පළමුකොටස මෙතැනින් කියවන්න
එකල පේරාදෙණියට ගොඩවන ඉංජිනේරු සිසුනට පළවෙනි අවුරුදු දෙකේදී අනිවාර්යයෙන්ම යාන්ත්‍රික ඉන්ජිනේරු විෂයයන් මහැදුරු මහලිම්ගෙන් ඉගෙන ගන්නට ලැබිණි . ඒ වුනත් මහැදුරු මහලිංගම් සමග වචනයක් නොදොඩා පාස්අවුට් වූ ඉංජිනේරුවෝද සෑහෙන ගණනක් සිටිති.
ඊට එක් හේතුවක් වූයේ අසූ ගණන්වල අග හරියේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තිබුණු ගුරුගෝල දුරස්ථ බවයි. විෂය කරුණු සම්බන්ධව හෝ වෙන කිසි දෙයක් සම්බන්ධව පිළිසඳරක යෙදීම, පංතියේදී ප්‍රශ්ණ ඇසීම, අකැප දේවල් බවට මතයක් විය. එසේ දුරස්ථ බවක් තිබෙන බවත් එසේ දුරස්ථවම සිටිය යුතු බවටත් නවක සිසුන් වූ අප තුල පූර්ව නිගමනයක් තිබුනේය . සමහර ගුරුවරුන්ගේ පැත්තෙන් මෙලෙස ඈත්ව සිටීමට කැමැත්තක් තිබිණි. ඒත් මෙය මහා මුලාවක් බව මට දැන් සිතෙයි.
දෙවන හේතුව වුයේ මහලිංගම් යනු ඉතාම අහිංසක ලජ්ජාශීලී උගතෙකු වූ නිසා බොහෝ විට ඔහු සිසුන් සමග යම් පරතරයක් තබාගෙන දරුවන්ට ආදරය කරන පියෙක් සේ හැසිරීමයි. ' පහුවෙලා හමු වූ තාත්තා' කතාවේ කාලිඩ්ගේ පියා මට මේ සමග සිහියට නැගේ.
පසුගිය දිනෙක වත්මන් ඉංජිනේරු පීඨාධිපති මහැදුරු ලීලානන්ද රාජපක්ෂ සමග මම මේ ගැන කතා කළෙමි . ඔහු කීවෙත් මහලිංගම් යනු තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ගිය, ඉතාමත් අහිංසක උගතෙකු බවය. ඔහු කිසි දිනෙක පරිපාලන කටයුතු වලට කැමැත්තක් දක්වුයෙත් නැත . සිය දිගු සේවා කාලය තුල ඔහු කිසි දිනෙක අංශ ප්‍රධානියෙකු හෝ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු නොකළේ එනිසාය .
එහෙත් මේ පෙනේන්නට තිබෙන ඈත්බව අමතක කර ඔහු හා කතා බහ කරන්නට අවස්තාව උදා වූ හැමෝටම මහාලිංගම් යනු කුඩා දරුවෙකු සේ අව්‍යාජ නිහතමානී පුද්ගලයෙකු බව පසක් වුනේය.
ඉහත කාටුනයේ මහැදුරු මහලිංගම්ගේ මුහුණ ඇන්දේ අපේ බැචෙකු වන රන්ජිත් පද්මසිරි විසින් 1992දීය . 1991 හා 1992 පීඨ දිනයන් වෙනුවෙන් අපේ බැචාලා වන සමන් රංජිත් , සමරක්කොඩි හා රන්ජිත් පද්මසිරි විසින් මෙලෙස අඳි කාටුන් රැසක් ප්‍රදර්ශනය කෙරිණි . මේ කාටුනය දෙස මහදුරු මහලිංගම් මහත් සොම්නසින් බලා සිටිනු දුටු රන්ජිත් පද්මසිරි පසුදිනක මහලිංගම් රුව සහිත වෙනම චිත්‍රයක් නිමවා ඔහුගේ කන්තෝරුවට ගෙන ගොස් දුන්නේය .මහැදුරුවරයා ඊට බොහෝ සතුටින් ප්‍රතිචාර දක්වා තිබිණි. 'මමත් ඉස්සර චිත්‍ර ඇන්දා . ඒත් මේ නොයෙක් වැඩ රාජකාරී නිසා ඒ විනෝදාංශය මග ඇරිලා ගියා' කියා රංජිත්ට කිව්වේය. රංජිත්ට සමු දෙද්දී මහැදුරුවරයා පැවසුවේ 'මම මේ චිත්‍රය අපේ නෝනට පෙන්වලා එයා කියන්නේ මොකක්ද කියලත් කියන්නම්කො' .
