මිට තෙමසකට පෙර වරලත් ඉංජිනේරු ගැමුණු සිලවාගේ වියෝවෙන් පසු ඔහු ගැන මා ලියු සටහන සමකාලින බොහෝ හිත මිතුරන් කියවා තිබුණු අතර ඒ කාලේ ඔහු සමග එක්ව රාජකාරි කළ කිහිප දෙනෙක් අදහස් තිබුණි . මම ඔහු යටතේ රාජකාරිය කලේ 1995 වසරේ මැද සිට 1997 අවුරුද්දේ අග භාගය දක්වා වුවද ඉන් දිගු කලක් යනතුරු හරියටම කියානවානම් 2020 අවුරුද්දේ අග භාගය දක්වා ඔහු ගැන සෙවිල්ලෙන් හිටියෙමි. මගේ ලෝකයේ රෝල් මොඩල් එකක් වූ ඔහු හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ජීවිතය ගැන මට කියන්නට බොහෝ දේවල් තිබේ.
කලකට පෙර මා ලියු අඹ විජේලාගේ කතාවද සර් කියලා කියාපන් කතාවේ සමහර කොටස්ද එහිදී ලද අත්දැකීමකි .මේ තවත් එවන් මතක සටහන් කිහිපයකි
වරක් ලහි ලහියේ පැලියගොඩ මධ්‍යම වැඩපලට පැමිණි ගැමුණු සිල්වා එහි සිටි ලාබාලම ඉංජිනේරුවන් දෙදෙනා වූ පාලිතත් මාත් වාහනයේ පටවාගෙන ; "යමල්ල මරු වැඩක් තියෙනවා බලන්න:" කියා කිව්වෙ.
පරණ යකඩ ඉස්ටෝරු, කර්මාන්ත ශාලා හා කන්ටේනර් පර්යන්ත අතරින් ඇදී ගිය වහනය සුවිසල් ගබඩා සංකීර්ණයකට ඇතුළු විය. පැරණි බළකොටුවක තිබුණු පන්නයේ මහා විශාල යකඩ දොරටුවක් මදක් ඇර තිබු නිසා ඒ විශාල තහඩු ගොඩනැගිල්ලකට ඇතුළු වීමට අපට හැකි විය.
එය රසායන පොහොර මිශ්‍රණ කර්මාන්ත ශාලාවකි . යන්ත්‍ර සුත්‍ර තිබ්බේ දැවැන්ත ශාලාවේ පසුපස අර්ධයට වෙන්නටය. ඉදිරිපස තැන තැන පොහොර ගොඩ ගසා තිබුණි. ඒ අතර යුහුසුළු සේවකයන් දහ පහළොස් දෙනෙක් පොහොර ගොඩවල් දෙකෙන් වෙන වෙනම ගෙනා පොහොර සවල්වලින් එකතු කරමින් මිශ්‍ර කරමින් සිටිති . සුදුකැට , රතුකැට , කළුකැට
එසේ මිශ්‍ර කරනා පොහොර තවත් කිහිප දෙනෙක් බෑග් වලට පුරවා ළඟ තිබ්බ තරාදියෙන් කිරති . ඒ දවස්වල ප්‍රචාරය වූ වෙළඳ දැන්වීමක රට පොහොර ගැන ප්‍රචාරය වුනේ මෙසේය '
"නවීන පරිඝණක තාක්ෂණයෙන්, ස්වයංක්‍රීය යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කර ඔබ වෙත එන අහවල් පොහොර" .
පාලිතත් මමත් නවීන පොහොර කවලම් කරන ස්වයංක්‍රිය මිනිස් යන්ත්‍ර දෙස උපහාසාත්මකව බල බලා සිටියේ තරමක් ඈතට වෙලාය. ඒ අපේ අලුත් ඇඳුම් සුට්වල දුවිලි තවරෙන්නට ඉඩ තිබුණු බැවිනි .
