(මේ පලවන්නේ අටවිසි මහල නව කතාවේ විසි දෙවන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතැනින්)
රිචර්ඩ් සිතා සිටින්නේ අම්රිතා සිත් වේදනා විඳින්නේ පියාගේ අසනීප තත්ත්වය හෝ වෙනත් පවුලේ ප්‍රශ්නයක් නිසා බවය . අනෙක් අතට ඇගේ මේ වෙනස නිරීක්ෂණය වෙන්නට පටන් ගත්තේ අම්රිතා නිවාඩුවට ගොස් යළි වැඩට ආ දවසේ පටන් නිසා රිචර්ඩ් එහෙම හිතන එක සාධාරණය . එහෙත් මේ කියන චිත්තාර්බුදය ආපසු එන ගමනේදී මෝරා එන්නට වුනේ කටුනායක ගුවන් තොටුපොලට ගොඩ බැස්ස තැන පටන් බව තේරුම් ගැනීමට තරම් සියුම් සංවේදී කමක් රිචර්ඩ්ට තිබ්බේ නැත . ඇරත් ඒ සංවේදීකම තිබෙන්නට ඕනෑම මිනිසා වන මනෝරන්ජන් තුලත් එවැන්නක් තිබුනේ නැති සෙයකි .
අම්රිතා මෙවර ආවේ දෙපැත්තට වැනි වැනී තීරණයක් ගන්නට බැරිව සිටි ගැටලුවකට ස්ථිර අදහසක් අරගෙනය. ඒත් ඒ තීරණය ඇතුළු සිතේම දවා ගිල දැමීමට ඇයට සිදු වී තිබීම මේ වේදනාවේ කතාන්තරයයි . සමහර විට එදා ගුවන් තොටුපළෙන් තමාව පිලිගැනීමට මනෝරන්ජන් ආවානම් වාහනයේ එනගමන් ඔහුට මේ සියලු කතන්දර කියන්නටත් එදා රාත්‍රියේ ඔහු සමග ගත කිරීමටත් පවා ඉඩ තිබිණි . ඒත් ඈ සිතු සේ නැතිනම් නොසිතූ සේ තත්ත්වය වෙනස් වී තිබේ.
අම්රිතා ළයට තුරුළු කරගෙන සනසවන්නට වෙහෙසෙන රිචර්ඩ් මේ වගක් හාන්කවිසියක් දැන සිටියේ නැත .
මනෝරන්ජන් මේ වෙනස නිරීක්ෂණය නොකලාක් මෙන් අසංවේදීව සිටින බවක් පෙන්නුවද ඔහු අම්රිතා කෙරෙහි ඇති වී තිබෙන සංකීර්ණ මානසික විපර්යාසය තේරුම් ගෙන සිටියේය . ඈ පිලිබඳ අවදානයෙන් සිටින්නැයි ඔහු අවසානයේ රාධාගෙන් ඉල්ලා සිටියේය. වැඩි වැඩියෙන් අම්රිතා සමග කතාබහ කරන ලෙසත් ඈව තනි නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය . අම්රිතාගේ පානදුර ගමන් වැඩි කරවීම මේ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් වුනේය. අනෙක් අතට අම්රිතා ඒ අම්මා හා දුලා දෙන්නාගේ සමාගමයට කැමති වුනාය . ඔවුන් ඇසුරේ අගේ මනස ලිහිල් වුයේය . සැනසුමක් දැනුනේය.
මනෝරන්ජන් ගේ දින සටහන් අතරින් තේරා බේරා ගත් මේ කතාවේ ඔහුගේ පැත්තේ විස්තරය මේ වගෙය .
