Wednesday, August 17, 2016

සඳ මිදුලට එනවා!.....ආ ළඟක ඉඳලද ?

පේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන්  මේ දවස්වල  රැල්ලකට අසු වෙලා.  ඉයන් විසින් ඇති කරපු මේ සොඳුරු  රැල්ල තමයි තමන් කැමති සින්දු දාසයක් නම් කරන එක . මම ලියලා නැති ජාතියේ පෝස්ටුවක් වුනත් මම ඒ සමාගමට එකතු වුනේ කැමැත්තෙන්ම. සින්දු ටික ලැයිස්තු ගත කරේ ඊයේ උදේ . මට එය ඉතාම පහසු වුනේ  මම කැමතිම සින්දු තෝරන්න ගියේ නැති නිසා.  මතක මංපෙතේ ඇවිදගෙන අතීතෙට යනකොට එක එක අවස්ථාවල පුංචි පුංචි කතා සිදුවීම් එක්ක සින්දු ගොඩක් තැවරිලා තිබ්බ . ඒවා අතරින් පළවෙනි වරට අතට අහු වෙච්ච දහය තමයි මේ.

මගේ ළමා කාලේ වැඩිපුරම ගෙවුනේ ගෙදර ඔය හා කුඹුර කියන තැන්වල . අපේ හෙල්මලු කුඹුර පටන් ගන්නේ පුංචි ගඟුලක්  නැත්නම් ඔයක් අයිනෙන්. ඔය ඉවුරේ උණ  පඳුරු, හීන් බෝවිටියා පඳුරු පිරිලා  උදේට නැවුම්ම නැවුම් හිරු රැස්  කැරළි වැටිලා  කිරි සිනා උතුරුවන  හාත්පස පරිසරය ගොම්මන් වෙද්දී ශෝකී පාළුවකින් මුණ බර කර ගන්නවා . ඒ වගේ හැන්දෑවක අපේ වෙල් යායේදී  වික්ටර්ගේ තොටුපළ අයිනේ  සින්දුව  කවුදෝ ලස්සනට කියනවා ඇහිලා මගේ හිතේ තදින්ම තවරුනා

මේ සින්දුව  කොතැනකදී ඇහුනත් අපේ ඔය ඉවුරේ ගොම්මන් පාළුව හා ගුප්ත චමත්කාරය මට දැනෙනව.



යව්වන  කාලයේ තනියම  මම සින්දු කිව්වා මිදුලට වෙලා. ආයේ  කාගේ තහනමක්ද?
දවසක් සින්දුවක්  පටන් ගත්තා විතරයි මෙහෙම
සඳ මිදුලට එනවා.....
වත්තේ මොකක්දෝ කර කර හිටි තාත්තා මගෙන් අහනවා
ආ ළඟක ඉඳලද ?
ඉතින් තේරුණා වැඩේ මාට්ටුයි කියල .මගේ හිතේ තිබ්බ දේවල් තාත්තට අහුවුනේ  කොහොමද කියල මම ඒ දවස්වල කල්පනා කරා. පස්සේ තාත්තා කෙනෙක් උනාම ඒක මට තේරුනා

 ඒ කාලේ මම කැමති තව සින්දුවක් තමයි  සුනිල් එදිරිසිංහගේ අවපස අහසට.  කලා නිර්මාණෙකින් මිනිසුන්ට ජීවත් වීමේ ආසාව වැඩි  කරවන්න ඕනි කියල තමයි මාත් කියන්නේ  .


නුවර වැව්  ඉවුරේදී සබෑවක් වෙලා  වැවු ඉවුරේම බොඳ වෙලා ගිය පුංචි ප්‍රේම කතාවක් නිසාම නෙවෙයි මේ සින්දුව ඇත්තටම ලස්සනයි . ලුෂන් බුලත්සිංහල ලියපු, රෝහණ වීරසිංහ සංගීතවත් කොට ගයන මුතු කුඩ  ඉහළන මල් වරුසාවේ .


ඔය ඔක්කොම  අමතක කරලා හොඳ සරසවි ශිෂ්‍යයෙක් වෙලා  ඉද්දි මම එක්තරා උත්සවයක නිවේදකයා වෙද්දී සින්දුවක් කියන්න ආපු ගෑනු දරුවා කිව්වේ නන්දා මාලිනීගේ පීදෙන ගොයමේ .ඒ සින්දුවටත් ගෑනු දරුවාටත් ආශක්ත වෙච්ච මට ...නෑ මොකුත් උන් නෑ .

