තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; tekanayaka@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ

Tuesday, February 12, 2019

ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා



පසුගිය ලිපියෙන් මා  කතා කළ  " සන්නිවේදන කරළිය   එක දෙක කරන  අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක්  අභියෝගයට ලක් කළ  ' හිම කන ඔටුවෝ'  නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති  නිසා එය මගේ ලිපියම ඉලක්ක  කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි  වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.

ඇත්තෙන්ම 1994 මැදක් වන විටත්  ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල  නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය  භාවිතා කරමින්  තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ  "අන්තර් ජංජාලය" කියලාය .

එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට  අලුත් සිංහල වචනයක්  සෙවීමට තීරණය කළෙමි.  මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත්  කරුණක්  වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ  වැඩිමහල් සහෝදරයා වීමයි .

ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.

 "අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න  හොඳම විදිහ 'දැලටිය' .  ඔහු කීවේය.

අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි  මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ  internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද  කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන  ' අතුරු ජාලය ' ගැන  ලිපිය සැකසීමි .

ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු  ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු  යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට්  එකට දාපු  නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය"  මම කීවෙමි

ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.

දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය '  ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම්  අවලස්සන වචනද ?  ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .

කොහොමින් කොහොමින් හෝ  ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර  එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,

ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.

තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා  ටයිටස්  තොටවත්ත  යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.

මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට  ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ  යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.

මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.

මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '

' අයියෝ තනිකර අසිංහල නමක්නේ "

එවිට මහේන්ද්‍ර කිසිවක්  නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .

' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "

සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද  සිල්වාට ඔහුගේම නම  වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට  ඔහු හඳුන්වා දුන්   හුරුබුහුටි  වචනය වන   ' 'අතුරු දැලටිය'   ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.


මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු  බ්ලොග්  සටහනකි  ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.

පසු සටහන :




මගේ දෙවන පොත වන "තිලකසිත දෙක"  මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න  බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර  හෙට .







Posted by තිලකසිත at 4:49 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

34 comments:

  1. MPP GunasingheFebruary 12, 2019 at 6:27 PM

    ටයිටස් හා ඊලියන් දෙදෙනාම මිල කළ නොහැකි සම්පත්. ඔබේ මේ සිහිපත් කිරීම ඉතාම වටිනවා

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:18 PM

      ඔව් ඔවුන් ගැන තව දුරටත් ලියවෙනන ඕනි . ස්තුතියි ගුණසිංහ මහත්මයා

      Delete
      Replies
        Reply
    2. Reply
  2. නාඩියා නාඩිරත්නFebruary 12, 2019 at 8:19 PM

    හැබැයි තාක්ෂණ අංශේ තියෙන සමහර සිංහල නම් කොහෙත්ම කියවගන්නවත් බෑ!
    අලුත් පොතට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. Pra JayFebruary 13, 2019 at 1:26 AM

      විදුලි ඉන්ජිනේරු ග්ලොසරි එක කියවන්නම වටිනවා. සමහර වචන නිකම් කිවිසුම් යවනවා, කහිනවා, බර්ප් කරනවා වගේ ඇහෙන ඒවා

      Delete
      Replies
        Reply
    2. වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )February 13, 2019 at 8:48 AM

      යුනිවර්සල් ජොයින්ට් එකට සර්වලෝක පූට්ටුව කියලනෙ නම දාලා තියෙන්නෙ... :D

      Delete
      Replies
        Reply
    3. දෙව් නුවනිMarch 20, 2019 at 5:23 PM

      ඔව් ඉතාම අඩුවෙන් භාවිතාවෙන මෙලෝ විදිහකින් තේරුම් ගන්න බැරි වචන තියෙනවා මේවයේ. ඊට වඩා ඉංග්‍රීසි වචනෙම දාන එක හොඳයි. මගෙන් කවුදෝ අහල එවලා තිබ්බා 'Cyber' කියන එකට සිංහල වචනයක් මම ලිව්වේ 'සයිබර්' .

      Delete
      Replies
        Reply
    4. Reply
  3. ManojFebruary 12, 2019 at 8:21 PM

    තිලකේ අයියාගේ පළමුවැනි පොත තමයි මට තරු අක්කාව මුණ ගැස්සුවේ.තවම මතකයි ඒ දවස.මේ පොතටත් සුබ පැතුම්.එන එක අවිනිශ්චිතයි.එත් පොත ගන්නම්.

