Sunday, April 19, 2015

අර අපූරු ෆෙල්ට් පෑන

නගාමී එඩ්වින් ඕල්ඩ්රින් සමග රුසිරු(walesonline)
ඳ ගැන ලියවී ඇති අනන්ත කවි අතරේ අපූරු පුංචි කවියක් මට හමු විය.ඒ කවිය නොබෝදා පළවූ කවි පොතක තුබුණකි. පොත කියවන්නට මග බලා සිටි මට පොත ලැබෙන්නට පෙරම එහි පළ වී තිබු කුඩා පැදි  තුනක් ඊ තැපෑලෙන් ඒවා තිබිනේ කවියාගේ මව විසිනි. ඔහු අමුතුම ඇසකින් ලෝකය දකින කවියෙකි . හඳේ  ඉන්නා  හාවා ගැනත්, රන්තැටියෙන් බේරෙන පැණි බින්දු ගැවත් කියවන වයසේදීම  ඔහු සඳ මඩල ජයගත් මිනිසුන් ගැන සොයා බලන්නට උනන්දු වුනේය.
මේ කියවන ලැයිස්තුව කුමක්දැයි ඔබට පසක් වෙන්නට එතරම් වෙලාවක් ගත නොවනු ඇත.

1. සඳවතින් ගත් පස් මිටක්
2 වෙඩි බෙහෙත් ගඳ මුසු අමතර මේස් යුවලක්
3 බියපත් විට තුරුලට ගන්නට ටෙඩි බෙයාර් කෙනෙක්
4. නොසිතු අකරතැබ්බයකදී පිහිටට එන අර අපූරු ෆෙල්ට් පෑන
5. පින්තූර ගැනීමට හැසල්බ්ලඩ් කැමරාවක්
6. පොඩි පොඩි දේ කර ගැනීමට පරණ ආයුධ පෙට්ටිය
7.රැවුල බෑමට හොඳින් කැපෙන රේසරයක්  
8.සතුටින් වැනීමට ඇමෙරිකන් කොඩියක්
9. සුබ පැතුම් පතක්
10. 'මහා හුදෙකලාවක' පොත

මේ රුසිරු තාරණ  කොඩිතුවක්කු නම් වූ එකොලොස් හැවිරිදි කවියා ඉංග්‍රීසියෙන් ලියු පැදි පෙළක මගේ රළු  පරිවර්තනයයි. මෙන්න රුසිරුගේ කවිය:
Ten Things Found in Buzz Aldrin’s spacesuit.
1.     A specimen of lunar rocks,
2.     And a spare pair of smelly socks.
3.      A teddy for cuddling whilst in terror,
4.   And a felt tip pen for an unexpected error.
5.     A Hasselblad camera for taking pictures,
6.      And a rusty toolbox for making fixtures.
7. A sharp razor for shaving,
8. The US flag for waving.
9. A card saying congratulations,
10.            And a copy of the Magnificent Desolation.
එක්සත් රාජධානියේදී ළඟදී පල වූ රුසිරුගේ කවි පොතේ  පළවූ එක කවියකි ඒ . පොතේ රචකයා සිය ප්‍රියතම විද්වතා වූ එඩ්වින් ඕල්ඩ්‍රින් ගගනගාමී  ඇඳුමේ තිබුනා යැයි චිත්ත රුප මවා ගත් අංගෝපාංග දහයක් ගැන ලියු හැටි එහෙමය. මේ කවිය ලියන්නට කලින්  එඩ්වින් ඕල්ඩ්‍රින්  පුද්ගලිකව මුණ ගැසීමටද පුංචි කවියාට වාසනාව ලැබුණි. ඒ ප්‍රථම සඳ ගමනේ 45 වන සංවත්සරය නවෙනුවෙන් ඕල්ඩ්‍රින් ලන්ඩන් නුවර කළ  සංචාරය අතර වාරයේය.
 මේ කවියේ එන අංගෝපාංග හැම එකක්ම පිටුපස රුසිරු විසින් කියවූ අපූරු තොරතුරැක්   හෝ කතන්දරයක්ද වෙයි. මා දන්නේත් ඉන් එකක් දෙකක් පමණි. මුල්ම සඳ ගමනට එකතු වූ ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන්ග් , එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන තිදෙනා අතරින් සඳ මත පා තැබීමට වාසනාව ලැබුනේ ආම්ස්ට්‍රෝන්ග් හා ඔල්ඩ්රින්  දෙදෙනාට පමණකි.  සිය සගයන් දෙදෙනා සඳ මත පා තබන ඉතිහාසගත මොහොත වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කරමින්  ඔවුන් නැවත පැමිණෙන තුරු සඳ වටා  කක්ෂ ගත වී තිබු කොලොම්බියා උප යානයට වී මග බලා සිටින්නට  මයිකල් කොලින්ස්ට සිදුවිය.

