මේ ගොඩනැගිල්ලේ මහල් විසි අටකි . මේ නව කතාවද පරිච්චේද 28 කින් සමන්විත වෙයි. එක් පරිච්චේද්යක කතාව ලියවෙන්නේ අනුරුප ගොඩනැගිලි තට්ටුවේ ඉදිකිරීම් වැඩ කරද්දීය. 2015 අවුරුද්දේ ලියන්නට පටන් ගත් "අටවිසි මහලේ" සාරාංශය මුලින්ම හිතවත් කීප දෙනෙක් අතර බෙදා ගත් අතර ඒ ගැන සංවාදය දිගට ඇදුනේ නැතිකමත් මගේ කම්මැලි කමත් එක්කාසු වීම නිසා වැඩේ ප්‍රමාද විය.
නවකතාවක් ලියද්දී කවුරුවත් ඒ කතාවේ සාරාංශය හා අවසානයට වෙන්නේ මොකක්ද කියා මුල්ම පරිච්චේදයේ කියන්නේ නැත. එහෙත් මම එහෙම නොවේය . මේ කතාවේ තට්ටුවෙන් තට්ටුව කතානායකයාට ජීවිතේ විවිධ අවධි සිහිපත් කරවන චරිත හා සිද්දීන් හමු වෙයි. අවසානයේ අටවිසි මහලේදී ඔහුට ලැබෙන ජීවිතාවබෝධය මහලින් මහලට ඔහුගේ අතීතාවර්ජන, පුද්ගල සම්බන්ධතා , මිතුරු සංවාද ඇසුරෙන් ලබුවක්ද ? නොඑසේනම් මහලින් මහල ඉහළට යද්දී තමා මුලින් සිටියේ මොන තරම් කුඩා වපසරියකද කියා පැහැදිලි වීමද ? මේ සියල්ල දැන ගැනීමට මා සමග එකතු වන්න. දින විසි අටක් හෝ සති විසි අටක් ඊට ගත වේවි . අවසානයේ මේ කතාව සියලු අද උදහස් හා ප්‍රතිචාර සලකා බලා මුළුමනින්ම අලුතින් සංස්කරණය කර පොතක් සේ පළ කරන්නට බලාපොරොත්තු වෙමි.
බිම්
මහලින් කොටසක්
අගනුවරට ආසන්න නගරයක වෙරළට යාබදව පිහිටි තැනිතලා
අවලස්සන ඉඩම මුලින්ම එළිපෙහෙලි කරද්දී මේ සා කෘතිම යන්ත්‍ර සූත්‍ර වලින්
නැගි ගාලගෝට්ටියක් මැවෙතැයි අසල්වැසි කිසිවෙක් නොසිතූහ.
පළමුවෙන්ම කරන ලද්දේ හතර
වටෙන් එළි පෙහෙලි කර ගැල්වනයිස් රැලි තහඩු වැටකින් මේ භූමිය රහස් බිමක් බවට පත් කිරීමයි. තඩි උස
ගේට්ටුව ඉඳහිට ඇරී එන යන ලොරිවලින් ගේන්නේ මොනවාද ගෙනියන්නේ මොනවාද යන කසු කුසු සෑම තැනින්ම
ඇසෙන්නට විය.මේක ඇතුලේ නිධන් හාරනවාද, කසිප්පු
පෙරනවාද නැතිනම් තහනම් ගුබ්බෑයමක්වත්ද
කියා සිතන්නට ඉඩ දෙන තරම් ගුප්ත නිහැඬියාවකින් යුත් දවස් ගණනාවක් ගත වුනි.
මුලින්ම පොළව හෑරුනේ උදළු, සවල් හා යවුළු, අලවංගුවල උදව්වෙනි. පොළවෙන්
මතුවී එන කලුපාට පස් කැටිති ප්ලාස්ටික් කැබලි අතරේ
ලෝකයට නිරාවරණය වෙන නොයෙක් හුරුබුහුටි වස්තූන් දෙස මනෝරංජන බලා සිටියේ කුහුල් සිතිනි.
