Sunday, November 10, 2013

තුන්වැනි දේශකයා


මී අවුරුදු හත  අටකට උඩදී දවසක දේශකයන් පස් දෙනෙක් ඇවිත් හරි බැරි ගැහී , කලාතුරකින් ලැබුණු අවස්ථාවක විනාඩි විස්සක දේශනයක් ඇෂ්ටි  හැලෙන්නට දෙන්නම් කියා හිතමින් වේදිකාවේ වාඩි වී සිටියෝය. අවසාන අවුරුද්දේ ඉංජිනේරු ගැටයින් ගැටිස්සියන්ට රස්සා හොයා ගන්නට   මග හසර කියලා  දෙන ඉන්ඩස්ට්රියල් ඩේ  එක අදය

දේශනා ශාලාවෙන් එළියේ සැණකෙළි සිරියක් ගෙන තිබිණි. තැනෙක සිමෙන්ති කොම්පැනියක  වෙළඳ කුටියකි. අන් තැනෙක ඉදිකිරීම් සමාගම්වල එකිනෙකා පරයන සේ හැඩ  වැඩ ගැන්වූ  කුටි පෙළකි. ඔය අතරේ ඉංජිනේරු අංශවල සිසුන්ගේ හපන්කම් පෙන්නන නිමවුම්ය. කිරි පැකට්, නූද්ලෙස්, බර්ගර්ස්   මෙකී නොකී රස බොජුන් විකුණන අවන්හල්ම දෙකකි.

මේ අස්සෙම   ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ දුව දුවා හතළිහක් පනහක් වූ කරදඬු උස වූ ඇට්ටර පහේ කෙල්ලන් කොල්ලන් පිරිසක් දේශනා ශාලාවකට ගාල් කර ගන්නට  තරුණ කතිකාචාර්යවරියන් සමත් වෙද්දී එතුමියන්ලාගේ හොඳ පණ  ගිහිල්ලාය.

අද මේ දේශක මහත්තුරුන්ට එන්න කියල අපි විශේෂයෙන් ආරාධනා කලේ ඔවුන් විවිද ක්ෂේත්ර වල කාලයක් තිස්සේ රස්සා කරලා අද ඉන්ඩස්ට්රි  එක මොකක්ද කියල දන්නා නිසයි, මේ ප්රවීණ ඉංජිනේරුවන් පිරිස තමන් ඉගෙන ගත්තු හැටි ඒවා රස්සාවට යොදා ගත් හැටි දැන් ඔබ ඉදිරියේ රඟ  දක්වා..  සමා වන්න දේශනා කර පෙන්වනු ඇත

ට්රා න් ටිරින් ටිරින් ට්රානන් ටිරින් ටිරින්

පළමු දේශකතුමිය නැගී සිටියාය .

ඇය   පටන් ගත්තේ පහේ සිස්සත්තයෙනි. මම සිස්සත්තේ හොඳට පාස් වුනා ඊට පස්සේ ලොකු ඉස්කෝලෙක. මුල ඉඳන්ම පිළිවෙලකට ඕනෑකමින් වැඩ කරපු නිසා මගේ පුංචි කාලේ ඉඳන් දුටුව හීනේ හැබෑ උනා. තමයි විස්ස විජ්ජලේට එන එක . ආවේ ඉංජිනේරුවෙක් වෙන්න. මම මෙහෙ ඇවිල්ලත් හොඳට වැඩ කළා . දෙන සටහන් දෙතුන් පාරක් කියවලා හැමදාම අතිරේක පොත්පත් බැලුවා. මම හොඳ පන්ති සමර්තයකුත් එක්ක තමයි පිටවුනේ.

මම වැඩ කරන තෙල් පිරිපහදුවේ ඕනෑම බ්රේක් ඩවුන් එකකදී  මම මෙහෙදී ඉගෙන ගත්ත දැනුම  පාවිච්චි කරනවා. මම තුන්වෙනි අවුරුද්ද්දේ යාන්ත්රිරක ඉන්ජිනේරු විෂය සටහන් ඔක්කොම වැඩපොළට ගෙනිච්චා. ඇය උදාහරණ පෙන්වයි. මේ බලන්න මේවා යොදා ගත්තු තැන.

