නාරාහේන්පිට පැත්තෙන් දවල් කෑම බඩ පිරෙන්න කාලා තව අයිස් කෝපි එකකුත් බීලා ආපහු එන ගමන් බොරැල්ලෙන් දෙමටගොඩ පැත්තට හැරෙව්වා . 'ඔහොම නවත්තන්න නවත්තන්න' අපේ බිරින්දැයි දෝනිලා දෙන්නයි එක වර මරහඬ දෙන්න තියාගත්තා.
හතර වටේ වාහනවලින් බැනුම් හෝන් අසා ගනිමින් සයිකල් බසාර් එක ඉස්සරහ පාර අයිනේ අනවසර තැනෙක බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා.
ඔන්න ඉතින් අපේ ලොකු දෝනි අම්මගෙන් ඉල්ලා ගත්ත රුපියල් පණහේ නෝට්ටු දෙක ලෙළවමින් කඩ මණ්ඩිය පැත්තට දිව්වා .
මේ වගේ වෙලාවට ගිරවෙක් වගේ කියවන මගේ සුපුරුදු දේශනාවක් තියෙනවා .
'ඕවා බදිනකොට ප්ලාස්ටික් බෝතල් හිටන් උණු කරලා දානවලු. පාර අයිනේ බේසම්වල දාගෙන තියෙන කඩචෝරුවල කොච්චර වාහන දුම දුවිලි වැදෙනවද . අනික ඔය තෙල් තාච්චිය කවදාවත් මාරු කරන් නෑ'.
මම ඔහොම කිව්වට කවුරුවත් අහගෙන හිටියේ නෑ . තව ඩිංගකින් සිලි සිලි කවරෙකට දාපු බ්‍රව්න් පේපර් බෑග් දෙක තෙල් බේරී බේරී උස්සාගෙන දෝනි ආවා. එයා වාහනේට නගින්නත් කලින් කරස් කරස් ගාලා බැදපු මයියොක්කා පෙති හැපෙන සද්දෙ ඇහුනේ මාව අපහසුවකට පත් කරමින්.
'දවල්ට කාලා පැය බාගයක්වත් නෑ . මේ ගොල්ලෝ ඔය ජරාව කන්නේ හරියට හත් අවුරුද්දකින් කාලා නෑ වගේනේ' .
එහෙම කියපු මගේ කටට කෙළ උනා ඇතිබව වචන උච්චාරණය අනුව කාටවුනත් තේරුම් යනවා .
'ඇයි ඉතින් දැන් එපා කිව්වේ . ඉස්සරහ බලාගෙන වාහනේ එලවන්න' .
ඔය කීවට ටික වේලාවකින්ම මිරිස් රහ, ලුණු රහ යහමින් තියෙන රස්නේ තාමත් නොගිය මයියොක්කා පෙත්තක් මගේ කටට වැටෙනවා. ඔහොම ඉතින් පෑලියගොඩ හරියට යනකොට අර ගෙනාපු පැකට් දෙකෙන් වැඩි හරියක් මගේ බඩටත් සමෝසමේ ගිහිල්ලා .
කොච්චර් කන්න ආස උනත් මම ඔය කඩචෝරු ජාති ඉල්ලන එක නවත්තලා දැන් ගොඩක් කල්. ඒක වුනේ අර පොඩි එකා මල් වට්ටියක් වියලා දෙන්න කියල යුද්දයක් කරපු දවසට පස්සේ. හැබැයි අපේ ගමට බස් එක දාන්න ටික කාලෙකට කලින්.
අපි ඉතින් ටවුමට එක්කගෙන යන්නේ මාස ගානකට සැරයක් අලුත් සපත්තු දෙකක් ගන්න හරි පණු බෙහෙත් ටිකක් අරන් දෙන්න එහෙම තිබ්බොත්නේ. එහෙම ගියපු දවසට නොවරදවාම මට අරන් දිය යුතු අයිටම් දෙකක් තිබ්බා , එකක් පුංචි ප්ලාස්ටික් නලාවක්. අනික බිස්මිල්ලා හෝටලෙන් මස්රොටියක් . මේ රතුපාට හා නිල්පාට මූඩි දෙකක් තිබ්බ පුංචි නලාව පිඹ පිඹ මස්රෝටිය ලෑටි ගසමින් ගෙදරට එනකන් පයින් ආවත් මගේ කකුල් රිදුන් නෑ . මම එන්නේ රජෙක් වගේ. මග දිගට පාර හරහා පනින මුගටියෝ, තණකොළ අස්සේ ඉඳන් එබිලා බලන කොළපාට පෙත්තෝ ඔක්කොම මට පේනවා. වෙන එකක් තියා තුත්තිරි මල් උනත් මට මහා විශාලෙට ලස්සනට පේනවා .