    ReplyDelete
    Replies
    1. Pra JayFebruary 13, 2019 at 11:48 PM

      මට නම් ඒ තරම් හොඳ දවසක් නෙමෙයි. ඉවාන් ලව්පූසාව මුලින්ම මුණ ගැහුන දවස. අපොයි.

      Delete
      Replies
        Reply
    2. කල්‍යාණ මිත්‍රFebruary 16, 2019 at 2:50 AM

      මමත් එදා ආවාට මගේ වෙලාවට මේ කරදරකාරයෝ කවුරුත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ.. :))))

      Delete
      Replies
        Reply
    3. දෙව් නුවනිMarch 20, 2019 at 5:25 PM

      එදා ආවානම් කොච්චර හොඳද මනෝජ්. සෑහෙන යාළුවො ටිකක් ඇවිත් හිටියා. ළඟදී හමුවෙමු. ස්තුතියි

      Delete
      Replies
        Reply
    4. Reply
  4. සෙන්නාFebruary 13, 2019 at 12:05 AM

    අතුරු දැලටිය ට වඩා අන්තර්ජාලය මටනම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. Pra JayFebruary 13, 2019 at 1:23 AM

      අතුරුදැල කිව්වනම් ඉවරයිනෙ. කවුද කැමති දැලටිය කියන්න

      Delete
      Replies
        Reply
    2. සෙන්නාFebruary 13, 2019 at 6:23 AM

      මොට්ටම එක "ගුවන් විදුලිය".

      Hindenburg ලිපිය ලියද්දි සිංහල වචන නැති නිසා මට වචන දෙකක් හදන්න වුනා..

      Ballast water = තුලන ජලය
      Mooring mast = ගාල් කුළුන

      Delete
      Replies
        Reply
    3. දෙව් නුවනිMarch 20, 2019 at 5:28 PM

      මමත් ඇහුවා අතුරුදැල කියල දාමුද කියලා. ඔහුගේ අදහස වුනේ දැල් රාශියක් එකතු වෙලා තමයි දැලටිය හැදෙන්නේ කියලා

      Delete
      Replies
        Reply
    4. දෙව් නුවනිMarch 20, 2019 at 5:33 PM

      සෙන්නා විසින් සිංහල භාෂාවට එකතු කරපු වචන ගැන අසන්න ලැබීම සතුටක් . ඊලියන් සිල්වා හඳුන්වා දීපු පිරිපහදුව හා රැහැන වගේ වචනවලට මම කැමතියි

      Delete
      Replies
        Reply
    5. Reply
  5. වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )February 13, 2019 at 8:47 AM

    Engineer - මැවිසුරු
    Turbine - තලබමනය
    ඊලියන් සිල්වා එක් එක් වගාවන් සදහා භාවිතා කරන්න යොදාපු පොදු නම තමයි 'වගායුරුව'. කෘෂිකර්මය කියන්නෙ වී වගාවට. ඊලියන් සිල්වා බල්ලට සුනඛයා කියන එකටත් තදින් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:35 PM

      සුනඛයා කියන වචනේ කොහෙන් ආපු එකක්ද මන්දා අර අච්චර සරල වචනයක් තියෙද්දී

      Delete
      Replies
        Reply
    2. Reply
  6. RaviFebruary 13, 2019 at 10:23 AM

    එතුමා තමන්ගෙ නම ඉලියන සිළුවාණ කියල බොහොම ටික කාලයක් භාවිතා කලාය කියල මම අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:36 PM

      දැන ගත්තේ අදයි. ස්තුතියි රවී

      Delete
      Replies
        Reply
    2. Reply
  7. AnonymousFebruary 13, 2019 at 2:04 PM

    ග්ලොසරිවල ඇති වචන සිල්ලම පාහේ සංස්කෘත වචනයි. උදාහරනයක් විදිහට අන්වීක්ෂය දුරේක්ෂය වැනි වචන, මේවාට දී ඇති සිංහල වචන අනුදක්නය, දුරදක්නය එම වචන අපූරුවට ගැලපෙන හැටි බලන්න, සිංහලෙන් ජාතික ගීය වත් හදාගන්න බැරි ජාතියක් අපි, ජාතික ගීයෙ සිංහල වචන කීයද තියෙන්නෙ. නමෝ නමෝ මාතා කියල පටන් ගන්නෙම සංස්කෘතෙන්. අපේ බොහෝ අය සිංහල බෞද්ධනෙ. හැබැයි බෞද්ධ කියන එකත් සිංහල නොවෙයි.

