Wednesday, November 1, 2023

තක්ෂින් චතුරශ්‍රය හරිම කලබලික්

 

ම  අවුරුදු විස්සක විතර ඉඳල හොයන  රාජ්‍ය නායකයෙක්  තමයි   මුස්තෆා  කෙමාල් අටාටර්ක් . බටහිරයන් අටර්ටර්ක් කියනව. තුර්කි ජනයා අටර්ටුර්ක්  කියනවා.  ඉංග්‍රීසියෙන් තුර්කියට කියන්නේ ටර්කි . තුර්කි බසින් ටුර්කි. මම ගිය  ශනිදා දහයයි දහයේ බ්ලොග් එකමුතුවට පළ  කරන්න  ලියමින් හිටියේ අටාර්ටර්ක් ගැන ලිපියක්. සෙනසුරාදා දවසේ වැඩි හරියක් ගත කරේ ඒ සටහන ලියන්න . ඔහු ගැන කියෙව්වා. සතියම මට හමු වූ මෙරට පිටරට වැසියන්ගෙන්  ඔහු ගැන ඇහුවා . මේ ලිවිල්ල සඳහා මම ඉතාම ආධුනික බව තේරුම් ගත්තම  මම ලියන්න ගත්ත ලිපිය අතරමගදී නැවැත්තුවා .  කොටින්ම කිව්වොත් මට අටාර්ටර්ක් ගැන දැම්ම ලියන්න බෑ . ඒ චරිතේ ඒ තරම් බරපතලයි, ගැඹුරුයි. තව හදාරන්න ඕනි . ඒ නිසා වැඩේ කල්දමා දිනසටහන් ටිකක්ම ලියනවා 

2023 ඔක්තෝබර් 26 

 අපේ කන්තෝරුවේ තුර්කි නිදහස් සටනට අවුරුදු සීයක්  පිරිච්ච නිසා උත්සවයක් තිබ්බ. කන්තෝරුවේ දවස් ගානක ඉඳන් රතුයි සුදුයි බැලුම් එල්ලලා රතු පාට තුර්කි කොඩිය එල්ලලා සරසලා තිබ්බ. ඇත්තටම සියවස් සමරුව තියෙන්නේ 29 ඉරිදා . ඒත්  එදා නිවාඩු දවසක් නිසා කන්තෝරුවේ නිල උත්සවේ කලින් ගත්තා . ඒක  හරිම ගාම්භීරයි . ලස්සනයි. අර නිදහස් සටනේ  ගීතය හරිම ජවසම්පන්නයි. හැම කතාවකම හැම ගීතයකම අටර්ටර්ක්ගේ නම කියවුනා .

ඉතා සරලව කිව්වොත් මුස්තාෆා කෙමාල් අටර්ටර්ක්  නවීන තුර්කියක් බ්නිහිකිරීමේ බර කරට අරගෙන බොහොම සටන්කාමි දුරදර්ශි නායකත්වයක් පෙන්නපු  දුර්ලභ රාජ්‍ය නායකයෙක්. ඔහු සටන් කිරීමට වගේම රාජ්‍ය තාන්ත්‍රික සාමයට,ජනතා නිදහසට , කාන්තා නිදහසට, ආගමික නිදහසට , ළමයින්ගේ අධ්‍යාපනයට, කර්මාන්ත බිහි කිරිමට  ගත්තු පියවර අවුරුදු සියක් ගිහිල්ලත් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඔහු දැම්මේ සාර්ථකම අත්තිවාරමක්  . මේ ගැන අපි වෙනම කතා කරමු.

