Monday, July 5, 2021

ගැමුණු සිල්වාට නම කියා කතා කළ නවක ඉංජිනේරුවා


මිට අවුරුදු විසි පහකට පෙර  මා රස්සාව කළේ ඉංජිනේරු සංස්ථා සමාන්‍යධිකාරි විද්‍යාජෝති ගැමුණු සිල්වාගේ කාර්යාලයට යාබදව පිහිටි ඔහුගේ  සහයක බලකා කොටසේය. තේජාන්විත තනතුරක් හෙබවූ මුළු රටේම සුපතල වරලත් ඉංජිනේරු ගැමුණු සිල්වාට බාල මහලු සියලුදෙනා  ඇමතුවේ ' සර්; කියා හෝ ගැමුණු බොස් කියලාය. ඔය කාලයේම පිට රට විශ්ව විද්‍යාලයක ඉගෙනගත්   නවක  ඉංජිනේරුවෙක් අප සිටි කාමරයේ වාඩි  කෙරෙව්වේ ගැමුණු බොස් විසින්මය . ඒත් මේ නවක ඉංජිනේරුවා ගැමුණු බොස්ට   'ගැමුණු' කියා ඇමතුවේය .  කාර්යාලයේ සෙසු සියලු  දෙනා මේ කොලුවා කරන මේ "බරපතල වැරැද්ද" ගැන කෝප ගත්හ . ඔහු නිවැරදි මගට ගන්නට උත්සහ ගත්හ . ඒත්  ගැමුණු බොස් ඒ වගක් සත පහකට ගණන් ගත්තේ නැත . තමන්ට නම කියා කතා කරන මේ අලුත් ඉංජිනේරු කොල්ලා සමග කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්  ගැන කතා කළේය .ඩිජිටල් කැමරා ගැන කතා කළේය .

නොබෝදා දිවියෙන් සමුගත් ඉංජිනේරු ගැමුණු සිල්වා දියුණු මිනිසෙකු ලෙස මා දකින්නේ ඒ නිසා පමණක් නොවේ . ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම්  ශුර ඉන්ජිනේරුවාගේ හැබෑ චරිතය  ආචාර්ය කුලසිංහගේ දැවැන්ත ප්‍රතිරූපය නිසාත් ගැමුණු සිල්වාට කරන්නට පැවරුණු රජයේ රාජකාරි වන මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම වැනි  කටයුතු කීපයක් ඉස්මතු වීම නිසාත් යටපත් වී ගොස් ඇති බව මට සිතේ . 

ඒ කාලයේ  පරිගණක  සාක්ෂරතාව සහිත අවුරුදු පනස් ගණන් වයසේ  ඉන්ජින්නේරුවන් සිටියේ අතලොස්සකි. එහෙත් ඔහුට හොඳින් පරිගණක හැසිරවිය හැකි වූ අතර , මිරිසවැටි දාගැබ, ගල් විහාරයේ යකඩ පියස්ස ආදියේ ත්‍රිමාණ සැලසුම් ඔහු අන්දවාගෙන සිය පරිඝනක තිරයෙන් බල බලා යම් යම් වෙනස්කම්  කරන හැටි මා දැක තිබේ . 

1995 වුරුද්දේ   දිනෙක ඔහු පළමුවරට මට මුහුණට මුහුණ හමු විය . ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අලුත් ඉංජිනේරුවන් බඳවා  ගන්නා ඉන්ටවිව් එකකදීය .හරියටම කියනවානම්  දෙවැනි ඉන්ටවිව් එකේදීය . මුල් ඉන්ටවිව් එකට අයදුම් කරුවන් සියයක් පමන සිටි අතර ඉන්ටවිව් බෝඩ් එකෙත් සෑහෙන දෙනෙක් සිටියත් ඉන් කිසිවෙක් ගැන මා දැන  සිටියේ නැත . ඒත්  දෙවන ඉන්ටවිව් එකට තේරුණු අපි දහ  පහළොස් දෙනා ඉන්ටවිව් කරන්නට සංස්ථා ජෙනේරල් මැනේජර් ගැමුණු සිල්වා සිටියේය. විෂය දැනුමට අමතරව විෂය  භාහිර කුසලතා ගැනද ඔහු විමසුවේය.  මා විද්‍යා පත්තරේකට ලියන බව දැනගත් ඔහු දිගින් දිගටම ඒ ගැන හාරා  අවිස්සුවේය. කැළණි පාලමේ අලුත්වැඩියාව , දහයියාවලින් ගඩොල් හැදීම, බයිසිකලේ ජනප්‍රිය කිරීම ආදී එක එක මාතෘකා ගැන උනන්දුවෙන් කතා කළ  ඔහු කිව්වේ ඊළඟ  සතියේ දිනෙක පැමිණ ඔහුව හමුවන ලෙසය .