1988 අවුරුද්දේ අයියාගේ බල කිරීම මත ඔහු දන්නා ඒජන්සියක් මගින් හොර සහතිකද සාදාගෙන ඩුබායි වෙත පටවා අරිනු ලැබූ මනොරන්ජන් රිචර්ඩ්ලා කොම්පැනියේ ආධුනික සුපර්වයිසර් වරයෙකු විදිහට වැඩට බැඳුනේය . ඒ වන විට ඔහු ඇදී යමින් තිබෙන දේශපාලන වංකගිරියේ ඔහුගේ පැවැත්ම පිලිබඳ බිහිසුණු අවිනිශ්චිත තාවක් මැ වෙමින් තිබුනේය . කෙසේ හෝ ඔහු ඩුබායි හි රස්සාව කරන අතරතුර කවුරුත් ළෙන්ගතු කටකාර වැඩිහිටි සුපවයිසර්වරයා සන්ජිබ් අර කාලකන්නි අනතුරට මුහුණ දුන්නේය . අවසානයේ ඔහුට කකුලක් අහිමි වුනේය. සදාකල් පවතින කොන්දේ හා බෙල්ලේ අමාරු මතු වුනේය . මේ තත්වය තුල ඔහුට තව දුරටත් රස්සාව කර ගැනීමට නොහැකි වුයෙන් ඔහු සියරට පටවා හැරීමටත් අවුරුදු පහක් යනතුරු විශ්‍රාම වැටුපක් ගෙවීමටත් කොම්පැනිය එකඟ වුනේය .
ඒත් සන්ජිබ්ගේ ඉල්ලීම එය නොවීය . ඉස්කෝලේ ඉගෙනුම හමාර කර සිටි සිය එකම දරුවාට රස්සාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහු හඬා වැටුනේය . අන්තිමේ ඒ දරුවාට වීසා ලැබිණි . දෙමසකට පසුව සන්ජිබ්ගේ එකම දරුවා ඩුබායි වැඩබිමට ආ දවසේ කාගේත් ඇස් ඉහළ ගියේය . හිතේ මවාගෙන සිටි අව්වට කළු ගැහුණු රළු පෙනුමක් ඇති ඇසෑමයේ කොල්ලා වෙනුවට වැඩබිමට ආවේ විසි හැවිරිදි මනස්කාන්ත රූ සපුවක් ඇති උස අදිටන්ශීලී කෙල්ලකි. . වැඩබිම් කන්තෝරුවේ හැරුණු විට හදන බිල්ඩිමේ පලංචියේ නගින කාන්තා පාර්ශවයේ කිසිවෙක් ඒ වැඩ බිමේ සිටියේ නැත .
මනෝරන්ජන් ගේ යොවුන් සිත සලිත වන්නට පටන් ගත්තේ එදා පටන්ය . එහෙත් නොබෝ කලකින්ම තමා දකින ආපහු ගමට යෑම එහි කුඩා ගෙයක් හදාගෙන ජීවත් වීම , සාධාරණ සමාජයක් වෙනුවෙන් දිගටම සටන් කිරීම වගේ තරමක් පරණ තාලේ අරමුණු ඈ කෙරේ කොහොමත් නැති බව ඔහු තේරුම් ගත්තේය .
ඒ වෙනුවට දැරිවියක සන්දියේ සිට ඈට දැල්වුණු සිහින තුනක් තිබෙන බවත් එක්සයිට්මන්ට් වලට තමා ආකර්ෂණය වන බවත් අම්රිතා කීවේ කාටත් ඇහෙන පරිදි හවස තේ බොන වේලාවේදීය . ඒ වැඩට ඇවිත් සතියක් ගිය විටය.
ඒ සිහින තුන මොනවාදැයි අම්රිතා මනෝරන්ජන්ට කීවේ අලුත් රස්සාවට ඇවිත් දෙමාසයක් ගියාට පසු ඔහු සමග කෝනිච් වෙරළේ ඇවිදිමින් සිටියදීය .