පළමු දවසේ පොළවෙන් උඩට
මතුවූ පරණ ප්ලාස්ටික් මල් පොකුර නිකම්ම කසල ගොඩට විසිවෙද්දී ඔහුගේ හිතේ දුකක් ඇති නොවිනි. එහෙත්
ඔහු කල්පනා කලේ එය මංගල මල් කළඹක කොටසක් විය නොහැකිද කියලාය . දෙවන දවසේ පොළව හාරන විට මතුවූ
සෙල්ලම් බෝනික්කා හැත්තෑව දශකයේ තමන් දැක හුරුපුරුදු එකක් බව මනෝරංජන්ට සිහිපත් විය. ඔහු එය පරෙස්සමින් අතට ගෙන සෝදා වියලා ගෙන වැඩබිම් කන්තෝරුවේ ලියන
මේසය පසෙක තබා ගත්තේය. ඊළඟ දවසේ ඔහුට හමුවූ මිනී ඇට කැබැල්ල මොන තරම් පරණදැයි
සොයන්නට ඔහු නොවෙහෙසුනේය. ඒ දෙස නොබලා ඔහු වැඩබිමේ අනෙක් පස මායිමේ පයිල් යන්ත්‍ර
සවි කරන හැටි බලන්නට ගියේය.
එය තරමක්කො විශාල ඉඩමකි . කොටස් දෙකකට බෙදා තිබු වැඩබිම් කන්තෝරුවද ඊට යාබදව පරාල ඉන්දවා තුනී ලෑලි සහ ටකරන් තහඩු ඇසුරෙන් නිමවා තිබූ ඉසටෝරුවද හැරුනුවිට මුලු වැඩ බිමම එකම මඩ ගොහොරුවක්
වි තිබේ. සේවක නවාතැන හා නිලධාරි නිවස මුහුද පැත්තට වෙන්නට එකිනෙකින් තරමක් ඈත්ව පිහිටියේය. ලොකු බූට් සපත්තු දෙකක් දමාගෙන තමාට ලැබුණු කුඩා සේවක පිරිසත් සමග
මනෝරන්ජන් මේ යුහුසුලු වන්නේ මහල් විසි අටකින් යුත් නිවාස සංකීර්ණයේ අත්තිවාරම ඉදි
කිරීමටයි. උදේ එළිය වැටුණ මොහොතේ සිට සහ කළුවර වැටෙන තෙක් වෙහෙසෙන වැඩබිම් ශ්‍රමිකයන්
තනි නොකර ඔවුන් පසෙකින් සිට උපදෙස් දෙන්නටත් කන්තෝරුවට එන ඇමතුම් වලට පිළිතුරු
දෙන්නටත් පොත්පත් ලියකියවිලිවල වැඩ සම්පූර්ණ කරන්නටත් මනෝරංජන කාලය කෙසේ හෝ කළමනාකරණය කර ගත්තේය.
මුහුදු සුළඟ විසින් හැන්දෑ
හිරිකඩ වෙරලිනුත් ඔබ්බට ගෙනැවිත් අත අරිද්දී ගොම්මන් අඳුර අතරින් අවුල් වී ගිය
කෙසින් යුත් තරුණයෙක් වැඩබිම්
ගේට්ටුව ළඟ හිටගෙන සිටියේය. මඩ
පිරුණු වැඩ බිමේ ඈත කෙළවරේ සිට මේ දසුන දෙස බලා සිටි මනෝරන්ජන්ට එක්වරම යමක් සිහි
වූයෙන් තරුණයා සමග පිරුක්සුම් කතාබහක යෙදී සිටින තලත්තෑනි සිකුරුටි නිලධාරියාට
අත්පුඩියක් ගසා ඊළඟට මුර ගෑවේය.
“ඒයි ඔය
මනුස්සයා මෙහාාට එවනවා.”