ඊට සතියකට පසු  මම ඔහු හමු වුනෙමි . ඔහු මට තම කන්තෝරු කාමරයට  යාබද කොටසේ තිබු පරිගණකයක් පෙන්නුවේය. "මේ තියෙන්නේ පෙන්ටියම්  අලුත් කොම්පියුටරයක් , ඔටෝකැඩ්  අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ පොඩ්ඩක් බලාපන්". ඒ කාලේ අලුත්ම අලුත් තාක්ෂනයන් වූ මේ කොම්පියුටරය හා ඉංජිනේරු සැලසුම්  ඇඳීමේ මෘදුකාංගයට ආධුනිකයෙක් වූ මම විෂ්මපත්ව කීබෝඩය අතපත ගාමින් සිටිද්දී ගැමුණු බොස් කොහේදෝ සිට  යලි කඩා පාත් වුයේ ' Mastering  AutoCAD 12' නම් පිටු බරගානක  පොතක්ද රැගෙනය . 

"හරි ඔතන තමයි උඹේ රස්සාව . ඔය පොත කියවපන් . ඔය සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගනින්" . 

එතැන් සිට සතියක් පමණ නොදන්නා මෘදුකාංගයක් එකෙළ  මෙකෙල කරමින් පොත පෙරලමින් ඉගෙන ගන්නට උත්සහ කලෙමි.  මට ලැබී ඇත්තේ රස්සාවක්ද පුහුණුවක්ද නොදත්තෙමි . යකඩ අට්ටාල, ටැංකි , දාගැබ් පිළිසකර කිරීම් ආදී වැඩ රාශියක සැලසුම් පරිගණකයේ  තිබිණි . ගැමුණු බොස් වරින් වර පැමිණ කුමක් හෝ කියා දෙයි. ඔහු කිව්වේ  ඒ වනවිට ලංකාවේ ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින් සීමිත පිරිසක් පාවිච්චි කරන මේ ශිල්පය පෑලියගොඩ වැඩබිමට හඳුන්වාදිය යුතු බවයි .  ඊට අවස්තාව එළඹෙනතුරු මා කොළඹ හුණුපිටිය පාරේ සංස්ථා ප්‍රධාන කාර්යාලයට වී ඉගෙන ගත යුතු බවය .

ඔහොම දින කීපයක් යද්දී මට මට ලංකාවේ සුපතල ඉදිකිර්ම් සමාගමක ලොක්කෙක්ගෙන් ඇමතුමක් ලැබිණි . 

"ඔයා ජි එම්  ගාව ඉන්න අලුත් ඉන්ජිනියර්  නේද?. අපිට ජී එම්  මහත්තයා කිව්වා  ඔයා ගැන . ඔයාට කියල අපේ ටෙක්නිකල් ස්ටාෆ් එකට  පොඩි ට්‍රේනින් එකක් කර ගන්න ඕනි  ඔටෝකැඩ්  ගැන  " . 

' අනේ මම තාම මේ පුරුදු වෙනවා විතරයි. උගන්නන තරම් දැනුමක් නෑ '

" එහෙම කියන්න එපා ගැමුණු මහත්තයා  කිව්වා ඔයාට මේ වැඩේ පුළුවන් කියල. ඔන්න නොවරද්දා ලබන සෙනසුරාදා ඉඳන් දිගටම එන්න . අපි හොඳට ගෙවනවා ' කි ඔහු දුරකථනය තැබුවේය .

එදා හවස්වරුවේ ගැමුණු බොස් කන්තෝරුවට ආ විට මම මේ අකරතැබ්බය ගැන කිව්වෙමි . 

' බොස් මම උගන්නන්නේ කොහොමද මට  තාම මේකෙන් මොකුත් වැඩක් කරගන්න බෑනේ? '

' මේකයි බං . උඹට තාම හරියට පඩියකුත් හම්බ වෙන්නේ නෑ . ඉතින් සති අන්තේ ටියුෂන් එකක් කරලා ගානක් හොයා ගත්තට කමක් නෑ . උඹ සතිය පුරා ඔය පොත බල බලා ඔටෝකැඩ්  ඉගෙන ගනින් . සති අන්තේ පැය දෙකක් උගන්නපන් . ඕක කරන්න පුලවන්. "

ඒ වචන ටිකෙන් දිරිමත් වූ මා එතැන් සිට ඔටෝකැඩ්  නම් පරිගණක මෘදුකාංගය ඉගෙන ගනිමින් උගන්වන්නට පටන් ගත්තෙමි. මේ නිසා මගේ ජීවිතය වෙනස්ම මගකට හැරුණි. 

