පිලිප් දුපතේ ගොවිපලක් |
පිලිප් දුපතට පිවිසෙන පාලම ( දිග මීටර් 540) |
මේ අතීත කතාව පටන් ගන්නේ මම ඉපදිච්ච අවුරුද්දේ විතර. කොළඹ සිට වේයන්ගොඩ බලා යන පාසල් සිසුවෙකුට හමු වෙනවා සුදු ජාතික සංචාරකයන් පිරිසක්. ඔවුන් යම්කිසි ගමනක් යාමට මාර්ග විස්තර හොයමින් අසරණ වෙලා. දුම්රිය මගින් අතරේ ඉංග්‍රීසි උගත් කෙනෙක් නැති තරම් උනත් මේ සිසුවාට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා. ඉතින් ඔහු තමන්ට පුළුවන් විදිහට සංචාරකයන්ට වුවමනා මාර්ග විස්තරේ පැහැදිලි කරනවා. සංචාරකයන් පිරිසේ සිටි එක් සුදු ජාතිකයෙක් කරදාසි කබල්ලික ලියු තමන්ගේ එංගලන්තේ ගෙදර ලිපිනය මේ තරුණ සිසුවාට දෙනවා.
' නුඹට කවදාක හරි මොනම විදිහේ උදව්වක් හරි ඕනි වුනොත් මට ලියමනක් එවපන් '
ඉතින් කාලය ගත වෙනවා . සිසුවා තරුණයෙක් . ඔහු උසස්පෙළ කරලා කාර්මික අධ්යාපනයකුත් ලබා ගත්තා . ඉන්පස්සේ රස්සාවක් නැතිව එකෙල මෙකෙල වේවි ඉද්දි කෝච්චියේදී මුණ ගැහිච්චා සුද්දා මතක් වෙනවා . තරුණයා ලියමනක් දානවා.
සති කීපයකින් උත්තරය එනවා.
"මම ලබන මාසේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ දුම්රිය දියුණු කිරීමේ උපදේශකයෙක් . එහෙන් උඹට රස්සාවක් හොයල දෙන්නම් . ලියකියවිලි ටික එවපන්." ඉතින් තව තුන් මාසෙකින් අපේ තරුණයා ඔස්ට්‍ර්ලියාවේ .
ඔහු ඔස්ට්‍ර්ලියා දුම්රිය සේවයේ සිග්නල් ඉංජිනේරුවෙක් විදිහට ඉහළ නගිනවා. 1998 දී කල් ඇතිව විශ්‍රාම ගන්නවා . ඒ ලංකාවට ගිහිල්ලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරය තමයි තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික හවුල්කරුවෙක් එක්ක ඉදිකිරීම් කරන එක . ඔවුන් ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක එකතු වී විශාල ගොඩනැගිලිවල අලුමිනියම් හා විදුරු ආවරණ සවි කරනවා. වත්තල පැත්තේ පැක්ටරියකුත් දානවා .
මෙන්න මේ සමාගමෙන් තමයි කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ හෙවත් පිට්ටු බම්බුව වටේට සුදු පාට අලුමිනියම් තහඩු අල්ලන්නේ . මේ වැඩේට ඉස්සෙල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගලධාරි හා මහබැංකු ගොඩනැගිලි ඉලක්ක කරලා කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බවලින් දැඩි හානි වෙනවා. ඒ පිටස්තර විදුරු හා ඇලුමිනියම් රාමු අලුතින් දාන්නෙත් මේ කොම්නපැනියම තමයි. මම 98 -99 අවුරුදුවල වැඩ කලේ එතන . මම මේ ගැන කීප වතාවක් ලියල තියෙනවා .