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:37 PM

      අනුදක්නය , දුරදක්නය වගේ වචන හරි සරලයි වගේම නැවුම් . ඒවගේම රෝහල, සරසවිය වගේ වචනත් අලුතින් එකතු වෙච්ච හොඳ වචන

      Delete
      Replies
        Reply
    2. Reply
  8. Jagath PathiranaFebruary 13, 2019 at 8:16 PM

    මේ වනවි්ට සිඅංහල බසට කලහැකි හොඳම වැඩිදියුණු කිරීම වන්නේ "එක" ,"කරනවා", "කරණය",කියන වචන වෙනුවට යොදාගත හැකි අකුරක හෝ අකුරු දෙකක උපසර්ගයක් සොයා ගැනීමයි.
    උදාහරණයක් හැටියට;
    "පාඩම් කරනවා" වෙනුවට "පාඩම්..." ලෙස තනි වචනයක් හදා ගන්න පුළුවන්නම් ඒක සිංහල බසේ යෝධ ඉදිරි පිම්මක්

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:42 PM

      එකඟයි ජගත් . මේ වගේ කාලීන වැඩිදියුණු කිරීම්වලින් භාෂාවට හානියක් වෙයි කියලා මම හිතන්නේ නෑ

      Delete
      Replies
        Reply
    2. Reply
  9. Dayaratna WeerasekaraFebruary 14, 2019 at 1:38 AM

    පාරිභාෂික වචන වශයෙන් සිංහල භාෂාවට ඇතුලත් කර තිබෙන බොහෝ වචන වහාම සංස්කරණය කළ යුතු බව නම් පෙනෙනවා. 1960 ගණන් වලදී ඉගැන්වීමේ මාධ්‍යය සිංහල කළ කාලයේ සිටම විද්‍යා අධ්‍යාපන කටයුතු වල නියැලුණු අප මේ ගැන කිහිප වරක්ම පෙන්වා දුන්නා. අතරින් පතර යම් වෙනස් කම් කර තිබෙනවා. මා සිතන ආකාරයට සංස්කෘතයෙන් වචන ගන්නවාට වඩා ඉංග්‍රීසි වචන සිංහලට හුරුවන ලෙස සකස් කර ගැනීම පහසුයි. Data යන වචනයට දත්ත යනුවෙන් යෙදීම හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. AnonymousFebruary 14, 2019 at 6:22 AM

      උදාහරණයක් ලෙස බස්,කාර් යන වචන බස් එක, කාර් එක කියල කියන්න පුලුවන් උනත් විබත් වල වරනැගීමෙදී බස් එකෙන්, බස් එකට , බස් එකේ යනුවෙන් එක කියන එකනෙ වර නැගෙන්නෙ. බසය, කාරය යනුවෙන් කීවොත් විබත්වල වර නැගෙනවා. ඒත් බලන්න දුම්රිය යන වචනය එය අපූරුවට වර නැගෙනවා. වචනයට තේරුමක් තියෙනවා. බසය , කාරය වචන වලට දුම්රිය වගේ තේරුමක් නැහැ. ඉරේසර් කියන වචනයට මකනය කියල අපූරු වචනයක් තියෙනවා. ඉතින් මේ මකනයෙන් මැකෙන්නෙ නැද්ද?
      අපේ රටේ පාලකයන් කොයි කවුරු ආවත් ඔවුන් අතර විද්වතුන් නැහැ. ඔවුන් සිංහලය පාවිච්චි කරන්නේ ජාතිවාදයට උඩගෙඩි දී බලයට පැමිනීම සඳහා පමණයි. ඔවුන්ගෙන් සිංහලයට හෝ සිංහල බසට වන සේවයක් නැහැ. සිංහලේ කියල ත්‍රී වීලරේ පස්සෙ ගහ ගත්තට නම් අපේ ජාතිය නැගෙන්නෙ නැහැ. මූලිකවම බස නිවැරිදි විය යුතුයි.

      Delete
      Replies
        Reply
    2. AnonymousFebruary 14, 2019 at 2:34 PM

      ඩේටා=දත්ත කරගත් විදියට යුරෝපීය වචනවලට තත්සම වචනහදා ගැනීමෙන් එකී විෂයයන් පිළිබඳ මුල් කෘති ලියැවී ඇති ඉංගිරිසියෙන් ඇති විෂය කරුණු වෙත යාමට සිංහලෙන් උගන්නා දරුවනට මහඟු අත්වැලක් ලැබෙනවා. ඔබතුමාගේ අත්දැකීම් අනුව ඔබ විෂයක්ෂේත්‍රයට අලුත් පාරිභාෂික පද කෝෂයක් ලියන ලෙස ආරාධනය කරනු කැමැත්තෙමි. ඔබේ රචනාවල ඇති සරල, පැහැදිලි නිර්මාණාත්මක ශෛලිය නිසා ඊට ඔබ සමත්යයි හිතන නිසයි මෙහෙම කියන්නෙ.