මම ඔහුට බෙහෙවින්ම කැමති මේ දර්ශනය නිසා  

' රාජ්‍ය පාලනය සම්පුර්නයෙන්ම ආගමෙන් හා අධ්‍යාත්මික කටයුතුවලින් නිදහස්ව පවත්වාගෙන යා යුතුයි"   


ඔක්තෝබර් 27 සිකුරාදා 

අද නගරයේ හැම  ගොඩනැගිල්ලකම රතු පාට  තුර්කි ජාතික ධජය ලෙල දෙනවා. සෑම ලොකු කුඩා ආයතනයක්ම සරසලා . ජාතික කොඩියයි කෙමාල් අටර්ටර්ක් ගේ පින්තූරෙයි . ඒ දෙක විතරමයි. අපේ රටේ මෙහෙම උත්සවවයක් තිබ්බනම්  දැන් ඉන්න නායකයොයි පළාත්සභා  මන්ත්රිලගයි හැමෝගෙම ෆොටෝ දානවනේ. ඒක  මහා පුදුම දෙයක්. රටක හයිලයිට් වෙන එක නායකෙයක් වකම එක නායකයෙක් ඉන්න පුලුවන්ද? අවුරුදු සීයක්  ගිහිල්ලත් එකම තේජස් බල පරාක්‍රමයක් තියෙන. ඒ වගේම මේ නායකයා පිහිටුවපු පෙරළිකාර මානවවාදී සමාජ දේශපාලන ක්‍රමය පුළුවන්තරම් ඒ විදිහටම පවත්වාගෙන යන රටක් .  

දේශ සිමාවල, රටට අයත් ප්‍රදේශවල , දුපත්වල අයිතිය වෙනුවෙන්  රටවල් කීයක් එක්ක සටන කරන්න  සිද්දවුනත් තුර්කි ජනරජය බිහි කරාට පස්සේ ඒ සියලු අසල්වැසි රටවල් සමග ඉතාම සමගි  සම්පන්නව වැඩ කරන්න අටර්ටර්ක් සමත් වෙනවා. තුර්කිය රටවල් අටක් සමග දේශ සීමා බෙදාගනන්ව. ඒ සියලු දේශ සිමා අටර්ටර්ක්ගේ පාලන සමයේදී  තහවුරු කර ගත්ත ඒවා. 

තුර්කියේ කාන්තාවෝ අටර්ටර්ක්ව  සමරන්නේ හරිම ආදරෙන්. මුළු ලෝකෙන්ම කාන්තා නිදහස, ඔවුන්ගේ දේශපාලන  බලය මුලින්ම අර්ථවත් විදිහට දිනාදීපු රටක් තමයි තුර්කිය. ඒ අටර්ටර්ක්ගේ නායකත්වයෙන් .

කිර්ගිස් භාෂාවෙන් අටර් කියන්නේ තාත්තට . අටර්ටර්ක් කියන්නේ තුර්කියේ පියා , මේ කලාපයේ භාෂා විකාශනයේ සමානකම් තියෙනවා . නවීන තුර්කියේ රාජ්‍ය නායකයා හඳුන්වන අටර්ටර්ක් කියන්නේ ඔහුට ප්‍රධානය කරපු නමක් මිස ඔහුගේ මුල්  නම  නෙවෙයි. මුස්තාෆා කෙමාල් තමයි ඒ මුල්නම. පස්සේ අටර්ටර්ක් කියන නමින් තමයි ජාතියම හඳුන්වන්නේ . මොහුගේ නිදහස් මතධාරී ආගමික  බලපෑම්වලින් තොරව රට පාලනය කිරීමේ සේකුලර් සංකල්පයත් ඔහුට ආවේණික  සංවර්ධන හා දේශපාලන ක්‍රමවේදය කෙමලිස්ම් විදිහටත් තව තැනක අටර්ටර්කිස්ම්  ලෙසටත්  හඳුන්වනවා .

