Sunday, June 23, 2013

කැකිල්ලේ සීයාගේ සතුට

අපේ ගමේ  නාට්යයක කැකිල්ලේ රජ්ජුරුවන්ට රඟ  පෑ  කන්දේ  සීයාට ගමේ කවුරුත් කිව්වේ කැකිල්ලේ සීයා  කියායකලාවේ නියැලෙන උනන්දුව  තිබුණ ගමේ බොහෝ දෙනා වෙසක් නාට් හා ටීටර් වලට උද්යෝගයෙන් සහබාගි වුහ 
කැකිල්ලේ සීයා  පත්තර පොත් පත් කියවන්නටද  බෙහෙවින් ආසා  කළේය.උදේම පාර අද්දරට එන ඔහු නගරය   දෙසට යන කාට හෝ රුපියලක්  දෙකක් දෙන්නේ පත්තරයක් සමග සුරුට්ටු  මිටියක් හෝ දුන්කොලයක් ගෙන්වා ගැනීමටය
 සතුට හා සිත්තර පත්තර එලි දුටු කාලයේ සිට කැකිල්ලේ සීයාට  චිත්‍ර කතා පිස්සුව හැදුනේය . ඔහු නගරයට පයින්ම ගොස් උණු උණුවේ සතුට හෝ සිත්තර පත්තරය මිල දී ගත්තේයමගදී හමු වන කා සමගත් වික්‍රමගේ මංජු ගැනත් වීර තීසියස් හෝ ටෝගා මුහුණ දුන්  අකරතැබ්බයක් ගැනත් කතා කළේය . පාරේ තොටේ හමු වන කුඩා වුන්ගෙන් පවා ලබන සතියේ දේදුනු හා කැලුම්ගේ ඉරණම මොකක් වේදෝයි විමසුවේය. චිත්‍ර කතා පත්තර නිසා  ඔහු පමණක් නොව ගමේ අකුරු කියවන්නට පුළුවන් තව බොහෝ දෙනෙකුට  අමුතු උද්යෝගයක් ඇති වූනේ පසු කලෙක රුපවාහිනිය හඳුන්වා දුන් විට ඇති වූනාටද වැඩි ප්‍රමාණයකිනි
අපේ කුඩා පාසලේද ළමුන් අතර චිත්‍ර  කතා පත්තර හුවමාරු වුයේ පිටු දෙකේ කොටස් වශයෙනි . ළමුන් පණක් නොව ගුරුවරුන්ද  ඒවා ආශාවෙන් රස වින්දෝය. එත්  මේ අලුත් පුරුද්ද නිසා ළමයින් සංකර වී නොමග යාවි යැයි මතුවුණු කතා බහ නිසා කල් යැමේදී ඉස්කෝලෙට  චිත්‍ර  කතා පත්තර ගෙන එම සපුරා තහනම් විය..
 දවසක්  විවේක කාලයේදී ගුරු තුමියක් ඉරිදා පත්තරේක ශාස්ත්රීය අතිරේකයක් කියවමින් සිටියේ , තවත් ගුරුතුමියන් කිහිප දෙනෙකු සමග කතා කරමින්මයඇය බිත්ත්තියට හේත්තු වී පත්තරය බලමින් සිට්යාය.ඇයගේ මුහුණ දෙස මම බලා සිටියෙමිඇය වරෙක සිනා සුනායවරෙක මුහුණ ශෝකයෙන් පුරවා ගත්තායවිටෙක  විශ්මයෙන් පත්තරයට නැවත එබී ඔහේ බලාගෙන සිටියාය.අපේ ගෙදරදී මා කියවන්නට උත්සහ කර අතහැර දැමු මේ නීරස අතිරේකය ඇය මේ තරම් රස විඳින්නේ කෙසේද ?ඇය  ඊළඟට අසල සිටි අනිත් ගුරුවරියට පත්තරය දුන්නායඇයගේ හැසිරීමත්  විදිහමයතුනේ පන්තියේදීත් මගේ කුතුහලයේ සීමාවක් නැති වූ නිසා මට තවත් ඉවසා සිටින්නට බැරි වියමම වහාම පත්තරය බලමින් සිටි ගුරුතුමිය ලඟට ගොස් ඇයගේ අතේ එල්ලී මේ තරම් රසවත් ලිපිය මොකක්දය් බැලුවෙමි .
මාගේ කමකට නැති කඩා  පාත් වීමෙන් කලබල  වූ    අතින් විශාල ඉරිදා පත්තරය ඇතුලේ තිබු තවත් කුඩා පත්තරයක් ලිස්සා  බිමට වැටුණි .  සතුට  පත්තරයයි
සතුට පත්තරේ මංජු බට්ටි ඇතුළු මා වඩාත් ආශා කල චිත් කතා රැසක් නිර්මාණය කළ  ' වික්‍රපසු ගිය සතියේ මිය ගිය බව ආරංචි වු විට මට මේ සියල්ල බොඳ වූ මතකයන් අතරින් ගලපා ගන්නට පුළුවන් විය.

3 comments:

  1. ඒ කාලේ චිත්‍ර කතා කියවන එක මහා අපරාධයක් වෙලා තිබ්බේ. මාත් බැලුවේ හොරෙන් දැන් ආසාවටවත් එක චිත්‍ර කතා පත්තරයක් නැහැ.

    ReplyDelete
  2. මං 2012 පොත් ප්‍රදර්ශනයේ කැමිලස් ප්‍රකාශන කුටියෙන් ගජමෑන්, සිරිබිරිස් වගේ පොත් කීපයක් ගත්තා!

    ReplyDelete
  3. අපි පුංචි කාලෙ තාත්තගෙ තාත්තා කඩයක් කළා.. ඒ කඩේට චිත්‍රකතා පත්තර ගත්තා... ඉතින් මටත් පත්තර බලන්න අවස්ථාව ලැබුණා.. අම්මා දේදුනු කැලුම් කතාව එකතු කරල තිබුණත් මතකයි....

    පත්තර බලන් චිත්‍ර අඳින එකත් ඒ කාලෙ මගෙ විනෝදාංශයක්...

    ReplyDelete