සඳ මත පා තබා ආපසු එන ගමනේදී කුඩා ඊගල් යානය  පිටත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යානයේ  සර්කිට් බ්රෙකරයක් කැඩී  ගියේය. තව පොඩ්ඩෙන් ඉතිහාසය වෙනස්කරමින් ගගන ගාමීන් දෙදෙනාගේ ජීවිත පාලු සඳ මඩලේ අවසන් වෙන්නට ඉඩ තිබිණි. එහෙත් එඩ්වින් සතුව තිබු ෆෙල්ට් පෑනේ  උදව්වෙන් යානය නැවත පණ  ගන්වාගෙන සඳ මතින් නික්මී කොලම්බියා යානය හා එක වීමට අපේ ගගනගාමීන් දෙදෙනාට හැකි විය. මේ නිසා රුසිරුට මෙන්ම මානව සංහතියටම එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ ෆෙල්ට් පෑන අගනා සමරුවකි.
ඒ විතරක්ද ඔහුගේ  රේසරය!. නීල් ආම්ස්ට්‍රෝංග්ට පසු තව නොබෝ වෙලාවකින් සඳ මත පා තැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඕල්ඩ්‍රින් තනිවම මුමුණන හඬ හුස්ටන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි කාටත් ඇසුනි.
 ' හඳට බහින්න කලින් රැවුල බා ගන්න ඕනි'

ඉතින් ඕල්ඩ්‍රින්ගේ රේසරය කවියෙකුට කවි නිමිත්තක් නොවන්නේද?
හඳ   මත පා තැබූ  ගගනගාමීන් හඳේදී දැනුණු පරණ වෙඩි බෙහෙත් ගඳක් ගැන කියා  ඇත. සමහර විට රුසිරු  smelling socks ලෙස ලියා ඇත්තේ මේ ගඳ ඇති  මේස්  දෙක වෙන්නට ඇත.

ආපසු නික්ම යද්දී නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් යානයේ ඉහළ  නගින  මට්ටම් ආදී ශුක්ෂ්ම තොරතුරු ගැන කරදර වෙද්දී එඩ්වින් ඕල්ඩ්‍රින් බලා සිටියේ යානයේ පිටාර දුම වැදී ඇමරිකානු කොඩිය සඳ මත හොඳින් ලෙල දෙන ආකාරයයි. ඉතින් ඒ ඇඳුමේ තිබුණු ඇමෙරිකානු කොඩියේ සලකුණ රුසිරුගේ සිත් ගන්නටත් ඇති.

