මට ඉස්සෙල්ලම අරීසෙන් අහුබුදු කියන නම කියවන්න ලැබුනේ පරණ රසවාහිනි සඟරාවල තිබිලා. ඔහු හැම මාසෙම වගේ ඒවාට ශාශ්ත්‍රීය ලිපි ලිව්වා .ඊට ගොඩක් කාලෙකට පස්සේ මම ඔහුගේ ගෙදරට පේන දුරින් ජිවත් වුනා .ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ බේකරිය හන්දියට කලින් පාරේ දකුණු පසට වෙන්නට සාදා තිබු කලාපුරේ ගෙවල් දීලා තිබ්බේ රටේ ප්‍රවීන කලාකරුවන්ට. මට එහෙ ගේක ටික කාලයක් ඉන්න ලැබුනේ මම කලාකරුවකු වෙච්ච නිසා නෙවෙයි කලාකරුවකුගේ පුතෙකුගේ මිත්‍රයෙක් වෙච්ච අසෝක කරපු උදව්වක් හැටියට .
තාවකාලිකව වසා දමා තිබ්බ මේ ගෙදර ලැබීම අපිට ලොකු අස්වැසිල්ලක් වුනේ ඒ වෙනකොට අපි කාටවත් කොළඹින් ස්ථිර තැනක් තිබුනේ නැති නිසා .කලා පුරයේ ජීවත්වෙමින් මාසික සඟරාවක්ද ළමා පත්තරයක්ද සකසමින් අපි ගෙවූ කාලය ගැන තව වෙනතුරු බ්ලොග් සටහනක් ලියා නැත්තේ ඒ කතාව එහෙම ලේසියෙන් පාසුයෙන් ලියන්නට බැරි තරම් සංකීර්ණ නිසා . හපන්කම්, මෝඩකම්, අපරිණතකම් මැද ණය කාරයෙක්ද , තරහකාරයෙක්ද, පෙම්වතෙක්ද විදිහට විවිධ චරිත රඟ පෑ මේ කාලයේ මට බොහෝ විචිත්‍ර මිනිසුන් ඇසුරු කරන්නට ලැබුණා . ඒ ගැන වෙනම ලියන්නම්. . කලාපුරේ ඉද්දි හමුවුනු කිහිප දෙනෙක් නම් ඉදිරිපස නිවසේ විසු ලයනල් අල්ගම, , වම්පස නිවසේ විසු පියසර ශිල්පාධිපති , ගෙවල් කීපයක එපිටහින් විසු අරීසෙන් අහුබුදු වගේ නම් දරපු පුද්ගලයන් .
ළමා පත්තරයකට කතා කීපයක් ඉල්ලා ගන්නට මම අරීසෙන් හහුබුදු හමු වුනා . දවසක් දෙකක් එහෙ ගියා. ගල්කිස්ස මුහුදේ ඉර ගිලෙන්න කිට්ටුව ලා රතු පාට සන්ධ්යාලෝකය මැද විවෘත ආලින්දයට වෙලා හාන්සිපුටුවක වාඩි වී ප්‍රසන්න මුහුණින් සිටි අහුබුදුවන් මට රජගොනා හා වප්මගුල ගැන කතාව කිවා . තවත් ළමා කතා කීපයක් කිව්වා .. ඒ කතා සේරම වගේ ඒ වෙනකොට පළවෙලා තිබුනා. දෙතුන් වතාවක් ගිහින් කතා කර කර හිටියට අලුත් කතාවක් ලියා ගන්න බැරි වුනා . මෙහෙම ගෙවිච්ච කාලෙන් පස්සේ මට කලාපුරෙන් නික්මිලා කඩවතට යන්න වුනා . හුණුපිටියේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රස්සාවට ගියා . මෙන්න බොලේ මගේ අල්ලපු මේසේ ඉන්නවා අරීසෙන් අහුබුදුගේ පුත්‍රයා උදම් . අපි දෙන්න ටික කාලයක් උදේ හවා මුණ ගැහුනා . අරීසෙන් අහුබුදුගේ බබාලට නම් දැමීමේ වැඩේ නගලම ගියේ මේ කාලේ. ඔහු ව්‍යාපාරික නම් රාශියක් දාල තිබ්බ. මම අහල තිබ්බ විදිහට උපාලි ප්‍රකාශන වෙච්ච දිවයින , විදුසර, වත්මන වගේ නම් ඔහු දාපුවා. මෙහෙම නැගල යන නමක් දාන්න හොඳ බිස්නස් ඉවකුත් තිනන ඕනි .
