Sunday, September 29, 2024

කටාර් කිරි ඕස්ට්‍රේලියන් කිරි හා අපේ කිරි -1

මේ පින්තුරය ගත්තේ කටාර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේදිය . කලාපයේ තිබෙන විශාලම හා නවීන පහසුකම් තිබෙන ගුවන් තොටුපලකි . සමහර විට මම කටුනායක ගුවන්තොටුපලට වඩා වැඩි වර ගණනක්  කටාරයේ පැරණි හා අලුත් ගුවන්තොටුපලට ගොස් තිබෙනවා විය හැකිය. 

2009 හා 2010  අවුරුදුවලත්  2012 අවුරුද්දේ මුල සිට 2016  අවසානය  දක්වා මම කටාරයේ සේවය කළෙමි . ඒ කාලයේ මහා මාර්ග පද්ධති රාශියක් සමග නව ගුවන් තොටුපල ඉදිකිරීමේ එක් උපදේශක සමාගමක් වුයේ මා සේවය කළ  සමාගමයි .  මේ ගුවන්තොටුපල වාගේම කටාර් ගුවන් සමාගමත් සැහෙන ප්‍රසිද්දය. ඔවුන්ගේ කාගෝ ගුවන් සේවය වඩාත් ප්‍රසාදයට ලක් වුයේ 2017 අවුරුද්දේ කටාරයේ කිරි ප්‍රශ්නය විසඳීමට එළ දෙනුන් හාරදහසක් කඩිනමින් ප්‍රවාහනය කර දීම නිසාය.

පසුගිය අවුරුදු විස්ස ඇතුලත  විවිධ රාජකාරි හා සංචාර සඳහා නොයෙක් රටවල් වලට ගියත් මට  එක දිගට මාසයකට  වඩා ඉන්නට සිදු වූ රටවල්නම්   ශ්‍රී ලංකාව, කසක්ස්තානය, කටාර්, ඔස්ට්‍රේලියාව හා තුර්කියයි , මේ  සියල්ල  අතරින්  ශ්‍රී ලංකාව හැර  අනෙක් සියල්ල මුළුමණින්ම හෝ ආසන්න වශයෙන් සිය සමස්ත කිරි අවශ්‍යතාව රට තුල නිපදවා  ගනී . වෙනකක් තබා අර්ධ කාන්තාර කුඩා රටක් වූ  වූ කටාර් රාජ්‍යය 2017 දී  මුහුණ පෑ අපනයන තහනමක් නිසා තමන්ගේ කිරි අවශ්‍යතාවයෙන් සියයට අසුවක් පමණම රට තුලම  දොවා ගන්නට පියවර ගත්තේය . මේ කතාව හරි අපූරුය 

කටාරයේ  වැසියන්ට නිතිපතා කිරි , චීස් , බටර්, යෝගට් ආදී කිරි ආශිත අහර  වුවමනාය.  2017 ට  පෙර ඔවුන්ගේ කිරි ආශ්‍රිත ආහාර සියල්ලම පාහේ අසල්වැසි රටවලින් ආනයනය කෙරිණි.  2017 දී අසල්වැසි රටවල් සමග ඇති වූ අර්බුදයක් නිසා අපනයනය  නතර වීමත් සමග කටාර් රජය මුහුණ පෑවේ දරුණු අර්බුදයකටය . වහා  ක්‍රියාත්මක වූ රජය මුලින්ම ගුවන් මගින් කිරි හරකුන හාරදාහකුත් ඉන්පසු එවැනිම ගණනක් මුහුදු යාත්‍රා මගිනුත් ගෙන්වා ගත්තේය. ඊට සමාන්තරව  ගව සම්පත රැකබලා ගන්නට අවශ්‍ය වායු සමනය කරන අලද ගාල් , නිෂ්පාදන හා බෙදා හරිම ක්‍රියවලිය සඳහා අවශ්‍ය සමාගම් හා ආයතන රාමුවද ද ලහි ලහියේ සකස් කෙරිණි. 