මේ දේශනය ඇසෙද්දී කොල්ලන් කෙල්ලන් හීන් දාඩිය දමාගෙන මලානික මුහුණින් බලා සිටියෝය. තුන් වැනි දේශකයාත් ළමුන් මෙන්ම විපිළිසර වී සිටියේය.ඔහුද තුන්වැනි අවුරුද්දේ හා හතරවැනි අවුරුද්දේ ඉගෙන ගත්තේ මොනවාදැයි කල්පනා කළේය, කල්පනා කළේය . එහෙත් ඔහුට හරියට මතක් වුනේම නැත.

දෙවන දේශක තුමාගේ දේශනයේදී අසා සිටි සියල්ලෝ සුසුම් හෙලන්නට පටන් ගත්තෝය. ඔහු විෂය ධාරාවේ සමහර  කොටස් කට පාඩමින් කියද්දීය. අවුට් වෙලා අවුරුදු ගානකට පස්සේ මෙච්චර මතකයක්. ඔහුත් ඉගෙනුමේ ජය දද  නංවන්නට පටන් ගෙන තිබුනේ පහේ සිස්සත්වයෙනි. ඉන් පසු හොඳින් ඉගෙනීම කර උගත් දෙයින් රටට වැඩක් කරමින් සිටියි. එක එක අවුරුද්ද වැඩ සැලසුම් කර ගත්  හැටි

ඉන්ජිනේරුවෙක් වෙන්නට  පොඩි කාලේ ඉඳන්ම සැලසුම් සහගතව ගමන ගැන ඔහු ඉතා සංයමයෙන් විස්තර කළේය. ඔහු කර තිබු ප්රස්චාත් උපාධි  පවා අවුරුදු ගානකට කලින් සැලසුම් කර ගෙන හිතා හිටි හැටියටම සිද්ද වී ඇත

මේ දෙදෙනාම අත ගැසූ හැම වැඩක්ම හිතුවාටත් වඩා සාර්ථක කර ගත වාසනාවන්තයෝය. අලුත් නිපැයුමක් කලත් එක පාරින් වැඩේ ගොඩ දමා ගෙන තිබිණි.

දෙවන දේශකයා පටන්ගත් බිස්නස් වැඩේද එසේමය. පටන් ගත්  දවසේ පටන් සාර්ථක වුනු ඔහුගේ ව්යාපාරය එකදු කුඩා පසු බෑමකට හෝ  ලක් වී නොතිබීම පුදුම සහගතය.

මේ දේශනා දෙක ඉවර වෙන විට බොහෝ දෙනෙකුගේ මුහුණු අඳුරින් බර වී තිබිණි. ඇයි දෙය්යනේ රස්සාවක් කරන්න මෙච්චර අමාරු. ගිය වාරේ උගන්නපු ඒවා මේ වාරේ මතක නැති අපට අනාගතයක් තියේද? වැඩි දෙනෙක්  සිතුවෝය.

ඊළඟට තුන්වැනි දේශකයාගේ නම කියවෙන විට  ඔහු තිගැස්සී බැලුවේය.   වනවිට ඔහු කල්පනා  කරමින් සිටියේ  තමන්ව  මොන එහෙකට මේ දේශනය කරන්නට එක්කාසු කර ගත්තාද කියලාය.

තුන්වන දේශකයා තම කෙටි දෙසුම පටන් ගනිද්දීම  මෙතෙක් සැසියේ ගලාගෙන    ඒකතානමය සුගම රිද්මය අවුල් කළේය. කොටින්ම ඔහු ගම කෑවේය.

මුලින් කතා කළ  දෙදෙනා කොපි කරමින් ඔහුත් කතාව පටන් ගත්තේ පහේ සිස්සත්තය ගැන කියමිනි.

‘මම පහේ සිස්සත්තේ නම් ෆේල් උනා

එසැනින්ම මේ දේශකයා මෙතැනට නොගැලපෙන බව බොහෝ දෙනාගේ මුහුණුවල  පල වූ අදහස විය. එක්කෝ මේ මනුස්සයා මේ වගක් නොකියා ඉන්නා තිබ්බා. තවත් කෙනෙක්   හිතුවේය.

තුන්වන දේශකයා දිගටම කතාව කරගෙන ගියේය.

