Saturday, October 25, 2025

පෙට්‍රොනාස් දෙමහල්ලන්ගේ ආකාස පාලම

 විදේ­ශීය ව්යාපෘ­ති­ව­ලදී විවිධ රට­ව­ලින් පැමිණි විද්වත් මිතු­රන් සමඟ විවේක කතා­බ­හේදී, ඔවුන් සම්බන්ධ වූ ලෝක ප්රසිද්ධ ව්යාපෘති ගැන හාරා­ඇ­වි­ස්සීම මගේ පුරු­ද්දකි. ලෝ පුරා ප්රසිද්ධ ව්යාපෘ­ති­වල ජීව­
මාන අත්දැ­කීම් ලද පුද්ග­ල­යන් ඇසුරු කිරී­මට ලැබීම, අන්ත­ර්ජා­තික ව්
යාපෘ­ති­ව­ලදී මට ලැබෙන අම­තර වාසි­යකි.

එක් අව­ස්ථා­ව­කදී, 1998 සිට 2004 දක්වා ලොව උසම ගොඩ­නැ­ඟිල්ල වූ මී. 452ක් උස තට්ටු 88කින් යුත් මැලේ­සි­යාවේ පෙට්රෝ­නාස් නිවුන් කුලුනු ඉදි කිරී­මට හවුල් වූ ඉංජි­නේ­රු­වකු සමඟ බොහෝ තොර­තුරු කතා කර­න්නට කාලය ලැබිණි. ඒ, ඔහු අප සමඟ මෑත­කදී වෙනත් රට­කදී සේවය කරද්දීය. මේ ඉදි­කි­රීම ගැන මගේ බල­වත් උන­න්දු­වට කරු­ණක් වන්නේ, පෙට්රෝ­නාස් කුලුන නිල වශ­යෙන් මහ­ජ­න­තා­වට විවෘත වූ 1999දී මා ඔස්ට්රේ­ලි­යානු සමා­ග­මක් සමඟ කොළඹ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන නිවුන් ගොඩ­නැ­ඟිල්ලේ පිළි­ස­කර වැඩට සම්බන්ධ වීම නිසාය. ඒ පිළි­ස­කර කිරීම අවශ්ය වූයේ මහ බැංකු බෝම්බ­යෙන් හා ගල­ධාරී බෝම්බ ප්රහා­ර­යෙන්, ආස­න්නයේ පිහිටි අලුත් ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟි­ල්ලට හානි සිදු වී තිබීම නිසාය. එක­ල ද අපේ කතා­බ­ස්වල සුලබ මාතෘ­කා­වක් වූයේ පෙට්රෝ­නාස් නිවුන් ගොඩ­නැ­ඟි­ල්ලයි.
2004න් පසුව ඊට වඩා උසින් වැඩි ගොඩ­නැ­ඟිලි සෑහෙන ගණ­නක් ලොව පුරා ඉදි වී තිබු­ණද, පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ සුවි­ශේ­ෂතා කිහි­ප­යක් නිසා තාමත් එය බෙහෙ­වින් කතා­බ­හට ලක් වන ඉදි­කි­රී­මකි.
පළමු හේතුව තාමත් එය ලොව උසින් වැඩිම නිවුන් ගොඩ­නැ­ඟිල්ල වීමයි. දෙවැනි හේතුව පොළොව මට්ට­මෙන් උසින්ම පිහිටි ගොඩ­නැ­ඟිලි දෙකක් යා කරන ආකාශ පාලම එය සතු වීමයි. මේ ද්වි-මහල් පාලම කුලු­නු­වල 41 වැනි හා 42 වැනි තට්ටු යා කර­මින්, පොළොව මට්ටමේ සිට මී. 170ක් පමණ උසින් පිහිටා ඇත. තුන්වැනි හේතුව නම් පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ අපූරු ගෘහ නිර්මාණ ශිල්ප­යයි. ලෝක පූජිත වාස්තු විද්ව­තකු වූ සෙසාර් පේලි (César Pelli) විසින් ඉස්ලා­මීය මෝස්‌තර රටා­වන් ඇසුරු කර­ග­නි­මින් නිර්මා­ණය කළ එය, මැලේ­සි­යාවේ ජාතික සංකේ­ත­යක් වී තිබී­මය.
