Sunday, May 21, 2023

නැත ලොවේ අන් රසඳුනා බ්ලොග් ලොවේ මෙන් සුව දෙනා

දැනට යලට මහට ඔහේ  අප්ඩේට් වන මගේ බ්ලොග් අඩවිය ආරම්බ කර අදට හරියටම අවුරුදු දහයකි . මුහුණුපොතේ වරින්වර ලියා තිබු සටහන් කිහිපයක්  එකම දවසේ පබ්ලිෂ් කර මම තිලකසිතට මුල්ම ජිවන හුස්ම පිම්බේ 2013 මැයි  මාසේ විසිඑක්‌ වැනිදාය . ඉන්පසු දෙමසයක් පමණ යනතුරු සතියකට එක ගානේ සමහර විට  දෙක ගානේත් බ්ලොග් පෝස්ට් ලියමින්  බ්ලොගය පවත්වාගෙන ගියත් බ්ලොග් රෝල් ගැන , අනෙකුත් බ්ලොග් අඩවි ගැන මගේ දැනුම ඉතා සීමාසහිත එකක් විය.  

2013 අවුරුද්දේ මාස හතකට කතන්දර තිස් හතරක් ලියු මම 2014 අවුරුද්දේ කතා තිහක් ලිව්වෙමි. කතා මුළු එකතුව පණහක්  වෙද්දීම බ්ලොග් කතා එකතුව පොතක් ලෙස පළකරන්නට මට මහා උනන්දුවක් ඇතිවුනෙන් තෝරාගත්  කතා හතළිහක් ඇතුලත් කොට තිලකසිත පළමු පොත නිකුත් වුනේ 2014 අවුරුද්දේ අගෝස්තු අට වැනිදාය. මේ බ්ලොග් අඩවිය  හා පොත නිසා මට සුන්දර මිනිසුන් රාශියක් දන හඳුනා ගන්නට ලැබුනේය. ඔවුන්ගේ සහාය ලියන කියන වැඩවලට පුදුමාකාර ලෙස ලැබුණු අතර. සමහර මිත්‍ර සම්බන්ධකම් ඉතා දැඩි බැඳීම් බවට ස්ථාවර විය. 

බ්ලොග් කතා එකතුවක් පලකරාට පසු ලිවීමේ වෙගය තරමක් අඩුවුනත් 2018 අවුරුද්ද දක්වා මම දිගටම බ්ලොග් පොස්ට් ලිව්වෙමි. ඒ අනුව දෙවැනි  කතා එකතුවත් 2019 අවුරුද්දේ පෙබරවාරු 15 වැනිදා පළ  වුනේය. ඉන්පසු ලිවීමේ වේගය සිඝ්‍රයෙන් පල්ලම් බැස  ගියත් ජිවිතයේ ආශ්වාදයෙන්ම මතක් කරන්නේ මම අතදිගහැර බ්ලොග් ලියු කාලයයි .  මේ කාලය මගේ  ආර්ථික තත්ත්වයේත්, වෘත්තීය  හා සමාජීය වැඩවලත්  ඉතා සතුටුදායක තත්ත්වයක් තිබුනේය .

මුල්ම දවසේ බ්ලොග් අඩවියේ පළවුන කතා තුන මේවාය :

යවුලගහ 

හෝඩියේ පන්තියේ ටීචර් 

කිතුල් හකුරු 

මිට  සති දෙකකට පමණ පෙර මම තාත්තා සමග මගේ මුල්ම බ්ලොග් කතාන්දරයේ සඳහන් යවුල  ගහ අසලින් ගමන් කළෙමි . යවුලගහ  කතාවේදී  මහා රෑ   යෝධයෙකු සේ මගේ ආරක්ෂාවට හොරෙන්ම පස්සෙන් ආ තාත්තා මෙවර  මා සමග වාහානයෙන් ගියේ හොඳටම ඔත්පළ මිනිසෙකු ලෙසය.  ඒ  අභිරහස්  යවුලගහ දැන් නැති බව එදා අපට පසක් විය.  ඒත්  එදා කුඩය වැටුණු තැන මෙතන යැයි  කියන්නට අපේ තාත්තාට  කල්පනාව තිබුනේය.  පසුපසු අසුනේ ගිලන්ව සිටි තාතාව වාරුකරගෙන සිටියේ හෝඩියේ පන්තියේ ටිචර්ය.යවලගහ තිබුණු තැන මදක් නතරවූ රිය තුල සිට අපි තිදෙනාම සොම්නස් සහගත අතීතාවර්ජනයක යෙදුනෙමු.

පසුගිය  අවුරුදු නිවාඩුව මා ගතකලේ කිතුල්හකුරු කතාවේ කියවෙන පස්සර මියනකඳුර ග්රාමයේය. එහිදී මට හමුවූ පරණ යාලු මිත්‍රයන් හා වැඩිහිටියන් සමහර දෙනෙක් මා ලියු දේවල් කියවා තිබුනේය . මට අලුතින් ලියන්නට කතන්දර වරුසාවක් තෑගී ලැබුණේය.

මෙකී  හේතු කාරණා නිසා මා ලියු ජිවන කතාන්දරවලින් මට ගැලවෙන්නට බැරිය. . ඒ නිසා මම මේ බ්ලොග්  අවකාශය අතහැර යන්නේ නැත. 