මොහොතකින් අපට අප කැටුව ආ මහා හුරා හෙවත් ගැමුණු බොස්ට වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරි විය. මේ දැන් මෙතන සිටි ඔහු ආගිය අතක් නැත . අවසානයේ අපට ඔහු දැකගත හැකි වුනේ පොහොර යන්ත්‍රාගායේ උඩටම නැග සිය සටහන් පොතේ මොනවාදෝ කඩිමුඩියේ ලියමින් සිටියදිය . අපට වඩා අවුරුදු විසිපහකටත් වඩා වයසැති මේ පැසුණු ඉංජිනේරුවා අට්ටාල හා , දිග බෙල්ට් අතරින් රිංගා යද්දී බලා සිටින්නට ලැජ්ජා සිතුනු අපි දෙදෙනාද සර්කස්කාරයන් මෙන් යකඩ ඉනිමං වල එල්ලී එල්ලී ගොස් මුළු කර්මාන්තශාලාවම දැක බලා ගත්තෙමු
සටහන් පොත කිහිල්ලේ ගසාගෙන දෑතින් දෑත පිස දමමින් අප වෙත ආ ගැමුණු බොස් කිව්වේය.
' දැන් මේකයි අපි කරන්න ඕනි. මේ යන්ත්‍ර සුත්‍ර ඔක්කොම එහෙන් මෙහෙන් කැඩිලා පරණ වෙලා වැඩ කරන්නේ නෑ . ඒ අස්සේ මේකේ අයිතිකාරයන්ට ඕනි ෆැක්ටරියම ඔටෝමේට් කරන්න . දැන් මේ හදන්නේ ඒ ගැන වාර්තාවක් හදන්න"
ඒ වැඩේ ඉන් එහාට ගියාදැයි මම හරියටම දන්නේ නැතත් . ගැමුණු සිල්වා යනු ඉතා ප්‍රයෝගික ක්‍රියාශීලි ඉංජිනේරුවෙක් බව පසක් වුයේ ඔහු අර යන්ත්‍ර සුත්‍ර නිරීක්ෂණය කල යුහුසුළු විලාශයෙනි .
ඉංජිනේරු සංස්ථා සේවයෙන් ඉවත් වුවාට පසු මට ඔහු හමු වී ඇත්තේ දෙතුන්වරකි .
පළමු වරට මම ඔහුට දුරකතනයෙන් කරන ලද ඇරයුමක් පිළිගනිමින් අපේ සමාගමේ හඳුනවා දීමේ උත්සවයට ආවේය.එදා ඔහු කතා කලේ තාක්ෂණ, පර්යේෂණ සැලසුම් හැදීම හා ක්‍රියාත්මක කිරීම ගැනය . රාජ්‍ය අංශයෙන් පිටත සිටින පුද්ගලයන්ට පර්යේෂණ හා නවෝත්පාදන කිරීමට සුදුසු මධ්‍යස්ථානයක් බිහි කිරීමේ උත්සාහය අගය කළ ඔහු එහෙත් මේ වැඩේ හරි බිස්නස් මොඩල් එක එහෙම නැත්නම් මුදල් උපයමින් පවත්වාගෙන යෑමේ ක්‍රමෝපාය අපැහැදිලි බවද කිව්වේය.
තවත් වාසර කීපයකට පසු මට අපේ බැචෙකු වූ බන්ධුල කරුනාරත්නත් සමග තවත් අලුත් වැඩක් පටන් ගන්නට සිතුණි . වැඩේ මෙහෙමය. ලෙඩවලට බෙහෙත් ගන්නට චැනල් සෙන්ටර් තිබෙන්නාක් මෙන් ඉදිකිරීම් අංශයේ සියලු උපදෙස් හා සේවා ලබා දීමට චැනල් සෙන්ටර් එකක් දැමීමය. අපේ සිහිනයේ හැටියට මේ ආයතනයේ කාමර දහයක් පහළොවක් තියේ . එකක ගොඩනැගිලි සැලසුම් ඉංජිනේරුවෙක් සිටි, අනෙකේ වරලත් විදුලි ඉංජිනේරුවෙක් සිටි තවෙකක සැලසුම් ශිල්පින්ය, තව එකක ඇස්තමේන්තු හදන්නෙකි, ඉඩම් සැලසුම් හා නඩු ගැන උපදෙස් දෙන තවත් තැනෙකි. මේ ආදී සකලවිධ ඉදිකිරීම් උපදෙස් සේවා සියල්ල ලබාගෙන පිටව යන කෙනෙකුට අන්තිමේදී හාඩ්වෙයාර් එකක්ද තිබේ . ඇත්තෙන්ම අපි එවැන්නක් පටන්ගත්තෙමු . බර වියදම් දැරුවේ බන්ධුලය .එහි නිල ආරම්භක උත්සවයට එන්නැයි ඇරයුම් කරන්නට එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සබාපතිවරයා වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා හමු වීමි . මහේශාක්‍ය කාමරයක විශාල මේසයක කෙළවර සුපුරුදු සිනහව දාගෙන සිටි ඔහු මා සතුටින් පිළිගත්තේය .