පහේ සිස්සත්තේ ෆේල් නිසා මම ටව්මේ ඉස්කෝලෙට ගත්තේ නෑ . මටවත් අපේ ගෙදර කිසිම කෙනෙකුට ඒකේ වගක් තිබ්බේ නෑ. හතේ පන්තියේදී මම තරග විබාගයකින් ලොකු ඉස්කෝලෙට ගියා.
සාපෙ හා උපේ මම අපේ අම්මාට කැවුම්  උයන්න හිතෙන ගානට පාස්  වුනා.

මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ  ඉංජිනේරුවෙක් වෙන්න. අපේ ගෙදර කාගේවත් ගැන අදහසක් තිබ්බේ නෑ . මට අරක කරන්න මේක කරන්න කියල කරදරයක් තිබ්බෙත් නෑ .

මම මෙහෙ ඇවිල්ල පළමුවෙනි අවුරුද්ද යන්තම් පාස් වුනා. දෙවැනි අවුරුද්දේ වැඩ පහෙන් හතරක්ම ෆේල් . ඒත් තුන්වෙනි අවුරුද්දේ අවුරුද්දට අයිති වැඩ හයයි කලින් අවුරුද්දේ ඉතිරි වෙච්ච වැඩ  හතරයි සේරම වැඩ දහයම පාස් උනා.

වැඩ දහයම පාස් වෙච්ච අවුරුද්දේ මම චිත්රපට සංගමේත්, කළා කවයේත්, තව ගොඩක් සමිති සමාගම් වැඩ අටෝරාසියකටත් කර ගැහුවා.

හතරවෙනි අවුරුද්දේ  එක එක  හේතු අහේතු  හින්දා එච්චරම වැඩක් දාන්ට  බැරි උනත් මම විබාගේ වැඩ ටික ඔක්කොම පාස් වෙලා එලියට ආවා.

ඉන් පස්සේ අවුරුදු දහයක් යනකම් මෙහෙ ඉගෙන ගත්ත කිසිම දෙයක් මට කෙලින්ම වුවමනා වුන් නෑ . පාඩම් කොටස්  තෝරලා වෙන් කරලා කියන්න බැරි උනත්  අවබෝදයක් හා ඉවක් ලැබිලා තිබ්බ අවශ් දේ අවශ් වෙලාවට තීරණය කරන්න.

සබාවේ සිටි කොල්ලන් කෙල්ලන්ගේ අඳුරු වී  තිබුණු මුහුණුවලට එලිය වැටී තිබිණි. ඔවුන් දෑස් අයාගෙන මුව විවර කරගෙන තුන්වන දේශකයා දෙස බලා සිටියෝය.

මම හිතන්නේ මේ සරසවියේ ගත කරපු  අවුරුදු හතරත් මම කරපු තවත් එක ට්රේනින් කෝස්  එකක් විතරයි. ඒක ටිකක් කල් දික් උනාට මගේ ජීවිතේම නෙවෙයි.

තව එකක්. මම අලුතින්  සමාගම් හතරක් පටන් ගත්තා. ඒවායින් තුනක් බංකොලොත් උනා. එකක් හොඳට කරගෙන යනවා.

මට ඉස්සෙල්ල කතාකරපු දේශක තුමයි දේශක තුමියටයි මම ගරු කරනවා. ඔවුන් තමයි මේ රටේ සම්පත්. තමන් උගත් දැනුම ක්රමානුකුලව රටේ දියුණුවට යොදවනවා. අලුත් දැනුම හොයා ගෙන යනවා. ඔවුන් වාසනාවන්තයි.

ඒත් වගේ පිරිස ටික දෙනයි ඉන්නේ. වැඩි හරියක් අපි වගේ  ලාබ අලාබ   ජය පරාජය මාරු වෙවී ලබන උදවිය.    මිනිස්සු හැලෙන්න පටන් ගන්නේ  පහේ සිසත්තේ ඉඳන්. තව ටිකක් දහයේ විබාගෙන්. වැඩි කොටසක් උසස් පෙලින් හැලෙනවා. ඒත් මේ  කවුරුත් ජීවිතෙන් හැලෙන්න ඕනි නෑ .