ඒ දවස්වල අපේ කන්තෝරුවේ මගේ එහා පැත්තේ හිටි මිත්‍රයට තොරතෝංචියක් නැතිව ඉල්ලීම් එනවා. කන්තෝරු මිත්‍රයෝ ඔෆිස් බස් එකේදී , කෝච්චියේදී කයිවාරු ගහල තිබ්බේ අපි එක්ක තමයි අහුබුදුගේ පුතා වැඩ කරන්නේ කියල . ඉතින් කාගේ හරි දුර නෑයෙක්ට බබෙක් හම්බුනොත් "අනේ අහුබුදු මහත්තයට කියල නමක් දාලා දෙන්නකෝ" කියනවා . ඉතින් තාත්තට නෙවෙයි පුතාට කියල තමයි නම ඉල්ලන්නේ . "අනේ මල්ලි තරහ නැතිව තාත්තට කියල හොඳ නමක් දාලා දෙන්නකෝ අපේ ලොක්කු අම්මගේ දුවට පුතෙක් හම්බවෙලා උයන්න හරි ඔයන්න හරි කමක් නෑ " . අපි ඉතින් හිනා වෙනවා . උදම් කියනවා මේවා අපේ තාත්තට කිව්වොත් බැනුම් අහන්න වෙනවා කියල. කොහොම හරි අර බබාට නමකුත් දවසකට දෙකකට පස්සේ ලැබෙනවා. මම දන් නෑ ඇත්තටම තාත්තට කියල නම ලියා ගත්තද නැත්නම් තාත්තගේ ලිස්ට් එකින් ගත්තද කියල .
හැබයි මමනම් අහුබුදු මහත්තයාගේ නම් ලිස්ට් එකෙන් සෑහෙන්න වැඩ ගත්තා . ඒ කාලේ වෙනකොට තිබ්බේ බොහොම සරල නම් ලැයිස්තුවක්. පස්සේ තමයි ඒ ලිස්ට් එකට වයිවාරන්න නම් එකතුවෙලා තරමක විකාරයක් වුනේ. අනික අර මුල් ලිස්ට් එකේ තිබ්බ නම් අලුත් , අන්කොමන් නම් . ඒත් ටික කාලෙකට පස්සේ ඒ නම් හැම තැනින්ම ඇහෙන්න පටන් ගත්තා . අපේ දුවලගේ පන්තිවල හරි අඩකට වඩා තිබ්බේ අහුබුදුගේ මුල් ලයිස්තුවේ නම් .
අපේ ලොකුදුව හම්බුනාම අපි දෙපාරක් නොහිතම කතාවුනා අහුබුදු ගෙදරට ගිහින් නමක් ඉල්ලා ගන්න .
ඉතින් මම හවස වැඩ ඇරිලා ගියා කාලෙකට පස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අහුබුදු නිවසට . එදා මම යනකොටත් ඔහු විවෘත ආලින්දයේ හිටියේ . අමුත්තෙකුත් හිටියා වගේ මතකයි. මම දුවක් හම්බුනා නම දාගන්න ආවේ කිව්වම . මට කිව්වා " දුත ලක්ෂණ අනුව වාසනාවන්ත ළමයෙක් ලැබිල තියෙන්නේ නැත්නම් මෙච්චර හැන්දෑ වෙලා මම කාටවත් නම් දෙන්නේ නෑ . අපි කේන්දරෙත් හදමු" කිව්වා . මම කේන්දරවත් දුත ලක්ෂනවත් විශ්වාස කලේ නැතත් මේ කතාව ගිහින් කිව්වට පස්සසේ ළමයින්ගේ ආච්චි අම්මලා එහෙම අතිශයින් සතුටු කරන්න පුළුවන් කියල මතක් වෙලා මම සතුටින්ම අහගෙන හිටියා.