අපේ බිරින්දෑ සාරි වලට වගේම කුඩ වලටත් ආසයි . මේ සින්දුවෙන් කියන්නේ මම ඔයා ගැන හිතන විදිහ කිව්වම ඈට හරි සතුටු යි. ඇත්තටම මේ සින්දුව ඈ ලඟින් වාඩි  වෙලා හොරෙන් ඒ මුණ දිහා බල බලා අහන් ඉන්න කැමතියි
එඩ්වර්ඩ් ජයකොඩිගේ ; ඔබ තෙමෙයි කියා බයයි '

අපේ පැංචියෝ දෙන්නම අත දරුවෝ කාලේ ඉඳන් මේ සින්දුවට ආසයි. සින්දුවේ කතන්දරේකුත්  තියෙනවනේ. ප්‍රේමකීර්ති මොන තරම්  දයාබර පියෙක්ද කියල මට හිතා ගන්නත් බෑ . නන්දා මාලනී ගයන සුරංගීට දුක හිතුනා .


අපි ගෙදර සියලු දෙනාම කැමති සින්දුවක් තමයි  සුනිල් එදිරි සිංහගේ ' මේ තරම් සියුමැලිද කළුගල් '

අපේ  අම්මාත් අපේ බිරින්ත්දෑත්  බොහොම සහයෝගයෙන් සතුටින් කරපු දෙයක් තමයි හිමිදිරි පාන්දර නැගිටලා උයන එක . ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩින්නේ ඒ නිසයි .

මගේ  මතක සැමරුම් වලට හේතු නොවුනත් මම කැමතිම සින්දුවක් තමයි ඉන්ද්‍රානී බෝගොඩ ගයන 'විදුලිය එලිය'

ප.ලි.

ඉයන් ඉල්ලලා  තියෙන්නේ ගීත දාසයක්  නිසා මේ  ලිස්ට් එක සම්පුර්ණ කරන්න තව  සින්දු හයක් නම් කරනවා .

11. වී පැදුරෙන් ඉගිලී යන  - ක්‍රිශාන්ත එරන්දක
12. සැන්දෑ කළුවර ගලා හැලෙන විට -  සනත් නන්දසිරි
13. පායා ඇයි හිනැහෙන්නේ - එච් ආර් ජෝතිපාල
14. ගුමු ගුමුව ගඟුලේ - සමිතා එරන්දතී
15. ආශාවේ මල් වැටෙන් එබී - බණ්ඩාර අතාවුද
16.  මිහිකත නලවාලා - සුනිල්  ශාන්ත


62 comments:

  1. මරේ මරු සින්දු සැට් එක ,

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට හොඳ සින්දු සැට් 23ක් ...

      Delete
  2. මෙහෙම ගියොත් මටත් සින්දු සෙට් එකක් ලියන්න වෙනවා.. කලින් බෙස්ට් සිලෙක්ෂන් ගැන ලියපු නිසයි නොලිය හිටියේ... නියම සින්දු ටිකක් තිලකේ අය්යා..තොටුපල අයිනේ, සඳ මිදුලට, අවපස අහසට මම හරි ආසා කරන සිංදු...

    ReplyDelete
    Replies
    1. //මෙහෙම ගියොත් මටත් සින්දු සෙට් එකක් ලියන්න වෙනවා.. //ලියන්න ලියන්න

      Delete
  3. මුතු කුඩ සහ ගමට කලින් මාත් කැමතිම සිංදු දෙකක්

    ReplyDelete
    Replies
    1. මුතු කුඩ ඉහළාගෙන ගමට යන්න නිවාඩුවක් ලැබේවා

      Delete
  4. හප්පේ අච්චර ලස්සන තැනක නම් හිටියේ තිලකේ සින්දුවක් ලියන්නම ඕනෑ. මේ සින්දු ටික ඉස්තරම්. මම බොහොං හිතේ අමාරුවෙන් තමා මර්වින්ව හැලුවේ. "සුරන්ගිට " ත මතක් වුනානේ.

    ReplyDelete
    Replies
    1. මම එක සින්දුවක් ලියල තියෙනවනේ හැබෑට . මර්වින්ගේ සිංදුවල අමුතු ගතියක් තියෙනවා නේද ?

      Delete
    2. ඒක හරි ලස්ස්සනයි නේ

      Delete
    3. බොහොම ස්තුතියි අජිත් . තවත් එකක් ලියන්න හිතෙනවා ඔහොම කියනකොට

      Delete
  5. සිංදු ටික නියමයි අයියේ... ඒවත්තෙක්ක බැදුනු කතා:D....

    සඳ මිදුලට එනවා කතාව නම් මරු ඈ...

    ReplyDelete
    Replies
    1. කතානම් ගොඩයිD බොහොම පොඩ්ඩයි ලිව්වේ නිර්මාණී.

      Delete
  6. හදවත අමතන ගීත එකතුවක්.

    ReplyDelete
  7. මට නම් ඕක කීයටවත් කරන්න බෑ... ඒක මම ඉයන්ටත් කිව්වා...

