Source : telegraph.co.uk |
අද අපේ කණ්ඩායමේ හිටි ජපන් ජාතික උපදේශකවරයා කිහිපවිටක්ම 'ටුනලින්ජයි' කියන වචනය පාවිච්චි කළා . ටුනලින්ජයි මෙහෙම කිව්වා . ටුනලින්ජයි හදපු රිපෝර්ට් එක" වගේ ඒවා කියද්දී මම අපේ ඉංගිරිසි මිතුරාගෙන් ඒ කියන්නේ කුමක්දැයි ඇහුවා .
ඔය කියන්නේ ටනලින් ගයි කියන එක අපිත් එක්ක සිටි උමං ඉංජිනේරුවා හැඳින්වීමට එහෙම කියන බව මට වැටහුනා. බොහෝ ආසියාතුක උච්චරානවලදී ටනල් යන්න ටුනල් ලෙසත්, බල්ගේරියා යන්න බුල්ගේරියා ලෙසතු , ටර්කි යන්න තුර්කි ලෙසත් යොදනවා. අපිත් බොහෝවිට එහෙමයි. තුර්කි බසෙත් එහෙමයි . ටුනල් කියන්නේ උමගට. මේ වචන උඡ්ච්චාරන විදිහ නිසා ඉංග්‍රීසි බසෙන් කතාකරන කෙනෙක්ගේ වචනවලට වඩා ජපන් ජාතිකයන් සමග කරන කතා බහ තුර්කි ජාතිකයන්ට තෙර්නවා. ජපන් ඉංග්‍රීසි උච්චාරණය මට නොතේරුනාට තුර්කි ජාතිකයන්ට තේරෙනවා . මේ ප්‍රොජෙක්ට් එකේ කිලෝමීටර් බර ගානක් දුම්රිය උමං හදන්න තියෙන නිසා අපේ ටුනලින්ජයි වටිනා චරිතයක් . ලෝ පුරා උමං හැදීමේ තාක්ෂනය පුදුමාකාර විදිහට වැඩි දියුණුවෙලා තියෙනවා අද වෙනකොට.
2023 ඔක්තෝබර් 02
ලෝකේ ඕනිම වෙලාවක මිනිස්සු මිලියනයක් වගේ අහසේ ඉන්නවා කියල ගුවන් ගමන් ගැන උනන්දු මිනිස්සු කියනවා. අහසේ ඉන්න ගානට අඩු වුනත් තව ලක්ෂ ගානක් ඕනිම වෙලාවක පොළව අභ්‍යන්තරයේ ඉන්නවා. ඒ භූගත රේල්ලු , බස්, වෙනත් වාහන , පතල් ආදියේ විතරක් නෙවෙයි භූගත නිවාසවලත් මිනිස්සු ජිවත් වෙනවා . නැතිනම් ගමන් කරමින් හෝ තාවකාලික මෙහෙයුම්වල සිටිනවා . ඒත් අනාගතේ ඔය ප්‍රවනතාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ගමනාගමනය බොහෝ දුරට පොළව යටින් දිවෙන උමං මාර්ගවල වැඩිපුර සිද්ද වෙන්න ඉඩ තියෙනවා. ඇලන් ඔය කතා කිව්වේ අපි හදන අන්තර් මහද්වීපික දුම්රිය පාරේ යෝජිත උමං කොටසක් ගැන රැස්වීමකට ගිහින් එන ගමං .ඇමෙරිකාවත් යුරෝපයත් යා කරමින් මුහුදු යටින් ඉදි කරන්නට සංකල්පයක් වශයෙන් යෝජනා වී තිබෙන අන්තර් අත්ලන්තික උමග ගැනත් කතා වුනා. මේක ඩොලර් ට්‍රිලියනයකටත් වඩා වියදම් වෙයි කියල හිතන වරින් වර කතා වෙන මාතෘකාවක් . කිසිම රජයක් හෝ සංවිධානයක් නිල වශයෙන් එහෙම යෝජනා කළාදැයි දන ගන්නට නෑ . හැබැයි ඉතින් එහෙම දේවල් වෙන්න බැරි කමකුත් නෑ
2023 ඔක්තෝබර් 20
තුර්කිය හා ඉස්තාන්බුල් නගරය උමං මාර්ග ගැන ප්‍රසිද්දයි. ලෝකයේ දෙවැනි සබ්වේ එක හෙවත් භූගත දුම්රිය මාර්ගය හදල තියෙන්නේ තුර්කියේ .