මට කියන්න තියෙන්නේ මගෙන් කිසි ආදර්ශයක් ගන්න එපා . ඕගොල්ලෝ කැමති විදිහකට වැඩ කරගෙන යන්න. මම මේ දේශනාවට කරපු ආරාධනාව බාර ගත්තේ මගේ සමාගමේ ඔබ තුමන්ලා හත් අට දෙනෙකුට රස්සා අබැර්තු තියෙනවා කියන්න

මගෙන් උපදෙසක් ඕනිම නම් මම දෙන්නම්මේ ඉන්ජිනේරු රස්සාව හරි නෑ  කියල හිතුනොත් ඕනෑම වෙලාවක ඔබතුමන්ලා  වෙන වැඩක්  බලා ගන්න . ප්ර්ස්චාත් උපාදිය කලා වලින් කරන්න ආසා නම් කරන්න. තාම මෙහෙ අමාරුයි.. පිට රට පුලුවන් .

ජීවිතේ දවස් මාස අවුරුදු ඇවිත් යනවා. කාලය ගෙවෙනවා. ජීවත් වෙන්න තරම් ආදායමක් උපයා ගන්න පුළුවන් නම්  පසු තැවෙන්න එපා. ආයිමත් වෙනස් වෙන්න නොගැලපෙන දේ අත අරින්න අලුතින් පටන් ගන්න වයස් සීමාවක් නෑ . තමන්ට තමන් නැති කර ගන්න එපා. එච්චරයි.

ඉන් පසු සබාව මදක් නිස්සබ්ද වූ අතර  ප්රශ්ණ  ඇසීමේ වාරයේදී කිසිවෙක් කිසිම දෙයක් තුන්වන දේශකයාගෙන් ඇසුවේ නැත. වෙනුවට  දවස්වල කලා  කවයේ වැඩද සරසවි රසකතා ගැනද කතා කරමින් රසවත්   වුවෝය. හතරවන දේශකයාද පස් වන දේශකයාද ඉන් පසු සබාවේ කතා බහට ඉතාමත්ම සැහැල්ලුවෙන් සහබාගී උනේ රස කතා කියමිනි.

සැසි වාරයෙන් පසු මේ ගාම්බීර සබාව ගොන්පාර්ට් එකක් කර දැමු තුන් වන දේශකයා වට කරගත් අන්තිම අවුරුද්දේ සිස්ස සිස්යාවෝ කැකිරි පලමින් මොන මොනවාදෝ කියමින් සිටියහ.

විය යුතු පරිද්දෙන්ම තුන්වන දේශකයාට ඉන්පසු කවරදාකවත් කිසිම සරසවි දේශනයකට ආරාධනා ලැබුනේ නැත.


(සටහනසත් අත්දැකීමක් අතිශයෝක්තියට නංවා ලියා ඇති  ලියමනක් බැවින් සීරියස් නොගන්නා ලෙස ඉල්ලා සිටීමි )

Image: The Guardian

38 comments:

  1. අතිශෝක්තියක් මෙපමණ සත්‍යයට ලඟයැයි නොසිතීමි!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන අවස්ථාත් තියෙනවා නොවැ . ස්තුතියි සබඳ

      Delete
  2. මගේ බ්ලොගය මිතුරු බ්ලොග් රෝල් වල අප්ඩේට් වී නැති අතර මගේ අප්ඩේට් කිරීමේදීද එරර් මැසේජ් එකක් එන්නේය. මේ ගැන උපදෙසක් දෙන්නට පුලුවන්නම් ලොකු උදව්වක්ය. ස්තුතිය්

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් රෝලේ නම් අප්ඩේට් වී ඇත්තේය

      Delete
    2. ස්තුතියි හැල්ප්ස් . මම මේක අද ආයිමත් පොස්ට් කළාය . එවිට අනුමත වී තිබෙන්නේය. ඒත් ඒ හරිම කරමෙට නෙවෙය්ය .

      Delete
  3. අති‍ශෝක්තිය ඇත්තේ ඔබේ ඉදිරිපත් කිරීමේ නොව පළමු හා දෙවන දේශකයන්ගේ කථවල බව තදින් විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. නෑ බන්දුල මේ තුන් දෙනාගේම කතා අතිශයෝක්තියට නංවා ඇත්තේ මගේ ලිපිය ලියද්දීය. කතා සාරය සැබෑ එකකි.