    කොහොම හරි ඔය සුරංගිට දුක හිතුනා කියන ගීයට වඩා ඒ කතාව ගැනම ලිය උන මාලනී බුලත්සිංහල ගයන "මා එක්කලා අමනාපව වී දබර.... දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර..." කියන ගීතය මාව සසල කරනවා..

    තිලකේ ෂෝට් එකක් දැම්මම කැමතිත් මේවලටමද...?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=dceLYiwnmeI

      Delete
    2. ඒ සින්දුවත් ඇහුවා මාතේ . ඔය පාටි ටයිම්වලනම් අපිත් ක්ලැරන්ස් , ජෝතිපාල , ප්‍රියා එක්ක එහෙම තමයි ඉන්නේ

      Delete
  8. රෝහණ වීරසිංහ ගයනා කරපු හැම ගීතයකටම වගේ අසායි."මුතු කුඩ ඉහලෙන මල් වරුසාවේ,ගමන් මගක් තිබුනාද මේ ප්‍රේම චරිකාවේ,සැන්දෑ කරේ අඹ මල් වට" වගේ ගීත එහෙම හරි චමත්කාරාජනකයි.

    ReplyDelete
    Replies
    1. රෝහණ කිව්වේ සින්දු ටිකයි. සේරම හොඳයි

      Delete
  9. දවසක් සින්දුවක් පටන් ගත්තා විතරයි මෙහෙම
    සඳ මිදුලට එනවා.....
    වත්තේ මොකක්දෝ කර කර හිටි තාත්තා මගෙන් අහනවා
    ආ ළඟක ඉඳලද ?

    මෙන්න මේ ටික සින්දුවටත් වඩා රසවත් වගේ හි හී.මේ ලිස්ට් එකේ මම කැමතිම සින්දු 3ක් ම තියෙනවා. මේ තරම් සියුමැලිද කලුගල්,ඔබ තෙමෙයි කියා බයයි සහ මුතු කුඩ ඉහළන ,

    ReplyDelete
    Replies
    1. කතාවත් සින්දුත් රස විඳින්න ආවාට සතුටුයි . ආදරෙන් පිලි ගන්නවා ශානි

      Delete
  10. ඉයන් ගේ රැල්ලෙන් මට නැවත වැටහුණු දේ නම්, අප එකිනෙකා කොයි තරම් වෙනස් ද යන්නයි!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනස් වෙන එකේ නේද විචිත්‍රත්වය තියෙන්නේ

      Delete
  11. සිංහල බ්ලොග් කාරයින්ගේ රසිකත්වය ගැන නියම හැදෙරීමක් කරන්න පුළුවන් ඉයන්ගේ අභියෝගය නිසා.

    ඔබෙගේ එකතුවේ මම දකින කාලෙකින් මතක් වුනු සුන්දරම සින්දුව.
    සුරංගීට දුක හිතුනා කඳුළු බින්දුවක් වැටුනා.
    බදාගෙන මිරිකන්න හිතෙන සුන්දර කෙළි පොඩිත්තියක් මට හිතට දැනෙනවා මේ සින්දුව අහන කොට. ඇත්තටම කන් විදපු දවසේ මූණ රතු කරගෙන හොටු කඳුළු පෙරාගෙන මගේ කෙළි පොඩිත්ති අඬපු හැටි (අවුරුදු 24 කට උඩදි ) මට තාමත් මැවිල පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. නයනේ මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා . ඔව් ඒ කන් විදින සිද්දියත් එක්ක මතක් වෙනකොට තමයි මේ සින්දුව දැනෙන්නේ හොඳටම

      Delete
  12. ඉයන් පටන් ගත්තු රැල්ල නියමයි. ඒකත් අර බන්දුල නානායක්කාරවසම්ගේ රෑ ඉර පාන වැඩසටහන වගේ ජීවිතය හා බැඳුනු සිදුවීම් එක්කම විස්තර කරලා කියද්දී ඒ ගීතය නො අසා ඉන්න බැරි වෙනවා. මේ වගේම සිහිනයකි රෑ කියලත් ප්‍රෝගෑම් එකක් යනවා කියලා ගයනි දික්කුඹුර කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතෙනවා අපි සතියකට එකා ගානේ මේ අභියෝගේ බාර ගත්තානම් හරි කියලා. මොනවා උනත් හරිම සුන්දර වැඩක් දුකා

      Delete
  13. ශා මරු ඈ..

    අර ගුමුගුමුව වදුලේ කියන සින්දුව සමිතගෙ නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් කසුන්. ඒක සමිතාගේ නේන්නම් . ඔන්න හැදුවා

      Delete
  14. සංතෝසයි සංතෝසයි.... මේ තියෙන්නෙ ප්ලේ ලිස්ට් අමුවෙන්ම..
    ජයවේවා..!!