ඉන්පසු මගේ ජිවිතයේ මග පෙන්වන්නෙකු වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා පිලිබඳ මතක සටහන් රාශියක් තිබේ . ඒවා කෙටි සටහන් ලෙස මෙසේ  ලියමි  

සංවිධානයක් කියන්නේ ජීවියෙක් 

පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා මධ්‍යම වැඩබිමේ කළමනාකරුව සිටි ජයසිංහ මහතා විශ්‍රාම ගන්නා දින විද්‍යාජෝති ගැමුණු සිල්වා අපුරු  කතාවක් කිවේය 

"ඉංජිනේරු සංස්ථාව කියන්නේ පණ  තියෙන ජීවියෙක්. ජයසිංහ මතතයාලා මේකේ ලේ නහර, අඬුපඬු  විහිදිච්ච තැන ගැන දැනගෙන හිටියා . ඉතින් මේ ජීවියාගේ වෙනස්කම් කරන්නනම් ඒ ගැන හොඳින් තේරුම්ගෙන ඉන්න ඕනි . මේක හොඳ කණ්ඩායමක් එකතු වෙලා මහන්සියෙන් හදා ගත්ත ජිවත් වෙන සංවිධානයක්. මේකේ අඩුපාඩු දුර්වලකම් ඕනි තරම් තියෙනවා .අලුතින් එන කෙනෙකුට මේක උඩුයටිකුරු කරලා හදන්න ඕනි කියල හිතෙයි. ඒත්  ජිවත්වන අඬු දඬු මහත් වෙච්ච, විහිදිච්ච ජීවියෙක්  එක රැයින්  පෙරළි  කරලා  හදන්නබෑ ."

හැමදේම  ඉක්මණින් කඩාබිඳ අලුතින්ම නිර්මාණය කිරීමේ වුවමනාවකින්  සිටි අලුතින් පත් වී ආ කළමනාකාරවරයාද, ඒ ආකාරයේම හදිස්සියක් තිබු මාද   මේ කතාව සාවධානව අසා පිරිස අතර විය. 

මහා  බැංකුවේ බැරියර් ගේට්ටුව 

අනූව  දශකයේ මැද මහබැංකුවට එල්ල වූ  එල් ටී  ටී  ඊ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ රජයේ ආයතනවල ආරක්ෂාව තර කෙරිණි . ඒවා ඉදිරිපිට බැරියර් ගේට්ටු සවි කරන්නට පැවරුනේ ඉංජිනේරු සංස්ථාවටය. රාජගිරියේ මහබැංකු පුහුණු ආයතනෙය් බැරියර්  ගේට්ටුව සවි කරන්නන්ට මට පැවරිණි . ගේට්ටුව බැලන්ස් කිරිල්ලක් හෝ එසවූ ගේට්ටුව යලි පහත  කරන්නේ කෙසේද යන්න ගැන නොසිතා සංස්ථාවේ තිබු ශක්තිමත්ම යකඩ බට හා රේල් පිලි පාස්සා තනා තිබු මේ ගේට්ටුව සවි කරාට පසු ආපසු පාත් වුනේ නැත . අපි හින් දාඩිය දාගෙන මේ බටය පාත් කරන්න දඟලමින් තැක්  ගැහි ගැහි සිටිද්දී පාර අයිනේ නවතා තිබු කාරයකට හේත්තු වී  වී අප දෙස බලා සිටින උසැති පුද්ගලයා පාරේ ලයිට් එළියෙන්  මම හඳුනා ගතිමි . ඒ  සංස්ථා සාමාන්‍යාධිකාරි ගැමුණු සිල්වාය .  මම ඔහු සිටි තැනට ගියෙමි. මා ආ වගක් ගණන් නොගෙනම ඈත සේවක පිරිස ගේට්ටුව සමග ඔට්ටු වෙන සැටි බලා සිටියේය . ඉන් පසු හඬ අවදි කළේය. 