එකෙනෙහිම පටි මහත ට්‍රැවලින්
බෑග් එකක් අතින් ගත් තරුණයා සිකුරුටි තෙමේද නොතකා චිරි චිරි මඩ ගොඩැලි වගේ වගක් නැතිව පාගමින්
තමන් දෙසට එන හැටි බලා මෙසේ ඇසුවේය.
“මනම්පේරි
මහත්තයද එන්න කිව්වෙ?”
Picture Source: Think Wood
අයියේ, කියවන්න අමාරුයි. පොඩි එලයින්මන්ට් අවුලක් තියෙනවා. අකුරු එලියට පැනල..
ReplyDeleteහරි මල්ලි මං හදන්නම්. බොහොම ස්තුතියි
Deleteහුගක් කාලෙකින් පස්සේ හොඳ කතාවක් කියවන්න ලැබෙයි වගේ.අර රවියගේ කතා වගේ නොවේවා.
ReplyDeleteඋත්සහ කරන්නම් ඉයවන්න පුළුවන් දෙයක් ලියන්න . ඒත් රවිගේ කතා වගේ පඳුරු තල තලා ලස්සනට ලියන්න බෑ මට
Deleteහොඳ ඇරඹුමක්
ReplyDeleteහොඳ ඇරඹුමක්
ReplyDeleteමරු! අටවිසිමහල එක හුස්මට ලියාගෙන යන්න ලැබේවා!
ReplyDeleteබොහොම ස්තුතියි නාඩි . එක හුස්මට ලියන්න බැරි උනත් දිගටම ලියාගෙන යනවා
Deleteඉතාම අනර්ඝ සිතුවිල්ලක්, ඒත් මේ කෙටි සටහන හෝ ආරම්බයට මම කැමති නැහැ.ඒක නිකම් too straight forward වගේ.
ReplyDeleteමට හිතෙන දේ කිව්වා මිසක් මට ඔය ලිවීම ගැන දැනීමක් නැහැ, එයිටත් වැඩිය මම මේ වෙලවෙ අඩියක් ගහලා ඉන්නේ ..
බොහොම ස්තුතියි GJK. මටත් සෑහෙන විච්චිකිච්චාවක් තිබ්බා මේ ආරම්භය ගැන . පස්සේ හිතුවා මේ විදිහටම යමු කියල. අවසාන සංස්කරණයේදී මේ ගැන අනිවාර්යයෙන්ම සලකලා බලනවා. ඉදිරි කොටස් වලදීත් හොඳ හෝ නරක දැනෙන දේ ලියන්න. මට එය ලොකු උදව්වක් වේවි
Deleteඇරඹුමම කුතුහලයක්...
ReplyDeleteඒක හුස්මටම කියාගෙන යන්න හිතෙන කතාවක් වගෙයි.
නොනැවතී ලියාගෙන යන්න අයියේ.
බොහොම ස්තුතියි නංගී. දිගටම ලියනවා
Deleteආරම්භය අනර්ඝයි.දැනටම විවිධ දිශානති ඔස්සේ කුතුහලය දුව යනවා. සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි දයා මහත්තයා. මේ ලිවිල්ල අභියෝගයක් . මොකද මම කෙටි කතන්දර මිස දිග නවකතාවක් ලියලම නැති නිසා.
Deleteඅදයි පටං ගත්තෙ.
ReplyDeleteමඩ වගුරෙ වුනත් පයිල් ටික හරියට ගහගත්තම ඉතිරි හරිය පහසු වේවි. ඔහොම යං...
ReplyDeleteහොඳ හොඳ මහල් දකින්න හැකිවේවි.
අද ,කරන්නම දෙයක් නැතිව බෝග පැත්තට ගොද්ළ වුණේ. වෙලාවට මේ සීරීස් එක හමු වුණේ. කතාව රසවත් වෙයි කියළා හිතෙනවා.
ReplyDeleteමොකක් නමුත් අතීතාවර්ජනයක් වෙනවද කියල හිතෙනවා...පළමු කොටස නිමි
ReplyDeleteපටන් ගත්ත කියවන්න. මම හිතුවේ පොත අවහම කියවනවා කියල
ReplyDelete