Sunday, June 21, 2026

කිලෝ මීටර් එක්දාස් පන්සීයක් දිග තෙල් පයිප්පයක කතාව

සු­ගිය සති අන්තයේ අපි බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි වෙර­ළ­බඩ අව­න්හ­ලක සුපු­රුදු පරිදි අසුන් ගෙන සිටි­යෙමු. තුර්කියේ සාම්ප්‍ර­දා­යික ටියු­ලිප් හැඩයේ කුඩා වීදු­රු­ව­කින් දුම් දමන උණු­සුම් තේ පොදක් රස විඳි­මින්, සැහැල්ලු අල්ලාප සල්ලා­ප­යක නිරත වන අත­ර­තුර, මිතු­රෙක් මගෙන් මෙසේ ඇසීය: “එත­කොට, ඊළඟ සතියෙ සිළු­මි­ණට ලියන තෙංගිස් කතාව මොකක්ද?” ඔහු එලෙස විම­සුවේ කසා­ක්ස්තා­නයේ කැස්පි­යන් වෙර­ළ­බඩ පිහිටි දැවැන්ත තෙල් නිධි­යක් වූ තෙංගිස් සහ 2007 වසරේ එහිදී මා ලැබූ වෘත්තීය අත්දැ­කීම් පිළි­බඳ මම සති කිහි­ප­යක් තිස්සේ ලියන ලිපි පෙළ ගැනයි. මම සිනා සෙමින් ඈත නිල් දියඹේ සෙමෙන් ඇදී යන දැවැන්ත තෙල් නෞකා­වක් දෙසට ඇඟිල්ල දිගු කළෙමි: “ඔය නැවේ තියෙ­න්නෙත් සම­හර විට තෙංගි­ස්ව­ලින් ආපු තෙල් වෙන්න පුළු­වන්. අන්න අර ඈතින් ඇහෙන දුම්රියේ හඬත් සම­හර විට තෙංගිස් තෙල් ක්ෂේත්‍ර­යට අවශ්‍ය යන්ත්‍රෝ­ප­ක­රණ හෝ අම­තර කොටස් රැගෙන යන දුම්රි­යක හඬක් වෙන්න පුළු­වන්…” මිතුරෝ මඳක් මවිත වී මා දෙස බලා සිටි­යහ. 

 අද, වසර විස්ස­කට ආසන්න කාල­ය­කට පසු, ඉස්තා­න්බුල් නග­රයේ සිට බොස්ෆ­රස් දිය­වර දෙස බලා සිටින විට, එදා තෙංගිස්හි සේවය කරන කාලයේ මට නොතේ­රුණු බොහෝ දේ වඩාත් ගැඹු­රින් තේරුම් ගත හැකිය. මන්ද යත්: තෙංගිස්හි බොර­තෙල් සහ අප ඉදි­රියේ දිස් වන බොස්ෆ­රස් නාවික මාර්ගය අතර ඍජු නමුත් නොපෙ­නෙන සම්බ­න්ධ­තා­වක් තිබේ. එය නළ මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග සහ අන්ත­ර්ජා­තික ව්‍යාපා­රික සහ­යෝ­ගි­තා­වෙන් ගොඩ­නැ­ඟුණු නූතන ලෝකයේ විශිෂ්ට යටි­තල පහ­සු­කම් ජාල­යකි. බොහෝ දෙනා සිතන්නේ තෙල් කර්මා­න්තයේ ප්‍රධාන අභි­යෝ­ගය වන්නේ බොර­තෙල් පොළොව යටින් මතු කර ගැනීම බවයි. එහෙත් සැබෑ අභි­යෝ­ගය ආරම්භ වන්නේ ඉන් පසු­වය.

