පහුගිය සතියේ බ්ලොග් සටහනක් ලියන්න බැරි වුනේ මහගෙදර එකතු
වූ පවුලේ සාමාජිකයන් සමග ගත කළ නිසාය.
අම්මා තාත්තා පමණක් නොව ඩක්කා බබා, බලිතියන්නී, කිත්තා, වට්ටක්කා හා දිලුකාපානි යන මගේ පණ වන් සොයුරු සොයුරියන් පරණ
කතා අවුස්සමින් සති අන්තය රසින් පිරෙව්වෝය.
අපේ එක අක්කා කෙනෙකුගේ අන්වර්ථ නාමය උනේ වට්ටක්කාය.
අක්කා කෙනෙකුට වට්ටක්කා කීම හරිම හුරතල් කතාවක් වුවද ඒ නම කියා අඬ ගැසූ දවසක අපේ අක්කා මට ටොක්කක් ඇන්නාය
, ඊළඟට මම අම්මා ලඟට දිව ගියේ 'වට්ටක්කි මට ගැහුවා' කියාගෙන ආන්ගිරි ගාමිණි. අම්මාට මේ කන්කරච්චල් ගැන
වද වීමට වෙලාවක් තිබුනේ නැත. ඇය ඒ වන විට රාත්‍රී ආහාර පිළියෙළ කරමින්
සිටියාය. ඉදෙමින් තිබු වට්ටක්කා හැලිය දුටු මට ටොකු පාර අමතකව හිතට මහා නොරිස්සුම්
ගතියක් ආවේය. මම ආපසු අක්කා ලඟට ගියේ බලන්නකෝ අක්කේ අදත් වට්ටක්ක උයනවා. අක්කා ඒ
කතාව ඇයට කළ කවටකමක් ලෙස නොසැලකු මුත් අැයත් මුහුණ නොරොක් කර ගත්තේ ඒ
දවස්වල නිතර දෙවේලේ කෑමට එක් වන වට්ටක්කා කෙරෙහි උපන් නොකැමැත්ත නිසාය. අපේ කුඹුරේ
වැඩිපුර තිබෙන එළවලුව කාලයෙන් කාලයට අපේ ගෙදර තුන් වේලටම ඉදෙයි. කාලයක් වට්ටක්කා . කාලයක් බෝන්චි
, කාලයක් ගෝවා නැත්නම් වම්බටු.
ඒ වනවිට මම ගණන් බලා තිබු හැටියට අපේ ගෙදර පොඩි සාලයේ
වට්ටක්කා ගෙඩි හැත්තෑ ගණනක් ගොඩගසා තිබුණි. අපට තිබු කුඹුරේ නම
දබර කිතුලය. දබර කිතුලේ හෙල්මළු ලියදි දිගේ බොහෝ විට රනිල බෝගයක් වන බෝංචි වග
කෙරුණු අතර නියරි අයිනට වෙන්නට අඩි දහයෙන් දහයට
පමණ වට්ටක්කා මණ්ඩි පැල කර තිබුණි.
බෝංචි පල නෙලා ඉවර වූ කුඹුරේ මීළඟට අණසක පතුරවන්නේ වට්ටක්කා වැල්ය . රනිල බෝගයෙන් පොළවට එකතු වූ වැඩිපුර නය්ට්‍රජෙන් පොහොර නිසා වට්ටක්කා වැල සරුවට වැවෙයි.