ඇගේ පලවෙනි සිහිනය වී තිබුනේ කවදා හෝ පිට රටක රස්සාව කිරීමය . දැන් ඒ සිහිනය නොසිතු ලෙස ඉටු වී තිබෙන අතර දැන් සිහිනය "පිට රටක" යන්න "පිට රටවල් ගොඩක" ලෙස වවාගෙන සිටියාය. දෙවැනි සිහිනය වුනේ නේපාලය හා ටිබෙටය හරහා ශුෂ්ක සුන්දර මාවතේ මෝටර් සයිකලයකින් චීනයට සවාරියක් යෑමය. ඒ සිහිනය ඈ තුල රෝපණය කලේ ඇගේ පළමු පෙම්වතා විසිනි . තුන්වන සිහිනයනම් විවාහයෙන් පසු දිය මත පාවෙන ගෙදරක ජීවත් වීමය,
පේරාදෙනි ග මනින් පසු නෙතදරාට ලියුම් ලියන අතරේත් මනෝරන්ජන්ට අම්රිතාගේ සිහින ගැන වරින් වර සිහියට නැගුනේය . තාමත් ඉටු වුයේ අගේ පළමු සිහිනය පමණක් බවත් ඒ සිහිනය විසින් ඈ දුකට ඇද දමා තිබෙන බවත් ,. අම්රිතාගේ අනෙක් සිහින දෙකටම තමාගේ උනන්දුවක් නොමැති බව අම්රිතාට වැටහීමම ඈ වෙතින් තමාව දෙවරක් ප්‍රතික්ෂේප වීමට බල පෑවා යන්න මනෝරන්ජන්ගේ කල්පනාව විය .
ඒ වුනත් අම්රිතා තමාගේ දෙවන සිහිනයද ඉටු කරගෙන තිබෙන බව මනෝ රන්ජන් ඒ වනවිට නොදැන සිටියේය . අනෙක් අතට අම්රිතාගේ තුන්වන සිහිනය හොරකම් කර ගැත්තෙක් තමන් සමගම සිටින බවද මනෝරන්ජන් තේරුම් ගෙන නොසිටියේය .
ඔහු යලිත් නෙතදරාගේ රුව මවා ගත්තේය. ඊළඟට සියල්ල අමතක කර වැඩබිම වටා රවුමක් ගියේය. සුපර්වයිසර් වරුන් සමග කතා කළේය. ඉතිරි සතියේ වැඩ ටික සැලසුම් කළේය. අඩුපාඩු ලැයිස්තුවක් හැදුවේය. තව සතියකින් තුන්වන ස්ලැබ් එක දානවා . ඊට කලින් අසේල ගෙන්නා ගන්නට ඕනෑ.
අනෙක් අතට අසේලගේ පැමිණීම අම්රිතාටත් සතුටක් වනු ඇත . යලිත් මුල් කාලයේ මෙන් හිනාවෙන් කෙලි කවට කමින් පිරුණ එහෙත් වේගයෙන් යහමින් වැඩ කෙරෙන වැඩ බිමක් හදා ගන්නට පුළුවන් වේදැයි සැකය . එහෙත් අටවිසි මහල මීට වඩා ප්‍රබෝදමත් වැඩ බිමක් කරන්නට මොනවා හරි කරන්නට වෙන බව ඔහුට ස්ථිරය .
තව තට්ටු විසි පහක් . මාස විසි දෙකක් .
-මීළඟ කොටස -
Image Source : WallHere
++++++
ReplyDeleteස්තුතියි ප්රා +++
Deleteජීවිත තට්ටුවල කතාන්දර .,..
ReplyDeleteඔව් !
Deleteපොරොන්දු ප්‍රකාරව ලියැවේ.
ReplyDeleteමේ කරකෝන කරකැවිල්ල ෂර්ලොක් හොල්මෙස් කැලේ අරියි.
අම්මප මමත් කරකැවිලා ඉන්නේ
Deleteකලින් කිව්වා වගේ මෙක අන්තෝ ජටා.. බහි ජටා වේගන එන්නේ..
ReplyDeleteඑහෙම වෙලා දැනටමත්
Deleteමනෝරංජනයා ගැන හොයන්න ඕන, පොර ලේසි පාසු බුවෙක් නෙවේ
ReplyDeleteඌ හොයන්න ලේසි වෙන්නේ නෑ. කෑලි පූට්ටු කරලා හදල තියෙන්නේ ( හැබැයි ඇත්ත චරිත )
Deleteඅම්රිතා - අසේල
ReplyDelete