      Delete
  4. ‍මේ ‍ක‍තා‍වේ ‍දෙ‍පැත්‍‍තක්‍ ‍ඇ‍ති ‍බ‍ව ‍ම‍ට ‍හි‍තෙ‍න‍වා. ‍‍උ‍පාධි‍ ‍ම‍ලු ‍ව‍ලින්‍ ‍ප‍ම‍ණක්‍‍ම ‍‍හ‍රි‍හ‍මන්‍ ‍වැ‍ඩ ‍කි‍රී‍ම‍ට ‍බැ‍රි‍වාක්‍ ‍මෙන්‍‍ම ‍හ‍රි ‍හැ‍ටි ‍ය‍මක්‍ ‍ඉ‍ගෙ‍න ‍නො‍ගෙ‍න "‍ඉ‍වෙන්‍" ‍ප‍ම‍ණක්‍‍ම ‍හ‍රි‍හ‍මන්‍ ‍වැ‍ඩක්‍ ‍කි‍රී‍ම‍ට ‍බැ‍රි ‍බ‍වත්‍ ම‍ම ‍අත්‍ ‍දැ‍කී‍මෙන්‍ ‍ඉ‍ගෙ‍න ‍‍ගත්‍ ‍දෙ‍ය‍කි.

    ReplyDelete
    Replies
    1. ඒක පිලි ගන්නවා මචන්. මට වුවමනා වුනේ අවුරුදු 80ක් ජීවත් වෙන කෙනෙක් අවුරුදු හතරක සරසවි පාටමාලාව මුළු ජීවිතේම හැරවුම් පොළ කර ගන්න එකේ වැරැද්ද ගැනයි අනිත් එක තමන්ට ගැලපෙන ජීවිතේ මේ ඉගෙන ගන්න දේ නොවෙන අවස්ථාවල විකල්පයක් තිබිය යුතුයි කියන එකත් කියන්න.

      Delete
    2. Be Brilliant on Basics කියන දේ අපිට කියල දුන්නේ පලවෙනි අවුරුද්දේ. එත් මම එක තේරුම් ගත්තේ අවුරුදු හතරකට පස්සේ ඉස්සෙල්ලාම රස්සාවට ගිය දවසේ. මම එකඟයි. ඉවෙන් හැම දේම කරන්න බෑ.

      Delete
  5. "ආයිමත් වෙනස් වෙන්න නොගැලපෙන දේ අත අරින්න අලුතින් පටන් ගන්න වයස් සීමාවක් නෑ ..".... ආපහු හැරෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ... මට ඕනෑ වුණේ හැම දා ම සිංහල මහාචාර්යවරියක් වෙන්න.... ඒත් ඉතින් මාත් ඒලෙවල්වලින් හැලුණානේ.. අත් ඇරීමේ බියෙන්, මං ආස නැති විෂයයකට

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ කඳු ඔබට තාමත් සිංහල මහාචාර්යවරියක් වීමේ හැකියාව තියෙනවා. මම කියන්නේ විශ්ව විද්‍යාලයක උගන්වන එකම නෙවෙයි. ඒත් ඒ මට්ටමට එන භාෂා කුසලතාවයක් ඔබට තියෙන බව ඔබ ලියන කියන දෙයින් පෙනෙනවා. ඒ තමයි අපි තුල සිටින අපි ජීවත් වෙන්න දඟලන හැටි. රස්සාව ජීවිකාව සඳහාය. එයට අයිති විෂය පථය මොන තරම් අමිහිරි වුනත් ඒ අභියෝගයද අපට බාර ගන්නට සිදු වී ඇත.

      Delete
  6. හි හි... මරු තුන්දෙනෙක්... තුන්වෙනි දේශකයගේ කම්පැණියට යන හත් අට දෙනා තමයි මං හිතන්නෙ කැම්පස් එකෙන්ම වාසනාවන්තම සෙට් එක....