ඉන් ටික දවසකට පසු ඉංජිනේරු පීඨ දිගු කොරිඩෝරයෙදී රන්ජිත්ව දුටු මහැදුරු මහලිංගම් ඉද්ද ගැසුවා සේ නතර වුනේය . කොරිඩෝයෙදී සාමාන්‍යයෙන් ඔහු නොකරන දෙයක් කළේය. ශිෂ්‍යයෙක් සමග කතා බහ කළේය.
' අන්න අපේ නෝනා අර චිත්‍රය දැකලා බොහොම සතුටු උනා ' එසේ කියා රන්ජිත් දෙස මදහස පිරි මුහුණින් බලාසිට යන්නට ගියේය.
1992 මැයි මාසයේ හිල්ඩා ශාලාවත් සංගමිත්තා ශාලාවත් අතර පිටියේ හැදු ආනන්දගේ වෙසක් කූඩුව ඒ කාලයේ බොහෝ කයි කතන්දරවලට බඳුන් වුවකි. කැරකෙන කුඩුවක් හදන්නට ගියර් මෝටරයක් හොයාගෙන ඉන් තවත් පුලියක් කරකවා යාන්ත්‍රික ඇටවුම නිමකරේ අර උපාලිම තමයි. කූඩුව බලන්නට මහැදුරු මහලිංගම් තනිවම් ආවේ තරමක් සෙනග අඩු වෙලාවකය . ඔහුගේ නිරීක්ෂණයට හසු වුනේ මොටරයේ සිට තවත් පුලියක් කරකැවීමට යොදා තිබූ බෙල්ට් එක දෙසය . කොහෙන්දෝ සොයා ගත් ඒ පරණ බෙල්ටය එකට සන්ධි කර තිබුනේ කොහු ලණුවකින් හිර වෙන්න ගැසූ ගැටයකිනි. සෑම පැය බගයකටම වරක් මේ බෙල්ටයේ ආතතිය නිසා ගැටය ලිහී කැරකෙන කුඩුව නතර වී යයි. ඉතින් අපේ යාළුවෝ දනිපනි ගා හිර ගැටයකින් ආයෙමත් බෙල්ට් එක ගැටගසා මෝටරය ස්ටාට් කරති.
කිසිත් නොදොඩා එතැනින් නික්මුණු මහැදුරුවරයා පසු දිනක තම දෙසුමකදී මේ සිද්දිය ගැන කතා කර තිබුනේ අපේ සිසුන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ මුලික සිද්දාන්ත ගැන සැලකිලිමත් නැති බව සිනහමුසුව පවසමිනි.
1990 දී පමණ අපට 1970දී සිසුන්ට දුන් ඔහුගේ දේශන සටහන් වගයක් හමු වුනේය . ඒ සටහන් ඔහුගේ අලුත් දේශන සටහන් සමග සසඳා බැලුවෙමු . කිසිදු වෙනසක් නැත. ඔහු පවතින ලෝකය සමග අලුත් නොවන ගුරුවරයෙක්දෝයි අපට සිතිනි, නමුත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ ඔහු ඉගැන්වූ මුලධර්ම එහෙම නිතිපතා වෙනස් වෙන ආකාරයේ ඒවා නොවන බවත් හැම දේටම වඩා වැදගත් වන්නේ මුලික සිද්ධාන්ත ටික හරියටම ඔලුවට දමා ගැනීම බවත් අපට වැටහුණේ ඉන් කලකට පසුවය. අනික වෙසක් කූඩුවේ කතාව නිසා ඔහු මගතොට දකින දේ තම ඉගැන්නුම් සඳහා හෙමිහිට එකතුකර ගත් බව පෙනේ.
නිල්ල දිලෙන හන්තාන කඳුවැටිය හා සොඳුරු මහවැලි මිටියාවත සමග ඈඳුණු සරසවි බිමේ ලොකු කුඩා මංමාවත්වල හා පුළුල්ව වැතිරුණ තණ පලස්වල සෑම බිම් අඟලකම ඇති සොබා අසිරිය ඔහුට මග හැරුනේ නැත . එහෙත් මේ කලාතුරකින් බිහිවන විද්වතාගේ චරිතයේ සමහර කොටස් අපට මගහැරුණා කියා සිතෙන්නේ හේතු කීපයක් නිසාය.