ඔක්තෝබර් 29 ඉරිදා   

අද උදේම  මම ගමනක් යන්න පිටත් වුනා . ගමනක් කිව්වට ගමන් දෙකක් . ඉස්සෙල්ලම මම ඉන්න කජිතානේ  නගරයේ ඉඳන් බස්එකක නැගිලා කබාටාස් කියන තොටුපල නගරෙට ගියා. මම කලින් දවසක බොස්පරස් බෝට්ටු සවාරිය යන්න පිටත්වුනේ මේ තොටුපළෙන්. එතන ඉඳන්  ට්‍රෑම් කාර් එකේ යන්න ඕනි සුල්තාන් මෙහ්මට් කියන ගම්මානයට . ඉතිහාස කතා ඇස් පනාපිට මවා පෙන්වන හගියා  සෆායා පල්ලිය හා නිල් පල්ලිය තියෙන්නේ සුල්තාන් මෙහ්මෙට් ට්‍රෑම් ස්ටේෂමට පේනමානේ. ගම්මානේ පුරා තියෙන්නේ කුඩා කුඩා ලස්සන සංචාරක නිවාස , රෙස්ටෝරන්ට් හා සල්පිල් . ලෝක ප්‍රසිද්ධ, ඉපැරණි  ග්‍රෑන්ඩ් බසාර් එක හා ඊජිප්තු බසාර් එක තියෙන්නේ මේ කිට්ටුව. එංගලන්තයේ ඉඳල මේ නගරයේ කෙටි නිවාඩුවකට ඇවිත් සිටි අපේ පවුලේ සමීප මිතුරියක් වන ආශා හා ඇගේ  දියණිය සඳලි මුණගැසී ඔවුන් සමග මේ ඉතිහාසගත ගම්මානය නරඹලා  දවල් ආහාරය ගන්න තමයි සැලසුම . 

 ඒ ගම්මානයේ සවාරිය හා පල්ලි දෙකේ කතාව පසුවට සවිස්තරව ලියන්නම්  .  

සුප්‍රකට නිල් පල්ලිය 

රසබර මිතුරු හමුවකින් පස්සේ  මම කබාටස් බලා එන්න පිටත් වුනා . ට්‍රෑම්කාර්වල කට කපලා සෙනග . ඒත්  කොහොමහරි කබාටාස් තොටුපලට ආවා . මෙතනින් පයින් යන දුරක තියෙනවා අද ජනතාවගෙන් පිරි ඉතිරි යන ඉස්තාම්බුල්  නිදහස් චතුරශ්‍රය  හෙවත් තක්සිම් චතුරශ්‍රය. අද මගේ ගමනේ දෙවන අරමුණ වුනේ සියවස් නිදහස සැමරුම වෙනුවෙන් මේ චතුරශ්‍රයේදී පැවැත්වෙන අති අලංකාර උත්සවය නරඹන එක. හැබැයි ඒක  නිල රජයේ උත්සවයක් නෙවෙයි මිනිස්සුන්ගේ උත්සවයක්.  නිල රාජ්‍ය උත්සවේ තියෙනේ මිට කිලෝමීටර් හාරසිය පනහක් විතර දුර තියෙන අන්කාරා  අගනුවර .

ඒත්  කබාටස්වල  බැස්සම තමයි දැක්කේ අපේ ගෝල්ෆේස් අරගලයේ උච්චතම දිනයෙදී  වගේ සියලු මංමාවත් ඉතිරිලා යන ජන සන්නිපාතය . අතින් ගත් රතු පාට  කොඩි වන වනා ගී කියමින් යන බල තරුණ මහලු ජනතාව.  සමහරුන්  උස ගොඩනැගිලි වල සඳලුතලයට හා ගොඩැලිවලට නැගී දැම්මම ඉඩ අල්ලාගෙන බලා ඉන්නවා  අද රාත්‍රියේ බොස්පරස් මුහුදු තිරයේ  අලංකෘතව පැවැත්වෙන මල්වෙඩි දර්ශන බලන්න. ඒ වෙනකොටත්  පාරේ නතරව ඇති වාහන හා මුහුදේ ඇති නැව්  බෝට්ටු නලා පිඹිමින් ජනතාව සමග එකතු වෙලා. කපුටුකාක් කියල නෙවෙයි වෙනත් හඬකින් ඒ නලා හඬ ඇහුණේ . තවත් සමහරුන්  ගෙදර සුරතලයට හදන බල්ලන්ද කැටුව  ඇවිත් . උන්ට රතු හා සුදු කොඩියේ පාට කමිස අන්දවලා .