වට්ටක්කා දළු හීනියට ලියාගෙන පොල් සමග මුසු කර දෙන
වට්ටක්ක කොළ මැල්ලුම තරම් රස මැල්ලුමක් මට තරු පහේ හොටලයකදීවත් හමු වුනේ නැත. කුඩා
වට්ටක්කා ගැට අපේ අම්ම හඳුන්වන්නේ 'බොරු ගැට; කියලාය. බොරු ගැට හතරට පහට කපා වැඩිපුර අබ දමා
තෙලෙන් බැද ගත් විට වට්ටක්කා පිලිබඳ අකමැත්ත හැමෝගෙන්ම ගිලිහී යයි. ඊළඟට හැදෙන මෝරාපු
වට්ටක්කා ගෙඩිය අලුත් පිට හඳුන්වන්නේ පිටි වට්ටක්කා කියලාය. තැම්බූ වට්ටක්ක පොල් සහ රතුළුණු
සමග උදේ අහාරයට වරින් වර ගන්නා අතර පිටි වට්ටක්කා වෑ න්ජනය ඉතා රසට උයන්නට අපේ
අම්මා දැන හිටියාය. එත් ඒ දවස්වල අපට එපා වී තිබුනේ ' පැණි වට්ටක්කා ඇඹුලයි.
මේරු වට්ටක්ක ගෙඩි තෙතමනය නැති තැනක මාස හත අටක් වුවත් කල් තබා ගන්නට පුළුවන් අතර ඒවා හැඳින්වුයේ පැණි වට්ටක්ක කියලාය. ගොරකා හෝ සියඹලා සමග බැදපු තුනපහ දමා සාදන පැණි වට්ටක්කා ඇඹුල දැන් නම් මගේ ප්‍රියතම ආහාරයකි.
මේරු වට්ටක්ක ගෙඩි තෙතමනය නැති තැනක මාස හත අටක් වුවත් කල් තබා ගන්නට පුළුවන් අතර ඒවා හැඳින්වුයේ පැණි වට්ටක්ක කියලාය. ගොරකා හෝ සියඹලා සමග බැදපු තුනපහ දමා සාදන පැණි වට්ටක්කා ඇඹුල දැන් නම් මගේ ප්‍රියතම ආහාරයකි.
උදේට අපේ ගෙදර සියළු දෙනාම ඉස්කෝලේ ගිය ගුරු පවුලක් වූ මුත් හවස සියලු දෙනාම කුඹුරේ සිටි ගොවි පවුලක් විය. අපේ කුඹුරේ හැදුනු වට්ටක්ක ගෙඩි කෙතරම් විශාල වූවාද කියතොත් අම්මා කිව්වේ කවුරුත් දැක්කොත් ඇස්වහ කට වහ වදිනු ඇත කියලාය. ඒ නිසා අපි හවස කුඹුරේ සිට වට්ටක්කා ගෙඩි ගෙනාවේ පරණ සරොම්, ජර්සි හා ගවුම් වල ඔතා කරේ තබා ගෙනය.
ඒවා ගෙදර තබා ගන්නට තරම් මෝරා තිබුනොත් හොඳ මිලක් ලැබෙන තුරු පොඩි සාලයේ බිම දිගේ ඉන්දවා තැබුවෙමු. කල් තබා ගන්නට බැරි යයි සිතෙන ඒවා විකුණා දැමුවෙමු. ඒ අතර හැම කැම වේලකටම වට්ටක්ක මාලුවද එකතු වුනේය.
දවසක් විශාල පිටි වට්ටක්කා ගෙඩියක්
විකුණන්නට තාත්තා තීරණය කළේය. තාත්තා සාමාන්‍යයෙන් කරන්නේ ඉස්කෝලේ ඇරලා
එන ගමන් හමු වන මය්කල්ලා කඩේට පණිවිඩයක් දෙන එකය. මයිකල් කවුරුන් හෝ
ඒවා විකුනන්නට තියෙන දේ රැගෙන යයි. එදා කඩෙන් එවන්නට කවුරුත් සිටියේ නැත.
මම මේ කාරියට අති මහත් උනන්දුවෙන් ඉදිරිපත් වුනෙමි.ගේ ලඟින් යන හවස හතරේ බස් එකේ
වට්ටක්කා ගෙඩිය පටවා ගෙන මය්කල්ලා
කඩේ ලඟින් බා ගත්තේ කාගේ කාගේත් උදවුවෙනි.