' ඉතින් ඉතින් කොහොමද උඹලගේ වැඩේ ? ඔහු ඇසුවේය "
" ඒක හෙමින් කරගෙන යනවා බොස් . මම ජොබ් එකකුත් කරනවා . තව අපේ පොඩි වැඩක් තියෙනවා බොස් ලබන සෙනසුරුදා උදේ දහයට . පොඩ්ඩක් ඇවිල්ලා යන්න පුලුවන්ද?
' මම ලබන සෙනසුරාද කොළඹ නෑනේ බං . ඉතින් මේ ගමන උඹල මොකක්ද කරන්න යන්නේ ?"
මම අපේ කතාව කිව්වෙමි ඉදිකිරීම් චැනලින් සෙන්ටර් එක . ඔහු මදක් කල්පනාකාරී විය. මුහුණේ ප්‍රසන්න පෙනුමක් මතු විය.
' මේක හොඳ අදහසක්. ඒත් අදහසක් හොඳ වෙච්ච පලියට සාර්ථක වෙන්නේ නෑ . ඉස්සෙල්ලම හොයල බලපන් ඔය වගේ දෙයක් කරන්න උත්සහ කරපු වෙන කවුරු හරි ඉන්නවද කියල. නැතිනම් බලපන් කවුරුවත් ඔහොම දෙයක් නොකළේ ඇයි කියල. ඔහොම කලින් අත්දැකීම් නැති දෙයක් කරන්න ඕනි ටික ටික පරිස්සමින් . මමනම් කියන්නේ ඉස්සෙල්ලා අදායම ලැබෙන පාඩු වෙන් නැති ඔය හාඩ්වෙයාර් කෑල්ල වගේ එක දාලා ටික ටික අනිත් වැඩ පටන් ගනිල්ලා '
ඔහුගේ දැනමුතුකම් ඉතා ප්‍රායෝගික ඒවා බව අපට පසක් වුයේ තරමක් පහු වෙලාය. 2001දී පටන්ගත් තාක්ෂණ පර්යේෂණ හබ් එක හරි හමන් බිස්නස් මොඩලයක් නොතිබියෙන් 2003 දී , බිස්නස් අරමුණක් තිබෙන මෘදුකාංග හා වෙබ් සැලසුම් සමාගමක් ලෙස හරවා පවත්වාගෙන යන්නට හැකි විය . එය දැන් දහඅට හැවිරිදි තරුණ සමාගමකි.
මගේ යාලුවා ඉදිකිරීම් සේවා චැනලින් සෙන්ටර් එක හාඩ්වෙයාර් එකක් බවට මුලින් හරවා ණයතුරුස් ගෙවා දැම්මේය . ඔහු අද සාර්ථක ගොඩනැගිලි සේවා ඉංජිනේරු සේවා සමාගමක් පවත්වාගෙන යයි .
ඉංජිනේරු ගැමුණු සිල්වා යනු විශේෂයෙන් හැදෑරිය යුතු වටිනා චරිතයකි . මේ ඔහුගේ ජිවිතයේ කුඩා පැතිකඩක් මගේ නිරීක්ෂණයට අසු වූ ආකාරයයි .ඔහුගේ පරිණත අත්දැකීම්වලින් , සමහර උපදෙස්වලින් ඉංජිනේරු විද්‍යාවට, ව්‍යාපාර කළමනාකරණයට පමණක් නොව රාජ්‍ය පාලනයට පවා ගත හැකි පාඩම් ඇතැයි මට සිතේ
Photo Source: ugaoo.com
අත්දැකීම් කතා කරයි
ReplyDeleteකියල දාමුද.. ඒක මරු. රාජ්‍ය සේවයේ ඉන්නව හොඳ චරිත. ඇත්තටම හොඳ. බොහොම කලාතුරකින් හම්බෙන බොහොම දුර්ලභ චරිත. ඒත් ඒ මනුස්සයන්ගෙන් හරි වැඩක් ගන්නෑ. නැත්තං ගන්න දෙන්නෑ.