'සන්ඩේ   නෝ ගෝ තක්ෂින් සෝ කලබලික් ' .  ඉරිදාට මෙහෙ එන්න එපා කියා අපේ රියදුරා කි කතාව මතක් වුනා. මම හිතුවා එතැන කළබල ඇති වෙනවා කියා ඔහු දන්නා භාෂාවෙන් කීවා කියා. ඒත්  කලබල කියන සිංහල වචනය ඔහු දැන ගත්තේ කොහොමද කියා මා ඇසුවා. බැලින්නම් කලබලික් කියන්නේ තුර්කි භාශාවෙන්  සෙනග එක්රැස් වෙනවට . ඒක කළබලකාරී තත්ත්වයක් තමයි.

මේ මහා සෙනග අතරේ මංමුලා වෙන්න ඉඩ තිබ්බ නිසා තක්සිම් යන වැඩේ අතඇරලා මම ඉක්මණින් ගෙදර යන්න තීරණය කරා. වහනයක් ගන්න පැය එක හමාරක් බලා  හිටිය. වෙනදට ගුගල්  එකේ පෙන්නන හරි විනාඩියට එන බස්. ඔන්ලයින් ඇනවුම් කළ  සැණින් එන ටැක්සි සියල්ල නතරවෙලා . මිනිස්සු  වැල නොකැඩී  තක්සිම් දෙසට යනවා . හැමෝගෙම අතේ රතු පාට කොඩියක් නැත්නම් අටර්ටර්ක්ගේ රුව රැගත් පුවරුවක් , තුර්කි කොඩියේ පැහැය  වන රතු සහ සුදු ඇඳුම් හා හිස්වැසුම් දමාගත් තරුණ තරුණියෝ දහස් ගණනක් . 

මේ සියල්ල මැද්දේ කළුවර වෙමින් ආවා . මට ආපසු එන්නට තිබෙන එකම විකල්පය කිලෝමීටර් අටක් පයින් ඒම හැටියට ගුගල් යෝජනා කරන්නේ.  ඉංග්‍රීසි වචනයක් කතා නොකරන.  නොදන්නා මිනිසුන් සිටින අඳුරු අතුරු මාර්ග මැදින් කළුවරේ කිලෝමීටර් අටක් එන එක අතී භයංකර වැඩක් . 

 තුර්කි නිදහස් සටනේ ජවසම්පන්න ගීතය ගයමින් කොඩි වනමින් තක්සිම් දෙසට එන ජනතාව අතරින් රිංගා යමින් මම ගෙදර බලා එන්නට පිටත් වුනා. 

( ඉතිරි කොටස පසුවට )

ඉදිරි සටහන්වල  මේවත් ලියන්න තියෙනවා .

තුර්කියේ සිටි නස්රුදින් හමුවීම 

බොස්පරස් සමුද්‍ර තිරයේ කතාව 

ලයිලා මජ්නු කතාවේ ටර්කිෂ් වර්ෂන් එක 

ග්‍රෑන්ඩ් බසාර්  අතීත චාරිකාව 

තුර්කියේ පුරවැසිකම ගත් ඉන්දියානු හිතවතා 

බක්ලාවා , ලොකුම් හා සිමිට් රස කෑම  හදන හැටි 

ඉස්තාම්බුල්  නුවරට  නොස්ටැල්ජික්  ට්‍රෑම්රථ අලුතින් හඳුන්වා දුන්  ඉංජිනේරුවා හමුවීම 


ලෝක උරුමයක් වූ  හගියා සෆායා පල්ලිය 

22 comments:

  1. ආසාවෙන් කියෙව්වා. මමත් යන්න හිතන් ඉන්න තැනක් . යුරෝපීය සහ ආසියානු සංස්කෘතිය මිශ්‍ර තුර්කිය ගැන චිත්‍රපටවලින් යම් අවබෝධයක් තියෙනවා . ඔබ ඊජිප්තුවටත් ගියාද ?