කිලෝ හත අටක් වූ වට්ටක්කා ගෙඩිය බදා ගෙන කඩයට ගෙන ගියෙමි. මය්කල් වට්ටක්කා ගෙඩිය කිරුවේය. ඉන් පසු සල්ලි ගැන්නේ ය . නැවත වට්ටක්ක ගෙඩිය දෙස බැලුවේය.
තට්ටුවක් දැමුවේය. පිහියක් ගත්තේය. සිදුරු කළේය. වට්ටක්කා
ගෙඩිය ඇල කර බැලුවේය. සිදුරු කළ තැනින් හීනියට
ඉස්මක් ගලාගෙන ආ නිසා අනේ ළමයෝ මේක නරක වෙන්න ඇවිල්ලනේ කියා සල්ලි ටික ආපසු ලාච්චුවේ
දමා ගත්තේය. දැන් මොනවා කරන්නද ?ආපසු යන්නට බස් එකත් නැත. හැතැප්ම එක හමාරක් වට්ටක්ක
ගෙඩියත් කරේ තබා ගෙන මම ගෙදර ගියෙමි.
මම යනවිට තාත්තා මිදුලේ පිච්ච වැල ළඟ බංකුවක් තියා ගෙන පත්තරය බලමින් සිටියේය.
මම යනවිට තාත්තා මිදුලේ පිච්ච වැල ළඟ බංකුවක් තියා ගෙන පත්තරය බලමින් සිටියේය.
වට්ටක්කා ගෙඩිය කරින් ගෙන දාඩිය පෙරාගෙන එන මා දැක මොකද
මොකද මේ කියා ඇසුවේය.
වට්ටක්ක ගෙඩිය නරක් වෙලා .
එහෙනම් මොකටද මනුස්සයෝ විසි කරලා එන් නැතිව මෙච්චර
දුර උස්සාගෙන ආවේ කියා වට්ටක්ක ගෙඩිය ගේ ළඟ අකුළට පෙරලා දැම්මේ හිනාව
සඟවා ගත් බොරු කේන්තියක් පෙන්වමිනි.
Nice story as usual.
ReplyDeleteThanks malli
DeleteYeah... Liked it..
ReplyDeleteThanks
Deleteමම පුංචි කාලේ මගෙත් ප්‍රියතම වෑංජනයක් තමා වට්ටක්කා. ඒ දවස්වල පරිප්පු හරි වට්ටක්කා නැත්නම් බත් කන්නෙත් නැති සයිස් එකක්....:) වට්ටක්කා දලු මැල්ලුම වහ කදුරු වගේ ඒ දවස්වල. ඒ වුණාට දහය පංතියට එනකොට වට්ටක්කා දලු මැල්ලුම කියන්නේ හොරෙන්/උදුරගෙන කන තරමේ ඉස්තරම්ම මාලුවක්...:D
ReplyDeleteවට්ටක්කා රස අමතක නොකල හිතවතා
Deleteකුණු වුණ වට්ටක්කා ගෙඩිය විසි නොකරන්න තරම් සාධාරන හේතු රාශියක් ඔබ සමග වන්නට ඇත. එහෙත් ඒ සියල්ල පසෙන දමා එය විසිකර ආපසු පැමිණීමට නොහැකි වීම ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. ඒ එවැනි තත්වයක් තවමත් ඔබ සමගම දැන ගැනීම සඳහාය. "විකුණන්නට ගෙන ගිය කුණු වට්ටක්කේ ආපසු ගෙදර ගෙන ආ යුතු නැත."