ඒ ගැම්මෙන්ම රටේ කිරි සැපයුම නොකඩවා  පවත්වා ගැනීමටද පුළුවන් වුනේය . ඒ විතරක් නොවේ අවුරුදු කීපයක් ඇවෑමෙන්  ආසන්න එශයෙන් කිරෙන් ස්වයංපෝෂිත රටක් වුනේය. තව ඉවර නැත . ඉදිරියටම යමින් තිබේ.  නොබෝ කලකින් කටාරය  හෙවත් අර පර්සියන් මුහුදේ පිහිටි  ඇඟිල්ලක් හැඩයේ  වැලිපරය කිරි බුරුල්ලක් කරගෙන කිරි අපනයනය කරන්නටද ඉඩ තිබේ. 

දැන් ප්‍රශ්නය ශ්‍රී ලංකාව වගේ රටකට ඔය වැඩේ කරන්න පුලුවන්ද? ආපෝ කටාර් කාරයින්ට තෙල් සල්ලි තියෙනවා . අපට පුලුවන්ද හරක් හාරදාහක් අහස්යාත්‍රා වලින් ගෙන්නලා කිරි කර්මාන්තෙ දියුණු කරන්න  කියා ඔබට සිතෙනු ඇත .

ඒත් පුදුමයට කරුණ නම් 2017 අවුරුද්දේ අපේ රටටත් කිරි හරක් 4000ක් ගුවනින් ඇවිත්  තිබීමය. එපමණක් නොවේ කිරි දෙනුන් විසිදහසක් දක්වා ආනයනය කරන දීර්ඝ කාලින සැලැස්මක් තිබුනේ  වසරකය  කිරිපිටි ගෙන්වීමට යන ඩොලර් මිලියන තුන්  හරසියය ඉතිරි කර ගැනීමේ අරමුණිනි . අනික  යෝගට් එකක්, චීස් පෙත්තක් හෝ බටර් ටිකක් බහුතරයක් දෙනාට මිලදී ගන්නවා තබා හිතන්නටවත් බැරි තත්ත්වයෙන් මුදන්නටය .ඉතින් අර ගෙන්වූ කිරි දෙනුන්ට හා පොරෝත්තු  ලේඛනයේ සිටි උන්ට සිදු වුයේ කුමක්ද? ඒ වැඩෙන් ලංකාවේ කිරි ගොවිතැනට එකතු වූ අගය කුමක්ද?

මෙන්න මේ ප්‍රශ්නයට උත්තරය ගවේෂනාත්මකව හොයා ගත්තොත් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය  සංවර්ධනය කරන්නට තිබෙන බාධක එකින් එක හඳුනා ගන්නට ලැබෙනවා ඇත . 

සමහර පුවත් වාර්තා කලේ  මුලින්ම ගෙනා හරකුන් එක එකා මිය ගිය බවය . මේ සිද්දිය ගැන ලංකාවේ පත්තර වලටත් වඩා නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කතා වුනා වෙන්නට පුළුවන . කෝප් වාර්තා වලටද ඇතුලත් වූ බව කියයි.  ලස්සනම වැඩේනම්  ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක  හරක් ගෙවීමේ ප්‍රොජෙක්ට් එකේ ඔස්ට්‍රේයාලියනු  පාර්ශවකරු සමග අත්සන් කරන ලද ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇති බව වාර්තා වීමයි . 

ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් හත් අටදාහක් දුර ගෙවා ගුවනින් ගෙනෙන ලද ගවයෙකු අපේ රටේදී මිය යාම මොන තරම් ලොකු කතාවක්ද? එකෙකු නොව දහස් ගණනක්  ?  ආණ්ඩුවෙන් සල්ලි ගෙවා ගෙන්නා දුන් හරකුන් ගොවියන්ට දුන්නේ නිකම්ම නොව පසුව ගෙවීමේ ණය  මුදලක් වශයෙනි . මේ නිසා සමහර ගොවින් හා ව්‍යාපාරිකයන් අන්තිමේදී නට්ටම් වූ කතා මා අසා ඇත . 