තිලකෙ අයිය ආපහු දගටම ලියාවි කියල බලාපොරොත්තු වෙනව.
❤️
//තිලකෙ අයිය ආපහු දගටම ලියාවි කියල බලාපොරොත්තු වෙනව.
Delete❤️//❤️❤️
ඔව් මල්ලි ලියන්න සුදානම් වෙනවා
කමෙන්ට් මොඩරේෂන් ඔන් කරලද. කමෙන්ට් ගිලිනව නේ
ReplyDeleteමොකක් හරි අවුලක් තියෙන්න ඇති . දැන් හරි නේද ?
Deleteඅත්දැකීම් ලෝකයක් තියෙන ප්‍රයෝගික මිනිහෙක් කියන්නේ වටිනාකම නිමක් නැති වස්තුවක්..
ReplyDeleteඔව් මේ වගේ චරිත කතා හොඳින් හදාරන්න හා ලියන්න ඕනි .
Deleteඅත්දැකීම් කියන එව්වා මිල කරන්න බෑ තමා
ReplyDeleteඔව් !!
Deleteවැඩ කරන මිනිසුන ලංකාවෙ බොහෝය. ප්‍රායොගික දැනුම අතින් පොහොසත් ය.
ReplyDeleteඔව් හැම ක්ෂේත්‍රයකම ඉන්නවා . ටික ටික හරි ඔවුන් ගැන ලියවෙනවානම් අගෙයි
Deleteපරණ ඉංජිනේරු කතා කියවන එක මරු
ReplyDeleteපරණ වෙන්නැති කතා. ස්තුතියි අජිත්
Deleteමේකෙ ලින්ක් දිගේ ගිහින් කතා කීපයෙකුත් කියෙව්වා. සුපුරුදු ලෙසට නියම කතා සෙට් එක. දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.👌🙏😊
ReplyDeleteදිගටම ලියන්න උත්සහ කරනවා බස්සෝ . බොහොම ස්තුතියි
Delete+++++++++++++
ReplyDelete+++++++++++++++
Deleteසබ්බ පාපස්‌ස අකරණං
ReplyDeleteකුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු . සාදු
Deleteඅර දීල තියෙන උපදේසෙනං වටිනව.
ReplyDeleteඔය පෝර අනපු වැඩේ වගේම තමයි පරිගණක අනුසාරයෙන් ඇස් කණ්නාඩි හදන අයත් කරන්නෙ. හැබැයි ඒ තැංවල කොම්පීටරයක්නං තියෙනව වෙන වැඩ වලට.
'පොහොර අනපු වැඩේ' කියනකොට මම හිතුවේ ලඟදි ආණ්ඩුවෙන් කරපු එකද කියල
Deleteහිතට අඳුන් තිලකෙකි මේ වගේ ලිපී
ReplyDeleteලියන පමාවෙන් කියවන්නෙමුය අපී
Lessons වගෙම ගෙන දෙනවා ගතිය happy
ලියවෙවා දිගට මේ වගෙ 'මාර ලිපී'
Deleteනොස්ටැල්ජියා ඩිමෙන්සියා එකට හැපී
මතක පොතෙන් ඉහිරී ගිය ෆොටෝ කොපී
එහෙන් මෙහෙන් එළන විටදී ඊට දැපී
දිරිය වඩන මේ පදවැල් රටක් වටි
ලියැවේවා ඔබෙන් තව රසවත් මෙන්ම
Deleteහරවත් ලිපි, පතමි! එළඹෙන නුදුරෙදීම
විද්‍යාජෝති සම්මානය සඳහා ඉතාමත් හොඳින්ම ගැලපෙන ඉංජිනේරු වරයෙකි ගැමුණු සිල්වා මහතා.