ReplyDeleteඇත්තෙන්ම බන්දුල මට කියන්නට ඕනෑ වුනෙත් ඒකයි
ReplyDeleteමුලින්‍ම මිය ගියේ බාප්‍පාය. විසි තුන් වියේ සිටි ඔහු අප රටේ වෙදුන්‍ගේ පුහු මානයට පිදුනු පවුලේ පළමු බිල්‍ල විය. ඉතා කඩවසම් තරුණයෙකු වූ ඔහු තද බල කුස රිදුමක් නිසා සිය මිතුරෙක් සමග රෝහලට ගිය කල වෙදා වචනයකුදු නොවිමසා බෙහෙත් තුන්‍ඩුවක් ලියන්‍නට වන් කල ඔහු සිය රිදුම "ඇපෙඩිසයිටීස්" හි මූලික ලක්‍ෂණමයැයි වෙදාට කීවේය. ඉන් මද හරකෙකු මෙන් කිපුනු වෙදා "තනිවම බෙහෙත් දී ගත හැකි නම් පලයන් යන්‍ට" යැයි කී කළ ඔහු "වරෙන් යන්‍ට" යැයි කියා සිය ගුරු මිතුරාත් ඇදගෙන වේදනාවෙන් පෙලෙමින්‍ම බෝඩින් කාමරයට ගියේය. එදා රෑ තවත් බලා සිටිය නොහැකියෙන් ඔහුගේ මිතුරන් විසින් රෝහල වෙත ගෙන යන ලදුව ටික වෙලාවකින් මිය ගියේ කුස තුල උන්‍ඩුක පුච්‍චය පිපිරීමෙනි. බාප්‍පාගේ වියෝවින් බොහෝ සේ ශෝක වූ කිරි අම්‍මා ඊට දෙවසරකට පසු ආනෙන් ගෙන කුස්‍සියේ එලා ගත් පැදුරක වැතිරී හීන් සැරේ මිය ගියාය. උගුරේ පිලිකාවක් වැළඳුනු ළොකු තාත්‍තා ඊට අවුරුදු තුනකට පසු මිය ගියේ පස් අවුරුද්‍දක් තුල මහ ගෙදර තුන් වැනි වරටත් ඉලවු ගෙදරක් කරමිනි. මේ සියල්‍ල මට මතක් වුනේ උඹේ වට්‍ටක්‍කා කතාව කියවීමෙනි. මිනිය වල දෑ රැයේ ඉලවු ගෙදර කහ ඉස සෝදා පිරිසිදු කෙරෙයි. වසර ගණනකින් මුණගැහුනු ලේ නෑයින්‍ට මෙය ඉලවු ගෙදරක් බව අමතක වෙයි. කුස්‍සිය පැත්‍තෙන් එන්‍නේ සීයකට හමාරකට සෑහෙන්‍නට උයන තම්‍බාපු හාල් බතේත්, කරවල බැදුමේත් , වට්‍ටක්‍කා මාලුවේත් සුවඳයි. වට්‍ටක්‍කා මාලුව ගැන අමුතු ඇල්‍මක් හෝ නෑල්‍මක් අප වෙත නොවූ මුත්, ඉඳ හිට ගෙදර කෑමට එකතු වෙන පැණි රස වට්‍ටක්‍කා මාලුව කවදාවත් ඉලවු ගෙදර වට්‍ටක්‍කාව මෙන් නොවීය. මාර්‍කැට්‍ටුවෙන් ගෙනෙන වට්‍ටක්‍කා උඩුව ගමේ වට්‍ටක්‍කාවට වඩා බාල වීම මීට හේතුව බවට පවුලේ සැම එකඟ වී සිටියෙමු. අපේ වට්‍ටක්‍කා ආකල්‍පය වෙනස් වුනේ දවසක්‍දා අපේ ගෙදර වෙනත් අතකින් ඉවුනු වට්‍ටක්‍කා මාලුවක් කෑ පසුය. මීට මාස දෙක තුනකට පෙර මේ වට්‍ටක්‍කා කතාව මගේ හිතවතියට කී කළ ඇයට වට්‍ටක්‍කා කන්‍ට ඕනෑ විය. උයන්‍නට සුදුසු වට්‍ටක්‍කයක් ඉතින් මේ රට කොහෙන් හොයන්‍ටද? මට මේ සඳහන අමතක වී සුමාන දෙක තුනකට පසු දවසක්‍දා ඇය වැඩ ඇරී ගෙදර ආවේ මා ඇයට වෙබ් ජාලයේ පෙන්‍වූ වට්‍ටක්‍කාවට පැහැයෙන් හා හැඩයෙන් සමාන මුත් පමණින් කිසිසේත් අසමාණ යම් ගෙඩියක් මල්‍ලේ දමාගෙනය. "ඉතිං උයමු!!!!" ඇයගේ උනන්‍දුව මොට කිරීමට මට නොසිතෙයි. ඕනෑ එකක් යැයි හිතා අප දන්‍නා තාලයෙන්, කැපූ කල බොරලු කැට මෙන් දැඩි වූ ව්‍ට්‍ටක්‍කාව ඉව්‍වෙමු. මෙය කිසිසේත් හරියන කරියක් නොවන බව කල් තියා දැනුනත් එය ඇයට කීම මම පමා කලෙමි. නාගෙන කුස්‍සිය පැත්‍තට එන මම දුටුවේ මල් හිනාවක් දමාගෙන ඇය හැන්‍දකින් වට්‍ටක්‍කා කරිය සාම්‍පල් කරන හැටියි! කුහුලෙන් යුතුව හැන්‍ද හොට ගෑ මට අපේ ඇට්‍ටකුනා වීමට තිබූ වට්‍ටක්‍කා කරිය කිසි සේත්‍ම නොසිතූ ලෙස හරියටම හරි ගොහින් ඇති බව පැහැදිලි විය.
ReplyDeleteThanks
ReplyDeleteAs one of the most popular crops in the United States, 1.5 billion pounds (680,000,000 kilograms) of pumpkins are produced each year.[13] The top pumpkin-producing states include Illinois, Indiana, Ohio, Pennsylvania, and California.[14](Wikipedia)
ReplyDeleteඉතින් ඇමෙරිකාවේ වට්ටක්ක නැති වෙන්න බැහැනේ .
කොහොම උනත් උඹේ කමෙන්ටුව හරිම රසවත් .
මේ බලන්න දක්ෂ ලේඛකයෙකුගේ වෑයමක් ; 'බාප්‍පාගේ වියෝවින් බොහෝ සේ ශෝක වූ කිරි අම්‍මා ඊට දෙවසරකට පසු ආනෙන් ගෙන කුස්‍සියේ එලා ගත් පැදුරක වැතිරී හීන් සැරේ මිය ගියාය'.
හරි ම ලස්සනයි..
ReplyDeleteස්තුතියි කඳු
Deleteකොහොම මගරුනද මන්දා මේ බ්ලොග් එක. එක අතකින් එකත් හොඳයි මේ ටිකේම කියවන්න හරි හමන් දෙයක් නැති එකේ ඔක්කොම ටික නිවී හැනහිල්ලේ කිවන්නහැකි. වට්ටක්ක කියනකොට මතක් උනේ කීවට විස්වාස කරන්නේ නැති වෙයි 1994 මම වැලිඔය හමුදා කඳවුරක් ළඟ කැලයක් එළිකරන්න කොන්ත්‍රාත් අර ගත්ත අපේ අයියගේ වැඩපලකට ගියා. එතකොට මම ඉස්කෝලේ යන කාලේ. ඩෝසර් දාගෙන කට්ටිය කැලේ එලි කරනවා වාඩියක් ගහගෙන මේ කැලේ අයිනේම තමයි ඔක්කොම නතර වෙලා හිටියේ. මට ඉතින් කොරන්න වැඩක් නැති එකේ මුළු දවස තිස්සෙම කලේ එහෙ මෙහෙ ඇවිදින එක. කැලෙටම යට උණු අත්හැරුණු හේන් කීපයකටම ගියා වට්ටක්කා,කැකිරි වැල් ඔසේට. මම ඉතින් තිබ්බ තන්හාවටත් එක්ක අර වට්ටකා කැකිරි කඩන් ඇවිත් පුරවනවා වාඩියේ. ගෙදර අරන් යන්න. ඔය අතරේ මට හම්බුනා තනියම උස්සන් යන්න බැරි වට්ටක්කා ගෙඩියක්. කොහොම හරි ඕක අරන් ආවා අපේ ගෙදර. ගෙදර ඔක්කම්ලා කියපි මේ පොඩි ගෙඩි 2-3ක් තියාගෙන ඔය ලොකු ගෙඩියයි අනිත් ටිකයි මාමාගේ කඩේට විකුනන්න කියලා. හිතනවද ඔය වට්ටක්කා ගෙඩිය කිලෝ කීයක් තිබ්බද කියලා 57.400kgs. සිමෙන්ති කොට්ටේකටත් වැඩිය කිලෝ 7ක් වැඩියි.