      Delete
      Replies
        Reply
    3. දෙව් නුවනිMarch 20, 2019 at 5:47 PM

      බොහොම ස්තුතියි දයා මහත්මයා. මගේ භාෂා දැනුම ඉතාම සීමිතයි. විශ්‍රාම ගිය කාලෙක සිංහල භාෂාව හොඳින් හදාරන්නත් විද්‍යා හා තාක්ෂණ පැත්තෙන් වැඩිදුර පොත පොත ලියන්නත් හිතාගෙන ඉන්නවා. මේ යෝජනාව ගැනත් හිතලා බලන්නම්

      Delete
      Replies
        Reply
    4. Reply
  10. Aruna PereraFebruary 15, 2019 at 12:36 PM

    ඔය ටයි මහත්තයා අපෙ නෝනගේ ලඟම නෑදෑයෙක් නිසා මාර රස කතා දන්නවා. අයියයි මල්ලියි මරු ඩබලක් අප්පා. දන්න අය දන්නවා...

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:48 PM

      ඒ දෙන්නගේ භාෂාව වගේම අරූ කියන කතා ටිකත් රසවත් ඇති . වෙලාවක අහ ගන්නම්

      Delete
      Replies
        Reply
    2. Reply
  11. දේශකයාFebruary 16, 2019 at 8:04 AM

    ලංකාවෙ බුඩිමතුන් හදපු බහුතරයක් විද්‍යාත්මක වචන බහුබූත.බල්ලෙකුට තේරෙන්නැ

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:48 PM

      හැමෝටම තේරුනාම අපට තැනක් නැති වෙනවනේ

      Delete
      Replies
        Reply
    2. Reply
  12. අනුරුද්ධ වැලිගමගේFebruary 23, 2019 at 1:42 PM

    ලස්සන කතාවක් . මං හිතන්නෙ තව පොත් කීපෙකට හරියන්න තොරතුරු තිලක ගාව තියෙනවා වගේ . මගේ පිටපත් දෙක ලැබෙනකම් බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. දෙව් නුවනිMarch 20, 2019 at 5:50 PM

      බොහොම ස්තුතියි අනුරුද්ධ . ලියන්න දේ ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. ඒත් කාලෙන් කාලෙට අවිවේකී වෙන එක තමයි ප්‍රශ්නේ . පහුගිය මාසෙම බ්ලොග් එක දිහාවත් බලන්න බැරි වුනා

      Delete
      Replies
        Reply
    2. Reply
  13. සුදීකMay 6, 2019 at 4:15 PM

    අපට වැරදුණු ඒවාත් කිහිපයක් තියෙනවා Government Analyst කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ රජයේ රස පරීක්ෂක කියළා. නමුත් පසුකාලීනව බහුලව භාවිතා වුණු System Analyst කියන වචන සහ තවත් කිහිපයක් නිසා, විශ්ලේෂක කියන වදන ආවා. රස පරීක්ෂක කියනවට වඩා විශ්ලේෂක කියන එක තමයි හරි යන්නේ. රස කියපු ගමන් දිව සිහියට එනවා. අනිත් එක Fiber කියන එක කෙඳි කියළා පරිවර්තනය වී තිබීම. මේ නිසා අපේ වැඩිහිටියෝ තේරුම් ගත්තේ ආහාර් ජීර්ණයට කෙඳි තියෙන කෑම තමයි හොඳ කියළා. ඉතිං අපේ තාත්තලා කෙහෙල් බඩ කන්න හරිම උනන්දු වුණා. නමුත් ඒවායේ නියම ආහාර ටික කැඩෙන සුළු ඒවා. කුරක්කන්, ගස්ලබු, ඇපල් වගේ දේවල්. ආහාරමය එකට වෙනත් නමක් තියෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
      Reply
Add comment
Load more...