" මෙහෙම වැඩක් වෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ .  මෙතනින් යනකොට සංස්ථාවේ ක්රේන්  එක තියෙනවා දැක්කා . ඒකයි  නතර කළේ . මම බලා හිටියා  උඹලගේ වැඩේ. ඕක හරි යන්නේ නෑ . දැන් සද්ද නොකර ඔය බැරියර් එක ගලවලා ගෙනාපු ලොරියේම පෑලියගොඩට  පටවාගෙන පලයන්. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නේ. ඊට පස්සේ දවස් කීපයක් අරගෙන, ගණන් හදල , බර අඩු කරලා , කණු දෙකක රඳවලා ට්‍රයල් කරලා බලපල්ලා . ඊට පස්සේ  ගෙනල්ල හයි කරපල්ලා"' කි ඔහු වහා  පිටත් වී ගියේය . 

( Photo : SEC Facebook)

- ඉතිරි කොටස  -

36 comments:

  1. රැකියාවට ජීවය දීපු හැබෑ මිනිස්සු.. ආසයි කියවන්න.. 😍

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් කතා තියෙනවා ගැමුණු බොස් ගැන . වෙලාව තිබ්බොත් ලියන්නම්

      Delete
  2. බඩ රස්සාවක් නොව වෘත්තියක් කළ මිනිස්සු...

    ReplyDelete
  3. මේ වගේ චරිත දැනුත් ඉන්නවා. එයාලට මතුවෙන්න දෙන්නෙ නෑ කියලා මට නම් හිතෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. මතු වීම සඳහා වැඩ කරන මිනිස්සු අතරේ ඒ වගේ සමහරු කැමැත්තෙන්ම වහන් වෙලා ඉන්නවා

      Delete
  4. මේ වගේ චරිත දැනුත් ඉන්නවා. එයාලට මතුවෙන්න දෙන්නෙ නෑ කියලා මට නම් හිතෙන්නෙ!

    ReplyDelete
  5. ඔබ කියල තියන පිටරට ඉගෙනගත් කොල්ලා වැරැද්දක් කරලා නෑ. මොකද හැමෝටම නම කියලා කතා කරන පරිසරයක එයා ඉගෙන ගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක වැරද්දක් නෙවෙයි. කන්තෝරුවල හිතන විදිහ

      Delete
  6. ඔබේ මේ සුන්දර කථාව මම මගේ වත් පොතෙයි, නෙළුම් යාය වත්පොත් සමූහයෙයි පලකලා! මට තනිවම කියවලා රස විඳලා හැරිල යන්න ලෝභ හිතෙන තරම් කතන්දරේ රසයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මේ වගේ ඒවා තව ලියමු

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. "මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම"

    සංස්ථාවෙන් කරපු මීට වඩා වටිනාකමකින් යුක්ත වෙන වැඩ මොනවද?

    ReplyDelete
    Replies
    1. පිච් එකට හෙවනැල්ල නොවැටෙන විදිහට ඛෙත්තාරමේ ක්‍රිකට් පිට්ටනියේ විදුලි කනු සිටවීම (ඔහේට අර කරපුවා වැඩ නෙමෙයිනම්)

      Delete
    2. All the factories, Thulhiriya, Veytex, Pulmudai, KKS Cement, so and so

      Delete
  9. අන්න මිනිස්සු....
    එල ද බ්‍රා

    ReplyDelete
  10. බොරු ෂෝ කාරයින්ට විතරයි ඔය සර් කෑලි ඕන. වැඩ දන්න මිනිහට පට්ටං වැඩක් නෑ.

    කොම්පියුටර් ඉගෙනගන්න හොඳම ක්‍රෙම් තමයි ඔය විදියට පොත් බලල තමංම ඉගෙනගන්න එක. ඕන ලෙඩකදි තමංටම වැඩේ ගොඩදාගන්න පුලුවන් එතකොට.

    ReplyDelete
    Replies
    1. //කොම්පියුටර් ඉගෙනගන්න හොඳම ක්‍රෙම් තමයි ඔය විදියට පොත් බලල තමංම ඉගෙනගන්න එක//දැන්නම් ගූගල් හා යුටියුබ්

      Delete
  11. raveendra weerasooriyaJuly 5, 2021 at 9:30 PM

    I met him for the first time on January last year to get some advises on charter. He was the only resource person with aviation background. He is a humble and practical mentor and he had a great scene of humor too. He said now a day a lot of people do MBA (marenna Baye awidinawa) but he is not willing as he is MOM (Marenna Onna Menna). Covid stopped me visiting him.