ReplyDeleteමමත් ටික දවසක් වැලිකන්දේ වැඩ කළා
Deleteපුතා නම් පොඩි කාලෙ ලොකු බුද්ධිමතෙක් වෙන ලකුණු පෙන්නලා...
ReplyDeleteසරතෝ , මම තාමත් ඉඳ හිට මේ පන්නයේ වැඩ කරනවා
Deleteමට වට්ටක්කා ගැන ඔය වගේ මතකයක් නම් නෑ. නමුත් පොඩි එකෙක්ගේ හිත ක්‍රියා කරන හැටි නම් දැක්කා. සමහර දේ අපි කරන්නේ ඇයි කියන එක හිතාගන්න අමාරුයි. කල්පනාවක් නැතුව කියලා සරළ නිර්වචනයක් දෙන්න පුලුවන් වුනත්, සමහරවිට ඊට වැඩි පසුබිමක් එතන තියෙන්න පුලුවන්.
ReplyDeleteඒක තමයි හෙන්රියෝ - මටත් හරියට මතක නැති වුනාට මේකේ පසු බිමේ තිබ්බ මයිකල් නරක් වූ වට්ටක්කා නිරීක්ෂණය කළ විදිය ගැන මගේ අවිශ්වාසයකුත් . කොහොම උනත් වැඩි පුර තිබ්බේ මගේ මෝඩ කම
Deleteසුන්දරයි තව දේවල් ලියන්න
ReplyDeleteගමේ ගොඩේ අතීත මතක කොයි තරම් සුන්දරද?
ReplyDeleteමට කාලෙකින් හමුවුණ රසවත්ම බ්ලොග් එක මේ... හරිම කම්මැලි, කණස්සල්ලෙන් පිරුණු අද දවස සුන්දර කළා ඔබේ සටහන්....
වට්ටක්කා මේ තරම් ක්‍රමවලට හදන්න පුළුවන් බව දන්නෙ අදනෙ... අපේ මහගෙදර මුරුංගා ගහක් තියෙනවා... මුරුංගා කාලෙට අපි එහෙ යන්නෙ නැහැ.. මොකද ලොකු අම්ම මුරුංගම දෙන්න හදන නිසා..... ඒත් මේ ළඟදි වැඩසටහනකට කිලිනොච්චි ගිය වෙලාවෙ රතුකැකුළු බතුයි, ළපටි මුරුංගා හොද්දකුයි, අල හාල්මැස්සො බොරේකුයු එක්ක බත් කෑවා... හරිම රසයි...
ඒ පල්ලියෙ ස්වාමි කිව්වෙ ඒ හාල් පල්ලියෙ කුඹුරුවල තෙල් බෙහෙත් නොගහ කාබනික විදියට වගා කළ වී අස්වැන්නෙන් කියල...