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

My Blog List

  • Hot Chocolate Days
    ආදරණීය සීයේ
  • Chandima Gomes
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාව
  • ඉකොනොමැට්ටාගේ බොජුන්හල
    සැම්බියාවේ මිල සූත්‍රය
  • අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya
    චිත්‍ර පංතියක මතක
  • Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
    හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්...
  • THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column
    289. බලු නොවටින බලු කථාවක්!
  • ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)
    ප්‍රබුද්ධ ජීවිතයක් වෙනුවෙන් චිත්තරූප සංචිතය ගොඩනැගීම හෙවත් සෞන්දර්ය අධ්‍යාපනය- ලියනගේ අමරකීර්ති
  • කාර් පිස්සුව
    ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)
  • දේශකයා
    සරත් විමලසූරිය කොයි වගේද??
  • යාං හෑල්ල
    නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං
  • ඉවාන් පවුලූශා
  • අනිත් කොන - a doctor's heart sutra
  • 18 සන්නිය | 18 Sanniya
  • අටම්පහුර atampahura
  • කොළඹ ගමයා
  • විසිරි සිහින
  • මාතලන් | Maathalan
  • රසිකොලොජි - Rasikology
  • නිදහස් සිතුවිලි
  • පරිවර්තන....Parivarthana
  • හැලපයා helapaya
  • තරුරසී
  • කල්‍යාණ මිත්‍ර
  • අධ්‍යාපන රසකතා
  • අනිත් කොන - a doctor's heart sutra
  • බිත්තිය
Show 3 Show All

Blog Archive

  • ►  2024 (15)
    • ►  December (5)
    • ►  November (4)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (1)
    • ►  January (2)
  • ►  2023 (13)
    • ►  December (3)
    • ►  November (4)
    • ►  October (2)
    • ►  August (1)
    • ►  May (3)
  • ►  2022 (4)
    • ►  December (3)
    • ►  October (1)
  • ►  2021 (4)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  June (1)
  • ►  2020 (34)
    • ►  September (2)
    • ►  August (4)
    • ►  July (4)
    • ►  June (4)
    • ►  May (5)
    • ►  April (8)
    • ►  March (3)
    • ►  February (2)
    • ►  January (2)
  • ▼  2019 (7)
    • ►  December (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  July (1)
    • ▼  February (2)
      • ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා
      • දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය
    • ►  January (1)
  • ►  2018 (10)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (3)
  • ►  2017 (10)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  April (3)
    • ►  February (2)
  • ►  2016 (24)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (4)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (1)
    • ►  January (3)
  • ►  2015 (22)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (3)
    • ►  September (1)
    • ►  August (3)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (2)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2014 (30)
    • ►  November (2)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (3)
    • ►  July (2)
    • ►  June (3)
    • ►  May (2)
    • ►  April (3)
    • ►  March (3)
    • ►  February (3)
    • ►  January (3)
  • ►  2013 (34)
    • ►  December (4)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (4)
    • ►  August (4)
    • ►  July (5)
    • ►  June (4)
    • ►  May (7)

Istanbul Diary

  • Istanbul Diary (6)
  • නව කතාව (28)

Followers

Popular Posts

  • පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත කතා - හිල්ඩා ඔබේසේකර, රාමනාදන්, අක්බාර් ඇතුළු පිරිස -1
    Photo-Sunday Times පේ රාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක...
  • සර් කියලා කියාපන්
    මී ට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිව...
  • වේවැල් කසාය හා සඳුදා අක්කා
    උ ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත. ***** දඬු...
  • කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ
    පා සැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට ප...
  • අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස
    Akbar Hall- from AllTravels මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය . රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැ...
  • මගුල් ගෙදර
    ම ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට ක...
  • විසි අට වෙනි කොටස A - අටවිසි මහල පොත නිකුත් වෙයි
      (මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට Aවෙනි කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින්  .  මේ  කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික...
  • අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස
    ඔ බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස...
  • තුම්මංහන්දියේ ලොකුමාමා හෙවත් අපේ සමන් රන්ජිත්
    කා රයේ පිටුපස අසුනේ හරස් අතට මම නිදාගෙන ආවා .වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි . බණ්ඩාරවෙල හපුතලේ පසුකරමින් රිය බෙරගල පල්ලම බසිමින් සිටියා ....
  • පේරාදෙණියේ ෆිල්ම් සොක-1
      Peradeniya University Arts Theater ( www.pdn.ac.lk) ව ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . ...

Labels

  • Istanbul Diary
  • නව කතාව

දින පොත

  • Home
  • Diary

Labels

  • Istanbul Diary
  • නව කතාව

ජීවන කතන්දර

  • Istanbul Diary
  • නව කතාව

චරිත කතා

  • Istanbul Diary
  • නව කතාව

කෙටි කතා

  • Istanbul Diary
  • නව කතාව

දින සටහන්

  • Istanbul Diary
  • නව කතාව
Picture Window theme. Powered by Blogger.