පළමුවන්න මේ අපූරු පුද්ගලයාගේ සරල ජීවන රටාවෙන් යමක් ඉහගෙන ගන්නවා වෙනුවට අපේ ජීවිත මහා සංකීර්ණ පටලැවිල්ලක් කර ගැනීමය. දෙවැන්න අපේ සිත්වල පැලපදියම්ව තිබූ පූර්ව නිගමන නිසා ප්‍රමාණවත් තරමින් ඔහුට ලං වීමට නොහැකිවීමය. තුන්වැනිව ඔහුගේ ව්‍යක්ත ඉංග්‍රීසි දැනුමත් සන්නිවේදන හැකියාවත් උකහා ගන්නට බැරි වීමය.
සුප්‍රකට ජෙට් එන්ජිමේ කතාව, කම්පන න්‍යාය සම්බන්ධව කරන ලද පර්යේෂණ නිසා ලෝක පුජිත වීම, අතිදක්ෂ ගුරුවරයෙකු වීම ආදිය සහිත සංකේතාත්මක රූපකයක්, ඉතා හොඳ සරල අහිංසක මිනිසෙක් ආදී ලෙස බොහොම පැතලි ආකාරයෙන් ඔහුගේ චරිතය විග්‍රහ කරන්න බැරි බව මට සිතෙයි.
මහාලිංගම්' නම් චරිතය බිහි වී ඇත්තේ පෙරදිගින් ගත් සරලකම හා අල්පේච්ඡතාව මෙන්ම බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි. මේ දේවල් සියල්ල ඔහුට දායාද කළ පෙරදිග ලෝකයටත් බටහිර ලෝකයටත් ඔහු වටිනාකමක් එකතුකර නික්ම ගියේය.
තවම අප කියවා ඇත්තේ මේ මහා චරිත කතාවේ හැඳින්වීම පමණක් බව මට සිතේ .
******************
පසු වදන-ජෙට් එන්ජිමේ කතාව
පේරාදෙණිය ඉංජිනේරු පීඨ ආලින්දයට ගොඩවන විටම දක්නට ලැබෙන අභිමානවත් දර්ශනයක් වන්නේ අධ්‍යයනය සඳහා කොටස්කර සකසන ලද ජෙට් එන්ජිමකි. මෙය මහැදුරු මහලිංගම්ට රෝල්ස් රොයිස් සමාගම විසින් පරිත්‍යාග කරන ලද්දක් බව බොහෝ දෙනා අසා ඇති කතාවකි . මේ කතාවෙන් තවදුරටත් පැවසුණේ එකී සමාගමේ ජෙට් යානා එන්ජින්වල තිබූ කම්පන දෝෂයක් මහැදුරු මහලිංගම්ගේ උපදේශකත්වය නිසා විසඳාගත් වගත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුට රෝල්ස් රොයිස් කාරයක් තෑගී කරන්නට සැරසුනද එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ අප මහැදුරුවරයා ඒ වෙනුවට ඉංජිනේරු සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා හැකිනම් ජෙට් එන්ජිමක කැපූ ආකෘතියක් ලබා දෙන ලෙස දැන්වීම නිසා එය ලැබුණු බවත්ය .
එහෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සබාපති නිව්ටන් වික්‍රමසුරිය ලියා ඇත්තේ තමන් මහැදුරු මහලිංගම්ගේන්ම අසා දැනගත් පරිදි ඒ කතාව බොරුවක් බවත් සැබවින්ම සිදුවුයේ මහැදුරු මහලිංගම් විසින් රෝල්ස් රොයිස් සමාගමට පේරාදෙනි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කෙරෙන අධයයන කටයුතු පිලිබඳ ලියා යවා හැකිනම් ඉවත දමන ලද ජෙට් එන්ජිමක හරස්කඩ මොඩලයක් ලබා දෙන ලෙස ඉල්ලූ බවය. රෝල්ස් රොයිස් සමාගම ඊට කැමැත්ත පළකළ අතර පේරාදෙණිය සරසවියේ වියදමින් නැව්ගාස්තු ගෙවා එය මෙරටට ගෙන්වාගෙන තිබේ .
කෙසේ වෙතත් එකී ජෙට් එන්ජිම අපට දැක බලාගන්නට ලැබී ඇත්තේ මහැදුරු මහාලිංගම්ගේ කැපවීම නිසාය. අනෙක් අතට ඔහු ගෙවූ සරල නිහතමානී දිවිපෙවෙත නිසා ඔහු රෝල්ස් රොයිස් කාරයක් ප්‍රතික්ෂේප කරා යයි කීවද පුදුම වෙන්නට දෙයක් නැත.
Photo Source: puaan.org