මට නම් ලැයිස්තුවක් ලියල දීලා අහුබුදු මහත්තයා මෙහෙම කිව්වා .
' පුතාගේ යාලුවෙකුත් හින්දා නම දානවට සල්ලි ගන්න බෑ ' එහෙම කියල ආයේ මෙහෙමත් කිව්වා . "හැබැයි මම කේන්දරේ හදල දෙනවා පස්සේ වෙලාවක එන්න" කියල . ආයේ කිසිදාක මට අහුබුදු ගෙදරටවත් කලාපුරේටවත් යන්න බැරි වුනා .
ඉතින් දූට අරිසෙන් අහුබුදු මහත්තයා යෝජනා කරපු නම තමයි ' පුල්මි මිහාරා' පුල්මි කියන්නේ පිරුණු මැණිකය මිහාරා කියන්නේ මිහිරි ගංගාවය කියලත් කිව්වා මතකයි . ඒත් අපි ගෙදර ඇවිත් දැම්මේ වෙනම නම් ටිකක් . ලිස්ට් එකේ වෙන තැන්වල තිබ්බ නම් දෙකක් එකතු කරලා දැම්ම . පොඩි දුවගේ නම දැම්මෙත් ඒ විදිහට .
ඔහු කි නම්වල තේරුම් ගැන සමහර භාෂා විශාරදයෝ එකඟ වුනේ නෑ . ඒ වගේම ඔය සරල නම් ලස්සන නම් මොකක්වත් පිටරටකට ගියාම වැඩකුත් නෑ . මට ඊයේ පෙරේදා හම්බුනා පිට රටක ඉන්න මගේ යාලුවෙක් . ලස්සන කෑලි තුනේ නමක් තිබ්බ මිනිහ කියනවා මචන් මගේ පරණ නම කිව්වට මෙහෙ කවුරුත් මාව දන්නේ නෑ . මගේ නම දැන් ජෝන් කියල .
Image : Freepik
සෑහෙන්න කාලෙකින් බලොග් පෝස්ට් එකක් කියෙව්වෙ. මගේ පුතාලා දෙන්නටත් අහුබුදු තමා නං ලැයිස්තුව දුන්නෙ. හැබැයි තිලකෙ වගේම තමා දීපු නං නෙමෙයි ලිස්ටෙකේ හරේ මෙහේ තිබ්බ නං හොයල අටවගත්තෙ...- ඔරිජිනල් දේශකයා
ReplyDeleteහැබැයි අහුබුදු දාපු සමන්තා වගේ නම් වෙනින් රට වල කනතාවනුත් භාවිත කරනවා නේද.
ReplyDeleteඅහුබුදු ගැන මට මතක් වෙන්නෙම පහල තියෙන කතාව.
කට්ටියටම මතක ඇතිනේ ඩයනා කුමාරිව. ඩයනා කුමාරි ගැන කතා ගොඩාක් තියෙනවනේ. ඇත්තම කියනවනං එයා තරං තකන්දර හදාගත්ත තව කවුරුවත් නැතුවත් ඇති. ඩයනා කුමාරි එහෙම නැත්තං ඩයනා ස්පෙන්සර් මැරුණේ 1997. ඩොඩී අල්ෆයිඩ් කියන එයාගෙ ඒ දවස් වල පෙම්වතා එක්ක බෙන්ස් එකක කොහේදෝ යනකොට උමගක් ඇතුළෙදිනේ ඇක්සිඩන්ට් උණේ.