දැන් තියෙන ලංකා බැංකු ගොඩනැගිල්ලේ විශාල නාමපුවරුව වන බිත්තියට ඇල්ලු සුදු යකඩ අකුරු නිර්මාණය කර සවි කිරීමත් අපිට පැවරුන රාජකාරියක්. මේ වැඩේට ගැලපෙන පුද්ගලයෙක් හොයමින් සිටියා . 1996 ලෝක ක්‍රිකට් කුසලානය නිර්මණය කලේ අපේ රටේ සමාගමක්. අර්ජුන රණතුන්ගලා පාකිස්තානේ ඉඳන් ලංකාවට ආපහු ගෙනාව මේ කුසලාන නිර්මාණය කරපු සමාගම තිබ්බේ නුගේගොඩ . මේ සම්ගමේ හිටි ඉංජිනේරුවෙක් වුන තිලක් අපිත් එක්ක එකතු වෙන්නේ පෙරකී වුවමනාව සහ තව ගොඩක් වැඩවලට .
මේ ව්‍යාපෘති දෙක ඉවර වෙනකොට සමාගමේ ලංකාවේ ප්‍රධාන වැඩ ඉවරවෙනවා . ඕස්ට්‍රේලියාවේ සිට විශ්‍රාම අරන් ආපු සිග්නල් ඉංජිනේරුවා රෝයි අපහු එහෙට යනවා. ඒ ගිය ගමන ඇත්තටම විශ්‍රාම සුවයෙන් ඉන්නවා . ටික දවසකින් තිලක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. තිලක් හා රෝයි අසල්වැසියන් වෙනවා . තිලක් තමන්ට සුපුරුදු ක්ෂේත්‍රයේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇලුමිනියම් හා විදුරු ගොඩනැගිලි ආවරණ , නාන කාමර ෂවර් වගේ දේවල් එකලස් කරන පැක්ටරියකුත් දානවා. මේ මින්ස්සුන්ට සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නෑ . මමත් ඔස්ට්‍රේලියාවට සවාරියක් එනවා . සැන්දෑ සාදයකට ඇරයුම් ලැබෙනවා . 1998-99 කොළඹ පිට්ටු බම්බු වල ඇලුමිනියම් , විදුරු ආවරණ හා සුදු යකඩ නාම පුවරු සමග එකට ඔතටු වෙච්ච තුන් දෙනෙක් අවුරුදු විසිපහකට විතර පස්සේ ආයෙත් හමු වෙනවා .
සාදය රසවත්. පරණ කතා අලුත් කතා සමග අනාගත සැලසුම් දිගෑරෙනවා.
ඉතින් මම ආපහු යන්න හදනකොට තිලක් මෙහෙම කියනවා .
ආයේ කවද්ද මෙහෙ එන්නේ?. මම ඔයාව එක්කරගෙන යන්නම් බලන්න තැන් තියෙනවනේ මහා ගොඩක් .
"එහෙම තිබ්බට ඔයාගේ රාජකාරි පාඩු කර ගන්න එපා මම නිසා" මම කියනවා . තිලක් ටිකක් කල්පනා කරනවා . ඉන් පස්සේ මෙහෙම කියනවා .
"හරි මරු වැඩක් තියෙනවා , අපි පිලිප් අයිලන්ඩ් යමු" .
දවස් කීපයකට පස්සේ තිලක් මාවත් අරගෙන ෆිලිප් අයිලන්ඩ් යනවා . පිටිපස්සේ ඇලුමිනියම් රාමුවක් පටවාපු ලොකු වැන් එකක යන ගමන් තිලක් කියනවා මේ ගමන ගැන , තිලක් මට කතා කරන්නෙත් තිලක් කියල
' මෙහෙමයි තිලක් මේ ගමන මම අපේ ගෝල යෝ දෙන්නෙක් යවන්න හිටියේ . ගෝලයෝ කිව්වත් මේ රටේම උපන් සුදු ජාතිකයෝ තමයි. ඒත් මට මේ ක්ලයන්ට් හිතට අලල්ලා ගියා . අනික ඔයාටත් මේ මනුස්සයා ගැන ලියන්න දේවල් තියෙයි".