මොන ආකාරයෙන් අභිමානයට පත් කරනු ලැබුවද මේ ගගන ගාමීන් මුහුණ දුන් අවදානමේ තරම  තේරුම් ගැනීමට අපහසු තරම් සංකීර්ණය. සමහර විට නීල් හා එඩ්වින් දෙදෙනාම දී පෙරලා නොඑන්නටද ඉඩ  තිබුණි. ඒ නිසාම ඇමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සෝන් සිය ජයග්‍රාහී කතාවට අමතරව ශෝකය ප්‍රකාශ කිරීමේ කතාවක්ද සුදානම් කරගෙන තිබූ  බව කියවෙන්නේ.
ගගනගාමීන් එසේ තනිවී මිය යන්නට ඉඩ   තිබූ  හුදෙකලා විශ්වීය පාළුව රුසිරුගේ  කවියේ අවසන් පදයෙන් කියවෙතැයි මට සිතුනි. එය ඕල්ඩ්‍රින් විසින් ලියන ලද ' Magnificent Desolation' කෘතිය කියවන්නට පෙළඹුමක්ද  වෙයි.  
 මේ රුසිරුගේ පොතේ එන තවත් කවි දෙකක් .

The Universe
The universe is everlasting,
Sometimes it is flabbergasting,
To the past you can travel,
Mysteries you might unravel,
Sometimes things are curiously magic,
Sometimes things are very tragic,
In time when we come to the brim,
Big Bang Two might begin.

I am a snake in captivity
I live in the busy, boring, dangerous city,
People goggle at me when they go past, 
saying “oh, look at that snake isn’t it vast,”
The zoo-keepers only give me a dead mouse to eat,
Even though I deserve rather finer meat,
Why would they do this to a cobra this fine?
If they replaced me in the jungle the pleasure would be mine,
I know that I was a talented thief, 
but as they say anyone can turn over a nice, new leaf.



මේ ආදී වෙනස් , නැවුම් මාතෘකා ඔස්සේ චිත්ත රූප මැවූ කුඩා කවියාගේ කුළුඳුල් කවිපොත දොරට වැදීමේ උළෙල ඉතා සාර්ථක එකක් වූ බව දැන ගන්නට  ලැබිණි.


කවුරුත් ගෙයින් එලියට බහින්න හිතෙන්නේ  නැති යුරෝපයේ රුදුරු කුනාටු සහගත හීගොතුව උහුලාගෙනම  11 හැවිරිදි රුසිරුගේ පොත දොරට වඩිනා උත්සවයකට 140ක් විතර ආවා කියා අසු විට මට දැනුනේ පුදුම සතුටකි.. මේ පොත් දොරට වැඩුම තිබ්බේ පහුගිය මාර්තු 29 වැනිදා හන්දෑවේදීය.අමුතුම අද උදහස්වලින් ලෝකය දකින කුතුහලයෙන් පිරුණු දරුවෙක් වශයෙන් කාලයක් තිස්සේ ඔහු ලිව්ව කවි දෙස බලා සැනසුණු ඔහුගේ දෙමව්පියෝ  රුසිරුගේ පළමු පොත එලි දක්වන්නට වෙහෙස මහන්සිව වැඩ කලෝය. සතුටුදායක ප්‍රවෘත්ති අඩු මේ කාලේ මෙවැනි සිතට සැනසුම් දෙන යමක් අහන්න සැලැස්සු ඔවුන් දෙදෙනාටද අපේ ස්තුතිය හිමි විය යුතය .

රුසිරුගේ My Universe හෙවත් 'මගේ විශ්වය' පොත දොරට වැඩි දා රුසිරුගේ පාසලේ විදුහල්පතිනිය විසින් කියූ කතාවකින් කොටසක් walesonline වෙබ් පිටුවෙන් උපුටා සිංහලට පෙරලා ලියන්නට   කැමතිය.
' ඔහුගේ අලුත් කවි නිර්මාණ බොහෝ විට අපි ගුරු විවේකාගාරයට ගෙන ගොස් කියවනවා. ඒවා මුලින්ම කියවන්නට අප අතර තරගයක් ඇති වන්නේ එවිටයි'