ඉතිං ඩයනා කුමාරිට බොහොම ඇලුම් කරපු අහුබුදුට මේ විස්තරේ කන වැටුණු ගමන් මේ කවිය කියවුනාලු.
දියනා සුපෙම්සරා - සමග බොබී අල්පයිදා
බනිසේ නැගී ගියා - උමගේ හැපී මළා
සමන්තා කියන්නේ ඉංග්‍රීසි/ග්‍රීක නමක් නේද
Deleteඅජිත් මහත්තයෝ, ඕකේ සිංහල නම වෙන්නැති සමන්ති. මං අපේ නංගි කෙනෙකුටත් ඒ නම තිබ්බා. එයා එංගලන්තෙට ගියහම ඉස්සෙල්ලම වුණේ, නම වෙනස් වුණු එක, Sam කියලා!
Deleteඅහුබුදු හිටියත් මමනං අපේ කොල්ලට දැම්මෙ අදාල අකුරු වලට ගැලපෙන මට ඕන නම තමයි.
ReplyDeleteදිව උලුක් වෙන නම්දාපු එක තමා අස්පට්ම වැඩේ 😂
ReplyDelete++++
ReplyDeleteලමයින්ට නම් දානකොට ඒ අය ලොකු මහත් වෙලා වැඩිහිටියො වෙනවා. රට රාජ්ජ වල යනවා. ඒ නිසා කොයි වයසෙදිත් භාවිතා කරන්න පුළුවන් නමක් දාන්න ඕන.
ReplyDeleteදුවගේ නම දෙව්නි නේද? ඒ නම ලස්සනයි අහුබුදු මහත්මයා කියපු නමට වැඩිය මටනම්.
ReplyDeleteදෙව්නි ඉනිමද මොකක්ද කියලා ප්‍රසිද්ද ටෙලිනාටකයකුත් තියෙනවා නේද?
Deletehttps://www.amazon.com/Penguin-Hindu-Names-Maneka-Gandhi/dp/0140128417
ReplyDeleteමම මේ පොතෙන් අරගෙන ලේසිවෙන්න තව පොඩ්ඩක් වෙනස්කරල දැම්මා
සමහර නම් කියවගන්න ගිහාම දිව උලුක්කු වෙනවා!
ReplyDeleteදුවට දාන්න නමක් තෝරා ගන්න මං ගියා මං වැඩ කළ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශයට. බිරිඳයි මායි අපි දෙන්නාගේ නම් එකතු කරලා නමක් හදාගෙන හිටියත්, මගේ අම්මා හොයාගෙන ආවා ග-යන්නෙන් නමක් අව්ශ්‍ය බව.
ReplyDeleteමට ග-යන්නෙන් නමක් හොයා දුන්නේ ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු. ඒ පුස්තකාලෙට ගිහින් සංස්කෘත ශබ්දකෝෂයක් ආධාරයෙන්. නමුත් ඒ නම් දැම්මේ මැද නම ලෙස නිසා මුල නම මිසක එය භාවිතයක් නෑ.
පුතාට නං අපිම හදල නම දැම්ම. අහුබුදු උන්නැහෙව මත් වුණෙත් නෑ. කලා+අත්= කලාත්. කිසිම සන්ධිවීමක් ගණ පිහිටුවිමන් අදාළ කරගත්තෙ නෑ. හැබැයි අත් දෙකෙන් කරන වැඩ කලාත්මකයි.
ReplyDeleteගණ පිහිටුවා සුබ අක්ෂර යොදවාලා
ReplyDeleteනම් තෝරලා ඒවා සුතනට යොදලා
තුටින් ඉපිලෙනා අම්මල තාත්තලා
හුරතල් කරත් දරුවන්, වෙන නම් කියලා!