    ReplyDelete
  15. මෙතනත් නියම සින්දු ටිකක්. මුතුකුඩ ඉහලන සින්දුව මගෙත් ප්‍රියතම එකක් තමයි.

    //සින්දුවටත් ගෑනු දරුවාටත් ආශක්ත වෙච්ච මට ...නෑ මොකුත් උන් නෑ// හිතාගත්තැකි. හැක්..

    ReplyDelete
    Replies
    1. කිව්වේ නැති ඒවා ගැන හිතන්න එපා සින්දුව අහන්න ප්‍රසා. හැක්

      Delete
  16. //මිහිකත නලවාලා - සුනිල් ශාන්ත//
    මම ආසම සිංදුවක්.. මෙතන හැම එකටම මම ආසයි තිලක සිත.

    ReplyDelete
  17. යූ ටියුබ් බ්ලොක් නිසා සින්දුව හරියටම තේරුම් ගන්න අමාරුයි. අඩු ගානේ සින්දුවේ මුල් කෑල්ල වත් දාන්න තිබ්බා හිටන්. හරි ආයේ පස්සේ වෙලාවක බලලා ඔබේ ගීත සමඟ මගේ රුචිකත්වය කොයි තරම් සමපාත වෙනවද බලමු . .

    ReplyDelete
    Replies
    1. එහෙමද යූ ටියුබ් බ්ලොක්ද ඔය පැත්තේ. මට දවසක් දෙන්න දුකා මම මුල් වචන ටික දාන්නම්

      Delete
  18. අනේ මමත් ගොඩක් ආස සින්දු ටිකක්!

    ReplyDelete
  19. Wendata wada wenas..
    Mechchara ikmanta tawa post ekak dunnata thanku uncle...

    Rasa kathawakut ikmntm denna..

    ReplyDelete
    Replies
    1. ඔව් දුව මේ මම වෙනද ලියන විදිහේ කතන්දරයක් නෙවෙයි. අපි යාළුවො එකතු වෙලා දාපු පැදුරු සාජ්ජයක්. ඉඳල හිටලා පොඩි වෙනසක් තියෙන්න එපැයි නේද. ඉක්මනින් කතාවක් දාන්නම් . ජය !

      Delete
  20. දැන් දැන් මටත් පොස්ට් එකක් දාන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. දාමු දාමු ඉවාන් . තව කීප දෙනයි අඩු

      Delete
  21. නෑ නෑ මේක අපි කාලෙකින් කරපු සුන්දර පිස්සු වැඩක් . මමනම් හරි කැමතියි හවුල් වෙන්න ලැබුනට. මුල පිරුවේ ඔබ නිසා ඒ ක්‍රෙඩිට් එක ඔබටයි . ස්තුතියි ඉයන්

    ReplyDelete
  22. සුන්දර පිස්සු වැඩක් නිසාමයි මාත් කැමති වුනේ. සින්දු අහන ගමන් මේ

    ReplyDelete
  23. //සඳ මිදුලට එනවා.....
    ආ ළඟක ඉඳලද ?///
    ------------පිස්සු හැදෙනවා ඔයි...

    ------
    සුපිරිම සින්දු ටිකක් තිලකේ...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීෂණ .ජය වේවා!!

      Delete
  24. වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු වුණා. බ්ලොග් 25 ක ගීත ලැයිස්තුව මෙතන. ඔවුන්වත් දිරිමත් කරන ලෙසටයි අරයුම.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඉයන් . ඒ සින්දු අහන්නත් යනවා

      Delete
  25. මේ විදියටම අපිට අපි කියවපු පොත් 10ක් ගැනත් පෝස්ට් දාන්න පුළුවන්.. සාහිත්‍ය මාසේ ළඟ නිසා.. මුතු කුඩ ඉහලන එකයි මේ තරම් සියුමැලි ද කළුගල් එකයි මගේ ප්‍රියතම..මමත් මේ සිංදු පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ හැබැයි මම කැමතිම සිංදු ඔක්කොම වගේ අනිත් අය දාල හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස පැතුම් . ලබන මාසේ අපේ කීප දෙනෙක් හරි පොත් ගැන ලියැවී

      Delete
  26. සුරංගීට දුක හිතුනා..බොහොම කාලෙකින් ඇහුවේ...ස්තූතියි තිලක්..:)

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව එක කාලයක් දවසකට වරක් හෝ අහපු එකක් රවී

      Delete
  27. හරිම රසවත් ගීත ගොන්නක්...සියල්ලම නැවතත් අසා රස වින්දා...පිදෙන ගොයමේ ගීතය ඇසුවේ බොහොම කාලෙකින්...මා ඉතා කැමති ගීයක්...ඒ වගේමයි සුරංගිට දුක හිතුනා ගීය ඇහුවෙත් කාලෙකින්...

    ReplyDelete