( රුසිරු කොඩිතුවක්කු  හිතවත් ලේඛිකාවක වන මදාරා  සරසිගේ ආදරණීය පුතනුවන්. කුඩා කාලයේ සිට සිංහලෙන් නොයෙක් ලිපි ලේඛන ලියන ඇය  විදුසර පුවත්පතේ යාවජීව ලේඛිකාවකි. රුසිරුගේ පොත සරසවි  , විජිත යාපා ඇතුළු ප්‍රධාන පොත් හල්වලින් ගන්නට පුළුවන)

51 comments:

  1. ගොඩක් දක්ෂ වගේම අලුත් විදියට ලෝකය දකින දරුවෙක්,,, ඔහුගේ අනාගතය ඉතාම විශිෂ්ට එකක් වනු ඇත.

    ස්තුති අයියේ අපිත් එක්ක මේ තොරතුරු බෙදා ගැනීම ගැන,,
    නීල් ආම්ස්ට්‍රෝන් ලා ඇත්තටම හඳට නොගිය බවයි ලෝකයා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. / නීල් ආම්ස්ට්‍රෝන් ලා ඇත්තටම හඳට නොගිය බවයි ලෝකයා කියන්නේ.. /

      මොන ලෝකයෙක්ද බං?..කොහෙ ඉන්න ලෝකයෙක්ද? ඔය මඩ ගහන්නෙ තනිකරම ඊස්‍රායල් කාරයො.

      දන්නවද හේතුව?..... නීල් ආම්ස්ට්‍රෝංලා පොඩි කාලෙ පොතට බඩු අරගෙන තියෙන්නෙ එයාලගෙ ගෙවල් ගාව හන්දියෙ කඩේකිං. ඒකෙ අයිතිකාරයා අරාබිකාරයෙක්...අන්න ඒක තමයි හේතුව...දන්නෙ නැත්තං දැනගං අදවත්...

      Delete
    2. // ඔය මඩ ගහන්නෙ තනිකරම ඊස්‍රායල් කාරයො. // ඊශ්‍රායල් කියලා ලියන්නේ මෙහෙම හොඳේ

      (අපේම නයි අපිවම කයි)

      Delete
    3. එහෙම ලිව්වට ඒක වැරදියි. " Israel "... ඒ වචනෙ හරියට ශබ්ද කරන්නෙ " ඊස්‍රායල් " කියල. අන්න " Ishrael " කියල තිබ්බනම් " ඊශ්‍රායල් " කියල ලිව්වම හරි.

      ( නෛ කෛද රෝස් පාං )

      Delete
    4. ඇත්තටම අයියේ ඔය දෙකම වැරදි ישראל කියන මේ වචනය හරියටම ශබ්ද වෙන්නේ ඔය මුලින්ම තියෙන "යුද්" අකුරයි "සේන්" අකුරයි එකට එකතු වුණාම එන්නේ ඉස් කියලා "රේස් + ආලේෆ්+ එකතුවුණාම "රයේ" අන්තිමට තියෙන්නේ "ලාමෙද්" යුදෙවුවන් ශබ්ද කරන්නේ "ඉස්රයෙල්" කියලා,, මොකද හිබ්රු කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා පරණ භාෂාවක්. ඉංග්‍රීසියේ තියෙන සමහර වචන හිබ්රු භාෂාවෙන් ගත්ත ඒවා.

      Delete
    5. ඔව්..ඔබ හරි..වචනයක් අපි උච්චාරණය කරන්න ඕන ඒ වචනය අයත් මව් භාෂාවෙන් ශබ්ද වෙන ආකාරයට. එහෙම නිවැරදිව උච්චාරණය කරන්න අවශ්‍ය ස්වර අපේ භාෂාවෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ අපිට හැකිවිදිහට උච්චාරණය කරන්න වෙනව.

      Delete
    6. හ්ම්ම්,, දෙයක් කියන්න අමතක වුණා, හිබ්රු කියවන්නේ වමේ සිට දකුණට.