ReplyDeleteඒ සම්මානයට වටිනාකමක් දුන්න මිනිසෙක් දයා මහත්තයා
Deleteගැමුණු ප්‍රායෝගික මිනිසෙකු බව මේ කතා මගින් පැහැදිළියි. මා අසා දැක ඇති එකම වරද නම් අද්භූත දේ විශ්වාස කිරීමයි.
ReplyDeleteඒ වගේ අඩුපාඩු තියෙන්න ඇති . ඒත් ඔහු දුන් සියල්ලේ සමස්ථය යහපත් එකක්
Deleteහරිම අපූරු ලිපියක්!
ReplyDeleteමගේ බ්ලොග් රෝලේ එල්ලා ගත්තෙමි; "නොයාම බැරි තැන් දහයක්" යටතේ!
බොහොම ස්තුතියි . ඒක ලොකු ශක්තියක්
Deleteඒ කාලේ කතා අහන්න ආසයි. ලංකාවේ හිටපු කාලේ මතක් වෙනවා.
ReplyDeleteඅපි ලංකාවේ ඉන්ජිනේරු උපාධිය කරන කාලේ, හරියට පර්‍යේෂනයක් කරන්නේ කොහොමද කියලා නිසි අවබෝධයක් අපිට දුන්නේ නැහැ. නමුත් මම දැන් සේවය කරන විශ්වවිද්‍යාලයේ (ලංකාවේ නෙවේ) අපි දෙවනි තුන් වෙනි වසර වල ඉඳලම ළමයිට කියා දෙනවා පර්‍යේෂන කරනකොට දැන ගන්න ඕනි මූලික සිද්දාන්ත. එක පාරටම ලොකු වැඩකට අත ගහන්න කලින්, ගැමුණු මහත්තයා කීවා වගේ කරන්න දේවල් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ගෙයක් හදන්න කලින් ගෙපල කපලා එතන ඒ සඳහා සුදුසු ස්ථානයක් කරගන්නවා වගේ යම් වැඩක් කරන්න පළමුව ඒ සඳහා සුදුසු වටපිටාවක් හදාගෙන නිවැරදි සැලැස්මක් එක්ක යන්න ඕනි. මේ දැනුම ළමයින්ට අපි විශ්වවිද්‍යාල වලදිම ලබල දෙන්න ඕන. එහෙම නැත්තං අත්දැකීම් වලින්ම ලබාගන්න හිටියොත් පාඩු වෙලා කාලයක් නාස්ති වෙලා බොහොම හිමින් තමයි ඒක ඉගෙන ගන්න වෙන්නේ.
එසයිමන්ට් එක කරන්න ගියාම ගොඩාක් වෙලාවට ඒ කාලේ කරේ කාගෙන් හරි කොපි කරපු එක. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි තමා එහෙම කොපි කරන එක දඬුවමක් හරි දුන්නේ. කණගාටුවට කාරණාව තමයි, අපිත් කියලා දුන්නේ නැහැ, කොහොමද වෙන කෙනෙක්ගේ අදහසක් හෝ දැනට තියෙන දැනුමක් අපි එසයිමන්ට්ස් වලදී ලියන්නේ කොහොමද කියන එක.
ඔබේ කමෙන්ටුව විද්යාර්තීන්ගේ ඇසට යොමු වේවා!
Deleteප්‍රායෝගික දැනුමක් හා ඊට ප්‍රවේශයක් නැතිකමින් පිඩා විඳින්නේ ලංකාවේ උපධිකාරයන් විතරක් නෙවෙයි, සියලු ආයතන, ව්‍යාපාර හා ව්‍යාපෘති . අවසානයේ මූලු රටම. ඔබේ අත්දැකීම් දිගටම ලියන්න .
Deleteබ්ලොග් ලෝකයට පිපුණු අපූරුමල සාදරයෙන් පිලි ගන්නවා . ජය!
බ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/
ReplyDeleteබොහොම ස්තුතියි . ඔබේ සේවය අගේ කරනවා
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteබොහොම ස්තුතියි . ඔබේ සේවය අගේ කරනවා
Delete