අපි ඒ ක්ලයන්ට ෆිලිප් කියල කියමු. මෙල්බර්න් නගරයෙන් කිලෝමීටර් එකසිය හතළිහක් විතර දකුණට වෙන්න පිහිටි පිලිප් දුපත ආකර්ශනීය සංචාරක පුරයක්. නිවාඩු නිකේතන හා දර්ශනීය වෙරල නිසා විතරක් නෙවෙයි පෙන්ගුයින්ලා බලන්නත් , සිල් මත්ස්‍යයෝ බලන්නත් කාර් රේස් පදින්නත් මහා ලොකු පිරිසක් මේ දිවයිනට එනවා .
ගිය මාසේ දවසක ෆිලිප් මෙල්බර්න් වලට එන්නේ තමන්ගේ කන්තෝරුවේ පොඩි පාර්ටිෂන් එකක් කරගන්න කවුරුහරු හොයාගෙන. තිලක්ගේ ෂෝරුම් එක දැකල එතනට එනවා . :මට මේ වගේ වැඩක් කර ගන්න හියෙනවා ෆිලිප් දුපතේ" .
තිලක් කල්පනා කරනවා . එච්චර දුරක් ගිහින් වැඩක් කරණ එක පාඩුයි. අනික මෙෂර්මන්ට් එක ගන්නත් එක පාරක් යන්න ඕනිනේ .
තිලක්ගේ හිත කියවපු ෆිලිප් මෙහෙම කියනවා .
' මම මෙෂර්මන්ට් එක අරගෙන ආවා . මෙන්න මගේ අත් අකුරින්ම ලියල තියෙනවා. ඔයාට තියෙන්නේ මේ ගානට ෆ්‍රේම් එක හදවලා කාව හරි එවල හයි කරන්න .. මම දන්නවා ගාන ටිකක් වැඩිපුර යනවා කියල දුර නිසා . ඒ ඔක්කොම අල්ලලා ඔයාගෙ ගාන කියන්න '
ටිකක් කල්පනා කරපූ තිලක් කියනවා ' ළඟ පාතකනම් ඔය වැඩේට ඩොලර් එක්දාස් පන්සියක් යන්නේ . දුර එන්න තියෙන නිසා එක්දාස් අටසීයක්වත් ඕනි. අනික ඒකෙන් බාගයක් ඇඩ්වාන්ස් එකක් ගන්න වෙනවා '
ෆිලිප් මෙහෙම කියනවා .
"ඇඩ්වාන්ස් කතාවක් ඕනි නෑ . මම මුළු ගානම දෙන්නම්. මෙන්න තියෙනවා ඩොලර් දෙදාහක්ම" .
අන්න එහෙම කියපු ෆිලිප් හම්බ වෙන්න තමයි අපි මේ යන්නේ . පැය එක හමාරක් විතර යනකොට අපි දර්ශනීය පිලිප් දුපතට ලඟා වුනා. ලස්සන ලස්සන සංචාරක නිවාස, උද්‍යාන,නැරඹුම් ස්ථාන පහුකරගෙන අපි පිලිප්ගේ ගෙදරට ළඟාවූනා .
මුහුද අයිනේ ලස්සනට හදාපු නියම ගෙස්ට් හවුස් එකකුත් බෝට්ටු වැඩපොලකුත් ඔහුගේ ඉඩමේ තිබුනා .
තිලක් කෙලින්ම ගියා පාර්ටිෂන් එක කරන්න ඕනි තැනට . ටේප් එක අරන් මැන්නා. ඔලුව කැසුවා.
'මේ මෙෂර්මන්ට් එක වැරදියිනේ. මම ගෙනාපු ෆ්‍රේම් එක මේකට හරි යන්නේ නෑ . මේ බලන්න ඔහේ ලියල දීපු මෙෂර්මන්ට් එක. දැන් මට ආයේ පාරක් එන්න වෙනවා.' තිලක් නෝක්කාඩුවෙන් කිව්වා . ෆිලිප් ඉතාම ශාන්ත විදිහට උත්තර දුන්න .