සමහරුන් කියන්නේ ගෙන්වුයේ ලෙඩ වූ හරකුන් කියාය. සමහරුන් කියන්නේ ඒ වර්ගය ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන බවය. ගවයින් රැකබලා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් අපේ ගොවින් ළඟ නොතිබූ බවද කියවේ. 

නමුත් මේ කිසිවක සම්පුර්ණ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රමාණවත්  තොරතුරු මුලාශ්‍ර නැත . මා දන්නා එකම දෙය කිරි ගවයන් ගෙන්වීමේ කාර්යය සමාන්තරව කළ  රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා කටාර්  රාජ්‍යය අතරින් කටාර් රාජ්‍යය සිය ව්‍යාපෘතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් කිරෙන් ස්වයංපෝෂිත වෙමින් තිබෙන බවය.  

මේ දෙරට සරලව සංසන්දනය කරන්නට බැරිය . කටාරයේ මෙන් දහගුණයක් ජනගහනයක් අපට සිටි . අනෙක් අතට කටාරයට වඩා බොහෝ වාසිදායක භුමි සම්පතක් හා දේශගුණයක් අපට තිබ්බේ. 

ව්‍යාපෘති කළමනාකරණය පැත්තෙන් බලු විට මෙහි ඇති වැදගත් අධ්‍යයන මාතෘකා කිහිපයක් වෙයි . ඒවාට සිංහලෙන් කියන්නේ ශක්‍යතා අධ්‍යයනය, වාසි කළමනාකරණය, පාර්ශවකරුවන් හඳුනා ගැනීම, තොරතුරුවල විනිවිද භාවය, වගවීම හා අවසන් පරිශීලකයා සුදානම් කර තැබීමය.

මේ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙමි .

29 comments:

  1. හ්ම්....ඉතුරු ටිකත් ලියන්න. මට මතකයි ඉන්දියන් කිකිලියො බිත්ත්‍ර දානව බලන්නත් අමාත්‍යාංශයෙ තුන් දෙනෙක් ගිය කියල.

    ReplyDelete
    Replies
    1. මේ කතාව නිසා මතුවන සංවාදෙන් තව තොරතුරු මතු වෙයි . ලියමු ලියමු

      Delete
  2. මංජුල-කඩවතSeptember 29, 2024 at 7:48 AM

    සිංහල අපි රට කිරි බිලා නෙමේ හැදුනේ. මව්කිරි බොමු. අනුර කුමාරට තුනෙන් දෙක දෙමු. රට ගොඩගමු.

    ReplyDelete
    Replies
    1. කඩවත ගෝනහේනේ මංජුල සිටාණෝ නේද මේ ?

      Delete
  3. පළමුවෙනි එක , මේක මම නොයෙක් තැන්වල ලියල තියෙනවා . කසකස්තානය කියල රටක් නැහැ . කසක්ස්තානය කියල රටක් තියෙනවා . ඉංග්‍රීසියෙන් Kazakhstan රෂියන් වලිනුත් එහමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් මචං . කලින් පාරකත් මට මේ වැරැද්ද පෙන්නලා දුන්න . ආයේ හදන්නම් තැන්කිව්

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න දෙවෙනි පාර කියෙව්වේ නැති එකට - දෙවෙනි එක - කාලෙකට කලින් බ්ලොග් වැඩ කරන කාලේ එක්තරා මාධ්‍යවේදී සමාගමක් අයිති කෙනෙක් මට කිරි හරකුන් වලට ආයෝජන කරන්න කැමතිද කියල ඇහුව . ගොඩක් සල්ලි හම්බ වෙන වැඩක් ලු . මේක අර බස් හෝල්ට් එකක් හදන්න පවුම් දහදාහක් ඉල්ලපු එකේම (වංසන් වීර ප්‍රොජෙක්ට් ) අනිත් එක කියල හිතල මම එහෙම්ම ප්‍රතික්ෂේප කළා . මට ආරංචි වෙලා තිබුන ඒ කිරි ගවයෝ මැරුණ බව . පස්සේ ආරංචි වුනා එහෙම කිරි ගවයෝ ආවේ නැහැ කියල හුලන් ගවයෝ ආවේ කියල . ඇත්ත තවම දන්නේ නෑ