    වෘත්තීය ජීවිතේ සම්බන්ධයෙන් නම් හැරෙන්න පරක්කුයි කියලා දෙයක් හිතන්න හොඳ නෑ මං හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ජීවිතේ වෙන පැත්තකට හරවා ගන්න මමත් තිස්සෙම ට්‍රය් කරනවා. අනේ මන්දා හිරු ,හිතන තරම් ලේසි නෑ

      Delete
  7. ජොබ් එකෙදි පොතෙ විදියටම විතරක් දැම්මොත් නම් ඇන වෙනව අනිවා.ඉන්ජිනියර් සබ්ජෙක්ට් එකෙදි හුගක් ජොබ් එකෙන් ඉහලට යන්නෙ පිස්සු කෙලපු එවුන්.

    ReplyDelete
    Replies
    1. මගෙත් අත් දැකීම ඔහොමයි මචං . විශේෂයෙන් ඉදි කිරීම් මෙව්වා වලදී

      Delete
  8. බලුප් එකක්වත් හරියට මාරු කරගන්න බැරි මම.....ලොතරැයියක් ඇදුනොත් ඉංජිනේරුවෝ ටිකක් වැඩට අරන් කොම්පැනියක් දානවා...:D

    උඹේ බ්ලොග් අප්ඩේට් වෙන්නේ නැති ප්‍රශ්නෙට මම උත්තර දන්නේ නැහැ. වෙන ඕන ඉංජිනේරු ප්‍රශ්නයක් අහපං

    ReplyDelete
    Replies
    1. ලොතරය්යක් අදුනොත් උඹට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද අරු. මම නං එහෙම එකක් ඇදුනොත් මේ ඉන්ජිනේරුකම් අත ඇරලා වෙන මොනවා හරි කරන්නයි ඉන්නේ. D :

      Delete
    2. ලොතරැයියක් අදුනොත් නම් මමත් ඉංජිනේරු කම පැත්තකට දාලා , සල්ලි බැංකුවේ දාලා පොලියෙන් ෂපාන් එකේ ඉන්නවා ,මොකට නහිනවද මෙහෙම.

      Delete
  9. කොහොම වුනත් තුන්වෙනි දේශකයා තමන්ගෙ ඉගෙනුමෙන් නියම ප්‍රයෝජන ගත්ත කෙනා කියලයි මම හිතන්නෙ තිලකේ.පොදුවේ අධ්‍යාපනයෙන් විය යුත්තේ ඔවැනි අය බිහිකිරීම නොවේද.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම්මමයි කියන්න අමාරුයි මචන්. විවිධ චරිත ඉන්න ඕනිනේ සමාජේ. මොකක් නමුත් අපි හිතන විදිහෙයි අපේ අධයාපන ක්රමෙයි අවුලක් තියෙනවා.

      Delete
  10. තුන්වැනි දේශකයානම් මම්ම වේදැයි කියලා කිව්වානම් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. අනේ දැන් ලියලා ඉවරයිනේ .

      Delete
  11. අප්පට සිරි උඹටත් අප්ඩේ වෙන්නේ නැති ලෙඩේ හැදිලද

    ReplyDelete
    Replies

    1. එකනේ බන් .මට බ්ලොග් අප්ඩේට් කිරිල්ල ගැනයි ඔය ටෙක්නික් ගැනයි තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා

      Delete
  12. පොඩි කාලේ ඉඳන්ම අපිට යා යුතු මාර්ගය මේකයි කියලා පෙන්නනවා. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලය. නමුත් ඔය එක තැනකින් හරි හැරුනොත් තියන විකල්ප මොනවද කියන එක ගැන කතාබහක් ඇතිවෙන්නෙ කලාතුරකින්. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි අයගේ ජීවිත කතා දැනගැනීම වැදගත් ඒ නිසයි. ඔවුන් අර පිළිගත් මාර්ගයෙන් තමන්ගෙ අරමුණු කරා ගිය අය නෙවෙයි.

    මටත් උසස් පෙළ කඩ ඉමෙන් හැරෙන්නට සිද්ධවුණා. නමුත් ඒ නිසාම මගේ ජීවිතය වෙනස් මාර්ගයක ගියා. එක අතකින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න බැරිවීම පිළිබඳ දුකකුත්, නමුත් ඒ වෙනුවට ලබපු වෙනස් අත්දැකීම ගැන සතුටකුත් තියනවා. ඉදිරියේදි ආයෙත් අංශක 90කින් හැරෙන්න බලාපොරොත්තුවකුත් තියනවා...