      ස්තුති ගුරු ජි

      Delete
    7. නෑ බොල..හීබෲ කියවන්නෙ දකුණේ සිට වමට..අරාබි භාෂාවත් එහෙමයි.

      පලි - අහුවුනා කියල කියන්න එහෙම ඔට්ටු නෑ හොඳද?..:)

      Delete
    8. හි හි ඔයාගෙන් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියේවී තව ඉස්සරහටත්..

      ඔව් ඒක මගේ වම දකුණ මාරුවීමේ මිස්ටේක් එකක් මෙවුවා වීමක් . ස්තුති

      Delete
    9. ඔව් අපුර්වී ඔහු දක්ෂ දරුවෙක්. නීල් ආම්ස්ට්‍රොන්ග්ලා හඳට ගියා කියල තමයි මම විශ්වාස කරන්නේ . රවිට තිබ්බ ප්‍රශ්නේ මටත් තිබ්බා. ඔය කියන ලෝකයා කොහෙද ඉන්නේ ?

      Delete
    10. //වචනයක් අපි උච්චාරණය කරන්න ඕන ඒ වචනය අයත් මව් භාෂාවෙන් ශබ්ද වෙන ආකාරයට. එහෙම නිවැරදිව උච්චාරණය කරන්න අවශ්‍ය ස්වර අපේ භාෂාවෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ අපිට හැකිවිදිහට උච්චාරණය කරන්න වෙනව//රවී මේක අපි බොහෝ විට කරනවා නේද ?හැබැයි ඉන්දියාවේ මෝදිට ලංකාවෙදි මෝඩි කියන එකනම් තේරුම් ගන්න අමාරුයි

      Delete
  2. රුසිරුගේ කවිවල ඔටුවෙක් ගැන එහෙම කියවෙන්නෙ නැද්ද කොතනකවත්?
    නෑ මං ඇහුවෙ ඔය හඳට ගියාය කියල කියන්නෙ කොහෙදෝ කාන්තාරෙක කරපු ෂූටින් එකක් කියලත් කියනව නොවැ

    ReplyDelete
  3. අපූරු පොඩි එකෙක් ... කවි වල නව මානයක් වගේ නැවුම් ගතියක් තියෙනවා මේ කවි වල ..
    හඳ ගමන ගැන ඉස්සර ආසාවෙන් කියවල කවද හරි හඳට යන්න හීන දැකපු හැටි මතක් වුණා .
    සුබ අනාගතයක් රිසිරු මල්ලි / පුතා :)

    ReplyDelete
    Replies
    1. පැතුම්, දවසක හඳට යන්න ඕනි කියල මාත් හිතුවා

      Delete
  4. අම්මගේ ආභාශය නොඅඩුව ඇවිත් තියෙන හැඩයි.. මට හිත ගියේම අර දෙවෙනි තුන්වෙනි කවි වල එළිසමය රැකල තියෙන අපූරුවට.
    can travel- unravel, magic- tragic, past- vast, eat- meat, fine- mine, thief- leaf :)

    පින්තූරයත් එක්ක දාල තියෙන ඩිස්ක්‍රිප්ශන් එකේ ඉසුරු කියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කලන, අර මිස්ටේක් එක හැදුවා එදාම. උත්තර ලියන්න පරක්කු වුනා

      Delete
  5. http://www.smithsonianmag.com/smart-news/moon-smells-gunpowder-180952494/?no-ist

    ReplyDelete
  6. මේ වගේ සත්තරන දරුවෝ තමයි මේ ළෝකේ වෙනස් කරන්නේ...

    මමත් පොඩි කාළේ ඉඳන්ම වෙනස් විදියට හිතන්නේ.. ඒ දේ ඇප්‍රිසේට් කොලේ, අම්මයි තාත්තායි ගුර්වරු දෙන්නෙකුයි විතරයි.. කරුමෙට ඒ ලියපු දේවල් එකක්වත් නෑ.. පෙර පිනකට බ්ලොග් අවකාශය හම්බ උනේ.. බ්ලොග් ලියන උන්ගෙන් මේ වගේ දෙන්නෙක් ඉන්නවා.. හැබයි දෙන්නම කෙල්ලෝ... ඒ බස්සි හා කුවේණී..