ඒත් මේ කියන දවසේ මට මේ පළා පෙත්තොවත්, තුත්තිරිමල්වත් මොකක්වත් පෙනුනේ නෑ . මම අඬ අඬා අම්මගේ අතේ එල්ලීගෙන යනවා. කඳුළු සහ හොටු ගෑවිච්ච නලාව අතට අරං වරින්වර පිඹිනවා. ආයේ අඬනවා.
අම්ම මාව නලවන්න හදනව. හෙට තාත්ත තලාවේ යනවනේ. එතකොට බිස්මිල්ලා කඩෙන් මස්රොටියක් ගෙනල්ල දෙනවා. දැන් ගෙදර යං. කිරිටොපි හදමු. අම්ම එහෙම කියන්නේ අපි දෙන්නත් එක්ක සතොසෙන් ගත්ත පැරකුම් උකුකිරි ටින් එක තියෙන මල්ල මගේ දිහාට හරවන ගමන්.
මම තව අඬනවා. ආයෙත් නලාව පොඩ්ඩක් පිඹිනවා. අම්ම ඔසරි පොටින් මගේ මුණ පිහිනවා.
අනේ පුතේ අඬන්න එපා අපි ඔයාට මස්රොටිය ගන්න යනකොටමනේ මේ මගට එන වාහනේ හම්බුනේ . ඒ නාවානම් අපිට ගොඩක් දුර පයින්ම යන්න එපැ යි.
කොහොම හරි ගෙදරටම ආවා කියමුකෝ. කාටත් පේන්න නලාව ලන්දට විසි කරලා මිදුලේ පෙරළෙමින් මම අඬන්න පටන් ගත්තා
මස් රොටියක් ඕනි! මට මස් රොටියක් ඕනි !!
මේක කොයි තරම් බරපතල උද්ඝෝෂණයක් උනාද කිව්වනම් කඳුළු ගෑස් ගහලවත්, සාකච්චා මාර්ගෙන්වත් ප්‍රශ්නේ විසඳන්න බැරිවුනා.
අන්තිමේ මම ඉල්ලීම දිනා ගත්ත.
ඇඳගෙන හිටිය අත්දිග බැනියමට උඩින් පොලියෙස්ටර් නැෂනල් කමිසයක් දාගත්ත තාත්තා මස්රොටියක් ගේන්න හැතැම්ම දෙකක් ඈතින් තියෙන බිස්මිල්ලා එකට යන්න පිටත් වුණා . ඇවිදලා ඇවිදලා කකුල් රිදී රිදී තිබ්බත් මමත් අත ඇරියේ නෑ . තාත්තා පස්සෙන් එල්ලුනා. මාත් හැල්මේ ඇවිදගෙන යනවා තාත්තා එක්ක
ඔන්න තව පැයකින් විතර අපි බිස්මිල්ලා හෝටලේට ආවා . ගත්ත ගමන් උණු උණු මස් රොටිය තාත්ත මගේ අතින් තිබා .
තාත්තගේ මුණ මහන්සි පාටයි . කේන්තියක් තිබ්බද මතකත් නෑ .
ඒත් මස් රොටිය අතට ගත්තට පස්සේ මට මහා මොකක්දෝ දොම්නස් සිතිවිල්ලක් ආවා . ලැජ්ජාවක් වගේ .
'ඉතින් ඕක කන්න'. තාත්ත කීවා.
'යනගමන් කමු'. මම කිව්වේ තරමක් ඇඹරෙමින්.
මගක් දුර ගිහින් මස් රොටියෙන් චුට්ටක් කන්න ගත්තට මෙලෝ රහක් දැනුනේ නෑ . පාර හරහා මුගටියෝ පැන්නෙත් නෑ . තුත්තිරි මල් ලස්සනට පෙනුනෙත් නෑ . පලාපෙත්තෝ හිටියෙත් නෑ .
තාත්තා පොඩ්ඩක් අහක බලාගන්න වෙලාවක මම මස් රොටියත් ලන්දට විසි කරා .
එදා තමයි අතේ නලාවක්වත් මස් රොටියක්වත් නැතිව ටවුමේ ඉඳන් අපේ ගෙදරට මම මුලින්ම පයින් ගිය දවස.
මට ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ආයේ කෑමක් බීමක් ඉල්ලලා අඬලා නෑ ඉන් පස්සේ කවදාවත්.
කටින් කියලා ඉල්ලුවේ නැතිවට මම ආසාකරන කඩචෝරු මට කොහෙන් හරි හම්බවෙනවා . ඒ මට ආදරේ, මගේ යටි හිත දන්නා කවුරුහරි ඒ 'දහජරාව' කන වෙලාවට.
බැදපු මයියොක්ක පෙති කන්න ලැබෙන්නෙත් ඒ විදිහටමයි.
Photo. sbs.com.au