    ReplyDelete
    Replies
    1. හැලෙන උදවියට මීට වඩා විකල්ප මාර්ග තියෙන්න ඕනි තමයි. ඒත් ඒකට පවතින ක්‍රමයේ වගේම අපි හිතන විදිහෙත් අඩුපාඩු හැදෙන්න ඕනි. කොහොම උනත් ළඟදී හැරෙන්න යන හැරිල්ලට ඔන්න මගෙනුත් සුබ පැතුම් !!

      Delete
  13. හතරවෙනි එකාත් ඔන්න ආවා...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා. ඔන්න දැන් ඔයාගේ වාරේ .

      Delete
  14. තුන්වෙනි දේශකයා තමයි දේශකයා. මං තර්ඩ් ඉයර් එකේ මාස තුනක්ම ෆැකල්ටිය පැත්තේ ගියේ නෑ. වීදි නාට්‍ය කණ්ඩායම එක්ක රට වටේ ගියා , ඒ කාලේ මැයි මගේ රූමයි දෙන්නා තමයි ඒ වීදි නාට්‍යයේ ප්‍රධාන නළුවෝ දෙන්නා , මග ඇරිච්ච ප්‍රැක්ටිකල් ටික වැඳලා වගේ රීෂේඩුල් කරගත්තා.

    අද වෙනකන් ඉගෙන ගත්ත දෙයින් ඕන වුනේ බොහොම ටිකයි අනිත් ඔක්කොම සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීමයි, තැනෙ හැටියට ඇනේ ගහන්නයි දන්නේ නැත්තං මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. වීදි නාට්‍යය කිව්වම මට මතක් වුනා ඒ ;කාලේ කරපු සමහර නාට්‍ය. උඹ පේරා හිටි කාලේ ගාමිණි හත්තොට්ටුවේගම මහත්තයා හිටියාද ඉවාන් .

      Delete
    2. ඔව් මම හත්තොටුවේගම මහත්තයාගේ වැඩමුළු දෙකකටම ගියා, ඒවා සංවිධානය කරේ චමීර කොස්වත්ත. අපිව යැව්වේ චන්දන සූරියආරච්චි.........ඇවිදින විශ්ව විද්‍යාලයක් ආචාර්ය හත්තොට්ටුවේගම

      Delete
    3. ඒකනම් සහතික ඇත්ත!!

      Delete
  15. උඹේ බ්ලොග් එක මගේ ඩෙනිමේ බ්ලොග් රෝලේ අප්ඩේට් වුන නිසා තමයි බං මම මේ ඇවිත් ඉන්නේ. සමහර බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නැතිම නම් උඹ ඒ බ්ලොග් රෝල් බලලා අයිති කාරයින්ට කියාපං උඹව බ්ලොග් රෝලෙන් ඩිලීට් කරලා සේව් කරලා ආයෙම අලුතින් දාන්න කියලා. සමහරවිට හරියයි.

    තුන්වෙනි දේශකයා down to earth පොරක්. මම වැඩ කරන්න ආසා අන්න ඒවගේ උන් එක්ක. නිකං මේ බොරුවට පුම්බන උන් එක්ක නෙවෙයි.

    උඹ අතිශයෝක්තිය වුනත් ලස්සනට ලියලා තියෙනවා මචං.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා. මේක පේන්න පටන් ගත්තේ දෙවැනි පාරත් පොස්ට් කලාට පස්සෙයි. දවසක් විතර හැංගිලා තිබ්බා. දැන් හරි මචං .

      Delete
  16. මචං තුන් වැනි දේශකයා උබද කියලා හිතෙනවා හාවාගේ කමෙන්ටුවට උබ දුන්න උත්තරේ දැකලා.

    ReplyDelete
    Replies
    1. මට ඕනි ඒව ටිකකුත් තුන්වන දේශකය ලව්වා කියවගත්තා මචන්. එකනේ අතීශයෝක්තිය කිව්වේ. හාවාට එහෙම හිතෙන්න ඇත්තේ ඒකයි.

      Delete
  17. මං පොඩ්ඩක් අව්ලෙන් හිටියේ ඔහොම පොඩි සීන් කෝන් එකකට .හිත හොඳටම හැදුන.බොහොම සතුටුයි තිලකේ.

    ReplyDelete