    ReplyDelete
    Replies
    1. ඔව් ලෝකය වෙනස් කරන්නේ මේ විදිහට වෙනස් විදිහට හිතන දරුවෝ තමයි.
      වෙනස් විදිහට හිතන අයට ලියන්න බ්ලොග් කියා දෙයක් තිබීම හොඳ අවස්තාවක්.

      Delete
  7. අවුරුදු එකොළහක දරුවෙක් විදියට රුසිරු හැබෑ දක්ෂයෙක්. ස්තූතියි තිලකසිත ලබාදුන් ඔත්තුවට. කියවිය යුතුම පොතක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සි පොත හොයාගෙන කියවන්න. අපි මේ වගේ දරුවන් දිරි ගන්වන්න ඕනි

      Delete
  8. වෙනස් වූ දැක්මක් අලුත් යමක් හොයා ගන්නවා නිසැකයි..... පුරුදු විදිහට ලෝකය දකින් දාහකට වැඩිය වෙනස් විදිහට ලෝකය දකින ඒකෙක් වටිනවා..... ඔහුට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. හොඳ කුසලතාවත්, වෙනස් වූ දැක්මක් , නොනවතින උත්සාහයත් සමග ඔහුට දෙමව්පියන්ගෙන් හොඳ මග පෙන්වීමකුත් ලැබීම නිසා ඔහු වාසනාවන්තයි

      Delete
  9. මේ අවුරුදු එකොලහක පොඩි එකෙක් කියලා මට හිතුනෙම නෑ මුලදි. උඹ ගන්න හදලා අතෑරලා දාපු එළිසමයත් නොයමෙට තියෙනවනේ පොඩි එකාගේ කවියේ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු ලස්සනට එළිසමය රැකලත් තියෙනවා . කියන්න ඕනි අදහස් ටික කියලත් තියෙනවා. ඇත්තෙන්ම ඩුඩ් මම එළිසමයත් තියාගෙන පරිවර්තනය කරන්න උත්සහ කලේ නෑ . ඒකට මම දක්ෂ නෑ කියල හිතුනා

      Delete
  10. වෙනස්ම ඇහැකින් ලෝකය දකින පුංචි පැංචෙක්...

    ස්තූතියි අපිටත් මේ තොරතුරු කිව්වට. පොත කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පොත කියවන්න තුෂානි . තව හොඳ කවි ගොඩක් ඇති ඒකෙ

      Delete
  11. 1969 ජූනි 20...අපේ තිබ්බ පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ මමත් ඇහුව සඳට පාතැබීම සජිවී විස්තර ප්‍රචාරය...The Eagle Has Landed...ඒ පොඩි එකා කාලෙ ඒ ගැන ඒ හැටි වැටහීමක් තිබ්බෙ නෑ. ඒත් ඊට අවුරුදු හතකට වගෙ පස්සෙ.........හරි ඒ ඇති සඳ ගමන ගැන...නැත්තං...හෙහ්,හෙහ්,...

    මම ආවෙ මේ රුසිරු ගැන කතාකරන්ට නෙව..බොහොම දක්ෂ දරුවෙක්..ඒ වගේම අපූරු කවියෙක්...විශ්වය ගැන රුසිරුගෙ සංකල්පනාවට මමත් මුලු හදින්ම එකඟයි!