මගේ මිතු­රා­ගෙන් මට පැහැ­දිලි කර­ගැ­නී­මට වුව­මනා වූයේ මේ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් මා මින් පෙර අසා තිබූ එක්තරා කතා­වක් ගැනය. ඒ කතාව පෙට්රො­නාස් කුලු­නු­වල 41 සහ 42 වැනි තට්ටු දක්වා ආකාශ පාලම ඔසවා ස්ථාන­ගත කරද්දී මුහුණ දුන් බව කියන අක­ර­තැ­බ්බ­යක් පිළි­බ­ඳ­වයි. ඉතා ප්රසිද්ධ කරු­ණක් වන්නේ දැවැන්ත වානේ ආකාශ පාලම ඉහ­ළට එස­වීම විස්මිත කාර්මික වැඩක් වූ බවත්, ඊට යොදා­ගත් එස­වීමේ තාක්ෂ­ණ­යන් එතෙක් ලොව භාවිත නොවූ අලුත්ම ඒවා බවත්ය.
මා අසා තිබුණු කතාවේ සඳ­හන් වූයේ මේ තට්ටු දෙකේ පාලම කෙසේ හෝ ඉහ­ළට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙකට යා කරද්දී, එම කුලුනු දෙකේ තට්ටු­වල උස මට්ටම් අතර වෙන­සක් තිබීම නිසා පාලම සවි කිරීම විශාල අල­ක­ලං­චි­යක් වූ බවයි. ඊට හේතුව වශ­යෙන් සඳ­හන් වූයේ මේ ගොඩ­නැ­ඟිල්ලේ මිනුම් ගැනී­මේදී ස්ථානීය සල­කුණු ලබා දී තිබුණේ චන්ද්රිකා තාක්ෂ­ණය (GPS) ඔස්සේ බවත්, එසේ සේවාව ලබා ගත් එක චන්ද්රි­කා­වක් වෙනත් තැන­කට මාරු කිරීම නිසා ලබා දුන් ඛණ්ඩාංක වැර­දුණු බවත්ය.
එහෙත්, මෙය එසේ නොවන බව මගේ මිතුරා පැහැ­දිලි කළේය. ඔහු තහ­වුරු කළ කරුණු අනුව, GPS දෝෂ­යක් නිසා මිනුම් වැර­දීම පිළි­බඳ කතාව නිවැ­රදි විය නොහැ­කිය. කුලුනු දෙකෙ­හිම පද­නම් හා ව්යූහය සඳහා අති­ශය නිර­වද්ය මිනුම් භාවිත කරන ලද බව ඔහු කී අතර, ඇත්ත වශ­යෙන්ම ජීපී­එස් පද්ධ­ති­යක් භාවිත වූවා නම් එය ගොඩ­නැ­ඟි­ලි­වල නිවැ­රදි සිරස් බව සහ­තික කිරී­මට යොදා­ග­න්නට ඉඩ තිබිණි. කෙසේ වුවද, එහිදී එවැනි දෝෂ­යක් ඇති වූ බවට පිළි­ගත හැකි වාර්තා­වල සඳ­හන් නොවේ.
කෙසේ වුවද, කුලුනු දෙකෙ­හිම නිර­ව­ද්ය­තාව සහ­තික කිරී­මට විශාල ප්රය­ත්න­යක් ගෙන තිබේ. මන්ද යත්: මී. 58ක් දිග සහ ටොන් 750ක් පමණ බර වානේ පාලම කුලුනු අත­රට ස්ථාන­ගත කිරී­මේදී සම්බ­න්ධක මට්ටම් අතර මිලි­මී­ටර කිහි­ප­ය­කට වඩා අප­ග­ම­නය වීමෙන් තොරව සම්බන්ධ කිරීම අත්ය­වශ්ය වූ නිසාය.
මිතු­රාගේ අත්දැ­කීම් අසද්දී මට යළිත් තහ­වුරු වූයේ මේ ආකාශ පාලම ඉංජි­නේරු ශිල්පයේ විස්මිත ජය­ග්ර­හ­ණ­යක් බවයි. පෙට්රො­්නාස් ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රීම පිටු­පස මොන තරම් අපූරු තාක්ෂ­ණික කත­න්දර තිබු­ණත්, මා මේ වෙලාවේ අව­ධා­නය යොමු කරන්නේ එහි ආකාස පාලම කෙරෙ­හිය. ඕනෑම උස