 බොර­තෙ­ල්වල සැබෑ වටි­නා­කම තීර­ණය වන්නේ ඒවා ආර­ක්ෂි­තව, අඛ­ණ්ඩව හා ලාභ­දායි ලෙස ලෝක වෙළෙ­ඳ­පොළ වෙත ගෙන යා හැකිද යන්න මතය. ඒ සඳහා නිර්මා­ණය කරන ලද ලොව විශා­ල­තම ව්‍යාපෘති අත­රින් එකක් වන්නේ CPC හෙවත් Caspian Pipeline Consortium නළ මාර්ග­යයි. මෙය සැබෑ අර්ථ­යෙන්ම අන්ත­ර්ජා­තික කොන්සෝ­ර්ටි­ය­මකි. කසා­ක්ස්ථා­නය, රුසි­යාව සහ අන්ත­ර්ජා­තික බල­ශක්ති සමා­ගම් එක්ව මෙය ක්‍රියා­ත්මක කරයි. තෙංගිස්, කෂා­ගන් සහ කර­ච­ග­නාක් වැනි ලෝකයේ විශා­ල­තම තෙල් ක්ෂේත්‍ර­ව­ලින් නිප­ද­වන බොර­තෙල්, කිලෝ­මී­ටර් 1,500ක් පමණ දිග මේ නළ මාර්ගය හරහා රුසි­යාවේ කළු මුහුදු වෙරළේ පිහිටි නොවො­රො­සිස්ක් වරාය වෙත ගෙන යනු ලැබේ. මේ මාර්ගය කස­කා­ස්ථා­නයේ කැස්පි­යන් පහත් බිම්ව­ලින් ආරම්භ වී රුසි­යාවේ ඇස්ට්‍රා­කාන් ප්‍රදේ­ශය, කල්මික් ජන­ර­ජය සහ ක්‍රස්නො­ඩාර් කලා­පය හරහා ගමන් කර කළු මුහුද වෙත ළඟා වේ. අද කස­ක­ස්ථා­න­යට ලෝක වෙළෙ­ඳ­පොළ විවෘත කරන ප්‍රධාන ආර්ථික දොර­ටු­වක් වන්නේ මේ නල මාර්ග­යයි. තෙංගිස් තෙල් ව්‍යාපෘ­තියේ ව්‍යාපා­රික ව්‍යූහය ද ඉතා සිත්ග­න්නා­සු­ලුය.

 Tengizchevroil නම් ඒකා­බද්ධ ව්‍යාපා­රයේ කොටස් Chevron, ExxonMobil, KazMunayGas සහ Lukoil අතර බෙදී ඇත. ඉන් සිය­යට 20ක කොට­සක් කස­කා­ස්ථා­නයේ රාජ්‍ය බල­ශක්ති සමා­ගම වන KazMunayGas සතුය. මේ අන්ත­ර්ජා­තික සහ­යෝ­ගි­තාව නොවී නම් මෙත­රම් විශාල සම්ප­තක් සංව­ර්ධ­නය කිරීම කිසිදු රට­කට පහසු නොවනු ඇත. එහෙත් කතාවේ වඩාත් ආක­ර්ෂ­ණීය කොටස ආරම්භ වන්නේ නොවො­රො­සිස්ක් වරා­යෙන් පසු­වය. නළ මාර්ගය ඔස්සේ පැමි­ණෙන බොර­තෙල් මුහුදේ පිහිටි පද්ධති හරහා දැවැන්ත තෙල් නෞකා­ව­ලට පුර­වනු ලැබේ. ඒ නෞකා කළු මුහුද හරහා ගමන් කර බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය පසු කර මධ්‍ය­ධ­රණී මුහු­දට පිවි­සෙයි. අද මම ගාලාටා පාලම අසල හෝ උස්කු­දාර් වෙරළේ සිට මේ නෞකා දෙස බලා සිටින විට, ඒවා­යින් සම­හ­රක් තුළ මා සේවය කළ තෙංගිස් තෙල් ක්ෂේත්‍රයේ බොර­තෙල් තිබිය හැකියැයි සිතේ. 

 ( Silumina 14-06-2026 Tilakasiri Ekanayaka)