      Delete
    2. මට කීප දෙනෙක්ම කිව්වා හා පත්තරවල ගියා හරක් මැරුණ කතා. ඒත් මට හරි තොරතුරු දැන ගන්න ඕනි

      Delete
  5. සමහර හරක් රට ගැන නොසිතති බිඳුවක්
    උන් සලකන්නෙ වාසි කඩා ගන්න මඟක්
    මෙතෙක් කලක් උන්හට නොවැදුනි හෙණයක්
    මෙදා සැරේ නං වැදෙනව එකට හතක්!

    ReplyDelete
    Replies
    1. අපිට ඕනි හරිම වැඩේ කරගන්න
      හතර වටින් රටටම කිරි උතුරන්න

      Delete
  6. ඔස්ට්‍රඅලියාවෙන් ආනයන කර ගවයන් ගැන බොරු සහ ඇත්ත මම හොඳින් දන්නවා. එම සතුන් 12ක් මම මිලදී ගත්තා, අදට ඒ 12, 25ක් වෙලා තියෙනවා. අවශ්‍යනම් විස්තර කියන්නම් (ටිකක් දිගයි)
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. එහෙම විස්තර කියන්නකෝ විජේබාහු මහත්තයෝ- ටිකක් දිග වුණාට මොකෝ.

      Delete
    2. අනේ ලොකු දෙයක් විස්තරේ ලියන්න . ස්තුතියි

      Delete
    3. මේවා කියලා වැඩක් වෙයිද, නිදි සහ තිලක කියන නිසා කෙටියෙන් ලියමි.
      ඔස්ට්‍රලියවේ Wellard Rural Exports සමගම මගින් ලංකාවේ මහින්ද රජය (ලංකාවේ සමාගමක් මගින්) පළමු වරට ඉහල ආරයේ ගැබ්ගත් වැස්සියන් 3000 ගෙන්වා NLDB බෝපත්තලාව මැණික් පාලම ගොවිපලවලට දැම්මා, ඊළඟ 3000 රිදියගමට දැම්ම. මේවා වෙනස් දේශගුණ දෙකක්. මේ 6000 ට විසාල ප්‍රශ්න ඇති උනේ නැ. අදටත් ඒ සත්තු ඉන්නව ඒ ගොවිපලවල, ඒවා පාලයන නම් හරි නෑ. මේ සතෙක් ගෙන් කිරි L20 ගන්න පුළුවන් කියලා රජය කිව්වා, එක වැරදි නෑ.
      ඊළඟ සතුන් 3000 නුවර එලිය පළාතේ ගොවියන්ට වැඩිම 4 දෙනා ගානේ දෙන්න අයදුම්පත් පත්තරේ තිබුණා. මේ අතරේ රජය මාරු උනා, ඊළඟ සතුන් 3000 ලකාවට අවා, අලුත් රජයේ ඇමති සතුන් 3000න් එයා 200 අරගෙන ඉතිරිය යාළුවන්ට විසාල බැංකු නයකුත් එක්ක දුන්නා. සීතල පළාත් වලට සුදුසු සතුන් දඹුල්ල වගේ තැන වලට (කිරි ගොවියන් නොවන) මුදලාලිලාට 200 ගානේ දීලා තිබුන. වියදම් කරලා හරක් මඩු හදලා තිබුණා, නමුත් දෙන්න තණකොළ නෑ. පාලනය දන්නේ නෑ, සතුන් ඇටසැකිලි වෙලා තිබුණා.

      මමත් සතුන් කීප දෙනෙක් ගන්න මහන්සි උණා, මගේ කෙනෙක් මේ වැඩේට මම දැම්ම. මම මේ ගැන දැන ගත්තේ ඒ නිසා.

      හෙට, ඉතිරි ටික ලියන්නම්

      Delete
    4. Ano මහත්තයො, ඔබතුමා ඉතිරි විස්තරත් ලියනකල් මම බලාගෙන ඉන්නේ. ලියනවා නේද?