ගොඩ­නැ­ඟි­ල්ලක් වුවත් ක්රම­යෙන් ඉහ­ළට ඉදි කර­ගෙන යෑමේ ක්රම­වේද ඒ වන විට ලෝ පුරා භාවිත කර­මින් තිබු­ණේය. එහෙත් අර සා විශාල පාල­මක් පොළෝ මට්ට­මේදී එක­ලස් කර, අපේ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟිල්ලේ මුළු උස­ටත් වඩා ඉහ­ළින් පිහිටි තැන­කට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙක­කට නිසි පරිදි යා කිරීම අද­ටත් හිතා­ග­න්නට අප­හසු දෙයකි.
මේ තට්ටු දෙකේ පාලම සැම්සුන් හෙවි ඉන්ඩ­ස්ට්රීස් සමා­ගම විසින් දකුණු කොරි­යා­වේදී නිප­දවා, කොටස් වශ­යෙන් නැව්ගත කර, ඉන් පසු ක්වාලා­ල­ම්පූර් පෙට්රෝ­නාස් වැඩ­බි­මේදී බිම එළා නැවත සවි කරන ලදි. එය මීටර් එක­සිය හැත්තෑ­වක් ඉහ­ළට එස­වීමේ මෙහෙ­යුම සිදු වූයේ 1995 වසරේ මැද හරි­යේ­දීය. දින කිහි­ප­යක මෙහෙ­යු­මක් මඟින් මේ දැවැන්ත පාලම නිවැ­රදි ස්ථාන­යට එස­වී­මට එතෙක් ගොඩ­බි­මදී භාවිත නොවූ තාක්ෂ­ණ­යක් යොදා­ගැ­නිණි. ඒ, ඈත සමු­දුරේ ඛනිජ තෙල් කැණීම් ආශ්රිත කට­යු­තු­ව­ලට මින් පෙර යොදා­ගත් හයි­ඩ්රො­ලික් ස්ට්රෑන්ඩ්-ජැක් පද්ධ­ති­යක් භාවිත කිරී­මය.
සරල උස වෙන­ස්ක­ම්ව­ලට හා එහා මෙහාවීම්ව­ලට ඔරොත්තු දෙන පරිදි වූ පාලමේ වඩාත්ම කැපී­පෙ­නෙන ලක්ෂ­ණය නම් එය කුලුනු දෙක අතර දැඩි සම්බ­න්ධ­යක් මඟින් සවි කර නොති­බී­මයි. ඒ වෙනු­වට, එය ගෝලා­කාර බෙයා­රින් මත මඳක් පා විය හැකි පරිදි රඳවා ඇත.
පෙට්රෝ­නාස් නිවුන් කුලු­නු­වල 29 වැනි තට්ටුවේ සිට ඉහ­ළට විහි­දෙන ආධා­රක දෙකක් මත සවි කර ඇති මේ පාලම, සුළඟ හෝ උෂ්ණත්ව වෙන­ස්වීම් යටතේ කුලුනු දෙක එකි­නෙ­කින් නිද­හස්ව ඉතා මඳ වශ­යෙන් චල­නය වන විට පාල­මට තර­මක් ලිස්සා යෑමට සහ භ්රම­ණය වීමට ඉඩ සල­සයි. මේ නම්ය­ශීලී බව නොති­බුණේ නම්, කුලුනු දෙකේ ඉතා කුඩා හෝ වෙනස් චලන හේතු­වෙන් පාලම ඉරි­තළා විකෘති වීමට ඉඩ තිබිණි.
පෙට්රෝ­නාස් කුලුනු අතර එහා මෙහා යෑමට ඇති මේ ආකාශ පාලම යනු හුදෙක් ගමන් මාර්ග­ය­කට වඩා බොහෝ සෙයින් වැඩි යමකි. එය හදිසි අව­ස්ථා­ව­කදී ගොඩ­නැ­ඟිලි දෙක අත­රින් එක­කින් අනෙ­කට ඉවත් වීමේ මාර්ග­යක් ලෙස ද ක්රියා කරයි. ගෝලීය බුද්ධි­යෙන් නිමාවූ එය, මැලේ­සි­යාවේ තාක්ෂ­ණික සහ සංව­ර්ධන අභි­ලා­ෂය සංකේ­ත­වත් කර­මින්, ලොව පුරා ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජි­නේ­රු­වන්ට අඛ­ණ්ඩව ආඩ­ම්බ­ර­යක් සහ ආස්වා­ද­යක් සල­සයි.

No comments:

Post a Comment