට ගිහින් බලලා එමුද අපේ මල් බාල්දිය අරන් එන පුලුවන්ද කියලා ?.
මම අම්ම්මාට අකීකරු වෙන්නට තීරණය කලෙමි.
'දැන් බෑ අම්මා'
අනේ අම්මා හොඳටම අසරණ වෙලාය. ඔය පන්නයේ අනුන්ගෙන් උදව් ගන්නා වැඩ වලට තාත්තා කැමැත්තක් දැකවුයේ නැත. එනසා ඈට තනියට යන්නට හිටියේ මා පමණය.
අම්මා පාර ලඟට යයි. නැවත ගෙට එයි. සුසුම් ලයි.
පහුවදා පාන්දර අම්මාත් මමත් පෙරදින මිනිසුන් තාර දැමූ තැනට ගියෙමු.
අනේ තාර දමා අවසන් කොට බෝයිලේරුවද, ගල්රෝලද, විල්බැරැක්ක සියල්ල පටවාගෙන කවුරුත් යන්නට ගිහිල්ලාය. කිසිවක් ඉතිරි කර නැත. අපේ මල් බාල්දියත් පනිට්ටුවත් ඒ ලොරියේම පටවාගෙන අරන් ගිය බවට තවත්නම් සැකක් නැත.
මගේ හිත බඩේ ගින්දරින් පිරී ගියේය. අම්මා හිස් බැල්මෙන් බලා සිටියාය.
මේ ළඟදී දවසක සුපිරි මාර්කට්ටුවකින් ගෙදරට අඩුම කුඩුම තෝරද්දී ප්ලාස්ටික් මල් බාල්දියක් තියෙනවා දැක මම එතැන නතර වුනෙමි. මේකෙන් එකක් ගමු කියා හිතුනත් මේ අතීත මතකයක් නිසාම මල්බාල්දියක් ගන්නට ආ සිතිවිල්ල කාටවත් නොකියා හිතේ සඟවා ගතිමි. ඇරත් හෝස් එකෙන් මල් පැලවලට වතුර දාන්නට පුළුවන්නේ .
සටහන :
මේ කතාව මට ලියන්නට හිතුනේ අරලගන්විල ඉස්කෝලේ ගිය කවිඳුගේ බ්ලොග් සටහන් කියවද්දීය. කඳුකර ගොවි ගම්මානයක් පසුබිම් කරගෙන ලියවෙන ඔහුගේ කතා මගේ හිතට සමීපය .
සිය බාල පුතාත් සමග පැල් රකින්නට ගිය අම්මා එහි සිටී . හොඳින් ඉගෙන ගන්නා ලොකු පුතා සමන්ත පාන්දර තුනට ඇහැරවා පාඩම් කරවූ අම්මා ඇයයි . ඔහු නැගිටින්න කම්මැලි කරන විට පහළ කෙළවරේ තිබු ඇඳ පොල්ලක් ගළවා පහර දෙන්නට හදන්නේ ඇයයි. එසේ කොට දුෂ්කර ගොවි ගම්මානයකින් ආචාර්ය, මහාචාර්යවරු දෙන්නෙක් බිහිකරන්නේ ඒ අම්මාය.
කවිඳුගේ කතාව බ්ලොග් අඩවි කීපයක විසුරුවාගන්නේ නැතිව පිළිවෙලකට ලිව්වානම් එය අති සුන්දර වියුණුවක් වනු නොඅනුමානය.
photo: sportdonbassa.net