      Delete
    5. මොන ඇනොද නිදි, මම විජේබාහු, මෙන්න ඉතිරි ටික

      මේ සතුන් ආනයනයට රජයේ පශු වෛද්යවරු තදින්ම විරුද්ද උනා (හේතුව නොදනී) ලංකාවට ලෙඩ බෝවෙයි කියලා මුලින්ම කිව්වේ එයාලා. ආනයනය කරන සතුන්ට බෙහෙත් කරන්නේ නෑ කියල එයාල කිව්වා. මම මගේ උනන්දුව පළාතේ පශු වෛද්යට කිව්වම එයා කිව්වා ගන්න එපා, එයා බෙහෙත් කරන්නේ නෑ කියල. මම කිව්වා මේ වගේ සතුන් ගන්න හම්බ වෙන්නේ නැති නිසා මට හම්බ උනොත් මම ගන්නවා කියලා.

      පශු වෛද්ය සහය නැතිවීම, තණකොළ සහ සත්ව පාලන පළපුරුද්ද නැති නිසා මුදලාලිලා ගත්ත සත්තු මැරෙන්න පටන් ගත්තා. ටික දෙනෙක් පුද්ගලික පශු වෛද්ය සහයෙන් සහ ආනයන කර සමාගමේ සහයෙන් වැඩේ ගොඩ දාගත්ත, මම සත්තු 12 ගත්තේ ඒවගේ තැනකින් කුරුණෑගල, එයා 200 අරගෙන වැඩේ අමාරු නිසා 100 විකිණුව, සත්තු සුපිරි තත්වයේ හිටියා. 250,000 රජය දුන්න සතුන් 350,000 ගානේ මම ගත්තේ. යකාගේ ලෙඩක් වත් නෑ මම ගත්ත සතුන්ට

      වැඩේ ඇන ගත් කට්ට්ය සෙට් වෙලා සංගමයක් හදාගෙන මාද්‍ය එහෙම අල්ලාගෙන පහුගිය රජය ලෙඩ සත්තු ගේනවා කියලා ලොකු හාහෝ වක් ඇති කරා. (මේ ලම්බෙර්ගිනි කාලෙ) රුපවාහිනී වැඩසටහනක් එහෙමත් ගියාබව මම දන්නවා, Wellard එකටත් චෝදනා කරා. සතුන්ට ගිය වියදම සහ ණය කපා හරින්න කියලා මේ අය රජයට කිව්වා. යාළුවන්ට සතුන් සහ ණය දුන්න ඇමති ණය කපන එක කරලා දෙන්නම් කිව්වා කියලා කට කතාවක් ගියා (දෙල්තොට මුදලාලි කෙනෙක් මට සතුන් 10 දෙන්නම් කියලා, රජය ණය කපා හරින්න සතුන් බලන්න එනවා කියලා වැඩේ දිගටම පරක්කු කරා) අන්තිමේ රජය ණය කපා හරියේ නෑ, සතුන් වැඩි දෙනක් ඉහත කී හේතු නිසා මැරුණා.

      ලකාවේ ගිය රුපවාහිනී වැඩසටහන ඕස්ට්‍රලියවේ TV කාරයෝ අල්ලාගෙන මෙහේ TV එකෙත් වැඩසටහනක් කරා (මම එක බැලුව). එකේදී Wellard Rural Exports CEO කිව්වා ඒ සමගම ලෝකය වටා සතුන් දවසට නැව් ගණන් අපනයන කරන සමගම්ක්ය, ලෙඩ සතුන් යවනවා වගේ බාල වැඩ කරන්නේ නැත. ලංකාව වැඩේ වරද්ද ගත්තාය, ඒ සමගමටත් අපහාස කරාය, 20,000 ආනයන කිරීමේ ගිවිසුම අහෝසිය, ලංකාව එක්ක ගනුදෙනු ගැන හිතා බැලිය උතුයි කියලා. අපේ දේශපාලුව අනාගතෙත් එක්කම් කෙලෙව්වා

      මම විජේබාහු

      Delete
    6. බොහොම ස්තුතියි විජේබාහු
      පෝස්ට් එකට වඩා කොමෙන්ට් එක ගොඩක් වටිනවා

      Delete
    7. සම+හරක්ගේ හරක් වැඩ ගැන විස්තර කිව්වාට ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.