මාස තුනක් විතර නොමේරු ළදරු ඒකකයේ ඉඳලා ගෙනාව කොල්ලට නම දාලා තිබ්බේ තාත්තා.ඒ දාලා හරි සංතෝශෙන් කිවුවලු මගේ කොල්ලට වෙන කාටවත් නැති නමක් දැම්මා කියලා. කොල්ලත් වැඩිය හයිලයිට් වෙන්න කැමති නැති නිසා උගේ දෙවනි නම වැඩිය කොහේදිවත් පාවිච්චිකලෙත් නෑලු.ඉගනගන්න කාලේ ඉන්ටර්නෙට් එහෙම අලුතින් පාවිච්චිකරන්න ගත්තට පස්සේ කොල්ලා ජොලියට උගේ නම ගූගල් සර්ච් බාර් එකේ ටයිප්කරලා හොයලා බැලුවලු. වැල්ලවත්ත බීච් එකෙන් මුහුදට බැස්ස මානසික රෝගියෙක්ව ගොඩට ගන්න උත්සාහකරපු පොලිස් නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වරදකරුවන් වුන සිද්ධියක් ප්‍රසිද්ධියට පත්වෙලා තිබ්බ කාලේ ඔය.ඒ සිද්ධියට වරදකරුවෙක්වුන පොලිස් පරීක්ශකයගේ නමත් කොල්ලගේ නමමයි.නම සර්ච් කලහම උඩින්ම එන්නෙත් ඒ ප්‍රවෘතිය හා බැඳුණ දේවල් විතරමයි.ඒ වෙද්දි කොල්ලගේ තාත්තා ජීවතුන් අතර නෑ.හිටියනම් පෙන්නන්න තිබ්බා , මේ.... අර ඔයා අච්චර ආසාවෙන් උඩපැන පැන දාපු නම කියලා
ReplyDeleteලස්සන මතකයක් , ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා. අපේ දුවලට නම් ලබා ගත්තෙත් අහුබුදු නිවසෙන් තමයි. මම හිතන්නෙ ඒ කාලෙ ඒ කටයුතු කලේ අහුබුදු මහතාගේ දුව.
ReplyDeleteකාගෙන්වත් අහන්න ගියේ නෑ .. කොල්ලා ඉපදෙන්න ඉන්නකොට wife උපාධියට පාඩම් කරනවා.. සිදත් සඟරාවෙන් ගත්තා සදෙව් සැලලිහිනියෙන් පැහැසර.. නම දැම්මා.. අකුරු බැලුවෙත් නෑ.. කෙල්ල හම්බ උනාම wifeගේ ඉස්කෝලේ කාලේ හොඳම යාලුවා දැන් මහණ වෙලා උත්තරා සිල්මෑණියෝ කියලා හඳුන්වන්නේ.. ඒකෙන් උත්තරා කියලා ගත්තා ඇහිච්ච සිංදුවකින් අභිමානී කියලා ගත්තා..
ReplyDeleteගණ පිහිටවා , නැකතට ගැලපෙන අක්ෂර තෝරාගෙන භාෂා විශාරදයෙක් සකස් කළ නමකින් දරුවෙකුට අමුතු ආකර්ෂණයක් හෝ සුබ අනාගතයක් ලැබෙනවාද යන්න නම් තරමක් සැක සහිත මාතෘකාවක්. ලංකාවේ හැර වෙනත් රටවල Fox, Buffalo වගේ නම් තිබෙන අයත් සිටින්නේ. බොහෝ විට පිටරටකට ගිය පසු ඒ රටේ අයගේ ඌරුවට ගැලපෙන ආකාරයට ආසියාතික අපගේ නම් පවා වෙනස් ආකාරයකට ශබ්ද කරනවා. පිට රටක අප සමග සිටි කුරුකුලසූරිය කෙනෙක් නිකම්ම 'Kurus' උනා. ඒ වගේම Venkatanadan කළකට පසු Wencat
ReplyDeleteSonL
ReplyDelete