    ස්තූතියි තිලක්..පොත කියවන්නට ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි රවී ඔය නීල්ලා ඉසේල්ලාම හඳට ගිය දවසේ, අපේ රටේදී වෑර්ලස් එකෙයි ගමේ ගොඩෙයි අහන්ට දකින්ට ලැබුණු දේ එකතු කරලා පෝස්ට් එකක් ලියමුකො

      Delete
  12. ඉස්සෙල්ලා කියන්න බැරි වුණා , දැක්ක හැටියේ පෙවුනේ රුසිරු ෆොටෝ එක අරන් තියෙන්නේ එඩ්වින් ඕල්ඩ්රින් මහත්මයගේ ඉටි පිළිමයක් එක්ක කියලා,, එයා හරි සද්ධන්ත මනුස්සයෙක්.

    ReplyDelete
  13. රුසිරු පුතා ගැනත් එයාගෙ කවි ගැනත් දැනගන්නට ලැබීම සතුටක්.. සුබ පැතුම් පුතේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුමට ඔහු සතුටු වේවි

      Delete
  14. Replies
    1. තාමත් පුංචි පහේ පැන්චෙක්

      Delete
  15. අපූරු කොළුපැටියෙක්.. සුභපතනවා... තව එකක් ඇමරිකානුවෝ එඩ්වින් ඕල්ඩ්‍රින් කියල නෙවෙයි බොහෝ වෙලාවට කියන්නෙ buzz ඕල්ඩ්‍රින් කියල.. අක්කලා දෙන්නා බ්‍රදර් කියන එක පොඩි කාලෙ බසර් විදියට කියපු වචනෙ දිගටම "බස්" විදියට හුරතල් නම විදියට භාවිතාවට ඇවිත්... මම දන්න විදියට සඳ ගමනෙ තුන්දෙනාගෙන් "අති දක්ෂයා"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා මේ තොරතුරුවලට

      Delete
  16. //ඉතින් ඕල්ඩ්‍රින්ගේ රේසරය කවියෙකුට කවි නිමිත්තක් නොවන්නේද?//

    කවි නිමිති කියලා දේන රුසිරු හරිම හපනෙක්...:D

    ReplyDelete
    Replies
    1. නැවුම් මානයක කවි නිමිති නේද පොඩ්ඩි

      Delete
  17. Replies
    1. ස්තුතියි අජිත්. දැන් නෙලුම්යාය බලන අයත් රුසිරු ගැන දැන ගනීවි

      Delete
  18. ඔයාගේ බ්ලොග් පොස්ට් මට මිස් වෙනවා. මගේ බ්ලොග් රෝල හරියට අප්ඩේට් වෙන්නේ නෑ.

    පොඩි එකාගේ කවි ටික සිංහලට පරිවර්තනය වුණා නම්, සිංහලෙන් කියවන ලංකාවේ පොඩි එවුන්ටත් කියවන්න හැකි වෙයි. මේ පොත අපේ පොඩි එකීට දෙන්න ඕනේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක . ඒත් මේ වර්ගයේ ඉංග්‍රීසි කවි පරිවර්තනය කරනවාට වැඩිය හොඳයි ඉංග්‍රීසි කවිය එක්ක සින්හලෙන් විවරණයක්/පසුබිම් විස්තරයක් ලියවුනානම් නේද ?.

      Delete
  19. ඇත්ත සුදීකගේ යෝජනාව හොඳයි...ඉංග්‍රිසි බැරි පොඩි උන් ලංකාවේ කොච්චර ඉන්නවද?කවුරු හරි මේ වැඩේට මුල් වෙමු.පුංචි එකාව නං අගෙයි

    ReplyDelete
    Replies
    1. වත්සලා මේ පැත්තට ආදරයෙන් පිලිගන්නවා. කවි පරිවර්තනය ගැන මගේ අදහස ඉහලින් ලිව්වා

      Delete
    2. I should have done this weeks ago but I have been extremely busy! I hope you all would understand....So, I want to thank all of you for all of yours lovely comments for Rusiru. I am so touched! They all are really encouraging. Thank you so much. Rusiru also passes his gratitude to you all. With all the best wishes, Madara

      Delete