බොස්පරස් සමුද්‍ර ඇළ මාර්ගය හරහා මුහුද ඇතුලෙන් යන උමං මාර්ග දෙකක් තියෙනවා. යුරේසියානු උමග හා මාර්මරේයි උමග තමයි ඒවා. ලක්නාවේ කොච්චිවල්ට නම්දානවා වගේ තුර්කියෙත් කෝච්චි පාරකට නමක් දල තියෙනවා. ඒ තමයි මාමරේයි . ඒ කියන්නේ මාමරේ මුහුද මැදින් යන කිරණය කියන එක .
කොහොම හරි අපටත් ඉදිරි අවුරුදුවල උමං හාරන්න තියෙනවා. කිලෝමීටර් පහක් විතර දිග දුම්රිය ලයින් දෙකක් යන්නට පුළුවන් මේ උමගක් හැදීමේ ක්‍රමවේදය හා ආරක්ෂක උපක්‍රම අවුරදු ගණක ඉඳන් සැලසුම් කරනවා. අර කිව්ව අන්තර මහද්වීපික උමං නෙවෙයි ගොඩ බිම ඉදිකරන කෙටි දුර උමං හැදීමේ ක්‍රම කීපයක් තියෙනවා. උපකරණ හා කුඩා පිපිරීම් යොදාගෙන කරන පරණ පන්නයේ උමන් හෑරීමේ ක්‍රමය දැන් පාවිච්චි වෙන්නේ නැති තරම්.
2023 නොවැම්බර්
ටනල් හාරන්න පාවිච්චි කරන TBM හෙවත් ටනල් බෝරින් මැෂින් ගැන කතා කරද්දී මට හොඳට හුරුපුරුදු ටනල් බෝරින් මැෂින් ගැන කිව්වා.
මම කටාර්වලදී කිලෝමීටර් නමයක් දිග මයික්‍රෝ උමගක් හදන කටයුත්තකට සම්බන්ධ වුනා. මේ කුඩා උමගේ විෂ්කම්භය මීටර් 2 .4 යි ඒක යන්නේ පොලොව මට්ටමේ ඉඳන් මීටර් තිහක් පහලින්. අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතරක් වහින කටාරයේ වැහි වතුර බැස යාමේ ස්වභාවික මාර්ග නෑ . මේ වැස්ස කියන්නේ සුළු ගංවතුර තත්වයක් . ඒ රටේ ගංගා නැති වුනත් ගංවතුර කියල තමයි කියන්න වෙන්නේ.
මේ වැහිවතුර එකතු කරන්න තමයි පොළව යටින් යන අර උමග හැදුවේ. වැහි වතුර සේරම මාර්ග කීපයකින් එකතු කරලා තරමක් පහළ මට්ටමක තිබ්බ ජලාශයක පුරවනවා. මේ පිරෙව්වට වතුර මුහුදට ගලාගෙන යන්නේ නෑ . වියලිච්ච ගංගා මාර්ග හෝ නිම්න නැති නිසා. ඉතින් සැලසුම වුනේ ගංවතුර ඒ ජලාශේ ඉඳන් මුහුදට පොම්ප කරන්න. මේ ක්‍රමය අදටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.