' මමත් ගෝලයෙකුට කියල ඔය මිනුම ගත්තේ. මගේ වැරැද්ද පිලිගන්නවා. අපි වැරැද්ද නිවැරදි කරලා ඉවරවෙලා ඉතිරි ටික කතාකරමු" කියල ඔෆිස් කාමරේට ගියා . "මෙන්න ඔයාගේ අද දවසේ ගාස්තුවයි ට්‍රාන්ස්පෝර්ට් වියදමයි . මේ ගැන අමනාප වෙන්න එපා. ආයේ දවසක නිවාඩුවේ මේ වැඩේ කරමු" ෆිලිප් එහෙම කිව්වම තිලක්හේ හිත උණු වුනා . ' වෙච්ච දේ වුනා . මේකට සල්ලි එපා. ආයේ දවසක මම ඇවිත් මේක ෆික්ස් කරලා යන්නම් ;
ඒත් ෆිලිප් පෙරැත්ත කරලම අලාබය ගෙව්වා.
මේ සිද්දිය බලාගෙන හිටි අමුත්තා වෙච්ච මං දිහාට පිලිප් ඇවිදගෙන එද්දී තිලක් මාව ඔහුට හඳුන්වල දුන්න . 'ඉතින් ඔබ දැන් කොහෙද පදිංචි වෙලා ඉන්න රට ? පිලිප් ඇහුව
ශ්‍රී ලංකාව මම කිව්වා.
පිලිප් මා දිහා අනුකම්පාවෙන් බැලුවා.
මට බොහොම කනගාටුයි උඹල රටේ මේ දවස්වල තියෙන ප්‍රශ්න ගැන. ලංකාව් කියන්නේ මම .කැමතිම රටක්. මගේ වැඩවලට ලංකාවෙන් ආපු විසිපස් දෙනෙකුට මම රස්සා ගන්න ස්පොන්සර් කරලා තියෙනවා .
මේ වියපත් , ප්‍රසන්න සුදු ජාතිකයාගේ ප්‍රභාමත් දෑස දුටු මට මිට දශක ගණනකට ඉස්සර වේයන්ගොඩ කෝච්චියේදී රෝයිට හමු වූ සුදු ජාතිකයා මොහුමදැයි සැකයක් මතු වුනා .
සටහන : ෆිලිප් දුපතට ඒ නම ලැබිල තියෙන්නේ 1788 දී එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාවාට පැමිණි පළමු නාවික සමුහයේ ආණ්ඩුකාරයා වූ සර් ආතර් ෆිලිප් සමරනු සඳහායි.
(කතාවට යොදාගත් සමහර නම්ගම් මනක්කල්පිතයි )
+++++++++++++++++++
ReplyDeleteෆිලිප් දූපත කියන්නේ හරිම අපූරු පැත්තක්. පාඩුවේ වගාවක් කරගෙන ඉන්න සහ යමක් කමක් තියෙන මිනිස්සු තමයි ගොඩක් වෙලාවට ඒ පැත්තේ ඉන්නේ. ලංකාවේ කාන්තාවක් කරන ලස්සන ගොවිපොලක් තියෙනවා එහෙ.
ReplyDeleteහරිම අපූරු ඕස්ට්‍රේලියානුවෙක් තමයි හම්බෙලා තියෙන්නේ. සුන්දර මිනිස්සු!
පිස්සු හැදුනි කියෙව්වාම පෝස්ටුව
ReplyDeleteසරු අදහස් ගොඩකි! යටි පෙළ හෙළි කෙරුව
යමි, තව වතාවක් කියවමි පෝස්ටුව
මෙය නෙත ගැටේවා දහසක පතමි තව!
නියම කතාව
ReplyDeleteඇත්තට, පිටරටවල ඉඳලා ආපු උදවිය එක්ක කතා කරද්දි පසක් වෙනවා, අපි කොච්චර ආතතියකින් ඉන්නවද, වෙන රටවල උදවිය කොච්චර සැහැල්ලුවකින් සහ පිබිදුණු මනසකින් ඉන්නවද කියලා...
ReplyDelete