    ReplyDelete
    Replies
    1. මේක හරියට ලියවුනේ නෑ කියල හිතනවා . තව ගොඩක් ගැඹුරුයි මේ කතාව . ස්තුතියි අනුරුද්ධ

      Delete
  2. තුර්කියේ නැණවතා අටටකර් නම් 'පියා'
    වෙනව නං බලමුකෝ - මෙහෙ කොහොමදැයි සොයා
    මෙහෙත් ඉන්නව තවම- බලය අතහැර නොයා
    ඉන්න රජ වංශෙ අය - මැරෙනකල් ඉමි කියා

    ReplyDelete
    Replies
    1. ඉන්න හදනවා බලේ මැරෙනකම්
      වපුරලා වීරකම් හා බාල මෝඩකම්

      Delete
  3. තුර්කියේ ප්‍රධාන සංගනායක ධුරන්දර

    ReplyDelete
  4. තුර්කියට visit visa ගන්න අමාරුද ?
    ලංකාවේ අයට eVisa වලින් යන්න පුලුවන්ද

    ReplyDelete
  5. තුර්කියේ දේශගුණය කොහොමද. ලොකු රටක් හින්දා සීත පැතියි, රස්නේ පැතියි වෙනම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දේශගුණ කලාප කිහිපයක් තියෙනවා. මුහුදුබඩ, කඳුකර හා කළු මුහුද ආශ්‍රිත කලාප කියල. තාම මේ වෙනස්කම් ගැන අත්දැකීම අඩුයි. ලොකු වෙනස්කම් නෑ කියලයි කියන්නේ

      Delete
  6. ජවිපේ නායක අනුර දිසානායක මහතාගේ ඇමරිකා එක්සත් ජනපද සංචාරයෙදී කැලිෆෝර්නියා ජනපදයේ පැවති ජනහමුවට පැමිණි ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකු වූ රම්‍යකාන්ත සිල්වා මහතා මුලින්ම තමන් සහ පවුලේ විස්තර ඉදිරිපත් කරමින් තමන් තුල ජවිපෙය කෙරෙහි ඇති විශ්වාසය ගැන පවසන්නේ හඬමිනි.

    තමන් බෞද්ධයෙකු වුවත් පංසල් නොයන මුත් තම හදවතේ පංසලක් තනාගෙන සිටින බවත් ඔහු පවසයි.තමන් ඇතුළු පිරිස අතීතයේ ලොකු මුදු වලට රැවටුණු බව කියමින් තම අතීත දේශපාලන ලැදියාව ගැනත් ඔහු ඉඟියක් ලබා දෙන බව පෙනෙයි.

    තම කථාවේ සෑහෙන දුරක් ගිය පසුව ඔහු තමන්ගේ ප්‍රශ්ණය ජවිපේ නායකයා වෙත යොමු කරන්නේය. ඔහුට ඇති ලොකුම ප්‍රශ්ණය වී ඇත්තේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමය.

    හිටපු ජනාධිපති සිරිසේන මහතා මිනිසුන් එල්ලීම පිණිස කඹයක් ගෙනා මුත් එයින් වැඩක් නොගත් බවත්,මරණීය දණ්ඩනයට ලක්වූවන්ට කෑම බීම දෙමින් නඩත්තු කිරීම අපරාධයක් ලෙසත් හදවතේ පංසල තනාගෙන සිටින රම්‍යකාන්ත සිල්වාගේ අදහස ලෙස ඉදිරිපත් වෙයි. අවසානයේ ඔහු අනුර දිසානායක මහතාගෙන් විමසන්නේ ජවිපේ බලයට පැමිණි පසුව ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද යන්නය.