    ReplyDelete
    Replies
    1. He was a multidisciplinary engineer. A rare allrounder. I too wanted to visit him last December. But the COVID situation prevented me

      Delete
  12. Once I have faced a very big problem, for a legal action taken by some insurance company regarding a failed crane due to stupid action of an operator, I have asked to explain in the failure regarding hydraulic side (oil hydraulic). For the company appear is Mr. Gemunu. After my logics and arguments, company failed to get the compensation. All went and at the end he came to me and said that he doesnt know much about hydraulics and like to ;earn more from me. I was surprised. That is so simple engineer. You can learn from even a novice. I appreciate and still practicing that

    ReplyDelete
  13. /* ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම් ශුර ඉන්ජිනේරුවාගේ හැබෑ චරිතය ..... ගැමුණු සිල්වාට කරන්නට පැවරුණු රජයේ රාජකාරි වන මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම වැනි කටයුතු කීපයක් ඉස්මතු වීම නිසාත් යටපත් වී ගොස් ඇති බව මට සිතේ. */

    ඒ විතරක් නොවෙයි. ඔය කියන මාලිගාවිල. මිරිසවැටයි වැනි ව්‍යපෘති ගැන ගැමුණු සිල්වා කට අරින අරින වාරයක් පාසා එළි වී ඇති ඔහුගේ මිත්‍යාදෘශ්ථිකත්වත් ඔහුගේ වෘත්තිමය තත්වයට එක් කරන්නේ මහා කැළලක්.

    https://bit.ly/GemunuSilva

    ReplyDelete
    Replies
    1. මා දන්නා කාලයේ ඔහුගේ ඔය කියන දුර්වලතාවය ඔහුගේ රජකාරියටවත් පොදුවේ ඉංජිනේරු වෘත්තියටවත් අදාළ වුනේ නෑ . ඔහුගේ ඇදහිළි හෝ විශ්වාස නිසා මම ඉහත ලිපියේ කියන කිසි දෙයක් අවලංගු වන්නේ නෑ . ඔහු අපූරු මිනිසෙක්. වටිනා ඉංජිනේරුවෙක්. රාජකාරියේදී නවීන අදහස් අනුව වැඩ කළ ප්‍රවීණයෙක්

      Delete
  14. 2005 අවුරුද්දෙ මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කලා. එහිදී මගේ බොස් වුනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ කලකට ඉහත සේවය කල ඉංජිනේරුවෙක්..

    එතුමා SEC එකේ සේවය කල කාලය ගැන මාත් එක්ක රසකතා බොහොමයක් කියල තිබ්බ හවසට හවසට නුවර වික්ටරි බාර් එකේ පොඩි අඩියක් ගසනා අතර..ඒ අතර ඔය ගැමුණු සිල්වා ගැනත් කියවුනා..ඒ එක්කම තවත් අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් ගැනත් කිව්ව....

    මට මතක තිබ්බෙ ඒ අංකූරා ගැමුණු සිල්වා කියලයි.පස්සෙ තිලක්ගෙ පෝස්ට් එකට කමෙන්ට් එකක් හැටියට ඒ කතන්දර ලියන්න හිතල කෝකටත් ඒ මගෙ හිටපු බොස්ට කෝල් එකක් දීල ඇහුව "අර ඔබතුමා ඒ කාලෙ කිව්වෙ මරු කතා වගයක් ඒ ගැමුණු සිල්වා ගැන නේද?" කියල..මිනිහ හක හක ගාල හිනාවෙලා කිව්ව "අප්පේ පිස්සුද? රවි හොඳ වෙලාවට මගෙං ඇහුවෙ..ඒ ගැමුණු සිල්වා නෙවෙයි. වෙන එකෙක්.." කියල..හෙහ්..හෙහ්.. මල ජංජාලයයි තව පොඩ්ඩෙං වෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් තමයි

      Delete
    2. //පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් තමයි//දමිත් අහු වෙන්න එපා මට .
      රවී වෙන පෝස්ට් එකක හරි අර කතන්දරෙත් ලියන්න

      Delete
  15. gamunu boss is a legend i was in his CAD team in 1986

    ReplyDelete
  16. කියවා පෝස්ටුව හරවත් මෙන්ම රස
    හෙව්වා හනික ඒකේ ඊළඟ කොටස
    යන්තම් තුනයි මේකට පිරිලා මාස
    සිඳවනු මැන හනික පාඨක අපෙ පවස

    ReplyDelete
    Replies
    1. මෙව්වා කියවනා උඹලා වන් පිරිස
      වෙනුවෙන් ඕනි වේලාවක දෙමි සිරස
      ආපහු එකහු කරගෙන දහිරිය පුරුස
      නිදියෝ ඉතිරි ටික ලියනවා හෙට හවස

      Delete