කවුරු මොනවා කිව්වත් මට හමුවූ සුන්දරම සයිබර් අවකාශය බ්ලොග් අවකාශයයි. .වඩාත්ම වටිනා  කරුණනම් ඒ නිසා මගේ මිත්‍ර සම්පත සීග්‍රයෙන් වර්ධනය වීමය.

ඒ නිසා තිලකසිත සමග බැඳීසිටිනා  සුන්දර මානව මානවිකාවනි, දස වසරක් පුරා තිලකසිත වෙත පෑ . ඒ ආදරයට ස්තුතියි .

සමහර කාලවල ලියන දේවල් අඩුවෙන්නට පුළුවන. ඒත්  අපෙ යාලු ෆිට් එක වෙනස් නොවෙන ගානට සවිමත් වී තිබේ. 

 

21 comments:

  1. කිසිම අවුලක් නෑ , ඔහොම යං. ජයවේවා! 😊

    ReplyDelete
  2. අවුරුදු දහයක් කියන්නේ බොහොම දිග කාලයක්! සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. තිලකේ අන් අදහස් ඉවසන කෙනෙක්.

      Delete
  3. හොරා ගන්න බෑ කෙනෙකුට අපෙ මතක
    එහි සැරි සරන තරමට දැඩි වෙයි ඒක
    සතුට තියෙන්නේ එතැනලු, සැබෑවක
    දහයත් ගණනක්ද අප්පේ සිත-තිලක?

    ReplyDelete
  4. 10 ක් කියන්නෙ ලොකු කාලයක්.
    තව කාලයක් ඔහොමම ඇදගෙන යං. ජය.

    ReplyDelete
  5. තව ගොඩක් ලිපි ලියන්න ලැබේවා ....

    ReplyDelete
  6. අතිීශය ආදරයෙන් සුබ පතමි!

    ReplyDelete
  7. ඇත්තටම පරණ බ්ලොග් පෝස්ට් කියවන එක මොන තරම් ආනන්දජනක වැඩක්ද? ඒ කාලෙ දවසට දහයක් පහලවක් වැටෙන ඒ කතා කියෙව්වෙ මොනතරම් ආසාවෙන්ද? ඒ ඔස්සෙ ඇතිවුන හඳුනා ගැනීම්, හිතවත්ක්ම කෙතරම් සුන්දරද නේද? ඇදත් පරණ බ්ලොග් ලිපියක් කියවනකොට ඒ අත්දැකීම නොඅඩුවම විඳින්න පුළුවන්.. අපිත් දැන් ලියනවා බොහොම අඩුයි. කාලය හැම දේම වෙනස් කරලා..
    මෙහෙම හරි පවතින එක හරිම සතුටක්. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග් ආරාධිතයන්ට පමනයි දැන් හුඟක් ඒවා.

      Delete
  8. Awurudu 10k?
    Congratulations....

    ReplyDelete
  9. සුබ පැතුම්

    ReplyDelete
  10. සුබපැතුම්, keep up the good work !!!
    ඔන්න සිංහල දෙමල දෙකෙන්ම දැම්ම
    මම විජේබාහු

    ReplyDelete
  11. තිලකගේ අවුරුදු 10 ක බ්ලොග් ගමනට සුබ පැතුම් එක් කරන්නේ හරි සතුටින්. තිලක කියනා විදිහට ඒ ජීවන කතන්දර අපේ ජීවිත විවිධ මතක ඔස්සේ අපව සහකම්පනය කරනවා. සරලව බරසාර පණිවිඩ දෙන ඒ ජීවන කතා විදුසර පත්තරෙන් පටන් අරගෙන දක්ෂ පරිවර්තකයෙකු වූ ඔහුගේ රස්සාව නොවූ දෙවන හැකියාව පෙන්වන කැඩපතක් වගේ. ඉඩ ලැබෙන විදිහට ලියන ඒ හැම ලියවිල්ලක්ම කියවන පිරිස අතරේ හැමදාම ඉස්සරහින් පෝලිමේ ඉන්න බලාගෙන ඉන්නවා. දිගු බ්ලොග් ගමනකට නිරෝගී බවත් , ලියන විවේකයකුත් ලැබේවායි පැතුම් එක් කරනවා.

    ReplyDelete
  12. අපේ බ්ලොග්
    එල ද බ්‍රා

    ReplyDelete
  13. යවුල ගහ කතාව කියපු දවස් වලම බයිසිමොටෝවෙ නැගලා එ්ක බලන්න ගියා, ඒත් එතන තිබුණේ තඩි කැන්ද ගහක්.මට හිතා ගන්න බැරුව ටික වෙලාවක් ඒක දිහා බලං ඉඳලා ආවා.මොනවා වුනත් ආයෙමත් ලියන්න අදහස පහල වුන එක ගැන සතුටුයි.ලියන්න විවේකයත් මානසික නිදහසත් ලැබේවා පතමි.ආදරනීය පියානන් ගෙ අසනීප තත්වය ගැන දුක්වෙමි.දැන් ඉන්නෙ මල්ලී ලඟද? අවුරුදු 4 කට හෝ 5කට පෙර දියතලාවේ නගරයේ දී හමුවෙලා කතා කලා මතකයි.මවටත්පියානන්ට ත් නිරොගි සුවය සමඟ දීර්ඝායු පතමි.

    ReplyDelete
  14. අවුරුදු දහයට සුබ පැතුම්!

    ReplyDelete
  15. සුභ අවුරුදු දහයක් වේවා! තව අවුරුදු පණහක් ලියවේවා!

    ReplyDelete