    මෙහිදී ජවිපේ නායකයා ලබාදෙන්නේ පරිණත පිළිතුරකි.මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සාර්ථක ලෙස මැඬලීම මිස මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව ඔහුගේ අදහස විය. මේ සංවාදය දෙස බලාගෙන සිටි මගේ සිතට ඇතිවුණු ප්‍රශ්ණය වන්නේ විදෙස් රටක පුරවැසියන්වී සිටින මෙවැනි පුද්ගලයන් තමන් අතහැර දමා ආ රටේ ප්‍රශ්න ගැන කරදර වෙමින් අසහනයෙන් ජීවත්වන්නේ මන්දැයි යන්නය.
    තමන් ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම සම්බන්ධයෙන් ඇමරිකානු සමාජයේ පවතින විවිධ අදහස් ගැන ඔහුට අවබෝදයක් ඇතිදැයි නොදනිමි.මරණ දඬුවම සක්‍රීයව පවතින ඇමරිකා එක්සත් ජනපදයේ කොතරම් සමූහ වෙඩි තැබීම් ඇතුළු මාරක අපරාධ සිදුවනවාදැයි මොහු දන්නවාදැයි නොදනිමි.නීතිය ක්‍රියාත්මක වීමේ බලවත් ගැටළු පවතින රටක මරණීය දණ්ඩනය සක්‍රීය කළහොත් සිදුවන්නේ කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවේ කතාන්දරයේ වැනි සිදුවීම් ඇතිවීම බව මේ වයස්ගත නොදරුවා නොදන්නා සේය...

    ...

    තිලකේ ඉහත පොස්ටුව මා දුටුවේ චමින්ද ජයසේන මහතා සටහන් කර තිබෙනවා.

    ඔබත් තවත් එක් රම්‍යකාන්ත සිල්වා කෙනෙක් නේද?

    ReplyDelete
  7. හරි දැන් මෙච්චරයි...

    ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

    එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

    ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

    මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

    ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

    ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

    ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

    ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
    සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

    එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

    ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

    ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

    දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

    තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

    ReplyDelete
  8. මට හම්බුවෙලා තියෙන එකම තුර්කි මනුස්සයා හරි ජොලි පොරක්. මට මතක විදියට මිනිහගෙ නම අයිහන් කියල කිව්වෙ.

    මුන්කී කියල විස්කෝතු ජාතියක් ගැන මිනිහා මයෙත් එක්ක බොහොම ලොකුවට කියෙව්වා. මං හිතුවෙ එරට හදන ජාතියක් කියල. බැලුවං මේ මෙහෙ මංචි විස්කෝතු ගැනයි කියල තියෙන්නෙ.

    මුස්ලිම් උනාට නිකං යුරෝපෙ ජාතියම තමයි. නමට විතරක් මුස්ලිම්.

    ReplyDelete
    Replies
    1. //මුස්ලිම් උනාට නිකං යුරෝපෙ ජාතියම තමයි. නමට විතරක් මුස්ලිම්.// මෙහෙට ආවම වෙනස අඳුර ගන්න පුළුවන් . සමහරු ඉන්නවා සුරංග කියන වර්ගයේ

      Delete
  9. //මුළු ලෝකෙන්ම කාන්තා නිදහස, ඔවුන්ගේ දේශපාලන බලය මුලින්ම අර්ථවත් විදිහට දිනාදීපු රටක් තමයි තුර්කිය. ඒ අටර්ටර්ක්ගේ නායකත්වයෙන් // දැන් ඉන්න එකා යටතේ අඩු වේගෙන යනවා කියල තමා අපේ තුර්කි මිත්‍රයන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. තාම හරි අදහසක් ගන්න බෑ අජිත්

      Delete
  10. කේමල් අටටුර්ක් ස්ටාලින් ගේ හොඳ යාළුවෙක්. සෝවියට් දේශයෙන් සෑහෙන ආධාර තිබ්බ එයාට . හැබැයි කෙමල් සෝවියට් ආර්ථික විද්‍යාව අනුගමනය කළේ නැහැ හොඳ වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකයි මට තව කරුණු හරියට හොයන්න තියෙනවා කියල කිව්වේ

      Delete