2023 නොවැම්බර් 25
මම කලින් වතාවකුත් මතක් කරපු ලෝකේ දිගම උමගක් තමයි ඉංග්‍රීසි ඕඩය හරහා යන චැනල් ටනල් එක. ඒක කිලෝමීටර් පනහක් දුරයි . ප්‍රංශය පැත්තෙන් එක කණ්ඩායමක් හා එංගලන්තය පැත්තෙන් තවත් පිරිසක් හැරගෙන ආපු උමග මහා මුහුදු පතුලටත් යට තැනකදී හම්බවෙච්ච දවසේ විස්තර දන්නා යාලුවෙක් මට ඉන්නවා. ඒ නිසා ඒ කතාව වෙනම සවිස්තරව ලියන්නම්. 2015 අවුරුදේ අපි ලන්ඩන් නුවර ඉඳන් ඔය ටනලය දිගේ පැරිසියට ආව. ඒ ගමන ගියේ අර කටාර්වල උමං හදන සමාගමේ මගෙත් එක්ක වැඩ කරපු මේදිස් එක්ක . අපි ලන්ඩන්වල සතියක් විතර සිරි නරඹලා ඔය ටනල් එක හරහා පැරිසියට එනගමනට සූදානම් වුනා . අපි ගත්ත සැර හා සැහැල්ලු බීම කොට කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා දැක්කේ ගමන පිටත් වෙන්න ලක ලැහැස්ති වෙන දවසේ උදේ .ඉතින් යාළුවගේ යෝජනාව උනේ උදේම මේවයින් සප්පායම් වෙලා යමු කියන එක . ගමන ගැන එක්සයිට් වෙලා හිටි මම කිව්වේ එහෙම කරන්න බෑ මේ උදේම. අනික මේ වැදගත් ගමනක් යන්න හදන්නේ චැනල් ටනල් එක දිගේ මුහුද යටින් යන්නේ. මේක කලාතුරකින් යන ගමනක්. අපේ ජීවිතේටම ආයේ යන්න ලැබෙයිද දන්නේ නෑ කියල . මොනව කිව්වත් මේදිස් ඇහුවේ නෑ. හොඳ අඩි දෙක තුනක් ළඟ නැමුවා උදෙන්ම. මම තරහෙන් පුපුරා පුපුරා මිනිහවත් ඇදගෙන සෙන්ට් පැන්ක්‍රස් දුම්රියපළට ටැක්සියෙන් ගිගින් පැරිස් යන කෝච්චියට නැග්ගා .
මේදිස් මුළු ගමනම නිදාගෙන ආවා . මානව සංහතියේ සුවිශේෂ නිර්මාණයක් වන චැනල් ටනල් එක හරහා කිලෝමීටර් පණහේ දුර බීමතින් බුදියාගෙන ආ ඔහුට මගේ නොරිස්සුම පෙන්වන්න මම ඔහු සමග වැඩි කතා බහක්ට ගියේ නෑ . පැරිස් ඉබිස් හෝටලේ ආලින්දයේ සිටියදී අසල පුටුවක හරි බරි ගැහිලා ඉඳ ගත්ත මේදිස් මෙහෙම ඇහුව .
'දැන් ඔහේ මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ අර කෝ ච්චි ගමනේදී බුදියගෙන හිටපු එකටද? ඔය ටනල් එක යටින් එනකොට මොනවද දැක්කේ ?
මොකුත් නෑ . ඒත් පොළව ඇතුලට බහිද්දී ආපහු මතු වෙද්දී දැනිච්ච හැඟීම වචනවලින් කියන්න බෑ '
මම එහෙම කිව්වේ මේදිස්ට ඉරිසියා හිතෙන්නත් එක්ක .
බක බක ගාලා හිනා වෙච්ච මේදිස් කිව්වා ' ඔහේ පොලව යතින් යන ෆීලින් එක ගනිද්දී මම අහසේ පාවී පාවී නිදාගෙන ආවා . ඔච්චරයි වෙනස '
එහෙම කියපු මේදිස් පැය භාගෙක විතර දේශනාවක් දුන්න චැනල් ටනල් එක ගැන ඒකෙ ඉතිහාසෙයි, තාක්ෂනෙයි, වියදමයි ,දේශපාලනෙයි ගැන .
මේ යකා මේවා කොහෙන් හොයා ගත්තද කියල මට හිතා ගන්න බැරි වුනා .
ලබන සතියේ : මිනිස්සු දහස් ගණනක් වසර දහස් ගණනක් තිස්සේ ජිවත් වූ තුර්කියේ පොළව යට නගර ගැන මේදිස්ගේ ක්‍රමයට විස්තරයක් බලාපොරෝත්තු වන්න