      Delete
    8. හ්ම්.. ආණ්ඩුවෙන් කල ව්‍යාපෘතියක්. ඇමති ඉහගෙන කෑම. රජයේ පශු වෛද්යවරු තදින්ම විරුද්ධවීම. අපි විසින්ම අපේ වල කපා ගැනීමේ තවත් එක කතාවක්...😮☹️🤔

      Delete
  7. මසුරන් සටහනක්. අනේ ලංකාවෙත් එහෙම කරන්න පුළුවන් නම් නියමයි. අනෙක් කාරණය පිටි කළ කිරි වෙනුවට පහසු මිලකට දියර කිරි දෙන්න පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බැරිවෙන එකක් නෑ . කිරි නිෂ්පාදනය වැඩි වෙනවත් එක්කම ඒ වගේ පුරුදු ඇති කරන්න පුළුවන්

      Delete
    2. මට හිතෙන්නෙ තිලකට ලංකාවෙ ප්‍රවාහනය දියුණු කරන එක ගැන වුනත් ජාත්‍යන්තර දැනුම එක්ක ගොඩක් දේ කියන්න පුළුවන් . මම අහල තියෙන විදිහට ලංකාවෙ මේ වෙනකොට තියෙන දුම්රිය මාර්ග ප්‍රමාණය ප්‍රමාණවත් . දැනට තිබෙන ලංගම සහ පුද්ගලික බස් , ත්‍රී රෝද රථ සහ ලොරි ප්‍රමාණය දරන්නට බැරි වැඩි එකක්. අහල තියෙන්නෙ ඒවා ධාවනය නොකර බොහෝ වෙලාවක් වාරය එනතුරු ගාල් කරගෙන ඉන්න එකයි කරන්නෙ කියල . ලංකාවේ ප්‍රවාහනය විධිමත් කරන්න නම් අවශ්‍ය වෙන්නෙ වැඩි දුම්රිය බඩු ගැල් ප්‍රමාණයක්, එන්ජින් කිහිපයක් සහ නිසි ක්‍රමවේදයකට අනුව ( පරිගණක මෘදුකාංග , ඇප් මගින් ) දැනට තිබෙන බස්, ත්‍රී රෝද රථ භාවිතයට යෙදවීමයි. එහෙම කලොත් නිකරුණේ ලෝකෙට ණය වෙවී තෙල් ගෙනත් පුච්චන්න අවශ්‍ය නැහැනෙ . මිනිස්සුන්ට අඩු මිලකට පොදු ප්‍රවාහනයෙන් අවශ්‍යතා පිරිමහගෙන සල්ලි වෙන වැඩවලට යොදවන්න පුළුවන්. දේශීය සංචාරය, වැඩිදුර අධ්‍යාපනය ඇතිව ආදායම වැඩි කර ගැනීම් වගේ දේවල් . පුළුවන් නම් ඒ වගේ සංවාදයක් ගොඩ නගන්න. වැඩක් ගන්න පාලකයො ඉන්නවා නම් එතකොට රටට යමක් වේවි.

      Delete
    3. ඔව් අනුරුද්ධ . මේ ගැනනම් ගොඩක් ලියන්න තියෙනවා . ලියන්නම් ඉස්සරහට . ස්තුතියි

      Delete
  8. ලංකාවේ කිරි සඳහා එළදෙනුන් ඇති කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරන්න තියන ලොකු බාධකයක් නම් හරක් මස් කෑම පවක් හැටියට සමාජගත කරලා තියන එක. හරක් මැරීම පව් කුකුල්ලු මැරීම පව් නැති යන සංකල්පය මනසට හොඳින් කාවද්දලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව පිළිගන්නවා

      Delete